අරුන්දී 40 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)
40 වන දිගහැරුම (අවසන් කොටස)
අරුන්දී එදින පාන්දරම නැගිට්ටේ පැතුම්ගේ නිවසේ උදවිය නෙතුලි බැලිම සදහා පැමිනෙන බැවිනි..
නිවස අස් පස් කර ඇය කඩිනමින් කුස්සියේ වැඩ ආරම්භ කලේ පිරිස දහයයි තිහ පමන වන විට එන.බව දන්නා නිසයි..
ඇය පෙර දින රාත්‍රියේ අනා තබන ලද කට්ලට් මිශ්‍රනය ශීතකරනයෙන් ගෙන එහි සීතල බැස යාමට පැත්තකට කර තැබුවේ කේතලයද ගෑස් ලිප උඩින් තබන ගමන් ය.
මේ අතර ඇය සිටින දෙසට ඇග මැලි කඩමින් පැමිනියේ නෙතුලියි…
ඇය තවමත් නිදන ඇදුමෙන් සිටිනු දුටු අරුන්දී බොරු තරහවක් මවා ගත්තේ ඇය දෙස බලා ඔරවමිනි..
අනේ අනේ…අද මනමාලයා එනවා කියලවත් ගානක් නෑ තවම නයිටිය පිටින්….
අනේ අම්මී ….
අනේ අම්මී නෙවෙයි..තව ටික දවසකින් හොස්පිට්ල් වල ට්‍රේනින්ග් දාපුවාම නිදියන්න නම් හම්බ වෙන්නේ නෑ දුවේ…
පේනවනේ තාත්තී කොයි තරම් මහන්සි වෙනවද කියලා…
හරි හරි අම්මී….අපෝ කේන්ති ගිහාම අම්මිගේ ලස්සන….කෝ කෝ බලන්න ඔය මූන පොඩ්ඩක්…
නෙතුලි අරුන්දීව සිනහ ගන්වමින් හුරතල් වන විට කේතලේ වතුර ඉතිරෙන ශබ්දය ඇසී අරුන්දී එය නිවීමට ගෑස් උදුන අසලට ගියේ කලබලයෙනි…
හා හා යන්න ගිහින් හොදට මූනකට හෝදලා ලස්සන ගවුමක් දාගන්න…. අපි නම් ඉස්සර මෙහෙම දවසට වෙනදටත් වඩා කලින් නැගිටලා ලැහැස්ති වෙන්නේ..ඒකට මෙයාලා…තවම නයිට්ගවුම් ඇදගෙන…
අරුන්දී කට්ලට් දීසිය අතට ගත්තේ එසේ කියන ගමන් ය…
ඇත්තටම අම්මී අම්මිව බලන්න තාත්තිලාගේ ගෙදර අය එද්දී අම්මිට මොකද හිතුනේ…කොහොමද ඒකට ෆේස් කලේ…මට නම් මොකද්ද වගේ..
ඔහොම තමයි දූ ඕනෙම කෙල්ලෙකුට ඒ දේට මූන දෙන්න වෙනවනේ…කොහොමත් අපි හොද චරිතවත් විදිහට හැමදාටම හැසිරෙන්න ඔනෙ..ඒයාලා ඉදිරියේ හොද මූන පෙන්නලා පස්සේ වෙනස් වුනොත් කසාද ජීවිතේම ඉවරයි…
ඊට පස්සේ අමනාපකම්…හිත් රිදීම් තමයි ඉතින්… ඒක නිසා හොදට හිතට ගන්න ඒ දෙමව්පියෝ නිසානේ අද ඔයාට පැතුම් ව ලැබෙන්නේ ..
ඒකේ ගෞරවේ රකින්න හැමදාම..එතකොට තමයි ඔයාට නිසි තැන ලැබෙන්නේ දූ..
නෙතුලි ඇය කියනා දේ අසා සිටියේ ඉතා උනන්දුවෙනි…
හරි හරි දැන් ගිහින් මූන හොදලා ලෑස්ති වෙන්න..මම මේ ටික හදලා ඉවර කරන්නම්..
ඇය එසේ කියමින් කට්ලට් එකක් ගෙන උතුරමින් තිබූ තාච්චියට දමා බදින්නට පටන් ගත්තාය….
කාලය ගෙවුන ඉක්මන…මගේ දුවත් දැන් කසාද බදින වයසට ඇවිත්…ඒ දවස් වල විහගගේ ගෙදරින් එනවා කිව්වම මම කොයිතරම් සතුටකින් ද හිටියේ…
අද ඒ සතුට මගේ දුවත් විදිනවා….විහගගෙයි මගෙයි ඒ අතීතය කොයි තරම් ලස්සනද….ඒ වගේම ආදරයක් මගෙ දුවටත් ලැබුන එක කොයි තරම් ලොකු දෙයක්ද..පැතුම් දුවව හොදට බලා ගනී…
අරුන්දී කට්ලට් එක බදිමින් එලෙසින් සිතුවිලි වල කිමිදෙමින් ඉන්නා විට එක් වරම පැතුම් මතක් වීමෙන් ඇගේ සිත මොහොතකට නතර වන්නට විය…
පැතුම් ….පැතුම්…..පැතුම්….මේ ළමයව මට මේ තරම් හිතට සමීපව දැනෙන්නේ ඇයි…තේරෙන්නේ නෑ මොකද්ද මේ සම්බන්දේ කියලා….
එදා මම දැක්ක හීනේ….මහ විකාර හීනයක්…මෙච්චර කාලයක් ගෙවිලා එදා තමයි මයන්තව මම හීනෙකින් දැක්කේ…ඊට කලින් කවදාවත් මයන්තව හීනෙන් දැකලා තිබුනේ නෑ…. අනේ මන්දා….
ඇය දිගු හුස්මක් හෙලා බැදුන කට්ලට් එක තච්චියෙන් ගෙන පසෙකින් ඇති පිගානට දමා නැවතත් කට්ලට් එකක් ගෙන තාච්චියට දැමුවේ ගෙවී ගිය අතීතය ගැන මතක් කරන ගමන් ය…
අම්මේ සුවද……
විහගගේ හඩින් අරුන්දී හිස හරවා බැලුවේ එවිටයි…
උඩුකයට කමිසයක් නොඇද සරමක් පමනක් ඇද සිටි විහග දුටු ඇයට සිනහ ගියේ ඔහුගේ පෙනුම දුටු විටයි..
මේ මොකෝ අනේ….බලන්නකෝ ශර්ට් එකක් වත් ඇදගෙන නෑ….
ඇයි මෙහෙම හොදයි නේ….
හොදයි ..හොදයි තමා…තවම මනසේ තියෙන්නේ අර කොල්ලා කාලේ වගේ කියලා..ඒත් මතක තියාගන්න මහත්තයො ඔයා දැන් වයසයි…
ඇය එසේ කියමින් සිනාසී තවත් කට්ලට් එකක් බැදෙන්න දැම්මාය…
ආ..එතකොට මම නාකී..ඔයා තරුනද…..?
අරුන්දී සිනාසුනා මිස කිසිවක් නොකීවාය…
කෝ බලමු රස..කියමින් විහග පිගානේ තිබූ කට්ලට් එකකින් භාගයක් කටේ දමාගෙන ඉතිරි භාගය අරුන්දිගේ මුවට ලන් කලේය…
ශා..රසයි රසයි…..
කියමින් ඔහු තව කට්ලට් එකක් ගෙන මුවට දමාගත්තේ අරුන්දිගේ කම්මුලකට හාදුවක්ද දෙන ගමන් ය..
යන්න අනේ…ළමයි දැක්කොත් ලැජ්ජාවේ බෑ…
ආ…ඒ මොකෝ….උන්ට කිට්ටු වෙන්නවත් බෑ අපේ ආදරේට…
එහෙමද මගේ දොස්තර මහත්තයා හිතාගෙන ඉන්නේ?? ඇත්තටම ඒ කාලේ හරි ශෝක් නේද විහග…
ඇය මුහුනේ බැරෑරුම් කමක් මවාගෙන ඒ අතීතය සිහි කලේ අශාවකිනි…
ඒකනේ කියන්නේ ආයෙම ඒ කාලෙට යන්න තියෙනවනම් කොයි තරම් දෙයක් ද… හැබැයි ඉතින් අද කාලේ කෙල්ලෝ කොල්ලෝ ලග එහෙම ආදරයක් හොයාගන්න අමාරුයි..
ඒකනේ අනේ මම දුවටත් කිව්වේ තමුන්ගේ තැන ලබා ගන්න නම් ඉවසීමෙන් හැමදේටම් මූන දෙන්න ඕනෙ කියලා…
කොහොමත් පැතුම් ගොඩක් හොද ලමයෙක්…මට මුලදිම හිතට ඇල්ලුවා…
අනේ ඔව් විහග අපේ කෙල්ලගේ වාසනාව එහෙම කොල්ලෙක් ලැබෙන්න.. ඊලගට ඉතින් අපේ කොල්ලා ගැනත් බලන්න ඕනෙනේ….
එයත් රට ගිහින් හෙටට හරියටම අවුරුදු දෙකයි නේ..
ඒකත් ඇත්ත තමයි….කොල්ලත් අද හිටියනම් තමයි හොද…බලමු එයාටත් මෙහෙම යද්දි හොද ළමයෙක් හම්බවෙයි…
හ්ම්…හරි මට තව ටික වෙලාවයි යන්නේ මේක බදින්න..ඔයා යන්න ගිහින් ලෑස්ති වෙන්න..කට්ටිය එයි දහයට විතර කොහොමත්….
ඇය එසේ කියමින් නැවතත් කට්ලට් එකක් තාච්චියට දමා ඒ දෙසම බලා සිටියේ තාච්චියෙන් නැගෙන තෙල් බිංදු වල සොදුරු බව විදිමිනි..
හරියටම දහයයි කාලට පමන පැතුම් සමගම දෙමාපිය දෙපල සමග අරුන්දිලාගේ නිවසට පැමිනියේය…
ස්විෆ්ට් වර්ගයේ රතු පාට මෝටර් රතයකින් පැතුම් පැමිනි අතර ඔහුගේ දෙමාපියන් පැමිනියේ හයිබ්‍රිඩ් කාරයකිනි..වාහන දෙකම මිදුලේ නතරවන විට අරුන්දීත් විහගත් දොරකඩට ගියේ එක විටයි….
පැතුම් කාරයෙන් බැස තම මවත් පියාත් සමග නිවසට ඇතුල් වන විට අරුන්දී වඩාත් හොදින් පැතුම් දෙස බැලුවේ ඔහුගේ පෙනුම ඇයට යමක් මතක් කලාක් මෙන් වූ නිසයි…
එහෙත් ඇය ඇගේ සිතේ නැගුන සිතුවිල්ල මදකට අමතක කලේ පිරිස සාලයේ සෝෆාවේ ඉදගන්නට වු නිසයි…
කොහොමද මිස්ටර් ආරච්චිගේ…..
විහග කතාවකට මුල පිරුවේ කා දෙසත් බලන ගමන් ය..
හොදින් මිස්ටර් විහග…. පුතා නම් විස්තර කියලා තිබුනේ….ඉතින් මේ දේවල් මෙහෙම කතා කරන්න ලැබීමත් සතුටක් අපිටනම්..
අපිටත් එහෙම තමයි…දෙන්නට දෙන්නා අවභෝදෙන් ඉන්නවනම් එච්චරයි නැද්ද මිස්ටර් ආරච්චිගේ….
ඒකනේ …අපිටත් ඕනේ දරුවන්ගේ සතුට තමයි ඉතින්….
මෙලෙසින් මද වේලාවක් කතාකරමින් සිටි ඔවුන් නෙතුලීව බලාපොරොත්තු වීම නිසා අරුන්දී නැගිට ගියේ ඇයව අඩගහගෙන ඒමටයි….
අරුන්දී සමග පැමිනෙන දියනිය දෙස බලා සිටි පැතුම්ගේ දෙමාපියන්ගේ ඔවුන්ගේ සතුට ප්‍රකාශ කලේ සිනහවකින් මුහුනු සරසාගෙනයි…
නෙතුලී පැමින පැතුම්ගෙ දෙමාපියන්ට වැද පසෙකින් ඉදගත්තේ පැතුම් දෙසද හොරැහින් බලා සිනාසෙමිනි…
දුව හරිම ලස්සනයි…. මිසිස් අරුන්දීත් ඉස්සර මේ වගේ ඉන්න ඇති ලස්ස්නට…
පැතුම්ගේ මව එසේ කියන විට අරුන්දී සිනාසුනෙ ලැජ්ජාවෙන් මෙනි…
දුවයි පුතයි දෙන්න විතරනේ ඉන්නේ නේද..පුතා රට කිව්ව නේ??
ඔව් එයා ස්ටඩීස් වලට රට ගිහින් ඉන්නේ..තව අවුරුද්දක් වගේ යයි එන්න..
විහග පිලිතුරු දුන්නේය..
මද වේලාවක් පිරිස සතුටු කතා කරමින් ගතකල අතර නෙතුලිත් පැතුම් සමග මිදුල පැත්තට ගියේ වැඩිහිටියන්ට නිදහසේ කතා කරගැනීමට ඉඩදීගෙනයි…
නෙතුලී පිටුපසින් ඇවිද යන පැතුම් දෙස බැලූ අරුන්දී සිනහවක් නගාගෙන විහග දෙස බැලුවේ ඔවුන්ටත් මෙවන් වූ සුන්දර අතීතයක් තිබුනා නේදැයි මතක් කරන්නට මෙනි…
ඉතින් මිස්ටර් විහග අපි දැන් මේ දෙන්නගේ ඉස්සරහ වැඩ කටයුතු ගැනත් හිතන්න වෙයි නේද?
ඔව් ඔව් අනිවාර්යයෙන්ම මිස්ටර් ආරච්චිගේ…
තව එකක් දැන් ඉතින් ඔය මිස්ටර් කෑල්ල අපි අයින් කරගමු නේද…අපි දැන් එක පවුලක් වෙන්න යන එකේ මොකටද මිස්ටර් කෑල්ලක්…
පැතුම්ගේ පියා එසේ පවසන විට සියලු දෙනාම සිනා සුනේ සතුට තවත් වැඩි වූ නිසයි…
මෙලෙසින් මද වේලාවක් කතා කරමින් හිදින විට පැතුම්ගේ මව දෙනෙත් යොමු කලේ සාලයේ කැබිනට්ටුවක් උඩ තබා තිබූ නෙතුලිගේ කුඩා කල ගත් පින්තූරයක් දෙසටයි…
ඇය ඒ දෙස බලා සිටින බව දුටු අරුන්දීත් පින්තූරය දෙස බැලුවේ එවිටයි…
බලන්නකෝ නෙතුලි දු පොඩි කාලේ මලක් වගේ අනේ..හරිම ලස්සනයි…
පැතුම්ගේ මව එසේ කීවේ අරුන්දී දෙස බලන ගමන් ය..
ඔව් දූ පුන්චි කාලේ හරිම සුදුයි..ලස්සනයි…. ඔය ෆොටෝ එක එයාගේ පලවෙනි උපන්දිනේට ගත්ත එකක්..
ඔහොම ඉන්නකෝ මම එයාගේ පොඩි කාලේ ඇල්බම් එකක් ගෙන්න..
කියමින් අරුන්දී එතනින් නැගිට ගියේ කාමරය වෙතටයි…
මද වෙලාවකින් ඇය කුඩා ඇල්බම් එකක් ගෙන ආවේ මුහුනේ සිනහවක්ද නගාගෙනයි…
එය පැතුම්ගේ මව අතට දුන් ඇය එතනින්ම ඉද ගත්තේ පින්තූර පෙන්වීම සදහායි…
එකින් එක පින්තූර පෙන්වන විට අරුන්දී ඊට අදාල සිදුවීම විස්තර කලේ සතුටකිනි…
දන්නවද නෙතුලිගේ අම්මේ..අපේ පුතා මේ වයසෙදි පෙර ආත්මේ කියෙව්වනේ…
හානේ එහෙමද…..ඔව් සමහර ලමයි එහෙම කියනවලුනේ…නේද විහග..
ඔව්…පෙර මතකය සමහර අයට හිතේ තැන්පත් වෙලා තියෙනවලුනේ..එහෙම අය තමුන්ගේ පෙර ආත්මේ ගැන කියනවා….
අනේ ඔව් …අපේ පුතත් කතා කරන්න පටන් අරගෙන මාස පහක් හයක් වගේ යද්දි එක එක දේ කියවන්න ගත්තා.. ..
අපි මුලදි නම් ඒවා ගනන් ගත්තේ නෑ…පස්සේ පස්සේ අපිට තේරුනා මෙයා මේ පෙර ආත්මයක් ගැන කියන්නේ කියලා….
ඉතින් මොනවද පුතා කිව්වේ??
මට නම් දැන් මතකත්නෑ අනේ..පොඩි කමට නෙවේ ඒ දවස් වල කතාව..මට හොදට මතකයි හැම වෙලේම කිව්වේ ඔලුව ඌවා උන නිසා එයා හැමෝවම දාලා ආවා කියලා..
ඉතින්??
ඔව් ඉස්සර එයා සමහර වෙලාවට ඔලුව රිදෙනවා කිය කිය අඩනවා…පස්සෙ අපි ඩොක්ටර්ස්ලා ලගටත් එක්ක ගියා බයට…ඒ ගතිය නිකන්ම මග ඇරුන ටිකක් ලොකු වෙද්දි…
බලන්නකෝ නේද ඒවගෙත් හැටි….
ඔව් අනේ පුදුමත් හිතෙනවා ඒවා ගැන හිතද්දි…
පුතා හැම වෙලේම කව්ද මන්දා ගෑනු ලමයෙක් ගැන කියවනවා ඉස්සර නිතරම..එයා ඇක්සිඩෙන්ට් උනාලූ….
ගෑනු ලමයගේ කකුල් පන නැති උනාලූ….අන්තිමට එයාව එයාට නැති උනාලූ…
පස්සේ එයාගේ ඔලුවෙ මොකද්ද අසනීපයක් නිසා හැමෝවම දාලා එයා අපි ලගට අවා කිය කිය ඉස්සර කොච්චරවත් කියෙව්වා..
දැන් නම් එයාට ඒවා මතකයක් වත් නෑ..අපි ඒවා එයට කියන්න ගියෙත් නෑ…
හොදම දේ කියන්නේ පුතා ඉපදෙනකොට බෙල්ල පිටිපස්සේ ලොකූ උපන් ලපයක් තිබ්බා..
ඒක දැනටත් තියෙනවා..ඒක පේන නිසයි පුතා ගොඩක් වෙලාවට කොලර් තියෙන ශර්ට් අදින්නේ..
අරුන්දිගේ හදවතේ වෙගය වැඩිවුනේ පැතුම්ගේ මව අවසානයට කිව් දේත් සමගයි…
ඒත් සමගම විහගත් අරුන්දී දෙස බැලුවේ පුදුමයෙන් මෙනි…
අරුන්දී විහග දෙස බැලුවේ අසරන වූවා ලෙසිනි…
ඇයගේ ඇස් වලට කදුලු කැට නොදැනීම පිරුනේ මේ ඇත්ත කෙසේ පිලිගන්නේදැයි සිතුන නිසයි..
දෙයියනේ මේ මොනවද මම අහන්නේ…ඒ කියපු දේවල් එක්ක එතකොට මේ පැතුම් ??.
ඒකද පැතුම්ව දැකපු මුල් දවසෙම මට පුදුමාකාර ලෙන්ගතු බවක් දැනුනේ….ඔව් එක අතකට ඒක ඇත්තක් වෙන්නත් පුලුවන්..
ඒ බළල් ඇස් දෙක…හිනාවෙනකොට වලගැහෙන කම්මුල…
ඒ කොන්ඩේ….මේ හැම දෙයක්ම මායන්තගේ වගෙමයි… එතකොට ඉස්සර මයන්තගේ බෙල්ල පිටිපස්සේ තිබ්බ උපන් ලපේ…දෙයියනේ එතකොට මේ පැතුම් ගිය ආත්මේ මගේ මයන්තද…
අරුන්දී එලෙසින් සිතමින් පැතුම් ගේ මව දෙසම බලා සිටියේ සිත ගින්දරකට හසු වූවා සේ දැවෙමිනි…
මොකද නෙතුලිගේ අම්මා බය වෙලා වගේ අහගෙන ඉන්නේ??
පැතුම්ගෙ මව එසේ කිව්වේ අරුන්දිගේ අතකටද තට්ටුවක් දමමින් සිනාසෙමිනි…
න්…නෑ….මේ…..පු.දුමයි..එහෙම…දේවලුත්..වෙනවා නේද?? ඒකයි මම..මේ ..කල්පනා කලේ….
අරුන්දී අමාරුවෙන් වචන ගැටගැසුවේ තමන්ගේ සිතේ ඇතිවී තිබෙන ගැස්ම මැඩපවත්වාගනිමින් ය..විහගත් පුදුමයෙන් මෙන් අරුන්දි දෙසම බලා සිටියේ මෙහි අගක් මුලක් වටහාගත නොහැකිවයි…
හිතේ ඇතිවූ කම්පනයත් සමග අරුන්දී ඉදගෙන උන් තැනින් නැගිට්ටේ ඒ මොහොතේ පිරිස අතර සිටීමට ඇයට සිත නොදුන් නොසයි…
එක්ස්කියුස් මී….
එසේ කිව් අරුන්දී ඉදගෙන උන් තැනින් නැගිට්ටේ කාමරයට යාම සදහායි…
විහගද ඇගේ සිත තේරුම් ගත්තාක් මෙන් ඉදගෙන උන් තැනින් නැගිට ඇය පසු පසින්ම කාමරයට ආවේ සිතේ නැගුන දෙගිඩියාවත් සමගිනි…
ඔහු එහි යන විටත් අරුන්දී කාමරෙ ජනේලය අසල සිට එලිය බලාගෙන උන්නේ දෑසින් කදූලු වැල් වැටෙන ගමන් බව දුටු ඔහු සෙමින් ඇය අසලට ගොස් ඇගේ උරහිසකට අත තැබුවේය..
ඒ මොහොතේ ඇගේ දෑස් යොමුවූ තැනට ඔහුගේ දෑසුත් යොමු වූ අතර මිදුලේ කොනකට වන්නට සාදන ලද බංකුවක් මත නෙතුලිත් පැතුමුත් ඉදගෙන කතාකරමින් සිටින අන්දම ඔහු දුටුවේය..
විහගගේ පැමිනීම දැනුන අරුන්දී හිස හරවා ඔහු දෙස බැලුවේ කදුලු පිරුන දෑසිනි..
ඇය එහෙම්ම ඔහුගේ පපුවට හිස තියා ගත්තේ වාවාඋන් ඇඩුම තවත් දරා ගන්නට නොහැකිවයි…
ඇයට ඇති වන තුරු හැඩීමට ඔහු ඉඩදීබලා සිටියේ ඇගේ හිස අතගාන ගමනුයි..මදකින් ඔහු කතා කලේ තවත් ඇයගේ කදුලු දැකීමට අකමැති නිසයි…
අරුන්දී…..මේ අහන්න…..මට තේරෙනවා ඔයාගේ හිතේ මේ වෙලාවේ මොනතරම් වේදනාවක් තියෙනවද කියලා…
මෙහෙම දේවල් සිද්ද වෙනවා කියලා අහලා තිබුනට අපිටම මෙහෙම දෙයක් වෙයි කියලා මම හීනෙකින් වත් හිතුවේ නෑ…
ඒත් ඒ කියපු දේවලුත් එක්ක පැතුම් කියන්නේ ගිය ආත්මේ මයන්ත කියන එක දැන් හොදටම පැහැදිලී….
අනේ ඒකනේ විහග මට මේ මොකුත් තේරෙන්නේ නෑ…ජීවිතේ මහ පුදුමාකරයි විහග….වැලලුන අතීතයක් ආයෙම අපේ ඇස් පනා පිටටම ඇවිත්…..
ඔව් අරුන්දී ඒක වෙන්න ඇති අපි කාගෙත් දෛවය…ඔයාගේ මගේ මයන්තගේ ඒ වගේම අපේ දුව….
ඔව් ඒත් මෙහෙම දේවල් වෙනවද විහග…මට නම් විශ්වාස කරන්නත් අමාරුයි….අනේ දෙයියනේ මට පැතුම් දැක්ක දවසෙම තේරුනා මොකක් හරි…
මම ඒත් හැම වෙලේම කල්පනා කලේ ඒ ගැනමයි…පුදුම විදිහට හිතට ලෙන්ගතු කමක් දැනුනේ.. අනේ මම හීනෙකින් වත් හිතුවේ නෑ මේ වගේ දෙයක්…
හරි දැන් ඕවා ගැන හිතලා වැඩක් නෑනේ..අපි ඉස්සරහට වෙන්න ඕනී දේ ගැන හිතමු…ඔයා සතුටු වෙන්න ඔයාට හොද බෑනා කෙනෙක් ලැබුන එකට…
ඔව් ඒකම තමයි මටත් තියෙන සතුට…මගේ කෙල්ලට හොදක් වුන එකට….ඒත්..
මම දන්නවා අරුන්දී…. ඔයාට පැතුම් දකින හැම වෙලාවකම ඔයාගේ වැලලුන අතීතේ මතකයට එනවා කියලා…ඒත් අපි ඇත්තට මූන දෙන්න ඕනේ….හිත හදාගන්න….
අරුන්දී කිසිත් නොකියා පැතුම් හා නෙතුලි දෙසම ජනේලයෙන් බලා සිටියේ මේ සිදුවූ දේවල් කිසිවක් තවමත් ඇයට විශ්වාස කරන්නට නොහැකි වූ නිසයි…
විහගද ඔවුන් දෙස බලා සිටියේ තව දුරටත් නිහඩතාවය රැකීමට මෙනි…
මෙලෙසින් මද වේලාවක් ගත වන විට ඔවුන් දුටුවේ පැතුම් ඉදගෙන සිටි තැනින් නැගිට නෙතුලී පිටුපසින් හිට ගෙන සාක්කුවට අත දමා එලියට ගත්තේ වෝග් ජුවලර්ස් ආභරණ පෙට්ටියකි..
අනතුරුව ඔහු එය විවෘත කර එලියට ගත්තේ රන් මාලයකි…අනතුරුව ඔහු එය නෙතුලිගේ ගෙල ඉදිරියෙන් තබා ඇගේ කම්මුල අසලින් මුහුන තබා ගත්තේ උතුරා යන සෙනෙහසකින් බව ඔහුගේ මුහුනෙන්ම පෙනුනි..
එය ඇගේ ගෙලේ පැලදවූ ඔහු සෙමින් ඇගේ කම්මුලක් සිප ගත්තේ ඉන් අනතුරුවයි…
එය දුටු අරුන්දීගේ මුහුනට සිනා රැල්ලක් නැගුනේ විහග සමග පෙර මතකයක් සිහියට නැගුන නිසයි….
ඇය හිස හරවා විහග දෙස බැලුවේ ඒ මතකය මතක් කරන්නට මෙනි…
මතකද??
හ්ම්……ඒ මාලේ තවමත් ඔයාගේ කරේ තියෙනවනෙ මැණික…
අරුන්දී සෙමින් ඇගේ ගෙල අතගෑවේ එවිටයි..එදා විහග විසින් පැලදවූ මාලය තවමත් බෙල්ලේ එලෙසින්ම තිබුනේ ඔවුන්ගේ ආදරේ සන්කේතයක් ලෙසිනි…..
විහග ඇත්තටම මේ උන දේවල් හීනයක්වගේ… මම කොයි තරම් දුක් වින්දද ජීවිතේ…මට ආදරේ කියන්නෙ මොකද්ද කියලා හරියටම තේරුනේ ඔයා නිසා…
මම ජිවත් වෙනවා කියලා දැනුනේ ඔයා නිසා… ඇත්තමයි මට හරිම සතුටුයි මගේ ජීවිතේ මේ විදිහට ගෙවුන විදිහ ගැන ..අන්තිමට දෛවය අපිට මේ විදිහට මයන්තව මුනගස්සයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ…..
කොහොමින් කොහොම හරි අපි හැමෝම ආයෙත් එකතු උනා…
මට හිත හදා ගන්න පුලුවන් විහග…දෙවියෝ මට මේතරම් සතුටක් දුන්නේ ඒක නිසා වෙන්න ඇති…
අරුන්දී ඇස් වල කදුලු පුරවගෙන විහග දෙස බලා කියන විට විහග සෙමින් පහත්ව ඇගේ නළලත සිප ගත්තේ එදා තිබූ ආදරය යලිත් මතක් කරන්නට මෙනි..
අපි යමු අරගොල්ලෝ බලනවා ඇති මොකද කියලා…
එසේ කියමින් විහග ඇය කැටුව නැවත සාලයට යන විට පැතුම් හා නෙතුලී දෙදෙනාත් සාලයට පැමින සිටියෝය…
අවසානයේ පැතුම් ඔහුගේ දෙමාපියන් සමග පිටව යන්නට සූදානම් වී ප්‍රතමයෙන් විහගට දනගසා වැන්ද අතර අනතුරුව ඔහු අරුන්දී ඉදිරිපිට දන නමා වැන්දේ මහත් ගෞරවයෙනි..
ඇය ඔහුගේ උරහිස් දෙකෙන් අල්ලා නැගිට්ටවුයේ ඇස් වලින් වැටෙන්නට ලන් වූ කදුල අපහසුවෙන් නවත්වාගනිමිනි…
බුදුසරණයි පුතේ… ඇය ඔහුදෙස බලා කීවේ උතුරා යන සෙනෙහසකිනි…
පැතුම් පිටව යන අන්දම ගෙයි දොරකඩ සිර බලා සිටි අරුන්දී නැවතත් ගේ තුලට ආවේ ඇසෙන් වැටෙන් කදුලු අත් දෙකෙන් පිසදාන ගමන් මයි..
ඔන්න ඔන්න අම්මී අඩන්න ගත්තා…
මේ සතුටට පුතේ..ඇය එසේ කියමින් නෙතුලිගේ හිස සිම්බේ මහත් සෙනෙහසක් හදවතේ පුරවාගෙනයි…
ඔවුන් දෙදෙනා වෙත පැමිනි විහග දෙදෙනාවම තම දෑතට තුරුලු කරගත්තේ අරුන්දිගේත් නෙතුලිගේත් හිස සිබින ගමන් ය..
ඒ මොහොතේ ඔවුන් දෙදෙන විහගගේ පපුවට හිස තබා ගත්තේ ජීවිතේ එතෙක් ඔවුන් ලද එකම රැකවරනය ඒ පපුව මත ඇති බව හොදින්ම දැනුන නිසායි…
අවසන්……./////…….
පසු වදන
කොහොමද මගේ යාලුවනේ…..අරුන්දී කොටස් හතලිහක් ලියපු එකේ පසු වදනක් නොලීව්වොත් ඒක අඩුවක් කියලා හිතුනා… මොකද ඒක කතාවට කරන අසාදාරනයක් කියලා මට හිතෙන්නේ….ඉතින් මේ පසුවදන ඒ නිසයි…
හරි ඉස්සරවෙලාම මම කියන්නම් අරුන්දී කතාවට මුල පිරුනේ කොහොමද කියලා…
මගේ කුලී නිවසේ අභිරහස හොලමන් කතාව ලිව්වට පස්සේ මට හිතුනා ආදරේ මූලික කරගෙන ලස්සන ආදර කතාවක් ලියන්න…මොකද ආදරේ කියන්නේ අපි කව්රුත් කතා කරන්න ,විදින්න ආසා දෙයක්..
ඒකට වටිනාකමක් දෙන්න ආසා දෙයක්..ඉතින් මට හිතුනා ආදරේ අපිට දැනෙන විදිහ..අපි ආදරේ විදින විදිහ…ආදරේදි අපි බොලද වෙන විදිහ මේවගේ ආදරේ ගැන දැනෙන හැගීම කතාවකින් ගේන්න..
ඉතින් මම හිතුවා මේ කතාවෙන් මම සාර්තකයි කියලා…
ඇත්තටම කියනවනම් අරුන්දී කියන්නේ මගේ තුන්වෙනි කතාව..මගේ යාලුවොන්ගෙන් කතාවට ලැබුන ප්‍රතිචාර දැක්කම ඇත්තමයි මට ඇස් වලට කදුලු ආව අවස්තාත් තියෙනවා…
ඒ හැම වෙලාවෙදිම මට හිතුනේ කෙනෙකුගේ හිතට දැනෙන විදිහට යමක් මට මේ කතාව හරහා කරන්න පුලුවන් උනා කියලයි…
ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුලුවන් අරුන්දී කතාව බොලද ආදරයක් කියලා..ඒත් යාලුවනේ ආදරේදි අපි කව්රුත් බොලද වෙන අවස්තා තියෙනවා නේද??
ඒක ඔයාටත් මටත් පොදුයි.බොලද ආදරේ තුල ආදරේ වැඩියෙන්ම දැනෙනවා කියන කතාව ඇත්ත…මේ කතාවේ සමහර තැන් ඔයාලගේ ජීවිතේටත් සමීප ඇති..ඔයාලත් එහෙම ආදරේ කරනවා ඇතී.ආදරේ විදිනවා ඇති.
මෙක කතාවකට පමනක් සීමාවුන ආදරයක් නෙවෙයි කියන එක මම විශේශයෙන්ම කියන්න ඕනේ..මොකද අපි කව්රුත් ආදරේ තුලින් ජීවිතේ විදින්න පුරුදු උනොත් අපේ ජීවිත හැමදාම සතුටින් ගෙවන්න පුලුවන්…
මේ කතාවේ ආදරය වේදනාව සතුට දුක හැම දෙයකින්ම මම උත්සහ කලේ අපි කාගෙත් ජීවිත වල යම් යම් පැති කඩවල් පෙන්නන්න…
මම සාර්තකද කියලා ඔයාලගෙන් මම දැනගන්නත් කැමතී…
ඒ වගේම මට කතා ලිවීම හරහා හොද උතුම් ආදරණීය හදවත් ඇති යාලුවෝ පිරිසකුත් හම්බ උනා..හැමදාම මගේ කතාව දානකල් බලාන හිටපු කෙල්ලෝ කොල්ලො ටිකක් මගේ එක්ක මේ වෙනකල්ම රැදී හිටියා…
විශේශෙන්ම මතක් කරන්න ඕනේ කතාව යන අතරතුර මගේ මහත්තයා ඇක්සිඩෙන්ට් උන වෙලාවේ මගේ යාලුවෝ මගේ එක්ක ඉදලා එකා වගේ එයාට සුවය ප්‍රාර්තනා කල.
.මම දැනුත් කියන්නේ ඒ හැම දේටම ගොඩක් ගොඩක් පිං ඔයාලට… මම ගොඩක් වාසනාවන්තයි ඔයාලා වගේ යාලුවෝ පිරිසක් ලබන්න.
ඒ වගේම මැසේජ් හරහා හැමදාම කතාව ගැන අහපු නන්ගිලා මල්ලිලා අක්කලා අයියලා ගේ ප්‍රතිචාර දක්කම මට නිහතමානී සතුටක් හිතෙනවා මං ගැනම.
මොකද ප්‍රශ්න එක්ක ජීවිත අරගලයක් ගෙනියන අපි හැමෝගෙම හදවතට යම් අයුරකින් හරි සතුටක් කතාවක් හරහා ගේන්න පුලුවන් වෙන එක මට ලොකූ සතුටක්…
ඉතින් කියන්න නම් තව ගොඩක් දේවල් තියෙනවා..ඒත් ඒ හැම් දේම කියන්න ගියොත් මේකත් කාතාවෙම කොටසක් වගේ වෙයි යාලුවනේ…
අවසාන වශයෙන් මම කියන්න කැමතී අරුන්දී කතාව මම ලිව්වේ ගොඩාක් ආසාවෙන්…
කොටස් පහලවකින් වගේ ඉවර කරන්න හිතලා ලිව්ව කතාව අවසානෙදි කොටස් හතලිහක් දක්වා ගේන්න මට පුලුවන් උනේ ඔයාලගේ ප්‍රතිචාර නිසාමයි..
ඇත්තටම කිව්වොත් අරුන්දී දුක් වෙන කොට දුක් උන පිරිසක් හිටියා..අරුන්දී සතුටු වෙද්දී ඒ සතුට එයා එක්කම විදපු පිරිසක් හිටියා…
.ඒ හැම දේකින්ම මම තේරුම් ගත්තේ මගේ යාලුවෝ හැමෝම කතාව ඇතුලේ ජීවත් උනා කියලා.
ඒකනේ සමහර කොටස් වලදි මට බැන්නේ ඔයාලා..ඒත් ඒ හැම කමෙන්ට් එකකින්ම මම නිහතමානි සතුටක් ලැබුවා මම කතාව ඇතුලේ සාර්තකයි කියලා…
කතාවා කියවලා හැමදාම වගේ ගුන දොස් කිව්ව මගේ යාලුවෝ හැමෝටම ගොඩාක් ස්තුති …
නම් වශයෙන් කිව්වේ නැත්තේ ඒකෙන් තව කෙනෙකුට අසාධාරණයක් වෙයි කියලා හිතලා…මට නමක් අමතක උනොත් ඒක ඒ අමතක උන කෙනාට කරන අසාදාරනයක් නිසා.. ..
එහෙනම් අවසන් වශයෙන් මට කියන්න තියෙන්නෙ ඔයාලා දන්නවා ඇති අරුන්දී කතාව අවසන් කොටස් ටික මම ලිව්වේ ගොඩාක් කරදර මැද…
ඉතින් ලස්සනට හිත හිත කතාව ලියන්න පුලුවන් උනේ නෑ මට… හැමදාමත් වගේ කතාව එක්ක රැදිලා හිටපු යාලුවෝ ඔක්කොටම ගොඩාක් ස්තුති …
ඉතින් මෙච්චර දවසකට මම ඔයාලට කියලා නෑ කතාව ගැන අදහසක් කියන්න කියලා…
හැබැයි මම අද කියනවා… පුලුවන් නම් මගේ කතාව ගැන ඔයාලාට හැගුන අවන්ක හැගීම වචන කීපයකින් කමෙන්ට් එකක් දාන්න..ලස්සනයි කියනවට වඩා වචන දෙක තුනකින් කතාව ගැන කියන්න හොදේ..
ඒක තමයි මම කතාව ලියලා ලබන වත්කම…
එහෙනම් අපි ආයේම ලස්සන කතාවකින් හමුවෙමු… ඒ වන තුරු නිහඩ වෙන්නම් ..බුදුසරණයි ඔයාලා හැමෝටම..
තව දෙයක් අරුන්දී කතාව ඔයාලා වගේම තවත්කෙනෙකුට කියවන්න සුදුසුයි කියලා හිතෙනවනම් ඉවර කරලා තියෙන ලස්සන කතාවක් ගැන කව්රුහරි ඇහුවොත් මේ තිලිනි නිම්සරාගේ අරුන්දී කතාව ගැන කියන්නත් අමතක කරන්න එපා හොදේ……
නැවත කතාවකින් හමුවම තුරු මම නිහඩ වන්නෙමි…
Oyage kathaawa mage jivitheta godak sameepai.mokad mage bf tath cancer aekak thiyanawa.aeekai.mata bayai arundita wage matath weid kiyala.😥❤