අරුන්දී 31 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

31 වන දිගහැරුම

💘
💘
💘
💘

ගැහැණු ලමයෙක්ගේ ජීවිතේ වැදගත්ම දිනය…අමතක නොවන දිනය..පොඩි කාලේ ඉදන් හීන මවන දිනය…අද අරුන්දිටත් උදාවෙලා..

ආදරේ නාමයෙන් හොද ස්වාමියෙක් ලබන්නට ඇය වාසනාවන්ත වීම පිලිබද ආශාවට වගේම අදින් පසු ඇය මෙතෙක් කල් විසු නිවසෙන් පිටව යන දිනය වූ නිසා හිතේ දුකත් සතුටත් යන දෙකම එකතුව මුලු රෑ පුරාම නින්දක් නොවුයේ ඒ නිසයි..

රෑ එලි වන තුරුම එක එක දේ කල්පනා කරමින් සිටි ඇයට නින්ද ගියෙ කොයි වෙලාවෙදැයි ඇය වත් නොදනී…

ඇය පාන්දර දෙකට එලාම් එක තබා අවදි වූයේ තුන වන විට ඇන්දිම සිදුකරන තරුනිය එන බව කිව් නිසයි…

ඇය එලාම් එක වදින විටත් අවදිව සිටිය නිසා ඇදේ සිටම මොබියිල් එක අතට ගත්තේ විහගට කතා කරන්නයි…
ඇය ඔහුගේ අංකය මත් ඇගිල්ල තැබුවේ සිනහවකින් මුව සරසාගෙනයි…

හෙලෝ….බබා….

හෙලෝ…නැගිට්ටද බබා…

ඔව් දැන් නැගිට්ටා..අන්දන එක්කනා එන්නේ තුනට…
මට බයයි වගේ විහග…

ඇයි ළමයෝ බය…?
ඔහු අනෙක් පසින් සිනාසුනේය..

හිතට මොකද්ද වගේ…අනේ මන්දා කියන්න තේරෙන්නේ නෑ….

මට තේරෙනවා මැණික….රිලැක්ස් වෙන්න…ඔයා ජීවිතේ කවදා හරි ඔයදේට මූන දෙනවනේ බබා…

හ්ම්…..ඒත් මට හිතට මොකද්ද වගේ….ආසයි බයයි….

හරි හරි දැන් හොදට වොශ් දාලා ඩ්‍රස් කරන කෙනා එද්දි ලෑස්ති වෙලා ඉන්න…
මට හදිස්සී මගේ බබාව දකිනකල්…

ඔව් ඔයත් ලස්සනට ඉදී නේද මගේ දොස්තර මහත්තයෝ ….

හරි දැන් තියන්න..වෙලා යයි….

අරුන්දී දුරකතනය විසන්දි කර ඇදෙන් බැස්සේ නානකාමරයට යෑමටයි..
ඒ වන විට සීතම්මා දොර ලගට විත් සිටියේ පුරුදු විදිහටම ඇගේ තේකත් අතැතිවයි..

ඇය සීතම්මා දෙස බලා සිනාසී ඇයව ඇතුලට කැදෙව්වාය..

එන්න සීතම්මේ….

සීතම්මා ඇය අසලට ආවෙ කදුලු පිරි දෑසිනි…

බේබි තේක….
ඇය කීවේ ඇඩුම් බරවයි…

ඇය සීතම්මා අතින් තේ කෝප්පය අතට ගත්තේ සීතම්මා දෙස බලා ගෙනමයි…

බේබී ආයේ ඉතින් මට මෙහෙම බේබිට තේ ගේන්න වෙන්නේ නෑනේ….හෙට ඉදන් බේබි විහග මහත්තයාගෙ ගෙදරනේ ඉතින්…

සීතම්මේ මටත් හිතට හරිම දුකයි…මේ ගෙදර මේ කාමරේ ඔයාලා හැමෝටම ..මේ හැම දේටම හරි ආදරෙයි….මටත් හිතහදා ගන්න අමාරුයි සීතම්මේ….

බේබි අද දවස එනකල් මමත් බලාගෙන හිටියා..
බේබිගේ අම්මා ඉන්න කාලේ ඉදලමයි මම බේබිව බලාගත්තේ..
මට අද වගේ මතකයි බේබි ඉපදුන දවසේ ලොකු නෝනා සතුටු වුන හැටි…
බේබිට වරදින්නේ නෑ… හැමදාම සතුටින් ඉන්න…

සීතම්මා එසේ කියමින් හැට්ට අතින් කදුලු පිස දැමුවේ කාමරෙන් පිටව යන ගමන් ය..

අරුන්දී තේකත් අතැතිවම ඈ දෙස බලා සිටියේ ඇයගේ දුක් වීම අවන්කවම සිතෙන් නැගුන එකක් බව සිතමිනි…

කුඩම්මාගෙන් අඩු සැලකිලි ලැබෙන අවස්තාවන් වලදී ඇගේ සහනයට පොඩි කාලේ සිටම සිටියේ සීතම්මාත් තම පියාත් බව අරුන්දී හොදටම දනී…

තේක බී අහවර කල ඈ නාන කාමරයට ගොස් ඇදුම් උනා තබා වතුර මල යට සිට ගත්තේ නාන කාමරය දෙස හොදින් නෙත් යවමිනි…

අදින් පසුව මේ නාන කාමරයේ මෙලෙසින් නාන අවසන් අවස්තාව මෙයයි…
ඇය සිරුර හරහා යන වතුර බින්දු වල පහස වින්දේ තම අතීත මතකයන් අලුත් කරගන්නා ගමන් ය…

ඇය තුවායත් ගත දවටගෙන කාමරයට විත් ලැහැස්ති වුනේ ඇන්දන තරුණිය මේ වන විටත් පැමින ඇති බව ඇයට ඇසුන නිසයි…

ඇය සාරියටම ගැලපෙන යට සායත් හැට්ටයත් තනිවම ඇදගෙන කන්නාඩිය ඉදිරිපිටට ගියේ බලාපොරොත්තු පිරුන හදවතකිනි…

එක් වරම කාමරයට පිවිසියේ අදාල කාන්තාවයි…

ගුඩ් මෝනින්ග් නන්ගී…

ගුඩ් මොනින් අක්කි…එන්න ඇතුලට..

තරුනිය පැමින තම කලමනා මේසය මතතැබුවේ අරුන්දී දෙසට සිනහවක්ද නගාගෙනයි…

නන්ගි ලෑස්තිත් වෙලා….

ඔව් අක්කී ලේසිනේ එතකොට…

මගේ ඇසිස්ටන්ට් දෙවනි මනමාලිට අන්දවනවා නන්ගි පහල..

හරි අක්කි…අපේ නන්ගි නම් හරිම ආසවෙන් හිටියේ…

කෝ එන්න නන්ගි මෙතනින් ඉදගන්නකෝ..
එසේ කිව් තරුනිය අරුන්දීව කණ්ණාඩි මේසය ඉදිරිපිට ඉදගැස්වූවාය…

ඔයා ඉතින් කොහොමත් ලස්සනයිනේ නන්ගී..වැඩිය මේකප් ඕනි වෙන්නෙත්නෑ..

මෙලෙසින් දෙදෙනා කතාවෙන් කතාව තරුණිය ඇයව ලස්ස්න මනමාලියෙන් විදිහට හැඩ ගැන්වූවාය..

ඇත්දල පාට මංගල සාරිය අන්දවා මාල හත දාලා ඊට අමතරව ගෙඩි මාල දෙකක්ද දැම්මේ අරුන්දීව තවත් ලස්සනට පෙනෙන්නටයි…

මනාලියක් වෙන දවසේ වැඩිපුරම මනාලිය කතා කරන්නේ ඇස් වලින් නිසා අරුන්දිගේ දෑස් වලට දැමූ මේකප් එක ඉතා ලස්සන වූවකි…

උපතින්ම පැහැපත් සමකට උරුමකම් කිව් ඇයට තරුණිය දැමූ මේකප් එකෙන් අරුන්දිගේ ලස්සන තවත් ඔපමට්ටම් වූවාට නම් සැක නැත…

නන්ගී තැල්ල තියන්න අම්මට කතා කරමු නේද??

ඒ මොහොතේ අරුන්දීට ඇගේ මව මතක් වූයෙන් ඇස් දෙකට කදුලක් නැගුනේ ඇයටත් නොදැනීමයි…

අනේ මගේ අම්මේ ඔයා අද මෙතන හිටියනම් මගේ තැල්ල තියන්නේ ඔයා..
ඔයා තමයි මට අවන්කවම ආශිර්වාද කරන එකම එක්කනා…
ඒත් අද ඔයා මගේ ලග නෑනේ අම්මේ…මම දන්නව ඔයා කොහෙ හරි ඉදලා බලාගෙන ඉන්නවා කියලා..මට ආශිර්වාද කරන්න අම්මේ…

ඇනේ සුදූ ඔයාව අඩවන්න හිතාගෙන නෙවෙයිනේ පැටියෝ මම එහෙම කිව්වෙ..

අරුන්දී කල්පනාවෙන් මිදුනේ එවිටයි..

නෑ අක්කී…හරි අම්මට කතා කරමු…
අරුන්දී කදූලු අතරින් සිනාසීමට උත්සහ දරමින් දොර දෙස බලත්ම චන්ද්‍රා දොරකඩ සිටගෙන සිටියාය..

අම්මේ අම්මට කතා කරන්න හැදුවා විතරයි…

චන්ද්‍රා කිසිත් නොකියාම අරුන්දී වෙතට ආවේ ඇයගේ ලස්සන ඇස් දෙකෙන් ම විදින ගමන් මයි…
ඇය අරුන්දී අසලට එන විටත් ඇයගේ දෑසින් කදුලු වැටුනේ ඉබේටමයි…
ඇත්ත ඇය එතරම්ම ලස්සනයි….

මගේ දුවට ඇස්වහක් කටවහක් නෑ…චන්ද්‍රා සෙමින් මිමිනුවේ ඇය දෙසම බලාගෙනමයි.
අරුන්දී සිනාසී ඇය දෙසම බලා සිටියෙ කෙතරම් දෙනස් කම් කලත් අවසානයේදී ඇයට කුඩම්මාගේ ආදරය ලැබීමට අවස්ථාව ලැබුන බව සිතමිනි..

චන්ද්‍රාත් ඇන්දීමට පැමිනි තරුණියගේ උපදෙස් මත අරුන්ශිගේ හිසට තැල්ල තැබුවේ අද මේ ඇය ආරම්භ කරන නව ජීවිතය සාර්තකම වෙන්න කියා අවන්කවම සිතෙන් ප්‍රාර්තනා කරමිනි…

තැල්ල පැලදවූ පසු ඇරුන්දී පිරිපුන් මනාලියක් ලෙසින් පෙනුනේ ගැහැනු ලමයෙකුගේ පොඩිකල ඉදන් දකින සිහිනය සැබෑ කරන්නට මෙනි…

ලස්සනයි…..ඇත්තටම හරම ලස්සනයි නන්ගි..

ඔව් මගේ දුවට ඇස්වහක් කටවහක් නෑ…හරිම ලස්සන මනමාලියක් ඔයා…

චන්ද්‍රා ඇගේ නළලට හාදුවක් දෙන ගමන් කීවේ හද පිරි ආදරයෙනි…

ඇත්තෙන්ම අරුන්දී පිරිපුන් මනාලියක් ලෙසින් හැඩගැන්වුනේ ඇගේ සුන්දර බව තවත් ඉස්මතු කරමිනි…

කොන්ඩය බැදලා ඊට සුදු පාට මල් ගහලා මංගල සාරියෙන් හැඩ ගැන්විලා මාල හත පලදලා නළල් පටිය හිසේ පැලදි ඇය සුන්දර මනාලියක් ලෙසින් පෙනුනි…

රෝස සහ ඕකිඩ් වලින් නිමවන ලද මල් බොකේ එක අතට ගත් ඇය සැබවින්ම සුන්දරත්වයෙන් යුතු උඩරට මනාලියක් ලෙසින් දිස්වුනේ චන්ද්‍රාගේ දෑස් තෙත් කරමිනි…

යමු දුව පහලට..දැන් නැකත් වෙලාවත් ලගයි පිටත් වෙන්න…

අරුන්දීත් සමග චන්ද්‍රා තරප්පු පෙල දිගේ පහලට බහින විට සමරදිවාකර සාලයේ සිට ඉහල මාලය දෙස බැලුවෙ වසර විසි පහක් ඇස් දෙක මෙන් රකින ලද තම දියනිය අද දිනයේ සුන්දර මනාලියක් වී දකින මුල්ම අවස්තාව මෙය වූ බැවින් ඇස් දෙකම අදහාගත් නොහැකිවයි..

ඔහු ඇයගෙන් දෑස් ඉවතට නොගෙනම බලා සිටියේ දෑස කදුලින් තෙත්වන ගමන් ය..

අරුන්දී කෙලින්ම ගියේ.සමරදිවාකර වෙතටයි…ඔහු ඈ දෙස බලාගෙන සිටියේ මුව ගොලුවූ ලෙසකිනි…

තාත්තී…..

මගේ ලොක්කී….අද මට හරි ආඩම්බරයි මගේ පුතේ….ඔයා ලස්සන මනමාලියක් වෙලා…

තාත්තී මම තාත්තිට හැමදාමත් වගේ ගොඩාක් ආදරෙයි..
එසේ කිව් අරුන්දී නැමී සමරදිවාකරගේ දෙපා අල්ලා වැන්දේ කදුලු පුරවගෙනයි..

ඉන්පසු චන්ද්‍රා අසලට ගිය ඈ ඇය දෙස බලා හිටියේ සිනාසීය..

අම්මේ.අම්මා….මගේ අම්මා නැති අඩුව මට දැනෙන්න දුන්නේ නෑ .ඒකට ගොඩාක් පින්..
මාව මේතරම් කාලයක් ආදරෙන් බලාගත්තට අම්මට ගොඩක් පින්..
මම ගොඩාක් ආදරෙයි අම්මේ…
අරුන්දී එසේ කියන විට චන්ද්‍රා වාවාගෙන සිටි ඇඩුම පිටට පැන්නේ ඉකියක්ද සමගිනි…

මගේ රත්තරන් දුව…මම දන්නවා මගේ දුවට මගෙන් අඩු පාඩු සිද්ද උනා…ඒ දේවල් කොහොම උනාද කියලා මම වත් දන්නේ නෑ..

ඒත් අද මට සතුටුයි..මගේ දුවට රත්තරන් මහත්තයෙක් ලැබිලා තියෙනවා…දුවට වරදින්නේ නෑ…

චන්ද්‍රා එසේ අඩමින් කියන විට සමරදිවාකර ඈ අසලට විත ඇගේ පිට අතගෑවේ හිතේ දුක වාවාගෙනයි..

ඉන් පසු අරුන්දී හැරුනේ විභාශා දෙසටයි…
මගේ පිස්සු කෙල්ල අද ලස්සනයි….

නෑ…හැමදාමත් වගේ අක්කි තමයි ලස්සන….

විභාශා එසෙ කිව්වේ අරුන්දිගේ කම්මුලක් සිප ගනිමින් ඇස් වල කදුලු පුරවගෙනයි..

අම්මවයි තාත්තවයි හොදට බලාගන්න පොඩ්ඩි…

අරුන්දී එසේ කියන විට විභාශා ඇස් වල කදුලු පිසදා ගත්තේ නොනවත්වා ගලන කදුලු වාවාගත නොහැකිවයි…

හරි හරි දැන් නැකත් වෙලාව හරි දූ….

ඉන්න තාත්තී….

එසේ කිව් අරුන්දී කෙලින්ම ගියේ කුස්සියේ දොර ලග කදුලුසලමින් සිටි සීතම්මා ලගටයි…

ඇය එතනට ගොස් සීතමාට වැන්දේ මෙතෙක් කාලයකට ඇගෙන් ලැබුන සෙනෙහස ආදරයට කලගුන සැලකීමට මෙනි..

බේබී මේ මොනවද කරන්නේ…..
කලබල වූ සීතම්මා අරුන්දී නැගිට්ටවන ගමන් කීවාය..

නෑ සීතම්මේ…සීතම්මා මාව පොඩි කාලේ ඉදලම මට මතක ඇති කාලේ ඉදලම බලා ගත්තා…

ආදරේ දුන්නා…මගේ දුකේදී සැපේදී හිටියා…
මේක තමයි හොදම අවස්තාව සීතම්මේ සීතම්මාට ස්තූති කරන්න.
මම වෙනුවෙන් සීතම්මා කරපු හැම දේටම ගොඩක් පින්….

අරුන්දී අවසන් ටික කීවේ වෙව්ලන හඩිනි.
සීතම්මා හයියෙන් ඇඩුවේ අරුන්දිගේ කුඩා කල මතකයන් නොනවත්වා හිතට ගලා ආ නිසාත් අදින් පසු ඇගේ සුවද මේ ගෙයි තුල නොදැනෙන නිසාත් ය…
බුදුසරණයි බේබී….

අරුන්දී මද වේලාවක් සීතම්මා දෙස බලා හිද ඉදිරි පස දොර වෙත ගියේ සිතෙ දුක හිරකරගෙනයි…

තාමා අවුරුදු විසිපහක් මේ ගෙයි තුල ගත කරපු ජීවිතය මේ නිමේශයේ ඇගේ සිතට ගලාගෙන ආවේ නොනවත්වායි….

මේ කාලය තුල සතුට දුක එක සේ වින්දත් ඇගේ සුන්දර කාලය මේ ගෙයිම තබා තම ආදරවන්තයාගේ ප්‍රිය බිරිද වන්නට ගෙයින් නික්මෙන මේ මොහොත ඇයට ඉවසුම් නොදුනි…

ඇය ගෙයින් එලියට බසිත්ම චන්ද්‍රා පිරුන වතුර වීදුරුවකට පිච්ච මල් දෙක තුනක් රැගෙන ඈ එන පෙර මගට ආවේ සිනා මුහුනකිනි…

අරුන්දී ඉන් වටුර උගුරක් බී චන්ද්‍රාට වැන්දේ මවගේ අඩුව මෙතෙක් කල නොදැනීමට ඇය කල ආදරය සෙනෙහසට ස්තූති කරන්නට මෙනි…

මගුල් රතයට නැගුන අරුන්දී අවසන් වරට තම නිවස දෙස හැරී බැලුවේ අද ගෙයින් නික්මුන ඇය හෙට සිට ආදරබර සැමියෙකුගේ බිරිද බව සිතමිනි…

👰👰👰👰👰👰👰👰👰👰👰👰👰👰👰👰👰

කින්ග්ස්බරි හෝටලයේ අරුන්දිගේත් විහගගේත් මංගල්ලය සිදු කෙරෙන ශාලාව මල් වලින් සරසා තිබුනේ ඉතාමත් අලන්කාර ලෙසිනි…

දුටු පමනින්ම සියලුන්දෙනාගේ ඇස් ඇදගැනීමට ඒ සැරසිලි සමත් විය..

ප්‍රථමයෙන්ම මනමාල පාර්ශවය මගුල් බෙර වාදනයෙන් ශාලාවට කැදවාගෙන ගිය අතර අනතුරුව පැවරී තිබුනේ මනමාලිගේ පාර්ශවය ශාලාවට කැදවාගෙන යාමටයි…

අරුන්දී ගේ දෙපසින් සමරදිවාකරත් චන්ද්‍රාත් ගමන් කල අතර පිටුපසින් ඇගේ පිරිවර ශාලාව දෙසට සෙමින් ගමන් කලෝය…

මගුල් වෙර වාදනයෙන් ඉදිරියට ඇදෙන විට මුලු සිරුරේම මවිල් කෙලින් වන තරමේ හැගීමක් අරුන්දීට දැනුනේ සිතේ ඇතිවූ කෝල බව නිසාමයි….

විහගත් අද ලස්සනට ඇති…බලනකල් ඉවසිල්ලක් නෑ… දැන් මම හෝල් එකට යනකොට එයා පෝරුවලග ඉදී…

මේ ආකාරයේ සිතුවිලි සමග අරුන්දී ශාලාවේ දොරෙන් ඇතුලට එන විට මනමාල පාර්ශ්වයේ සියලුදෙනාගේ ඇස් ඈ වෙතට යොමුවිය…

සියලු දෙනාගේම ඇස් තමා වෙත යොමුව ඇති බව දැනුන නිසා අරුන්දිගේ හදවත ගැහුනේ පෙරට වඩා වේගයෙනි….

ඇය ලැජ්ජවෙන් බිම බලාගෙනම ඉදිරියට ඇදුන අතර පෝරුව ලන් වන විට ඇය මදක් හිස ඔසවා ඒ දෙස බලන්නට විය..

ඇය දුටුවේ නිලමේ ඇදුමෙන් සැරසුන විහග ඈ දෙස ඇසිපිය නොහෙලා බලා සිටින අයුරුයි…

ඒ මුහුනේ වෙනදාටත් වඩා සතුටක් පිරී ඉතිරෙමින් පවතින බව ඈ දුටුවාය..
ඒ ඇස් දෙකෙන් වෙනදාටත් වඩා ආදරය වෑහෙන බව ඈ දුටුවාය…

කවදත් සිනහවකින් මුව සරසා සිටි ඔහු අදත් මද සිනහවකින් මුව සරසාගෙන තම මනමාලියදෙස බලා සිටියේ අද සිට ඇය ඔහුගේ පතිනිය බව සිතෙන් සිතමිනි..

පෝරුවේ චාරිත්‍ර ඉටු කෙරෙමින් දෙදෙනාම පෝරු මස්තකයට පැමිනි අතර රන් හුයකින් අතැගිලි බැදුනු ඔවුන් හදවතින් නොබිදෙන බැදීමක් ඇති කරගත්තේ සියාලගේම ආශිර්වාදය මැදයි…

අනතුරුව දෙදෙනාම ගොස් ඉදගත්තේ ඔවුන් වෙනුවෙන්ම වෙන් වූ මල් ගවසන ලද ආසනයකයි…

විහග ඇගේ අතකින් අල්ලාගෙන ගොස් එහි ඉදගත්තේ ආඩම්බරයක් සිත තුල හන්ගාගෙනයි..
මෙතරම් සුන්දර තරුනියකගේ සැමියෙක් වීමට තමු කෙතරම් ව්හාග්‍යවන්ත දැයි ඔහු සිතෙන් සිතූ අතර ඇය සිතුවේ මෙතරම් උතුම් පුරුශයෙකුගේ බිරිද වීමට ලැබීම කෙතරම් භාග්‍යක්ද කියායි.

ඒ වගේම පැමින සිටි දෙපාර්ශ්වයේම පිරිස සිතුවේ මොවුන් දෙදෙනා එකිනෙකාටම පතාගෙන ආ යුවලක් බවත් ඔවුනොවුන් එකිනෙකාට හොදින්ම ගැලපෙන යුවලක් ලෙසිනි…

විහග අරුන්දිගේ අත අලාගෙන සිටින ගමන් ම ඈ දෙස බැලුවේ උතුරා යන සෙනෙහසකිනි..

ලස්සනයි මැණික…

අරුන්දී හිස හරවා ඔහු දෙස බැලුවේ එවිටයි..

ආසාවේ බෑ..

ඇයි…..

මට ලෝබයි ඔයාව මෙහෙම දකිනකොට….

හ්ම්ම්…අපි දෙන්නගේ ආදරේට අපි අද වටිනාකමක් දුනනා.
.මම ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලැබෙන්න විහග..

ඇයි මම ඔයා වගේ ලස්සන හදවතක් මගේ ම කරගන්න ලැබුන එක මගෙත් වාසනාව…

ඔහු ඇගේ ඇස් දෙක දිහා බලාගෙනම කීවේ ඈ කෙරෙහි උපන් ආදරය තවත් වැඩි වූ නිසයි..

විහග…..

ම්ම්ම්ම්……

හැම දේම හිතුවටත් වඩා හොදට කෙරුනා නේද..

ඔව්….හැමදේම හොදින් උනා…බබා…
අද ඉදන් ඔයා මගේ…මගේම විතරයී…

ඔයත් එහෙමයි….
අරුන්දී එසේ කීවේ ඔහුට තවත් ලන් වෙමිනි..

අනේ ඉක්මනින් රෑ වෙනවනම්….
විහග මනමාල හිනාවක් නගාගෙන ඈ දෙස බැලුවේ ඇස් යටිනි..

ඒ මොකෝ..

දන්නෙම නෑ…..

නෑ.නෑ..මම දන්නේ නෑ….
ඇය කීවේ සිනාසෙමිනි..

ඔහු ඇයගේ කන අසලට ලන්වී තවත් මොනවදෝ කිව් නිසා අරුන්දී ඔහුගේ අතට වැරෙන් පහරක් ගැසුවේ කටත් සපාගෙනයි…

පිස්සා…අනේ මන්දා මෙයානම්….

අරුන්දී එසේ කිවේ හිතේ ආදරය පුරවාගෙනයි..

කෙමෙන් කෙමෙන් තත්පරෙන් තත්පරේ ගෙවෙමින් නව යුවල පිටත්ව යන මොහොත උදා විය…

අරුන්දී අලන්කාර පිටත්වීමේ ගවුමකින් සැරසුන අතර කොන්ඩය කඩා දමා පැත්තකින් මල් කිනිත්තක් ගසා තිබුනි..

විහගද යුරෝපීය ඇදුමින් පිටත් වීම සදහා සැරසුන අතර ඔහුගේ කඩවසම් බව තවත් ඉන් ඔප්නැන්වුනි..

අරුන්දී සමරදිවාකර අසලට ගොස් දන නමා වැන්දේ මෙතෙක් තමාව මලක් මෙන් රැකගත් පියතුම දමා යන්නට ඇයගේ හිත කිසින්සේත් සූදානම් නොවූ නිසයි..

එය ඕනෑම තරුනියකට හැගෙන හැගුමකි..එය එසේම අරුන්දිටත් දැනුනි.

සමරදිවාකර ඇයව උරිස් දෙකෙන් ඔසවා බදා ගත්තේ ඇස් දෙකෙන් කදුලු වැටෙන ගමන්‍ ය…

අරුන්දීද එතෙක් වාවාගෙන උන් ඇඩුම දරාගත් නොහැකිව මහ හඩින් ඇඩුවේ තම පියාට තව තවත් තුරුලු වෙන ගමන් ය..

සතුටින් ඉන්න මගේ රත්තරන් දුව…එච්චරයි මට ඕනේ…

පියාගෙත් දුවගෙත් මේ ආදරය සෙනෙහස දුටු අනෙක් අයගේද ඇසට කදුලක් නැගුනේ ඔවුන්ටත් නොදැනීය…

අනතුරුව ඉකිගසමින්ම චන්ද්‍රා අසල දන ගසා වැන්ද අරුන්දී ඇයව බදාගත්තේ මවගේ අඩුව නොදැනෙන්නට ඇය දැක්වූ සෙනෙහසට ගරුකරමිනි…

ලොකු දූ හැමදාම සතුටින් ඉන්න…
පුතා අපේ දුවව සතුටින් තියන්න…අපි පුතාගෙන් ඉල්ලන්නේ එච්චරයි..

චන්ද්‍රා අඩමින් කීවේ විහග දෙස බලා ඇගේ හිසත් සිබින ගමන් ය…

විහගද ඇස් දෙකේ කදූ පුරවාගෙන සිටියේ මව්පිය දූ දරු සෙනෙහසට කිසිවක් යටත් නොවන බැවිනි..

අනතුරුව විභාශා අරුන්දීව බදා ගත්තේ මෙතෙක් කල් ඇගේ සියලුම දුක සතුට බෙදාගත් තම එකම සහෝදරී අදදින වෙන් වී යාමේ දුක දරාගත නොහැකිවයි..

විහගද දෙමාපියන් දෙදෙනාට දනගසා වැන්ද අතර විහගගේ දෙමාපියන්ගේ ආශිර්වාදයද මැද නව යුවල හෝටලයෙන් එලියට ආවේ ජීවීතේ නව ගමනක ආරම්භයට මුල පිරීමක් ලෙසිනි…

විහග ගේ සරසන ලද හයිබ්‍රිඩ් කාරයේ ඉදිරිපස දොට ඇරි ඔහු අරුන්දීව එහි වාඩිකරවූයේ සනෙහෙබර සැමියෙකුගේ වගකීම ඇරභුවාක් මෙනි..

අනතුරුව ඔහු අනෙක් පසින් පැමින කාරයට ගොඩවුයේ තම ඉරනම් කාරිය සමග මේ අරබන දිවිය සාර්තක වේවායි සිතෙන් පතමිනි..

අරුන්දී ඒ වන විටත් කදුලු සලමින් සිටි අතර පිරිස ඔවුන්ගේ කාරය දෙපස බලා සිටියේ සතුටු මුහුනෙනි…

චන්ද්‍රා සමරදිවාකර ගේ උරහිසට බරව කදුලු සැලුවේ තම දියනිය අද දින ඔවුන්ගෙන් මිදී නව ජීවිතයක් අරබන බව සිතමිනි…

අවසානයේ සියලුදෙනාගේම ආශිර්වාදය මැද අරුන්දීත් විහගත් හෝටලයෙන් පිටව ගියේ පිරිස දෙස බලා අත වනන ගමන් ය…..

👰👰👰👰👰👰👰👰👰👰👰😀😀😀😀👰👰👰👰

අරුන්දී තවමත් අඩමින් සිටියේ හිතේ දුකටමයි..විහග තවම කිසිවක් කතා නොකලේ ඇගේ සිත තේරුම් ගත්තාක් මෙනි..

ඔවුන් මදුසමය සදහා පිටත්ව යන්නේ කොහේටද කියා අරුන්දී තවමත් නොදනී..
මද දුරක් යන විට ඈ ඇගේ ඇඩුම නැවැත්වූයේ සියලු දේ තේරුම් ගත්තාක් මෙනි…ඇය විහග දෙස් බැලුවේ හිතේ දුකත් සතුටත් දෙකම දරාගෙනයි…

විහගද ඈ දෙස බැලුවේ එවිටයි..දෙදෙනාගේම ඇස් සුලු මොහොතකට එකතැන නතර විය..විහග එක අතකින් ඇගේ අතක් ඇල්ලාගෙනම වාහනය පදවන්නට විය…

දුකද??

අරුන්දී කිසිවක් නොකියා ඔහුදෙසම බලා සිටියාට..

මට තේරෙනවා බබා..ඔයාට ගෙදර දාලා එන්න දුකයි කියලා…ඒකයි මම ඔයාට මොකුත්ම කියන්නේ නැතුව හිටියේ… ඔයාටම දුක තුනී කරගන්න දීලා…

දුකයි තමයි විහග…තාත්තිලාව දාලා එන්න හිත හදාගන්න අමාරුයි තවමත්..
ඒත් මට ගොඩක් සතුටුයි ඔයා වගේ කෙනෙක් මගේ.මහත්තයා උන එකට…මම හරි වාසනාවන්තයි..

ඇය එසේ කියමින් සිනාසුනේ සිතේ දුක තුනී කරගන්නා ගමන් ය..

අන්න දැන් තමයි මගේ අරුන්දී එලියට ආවේ..ඔන්න ඔය හිනාව හැමදාම මට බලන්න ඕනේ…

ඔයාගේ ඔය ආදරේ ලග මම හැම්දාම හිනාවෙලා තමයි ඉන්නේ රත්තරන්…
එසේ කිව් ඈ ඔහුගේ උරහිසට හේත්තු වී ඉදිරිය බලා සිටියාය….

අපි කොහෙටද යන්නේ…??

ගිහාම බලා ගන්නකෝ…

හාකෝ හාකෝ….

අරුන්දී තමා ඉදගෙන සිටි අසුනට හේත්තු උනේ අද සිට අරභන නව දිවිය ගැන සිහින මවමිනි..

32 කොටසෙන් හමුවෙමු

කතාව පරක්කු උනාට.සොරී ලමයි…😢
පොඩි ප්‍රශ්නෙක හිටියේ..දැන් හරි…

හෙට හනිමූන් හොදේ😂😂😂

අරුන්ගේත් විහගගේත් විවාහ මංගල්‍යට සහභාගී වූ ඔබ සියලුදෙනාටම ස්තුති …😘😘
හෙට හමුවෙමු..
බුදුසරණයි .. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *