අරුන්දී 27 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව

27 වන දිගහැරුම

💘
💘
💘
💘

විශ්ව ද විහගගේ කටහඩ ආ දෙස බැලුවේ ඒ මොහොතේ ඔහුද විහගගේ පැමිනීම බලාපොරොත්තු නොවූ බැවිනි..

හොද වෙලාවට මම නන්ගිව අල්ලා ගත්තේ මචන්…

ඔවුන් දෙසට කලබලෙන් එන විහග දෙස බලා විශ්ව කීවේ අරුන්දිව නැගිට්ටවන ගමන් ය..

බබා ඔයා හොදින් නේද??

විශ්වගේ කීම නෑසුනාක් මෙන් විහග අරුන්දී ව අල්ලා ගත්තේ ඇය දෙස උවමනාවෙන් බලමිනි..

මම අල්ලා ගත්තෙ නැත්තම් තව පොඩ්ඩෙන් නන්ගි වැටෙනවා…

කියමින් විශ්ව අරුන්දී දෙස බලා සිනාසෙමින් කීවේ කපටි බැල්මක් හෙලමිනි…

තැන්ක්ස් විශ්ව..
විහග කිවේය..

බබා යමු….පරක්කු මොකද කියලා බලන්න ආවේ මම…

හරි බන් මම වොශ් රූම් ගිහින් එන්නම්…

විශ්ව එසේ කියමින් කොරිඩෝව දිගේ ඉදිරියට යන දෙස අරුන්දී බලා සිටියේ හිස් බැල්මකිනි…

යමු බබා….

කියමින් විහග අරුන්දී දෙසට හැරෙන විට අරුන්දී වාවාගෙන උන් ඇඩුම ඇයට පාලනය කරගන්නට නොහැකිව විහගගේ පපුවට තුරුලු වූයේ ළදැරියක් මෙනි..

බබා..මොකෝ මේ….ඒයී..ඇයි අඩන්නේ…??

විහග අරුන්දිගේ හිස අතගාමින් ඇසුවේ කිසිවක් සිතාගත නොහැකිවයි..

කතා කරන්න…කෝ..මෙහෙ බලන්න…බබා…
ප්ලීස් ඔය අඩන එක නවත්තගන්න..

විහගගේ මේ කරුනාබර වදන් ඉදිරියේ අරුන්දී තව තවත් අඩන්නට වූයේ ඒ සෙනෙහස ඇයට දරාගත නොහැකි වූවාක් මෙනි..

අනේ දෙයියනේ විහගට මම මේ දේවල් කියන්නේ කොහොමද…
එයාට මෙතන උන දේවල් ගැන සැකයක් හිතිලා නෑ වගේ…

ඒත් මම මේ හැම දේම කිව්වොත් එයා විශ්වාස කරයිද මාව..
එයාගේ යාලුවා එහෙම දෙයක් කරයි කියලා එයා හීනෙකින් වත් හිතන්නේ නැතිවෙයි…
මම මොකද කරන්නේ…

බබා…දැන් අපි යමු….ගෙදර යමු දැන්…

විහග එසේ කියන විට අරුන්දී කදුලු අතරින් ම ඔහුන්දෙස බැලුවේ ඒ මුහුන දෙස බලාගෙන මේ දේවල් කෙසේ පවසන්නේදැයි සිතමිනි…

විහග අරුන්දිගේ ඉන වටින් අත දමාගෙන ඇයත් සමග කාරය වෙත ගියේ ඇයගේ මානසිකත්වය තේරුම් ගත්තාක් මෙනි..

අරුන්දීව ඉදිරි පස අසුනේ දොර හැර ඉදගැනීමට සලස්වා විහග අනෙක් පසින් විත් අසුනට බර වී රථය පන ගන්වා ඉදිරියට ගනිත්ම විශ්ව කාරය ඉදිරිපිටට පැන්නේ අනපේක්ශිත ලෙසිනි…

අරුන්දිගේ හදවතේ ගැහෙන වේගය තව තවත් වැඩි වූයෙන් ඇය විහගගේ අතකින් අල්ලා ගත්තේ සිදුවන්න යන්නේ කුමක් දැයි සිතා ගත නොහැකිවයි..

විශ්ව කෙලින් ම විහගගේ ජනේලය අසලට ආවේ අතේ මොබියිල් එකක්ද තබාගෙනයි..

එවිටයි අරුන්දිට තම අත තිබූ දුරකතනය මතකයට ආවේ…

ඇය ඉක්මනින් තම අත දෙස බැලුවේ මීට මොහොතකට පෙර ඇගේ අතේ තිබූ දුරකතනය දැන් ඇය අත නොමැති බව දැනගෙනය…

එතකොට අර මගේ ෆෝන් එකද…මොන කරදරයක් ද මේ….

අරුන්දී සිතෙන් තමාටම බැනගනිමින් ඉදිරිය බලා සිටියේ විශ්ව ඒ වන විටත් විහගගේ ජනේලය අසල රැදී එය අරින තුරු සිටගෙන සිටිනු දැකීමෙනි…

මචන් පිස්සුද උබට කාර් එක ඉස්සරහට පනින්න..

උබේ වයිපරේගේ ෆෝන් එක දෙන්න බන් ආවේ..

විහග අරුන්දී දෙස බැලුවේ කිසිවක් සිතා ගන්නට බැරි වූවාක් මෙනි…

අරුන්දීද විශාල කරගත් දෑසින් විහග දෙසත් විශ්ව දෙසත් බැලුවේ අසරන භාවයකට පත් වීමෙන් ඇතිවූ හිත් වේදනාවෙනි..

මෙයා වැටෙන්න ගිය තැන බිම වැටිලා තිබුනේ…

අනේ තෑන්ක්ස් මචන්…

දුරකතනය අතට ගනිමින් විහග සිනහ වෙමින් පැවසුවේ අරුන්දී වෙත එය දික කරමිනි…

හරි එහෙනම් අපි යනවා බන්..මෙයාව ගෙදරින් බස්සන්නත් ඕනේ…

හරි මචන් ආයේ වෙලාවක සෙට් වෙමු…
විශ්ව නැමීගෙනම අරුන්දී දෙස බැලුවෙ ඇය ඔහුට ඔරවන බව දැන දැනමය..

විහග හෝන් එකක් ගසමින් රථය ඉදිරියට පැදවූයේ කටින් සින්දුවක් ද මුමුනන ගමන් ය..

මෙලෙසින් මද දුරක් දෙදෙනාම කතා බහකින් තොරව ආවේ කාරයේ දමා තිබූ සින්දුවට කන් දීමෙනි…

මොකෝ කතා පෙට්ටිය වහගෙන ….
විහග අරුන්දිගේ කනකින් අල්ලා සෙලවූයේ කටින් දත් මිටි සපාගෙනයි.

නිකන්…

ඇය ආවට ගියාට පිලිතුරු දුන්නේ ඇගේ හිතේ තියෙන ප්‍රශ්නය විහගට කෙසේ පවසන්නේදැයි දහ අතේ කල්පනා කරමින් මේ තරම් දුරක් ඇය පැමිනි නිසයි..

නිකන් නම් වෙන්න බෑ…ඔයා අද අමුතුයි නේ මැණික….

නැ බබා ඔලුව අරිදෙනවා මට….

ඒ මොකෝ…

ගිහින් නිදාගත්තම හරි යයි…

හරි හරි ඉක්මනින්ම ඔයාව ගෙදරට දාන්නම්කෝ මම…

ඔවුන් දෙදෙනා අරුන්දිගේ නිවසට ලගාවන විට රාත්‍රී දොලහා පසුවී තිබුනි…

නිවසට එනතුරුත් දෙදෙනා අතර කිසිදු කතා බහක් නොවූයෙන් විහග විටෙන් විට අරුන්දීදෙස බැලුවත් ඇය ජනේලයෙන් ඈතක් බලාගෙන සිටියේ හිතේ දහසක් ප්‍රශ්න මැද්දේ බව ඔහුට නොවැටහුනි…

අරුන්දීව නිවසට ඇරලවා විහග තම නිවස බලා යාමට කාරය ප්‍රදාන පාරෙන් හරවගෙන දෙහිවල දෙසට යන්නට වූයේ හිතේ හටගත් දෙගිඩියාවෙනි..

අරුන්දී හරි අමුතුයින්නේ…ඇහුවට කිව්වෙත් නෑ…මොකද්ද කෙල්ලට උනේ?.. විශ්ව…..උගේ නම් ටිකක් කට හොද නෑ……අරුන්දිට මොකුත් කිව්වවත්ද?? හෙටම අහනවා….දැන් ඔය ගැන අහන්න ගියොත් හරි නෑ…

මෙලෙසින් සිතමින් විහග කාරය පදවගෙනම තම නිවසට ආවේ ගතේ වෙහෙසට ඉක්මනින් නිදාගැනීමට සිතාගෙනයි…

😴😴😴😴😴😴😴😴😴😴😴😴😴😴😴😴😴

විහග තමාව නිවසට ඇරලවා ගිය පසු අරුන්දී තම කාමරයට ගියේ හිතේ ප්‍රශ්න රාශියක් ගොනු කරගෙනයි…

ඉක්මනින් ඇදුම් උනා දැමූ ඇය නාන කාමරයට ගොස් වතුර මලයට සිටගත්තේ මධ්‍යම රාතියේ නෑම නුසුදුසු බව ගනනකටවත් නොගෙනයි…

ඇය සිතේ තදකරගෙන උන් වේදනාව එහෙම්මම පිට කරන්නට වූයේ ඇඩුම වාවාගත නොහැකිවයි..

මට මේ මොකද්ද උනේ ….විශ්ව ඒ වීඩියෝ එක තියාගෙන මාව බ්ලැක් මේල් කරන්න හදන්නේ…දෙයියනේ මම දැන් මොකද කරන්නේ…. විහගට කිව්වොත් එයා මේ දේවල් පිලිගනීද….

අනික එතන විහග ඉන්නේ කියලා මම දන්නවා උනාට ඒ ඉන්නේ කවුද කියලා හරියටම පැහැදිලි නැනේ.. විහග මේ දේවල් පිලිගනීද කිව්වොත්…
මොකද්ද මේ වෙන්න යන්නේ…..මේ මිනිහට මොනවද මගෙන් ඕනේ….

මේ ආදී ප්‍රශ්න කෝටියක් ඇගේ සිතට ගගක් ගලන්නාක් මෙන් ගලා ආවේ ඇයගේ ඇඩුම තව තවත් වැඩි කරමිනි…

ඔහේ වතුර මල යට නෑමෙන් අනතුරුව අරුන්දී තුවායද දවටගෙන නාන කාමරෙන් එලියට ආවේ සීතලේ ගැහෙමිනි…

ඇය නිදන්නට ඇදට ගියත් සිතේ නොසන් සුන් තාවය නිසාම ඇයට බොහෝ වෙලාවක් යන තුරු නින්දක් අහලකටවත් ආවේ නැත….

😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

පහුවදා අරුන්දී නැගිටිනවිට තරමක් දවල් වී තිබුනේ පෙර දින රාත්‍රියේ බොහෝ වේලාවක් නිදි නොමැතිව ඇදේ පෙරලෙමින් සිටි නිසායි..

ඇය නැගිට්ට ගමන්ම මොබියිල් එක අතට ගත්තේ විහගට ඇමතුමක් දීමටයි…

එහෙත් ඇය දුටුවේ නාදුනන අංකයකින් ඇමතුම් පහලවකටත් වඩා ඇවිත් තියෙන බවයි..

මේ කව්ද …..මෙච්චර කෝල්ස් ගොඩාක්…
ආ..නේ විහගත් කතා කරලා තියෙනවනේ දෙපාරක්ම…..
එතකොට මේ කව්ද මෙච්චර කෝල් කලේ..

ඇය මොබියිල් එකත් අතේ තියාගෙන ඇදේ ඉදගෙන උන්න ගමන් කල්පනා කර කර ඉන්න විට එක් වරම දුරකතනය නාද වූයෙන් ඇය ඒ දෙස බැලුවාය.

ආයෙත් ඒ නම්බර් එකෙන්…බලමු මේ කව්ද කියලා…
සිතූ ඇය ඇමතුම ගත්තාය.

හෙලෝ…..

හෙලෝ….දැන්ද නැගිට්ටේ….?

කව්ද මේ???

කව්රු කියලද හිතන්නේ??

මේහ් කරුනාකරලා කියන්න කව්ද කියලා…

ඔය තරම් ඉක්මනට මාව අමතක කලා නේද නන්ගි…

අරුන්දිගේ ඇස් උඩ ගියේ මේ කතා කරන්නේ කව්දැයි ඇයට ඒ මොහොතේ අවභෝධ වුන නිසයි…

විශ්ව……?? දැන් මට කෝල් කරන්නත් පටන් ගත්තද….??

හා හා හා…..තරහ ගන්න එපා පැටියෝ….

කොහෙන්ද මගේ නම්බර් එක ??

ඇයි මතක නැද්ද ඊයේ මමනේ ඔයාගේ වැටිලා තිබුන ෆෝන් එක ගෙනත් දුන්නේ කියලා…
ඉතින් මම ඒකෙන් මිස් කෝල් එකක් දුන්නා මගේ ෆෝන් එකට එච්චරයි…

එසේ කිව් ඔහු හිනාවෙන හඩ අරුන්දීට ඇසුනෙන් ඇගේ කෝපය දෙගුන තෙගුන විය..

මේ තමුසෙ නම් මහ කරදර කාරයෙක්…මට මගේ පාඩුවේ ඉන්න දෙනවා…අනික මම බැදලා ඉන්නේ විහගව කියලා තමුන්ට අමතක උනාද??

දන්නවා දන්නවා පැටියෝ…ඒත් අමතක උනාද අර ක්ලිප් එක…

අරුන්දිගේ සියොලගම දහඩියෙන් තෙත් වුනේ ඒ වීඩියෝව මතක් වීමෙනි…

මේ මිනිහා මොකාටද මේ එන්න හදන්නේ…

තමුසේ මෙහෙම මාව බ්ලැක් මේල් කරනවනම් මම පොලිසියේ ගිහින් ඇන්ට්‍රියක් දානවා…. තේරුනාද?? බලාගෙන ඉන්නවා මොකද්ද තමුන්ට වෙන්නේ කියලා…

ඊට කලින් මේ ක්ලිප් එක ෆේස් බුක් වල ඉන්ටනෙට් එකේ එහෙම තියෙනවා දැක්කොත් එතකොටත් ඔයා පොලිසි යනවද නන්ගී…
ඔයා නෝටි වැඩ කලොත් මමත් ටිකක් නෝටි වෙයි ඔන්න…

දෙයියන්ගේ නාමෙට මොකද්ද මේ තමුන් කරන්න හදන්නේ..
මගෙන් මොනවද ඕනේ….??
මේ හැම දේම මම විහගට කියනවා..

විහගට කියනවා….එහෙම කලොත් ඉතින් මටත් කට අරින්න සිද්ද වෙනවා…
ඒ ක්ලිප් එකේ ඔයා එක්ක ඉන්නේ විහගමයි කියලා කොහොමද ඔයා ඔප්පු කරන්නේ….

අරුන්දී ඇස් දෙකෙන් කදුලු වැටෙන්නට ඉඩ හැර ඔහු කියන දේම අසා සිටියේ වෙන කරන්නට කිසිවක් මේ මොහොතේ ඇයට නොදුන නිසයි…

හරි මොකද්ද දැන් වෙන්න ඕනේ..සල්ලිද..ඕනේ ගානක් කියනවා මම දෙන්නම්….

අම්මෝ මෙයාගේ ගනන් බලන්නකෝ..
ඔව් ඔව් ඔයා සල්ලි කාරයා තමයි ඉතින් සමරදිවාකර ගෲප්ස් වල අනාගත භාර කාරයෝනේ නේද??
මට සල්ලි නෙවේ ඕනේ….

එහෙනම්???

ඔයාව…

අරුන්දී මුව ගොලු වූවා හා සමානව ඔහු කිව් දෙයින් කම්පනයට පත් වුනේ මේ කිසිම දෙයක් තේරුම් ගත නොහැකිවයි…

මො..මොක..ක්….? මොන..කරදරයක්ද මේ කරන්නේ තමුසේ… මම දැන්ම පොලිසියට කියනවා…

ඇය ඇමතුම විසන්දී කරන්නට හදත්ම අනෙක් පසෙන් විශ්ව මහ හඩින් හිනැහෙන හඩ ඇසුනෙන් ඇය එයට කන් දුන්නාය…

එහෙනම් නන්ගී තව ටිකකින් ඔයාගේ අර වීඩියෝ එක මුලු ලෝකයක්ම දකී…සමහර විට විහගත් දකී…
ඒක නිසා මම කියන දේට කැමති වෙන්න හොද ළමයා වගේ….

කියමින් ඔහු ඇමතුම විසන්දි කලේ මහා හඩින් සිනාසෙමිනි…
අරුන්දී දුරකතනය අතැතිවම ඒ දෙසම බලා සිටියේ කරකියාගත නොහැකි තරමේ වූ අසරන කමකිනි…

මම දැන් මොකද්ද කරන්නේ..මේ දේවල් විහගට කියන්නෙ කොහොමද..
එයා මාව තේරුම් ගනී..
ඒත් එයා උනත් සැකයක් හිතන්න පුලුවන් නේද ඒ මගේ එක්ක ඉන්නේ එයා නෙවේ කියලා…
මගේ මූන විතරයි පැහැදිලිව පේන්නේ… දැන් මොකද කරන්නේ මම….

මුලු ඇගම කිලිපොලා යන ගතියකින් අරුන්දිගේ ඇගම හිරි වැටෙන්නට වූයේ සිතේ පීඩනයත් දෙගිඩියාවත් නිසායි…
එක් වරම නැවතත් දුරකතනය නාද වූයෙන් ඇය ගැස්සි ඒ දෙස බැලුවේ නැවතත් විශ්වගෙන් ඒ ඇමතුම ලැබෙන්නේදැයි සැකයෙනි…

ඒහෙත් විහග ලෙස තිරයේ දිස් වීමෙන් ඇයට නොදැනීම ඇඩුම් ආවේ මෙතරම් ආදරෙන් සිටි ඔවුන් දෙදෙනා අතරට විශ්ව පැමිනීමත් සමග සිතේ නිදහස සැහැල්ලුව නැත්තටම නැතිවී තිබීම නිසයි…

ඇය ඇමතුම ගත්තේ හිතේ දුක හිර කරගෙනයි..

හෙලෝ…..

හෙලෝ බබා….දැන්ද නැගිට්ටේ…

ටිකක් වෙලා….

මේ මං එවලේ ඉදන් ගන්නේ..ඔයාගේ ෆෝන් එක එන්ගේජ්….

එවලෙහිම අරුන්දිගෙ සිහියට ආවේ විශ්වගේ ඇමතුමයි….ඔහුත් සමග විනාඩි පහලවකටත් අදික කාලයක් කතා කල බව මතකයි…

ආ…ඔව්…මේ…මගේ යාලුවෙක් කතා කලා…දැන් තිබ්බේ….

හ්ම්….මොකෝ බය වෙලා වගේ බබා…ඔයා හරි අමුතුයි…

අරුන්දිගේ පොඩි වෙනසක් පවා දැනෙන විහග එසේ ඇසුවේ පෙර දින රාත්‍රියේ සිටම අරුන්දිගේ වෙනසක් ඔහු දුටු නිසයි..

මැණික…මොකද්ද ප්‍රශ්නේ….කතා කරන්න…

අරුන්දීට තවත් ඇගේ හිතේ වේදනාව වාගෙනා සිටීමට නොහැකිවිය…

විහගගේ ආදරය කරුනාව ඉදිරියේ ඇයට තවත් ඔහුට බොරු කීමට සිත නොදුන්නේය… ඇයට ඇඩුනේ ඒ නිසයි….

බබා…ඇයි මැණික අඩන්නේ…. ?? මොකද්ද වෙලා තියෙන්නේ ළමයෝ…

විහග මට….

ඩොක්ටර් හදිස්සියක් ඉක්මනින් එන්න … අම්ම කෙනෙකුට අමාරුයි..

අරුන්දිට අනෙක් පසින් එසේ ඇසෙන්නට වූ නිසා ඇය කීමට ගිය දේ ගිල ගත්තාය…

ශිට්….. බබා මට දැන් තියන්න වෙනවා..මම වැඩේ ඉවර උන ගමන් ඔයාලගේ දිහා එනවා..

ඔහු ඇමතුම තිබ්බේ හදිස්සියෙනි…ඔහුගේ රැකියාවේ ස්වභාවය එයයි..අරුන්දී එය තේරුම් ගත්තාය…

විහග ඇමතුම තබා විනාඩියක් යන්න මත්තෙන් නැවතත් අරුන්දීට ඇමතුමක් ආවේ විශ්ව ගෙනි…

ඇය ඊට කතා නොකර සිටින්නට සිතා දුරකතනය ඇදට විසි කලේ සිතේ කේන්තිය නිසාමයි..

එහෙත් නොනවත්වා නාදවන දුරකතනය ඇයට මහ හිසරදයක් විය…
එක් වරම මැසේජ් එකක් ආ බව ඇය දුටු හෙයින් දුරකතනය අතට ගෙන ඒ පනිවුඩය බැලුවාය

“නන්ගී මම කිව්ව දේට කැමතිවෙන්න..නැත්තම් තව ටිකකින් අර වීඩියෝ එක ඉන්ටෙර්නෙට් එකේ තියෙයි…කැමතිද ඒකට….”

අරුන්දී අතේ රැදි දුරකතනය ඇදේ කොනට විසි කලේ විශ්ව කෙරෙහි ඇති වූ තරහා නිසාමයි…

ඇය එහෙම්මම ඇදට වැටී ඇති වනතුරු ඇඩුවේ ඇස් දෙක රිදුම් දෙනතුරුයි…

නැවතත් දුරකතනය නාද වූයෙන් ඇය සිටිතැන සිටම හිස ඔසවා ඒ දෙස බැලූ විට විශ්වගේ අංකය දිස් වුනී…

කාලකන්නියා…..
එසේ දත්මිටි සපමින්ම කිව් ඇය ඇමතුම ගත්තේ දත් සපාගෙනමයි..

ඇයි තමුසේ මෙහෙම මට කරදර කරන්නේ…තමුසේ තරම් ජරා මිනිහෙක් මම දැකලා නෑ…ලැජ්ජවක් නැද්ද තමුන්ගේ යාලුවාගේ ගෑනිට මෙහෙම කරදර කරන්න…කියනවා….කතා කරනවා..
ඇය උමතුවෙන් මෙන් කියාගෙන ගියේ හිතේ තරහා වචනෙට පෙරලමිනි…

හෝව් හෝව් පැටියෝ..ඔහොම කේන්ති ගන්න එපා..ඔයා කැත වෙයි….

මම කිව්වනේ වෙන්න ඕනේ විදිහ.. මට ඕනේ ඔයාව…විහග මේ ගැන දැනගන්න එකක් නෑ…අපි දෙන්න අතරෙ විතරක් මේ දේ තියාගමු…

මේ විශ්ව තමුන් හිතුවද මම ඒ ජාතියේ කෙනෙක් කියලා…එහෙනම් තමුන්ට වැරදිලා..
ලැජ්ජයි තමුන්ලා වගේ පිරිමි ගැන..
අනුන්ගේ ගෑනුන්ට වද දෙන තමුන්ලා වගේ එවුන් මේ රටටත් බරක් ඒක දැනගන්නවා…
අනික මේ දේවල් විහග දැනගත්තොත් තමුන්ට යන එන මං නැතිවෙයි..ඒක දැනගන්නවා …

එහෙනම් ඉතින් මටත් සිද්ද වෙනවා ටිකක් නපුරු වෙන්න…හරි කමක් නෑ මම අර වීඩියෝ එක දාන්නම්..එතකොට ඔය කටේ සැර බහීනේ…

එපා….
ප්ලීස් එහෙම කරන්න එපා…මගේ ජීවිතේම විනාස කරන්නද හදන්නේ… මම මොන වැරැද්දක් කලාටද මට මෙහෙම කරන්නේ… ඇයි මේ අපි අතරට එන්න හදන්නේ..?
අරුන්දී මහා හඩින් ඇඩුවේ ඇමතුම කනේ තියාගෙනයි

ඔයාගේ ලස්සනට මට ලෝබයි පැටියෝ….වෙන කෙල්ලො නම් මගෙ පස්සෙන් වැටිලා එන්නේ…ඒකට ඔයා…හැබැයි මම ආසයි ඔහොම හිතුවක්කාර කෙල්ලොන්ට..ඒකෙත් අමුතු ෆන් එකක් තියෙනවා..

තමුසෙගේ සල්ලි වලට වෙන කෙල්ලෝ එහෙම ආවාට මට එහෙම අමාරුවක් නෑ මිනිහෝ… ඒ වීඩියෝ එක ඩිලිට් කරනවා..මම ඉල්ලන ගානක් දෙන්නම්…

මට සල්ලි වැඩක් නෑ නන්ගී..මට ඕනේ ඔයාව…ඔයාගේ ඔය ලස්සන මාව පිස්සෙක් කරලා ඉවරයි…
හොදින් නැත්තම් නරකින් හරි මට ඕනේ දේ මම කරගන්න කෙනෙක්..
මේ මගේ හොද පැත්ත තේරුනාද…
නරක පැත්ත ඔයා ඔහොම හිතුවක්කාර උනොත් මට පෙන්නන්න සිද්ද වෙයි සුදූ..

අරුන්දී නිහඩ වූයේ මේ මොහොතේ ඔහුසමග කතා කර දිනිය නොහැකි බව දැනගත්තාක් මෙනි…

ඇගේ නිහඩ බව පිලිතුරක් ලෙස පිලිගත් විශ්ව ඇයට මෙසේ යෝජනාවක් කලේය..

හරි එහෙනම් හෙට දවල් දෙක වෙනකොට කැසමාරා හොටෙල් එක ලගට එන්න..එතන මම ඉන්නවා…
අපි පොඩ්ඩක් ෆ්‍රී එකේ කතා කරලා පොඩි ෆන් එකක් ගමු….

එසේ කිව් ඔහු ඇමතුම විසන්දි කලේ අරුන්දීට කිසිවක් කීමට ඉඩ නොතබාය…

ගිනිගොඩක් මැද තනිවුන ඈ අසරනව එහෙම්මම ඇදට වැටුනේ කොට්ටයක් බදාගෙන අඩන ගමන්‍ ය…

අපිට මේ මොකද්ද වෙන්න යන්නේ විහග…මට තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා…

අනේ රත්තරන් මම කොහොමද ඒ වල් මිනිහා ලගට යන්නේ එක හිතකින්..
එහෙම නොගියොත් ඒ විඩියෝ එක මුලු ලෝකයක්ම දකී..
දෙයියනේ මම මොකද්ද කරන්නේ…
මට තේරෙන්නේ නෑ දෙයියනේ …ඇයි මටම මෙහෙම වෙන්නේ….

දුක් විදලා දුක විදලා හෙම්බත් වෙච්ච මට විහගගේ වගේ මේ තරම් ආදරයක් ලැබෙන්න හදනකොටම ඇයි මෙහෙම දේවල් වෙන්නේ……

අනේ අම්මේ ඔයාටවත් පේන්නේ නැද්ද මේ දේවල්…අම්මේ….අනේ අම්මේ…කොහේ හරි ඉදලා බලාගෙන ඉන්නවනම් මගේ ලගට එන්නකෝ…මම මොකද්ද කරන්නේ දැන්…

අරුන්දී කොට්ටය තෙමෙනකල් කදුලු සැලුවේ ඇගේ අසරන කමට කිසිදු පිලිසරනක් නොවූ නිසයි…

28 කොටසෙන් හමුවෙමු😀 ..

තරහද ළමයිනේ මගේ එක්ක…තව ටිකයි..මම ප්‍රශ්නේ විසදනවා හොදේ…😘😘

මේ ඇත්තමයි කියන්නේ මට හරිම සතුටුයි ඔයාලා කතාව මේ තරම් වැලදගෙන තියෙනවා දැක්කම..😍😍

අරුන්දිව විහගව ඔයාලා ජීවිතේට මේ තරම් ලන් කරගෙන කියලා හිතෙනකොට මට මගේ උත්සහය සාර්තකයි කියලා හිතෙනවා…😘

මේ කොටස කියවලත් අරුන්දිට දුකක් දුන්නා කියලා මට බැන්නට මම තරහා නෑ..😂😂 ආදරේයි හැමදාමත් වගේ…

හෙට හම්බවෙමු….
බුදුසරණයි .. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *