අහම්බෙන් හිමි වූ ඔයා… 04

04 කොටස

” නෑ නෑ….ඒක ඕන්නෑ…” චූටි අයිය කිව්වෙ හරියටම මගේ හිතේ තිබ්බ දේවල් කියවලා වගේ….

චූටි අයියා ඒ ෆොටෝ එක ගන්න එපා කිව්ව නිසා හිතට සහනයක් දැනෙද්දි මං උඩට ගත්ත හුස්ම පහළට දැම්මා…

පෝරුවේ චාරිත්‍ර ටිකක් දවල් වෙද්දි ඉවර වුනා…
ලස්සන සුදු රත්තරං වලින් හදවපු මුද්දක් එයා මගෙ ඇඟිල්ලට දැම්මෙ පෝරුවේදි… මාත් මගෙ අතට දීපු මුද්ද චූටි අයියගෙ ඇඟිල්ලට දැම්මෙ බයෙන් බයෙන්…

ඊළඟට තිබ්බෙ අපි දෙන්නා නීතියේ හැටියට ස්වාමිපුරුෂයා හා භාර්‍යාව වශයෙන් අත්සන් කරන කටයුත්ත…

හදවත ගැහුනෙ පොඩ්ඩක් නෙවෙයි මහ ගොඩක්…අද මේ පුංචි අත්සනකින් මගේ මුළු ජීවිතේම චූටි අයියට භාර වෙනවා කියල හිතද්දිත් ඇඟට පණ නෑ වගේ…

” ආරියරත්න මුදියන්සේලාගේ තුහින දුශේන් ආරියරත්න වන මම මෙහි සිටින පූජාගොඩගේ අදිති ශාවින්ද්‍යා දිවිසේකර යන අයව මාගේ නීත්‍යානුකූල භාර්‍යාව වශයෙන් භාර ගන්නා බවට දිව්රා පොරොන්දු වෙමි…”

රෙජිස්ටාර්වරිය කිව්ව විදිහටම චූටි අයියා ඒ වචන අනුකරණය කලේ මං දිහත් වතාවක් බලලා…ඒ මූණෙ දුකක සේයාවක්වත් නැති හැටි ගැන මට හරි පුදුමයි…
වෙන කෙනෙකුට නම් තමන් ආදරේ කරන කෙනාව කසාද බඳින්න නොලැබීම කොච්චර දුකක්ද…

ඊට පස්සෙ තිබුනෙ මගේ වාරෙ…

” පූජාගොඩගේ අදිති ශාවින්ද්‍යා දිවිසේකර වන මම මෙහි සිටින ආරියරත්න මුදියන්සේලාගේ තුහින දුශේන් ආරියරත්න යන අයව මාගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා වශයෙන් බාරගන්නා බවට දිව්රා පොරොන්දු වෙමි…”
මං ගැහි ගැහි වුනත් ඒ ටික කියල දැම්මෙ එයා දිහා එකපාරකටවත් බලන්න එපා කියලා මගේ හිතටම කියන ගමන්…ඒත් එයා නම් මගේ දිහාම බලන් ඉන්න බව මං දැක්කෙ ඇස් කොනෙන්…

තත්පරෙන් තත්පරේ විනාඩි වෙලා විනාඩියෙන් විනාඩිය පැය වුනේ හරි ඉක්මනට… ඔය අතරෙ අපි ආපු හැම අමුත්තෙක් ළඟටම ගිහිල්ලා කතා කලේ නැටුම් ගැයුම් වලින් හෝල් එක සැරසෙද්දි….

” තුහිනගෙ බ්‍රයිඩ් තුහිනට මැරි කරන්න ප්‍රපෝස් කරපු ගර්ල් නෙවෙයි නේද…”

” ඒකනෙ…ඉන්විටේශන් එකේ තිබ්බෙ වෙන නේම් එකක් නෙහ්…”

” කෙල්ල පැනලා ගියාද දන්නෙ නෑ….”

ආපු සමහර අමුත්තො උපහාසයට කියපු කතා අපි දෙන්නගෙම කණ වැකුණට එයා ගානක් නොගෙන ගිහින් මාවත් ඇදගෙනම ඒ අය එක්කම කතා කලේ හිනා වෙලා…
ඒ කතා ඇහෙන හැමවතාවෙම චූටි අයියගෙ මූණ දිහා මං බැලුවා නෙවෙයි මට බැලුනා…

ලන්ච් එකෙන් පස්සෙ මාව ආපහු ඩ්‍රසින් රූම් එකට එක්කන් ගියේ ගොයින් අ වේ ඩ්‍රස් එකට චේන්ජ් වෙන්න….
මේකප් තව තට්ටු ගනන් උලලා නෙක්ලස් ඉයරින්ග්ස් මාරු කලේ ඊලඟට අඳින්න තියන ෆ්‍රොක් එකට මැච් වෙන විදිහට වෙන්න ඕන…
ඇත්තටම ඒක හරිම ලස්සන ගවුමක්… කෙහෙල් දල්ලෙ පාටට හුරු ලා කොළ පාටින් වර්ක් එක ගියපු සුදු අත් නැති ෆ්‍රොක් එක මටම මහලා වගේ…..
මේ හැමදෙයක්ම වෙන කෙනෙක් වෙනුවෙන් ලෑස්ති කරා වුනත් මටම ලෑස්ති කරපු දේවල් වගේ මට හරියටම හරිගියා…
හෙයාස්ටයිල් එකත් ටිකක් වෙනස් කරේ ඉස්සරහින් සයිඩ් එකට ඇවිත් පිටිපස්සෙන් මුදු මුදු වගේ පේන්න… ලස්සන ලා කොළ පාට මල් වලින් මගේ කොණ්ඩෙ සැරසුවෙ මට උදේ ඔසරිය අන්දපු අක්කමයි… ලිප්ස්ටික් එකත් ටිකක් ලයිට් කරලා එයා මාව කණ්නාඩියෙන් බලන්න සැලැස්සුවම මගේ ඇස් අදහගන්න බැරි වුනා…
ඇත්තට දැන් නම් මං චූටි අයියට ගැළපෙන්නෙ නැති සාමාන්‍ය කෙල්ලෙක් කියලා හිතන්නත් බෑ…

මාව එක්කන් යන්න ඩ්‍රසින් රූම් එකට ආපු චූටි අයිය මාව දැකලා මගෙ උඩ ඉදන් පහළටම බැලුවෙ මාව අද දැක්ක වගේ…ලැජ්ජාවක් දැනුණත් ඊට වඩා හිත කලබලෙන් හිටියෙ මට අම්මලගෙන් සමුගන්න වෙන වෙලාව ටික ටික ළං වෙන නිසා…
චූටි අයියත් නිළමෙ ඇඳුමින් මාරු වෙලා ෆුල් සූට් ඇදලා මගේ ෆ්‍රොක් එකට මැච් වෙන්න ලා කොල පාට ටයි එකක් දාල හිටියා… එයා වම් අත මගේ පැත්තට කරලා ඔලුවෙන් සන් කලේ එයාව අල්ලගන්න කියන්න වගේ…
කොච්චර ලැජ්ජ වුනත් මං මගෙ අතට මාව ඩ්‍රස් කරපු අක්කා දුන්න ගවුමට මැච් වෙන්නම ලා කොල පාට රෝස මල් වලින් පිරිච්ච මල් බොකේ එක එක අතකට අරගෙන අනිත් අතින් චූටි අයියගෙ වැලමිට වටකරලා අත දාගත්තෙ එයා දිහාත් හොරෙන් බලලා…

ඩ්‍රසින් රූම් එකෙන් හෝල් එකට ගියපු අපි දෙන්නා දිහා හැමෝම වගේ බැලුවෙ අපි මේ ඇදුම් වලට මාරු වෙච්ච නිසා වෙන්නැති…

නැටුම් ගැයුම් වැයුම් වලින් හෝල් එකම පිරිලා තියෙද්දි මටයි චූටි අයියටයි විශ් කරලා එනවුන්ස් කරගෙනම ඩාන්සින් ෆ්ලෝර් එකට ආවෙ අපේ ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එකේ තරුණ ප්ලේයර්ස්ලා ටික… ඒ වගේම ඒ පිටිපස්සෙන් එයාලගෙ වයිෆ්ලා ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ඇවිල්ලා සප්‍රයිස් ඩාන්ස් එකක් ඉදිරිපත් කලේ කට්ටිය හැමෝම වීඩියෝ කර කර හූ තියද්දි….

ඇත්තට ඒක නම් සප්‍රයිස් එකක්ම තමයි….අද වෙනකන් මං මේ හැම ප්ලේයර් කෙනෙක්වම ටීවී එකෙන් දැකලා තිබුනත් මෙච්චර ළගට දැකලා තිබ්බෙ නෑ…ඊටත් වඩා මේ සප්‍රයිස් එකේ එක අයිතිකාරයෙක් මම….
චූටි අයියත් පුදුම නොවුනා කිව්වොත් බොරු…එයාලා ඩාන්ස් කරද්දි සමහර ස්ටෙප්ස් වලට චූටි අයියා මෙහෙ ඉදන් හූ තිබ්බෙ සතුටින්….
ඒත් එක්කම සවිරු අයියයි එයාගෙ ගර්ල් ෆ්‍රෙනුයි ඩාන්ස් කරන එක නවත්තලා දුවගෙන අපේ පැත්තට ආවෙ මට හිතාගන්න බැරි වෙද්දි…

ඒ කරලා සවිරු අයියා චූටි අයියවත් , මාව ඒ අක්කත් ඇදගෙන ඩාන්සින් ෆ්ලෝර් එක පැත්තට එක්කන් ගියේ මගේ පපුව ගැහෙන්න ගද්දි…. හැමෝම කෑගහන්න ගත්තෙ අපි දෙන්නව ඇදන් ආවට…
ටිකක් වෙලා අපි දෙන්නව වට කරන් එයාලා ඩාන්ස් කරලා අපි දෙන්නව අපි දෙන්නට ළං කරලා එයාලා ඩාන්සින් ෆ්ලෝර් එකෙන් ගියෙත් ප්ලේ වෙච්ච වේග රිද්ම හින්දි ගීතෙ වෙනුවට රොමෑන්ටික් ගීතයක් ප්ලේ වුනෙත් එකටමයි….
ඒ එක්කම මුළු හෝල් එකේම ලයිට්ස් වල එළිය අඩු වෙලා අපි දෙන්නා හිටගෙන හිටපු තැන උඩින් තිබ්බ ලයිට් එක විතරක් ඕන් වෙලා තියෙද්දි අපි දෙන්නව විතරක් හෝල් එකේ කැපිලා පෙනුනේ මාව සීතලට වගේ වෙව්ලන්න ගද්දි…

” මචං තුහියා….කප්ල් ඩාන්ස් එකා…….ක්…” යාළුවො හැමෝම කෑගහන්න ගද්දි අමුත්තො හැමෝම බලන් හිටියෙ අපි දෙන්න දිහා…
මං නම් වෙන්න යන්නෙ මොනවද කියලා හිතාගන්න බැරුව තක්බීර් වෙලා ඉද්දි චූටි අයියා මගෙ එක අතක් අරන් එයාගෙ උරහිස උඩින් තියලා ඒ අතින්ම මගෙ ඉනෙන් මාව තවත් එයා ළඟට ඇදලා අරන් අනිත් අතින් මගෙ සීතල වෙච්ච අනිත් අත අල්ලගත්තෙ කට්ටිය ආපහු පාරක් හූ තියද්දි….

🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

හොඳම තැනින් නැවැත්තුවා කියලා කියන්න නම් එපා ඈ…දෙනවා ඩෝං ගාලා…. 🔫

මතුසම්බන්ධයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *