අරුන්දී 30 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව)
30 වන දිගහැරුම
එක්වරම අරුන්දී කාරයෙන් බසින විට විහග අනතුර සිදුවූ ස්ථානයට යමින් සිටියේය….
ඇය එතනට යන විටත් ඇය දුටුවේ ත්‍රීවීලරයේ රෝද තුන ඉහලටත් වහලය පහලටත් හිටින සේ ත්‍රීරෝද රථය උඩු යටිකුරුව තිබෙන බවය..
වෑන් රථයද කැරකී ගොස් අසල තිබූ තාප්පයට හේත්තුවි තිබුන අතර එහි වින්ඩ්ස්ක්‍රීනය කුඩුවී තිබුනි..
අරුන්දී මෙවන් සිද්දියක් දුටු ප්‍රථම අවස්තාව මෙය වූ බැවින් අතකින් මුව වසගෙන තෙමෙමින්ම තැතිගැන්මෙන් අදාල ස්තානයට යන විටත් සෙනග වටවී සිටිය නිසා අනතුරට ලක්වූවන් ඇයට ඇස නොගැටුනි..
සෙනග අතරින් එහෙන් මෙහෙන් රින්ගා බැලූ ඇයට දක්නට ලැබුනේ බිම වැටී සිටින මිනිසෙකි…
මුහුනේ නළල හරියෙන් ඇතිවූ තුවාලයක් නිසා හට ගත් ලේ ගැලීම මුලු මුහුනම වසාගෙන් තිබුන නිසා ඇය ඒ දෙස බැලුවේ බියෙන් මෙනි…
විහග ඔහු අසල බිම හිදගෙන තෙමෙමින්ම නාඩි පරික්ශා කරමින් සිටියේ ඔහුගේ තත්වය බරපතල වූ හෙයිනි..
වෑන් එකේ රියදුරුද තුවාල ලබා සිටි නිසා ඔහුව අනෙක් පසින් ආ ත්රීවිලරයකින් රෝහලට ගෙන යන්නට සූදානම් වී තිබුනි…
කලබල කරන්න එපා…මම ඩොක්ටර් කෙනෙක්..මෙයාව ඉක්මනට මගේ කාර් එකට දාන්න…
විහග පිරිස දෙස බලා කීවේ ඒ පුද්ගලයාගේ තත්වය බරපතල වූ නිසායි..
කිහිප දෙනෙකුගේ සහය ඇතිව විහග එම පුද්ගලයාව තම කාරයට ගෙන ගොස් පිටුපස අසුනේ දිගා කල අතර අරුන්දී මේ සියල්ල බලා සිටියේ බියෙන් මෙනි..
ඇය කෙලින්ම ගොස් ඉදිරිපස අසුනේ ඉදගත්තේ පිටුපස සිටින පුද්ගලයා අසලම ඉදගෙන සිටි මිනිසා දෙසත් බලන ගමන් ය…
විහග ඒත් එක්කම නැග කාරය පනගන්වා ප්‍රධාන පාරට දැම්මේ ලගම ඇති රෝහලට යාමටයි…
අරුන්දී බියපත් වූ දෑසින් විහග දෙස බැලුවේ ඊලගට කුමක් සිදුවේදැයි සිතමිනි..
මම දැක්ක සර් වාහන දෙක හැප්පෙනවා…
වෑන් කාරයා තමයි බූරුවෙක් වගේ ඉස්සරහට ආවේ…මේ මනුස්සයට වෙන කපන්න තැනක් තිබ්බේ නෑ..කෙලින්ම වැදුනා…
ඒක තමයි..මේ වැස්ස වෙලාවේ හරි අවධානම් …ලිස්සනවා පාරත් එක්ක…
ඉක්මන් කරලා යමු සර්.මේ මනුස්සයාට හරි සිහියකුත් නෑ…කාගේ කව්ද දන්නෑ..
ඒවා හොස්පිටල් එකට ගිහාම හොයාගමු…
මෙලෙසින් විහග පුලුවන් තරම් වේගයෙන් කාරය පදවාගෙන ආවේ හැප්පුන මිනිසාගේ තත්වය බරපතල වූ නිසයි…
මගින් එන ගමන් ම රෝහලේ අංකයට ඇමතුමක් දුන් විහග හදිසි රෝගියෙක් එන බව දැනුම් දුන් අතර ඔවුන් එතනට යන විටත් රෝහල් සේවකයන් ට්‍රොලියක් සූදානම් කර එලියට වී සිටියෝය..
අදාල ස්ථානයේ කාරය නැවැත්වූ විට රෝහල් සේවකයන් පිටුපස සිටි මිනිසාව එලියට ගෙන ට්‍රොලියට දමා ගත්තේ කඩිනමින් ඔහු සදහා ප්‍රතිකාර ලබා දීමටයි…
බබා ඔයා පොඩ්ඩක් මෙතන ඉන්න..මම ඇතුලට ගිහින් බලලා එන්නම්..
අරුන්දී හිස සැලුවේ මෙවැනි අවස්තාවක් මීට පෙර ඇයට මුහුන දීමට නොවූ නිසා තැති ගැන්මෙනි…
කව්ද දන්නෑ ඒ මනුස්සයා..පව් මොනවා උනත්… ඒ මිනිහගේ ගෙවල් වලින් දන්නෙත් නැතුව ඇති…
මෙලෙසින් ඇය කල්පනා කරමින් සිටින විට විහග එම ස්ථානයට පැමිනියේ මොබියිල් එකද කනේ තබාගෙනයි.. ඔහු එන වග දුටු අරුන්දී ඉදගෙන උන් තැනින් නැගිට්ටේ ලොකු කරගත් දෑසිනි..
මොකද විහග ඒ මනුස්සයාට…?
ටිකක් සීරියස්…ඩොක්ටර්ස්ලා එයාව ඔපෙරේශන් එකට ගත්තා…
කාගේ කව්ද දන්නෑ නේද විහග..පව්..
ඒක තමයි මට මිනිහව හුරුයි වගේ…ඒත් මතකයක් නෑ…. එයාගේ ෆොන් එකේ නම්බර් එකක් තියෙනවා ඒකට අරගෙන බලමු.
එසේ කිව් විහග ඒ පුද්ගලයාගේ මොබියිල් එකේ අවසානයට ඔහු ගත් අන්කය තම දුරකතනයෙන් ඇමතුමක් ගත්තේය.. my wife ලෙස එහි සටහන්ව තිබුනි….
අරුන්දී ඒ දෙස බලාගෙන සිටියා මිස කිසිවක් නොකීවේය.
හෙලෝ…
හෙලෝ..
අනෙක් පසින් ආවේ ගැහැනු කටහඩකි..
හෙලෝ මේ විජිත කියන්නේ…..
ඔව් මගේ හස්බන්ඩ්….
මේකයි ඔයාගේ හස්බන්ඩ් ට පොඩි කරදරයක් වෙලා..දැන් ඉන්නේ කලුබෝවල හොස්පිටල් එකේ…පුලුවන් නම් දැන් හොස්පිටල් එකට එන්න..
අනේ…..මම දැන්ම එන්නම්…
බය වෙන්න එපා…එයාව දැන් තියෙටර් එකට අරන් ඉන්නේ …
ඒ වන විටත් අනෙක් පසින් ඇමතුම විසන්දි වී තිබුනි…
මොකද කිව්වේ බබා…
ඒ මනුස්සයාගේ වයිෆ් ද කොහෙද කතා කලේ…
දැන් එයි …..
හ්ම්….පව්…ඒ මනුස්සයා බේරෙයිද විහග?
බේරෙයි හැබැයි එක තැන ඉන්න වෙයි ගොඩ කාලෙකට…කකුලක් කැඩිලා තිබුනේ..
ආනේ……
මෙලෙස අරුදීත් විහගත් මද එම ස්ථානයේ රැදී සිටියේ රෝගියාගේ තත්වය හරි හැටි නොදැන විහග පිට වීමට අකමැති වූ නිසයි…
එක් වරම ත්‍රීවිලරයක් රෝහල ඉදිරිපිට නැවැත්වූයේ ඉතා වේගයෙන් පැමිනයි.
ඉන් බැස ගත් කාන්තාව දරුවෙක්ද කිහිලි ගන්වාගෙන ඉක්මන් ගමනින් රෝහල් කොරිඩෝව දිගේ දුවගෙන එන වග අරුන්දී ඈත තියාම දුටුවාය…
ඇය කාන්තාව දෙස බැලුවේ ඇගේ කලබල ස්වරූපය නිසාමයි…
අන්න ඩිනායා…..
අරුන්දී කොරිඩෝව දෙස බලාගෙනම කියන විට විහග ඒ දෙසට හිස හරවා බැලීය…
ඩිනායා කලබල ස්වරූපයෙන් ඒ දෙසට එන විට අරුන්දීව දුටු ඇය එක් වරම පුදුම වී ගම්න් වේගය අඩු කලේ කදුලු කැට ඇස් දෙකෙන් වැටෙන විටයි…
අරුන්දී ඩිනායා වෙතට ඇවිද ගියේත් ඒ මොහොතේදියි…විහග හිටි තැනම සිට බලා සිටියේ අනතුරට ලක් වූ පුද්ගලයා පිලිබද හිතේ ඇතිවුන සැකය නිවැරදී කියා සිතමිනි..
ඩිනායා…
අනේ අරුන්දී මගේ හස්බන්ඩ් ඇක්සිඩෙන්ට් වෙලා කියල කව්ද කෙනෙක් කෝල් කරලා කිව්වා…
ඩිනායා කීවේ අඩමින් වටපිට බලන ගමන් ය..
කලබල වෙන්න එපා ඩිනායා..විහග තමයි ඔයාට කෝල් කලේ… අපි දැනගෙන හිටියෙත් නෑ ඒ ඔයාගේ හස්බන්ඩ් කියලා…
ඇය එසේ කියන විට ඩිනායා දරුවාද වඩාගෙන විහග ලගට දිව්වේ අඩාගෙනයි…
අනේ විහග ….හස්බන්ඩ්ට මොකද…එයාට අමාරුද….කොහෙදිද මෙහෙම දෙයක් උනේ…?
ඇය කියාගෙන කියාගෙන ගියේ උමතු ලෙසිනි..
හරි හරි ඩිනායා ඔයා කලබල වෙන්න එපා..දැන් එයාව ඔපරේෂන් එකට අරගෙන තියෙන්නේ….ඔයා කලබල කරන්න එපා මේ දරුවත් බය වෙලා…
විහග එසේ කියන විට අරුන්දී එතනට පැමින දරුවා වඩාගත්තේ මේ මයන්තගේ ලේ උරුමය නොවේදෝ යැයි සිතට නැගුන සෙනෙහස නිසයි..
ඇය දරුවා වඩාගෙන ඔහුගේ හිස සිම්බේ මහත් ආදරයෙනි…
දරුවාත් අරුන්දිගේ ගෙල බදාගෙන සිටියේ ඔහුට මේ අත්දැකීම නුහුරු නිසයි… ඩිනායා අසල පුටුවක හිදගත්තේ ඔලුවේ බර අත් දෙකට දී බිම බලාගනිමින් ය…
එක්වරම ශල්‍යාගාරයේ දොර ඇරගෙන වෛද්‍යවරයෙක් එලියට ආ නිසා තිදෙනාගේම ඇස් ඒ දෙසට යොමු විය…
විහග දෙස බලාගෙනම පැමිනි ඔහු මද වේලාවක් බලාගෙන සිටියේ බැරරුම් මුහුනක් මවාගෙනයි…
ඒත් එක්කම ඩිනාය ඉදගෙන උන් තැනින නැගිට වෛද්‍යවරයා අසලට ගියේ කදුලු පුරවාගත් දෑසිනි..
ඩොක්ටර් ලෙඩාට කොහොමද..මම එයාගේ වයිෆ්..
බයවෙන්න එපා..එයාගේ ජීවිතේට හානියක් නෑ…ඒත්….
ඇයි ඩොක්ටර් ??
එයාගෙ කකුලක් ගොඩක් ඩැමේජ් වෙලා තිබුනේ..අපි ඔපෙරේශන් එකකුත් කලා…ටිකක් කල් යයි රිකවර් වෙන්න….සතුටු වෙන්න ජීවිතේ බේරුනානේ….
අරුන්දීත් ඩිනායා ත් විහගත් සැනසුම් සුසුම් හෙලුවේ එවිටයි…ජීවිතේට අනතුරක් නොවී සියලු දේ මෙලෙසින් වත් විසදුන එකට ඩිනායා සිතෙන් සැනසුනාය…
වෛද්‍යවරයා විහහත් සමග කතා කල පසු එතනින් පිට වූ කල ඩිනායා විහග දෙසට ගියේ අත් දෙකත් එකට තබා වැදගන්නා ගමන් ය..
අනේ ගොඩක් පින් විහග මේ කරපු උදව් වලට..
එයා වැඩ ඇරිලා එද්දි තමයි මේ දේ වෙලා තියෙන්නේ….
දැන් බය වෙන්න දෙයක් නෑනේ ඩිනායා …ටික කාලයක් යයි එයාට වැඩක් පලක් කරගන්න තරමට රිකවර් වෙන්න….
ඔව් ඒකනම් ඇත්ත විහග…
දැන් ඩිනායා ඔයා කොහොමද බබා එක්ක මේ දේවල් කරගන්නේ..ඔයාලගේ අම්මලාට මේ ගැන කියමු..නැත්තම් ඔයාට බෑනේ තනියම හැන්ඩ්ල් කරගන්න මේ දේවල්..
අනේ අරුන්දී ඔයා කියන දේ හරි..මේ වෙලාවේ මට කව්රුත්ම නෑ උදව්වට..අම්මලාට කියන්න වෙනවා..නැත්තම් මේ දරුවා එක්ක මට හැම දේම කරගන්න බෑනේ…
ඔව් ඒක හොදයිතව ටිකකින් හස්බන්ඩ් ව වෝඩ් එකට දායි…ඊට පස්සේ ඔයා අපි එක්කම ඔයාලාගේ ගෙදරයමු… මේ පොඩි එකා පව්..
අරුන්දී එසේ කීවේ තම කරේ නිදාගෙන ඉන්න ඩිනායා ගේ පුතා දෙස බලමිනි…
ඩිනායා කිසිවක් නොකියා හිස සෙලවුයේ මේ මොහොතේ ඔවුන්ගේ පිහිට ඇරෙන්නට වෙන කිසිදු පිලිසරනක් ඇයට නොවූ බව වටහාගෙන මෙනි….
අරුන්දිගේත් විහගගේත් විවාහයට තව ඇත්තේ සතියක කාලයකි..පවුල් දෙකේම උදවිය මංගල්‍ය සදහා ලහි ලහියේ සූදානම් වූයේ හිතේ ප්රභෝදයෙනි…
හෝටලයේ වැඩ කටයුතු, මනාලියට ඇන්දවීමේ වැඩකටයුතු… මල් සැරසිලි මේ ආදී වූ සියලු දේම කලින් සිටම සූදානම් කර තිබුන නිසා අවසන් දවස් වන විට සියල්ලෝම සැහැල්ලුවෙන් වැඩකටයුතු වල යෙදී සිටියෝය…
අරුන්දීද කාමරයට වී ඇදුම් අස් පස් කරමිනි සිටියේ විවාහයෙන් පසු විහග විසින් මීට මාස හතකට පමන පෙර සෑදීමට පටන් ගැනුන ඔවුන්ගේ අලුත් නිවසේ පදින්චියට යාමට සියලුදේම මුලක සිටම ලැහැස්ති කරගත යුතු නිසයි..
විහග මුල සිටම කැමැත්ත දැක්වූයේ විවාහයෙන් පසු වෙනම නිවසක පදින්චියට යාමටයි…එයට අරුන්දිගේද අකමැත්තක් නොවුනි…
නිවසේ වැඩ කටයුතු නිමවී පැවති නිසා විවාහයෙන් පසු එහි පදින්චියට යාමට දෙදෙනාම තීරනය කරගෙන සිටින්නට විය…
මේ මොහොතේ ඇගේ දුරකතනය නාද වූ නිසා තමා සිදුකරමින් සිටි වැඩේ නවත්වා ඇය මොබියිල් එක අතට ගත්තාය…
හෙලෝ විහග….
ආ..බබා මොකද කරන්නේ….
ඇදුම් අස් කර කර හිටියේ…. දැන්ද ගෙදර ආවේ ඔයා??
ඔව් බබා..ඇවිත් වොශ් දාලා ටිකක් ඇදට ආවා මහන්සී අදනම්….
අරුන්දී දුරකතනය කනේ තබාගෙනම ඇදෙන් ඉද ගත්තේ විහග සමග කතා කිරීමටයි…
ඉතින්….මම මේ අපේ වෙඩින් එක ගැන හිත හිත හිටියේ….
මට තමයි ඒක ගැන හිතන්නවත් වෙලාවක් නැත්තේ..වැඩ වැඩ…
එහෙම තමයි මහත්තයෝ ඔයාගේ රස්සාවේ හැටි…ඔයාමනේ දවසක් කිව්වේ ..
ඇය සිනා සුනාය…
ඔයාට නම් හිනා…..ඉතින් ඉතින් ඔක්කොම ලෑස්තිනේ දැන් ඔයාලගේ දේවල් නේද..?
ඔව් ඔව් අන්දන එක්කනත් අද කතා කරලා ඔක්කොම කන්ෆර්ම් කරගත්තා..එයා 18 උදේ 3 වෙද්දී මෙහෙට එනවා කිව්වා…
හරි හරි…
මේ බබා….
කියන්න….
අපි….හනිමූන් යන්නේ…..කොහෙටද??
ඒක සර්ප්‍රියිස් එකක්….
අනේ කියන්නකෝ…..
බෑ බෑ එදාටම බලාගන්න…..
මොනවද අනේ…ආසයිනේ මම දැනගන්න…
මම කිව්වනේ ඒක රහසක්…එදාටම බලාගන්න..
අරුන්දී කටතද කරගෙන සිනහව නවත්තා ගත්තේ විහගගේ වැඩ ගැන දන්න නිසයි…මෙලෙසින් දෙදෙනාම කතාකරමින් හිද ඇමතුම් විසන්දි කලේ හිතේ බලාපොරොත්තු දහසක් පුරවාගෙනයි….
ඩිනායා ගේ සැමියාගේ අනතුරෙන් පසු ඔවුන්ගේ තත්වය තේරුම් ගත් ඇගේ දෙමාපියන් සියලු ප්‍රශ්න අමතක කර ඇයට සමාව දුන්නේය..
මෙවැනි අසරන වූ මොහොතක තම දරුවාව අමතක කරදැමීමට තරම් ඔවුන් ගේ සිත් දරුණු නොවීය..
සැමියාගේ එක්තැන් වීමත් සමග නැවත්ත ඩිනායා සමරදිවාකර ගෲප්ස් හී සේවයට ගියේ පවුල් බර යම්තරමකින් හෝ අඩු කර ගැනීමටයි…..
දින එකින් එක ගෙවී ගොස් අරුන්දී බලාපොරොත්තු වූ ඒ දිනයට ඇත්තේ එක දවසකි…ඇගේ ජීවිතේම වටිනාම මෙන්ම ඔනෑම ගැහැනු ලමයෙක් හීන මවන තම මංගල දිනය හෙට යැයි සිතන විට ඇගේ මුලු ඇගම හිරි වැටී යන්නේ සතුට නිසායි…
තම මංගල සාරිය එල්ලා තිබෙන ස්තානයට ගිය ඈ එය තම අතින් සිනිදුව අතගෑවේ හෙට දිනය ගැන සිහින මවමිනි…
ඇය විටෙක ඒ දෙස බලාගෙනම මවාගත්තේ තමා හෙට දිනයේ මේ සුන්දර මංගල සාරිය ඇන්ද විට කොයි තරම් නම් ලස්සනකට පෙනෙයිද යනුවෙනි….
ජීවිතේ මෙතෙක් ආ ගමනේ අමිහිරි අත්දැකීම් රාශියකට මුහුන දුන් ඇය අද දින ඒ සියල්ලක් ගෙන්ම ජයගෙන අවන්කවම ආදරයකට උරුමක්කාරිය වී හෙට දිනයේ ඔහුගේ පතිනිය වන්නට පෙරුම් පුරන මේ මොහොතේ ඇගේ සිත තුල ඇති හැගීම දෑසේ කදුලු වලින් මනාවට පෙන්නුම් කලේය.. එක් වරම කාමරයට පිවිසියේ සමරදිවාකර මහතායි..
දුව…..
ඇය කල්පනාවෙන් මිදී දොර දෙස බැලුවේ එවිටයි….
තාත්තී….
ඇය කදුලු පිරුන දෑසින්ම දුවගෙන ගොස් සමරදිවාකරව බදා ගත්තේ අඩමින්මය…
ලොකු දූ ඇයි මේ අඩන්නේ පුතේ…
තාත්තී…මට දුකයි තාතිලාව දාලා යන්න….
සමරදිවාකර සෙමින් ඇගේ හිස අතගෑවේ ඒ දුක වේදනාව ඔහුගේ හිත තුලත් තෙරපුන නිසයි…
පුතේ මේ අහන්න….ඉස්සෙල්ලාම මෙතනින් වාඩි වෙන්නකෝ…
ඔහු ඇයව ඇදෙන් වාඩින්කර ඔහුත් ඇය අසලින්ම වාඩි වුනි…
ලොකු දූ ඕනෙම ගෑනු ලමයෙක් මේ දේට මූන දෙන්න වෙනවා කවදාහරි…. ගෑනු ලමයෙක් හදපු දෙමව් පියන්ටත් ඒක පොදුයි…
මම දන්නවා මගේ දුව පොඩි කාලේ ඉදලම ගොඩක් දුක් වින්දා….
සමරදිවාකර දිගු හුස්මක් හෙලුවේ හිතේ බරසැහැල්ලු කරගන්නට මෙනි…ඉන්පසු නැවත්ත කතා කරන්නට විය…
මම අද මේ දේවල් දුවට කියන්න හිතුවේ හෙට ඉදන් දුවත් වගකීම් එක්ක තමුන්ගේ ස්වාමියාවත් රැකගෙන ඉස්සරහට යන්න ඕනේ නිසයි..
මට හොදට මතකයි ඔයාව හම්බුනාම ඔයාගේ අම්මා සතුටු උන විදිහ…
අපි බලපොරොත්තු උනේ දුවෙක්..හරියටම ඔයා අපි ලගට ආවාම අම්මයි මමයි ගොඩක් සතුටු උනා..
ඔයා පොඩි කාලෙත් හරිම ලස්සනයි පුතේ..
ඔයාගේ අම්මා ඔයා දිහා බලාගෙන හැමදාම කිව්වේ මගේ දුව මනමාලියක් වෙන දවසට එයාට සතුට දරාගන්න බැරිවෙයි කියලා…ඒ තරමට ඔයා ලස්සනට ඉදී කියලා එයා හීන මැව්වා…
අන්තිමට එයා අපි දෙන්නවම දාලා මේ ලෝකෙන් ගියා…. මම ගොඩක් අසරණ උනා..අවුරුදු තුනක පොඩි කෙල්ලෙකුත් එක්ක මම් කොහොමද ජීවිතේ ඉස්සරහට ගෙනියන්නේ කියලා…
ඊටත් ගෑනු ලමයෙකුට අම්මෙක්ගෙ වටිනාකම දැනෙන්නේ තව වයස යනකොට කියන දේ මට තදින්ම හිතිලා තිබුනේ… අන්තිමේදී මම මගේ දුව ගැනම හිතලා චන්ද්‍රාව කසාද බැන්දේ….
