අහම්බෙන් හිමි වූ ඔයා… පසුවදන

පෙරවදනක් නොතිබ්බ කතාවෙ පසුවදනක් තියෙන්නෙ කොහොමද කියලා බලනවා ඇති ගොඩක් දෙනෙක්….

ඒකට හේතුව මුලින් කියලා ඉන්නම්….

“අහම්බෙන් හිමි වූ ඔයා…” කියන්නෙ #හසීගෙ හිතේ අහම්බෙන්ම ඇඳිච්ච සිතුවිල්ලක්…එහෙම කිව්වොත් මං හරී…
හීනෙකින්වත් මේ වගේ කතාව මගේ හිතේ මං ප්ලෑන් කරේ නෑ මේ කතාව ලියන්න ගත්තු පලවෙනි දවසෙ…

එකපාරට ආපු සිතුවිල්ලකට පළවෙනි කොටස ලිව්වෙ….
ඒ වගේම ඊළඟ කොටස් ගැන කිසිම අදහසක් තිබ්බෙත් නෑ….
ඒත් පළවෙනි කොටසෙන් පස්සෙ ඊළඟ කොටස් සියල්ලම මගේ අතින් ඔයාලා ආස විදිහට ලස්සනට ලිය වෙන්න ඇත්තෙ මගේ වගේම ඔයාලා හැමෝගෙම වාසනාව නිසා වෙන්නැතී…

අන්න ඒකයි ඒකට පෙරවදනක් නොතිබෙන්න ප්‍රධාන හේතුව….😌😌😌👆👆👆👆👆

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

ඊළඟට මං අහම්බෙන් හිමි වූ ඔයා කියන කතාව ගැන පොඩ්ඩක් කතා කරන්නම්…

අදිති…….😍👉 ලස්සන කොණ්ඩෙ දිගම දිග ගොඩාක් අහිංසක කෙල්ලෙක්….

මං හරිනෙ…..

හිතුවෙවත් නැති විදිහට තමන්ගෙ පොඩි මස්සිනා එක්ක විවාහ වෙන්න සිද්ද වෙනවා මේ අහිංසක කෙල්ලට…
මුලදි මස්සිනා ගැන තුන්හිතකවත් කැමැත්තක් නොතිබ්බත් අවසානය වෙද්දි එයාව නැතුවම බැරි වෙන්නෙත් මේ අදිතිට තමයි…. නේද…?

තුහින….😍👉 කඩවසම්…දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්…..අපේ අදිතිගෙ පොඩි මස්සිනා…

පෙර පිනකට තමන් විවාහ වෙන්න සිටි සංකර ගෑණු ළමයා වෙනුවට තමන්ගෙ හිත බලාපොරොත්තු වෙච්ච විදිහට අදිති වගේ අහිංසක චාම් කෙල්ලෙක්ව විවාහ කරගන්න ලැබෙන වාසනාවන්ත කොල්ලෙක්…
මං හරි නේද….
දැක්ක වෙලාවෙ ඉඳන් අදිති වෙනුවෙන් ඒ හිතේ මහ ගොඩක් ආදරේ පිරුණත් ඒ ආදරේ අදිතිට දැනෙන්න හැරලා තමයි ඒ ආදරේ ගැන අදිතිට කියන්නෙ…..
තමන්ගෙ හිත ගත්ත ඒ කෙල්ලව කොහොම හරි තමන්ගෙ කරගන්නවා කියන හැඟීමෙන්…අදිති අකමැත්තෙන් වුණත් ඇයව මොහු විවාහ කරගන්නෙ ඒ වෙද්දිත් කෙල්ල ගැන හිතේ මහ ගොඩක් ආදරේ පුරවගෙන…..
අන්තිමට තමන් ඇයට දෙනවා වගේම ආදරයක් ඇයගෙන් තමන්ට හිමි වෙන්නෙත් පෙර පිනකට වගේ…..
ඒ තමයි තුහින…..

ඉතින් මේ දෙන්නට ඔයාලා කොච්චර ආදරේ කරන්න ඇතිද…..
මාත් ආදරේ කලා…..තාමත් ආදරෙයි…..ඉස්සරහටත් ආදරෙයි……මොකද ඒ දෙන්නව මැව්වෙ මම නිසා…..

ඉතින් දන්නවා පෙරවදනක්වත් නොලියා නිකමට වගේ පටන් ගත්ත කතාව අවසානය වෙද්දි ඔයාලගෙ දවසේ නැතුව බැරි අංගයක් වුනා කියලා…
ඒ වගේමයි මට….
කතාව නොලියා ඉන්න ගොඩාක් අවස්තා වල සිද්ද වුණත්…ඒ හැම දවසකම අදිතියී තුහිනයි මගේ හදවතේ හිටියා…..

ඔයාලට කොහොම දැනුණද කියන්න මං දන්නෙ නෑ….මොකද මට හිත් කියවන්න බෑ…
ඒත් මං දන්නවා මගේ කතාවට ආදරේ කරපු පිරිසක් ඉන්නවා…..

මං මේ කියන්නෙ මගේ හිතේ හැඟීමක්…

“අහම්බෙන් හිමි වූ ඔයා…” කියන කතාවට මගේ හදවතේ සියුම් තැන් පවා ස්පර්ශ කරන්න පුළුවන් වුනා….
මං කතාවෙ කතෲ වෙලත් ඒකෙ වෙනසන් වුනේ නෑ…..
මං මගේම කතාවෙ ආදරණීය…කතාවට මහ ගොඩක් ආදරේ කරපු…පිස්සුවෙන් වගේ මගේම කතාව කියවපු පාඨකයෙක් කිව්වොත් ඔයාලා පිළිගනීද දන්නෙ නෑ….ඒත් ඒක එහෙමයි….
දුකින් හිටපු වෙලාවට වුණත්…කතාව ලියලා මං ඒ හැම දුකක්ම නැති කරගෙන කතාව නිසා සතුටක් ලබා ගත්තු අවස්තා බොහොමයි….

කොටින්ම කියනවා නම්…මං කතාව ජීවත් කලා නෙවෙයි….ගොඩක් වෙලාවට මාව ජීවත් කලේ මේ කතාව…..

ඉතින් ලස්සන අවසානයක් දෙන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි මහගොඩක්…

ඒ වගේම සමහරු ඇහුවා මගෙන් තුහින කියන්නෙ මගෙ මස්සිනාද කියලා….😂😂😂🔫

මෙහෙමයි…..ඉතින් මං කතාවෙ මුලදිම කිව්වා කතාවෙ බොහෝ චරිත ජීවමානයි කියලා…තුහින වගේම අදිති කියන්නෙ ජීවමාන අය…

දැන් ඔයාලා බලයි මං දන්න තුහින වගේ ක්‍රිකටර් කෙනෙක් ඉන්නවද කියලා…

නෑ….මං මේ චරිත ජීවමානයි කියන්නෙ වෘත්තීයමය මට්ටමින් නෙවෙයි….ඒ චරිත වල හැසිරීම් රටාවෙන්….

තුහිනගෙ චරිතෙ මං ගොඩ නැගුවෙ මගෙ මස්සිනාගෙ චරිතෙන් තමයි…😍😍😍 ( හැබැයි ඌ ක්‍රිකටර් කෙනෙක් නෙවෙයි…😂🔫)

දැන් හිතන්න එපා අදිතිගෙ චරිතෙ ගත්තෙ මං මගේ හැසිරීම් වලින් කියලා..
කොහෙත්ම නෑ……

අදිතිගෙ හැඩරුව ඒ වගේම ඒ වගේම ගොඩක් හැසිරීම් මං ගත්තෙ මගේ අක්කා දිහා බලලා….( හැමදේම ගත්තා කියන්න බෑ….මොකද අක්කට වගේ වාචාල හැකර කටක් මං අදිතිට දුන්නෙ නෑ 😂😂😂🔫)

ඉතින් ඔන්න ඔහොමයි වුනේ…..

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

ඉතින් මේ කතාව තනියම මං ලිව්වට…මට මේ කතාව ලියන්න අත දුන්න අය ගොඩයි….මේක අවස්තාවක් කර ගන්නවා ඒ ස්තූතියට…

මුලින්ම……මගේ කතාව කියවපු…පාඨක පිරිස…..
කතාව තුළ තිබ්බ එකම එක වචනයක් හරි කියෙව්වා නම්…ඒ හැමෝටම මේ ස්තූතිය අයිතී….

මොකද රචකයෙක්ගෙ පැවැත්ම තියෙන්නෙ ඔයාලා කියන පාඨක පිරිස මත…..

රචකයෙක් කතාවක් ලිව්වට වැඩක් නෑ කියවන්න පාඨකයො නැත්තන්න්…..

ඉතින් ආයෙම වතාවක් ස්තූතීයී ඔයාලා හැමෝටම….

ඒ වගේම ඉතින් මගේ පළවෙනි කතාවෙ ඉඳලම නංගි මෙහෙම කරපන්…නංගි මෙහෙම හොඳයි…මේ කවිය දාහන් කිය කිය මගේ ළඟින් හිටපු මගේ අක්කලා දෙන්නා….
නතාෂා ඇන්ඩ් ප්‍රසාදි…..ඒ මල සමයම් දෙකත් හැමදාම වගේ මගේ කතාව එක්ක රැඳිලා හිටියා….බොහොම ඉස්තූතීයී බොලාලා දෙන්නට ඈහ්….

ඒ වගේම මගේ පාප මිතුරු කැල….තොපිලාවත් ආදරෙන් මතක් කරනවා…..
දේවො….තෑන්ම්ක්ස් ෆන… ඔයා මං වෙනුවෙන්..මගේ කතා වෙනුවෙන් කරන දේවල්…මට මතක් කරලා තෑන්ක්ස් කරලා අපේ ෆ්‍රෙන්ඩ්ශිප් එක බාල්දු කරන්න ඕන නෑ…උම්මා…

තව විශේෂෙන් කියන්න දෙතුන් දෙනෙක් ඉන්නවා……
මං කරපු යම් යම් ගොන් කම් නිසා මට කතාව දාගන්න බැරි වෙච්ච අවස්ථාවකට මුහුණ දෙන්න වුනා….
මං ඒ ගැන නාහෙන් අඬ අඬ කරගන්න කිසිම දෙයක් නැතුව කතාව දාගන්න බැරුව ඉද්දි….මට උදව් කලේ මගේ Isuri Madushani අක්කි….ඔයාට ස්තූතී කරන්නෙ නෑ ඉතින්…තැන්කූ කිව්වාම බනිනවනෙ ඔයා….
ඒත් ඔයාව මතක් කරන්නම එපැයි ඉතින්…

තව ඉන්නවා…..Upeksha Rupasinghe අක්කි…( හීන මන්දාරම writer ) මගේ හැම ප්‍රශ්නෙකදිම මගෙ ළඟින් හිටියට ස්තූතීයී අක්කො…ඒ වගේම Shalini Kavindi අක්කි…( ස්නේහා writer ) ඔයත් මගේ ප්‍රශ්න වලදි මට අනන්ත උපදෙස් දෙනවා…හැමදාම කතාව කියවලා මට උපදෙස් දෙනවා කතාව ගැන……
හැමදේටම ස්තූතීයී…..

ඒ වගේම කතාව ඇල්බම් කරගන්න විදිහක් නැතුව ඉද්දි මගෙන් අහන්නෙවත් නැතුව මගෙ කතාව ගෲප් එකේ ඇල්බම් කරේ Sanduni Saduni Rashmika අක්කි ඔයාටත්… Sachi Rasanjali අක්කි ඔයාටත් ගොඩාක් ස්තූතියි…

තවත් ඉන්නවා….😂😂😂😂😂😂

හසීගෙ පළවෙනි කතාව #දෙව්දු…ඒත් #හසීව ඔයාලා ගොඩක් දෙනෙක් අඳුනගන්නෙ අහම්බෙන් හිමි වූ ඔයා කතාවෙන්….

ඉතින් එහෙම අඳුරගත්ත සහෝදර සහෝදරියන් ගොඩ දෙනෙක්ම මේ වෙද්දි හසීට ඉන්නවා….

හැමෝම මතක් කරන්න බැරි වෙයි….ඒත් Akila Lakshani අක්කො….ඔයාව අමතක කරන්නෙ නෑ කවදාවත්….
ඒ වගේම දිනිති පැතුම්කා අක්කො…මං කතාව නිසා දුකින් ඉන්න හැම වෙලාවෙම වගේ ඔයාට මාව තේරුනා….ස්තූතීයී….
ඒ වගේම මගේ අක්කි පණ…..ඔයාව අමතක කරයි කියලද හිතුවෙ….Menaka Weerasinghe අක්කි…..ආදරෙයි ගොඩක්…..
තව ගොඩාරියක් ඉන්නවා…..නම් වලින් කියන්න බැරි තරම්….තරහා වෙන්න එපා හසී එක්ක එයාලා…….
මේ හැමෝටම ආදරෙයි හසී මහ ගොඩක්…
ඉතින්…….

#හසී

පෙර කල පවක් සිතුනත් එදා… නොහිතමි එය වැරදුමක් සිතා.. වැටෙන හුස්මට පවා… සිතෙන්නෙනනම් දැන් මෙය තමා… සංසරේ මා කල පිනින් තමා… මට අහම්බෙන් හෝ හිමි උනේ ඔයා…

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

4 Comments

  1. Mara lassana kathawak A/L walat padam karann thiyeddith kathwa kiyawnna gaththe free time eke kiywnn.. but mt eka kiywnne nathuwa inn bari una… mara lassanaaiii 💗

Leave a Reply

Your email address will not be published. Required fields are marked *