අරුන්දී 36 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

36 වන දිගහැරුම

💘
💘
💘
💘

අවිශ්ක එක එල්ලේම විහග දෙස බලා සිටියේ වචන ගලපාගත් නොහැකිව වගෙයි..

විහග එක් අතකින් දොර උලුවහුව අල්ලාගෙන අවිශ්ක දෙසම බලා සිටියේ කෝපයෙනි..

සර්..මේ…මම…

අවිශ්කගේ ගොතගැසිම ඇසුන අරුන්දී සර් යන වචනය ඇසෙත්ම පියාගෙන උන් දෑස් දෙක ඉබේම හැරුනේ දොර දෙසත් හිස ඔසවා බලමිනි..

වි..හග….ඔයා….?

ඇය අපහසුවෙන් මෙන් හන්සි වී සිටි තැනින් නැගිට්ටේ ගිනිගත් හිසකිනි…
විහග ඇය දෙස බලා සිටියේ කෝපය පුපුරන දෑසිනි .
ඔහු දුටු වනම ඇගේ සියොලගම වෙව්ලා ගියේ එබැවිනි…

ඔහු පඩියක් නැග සාලයට ඇතුලු වුනේ අරුන්දිගෙන් දෑස් ඉවතට ගෙන අවිශ්ක දෙස නැවතත් බලාගෙනයි..

විහග ඔයා..හිත…න..

ෂ්..ෂ්… ……..
ඔහු මුවට ඇගිල්ලක් තබමින් ඇය දෙසට හැරී ඇයව නැවැත්වූවේ අවිශ්ක දෙස බලන ගමන් ය..

සර් මම…

සර් මම මේ නිමේ මිනිහෝ තමුසෙට කොහොමද මෙච්චර හයියක් මගේ ගෑනි එක්ක මගේම ගෙදරට රින්ගන්න..

සර් මෙතන එහෙම දෙයක් උනේ නෑ සර්…සර් වැරදියට තේරුම් අරගෙන ඉන්නේ….

මට හරි වැරැද්ද තේරුම් කරන්න තමුසේ කව්ද…
විහග එසේ කියමින් අවිශ්කගේ කොලරයෙන් අල්ලා තල්ලු කරගෙන ගොස් බිත්තියට හේත්තු කර ඔහුගේ මුහුන දෙසම බලා සිටියේ කෝපයෙන් පුපුරමිනි…

විහග ඔය මොකද කරන්නේ අත අරින්න ඔය ළමයව…
ඔයා හිතන විදිහේ කිසිම දෙයක් මෙතන උනේ නෑ..ප්ලීස් අත අරින්න..

අරුන්දී විහගගේ අතකින් එල්ලී කෑ ගැසුවේ මෙතරම් කෝපයෙන් ඔහු හැසිරෙනවා මින් පෙර කවදාවත් නොදැක්ක නිසා හටගත් බියෙනි…

පලයං පැත්තකට…මම තමුසේ ගැනත් හිතාගෙන ඉදලා තියෙන්නෙත් සම්පූර්න වෑරදියට…

එසේ කිව් විහග ඇගේ අත ගසා දැමූ අතර අරුන්දී විසිවී ගොස් සෝෆාව උඩටම වැටුනත් ඔහුඒ දෙස නොබලාම නැවත්ත අවිශ්ක දෙස බැලුවේ රතු වූ ඇස් දෙකෙන් කොපයෙනි…

මොනවද ඔයා මේ කියන්නේ…. ශික් ලැජ්ජ නැද්ද විහග ඔහොම කතා කරන්න…
මොකද්ද මම කරපු වරද …
අනික අවිශ්ක ආවේ මාව ගෙදරට බස්සන්න..

අතන ගේට්ටුව ලගින් බහිද්දි මට කලන්තයක් වගේ ඇවිත් වැටෙන්න ගිය නිසයි මෙයා මාව ගේ ඇතුලටම එක්කගෙන ආවේ.

එහෙම නැතුව මම කාගේ එක්කවත් ගෙවල් අස්සේ රින්ගන් හිටියේ නෑ විහග….

ඇය නැවත්ත නැගිට විත් ඔහු ගේ ලගින් හිටගත්තේ අඩමිනි.

ඔව් කිතුල් ගහට නැග්ග මිනිහටත් උත්තරයක් තිබ්බලුනේ…. අතටම අහු උනාම කියන්න දේවල් ඉතින් ඕනේ තරම්.

උබට මගෙන් බේරුමක් නෑ..දැන්මම ලෑස්ති වෙයක් පොලිසි යන්න…ලැජ්ජ නැද්ද මිනිහෝ අනුන්ගේ ගෑනු එක්ක එල්ලි එල්ලී යන්න…

විහග අවිශ්කගේ කම්මුල හරහා ගැසූ පහර නිසා අරුන්දීත් ගැස්සි ගියේ එහි චටාස් ශබ්දය නිසයි..

පිස්සුද විහග…
ඇය ඔහුගේ අතින් අල්ලා ගත්තේ කෑ ගසමිනි…

සර් සර් හරියට දෙයක් දැනගෙන කතා කරන්න… කිසි වරදක් නොකරපු මට මෙහෙම ගහන්න අයිතියක් නෑ සර්ට..

මොකද්ද ##**$$ කිව්වේ..උබ මට උගන්නන්නත් එනවද මගුල් නටලා..
ඈ මිනිහෝ..

ඔහු නැවත්ත් අත උස්සන විට අරුන්දී ඔහුගේ අතකින් අලා ගත්තේ මැද්දට පනිමිනි…

මේ හොදටම ඇති විහග ..මගෙත් ඉවසීමේ සීමාව පනිනව දැන්නම්..

උබේ ඉවසීම නෙවෙයි මගේ ඉවසීමේ සීමවයි පනින්නේ ගෑනියේ…එක එකා එක්ක මගුල් නටලා තව මගේ ගේ අස්සෙත් ඌ එක්ක ඉන්න හයියක් ආවේ කොහෙන්ද?

විහග……
ඇය කේන්තියෙන් ඔහුගේ නම කියා කෑගැසුවේ ඉවසීමේ සීමාව පනින්නට ආ නිසයි..

ඇයි ඇත්ත කියද්දි අමාරුද… මම තමුසෙව විශ්වාස කලා..මටත් වඩා විශ්වාස කලා..පිස්සුවෙන් වගේ ආදරේ කලා..ඒත් තමුසේ එක එකා එක්ක මගුල් නටනවා..

ශික් ලැජ්ජා නැද්ද විහග ඔහොම කතා කරන්න… ඇයට කීමට හැකි වුනේ එපමනයි…

විහග විසින් එල්ල කල කම්මුල් පහර නිසා පුපුරු ගසන කම්මුලත් අල්ලන් ඇය එහෙම්මම බිම වාඩි උනේ තවත් හිට ගෙන සිටීමට පනක් නැති වූ නිසයි.

සර්….

ඒ මොහොතේ අවිශ්ක එසේ කියමින් විහගගේ අතකින් අල්ලා ගන්නට උතසහ කරනවිට විහග ඔහුගේ කොලරයෙන් අල්ලා ගත්තේ දත් මිටි සපාගෙනයි..

පැත්තකට වෙලා හිටපන් නැත්තම් මම උබට මොකක් කරයිද දන්නෑ…

එසේ කියමින් විහග අවිශ්කගේ කොලරය අත හැරියේ ඔහු ගැස්සීයන පරිදීයි…

අනතුරුව ඔහු සාක්කුවෙන් ජන්ගම දුරකතනය අතට ගත්තේ ඇමතුමක් ගැනීම සදහායි…

විහග මොකද්ද කරන්න හදන්නේ…සාක්ශි නැතුව ඔයාට බෑ මෙහෙම මිනිස්සුන්ට චෝදනා කරන්න…
ඒක වැරදී..අනික ඔයාට මාව විශ්වාස නැත්තම් මොකද්ද අපේ මේ විවාහේ තේරුම…

අරුන්දී ඉදගෙන සිටි තැන සිටම කීවේ ඇස් දෙකේම කදුලු කඩා වැටෙන විටයි.

සාක්ශි?…තමුසෙට සාක්ශිද ඕනේ…ආ…ඉන්නව ..ඉන්නවා මම ඒවත් පෙන්නන්ම්…..

කියමින් ඔහු දුරකතනය ට පැමිනි පනිවුඩ කිහිපයක් එකින් එක අරුන්දිට පෙන්වූයේ දහඩියෙන් පෙගුන කොපය පිරිමුහුනක් මවාගෙනයි..

ඔහු හයියෙන් හුස්ම ගත්තේ කෝපය පාලනය කරගත නොහැකිවයි..

අවිශ්කද බියපත් වූ දෑසින් ඔහු දෙස බලා සිටියේ වෙන කිරීමට දෙයක් නොමැති නිසයි…

අරුන්දී එකින් එක පනිවුඩ කියෙව්වේ වෙව්ලන අතින් දුරකතනය අල්ලා ඉන්න ගමන් මයි..

ඒ එකින් එක කියවන විට ඇගේ හදවතේ ගැස්ම තව තවත් වැඩිවුනේ කව්රුන් හෝ විසින් ඇය කරන කියන සෑම දෙයක් ගැනම විහග වෙත පනිවුඩයක් මාර්ගයෙන් තොරතුරු ලබා දී ඇති බවයි..

ඒ සෑම පනිවුඩයක්ම අවිශ්ක සම්බන්ද වන අවස්තා වීම නිසා ඇයට යම් සැකයක් මතුවුනේ මෙය කාගේ හෝ කපටි ක්‍රියාවක් වන බව හැගුන නිසයි…

විහග මේ එවල තියෙන පනිවිඩ ඔක්කොම ඇත්ත..ඒත් මේවා වල කියලා තියෙන විදිහට කවදාවත් මම හැසිරිලා නෑ…
මේක කාගේ හරි ප්ලෑන් එකක් අපි අතර ප්‍රශ්නයක් ඇති කරන්න….

මට දැන් තේරෙනවා මෙතන මොකක්ම හරි ප්ලෑන් එකක් යනවා කියලා..අපි අතරම ඉන්න කෙනෙක් තමයි මේ ඔත්තු දෙන්නේ….

අවිශ්ක මේ හැම මැසේජ් එකකම ඔයයි මාවයි සම්බන්ද ඒව ගැනමයි තියෙන්නේ…

අපි යන එන තැන ඔක්කොම දැනුවත් කෙනෙක් තමයි මේ වැඩේ කරන්නේ…. මේ බලන්න…

අරුන්දී අවිශ්ක වෙත විහගගේ දුරකතනය පෙන්වූයෙ එවිටයි…ඔහුද එයට ඓබී බලා යමක් ප්‍රත්‍යක්ශ කරගත්තාක් මෙන් හිස සැලුවේ බියපත් ලෙසින් විහග දෙසත් බලමිනි..

සර් සර් මේ මැසෙජ් දැක්කාම සර්ගේ තරහා සාදාරනයී..ඒත් ඒ කිසිම දෙයක් ඇත්ත නෙවේ….

දැන් උනත් මම ගෙදරට ආවේ මැඩම් කලන්තේ දාන්න වගේ ගිය නිසයි… ඊට එහා මැඩම් ගැන කිසිම නරක හැගීමක් මට ඇති වෙලා නෑ සර්…

විහග මේ දෙදෙනා දෙසම බලා සිටියේ කිසිවක් හිතාගත නොහැකිවයි…ඒ වන විට ඔහුගේ කෝපයත් යම් තරමක සන්සිදී තිබූ බැවින් සෝෆාවේ ඉදගත්තේ ටයින්පටියද බුරුල් කරමින් කමිස අත් දෙකත් වැලමිට දන්වා නවන ගමන් ය…

ඒ මොහොතේ අරුන්දීද ඇවිදගොස් ඔහු අසලින්ම ඉදගත් අතර ඇය හිසෙන් සන් කර අවිශ්කටද සෝෆාවේ ඉදගන්න ලෙස කීවාය…

විහග මේ අහන්න..කව්රුම හරි ඔයාට මං ගැන් සැක හිතෙන විදිහට මේ දේවල් සැලසුම් කරලා ..ඒක තේරෙන්නේ නැද්ද ඔයාට…

එදා මම හොටෙල් එකෙන් එලියට ආව එකත් ඔයාට මැසෙජ් එක්කින් එවලා..අද මම අවිශ්ක එක්ක මීටින් එකකට යන එකත් ඔයාට කියලා තියෙනවා….

ඒකනේ ඔයා ඒක ඇත්තද බලන්න අපේ පස්සෙන් ඇවිත් තියෙන්නේ…මම හරිනේ නේද…
අන්තිමට මමයි අවිශ්කයි ගෙදර ඉන්නවා කියලත් ඔයාට මැසෙජ් එකක් එවලා…

එතකොට නේ හැමදේම පිටිපස්සේ කව්ද ඉන්නේ..කාටද මොකද්ද මේ උවමනා වෙලා තියෙන්නේ….?

අරුන්දී එසේ කියමින් විහගත් අවිශ්කත් දෙස බැලුවේ මාරුවෙන් මාරුවටයි..

විහගටත් ඈ කියන දේ යම් ඇත්තක් පෙනුන නිසා නිහඩවම ඈ කියන දෙයට සවන් දුන්නේ බිම බලාගෙන දනිස් දෙකට වැලමිට දෙක තබාගෙනයි..

අවිශ්කද මේ කිසිවක් තේරුම් ගත නොහැකිව බියපත් වූ දෑසින් බලා සිටියේ අරුන්දීත් විහගත් දෙසයි…

මද නිහඩ බවක් ගේ තුලම පැතිර ගිය අතර එක් වරම අරුන්දීට යමක් මතකයට ආවාක් මෙන් ඈ ඇස් උඩ යැව්වේ විහග දෙසත් බලන ගමන් ය…

හරි මට දැන් තේරුනා…එදා ඔයා හොටෙල් එකට ඇවිත් ඉන්නේ කියලා මම දැනගෙන හිටියේ නෑනේ..හැබැයි ඔයා මට මැසේජ් එකක් එවල තිබ්බේ..ඒක මම රීඩ් කලේ නෑ..

හැබැයි එදා අපි අතරේ ප්‍රශ්නයක් උන මම ෆෝන් එක බලද්දි ඔයා එවපු මැසේජ් එක රීඩ් කරපු එකක් විදිහට තිබ්බේ..එතකොට කව්ද ඒක කියෙව්වේ….
හ්ම්ම් මටතේරෙනවා ඒක කියෙව්වේ මිනුලි වෙන්න ඕනේ…..

එක් වරම අවිශ්කත් විහගත් ඈ දෙස බැලුවේ ඈ කීමට තනන්නේ කුමක්දැයි තේරුම් ගත නොහැකිවයි…

හරි හරි එදා මම එයා අතට ෆෝන් එක දීලා වොශ් රූම් ගියා..ඒ වෙලාවෙ වෙන්න ඇති මැසේජ් එක ආවේ..
එයා ඒක බැලුවා ඒත් මට කිව්වේ නෑ… එයාට පුදුම උවමනාවක් තිබ්බේ මාව අවිශ්ක එක්ක ගෙදර යවන්න…

අද සිද්දියේදි උනත් අව්ශ්ක මගෙ එක්ක මීටින් එකට යනවා කියලා අපි කතා කරපු දේ එයාර ඇහෙන්න ඇති…

ඒක තමයි ඔයාට මැසේජ් එකකින් කිව්වේ.ඒත් අපි ගෙදරට ආවා කියලා එයා දැනගත්තේ කොහොමද?

ඇය කල්පනා කරන්නට විය…එක් වරම ඈ හිස හරවා අවිශ්ක දෙස බැලුවේ ඔහුගේ කටහඩ ඇසුන නිසයි.

මැඩම් මෙහෙට එද්දි මිනුලි මට කෝල් කලානේ ෆයිල් වගයක් ගැන අහන්න..එතකොට මම කිව්වා මැඩම්ව ගෙදරින් බස්සන්නය යනවා කියලා…

අන්න හරි ඉතින්…ඔය ඒන්නේ ඇත්ත එලිවීගෙන…මටනම් හිතෙන්නෙම.මිනුලි තමයි මේ දේවල් කරන්නේ….

විහග කිසිත් නොකියා ඈ කියන දෙයම අසා සිටියේ ඈ කියන දේ සත්‍ය තාවක් ඇති බව වැටහුන නිසයි…
එක් වරම් ඔහු දුටුවේ අරුන් දී ඇමතුමක් ගන්නා බවයි

හෙලො මිනුලි..මේ දැන්මම අපේ ගෙදරට එන්න..
……………………….

නෑ එහෙම දෙයක් නෙවේ පොඩි හදිස්සියක්…
……………………….

දැන්මම එන්න..

හරි දැන් මිනුලි එයි..එයාගෙන්ම දැනගමු මේකේ ඇත්ත නැත්ත….

අරුන්දී.එසේ කියමින් කුස්සිය දෙසට ගියේ තේකක් සාදා ගැනීමටයි..ඇය මද වේලාවකින් එතනට පැමිනියේ උනු උනු තේ කෝප්ප තුනක් ට්‍රේ එකක් තබාගනයි…

බොන්න….
ඒත් සමගම ත්‍රීවීලරයක් ගෙයි මිදුලේ නතර කර අතර ඉන් බැස ගෙයි දෙසට ඇවිදගෙන ආවේ මිනුලියි…

එන්න …
අරුන්දී සිටි තැනම සිට ඇයව අමතා කීවේ සෝෆාවේ විහග අසලින්ම ඉදගනිමිනි…

මිනුලි ගෙතුට පැමිනියේ බියපත් වූ දෑසිනි…
ඇය සෙමින් ඇවිද විත් අවිශ්ක අසලින් ඉදගත්තේ අරුන්දී දෙසත් විහග දෙසත් බලම ගමන් ය….

මේ අහන්න මිනුලි…අපි දැන් ඇත්ත දැනගෙන ඉවරයි…. ඔයා දැන් මෙතන බොරු කියන්න හදන්න එපා. මට ඇත්ත කියන්න..ඇයි ඔයා මෙහෙම දේවල් කලේ?

මොන දේවල් ගැනද මැඩම් අහන්නේ??

පොඩි ලමයෙක් වගේ කතා කරන්න එපා මිනුලි..මමයි විහගයි අතර ප්‍රශ්නයක් ඇති කරන්නෙ ඇයි මෙහෙම වැඩක් කලේ ඔයා??

මැඩම්…මං….

ඇත්ත කියනවා….එහෙම නැත්තම් දැන් සාක්ශිත් තියෙන එකේ පොලිසියටම භාර දෙනවා…තෙරුනාද…

අනේ මැඩම් එහෙම කරන්න එපා..මම කියන්නම්..හැම දේම කියන්නම්…

සියල්ලෝම මිනුලි දෙස බලා සිටියේ ඈ කීමට යන්නේ කුමක් දැයි දැනගැනීමටයි…

මැඩම් මට සමාවෙන්න……. මට මැඩම් එක්කවත් සර් එක්කවත් පෞද්ගලික තරහක් නෑ.ඒත් කෙනෙක් මට කිව්ව නිසයි මම මෙහෙම දෙයක් කලේ..

කව්ද ඒ කෙනා??

ඇය මදක් නිහඩව සිට යලි කතා කලේ ගොත ගසමිනි…

වි.ශ්ව……

ඒ නම ඇසුන වහාම විහග හිස ඔසවා මිනුලී දෙස බැලුවේ පුදුමයෙනි…

මොනවා…අර මිනිහා….
අරුන්දී එසේ කියමින් විහග දෙස බැලුවේ මුහුනත් හකුලුවාගෙනයි…

ඔව්මැඩම්..විශ්ව තමයි මට කිව්වේ මේහෙම දෙයක් කරන්න කියලා…එයා මට සල්ලි දුන්න ඒ වැඩ වලට….

ශික් ලැජ්ජ නැද්ද මිනුලි ඔහොම දෙකයි පනහේ වැඩ කරන්න…ඊලග ආත්ම වලටත් පව් පුරවගන්නවා…

එතකොට දැන් විශ්ව කෝ?

අරුන්දි මේ වැඩේ හරියන්නේ නෑ මුන් දෙන්නවම පොලිසියට අල්ලා දෙමු…එහෙම ලේසියෙන් බේරෙන්න දෙන්න බෑ…

අනේ සර් එහෙම කරන්න එපා.සර්…
මිනුලි විහග අසලට විත් කකුල් දෙක අසල වැද වැටුනේ දෑත් එක් කරමිනි…

මම වැරැද්ද පිලිගන්නම් අනේ පොලිසි යන්න බෑ සර්…

විහග ඈ දෙස කෝපයෙන් බැලුවේ එවිටයි..ඔහු ඇය දෙසට ඇගිල්ල දික් කර ඇයට තරවටු කලේ කෝපය පිරුන දෑසිනි..

මේ අහනවා..තමුන්ලගේ මේ වැඩ නිසා මම මගේ නෝනවත් සැක කලා අයිසේ…..
මට ඒ තරම් අවන්කවම ආදරේ කරපු කෙල්ලව සැක කරන තැනට තමුන්ලා වැඩ සිද්ද කලා..

ඒ කෙල්ල හිතෙන් කොයි තරම් නම් විදවන්න ඇද්ද තමුන්ගේ කසාද මිනිහා මෙහෙම සැක කරද්දී..

ඊටත් නොකරපු වැරදි වලට.. ශික් මට මන් ගැනම ලැජ්ජයි…

නෑ මේකට දඩුවම් විදින්නම ඕනේ..එතකොට වත් මීට පස්සේ මෙහෙම පව් වැඩ වලට සම්බන්ද නොවී ඉදී…ආ…අනික..අර තමුසෙට උපදෙස් දුන්න මහ එකා…විශ්ව…ඌ හිරේ ගියත් හැදුනේ නෑ…මගේ ගෑනි පස්සේ පෙරේතයා වගේ පන්නන්නවා…ඌටත් හොද පාඩමක් උගන්නනවා…

එසේ කිව් විහග පොලිසියට ඇමතුමක් ගත්තේ එහෙට මෙහෙට ඇවිදින ගමන් කෝපය පාලනය කරගනිමිනි…

මිනුලි කෙතරම් අඩා වැටුනත් කිසි කෙනෙක් ඇයට සවන් නොදුන්නේ ඒ වන විටත් පොලිස් ජීප් රතයක් මිදුලේ නතර වීමත් සමගය…

විහග සියලුදේ පොලිස් නිලදාරීන්ට පැවසූ අතර ඔවුන් මිනුලී ව ජිප් රතයේ නන්වාගත්තේ ඇගේ කන්නලව්ව කනකට වත් නොගෙනයි..

දොරකඩ සිට ඒ දෙස බලා සිටි විහග ජිප් රිය නොපෙනී ගිය පසු අවිශ්ක දෙසට හැරුනේ සමාව ඉල්ලනාක් මෙන් හැගීමකිනි…

සොරි අවිශ්ක මගේ අතින් වැරදි දෙයක් කියවුනානම්…. මම කලබල උනා..

ඒකට කමක් නෑ සර්..සර් ඉන්න තැන මම හිටියත් ඔය විදිහට තමයි මමත් හැසිරෙන්නේ…

එහෙනම් මැඩම් මම යන්නම්…

හරි අවිශ්ක හෙට මම මිනුලි ගැන තීරනයක් ගන්නවා…..

අවිශ්ක නිවසෙන් එලියට බැස පිටත්ව යන දෙස බල සිටි අරුන්දී විහග අසලට ආවේ ජයග්‍රාහී විලසිනි…

ඔහු ඇය දෙසම බලා සිටියේ හිතට නැගුන ලැජ්ජව පිටතට නොපෙන්වායි…

මට…සමාවෙන්න රත්තරන් …..
මට ලැජ්ජයි මං ගැනම…..
කොහෙවත් යන මැසෙජ් නිසා මගේ රත්තරන්ව මම සැක කලා….මට සමාවෙන්න අරුන්දී..

ඔහු ඇයව තුරුලට ඇද ගත්තේ ඇස් දෙකේම කදලු පුරවාගෙනයි…

මට තේරෙනවා මහත්තයෝ ….. ඔයාගේ පැත්තෙන් ඔයාහරි..එහෙම දේවල් දැක්කම ඊටත් ඒවා සාක්ශි ඇතුව ඔප්පු වෙද්දි ඔයා සැක කරනව ඇරෙන්න වෙන මොනවද කරන්නේ….
මම තරහා නෑ….

ඔයාට මම ගොඩක් දුක් දුන්නා… මම ගොඩාක් ආදරෙයි මගේ පන.. ඔයා මට වන්චාවක් කරනවා කියලා දැනුනම මට මාව පාලනය කරගන්නම බැරි උනා… අනේ මට සමාවෙන්න ..

මට තේරෙනවා මහත්තයෝ …ඒතරම් ආදරයක් විදින්න මගේ හිත හුරු කරපු ඔයාම මට ආදරේ නිසා දුක දරාගන්න හැටිත් ඉගැන්නුවා……
මට ඔයාගෙන් තොර ලෝකයක් නෑ විහග…

මට සමාවෙන්න…කෙල්ලෙක්ට අතක් උස්සපු මං ගැනම මට ලැජ්ජයි මැණික…
කැමතිනම් මට ගහන්න..

ඔහු ඇගේ අත ගෙන ඔහුගේ කම්මුලට පහර කීපයක් ගසා ගන්නට උත්සහ කරන විට අරුන්දී එය මැඩ ගත්තේ අපහසුවෙනි…

ඔයා මොන දේ කලත් ඒ හැම දේම කලේ මට තියෙන ආදරේට කියලා මම තේරුම් ගත්තා මහත්තයෝ . ඔයාගේ ඔය ආදරේ තමයි මාව ජීවත් කරන්නේ..මට….

ඇය කීවේ එපමනකි විහග එක් වරම නැමීගෙනම ඇගේ දෙතොල සිපගත්තේ මුලු ආත්මයම ඈ පාමුල තැබූ විලසිනි….
ඇයත් ඔහුට ඉඩදී තව තවත් ඔහු වෙතට ඇදුනේ ඒ උනුහුම මොහොතකටවත් ඈත නොකරගන්නට මෙනි…

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

පසුව ආරන්චි වූයේ මිනුලිගෙන් ලබාගත් තොරතුරු වලට අනූව විශ්ව පිලිබද හෝඩුවාවන් ලබාගෙන ඔහු අතඩන්ගුවට ගෙන ඇති අතර ඔහු විසින් සිදු කල පෙර වැරදි හා මිනිසුන් නොමග යැවීම හේතුකොටගෙන වසර ගනනකට හිරේට නියම වූ බවත් මෙන්ම මිනුලී ගේ නොනමා ක්‍රියාවන් නිසා ඇගව සේවයෙන් පහ කර ඇති බවත්‍ ය…

😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

දිනක් උදයේ විහග රෝහලට යාමට සූදානම් වුවත් අරුන්දී ඇදටමවී සිටියේ ගතට නැගුන දැඩි මහන්සි ගතියක් නිසයි….

ඇය නැගිටින්නට කිසි විටෙකත් හිත නොදුන් නිසා ඇය හිසේ සිටම පොරවාගෙන නිදන ඇයුරු දුටු විහග ඈ අසලින් ඉද ගත්තේ දෑස් හකුලුවාගෙනයි…

ඔහු සෙමින් ඇගේ උරහිසකට අත තබා සෙලවූයේ ඇයව නැගිට්ට වන්නට සිතාය..

බබා අද වැඩට යන්නේ නැද්ද?

ඇය සෙමින් ඇස් ඇරියේ අපහසුවෙන් මෙනි..

නෑ අනේ ඇගට හරි නෑ වගේ…..

ආ ඒ මොකෝ….කෝ උනද බලන්න…

ඔහු ඇගේ බෙල්ලටත් නළලටත් පිටි අල්ල තබා බැලුවේ එවිටයි..

හ්ම් ටිකක් රස්නෙකුත් තියෙනවා… ගිය දවස් ටිකේම මහන්සි උන නිසා වෙන්න ඇති… එහෙම නැත්තම්….

ඇයි එහෙම නැත්තම්??

නෑ නෑ හරි අමාරුමනම් පැනඩොල් දෙකක් බොන්න..පුලුවන් උනොත් මම කලින් එන්නම්…

හරි මහත්තයෝ ….ටිකක් නිදා ගත්තම හරි යයි..

ඇය ඇදේ සිටම විහග දෙස බලා කීවේ දෑස් අඩවන් කරගෙනයි..

විහග පහත්වී ඇයගේ නලල සිම්බේ ඇයට තවත් නිදාගන්නට හැර රෝහලට යාම සදහායි…

ඔහු ඇදෙන් නැගිට පිටව යන දෙස බලා සිටි අරුන්දී නැවතත් දෑස් පියා ගත්තේ හිසත් තරමක කැරකිලි ගතියක් දැනුන නිසයි..

💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑

37 කොටසෙන් හමුවෙමු

අරුන්දිට මක් වෙලාද ළමයි…?🤔🤔
ඔන්න ඉතින් කතාවේ අවසන් ටික මේ යන්නේ…😖

අකුරු වල අඩුපාඩු තිබ්බොත් සොරි හොදේ..හදිස්සියට ලියන්නේ ඉතින්😀😀

හෙට හමුවෙමු..බුදුසරණයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *