අරුන්දී 32 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

32 වන දිගහැරුම

💘
💘
💘
💘

කන්ද උඩරට මනරම් වූ කදු වළල්ලකින් වටවුන සොදුරු වූ පරිසරයක පිහිටි හෝටලය පෙම්වතුන් හට මදුසමය සදහාම සාදන ලද්දක් බව එයදුටු පමනින් ම හැගේ…

විහග හෝටලය ඉදිරිපිට කාරය නවත්වන විට අරුන්දීට නින්ද ගොස් තිබුනි…
ඔහු වාහනය නවත්වනවාත් සමගම ඇය මදක් ඇස් හැර බැලුවේ නිදි බර ගතියෙනි….
ඒ වන විට වෙලාව හවස හය පමන වී තිබුනි..

බබා…අපි ආවා…

විහග එසේ කියන විට ඈ දෑස් හොදින් ඇර වට පිට බැලුවේ හෝටලයේ විදුලි ආලෝකය නිසා එහි සුන්දරත්වය තවත් වැඩිවී පෙනුන නිසයි..

ඒත් එක්කම හෝටලයේ සේවකයෙක් විත් අරුන්දිගේ ආසනය පැත්තේ දොර හැරියේ ඇයට බැසීමට උදව් කරන්නටයි.

අරුන්දී විහග දෙස බැලුවේ බහින්නද කියා අසන්නාක් මෙනි…

ඇය සෙමින් කාරයෙන් බැස්ස අතර තවත් එක් සේවකයෙක් විහග සිටින දොර පැත්තට ගියේ විහගත් කාරයෙන් බසින විටදිමයි..

සර් කාර් එක පාර්ක් කරලා කී එක ගෙනත් දෙන්නම් රූම් එකට…

හරි තැන්ක් යූ..

කියමින් විහග කාරයෙන් ඔවුන් දෙදෙනාගේ ගමන් මලු එලියට ගත්තේය…

ඒ අතර අරුන්දී වට පිට බැලුවේ ඇත්තෙන්ම ඒ පරිසරය සිත් ඇද ගත් නිසාමයි…
මොහොතකින් ඇය දුටුවේ
Hotel Hunnas Falls ලෙසින් ලස්සනට හැඩ අකුරෙන් ලියන ලද බෝඩ් එකකි…

සීතල මීදුම ඇගේ වදින විට අමුතුම හැගීමක් සිත තුල ජනිත කරන්නේ මෙය මදුසමය සදහාම වෙන්වූවක් ලෙස පසක් කරන්නටයි…

අවට කලුවර නිසා එතරම් පැහැදිලිව ඈතින් පෙනෙන කදු වලල්ල නොපෙනුනත් හෝටල් භූමුයේ සුන්දරත්වය අරුන්දිගේ සිත ඇද බැද ගත්තාට සැක නැත…

යමුද?

විහග ඇගේ කන අසලටම විත් කියන විට ඇය ඔහු දෙස බැලුවෙ ඇස් දෙකේ ආදරය පුරවාගෙනයි…
සිනාසුන ඈ තම ගමන් බෑගය බිම දිගේ ඇදගෙන විහග පිටුපසින් ගමන් කලාය…

විහග රිසෙප්ශන් එකට ගොස් එහි සිටි සේවිකාව සමග කතා කරන අතර තුර අරුන්දි ඒ දෙස බලා සිටියේ මේ සිදුවූ සෑම දෙයක් ම සිහිනයක් මෙන් වූ නිසයි..

