අරුන්දී 37 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)
37 වන දිගහැරුම
විහග රෝහලට ගොස් තම වැඩ රාජකාරි ආරම්භ කලේ සිතේ උපන් කුහුලක් දරාගෙනමයි…
නිවසෙන් එන විට අරුන්දිගේ තත්වය මනසට සෑම අයුරකින්ම වද දුන් නිසා ඔහු කෙසේ හෝ කලින් නිවසට යාමට ඉටා ගත්තේය…
වෝඩ් විසිටින් වලදී වාට්ටුවේ සිටින සියලුම මව් වරුන්ගේ උදරය පරික්ශා කරමින් කුසේ සිටිනා දරුවාගේ හදවත් ගැස්ම පරික්ශා කරමින් ඔහු උනන්දුවෙන් සියලු දේ කලත් අරුන්දී ගැන මතකය සෑම විටම දියේ හෙලූ රබර් බෝලයක් මෙන් උඩට මතුවුනි…
ඩොක්ටර් මොකද අද කල්පනාවක ?
ඔහු සමග සිටි හෙදියක් වඩාත් උවමනාවෙන් ඔහු දෙස බලා ඇසුවේ සියලූම් ගැබිනි මව්වරුන් පරික්ශා කර ආපසු තම පැමිනෙන විටයි…
නෑ නර්ස්…වයිෆ්ට පොඩ්ඩක් අසනීපයි අද. ඒකයි මම මේ බැලුවේ….
ආනේ ඒහෙමද ඩොක්ටර් …මේ දවස් වල වයිරස් උනකුත් තියෙනවනේ…අපේ පුතාටත් උන හෙම්බිරිස්සා..
හ්ම්ම්ම්…ඔව් ඒකනම් ඇත්ත… හරි නර්ස් මම රූම් එකට යනවා.අවශ්‍ය උනොත් කතා කරන්න…
එසේ කිව් විහග තම විවේක කාමරයට ආවේ මදක් විවේක ගැනිමටයි…
මද වේලාවක් එසේ සිටියත් ඔහුගේ සිත තිබුනේ අරුන්දි ලගයි….
උදේ නිවසින් එන විට ඇගේ තත්වය පිලිබදව යම් සැකයක් සිත තුල මතුවූවත් ඔහු ඒ පිලිබදව ඇයට නොකියා රෝහලට ආවේ සිතකින් නොවෙයි…
ඒත් සමගම ඔහුගේ ජංගම දුරකතනය නාද වූ නිසා ඔහු ඒ දෙස බැලුවේ පුටුවේ පිටුපසට ඔලුව තබාගෙනමයි…
එහි තිරය දෙස බැලූ ඔහුට මුවගට මද සිනහවක් ආවේත් ඔහු ඇමතුම ලබාගත්තේත් එක විටය…
හෙලෝ බබා…..
……………………………….
එහෙමද………..?
……………………………………
හරි මම දැන්ම එන්නම් ….පරිස්සමට ඉන්න මැණික..
විහග ඇමතුම විසන්දි කලේ යම් බලාපොරොත්තුවක් සිත තුල දරාගෙනයි….
ඔහු ඉක්මනින් මේසයේ තිබූ ෆයිල් කවර එහෙ මෙහෙ කර වෙදනලාවත් කරට දාගත්තේ නිවසට යාම සදහායි…
නර්ස්…..
ඔහු තරමක් උස් හඩින් නර්ස් වරියකට කතා කලේය..
ඩොක්ටර් ..
නර්ස් මට දැන් ටිකකට එලියට යන්න වෙනවා…විසල් ඩොක්ටර් ඉන්නවා නේද වෝඩ් එකේ…?
ඔව් ඩොක්ටර් ….
හරි එහෙනම් කමක් නෑනේ..අවශ්‍ය උනොත් ඔන් කෝල් මම එන්නම්…
හරි ඩොක්ටර් ..
විහග එසේ කියමින් රෝහලෙන් පිටතට ආවේ සිතේ නැවුම් බලාපොරොත්තුවක් තබා ගෙනයි..
මම හිතන දේ හරි යයිද…බලමු..එහෙම වෙන්න බැරි කමකුත් නෑ…
මෙච්චර අවුරුදු ගානක් මේ රස්සාව කරලා මට කෙනෙක් හැරෙද්දිම කියන්න පුලුවන් මොකටද කියලා… ගිහින්ම බලනවා….
ඔහු එසේ සිතෙන් ප්‍රශ්න කරමින් කාරය පදවාගෙන නිවසට යන විටත් ඉදිරිපස දොර වසා තිබුනි..
ඔහු බෙල් එක ගැසුවේ වෙනදාටනම් ඇය ඔහු ගේට්ටුවෙන් ඇතුලට එන විටම නිවසේ දොර හැරගෙන සිටින බැවිනි…
මද වේලාවකට පසු ගෙයි ඉදිරිපස දොර හැරුනේ බොහෝම සෙමිනි…
ඔහු දුටුවේ දෑස් මලානිකව ඔහුන්දෙස අපහසුවෙන් සිනහ මුහුනක් මවන් සිටින අරුන්දීයි…
දොර හැරුන පමාවෙන් විහග ගෙට ඇතුලුවී ඇය දෙස බැලුවේ විමසුම් සහගත බැල්මෙනි…
ඇයි බබා….?
ඇය ඔහුට කතා නොකරම සෝෆාවට ගොස් ඉදගත්තේ නලලත් අල්ලාගෙනමයි..ඔහුත් ඇය පසු පසින්ම ගොස් ඇය අසල ඉදගත්තේ ඒ මුහුන දෙසම බලාගෙනයි…
මොකද බබා..මොකද්ද අමාරුව….?
ඔහු නැවතත් ඇසීය…
අනේ විහග උදේ ඉදලම කිසිම ෆිට් එකක් නෑ ඇගට…. අර එදා අවිශ්ක එක්ක ඉද්දි වගේ පුදුම කැරකිල්ලක් උදේ ඉදලම…වෙලාවකට හරි යනවා වෙලාවකට ඔක්කොම කැරකෙනවා….
ඇය එසේ කියමින් සෝෆාවේ පිටුපසට හේත්තු උනේ නළල අත ගාමිනි…
ඉන්න මම කෝපි ටිකක් හදාගෙන එන්නම් ඔයාට…
විහග සෝෆාවෙන් නැගිටින්න හදන විට ඈ ඔහුව නැවැත්වූවේ එපා…යැයි කියමිනි…
උදේ එකක් හදාගත්තා අමාරුවෙන් මම…බිව්ව ගමන් වමනේ ගියා…දැන් කෝපි මතක් වෙද්දිත් වමනෙට වගේ…පිරිය නෑ අනේ….
එසේ කිව් පමනින් ඇය තම දකුනතින් මුව වසාගෙන ඉක්මනින් දිව්වේ නානකාමරයටයි…
විහගද ඈ පසු පස ඉක්මන් ගමනින් ඇවිදගෙන ගියේ ඔහුගේ සැකය හරි බව සිතමිනි. ඔහු yes ලෙසින් හෙමින් කිව්වේ අතක්ද මිට මොලවා මද සිනහවක්ද නගාගෙනයි..
ඔහු එහි යන විටත් ඇය අපහසුවෙන් ඔක්කාරය කරමින් සිටි බැවින් ඇයව අල්ලා ගත්තේ සිතේ උපන් අනුකම්පාව නිසාමයි…
ඇය හිස ඔසවා ඔහුදෙස බැලුවේ ඇස් දෙකේ කදුලු පුරවාගෙනයි.විහග ඇගේ පිට සෙමින් පිරිමැද්දේ ඇයව වත්ත්න් කරගන්නා ගමන්මය…
ඇය එහෙමම ඔහුගේ ඇගට බර වුනේ සිටගෙන සිටීමටවත් පනක් ඒ මොහොතේ ඈ තුල නොවූ නිසයි.ඒ බව තේරුම් ගත් විහග ඇයව හරහට වඩා ගත්තේ ඇද වෙත ගෙනයාමටයි…
ඔහුගේ උරහිසට හිස තබාගත් අරුන්දී ගෙල වටා අත යවාගෙන දෑස් පියා ගත්තේ තව තවත් ඔලුව කැරකෙන්නට වූ නිසයි.
ඔහු සෙමින් ඈ ඔසවාගෙන විත් ඇදෙන් හාන්සි කර ඇයගේ දකුනු අත ගෙන එහි මැණික්කටුව ආසන්නයෙන් ඔහුගේ අතේ ඇගිලි හතරක් තබා නාඩි පරික්ශා කරන්නට වුනේ ඈ දෙසම බලාගෙනයි..
ඇයත් ඔහු දෙසම බලා සිටියේ ගතේ අපහසුවත් සමගම ඔහු මේ කුමකට සැරසෙන්නේදැයි කුහුලක් සිතේ ඇතිවූ නිසයි..
ඔහුගේ මුහුන දෙස බලා සිටින ඇයට පෙනුනේ මද වේලාවක් යන විට සෙමින් සෙමින් සිනා රැල්ලක් මතුව එන අන්දමයි….
අවසානයේදි ඔහු ඇගේ අත අත් හැර සෙමින් ඈ වෙත් නැමුනේ වැලමිට ඇදේ තබාගනිමිනි….
තැන්ක්ස් මැණික…මාව තාත්තා කෙනෙක් කලාට…..
ඔහු රහසින් මෙන් ඈ දෙසම බලාගෙන කීවේ ඇස් දෙකේ කදුලු පුරවාගෙනයි….
මො…මොක..ද්..ද…කිව්වේ…?
ඔව්…ඔයා අම්මා කෙනෙක් වෙන්න යන්නේ රත්තරන් ……
වි..හග..ඔය..ඇත්තමද……
ඔව්….
එසේ කිව් ඔහු සෙමින් පහත්ව ඇගේ කුසට හාදුවක් දී ඇයගේ මුහුන දෝතින්ම අල්ලා දෙතොල සිප ගත්තේ උතුරා යන සෙනෙහසකිනි…
ඇය අපහසුව මැඩගෙන ඇදෙන් නැගිට ඔහුගේ ගෙල බදා ගත්තේ සිනහවෙන ගමන් අඩමිනි….
අනේ බබා..මං අම්මා කෙනෙක් වෙන්න යන්නේ….මං අම්මා කෙනෙක් වෙන්න යන්නේ..
ඇය එසේ කියනවාත් සමග නැවතත් උදරය පෙරලමින් ආ ඔක්කාරය නිසා ඇය ඇදෙන් පැන නානකාමරයට දිව්වේ විහගවත් තල්ලූ කරගෙනයි…
අද දවසම වමනේ දාන්නද කල්පනාව…
ඔහු එසේ කියමින් නාන කාමරයට ආවේ සින්ක එක එක් අතකින් අල්ලාගෙන තම උදර වෙත එක් අතක් තබාගෙන කන්නාඩියෙන් මුහුන දෙස බලා සිටින ඈ දෙස බලා සිනාසෙමිනි..
අනතුරුව ඔහු ඇගේ පිටුපසින් ගොස් ඉන වටා අත් දෙකම යවමින් උරහිසට නිකට තබාගත්තේ කණ්ණාඩියෙන් ඈ දෙසම බලාගෙනයි…
පසුව ඔහු සෙමින් ඔහුගේ එක් අතක් ඇගේ උදරය මත ඇති අත උඩින් තැබුවේ උරහිසට හාදුවක් දෙමිනි….
මට ලස්සන දුවෙක් දෙන්න….
ඇගේ කන අසලින්ම මුව තබා ඔහු කීවේ රහසින් මෙනි…
ඔයා වගේ පුතෙක් මට ඕනේ….
ඇය එසේ කියමින් හිස හරවා ඔහුගේ කම්මුලට හාදුවක් දුන්නේ ඔහු වෙතට තවත් තුරුල් වෙමිනි….
මට නම් උදේ කිව්ව වෙලේම හිතුනා ..ඒත් මම කියන්න ගියේ නෑ..ඔයාගේ කෝල් එක එනකල් ඉවසගෙන හිටියේ…
ඒ කොහොමද දැනගත්තේ??
ඇයි අමතක උනාද ඔයාගේ මහත්තයා ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් කියලා නෝනේ..
ආ..ඔව්නේ…ඒකත් ඇත්ත තමයි..
ඇය කණ්ණාඩියෙන්ම ඔහු දෙස බලා සිනාසුනේ ඇස් පුන්චි කරමිනි…
යමු යමු අම්මලාට කියමු…
ඔහු ඇගෙන් මිදී ඇයගේ අතකින් ඇදගෙන කාමරයට ආවේ සතුට දෝරේගලන හදවතිනි…
දින සති මාස ගෙවී ගොස් අරුන්දිගේ කුසට මාස නවය සම්පුර්ණ වූවාය… දරු ප්‍රසූතියට දින ලන් වන නිසා ශරීර අපහසුතා ඉවසාදරා සිටියෙ කිරි සිහිනය සැබෑ කරගන්නටත් ඇගේත් විහගගේත් ලේ උරුමය දකින්නට තිබූ ආසාවත් නිසාමයි…
ඇය කුඩාවට මසන ලද ළදරු ඇදුම් දෙස බලමින් දින ගැන්නේ තම කිරි කැටියා දෝතට ගන්න දිනය ලන් වන බව සිතා සතුටු සිතෙනි..
දිනක් රාත්‍රියේ නින්ද අහලකටවත් නොවූ නිසාත් ශරීර අපහසුව නිසාත් ඇය ඇදේ ඉදගැනීමට උත්සහ දරන විට සැප නින්දේ පසු වූ විහග අවදි විය..
මොකෝ නින්ද යන්නේ නැද්ද බබා…
නෑ අනේ….එක විදිහකටවත් ඉන්න බෑ…හුස්මත් එක්ක හිර වෙන්න වගේ…
ඔහොම තමයි අම්මා කෙනෙක් වෙන එක ලේසී නෑ මැණික..
කෝ…ඔයා ඔහොමම ඇදේ පිටිපස්සට කොට්ටයක් තියලා හේත්තු වෙන්න…
ආන්න දැන් හරි….
එසේ කිව් විහග ඇයව ඇද විට්ටමට හේතු කර ඇය අසලින් එක් අතක් හිසට තබා පැත්තට හැරි කුස පිරිමැද්දේ ආදරය පිරුන හිතකිනි.
අම්මි නම් හොදටම අමාරුවෙන් ඉන්නේ පැට්ටෝ. දග දාන්න එපා….
ඔහු කුස අතගාමින් කීවේ මුව එයට ලන් කරමිනි…අරුන්දී ඒ දෙස බලා සිටියේ සිනහව පුරවාගෙනයි…
ඒත් සමගම කුසේ උන් දරුවා දැගලුවේ විහග කිව් දේ තේරුනාක් මෙනි…
එවිට ඈ එම ස්තානය අතකින් පිරිමදින විට දරුවා තව තවත් දැගලුවේ දෙදෙනාම සිනහ නන්වමිනි…..
හෙට අම්මත් එනවා කිව්වා නවතින්න….
හ්ම්ම්..එන එක හොදයි..කොහොමත් ඔයාට තව දවසක් දෙකක් වගේ යද්දි හොස්පිටල් යන්න වෙනවා ඔන්න…
ඇයි එහෙම කියන්නේ….
මම දන්නේ නැතුව වෙන කව්ද ළමයෝ දන්නේ…
ඔහු නැමි කුසට හාදුවක් දුන්නේ එසේ කියමිනි..
දිනක් උදෑසන විහග රෝහලට යාමට සූදානම් වෙමින් සිටින විට අරුන්දී කුස්සියේ උයමින් සිටියාය…
අරුන්දිගේ මවත් පැමින තිබූ බැවින් විහග සිතේ සැහැල්ලුවෙන් රාජකාරියට ගියත් ඔහුගේ සිතේ දෙගිඩියාවක් ඇදී තිබුනේ වසර ගනනක රෝහල් අත්දැකීම මත අද හෙටම අරුන්දීට දරුවා ලැබෙන බව දැනුන නිසයි…
ඔහු කණ්ණාඩිය ඉදිරිපිට සිට අතකින් කොන්ඩය සකස් කරමින් ටයි පටියද තද කරගන්නා විට අරුන්දී කාමරයට පිවිසියේ ඉනට අතක්ද තබගෙන අපහසුවෙනි…
කෝ ඉන්න මම හදන්නම්….
ඇය එසේ කියමින් මාස නවයක කුසත් උස්සාගෙන ඔහු අසලට ආවේ සෑම දිනකම ඔහුගේ ටයි පටිය සකස් කිරීම ඇගේ පුරුද්දක්ව තිබූ නිසයි..
ඇයට ඒ මට හැකි වුනේ අඩි දෙක තුනකි…
වි ..හග……
ඇය කුසට අතක් තබාගෙන විහග දෙස බැලුවේ ඉවසාගත නොහැකි වේදනවක් දරාගෙන සේය..
ඇය දෙස බලා උන් විහගත් ඉක්මනින් ඈ දෙසට ගියේ ඔහු බලාපොරොත්තු වූ ඒ මොහොත ලන් වී ඇති බව ඉවෙන් මෙන් දැනුන නිසයි…
ආ…හ්…..අනේ විහග…..
ඇය ඔහුගේ උරහිසට අතක් තාබ යටි බඩ දෙසින් නැගෙන වේදනාව මැඩ ගැනීමට අසාර්තක උත්සහයක යෙදුනාය..
ඔහු ඇයවත් වත්තන් කරගෙන ඇයව ඇදෙන් ඉදගැස්සුවේ තවත් ඇයට හිටගෙන සිටීමට අපහසු බව දැනුන නිසයි..
හරි හරි…කලබල වෙන්න එපා මැණික…..
අම්මේ…..ඉක්මන් කරලා එන්න….හොස්පිට්ල් යන්න වෙනවා දැන්මම…
ඔහු උස් හඩින් අරුන්දිගේ මවට කීවේ ඇයව ඉක්මනින්ම රෝහලට ගෙනයාමට තවත් පරක්කු නොවිය යුතු බැවිනි…
අනේ මහත්තයෝ මට බෑ..අනේ……
ඉවසන්න මැනික….අපි ඉක්මනට යමු හොස්පිටල් එකට…
ඒ වන විටත් අරුන්දිගේ මව අවශ්‍ය කලමනා සූදානම් කරගෙන තිබූ අතර විහග අරුන්දීව වත්තන් කරගෙන තම කාරය වෙත ආවේ වේදනාවෙන් පෙලෙන තම බිරිද දෙස අනුකම්පාවෙන් බලමිනි….
ඇයවත් නංවාගත් ඔහු කාරය පන ගන්වමින් වේගයෙන් තම රෝහලට ගියේ ඇයව මොහොතක් වත් මෙලෙසින් වේදනා විදින අන්දම දැකීමට ඔහුගේ ඇස් දෙක අකමැති වූ නිසයි…
ශිට්….
මෙලෙසින් මද දුරක් යන විට ඔහු එක් වරම ස්ටියරින් වීල් එකට අත මිට මොලව ගැසුවේ කෝපයෙනි…
38 කොටසෙන් හමුවෙමු….
මොකද්ද ඒ උනේ අප්පා?
අද නම් කතාව පොඩ්ඩයි….තරහා වෙන්න එපා පැට්ටෝ ටික හොදේ ..
තව කොටස් තුනයි
හෙට හමුවෙමු ..බුදුසරණයි