අහම්බෙන් හිමි වූ ඔයා… 02

02 කොටස

” මොකද්ද….? ” එයා මං දිහාම බලාගෙන ඇහුවා…

” ඔයා මාව බඳින්න කැමති වෙන්න එපා චූටි අයියෙ……ඔ…ඔ..ඔයාට මාව ගැළපෙන්නෙ නෑ…”

මං වචන එකතු කර කර එයා දිහා හොරෙන් බල බල කිව්වෙ එයා මොනව කියයිද කියලා බයෙන්…

ඒත් ඇත්තටම මං කිව්වෙ ඇත්ත නේද…එයාට මාව කොහොමටවත් ගැළපෙන්නෙ නෑ…. එයා කවුද මං කවුද…මං නිකන්ම නිකන් කෙල්ලෙක්…එයා වර්ල්ඩ් ෆේමස් ක්‍රිකට කෙනෙක්….
එහෙම එකේ මං එයාගෙ ෆයිෆ් වෙන්න සුදුසු නෑ….

මං බිම බලන් හිටියෙ එයාගෙ මූණ දිහා බලන්න බැරිකමට….ඒත් එයාගෙන් කිසිම උත්තරයක් නැති තැන මං ඔලුව උස්සල බැලුවෙ එයා දිහා….
තාමත් එයා මං දිහා බලාගෙන….
මං බලනවත් එක්කම මගේ ඇස් ඒ ඇස් එක්ක පැටලුනේ මටත් නොදැනිම….
තප්පර ගානක් අපි එහෙම ඇස් දිහා බලන් ඉන්නැති….හිතට නුහුරක් දැනෙද්දි මං ඉක්මනට බිම බලාගෙන එතනින් යන්න හැදුවෙ ලැජ්ජාවට මාව රතු වෙනවා කියලා දැනෙද්දි…

” අදිති…” ඒත් මං එක තැනම ගල් ගැහුනෙ එයා මගෙ නමින් කතා කරද්දි… මං පිටිපස්ස හැරුණා නෙවෙයි හැරවුණා කිව්වොත් හරි…

” මට මගේ අම්මට උඩින් කිසිම දෙයක් කරන්න බෑ….ඒ නිසා මට ඔයා කියන විදිහට මේකට අකමැති වෙන්න බෑ….” චූටි අයියා මගේ මූණ දිහා කෙලින් බලන් කිව්වෙ මේ කසාඳෙ ස්ථීරයි කියන්න වගේ….

අනේ දෙයියනෙ….මොනව කියන්නද කියලා හිතාගන්න බැරුව මං පුදුමෙන් ඒ මූණ දිහාම බලන් හිටියෙ හිත උදාසීන වෙද්දි…මං හිනා වෙන්නද අඬන්නද….
කිසිම දෙයක් තේරුන් ගන්න බැරුව මං එතනම ගල් ගැහිලා එයා දිහා බලන් ඉද්දි මං මේ ලෝකෙට ආවෙ මගේ බාප්පගෙ දුව ටියානා නංගිගෙ කටහඬට…

” ආහ්…ශේප් එකේ නැන්දව අල්ලගත්තා මදිවට…දැන් අයියවත් අල්ලගන්නද හදන්නෙ…” ටියානා මං දිහාට රවලා එහෙම කියලා චූටි අයියා ළඟට ගිහින් එයාගෙ අතක එල්ලුනා…

මන් පාඩුවෙ කටවහන් එතනින් යන්න හැදුවෙ…කොහොමත් බාප්පලත් අපිට පෑහෙන්නෙ නෑ….එයාලටත් නැන්දලට වගේම සල්ලි තියන නිසා එයාලත් ජීවත් වෙන්නෙ අනිත් මිනිස්සුන්ට වඩා අඩි දහයක් විතර උඩින්.
මේ තාම අවුරුදු 17ක පුංචි කෙල්ලෙක් කියන ඒවා කවුද ගනන් ගන්නෙ… මං කටවහන් එන්න ආවෙත් ඒකමයි…
අනිත් එක නැන්දා ඇවිත් මගෙන් අයියව බඳින්න කියල ඉල්ලුවා මිසක් මං පස්සෙන් ගිහිල්ලා නැන්දව අල්ලගත්තෙ නෑ…අනිත් අය මොනව කිව්වත් මම මං ගැන දන්න නිසා මං පාඩුවේම කටවහන් ආවා…

” අනිත් එක ලැජ්ජ නෑ…මෙච්චර රෑ වෙලා කොල්ලෙක්ගෙ රූම් එකකට එන්න…තර්ඩ් ක්ලාස් පීපල්…” මං කාමරෙන් යද්දි ටියානා තව මොන මොනවදෝ කියනවා මං අහගෙන…

එතකොට දැන් එයා කෙල්ලෙක් නෙවෙයිද දන්නෑ….චූටි අයියත් පිට්ටු ගිලල වගේ කටවහන් හිටියනෙ…
හ්ම්ම්…සමහරවිට එයත් නැන්දලා,ටියානලා වගේම වෙන්නැති….අපි සාමාන්‍ය මිනිස්සු වුණ එක එච්චරම වරදක්ද…
මං එයාගෙ නංගි කෙනෙක් නෙවෙයිද….මට ඇති වුනේ කලකිරීමක්…

” චූටි දූ…එන්න..දැන් අටත් පහු වෙලා…අපි යමු….” අම්මා ඇවිත් මගෙ ඔලුව අතගාලා කිව්වෙ හිතේ ලොකු දුකක් තියාගෙන කියල නම් විශ්වාසයි…ඒක මට අම්මගෙ ඇස් වලින් පෙනුනා….

” හා අම්මේ…ඉන්න මං කට්ටියට කියලා එන්නම්…”

මං වැඩිහිටි හැමෝටම වැඳලා කතා කරලා ආවා…බාප්ප නම් මං වැන්දා කියල ගනන් ගත්තෙවත් නෑ…චූටි අයියට කියල එන්න යන්න හිතුනත් ආයෙම එපා කියල හිතුනෙ කලින් වෙච්ච සිදුවීම නිසා…
ටියානගෙන් තව තව කතා හදාගන්නෙ මොකටද…පොහොසත් මිනිස්සුන්ට තමන් කරන වැරදි නොපෙණුනට අපි වගේ සාමාන්‍ය මිනිස්සු කරන මොන දේ වුනත් වැරදියටනෙ පේන්නෙ…

මං නැන්දටත් වැඳලා කතා කරලා එන්න කලින් නැන්ද මාව බදාගෙන දහපාරකටත් වැඩිය කිව්වෙ හිත වෙනස් කරගන්න එපා කියලා…
වෙලාවකට නැන්දා එක්කත් තරහ හිතෙනවා…එයාට අපිව මතක් වුනේ මේ වගේ කරදරයක් වෙච්ච නිසාම විතරයි..නැත්තන් මං කියල කෙනෙක් ඉන්නවද කියලවත් මේ කාටවත්ම ගානක් නෑ….

අපි ගෙදරින් එළියට ආවෙ ඔක්කොම නෑදෑයො ටික දොරකඩට එද්දි… එලියට බැහැලත් කට්ටියට ආපහු යනවා කියලා ගේට්ටුවෙන් එලියට යන්න හදද්දිම මං නිකමට ආපහු ගේ දිහා බැලුවෙ හිතුන නිසා….
එක පාරම දැක්කෙ උඩ බැල්කනි එකේ ඉදන් අපේ පැත්ත බලන් ඉන්න චූටි අයියව….මං දැක්ක නිසාද කොහෙද එයා ටිකක් වෙලා අහක බලන් ඉදලා එතනින් යන්න ගියේ මගේ හිතෙත් පොඩි දුකක් ඉතුරු කරලා…එවලෙම චූටි අයියගෙ කාමරේදි ටියානා කිව්ව දේවල් මතක් වෙද්දි මට හිතුනෙ එයා මාත් එක්ක තරහින් ඇත්තෙ කියලා..එයත් හිතනවා ඇති මං නැන්දගෙ හිත දිනාගෙන බලෙන් එයාව බැදගන්න යනවා කියලා…

අපි ගෙදරට එනකන්ම තුන් දෙනාගෙන් කිසිම කෙනෙක් කතා කරන්න කට ඇරියෙවත් නෑ… අම්ම නම් එළිය බලාගෙන ලේන්සුවෙන් කඳුළු පිහිදනවා මං බලාගෙන…
එහෙම නොවුණොත් පුදුමයි…
අම්මා කෙනෙක් තමන්ගෙ දුවගෙ කසාදේ ලස්සනට ගන්න කොච්චර හීන මවනවද… තමන්ගෙ දුව කසාදෙන් පස්සෙ වෙන් වෙලා වෙන ගෙදරකට ගියත් ඒ දවස එනකන් අම්මලා මග බලනවා…
ඒත් මෙහෙම එක පාරටම තමන්ගෙ දුවගෙ කසාදෙ වෙන්න යද්දි මොන අම්මටද ඉවසන්න පුළුවන්…

තාත්ත නම් කිසි කතාවක් නෑ….එයා හුඟක් මේ වෙලාවෙ අසරණ වෙලා….
දැන් වෙන මොනව කරන්නද….චූටි අයියට කිව්වට එයත් මේකට අකමැති වෙන්න බෑ කියල කිව්වා….
මට මනමාළියක් වෙලා ඒ ගෙදරට යන්නම වෙනවා….

” මං කොහොමද දෙයියනේ හිතහදාගෙන ඒ ගෙදරට මට ඉන්න එකම කෙල්ලව යවන්නෙ….
ඒකත් ඒ ගෙදරට….. අක්කල කොහොම අයද කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕනද සරත්… මගෙ කෙල්ලට කොච්චර වෙනස් කම් කරයිද…අපි දෙන්නට කලා වගේම…. “

අම්මා තාත්ත එක්ක කියනවා මං අහගෙන…
හිතුවා වගේම අම්මා මං ගැන හිත කරදරෙන්…
මං පොතක් දිග ඇරගෙන හිටියත් පාඩම් කරන්නෙවත් කොහොමද…
හෙට මං කසාඳ බඳිනවා…. හිතන්නවත් පුළුවන්ද….

” අක්කා ඒ වගේ වුණාට…පොඩි පුතා එහෙම නෑ විජිතා….ඒ ළමයා හොඳයි….කෙල්ල මේකට හා කියපු නිසයි මාත් කැමති වුනේ..කෙල්ල අකමැත්තෙන් මං කිසිම දෙයක් කරන්න කියල බල කරන්නෙ නෑ කියලා දන්නවනෙ…” තාත්ත කිව්වෙ අසරණ වෙලා වගේ…

අම්මගෙ වචන වලින් ඒ හිත තවත් රිදෙනවා ඇති…. මං දිග ඇරගෙන හිටපු පොත පැත්තකින් තියලා අම්මල හිටි දිහාවට ගියේ ඇස් වලින් කඳුළු බේරෙද්දි…වෙනදට මං නිසා හිණාවුනු මගෙ අම්මයි තාත්තයි අද මං නිසාම අඬනවා….
කොහොමද හිත දරාගන්නෙ…
මං කාමරේට ගිහින් දොර රෙද්ද ඈත් කරලා බැලුවෙ ඒ දෙන්න දිහා..

” මගෙ දූ….අම්මා ළඟට එන්න මැණික…” අම්මා මට කතා කලේ ඇස් වල කඳුළු පිහිදාගෙන…

” මගෙ දූ ඇත්තටම මේ කසාදෙට කැමතිද මයෙ අම්මා…” අම්මගෙ ළඟින් බිම ඉදගෙන ඒ ඔඩොක්කුවෙන් ඔලුවට තියාගත්තට පස්සෙ අම්ම ඇහුවෙ මගෙන් ඔලුව අතගගා…

මං නෑ කිව්වොත් මොනව වෙයිද… මගෙ තාත්ත එයාගෙ පවුලෙ කට්ටිය ඉස්සරහ කොන් වෙයි..මේ ඉන්නවටත් වඩා…මං කොච්චර මේ දේට අකමැති වුනත් මං මුකුත්ම නොකිය මුනිවත රැක්කෙ ඒකමයි…

” තාත්තට කියන්න දෝණි…කැමති නෑ කියලා…ඔයා කොහොමද ඒ වගේ උන් එක්ක මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්නෙ…” අම්ම කිව්වෙ මගේ මූණ දෝතටම අරන්…

මං බැලුවෙ ජනේලෙන් එලිය බලාගෙන කල්පනා කරන තාත්තා…අනේ මගෙ තාත්තා කොච්චර පව් ද…තීරණ දෙකක් මැද්දෙ කොච්චර අසරණ වෙලාද….
අවුරුදු විසිදෙකක් මාව මහන්සියෙන් දුක් විදලා හැදුව මගෙම තාත්තට මං කොහොමද තව ප්‍රශ්නයක් ඉතුරු කරන්නෙ…

” මං කොහොමහරි ඉන්නම් අම්මා….” මං කිව්වෙ අම්මගෙ මූණ දිහා බලලා උවමනාවෙන්ම හිනා වෙන ගමන්…

” නෑ මගෙ දෝණි බොරු කරන්නෙ…දූ තාත්ත ගැන හිතලයි මේකට කැමති වුනේ…අනේ සරත්…අපි මේක අක්කලට කියලා නවත්තමු සරත්…ඔයාට ඕන මගෙ කෙල්ලගෙ ජීවිතේ කාලකන්නි වෙනවා බලන්නද…” අම්මා තාත්ත ළගට ගිහින් අඬ අඬම කිව්වෙ තාත්තගෙ අතින් ඇද ඇද…

” මං අක්කලට වචනයක් දුන්නා විජිතා….” තාත්ත එහෙම කියලා අඟිල්ලකින් ඇස් කෙවෙනිය පිහිදගත්තෙ ඒ කඳුළු මට පේනවට හංගගෙන වගේ….

අම්මත් අඬලා අඬලා නිදාගන්න එද්දි පාන්දර එකයි….නැන්ද කිව්ව විදිහට තව පැය දෙකකින් විතර මාව ඩ්‍රස් කරන්න බි‍යුටීශියන් එයි…

නිදාගන්න කියල කාමරේට ආවත් නින්ද අහලකවත් නැති තරම්…. තව පැය කිහිපයකින් මං චූටි අයියගෙ මනමාළි වෙලා එයාගෙ නීත්‍යානුකූල බිරිඳ වෙනවා…ඒ ගැන හිතද්දිත් පපුව ගැහෙන්න වගේ…
නින්ද ගියේම නැති තරම්..

පාන්දර 3.00ට හරියටම මාව ඩ්‍රස් කරන ගෑණු කෙනා ආවෙ අපේ ගෙදරට… මගේ මූණෙ මේකප් තට්ටු ගනන් උලනකන් මං මේ ලොකෙ නෙවෙයි හිටියෙ…මං හිටියෙ ඉස්සරහට වෙන දේවල් මොනවගේ වෙයිද කියල හිත හිත… ඇස්වල,කම්මුල්වල,තොල්වල, බෙල්ලෙ එක එක ඒවා සැරින් සැරේ ගානකන් මං පණ නැති මල කඳක් වගේ ඔහේ හිටියා…
පස්සෙ මාව ලස්සන පර්ල් වයිට් ඔසරියකිනුයි මාල හතෙනුයි හැඩ වෙද්දි මං මගෙ රූපෙ දිහා කණ්නාඩියෙන් බැලුවා…
මේ මමද කියල මට හිතාගන්නත් බැරි තරම්…

” ඔන්න ඔක්කොම හරි….ඔයා තමයි මම අන්දපු ලස්සනම බ්‍රයිඩ්….ඔයාගෙ හෙයාර් එකටයි ..ස්කින් කලර් එකටයි මේ සාරි එක හොඳට මැචින්…වෙන කෙනෙක්ට මහපු එකක් කියල හිතන්නවත් බෑ….” ඒ මාව ඩ්‍රස් කරන්න ආපු අක්කා…

” ලස්සනයි මගෙ දූ…” අම්මා මගෙ නළල ඉඹලා කිව්වෙ උතුරා යන ආදරෙන්…
කොච්චර හිත ඇතුළෙන් හඬා වැලපුනත් එයා උදේ ඉදන් මගෙ ඉස්සරහ හිනා වුනා….
අම්මගෙ අතින් තැල්ල තිබ්බට පස්සෙ මං කාමරෙන් එළියට ගියේ තාත්ත කඳුළු පිරිච්ච ඇස් වලින් මං දිහා බලන් ඉද්දි…
ඇත්තට මං තාත්‍ත අඬනවා මේ අවුරුදු 22ටම නොදැකපු තරම්…
ඒත් අද තමන්ගෙ දුව මෙහෙම මනමාළියක් වෙලා දකිද්දි ඕනම තාත්‍ත කෙනෙක් මෙහෙම වෙන්නැති….
අම්මටයි තාත්තටයි දණගහලා වැඳලා නැකතට අපි ගෙදරින් පිටත් වුනේ හොටෙල් එකට යන්න…

අම්මා කාර් එකේ ඉදන් හොටෙල් එකට යනකන්ම කියලා දුන්නෙ මගෙ අනාගත සැමියට මගෙන් වෙන්න ඕන යුතුකම්… ඊයෙ රෑ කියන්න සිහියක් නොවුනත් අම්ම අන්තිම මොහොතෙ හරි හිතහදාගෙන…ඒත් කොහොම කියන්නද අම්මා…අම්මගෙ චූටි දූ දැන් අනාගතේට ගොඩක් බයයි කියලා….කොහොමද කියන්නෙ අම්මගෙ චූටි දෝණිගෙ හිත කාටත් හොරෙන් අද හොඳටම අඬනවා කියලා…..

කාර් එක ඇවිත් ගලදාරි එක ළග නතර කෙරුවට පස්සෙ මං ඉන්න පැත්තෙ දොර ඇරලා කවුරුහරි මට අත දුන්නෙ එළියට බහින්න…මාත් සාරි එක සිහියෙන් හිටපු නිසාම සාරි එකයි මල් බොකේ එකයි අල්ලගෙනම අමාරුවෙන් කාර් එකෙන් බැස්සෙ අර අතට වාරු වෙලා….එළියට බහිද්දිම සාරි එකේ පැටලිලා මාව වැටෙන්න යද්දි මගේ ඉන වටකරලා අත දාල මාව වැටෙන්න නොදී බේරගත්ත ඒ කෙනාගෙ මූණ දිහා බැලුවෙ තාමත් ඒ අත මගෙ ඉන වටේටම බැඳිලා තිබ්බ නිසා…..

මගෙ මූණටම එබිලා මං දිහාම බලාගෙන ඉන්න ඒ කෙනාගෙ ඇස් වල මං ආපහු වතාවක් පැටළුනේ මටත් නොදැණිම…. ඒ වෙන කවුරුත් නෙවෙයි…

🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

මතුසම්බන්ධයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *