අරුන්දී 34 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)
34 වන දිගහැරුම
සමරදිවාකර ගෲප්ස් හී රැස්වීම කාමරය විධායක නිලදාරීන් ගෙන් පිරී ගියේ එදිනට කැදවූ විශේෂ රැස්වීම නිසයි…
සියලු දෙනාම රවුම් මේසයේ ඉදගත් පසු සමරදිවාකර මහතා අතකින් ටයි පටිය හදමින් ඉදගෙන සිටි අසුනෙන් නැගිට්ටේ කතාවකට මුල පිරීමට මෙනි…
අරුන්දීද ඔහුට පසෙකින් තිබූ පුටුවෙහි ඉදගෙන සිටියේ අද දින ඇයට සුවිශේෂී වූ නිසාමයි…
මන්ද අද ඇය සේවයට වාර්තා කල ප්‍රතම දිනය වූ නිසයි…
ඇය කහ පාට සාරියකින් හා ඊටම ගැලපෙන හැට්ටයකින් සැරසී සිටියේ කාගෙත් අවදානය දිනා ගනිමිනි…
ඇයට උපතින්ම උරුම වූ ස්වේත වර්න සමේ පැහැය ඇයගේ සුන්දරත්වය මැනවින් ඔප් නන්වන ලදී..
තම පියා දෙසම ඈ බැලා සිටියේ ඔහු කීමට යන්නේ කුමක්දැයි කුතුලය පිරුන දෑසිනි…
සුබ උදෑසනක් සියලුම දෙනාට… අද දවසේ මම විශේශ රැස්වීමක් කැදවන්න මූලිකම හේතුවත් තියෙනවා… ඒතමයි අද මම අපේ ආයතනයේ Assistant director නම් කරන්න තීරනය කලා…
මම හිතන්නේ ඔයාලා දැනටමත් දන්නවත් ඇති ඒ කව්ද කියලා…
මම තීරනය කලා මගේ දුව අරුන්දී සමරදිවාකර මේ ආයතනයේ Assistant Director හැටියට නම් කරන්න…
කාටවත් ඒ ගැන යමක් ප්‍රකාශ කරන්න තියෙනවද..?
ඔහු පිරිස දෙස උවමනාවෙන් බැලුවේ එක් එක්කනා දෙසම වෙන් වෙන් වශයෙන් බලන ගමන් ය..
එහෙත් කිසිවෙකුගෙන් ප්‍රතිචාරයක් නොලැබුන තැන ඔහු නැවතත් කතා කලේ අතකින් ටයි පටියේ ගැටය හදන ගමන් ය..
හොදයි මේ ගැන කාගේවත් විරුද්දත්වයක් නෑ කියලා හිතනවා..එහෙනම් හෙට අරුන්දී ඔයා මේ ආයතනයේ වැඩ භාර ගන්න..
එසේ කිව් සමරදිවාකර අරුන්දී දෙසට හැරී අතට අත දුනේ සිනහ මුසු මුහුනෙනි..
පසුව අනෙක් සියලු දෙනාද නැගිට විත් ඇයට අතට අත දුන්නේ සුභ පතනා ගමන් මයි…
මොහිතකින් රැස්වීම අවසන් වූ අතර පිරිස විසිර ගිය පසු කාමරයේ ඉතුරු වුනේ සමරදිවාකරත් අරුන්දීත් පමනි…
දුව….මම හිතනවා දුව මේ වැඩේ ඉදිරියට හොදින් කරගෙන යයි කියලා… මම අද දුවට මගේ හිතේ තියෙන තීරනෙත් කියන්නම්…
මොකද්ද තාත්තී..?
මේකයි මේ බිස්නස් එක මම ගොඩක් පොඩිවට පටන් ගත්තේ…ඒකට ඔයාගේ අම්මාත් ගොඩක් උදව් උනා..ඒත් මේකේ ප්‍රතිපල බලන්න එයා අද නෑ…
ඉතින් මම හිතුවා මේ බිස්නස් එක ඉදිරියේදී දුවට භාර දෙන්න…ඒකට ඔයාගේ අම්මත් සතුටු වෙයි … එයාගේ මහන්සියට වටිනාකමක් ලැබුනා කියලා…
අනේ තාත්තී එතකොට විභාශා?
එයාට අසාධාරණයක් වෙන්න තියන්නේ නෑ දූ..ඒත් මේ බිස්නස් එක ඔයා තමයි ඉස්සරහට ගෙනියන්න ඕනේ…නන්ගි ගැන මම හිතලා තියෙන්නේ…
ඒත් තාත්තී….
මම දන්නවා දුව කියන්න හදන්නේ චන්ද්‍රා මේකට කැමතිවෙයිද කියලනේ…
එයාගෙත් මුලදි නම් මේක විභාශට පවරගන්න අදහසක් තිබුනා..
ඒත් ඒකට මම අකමැති කියල එයා දන්නවා දැන්..
නන්ගිට අසාධාරණයක් කරන්නේ නෑ දූ මම..
අනේ මන්දා තාත්තී තාත්තගේ කැමැත්තනේ…
මම මේ වැඩ වලින් නිදහස් වෙන්න ඕනේ දූ..මට කියලා කොල්ලෝ නෑනේ බිස්නස් භාර දෙන්න..ඉතින් මම කැමති මගේ ලොකු දුඉ මේ වගකීම භාරගන්නවානම්…
එසේ කිව් ඔහු ඇයගේ පිටට තට්ටුවක් දමා ඇයව තුරුලට ගත්තේ සැහැල්ලු සිනහවක් නගාගෙනයි…
අරුන්ශීත් ඔහුට තුරුලු වූයේ එතරම් වගකීමක් ගන්න තමාට පුලුවන් දැයි සිතෙන් සිතන ගමන් ය…
අරුන්දී එදින කාර්යලයේ සිට නිවසට පැමිනියේ තරමක් වෙහෙසකිනි..ඇය ඉක්මනින් ම ඇග පත සෝදා රාත්‍රී ආහාරයද පිලියල කර රූපවාහිනිය දමා ගත්තේ විහග එනතුරු මදක් විවේකිව සිටීමටයි..
ඇය ඇමතුම් කීපයක් ඔහුට ගත්තත් ඔහු ඒ එකකටවත් කතා නොකල නිසා ඔහේ රූපවාහිනිය දෙසම බලා සිටියේ නිදි බර දෑසිනි..
ඇය බිත්ති ඔරලෝසුවේ වෙලාව නවය වී ඇති බව දුටුවත් ඒ වන තුරුත් විහග නොපැමිනි නිසා කුසගිනි දැනුන නිසාත් තනිවම රාත්‍රී ආහාරය ගත්තාය..
අනතුරුව නැවතත් සාලයට ආවේ රූපවාහිනිය නැරබීමටයි…
දවසේ වෙහෙසත් නිසාම ඇයට ඉදගෙන සිටි සෝෆාවේම නින්දගියේ රත්‍රී දහයයි තිහට පමනයි…
විහග ඒ මොහොතේ නිවසට පැමිනි අතර ඉදිරිපස දොර අගලූලා නොමැති වීම නිසා ඔහු ්දොර ඇරගෙන නිවස තුලට ආවේය..
එහිදී ඔහු දුටුවේ අරුන්දී සෝෆාවේ සැප නින්දේ පසුවන බවයි..
ඇය ඇදගෙන සිටින රෝස පැහැ සිල්ක් නයිට් ගවුම ඇගේ දන හිසෙන් තරමක් ඉහලට එසවී තිබූ නිසා ඇගේ පිරුනු කලවා නිරාවරනය වී තිබුනි..
විහග ඈ දෙස බලමින්ම ටයි පටිය බුරුල් කරමින් කාමරයදෙසට ගියේ සිනහවක්ද නගාගෙනයි..
මද වේලාවකට පසු ඔහු නැවත සාලයට පැමිනියේ මුහුන කට සෝදා අලු පැහැ ශර්ට් එකකින් හා කලු පැහැ කලිසමකින් සැරසීගෙනයි..
ඔහු සාලයට එන විටත් ඇය් පෙර සේම නිදා සිටි අතර බල්බ් එලියෙන් ඇගේ මුහුනත් ගෙලත් ආලෝකමත් වී තිබීමත් ඈ තුලින් යම් සුන්දරත්වයක් පිලිබිබු වීමත් නිසා විහගගේ සිත තුල ඈ කෙරෙහි අනුරාගී හැගීමක් ඇති වීමට එතරම් වේලාවක් නොගියේය්..
ඔහු සෙමින් ඈ සිටි තැනට පැමින ඇගේ මුහුන අද්දර දන නමා වාඩි වූයේ ඇගේ මුහුන දෙස බලාගෙනමයි..
පියවී තිබෙන දෑස් දෙක මදක් සෙලවුනේ ඇය නින්දේ දකින සිහිනයක් නිසාවෙන්දෝයි ඔහු සිතු අතර සෙමින් තම දකුනත ඔසවා ඇගේ මුහුනට වැටුන කෙස් රොදක් ඉවතට කලේය..
ඒ ඇසිල්ලෙන් ඇය ගැස්සී ඇහැරුනේ බියපත්වූ දෑසිනි…
ඔයා කොයි වෙලේද ආවේ??
තමා දෙස බලා සිටින සැමියා දෙස බලා ඈ ඇසුවේ කෙලින් වී ඉදගන්නා ගමන් ය…
දැන් කොච්චර වෙලාද මං ඇවිත්…ගෙට හොරු පැන්නත් මෙච්චම තමයි ඉතින්…
ඔහු බොරු තරහක් මවාගෙන කීවේ කටත් තද කරගෙනයි..
අනේ මහන්සියට නින්ද ගිහින් බබා….
හොද මහන්සිය…පිස්සුද දොරවලුත් ඇරගෙන.මෙහෙම නිදියන්න…
අරුන්දී සිටි අයුරින්ම ඔහුගේ ගෙල වටා ඇගේ දෑත් දෙක පටලා ගත්තේ ඔහුගේ මුහුනට එබෙන ගමන් ය…
කේන්ති ගියාද??
ඔහු කිසිවක් නොකියා ඇගේ දෑත් දෙක පසෙකට දමා එතැනින් නැගිටින විට ඈ ඔහුගේ එක් අතකින් අල්ලා නතර කලේය.
තරහද??
නෑ….
නෑ නෙවේ..තරහා ගිහින් වගේ….
ඔහු ඈ දෙස නොබලාම රිමෝට් එක ගෙන ටීවී එක ඕෆ් කලේය…
දොස්තර මහත්තයාට තරහගිහින් වගේ…හරි හරි මම වැරැද්ද පිලිගන්නවා..දෙන ඕනේම පනිශ්මන්ට් එකක් සතුටින් භාර ගන්නවා…
ඇය ඔහු දෙස බලාගෙනම කීවේ කෙලිලොල් ලෙසිනි..
විහග කවදත් ඇගේ ඒ ගතියට ප්‍රිය කල බැවින් පිටතට පැනීමට ආ සිනහව වලකාගත්තේ අමාරුවෙනි..
කෝ ඉතින් යාලුද..?
හ්ම්ම් ඕනේම පනිශ්මන්ට් එකක් භාර ගන්නවනේ..එහෙනම් ඉවසගෙන ඉන්න හරී.
එසේ කිව් ඔහු ඇයව එක වරම දෑතට ඔසවා ගත්තේ තොල්පටත් සපාගෙනයි..
අනේ මේ මේ බිම තියන්න .වැටෙයි මාව..
ඇයි දැන් කිව්වේ ඕනේම පනිශ්මන්ට් එකක් භාර ගන්නවා කියලා..මොකෝ දැන් කෑ ගහන්නේ??
මේ මේ ඔයා මොකක් ගැනද මේ කියන්නේ…
ඇය කකුල් ගසමින් ඔහුගේ ගෙල බදාගෙන දගලන්නට විය..
බලාගෙන ඉන්න….
ඇය ඒවන විටත් ඔහුට අවශ්‍ය කුමක් දැයි තේරුම් ගෙන සිටියාය.. ඔහුගෙන් බේරුමක්ද නොමැති බව දැනගත් ඈ නිහඩ වී බලා සිටියේ ඔහුගේ මුහුන දෙසයි…
මේ වන විටත් විහග ඇයවත් ඔසවාගෙන නිදන කාමරය වෙතට ඇවිත් සිටි අතර ඇයව ඇදෙන් තැබූ ඔහු එහෙමම ඇගේ මුහුනට එබුනේ තවත් ඇයට කිසිවක් කතාකිරීමට ඉඩ නොතබාය…
මෙලෙසින් ආදරණීය අනුරාගී හෝරාවකින් පසුව අරුන්දී විහගගේ පපුවේ ඇගිල්ලකින් රේකා අදිමින් සිටියේ කතාවකට මුල පිරීමට මාන බලමින් ය…
බබා..
ම්ම්…
අනිද්දා කම්පැනි එකේ ගෙට්ටුගෙදර් එකක් තියෙනවා හිල්ටන් එකේ…
ඒ මොකටද?
අවුරුද්දට සැරයක් ඔක්කොම කම්පැනි එහෙම එකතු වෙනවා..
ගිය හැමසැරේම තාත්ති තමයි පාටිසිපේට් කලේ..
ඒත් මේ සැරේ තාත්ති කිව්වා මට යන්න කියලා එක්ස්පීරියන්ස් එකක් ගන්නත් එක්ක..
හ්ම්ම්…ඉතින් දැන් මොකද්ද කියන්න හදන්නේ??
ඔහු ඇසුවේ ඇගේ හිසකෙස් අතර ඇගලි යවමිනි..
නෑ ඉතින් ඔයා රෑ ගමන් වලට ආසත් නෑනේ.ඒකයි මම අහන්නේ යන්නද කියලා…
නොයා බැරි එකක් නේද ඒක?? රෑ ගමන් නම් ඕනී නෑ..ඒත් තාත්තා කිව්ව නම් යන්න..කමක් නෑ…
එහෙනම් මම යන්නද බබා ඒකට…
හා හා… දැන් නිදාගමු… මට නිදිත් මතයි…
ඇගේ හිසට හාදුවක් දුන් ඔහුඅනෙක් පස හැරී නිදා ගත්තේ වෙහෙස නිසාමයි.. අරුන්දීද ඔහුට තුරුලුව නිදාගන්නට සැරසුනේ අනිද්දා පවතින උත්සවය ගැන සිතමිනුයි…
අරුන්දී රෝස පැහැ සාරියකින් හා ගොල්ඩ් පාට හැට්ටයකින් සරසුනේ හිල්ටන් හෝටලයේ පවතින ප්‍රිය සම්භාශනයට සහභාගී වීම සදහායි…
ඇයට උපතින් උරුමව තිබූ ස්වේත වර්න සම නිසා ඇගේ ලස්සන තවත් ඔපමට්ටම් වී පෙනෙන්නට විය..
කඩා දමන ලද කොන්ඩය ඇයට කවදත් මුහුනට ලස්සනක් එක් කල නිසා ඇය කන්නාඩිය ඉදිරි පිට සිට තම කොන්ඩය මනාව් පීරා එක් උරහිසක් වැගෙන ලෙස එය ඉදිරිපසට දමා ගත්තේ තම සුන්දරත්වය බලන ගමන් ය..
මනාව පිලිවෙලකට ඇගේ ඇග වට එතී තිබෙන සාරිය නිසා ඇයගේ ඇගේ හැඩය වඩාත් ඉස්මතුව පෙනෙන්නට විය..
ඇය මේකප් එකක්ද මුහුනට දමාගෙන ලිප්ස්ටික් තොල් දෙක මත තවරාගත්තේ කන්නාඩියෙන් මුහුන බලාගෙනමයි..
බිත්තියේ ඇති ඔරලෝසුවේ වෙලාව හය හමාර වීඇති බව් දුටු ඈ කැබ් රතයකට ඇමතුමක් ගත්තේ හත වන විට හෝටලයට යාමට තිබූ බැවිනි…
රාත්‍රී හත වන විට ඇය හිල්ටන් හෝටලය අසලට ආ අතර ඇය කැබ් රියෙන් බැස වට පිට බැලුවේ ඇයට මේ අවස්තාව තරමක් නුහුරු බවක් ගෙනදුන් නිසයි…
ඇය සෙමින් ඇතුලට යන්නට වූයේ පිලිගැනීමේ නිලදාරිනියටත් මද සිනහවක් නගාගෙනයි..
මෙලෙසින් ලිෆ්ට් එක අසල්ට ගිය ඈ එහි ඉහලට ඇති බට්න් එක ඔබා බලා සිටියේ ලිෆ්ට් එක පහලට එන තුරුයි..
ඒමොහොතේ ඈ අසලට ආවේ ඇගේ ආයතනයේම සේවය කරන තරුනියක් හා තරුනයෙකි…
තරුනිය අරුන්දී අසලට ආවේ සිනහවකින් මුව සරසාගෙනයි..
මැඩම්..
මිනුලි ඔයාලා කලින්ම ඇවිත් වගේ….
නෑ මැඩම් මේ එන ගමන්……
හස්බන්ඩ් ආවේ නැද්ද මැඩම්??
නෑ මිනුලි එයාලට විවේකයක් නෑ ඉතින් මේවට එන්න…
ඔව්නේද මැඩම් එයාලා රස්සාවක් නෙවේ සේවයක් නෙ කරන්නේ මිනිස්සුන්ට…
ඒකනේ….
හැම අවුරුද්දේම අපේ සර්නේ මේ පාටි එකට එන්නේ..මේ සැරේ මැඩම් ආව එක හොදයි..කට්ටිය අදුනගන්නත් එක්ක…
අරුන්දී සිනාසුනේ ඇය කී දේ පිලුගත්තාක් මෙනි… ඒ මොහොතේම ලිෆ්ට් එක ඔවුන් සිටි මහලට පැමිනි අතර තිදෙනාම එයට ගොඩවූවෝය…
ඔවුන් අතර සිටි තරුනයා එකදු වචනයක් වත් කතා නොකල අතර ඔහු මිනුලි පවසන දෙයට සිනහවෙමින් සිටියේ අහින්සක විලාසෙනි..
අරුන්දී ඔහු දෙස මදක් උවමනාවෙන් බලා මිනුලි දෙසට හැරුනේ යමක් ඇසීමට මෙනි..
මෙයාව මට එච්චර මතකයක් නෑ..මොන සෙක්ශන් එකේද?
ආ..මැඩම් මෙයා අලුතෙන්නේ ආවේ…දැන් වන් මන්ත් වගේ…
මිනුලි පිලිතුරු දෙන විට තරුනයා සිනා සී ඔවුන් දෙස බලා සිටියා මිස කිසිවක් නොපැවසුවේය…
ඇයි මෙයාට කතා කරන්න අමතක වෙලාද?
අරුන්දී ඇසුවේ සිනහවෙමින් වූ අතර ඒ වන විට ලිෆ්ට් එක හත් වන මහලට පැමින දොරත් විවෘත වුනි…
මම අවිශ්ක.. අකවුන්ට් සෙක්ශන් එකේ ඉන්නේ මැඩම්…
හ්ම්ම්…
අරුන්දී හිස සැලුවේ තවත් ඔවුන් සමග කතා කිරීමට දෙයක් නොමැති බව වැටහුන නිසයි…
උත්සව ශාලාව ඉතාමත් අලන්කාර ලෙස විදුලි ආලෝකයෙන් ආලෝකමත් කර ඇත..
පසෙකින් මියුරු සංගීතයක් වාදනය වන අතර එක් එක් මේස වල ඉදගෙන සිටි ව්‍යාපාරයන්ට සම්බන්ද විධායක පෙලේ අමුත්තන් සිසිල් බීම තොල ගාමින් කතා කරමින් සිටිනු ඇත..
අරුන්දීද ඇගේ ආයතනයට වෙන් කරන ලද ආසනයේ ඉදගත් අතර මිනුලි සහ අවිශ්කත් එතනට පැමින ඉදගත්තෝය…
මෙලෙසින් මද වේලාවක් යන විට අරුන්දීත් මිනුලිත් අවිශ්කත් අතර මිත්‍රත්වයක් ගොඩ නැගුනේ බොහෝ විට ඔවුන් තිදෙන එකටම සිටින්නට වූ නිසයි..
රාත්‍රී ආහාරය ගැනීමද ඔවුන් තිදෙන එකටම සිදු කල අතර අතුරුපස රැගෙන ආ තිදෙනාම පෙර වාඩිවී සිටි මේසයේ වාඩි උනේ සිනහවෙමින් කතා කරමින් මය..
අපි දැනගෙන හිටියේ නෑ අරුන්දී මැඩම් මේ තරම් කරුනාවන්තයි කියලා…
ඇයි මම මහ නපුරු කෙනෙක් විදිහටද ඔෆිස් එකේ ප්‍රසිද්ධ.?
නෑ නෑ..අපි මැඩම් ගැන අහලා තිබුනට මෙහෙම කතා බහ කරලා තිබුනේ නෑනේ.. ඇත්තටම මැඩම් හරි හොදයි…
නේද අවිශ්ක?
ඔව් ඔව්….මැඩම් ලස්සනයි වගේම මැඩම්ගේ හිතත් ලස්සනයි….
අරුන්දී ඔහු දෙස බලා සිනාසී ඇපල් කෑල්ලක් මුව තුලට දමා ගත්තේ පසෙකින් වාදනය වන සන්ගීත කන්ඩායම දෙස බලාගෙනයි…
මොහොතකින් එකා දෙන්නා නැගිට ගොස් නර්තනයේ යෙදෙන්න වූ අතර මිනුලිද අරුන්දී දෙස බැලුවේ යමුදැයි අසන්නාක් මෙනි..
මැඩම් පොඩ්ඩක් ඩාන්ස් කරමුකෝ…
අනේ බෑ මිනුලි ඔයාලා ඩාන්ස් කරන්න ගිහින්
බෑ බෑ මැඩමුත් යමු…
ඔව් මැඩම් අපිට ආරන්චියකුත් ආවා මැඩම් ලස්සනට ඩාන්ස් කරනවා කියලා…
අනේ බෑ අවිශ්ක ඔය දෙන්නා යන්න…
අනේ මොකද්ද මැඩම්… යමුකෝ..
මිනුලිත් අවිශ්කගේත් පෙරැත්තය නිසාම අරුන්දී ඔවුන් සමග නර්තනයේ යෙදීමට ගියේ සිතේ අකමැත්ත තබාගෙනමයි…
මියුරු සන්ගීතයට ඔවුන් තිදෙනාත් නර්තනයේ යෙදුන අතර අරුන්දී එහිදී වඩාත් කැපී පෙනුනේ ඇගේ සුන්දරත්වයයත් නර්තනයේ අලන්කාරයත් නිසාමයි..
මෙලෙසින් හෝරා දෙකක් පමන ගත වූ අතර ප්‍රිය සම්භාශනයේ අවසානයට ලගාවෙමින් තිබුනි..
සියලුදෙනාම විසිර යාමට සැරසුන අතර අරුන්දීද මිනුලි හා අවිශ්ක සමග හෝටලයෙන් එලියට ආවේ විහගට ඇමතුමක් දෙන ගමන් ය…
හෙලෝ විහග….
ආ…බබා… ඉවරද පාටී එක…
ඔව් ඔයාට එන්න පුලුවන්ද දැන්?
ම්ම්ම්….පොඩි වැඩක් ඉන්නේ දැන් නම් ..හරි කමක් නෑ ඔයා ඉන්න ..මම පැය බාගෙකින් එන්නම් ඔතනට….
හරි…
අරුන්දී ඇමතුම විසන්දි කරනවාත් සමගම එතනට පැමිනියේ මිනුලිත් අවිශ්කත් ය…
මැඩම් කොහොමද යන්නේ දැන්..? සර් එනවා කිව්වද??
ඔව් එයා වෝඩ් එකේ ඉන්නේ කියලා පැය බාගයක් වගේ යයි කිව්වා එන්න…
ඔයාලා යන්නද??
ඔව් මැඩම් මගේ නම් මම මැරි කරන්න ඉන්න කෙනා ඇවිත් ඉන්නේ ..අර තියෙන්නේ එයාගේ වෙහිකල් එක..
මිනුලි ඈතින් නවතා තිබෙන හොන්ඩා වර්ගයේ කාරයක් පෙන්වා කීවාය…
හරි එහෙනම් ඔයාලා යන්න..මම පොඩ්ඩක් ලොබි එකට වෙලා ඉන්නම්…හස්බන්ඩ් එනකල්.. එයා ඔය කිව්වට වෙලා යයි එන්න..හොස්පිටල් වලින් එහෙම ඉක්මනට එන්න බෑනේ මිනුලි..
මැඩම් මොකුත් හිතන්නේ නැත්තම් මගේ එක්ක යන්න පුලුවන් මැඩම් ට…මමත් යන්නේ දෙහිවල පැත්තට..මැඩම් ව ගේ ලගින්ම ඩ්‍රොප් කරන්නම්…
අනේ නෝ තෑන්ක්ස් අවිශ්ක..මම හස්බන්ඩ් එනකල් ඉන්නම්…තෑන්ක්ස්…
මැඩම් ව මෙතන තනියම දාලා අපිට යන්නත් බෑනේ….අනික හොටෙල්ස් වල මෙහෙම රෑ වෙලා ඉන්න එකත් එච්චර හොදනෑ….
අනේ ඔයාලා මම ගැන කරදර වෙන්න එපා…කමක් නෑ මම ඉන්නම් …
එහෙත් මිනුලිගේත් අවිශ්ක ගෙත් පෙරැත්තය මත අරුන්දී අවසානයේදී තීරනය කලේ අවිශ්ක සමග නිවසට යාමටයි…
විහගට ඇමතුම් කීපයක් ගත්තත් ඔහු ඊට ප්‍රතිචාර නොදුන් නිසාත් වෙලාව රාත්‍රී දොලහත් පසුවී තිබූ නිසා අරුන්දී අකමැත්තෙන් වුවද අවිශ්ක සමග නිවසට යාමට තීරනය කලේය….
අවිශ්කගේ මරුටී කාරයට නැගුන ඔවුන් දෙහිවල බලා ආ අතර ඒ එන අතරමගදීත් අරුන්දී විහගට ඇමතුම් ගත්තත් ඉන් පලක් නොවීය…
ශික් මේ විහග ගන්නෙත් නෑ ෆෝන් එක…
ඇය සිතෙන් සිතමින් පසුතැවිලී වූවාය..
ඇයි මැඩම් සර් ගන්නේ නැද්ද ෆෝන් එක…?
ඒකනේ අවිශ්ක මම දැන් ගොඩක් සැරයක් ට්‍රයි කලා ..එයා ආන්සර් කරන්නේ නෑනේ…
ඔය ඉස්සරහ පාරෙන් වමට දාන්න…
ඇය කීවේ ඉදිරියේ ඇති අතුරු මාර්ගයක් පෙන්වමිනි….
ඔය කලු පාට ගේට් එක ලග නතර කරන්න අවිශ්ක…
ඇය කාරයෙන් බැස ජනෙල් වීදුරුවෙන් එබී අවිශ්ක දෙස බැලුවේ ස්තුති පූර්වකවයි..
අනේ තෑන්ක්ස් අවිශ්ක…ලොකු උදව්වක් කලේ ඔයා…
ඕක මොකද්ද මැඩම්…
හරි එහෙනම් ගුඩ් නයිට්….සදුදා ඔෆිස් එනවනේ….
ඔව් මැඩම්….එහෙනම් මම යන්නම්…
ඇය ඔහුට සමුදී සිනාමුසු මුහුනින් කෙලින් සිටගත්ම ඇය දුටුවේ විහගගේ කාරය පැමින ඔවුන්ට පිටුපසින් නතර කල බවයි…
ඒත් සමගම අවිශ්කගේ රතය පිටව ගිය අතර විහග අරුන්දී දෙස බලා සිටියේ කෝපය පිරුන දෑසිනි….
ඇය ගේට්ටුවේ අගුල හැර එහි පියන් දෙක දෙපසට දමා විවෘත කර විහග ගේ කාරය අසලට ආවේ සිනහවකින් මුහුන සරසාගෙන වුවත් විහග ඇයව නොදැක්කා සේ කාරය ඇතුලට ගත්තේ එය තරමක් රේස් කරන ගමන්ය.
මේ කිසිවක් තේරුම් ගත් නොහැකිව ඈ කාරය පිටුපසින් නිවස දෙසට ගියේ ඒ සිදුවීමත් සමග හදවතේ නැගුන ගින්දරෙන් පිච්චෙමිනි…
35 කොටසෙන් හමුවෙමු
ඔන්න ඉතින් දැන් කට්ටිය මට බනින්න පටා..න් ගන්න….
අනේ යාලුවනේ කතාව දාන්න පරක්කු වෙනවට සොරි හොදේ
ලියාගත්ත කතාව ඩිලිට් උනා දාන්න යද්දී..ආයෙම ලිව්වා
මටමයි වෙන්නේ අප්පා
එහෙනම් හෙට හමුවෙමු අපී…
බුදුසරණයි .