එයාගෙන් ඔයාට අම්මා නැති අඩුව පුරවන්නයි මට ඕනි උනේ පුතේ…
මම දන්නවා නංගී හම්බ උනාට පස්සේ මගේ පුතාට එයාගෙන් ඒ ආදරෙ උපරිමෙන් ම හම්බ උනේ නෑ..
ඒත් මම මගේ දුවව කවදාවත් තනි කලේ නෑ..ඔයා හැමදාටම ඔයාගේ අම්මගෙයි මගෙයි ආදරේ සංකේතය නිසා..
ඔයාගෙන් හැමදාම මම එයාව දැක්ක..ඔයාගේ ඇස් දෙක…කට නහය මේ හැම දේම ඔයාගේ අම්ම වගේමයි…ඉතිං එයා නැති අඩුව මට මගේ දුව දකින හැම වෙලාවකම මග ඇරිලා යනවා…
මම දන්නවා මගේ පුතාගේ අම්මා මේ කොහේ හරි ඉදලා අපිදිහා බලාගෙන ඉන්නවා… එයා අද සතුටු වෙනවා ඇති එයාගේ දුව ලස්සන මනමාලියෙක් වෙන්න යන්නේ කියලා…
එයා සතුටු වෙනවා ඇති අවුරුදු 25ක් එයාගේ දුවව මම මලක් වගේ පරිස්සම් කරලා එයාට පොරොන්දු උන විදිහටම හොද අවන්ක ළමයෙකුට කසාද බන්දලා දෙන්න යන එකට…
මෙසේ කිව් සමරදිවාකර ඇස් දෙකෙන් ඉහල බැලුවේ කදුලු පුරවාගෙනයි..
මාධවී..ඔයාගේ හීනේ හැබෑ වෙන්න යන්නේ..අපේ දූ ලස්සන මනමාලියක් වෙනවා හෙට…ඔයාට වෙච්ච පොරොන්දුව මම ඉශ්ඨ කලා…
ඔහු එසේ කීවේ හිස් අවකාශයට වුවත් අරුන්දිගේ මව එය අසා සිටින්නට ඇතැයි ඔහු තරයේ විශ්වාස කලා..
මේ මොහිතේ අරුන්දී සමරදිවාකර ට තුරුලු වුනේ අඩන ගමන් ය…
අඩන්න එපා පුතේ …මගේ දුවට වරදින්නේ නෑ..විහග හොද ලමයෙක් එයා දුවව හොදින් බලාගනි….හෙටින් පස්සේ ඔයාගේ භාර කාරයා එයා…එයාට ගරු කරන්න..එයාට හොදට සලකන්න…එයාට හොද බිරිදක් වෙන්න…
තාත්තී මං ආදරෙයි තාත්තිටයි අම්මිටයි හැමදාම…
අරුන්දී තව තවත් ඇඩුවේ සමරදිවාකරගේ තුරුල්ලේ හිදින ගමන් මයි…
හරි මගේ පුතා දැන් නිදා ගන්න..හෙටනුදෙන්ම නැගිටින්නත් ඕනිනේ… බුදුසරණයි පුතේ…
සමරදිවාකර අරුන්දිගේ හිස සිම්බේ පිය සෙනෙහස උතුරා යන මොහොතකයි..එසේ කි ඔහු ඉදගෙන් සිටි තැනින් නැගිට කාමරෙන් පිටවූයේ දෑසින් නැගුන කදූලු අතින් පිහන ගමන් ය.ඔහු පිටව යන අයුරු අරුන්දී බලා සිටියේ කදුලු පිරුන දෑසිනි…
31 කොටසෙන් හමුවෙමු…
ඔන්න හෙට වෙඩ්න් එක ….හැමෝටම ආරාධනා කරනවා සහභාගි වෙන්න කියලා..
කතාව දාන්න පරක්කු උනා සොරී හොදේ
එහෙනම් හෙට හම්බ වෙමු ළමයි..
බුදුසරණයි …