ඇය දුටුවේ ඇය සිටින දෙසට සිනහ මුහුනක් නගාගෙන පැමිනෙන විහගයි…ඔහුත් සමග හෝටලයේ සේවකයෙක්ද පැමිනෙයි…

යමු සර් ….මම රූම් එක පෙන්නන්නම්…

සේවකයා එසේ කියා ඔවුන්ගේ ගමන් මලු බිම දිගේ ඇදගෙන ලිෆ්ට් එක දෙසට යන්නට වු අතර විහග අරුන්දිගේ අතින් අල්ලාගෙන ඒ දෙසටම පියනගන්න වූයේය…

ඒ ඇස් දෙකේ කියාගන්නට නොහැකි තරමේ වූ හැගීමක් ගැබ්ව ඇති බව අරුන්දී තේරුම් ගත්තේ ඔහු විසින් අල්ලාගෙන සිටින ඇගේ අත විටෙන් විට තදින් මිරිකන්නට වීමත්
සමඟයි .

ලිෆ්ට් එකෙන් එලියට ආ ඔවුන් තිදෙනා කොරිඩෝවක් දිගේ ඉදිරියට යන්නට වූ අතර හෝටල් සේවකයා කාමරයක දොරක් අසල නැවතුනේ ඔවුන් දෙදෙනා දෙස බලන ගමන්‍ ය..

සර් රූම් එක…

තෑන්ක්ස්…..

ආහ් සර් මෙන්න කර් එකේ කී එක… මොනවහරි අවශ්‍ය නම් කතා කරන්න…

විහග කලිසම් සාක්කුවට අත දමා පසුම්බිය හැර සේවකයාට ටිප් එකක් දුන් අතර
ඔහු මද සිනහවක් නගාගෙන එය අතට ගෙන සාක්කුවේ දමාගෙන එතනින් නික්මුනි..

විහග අරුන්දී දෙස බැලුවේ දොරේ අගුලට යතුර දා කරකවන ගමන්මයි…

ඔහු දොර අරිනවාත් සමගම කාමරයේ විදුලි බුබුලු දැල්වුනේ මුලු කාමරයම එලිය කරමින් ය..

තවමත් කාමරේ දොරකඩ සිටි අරුන්දීගේ ඇස් එක් වරම කාමරය වෙතට යොමු උනේ එහි සුන්දරත්වයට වශී වූවාක් මෙනි…

ඇය විහග දෙස බලා එක් අතකින් මුව වසා ගත්තේ ඒ තරමටම එම කාමරය සුන්දර වූ බැවිනි…

ඇගේත් විහගගේත් ජීවිතේ සුන්දරම දිනය මෙලෙසින් සුන්දර වූ කාමරයක ගත කරන්නට හැකී වීම පිලිබද සිතේ ඇතිවුන සතුටත් සමගම ඇය සෙමින් අඩිදෙකතුනක් ඉදිරියට ගියේ ඇස් වලින් ඒ සුදරත්වය විදින ගමන් ය..

සුදු ඇද ඇතිරිල්ලක් දමා ඉතා පිලිවෙලට සකස් කර තිබූ ඇදේ රෝස පෙති වලින් සාදන ලද හදවතේ හැඩයේ සැරසිල්ලකි..
එය මැද එකට වෙලී සිටිනා හන්ස ජෝඩුවක් සාදා තිබුනේ සුදු පාටම රෙදි උපයෝගී කරගෙනයි..

ඊට අමතරව මුලු ඇදේම තැනින් තැන රෝස පෙති ඉස තිබූ නිසා මූලු කාමරයම අමුතුම නැවුම් සුවදකින් සුවදවත් වී තිබුනි..

පසෙකින් කණ්ණාඩි මේසයක්ද අනෙක් පසින් විශාල කණ්ණාඩයක්ද මුලු බිත්ති දෙකක්ම වසාගෙන තිබුනි..කොයි පැත්තෙන් බැලුවත් ඔවු නොවුන් දැකගත හැකි අන්දමට එම කාමරය සකසා තිබුනි…

ඇද දෙපස තිබෙන කුඩා මේස දෙකේම තබන ලද මනරම් මේස ලාම්පුදෙකක් වූ අතර එක මේසයක් උඩ නා නාවිද පලතුරු වලින් පුරවන ලද පලතුරු කූඩයක් ද දක්නට විය..

පසෙකින් රතු වයින් බෝතලයක්ද වූ අතර මුලු කාමරයම අමුතුම ලෝකයකට ගෙනගියාක් මෙන් හැගීමක් දනවන ලෙසින් අලන්කාර කොට තිබුනි…

එක් වරම අරුන්දිට ඇසුනේ දොර වැසෙන හඩයි..

ඇය හිස හරවා ඒ දෙස බලන විට විහග දොරේ අගුල කරකවා ඇය දෙස බලාගෙනම ඈ වෙතට ආවේ හැගුම් දහසක් හිතේ පුරවාගෙනයි…

ඇයත් ඔහු දෙසම බලා සිටියේ අද දිනයේ ඔහුගේම පතිනිය වන්නට ඇය සිතෙන් මෙන්ම ගතින්ද බැදී සිටි නිසයි…

විහග ඈ දෙසට පැමින ඇයව ඉන දෙපසින් අල්ලා තම සිරුර වෙතට ලන් කරගත්තේ ඒ ඇස් දෙස බලාගෙනමයි…

තරුන සිත් දෙකක් …ආදරය කරපු හදවත් දෙකක්…
මෙවන් වූ කාමරයක මෙලෙසින් තනිවන ප්‍රථම රාත්‍රියක තරුන යුවලගේ සිත් තුලින් මොරගාන ඒ අනුරාගී හැගීම ඔවුන් දෙදෙනාගේ සිත් තුලද බුර බුරා නැගුනේ ඒ මොහොතෙයි…

අරුන්දීන් තම අත් දෙකෙන්ම විහගගේ බෙල්ල බදා ගෙනඔහු දෙස බලා සිටියේ ඒ ඇස් කවදත් ඇයව උමතු කරවන්නට සමත් වූ නිසයි…
විහග කතා කරන්නට විය….

බබා….අද ඉදන් ඔයයි මමයි දෙන්නෙක් නෙවෙයි එක්කනෙක්….තේරුනාද….?

අරුන්දී හිස වැනුවේ එය පිලිගත්තාක් ලෙසිනි..

දෙදෙනාගෙම ශරීර උනුසුම දෙදෙනාටම දැනෙන්නට වූ නිසාත් විහගටත් අරුන්දිටත් දවසක් මුලුල්ලේ හිත තුල හිරකරගෙන සිටි ඒ හැගීම දොර ගලන්නට එතරම් වෙලාවක් ගත නොවුන නිසාත් ඔහු සෙමින් පහත්ව ඇගේ දෙතොල් සිප ගත්තේ සිනිදු මල්පෙත්තක් සිප ගන්නාක් මෙනි…

අරුන්දී ඔහුගේ ග්‍රහනය එන්න එන්නම වැඩි වන බව දැනී එක් අතක් ඔහුගේ පපුවට තබා නැවැත්වූයේ තොල්පට සපාගන්නා ගමන් ය.

වොශ් දාන්නේ නැද්ද මහත්තයෝ ….

ඔහු ඈ දෙස බලා සිටියේ කට තද කරගෙන මද සිනහවක් නගාගෙනයි…

තාත්තිට කතා කරන්නත් ඕනේ…වොශ්දාන්න ඕනේ..බඩගිනී..කන්නත් ඕනේ..ඊට පස්සේ……ඕනේ දෙයක්….

ඔහු දෙසම බලාගෙන අරුන්දී පොඩි එකියක මෙන් හුරතලයෙන් කීවේ විහගගේ නහයත් මිරිකා එතනින් ඉවත් වනවාත් සමගයි…

ඔහු ඈ දෙසම බලාගෙන ඇදන් සිටි කලු පාට කෝට් එක ගලවන්නට වූයේ හිසත් සොලවන ගමන් ය…

හරි ඔය ඔක්කොම ඉවර උනාම අල්ලගන්නම්කො මම….

කියමින් විහග අතේ බැදි ඔරලෝසුව ගලවා කණ්ණාඩි මේසය මත තැබුවේය..

ඇය කණ්ණාඩය ඉදිරිපිටට ගොස් ඒ තුලින් ඔහු දෙස බලාගෙනම කනේ දමා තිබූ කරාබු දෙක ගැලෙව්වේ සිනහව තද කරගෙනයි..

ඇය එකින් එක ආභරන ගලවන දෙස බලා සිටි ඔහු කමිස අත් දෙකේ බොත්තම් දෙක ගලවා එය වැටමිට තෙක් උස් කොට පිටුපසින් විත් ඇයව බදාගත්තේ එක් අතකින් ඇගේ කොන්ඩය පසෙකට කර ඒ උරහිසේ නිකට තබා ගනිමිනි..

මොනවද බලන්නේ…??

ඇය කණ්ණාඩිය තුලින්ම ඔහු දෙස බලා ඇසුවේ ඉන වටා ඇති ඔහුගේ අත් දෙක ඇගේ දෑතින්ම අලාගෙනයි…

ලස්සන…….

තව…..

තව ඉතින් දේවල් තියෙනවා…ඔයාද මමද වොශ් දාන්නේ ඉස්සරවෙලා..??

ඔයා දාගෙන එන්න….මට වෙලා යයි මේවා ගලවන්න….

මම ගලවන්නම්…..
එසේ කිව් විහග ඇගේ බෙල්ලට පෝරුව මතදී ඔහු දැමූ මංගල මාලය සෙමින් කොක්කෙන් පන්නා ගැලවූයේ ඇගේ බෙල්ලට හාදුවක්ද දෙන ගමන්‍ ය..

ඇගේ මුලු ඇගම හිරිවැටී ගියේ මේ රාත්‍රිය ඔවුන් දෙදෙනාටම පමනක් වෙන්වූවක් බව සිහියට නැගෙත්මයි..

ඉන් පසු ඇය ඇද සිටි ගවුමේ පිටුපස පියවන ලද සිප් එක ටිකෙ ටිකෙ ගලවන්නට වූ විහග ගවුම තුලින් නිරාවරනය වන ඒ ස්වේත වර්න පිට පෙදෙස දෙස බැලුවේ මැඩගත නොහැකි ආශාවකිනී..

හා හා නෝටියා…යන්නකෝ වොශ් දාගන්න…මම ගලවගන්නම් මේක…
ඇය ඔහුව තල්ලු කර දමා සිනාසුනේ අතකින් මුව වසාගෙනයි..

නෝ ලේඩිස් ෆස්ට්..ඔයා වොශ් දාගන්න එහෙනම්.මම ඩිනර් ඕඩර් කරන්නම් බබා…

හරි හරි එහෙනම් මම වොශ් දාගෙන එන්නම්කෝ…

අරුන්දී තම ගමන් බෑගය හැර එයින් තුවායත් දුහුල් වූ රෑ ඇදුමත් එලියට ගත්තේ ඉක්මනින් නාන කාමරය වෙත යන්නටයි..

ඇය නානකාමරයට ගොස් දොරවසාගන්නා අයුරු බලා සිටි විහග මද සිනහවක් පා දුරකතනය අසලට ගොස් එහි රූම් සර්විස් ඇමතුවේ රාත්‍රී ආහාරය කාමරේට ගෙන්වා ගැනීමටයි…

සීතල අනුරාගී හැගුම් දනවන පරිසරයක හෝටල් භූමිය පිහිටි නිසා ගතට දරාගත නොහැකි සීතලක් දැනෙන්නට වූ හෙයින් දවසේ වෙහෙස නිවාගන්නට බොහෝ වේලාවක් ඇය උනු වතුර මල යට සිටගෙන සිටියේ දෑස් පියාගෙනයි…

වසර තුනක කාලයකට පසු තම ආදරවන්තයාගේ ප්‍රියම්භිකාව වී ඔහුත් සමග මේ ගෙවන ප්‍රථම රාත්‍රිය ඇගේ සිත්ත් ගතත් දෙකම පුබුදන්නට සමත් විය…

මෙලෙසින් ජීවිතේ ප්‍රතමවරට පිරිමියෙකු හා කාමරයක තනිවන්නට වීම ඇගේ සිතටද නුහුරු හැගීම් මතු කලේ මුලු ඇගල හිරි වට්ටමිනි…

ඇය ලා රතු පැහැයට හුරු නිදන ඇදුම ඇදගෙන ඊටම ගැලපෙන ඔවර්කෝට් එක එයට උඩින් ඇදගෙන නානකාමරෙන් එලියට ආවේ තෙත කොන්ඩය තුවායෙන් පිසින ගමන් ය..

ඈ දොර අරින විට විහග දොර අසල සිටියෙන් ඇය තිගැස්සි ගියාය…

ම්ම්ම්ම් මේ මොකෝ…..?

උදයේ පිපි මලක් මෙන් තෙත කොන්ඩය පිස දමමින් එලියට එන ඈ දුටුවනම විහගගේ සිත කියාගත නොහැකි හැගීමකින් ඈ වෙත ඇදෙන්නට වූ නිසා ඇයගේ සුන්දරත්වයට වශී වූවාක් මෙන් ඈ දෙසම බලා සිටින්නට විය…

කෝ කෝ අයින් වෙන්න….. ඇය එසේ කියමින් ඔහුව තල්ලු කලේ අතේ රැදි තුවායත් සපාගෙන සිනාසෙමිනි…

ඒ මොහොතේ විහග ඇගේ අතකින් අල්ලා තමා වෙතට ඇද ගත්තේ ඒ ඇස් දෙසම බලාගෙන කිසිත් නොකියාමය…

කොහෙද දුවන්නේ??
ඔහු ඇසුවේ රහසින් මෙනි.

මේ මේ යන්න යන්න හඩ්ඩා වෙන්නේ නැතුව…
අරුන්දී ඔහුව තල්ලු කර නාන කාමරයට දැමා ඇය ඉවතට දිව ගියේ පොඩි ලමයෙක් මෙන් දගකාර ලෙසිනි…

බලමුකෝ දුවලා බේරෙයිද කියලා….. ඇවිත් අල්ලගන්නම්කෝ ඇරියසුත් එක්කම..

කිව් විහග දොර වසාගත්තේ මුවෙන් විසිල් එකකින් ගීතයක්ද මුමුනමිනි..

😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

සීතල පරිසරය තවත් සීතල කරමින් ඇදහැලෙන්නට පටන් ගත් පොද වර්ශාව ක්‍රමයෙන් මහා වර්ශාවක් වන්නට එතරම් වේලාවක් ගියේ නැත…

රාත්‍රී ආහාරය ගත් විහගත් අරුන්දීත් බැල්කනියට වී එලිය බලා සිටියේ මෙතෙක් දුර ඔවුන් ආ ගමනේ සොදුරු තැන් මතක් කරමින්ය…

එක් වරම ඇදහැලුන වර්ශාව නිසා ඒ දෙසම බලාසිටි අරුන්දී ඉදගෙන උන් තැනින් සෙමින් නැගිට ගොස් ඉදිරිපස වැට අලාගෙන වැස්සේ අසිරිය විද ගත්තේ ගතට දැනුන සීතලත් සමගිනි..

යුවලකගේ මදුසමය ගත කරම මෙවැනි ප්‍රතම රාත්‍රියක ඇග හිරිගඩු නන්වමින් කඩා හැලෙන වර්ශාවට තරුන සිත් මත් කරවන්නට එතරම්වෙලාවක් නොගියේ ඒ නිසයි..

විහග ඉදගෙන සිටි තැනම සිට අරුන්දී දෙස බලා සිටියේ හිත ගිනියම් වන හැගුම් දහසක් සමග පොර බදිමිනි..

ඇය ඇද සිටි දුහුල් රෑ ඇදුම අවට සුලගත් සමග ඇගටම ඇලෙන්නට තරම් වූ නිසාත් විනිවිද පෙනෙන රාත්‍රී ඇදුම හරහා ඇගේ සිරුරේ සියුම් රේකා දකින ඔහුට ඔහුගේ සිත පාලනයකරගත නොහැකිව උන් තැනින් නැගිට්ටේය..

සෙමින් ඔහු ඇය වෙත ගොස් පිටුපසින් ඇයව බදා ගත්තේ තවත් තත්පරයක්වත් ඇගෙන් ඈතට වී සිටීමට ඔහුගේ සිත අවනත නොවූ නිසයි..

ඔහුගේ උනුහුම් සුසුම් වල පහසින් අමන්දානන්දයට පත් ඈ ඔහුගේ වතට බර වූයේ දෑස් දෙක අඩවන් කරගන්නා ගමන් ය..

විහග ඇගේ නිරාවරනය වූ ගෙල පෙදෙස සිප ගත්තේ ඇයව තවතවත් තම සිරුරට ලන් කරගන්නා ගමන් ය..

අනතුරුව ඇයව සෙමින් ඔහුගේ මුහුන දෙසට හරවාගත්තේ මේ රාත්‍රියේ ඇගේ සම්පූර්ණ අයිතිකරු තමා බව සිතමිනි.

ඔහුට අවනත වූ ඇය අත් දෙකෙන්ම ඔහුගේ ගෙල බදා ගත්තේ අද ඔහුගේම පතිනිය වන්නට තමන් සූදානම් බව කියන්නට මෙනි..

විහග ඇගේ රෝස පැහැ දෙතොල් මත ඔහුගේ වෙව්ලන දෙතොල් තැබුවේ මුලු ආත්මයම ඇය කෙරෙහි බැදුනාම මෙන් හැගීමෙනි..

අනතුරුව නැමී ඇයව තම දෝතට වඩාගත්තේ අවට වර්ශාවත් සීතලත් නිසා තවත් සිතේ හටගත් අනුරාගී හැගීම පාලනය කරගන්නට නොහැකිවා සේයි…

ඔහු ඇයව කාමරය තුලට ගෙන ආවේ ඉතා පරිස්සමින් ඇගේ මුහුන දෙසම බලාගෙනයි..
ඒ ඇස් වලින් ඔහු කියන්නේ කුමක්දැයි තේරුනාක් මෙන් ඇයද ඔහුගේ දෑස් දෙසම බලා සිටියේ බිරිදක වශයෙන් අද දින ඇගේ අයිතිය ඇත්තේ ඔහුට බව පසක් කරවන්නට මෙනී…

පූජාසනයක් මත මල් වට්ටියක් තබන්නාක් මෙන් විහග ඇයව රතු පාට මල් අතුරන ලද සයනය මත තැබුවේ ඒ ඇස් වලින් තම ඇස් ඉවතට නොගෙනමයි…

එහෙම්මම ඇයව ඇදේ හාන්සි කරවූ ඔහු තමා ඇදගෙන උන් නිල් පාට ටීශර්ට් එක ගැලවා ඇය මැදි කොට තම අත දෙක දෙපසට දමා ඇදෙන් ඉදගත්තේ තම සුන්දර බිරිද කෙරෙහි ඇතිවූ ලෝබ වූ සිතත් සමගිනි…

ජීවිතේ ප්‍රථම වරට පිරිමියෙක් සමග ගත කරන මේ රාත්‍රිය අරුන්දිගේ හදගැස්ම වැඩි කරන්නට සමත් වූවාට සැක නැත…

ඇය තමා ඉදිරියේ උඩුකය නග්නව තමුන් දෙසම බලා සිටින තම සැමියා දෙස බැලුවේ ඒ වන විට ඇගේ සිත ද ඔහුගේ පහස ඉල්ලූ නිසයි…

මේ සීතල අතුරින් තරුන හදවත් දෙකම ඉල්ලා සිටියේ උනුසුම් හෝරාවකි….
ගිනියම් වන හැගීමුත් සමග තවත් පෙරලි කරන්නට අකමැති වූ විහග සෙමින් පහත්ව ඇගේ මුහුනත් ගෙලත් සිපගත්තේ තවත් මොහොතක් වත් අපතේ යවන්නට සිත මැලි වූ නිසයි…

ක්‍රමයෙන් ඔවුන්ටත් නොදැනීම ඇදගෙන උන් ඇදුම් ඇගෙන් ඉවත්වූ අතර දගකාර ලෙසින් ඇයගේ සිරුර පුරාම දිවයන විහගගේ අතේ පහස ඈ ඇයටත් නොදැනීම දෑස් දෙක පියාගෙන විදගැනීමට වූයේ තව තවත් ඔහු දෙසටම ලන් වන ගමන්‍ ය..

ඇගේ පිරුන ලමැදත් සිනිදු සමේ පහසත් මත් වූ ඇගේ දෑසත් රක්ත වර්ණ වු දෙතොලත් මෙන්ම උනුසුම් හුස්මත් විහගගේ සීමාවන් ඉක්මවා යන්නට සමත්වූ අතර දෙදෙනෙකුගේ ප්‍රථම රාත්‍රියක ඔවුනොවුන්ගේ සිත් අයදින ඒ සුන්දර අත්දැකීම ඔවුනුත් විදගත්තේ සිතෙන් මෙන්ම ගතින්ද ආදරේ නාමයෙන් දෙදෙනාම එක් අයෙක් ලෙසින් ඔවුන්ගේ ආදරයට අලුත් අර්ථයක් ලබාදෙමිනි…

ඒ ප්‍රථම හැගීම ගැහැනියක් හට කොතරම් වේදනාකාරී වුවත් ඒ මිහිර ඈ විදගනිමින් අවසානයේ ඔහුදෙස බලා මද සිනහවක් නැගුවේ මෙතැන් පටන් ඔහුගේම පතිනිය බව පසක් කරන්නට මෙනි…

ඔහු ඒ මුහුන දෙස බලා සිටියේ උතුරායන සෙහෙනසත් ආදරයත් පිරුන හදවතින් වූ අතර ඇගේ දිලිසෙන දෑසට බර වැඩි වූ වේදනාවත් සතුටත් යන දෙකම මිශ්‍ර වූ කදුලු බිදුවක් ඇස් අගින් ගලාගෙන යනු දුටු ඔහු සෙමින් පහත්ව එය සිප ගෙන ඇගේ ගෙලෙහි හිස රුවා ගත්තේ ඇගේ උනුසුමින් තවත් ඈතට යාමට සිත නොදුන් නිසායි…

33 කොටසෙන් හමුවෙමු😀 ..

සැර වැඩිද මන්දා😂😂😋😋
අද මූලු කොටසම හනිමූන් එකටම ගියා අප්පා..😍

අනේ යාලුවනේ පොඩි දෙයක් කියන්න ඕනේ…මේ කොටස නම් කලින් ලියලා තිබුන නිසා අද දාන්න පුලුවන් උනා…ඒත් දවස් දෙකක් විතර මට කතාව දාන්න වෙන්නේ නෑ…
මගේ හස්බන්ඩ් හොස්පිට්ල් එකේ… ඇක්සිඩෙන්ට් එකක් උනා ඊයේ…😢😢

අනේ එයාට ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න හොදේ..😢

කතාව ලියන්න තරම් මානසිකත්වයක් නෑ යාලුවනේ…..

සමාවෙන්න ඔයාලගේ රසවින්දනයට භාදාවක් වෙනවට…තව දවස් තුනකින් කතාව ආයෙම දාන්නම් කමක් නෑනේ…🤔🤔

එහෙනම් හෙට හම්බවෙමු කියන්නේ නෑ අද මම….
බුදුසරණයි ඔයාලට.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *