අහම්බෙන් හිමි වූ ඔයා… 05
05 කොටස
ඒ එක්කම සිංදුවේ තාලයට චූටි අයියා මාත් එක්ක දෙපැත්තට පැද්දුනේ කට්ටියගෙ හූ හඬ මැද්දෙ….
මං කොච්චර බය වෙලාද කියනවා නම් මාව වෙව්ලනවා මටම දැනෙනවා…
තත්පර ගානක් එහෙම අපි තාලෙට නටන්නැති…සමාවෙන්න…අපි නෙවෙයි…එයා….මං කලේ එයාගෙ රූකඩේ වගේ එයා කියන කරන විදිහට එහෙට මෙහෙට වෙච්ච එක….
කට්ටිය ඔක්කොම දැහැනකට සම වැදිලා වගේ මොකට බලන් ඉන්නවද මන්දා…
ඒ එක්කම හිතුවෙවත් නැති විදිහට චූටි අයියා මාත් එක්ක තාලෙට පැද්දෙන ගමන් එයාගෙ ඇස් දෙක වහගෙන මගේ නළල සිපගත්තෙ මං ගැසුසුණු පාරට මං අල්ලන් හිටපු එයාගෙ අතයි…උරහිසයි හයියෙන් මගෙ අතින් තවත් තද වෙද්දි…
එයාටත් මං ගැස්සුනා කියන එක තේරුණේ මගෙ අතින් එහෙම වෙච්ච නිසා කියලා නම් විශ්වාසයි…
එයා ටිකක් වෙලා මං දිහා බලාගෙනම ඉදලා සිංදුව ඉවර වෙනවත් එක්කම මාව බදාගත්තෙ කට්ටිය අත්පොලසන් දෙද්දි….
” ජස්ට් අ ඇක්ට්…” එයා මාව බදාගෙන ඉද්දිම මගේ කණට කරලා එහෙම කිව්වම මං එයාගෙන් ඈත් වුනේ හිතේ ඇති වෙච්ච තරහටද දුකටද කියන්න මං දන්නෑ….
ඒත් එක්කම මගේ ඔලුවට එක පාරට ආවෙ එයා කියපු කතාව…එයා මේ හැමදෙයක්ම කරන්නෙ මිනිස්සුන්ගෙ අවදානය හැමතිස්සෙම අපි දෙන්නගෙ පැත්තට තියන නිසා…
ඒක තේරුම් නොගන්න තරම් මං බබෙක් නෙවෙයි….
මට චූටි අයියා ගැන ඇති වුනේ ලොකු කල කිරීමක්…
මීඩියාස් වලිනුත් ඇවිත් අපිව වීඩියෝ කරන්න ගත්තෙ චූටි අයියා එයාගෙ මහලොකු රඟපෑම ඉදිරියටම කරන් යද්දි….
ඒ හැමවෙලාවෙම මටත් එයාගෙ රඟපෑමට එකතු වෙන්න වුනා…
මට මං ගැනම අනුකම්පාවක් දැනුනා කිව්වොත් හරි….
ඒත් මංම මගෙ හිත හදාගත්තෙ වෙන ඕන දේකට මූණ දෙනවා කියලා අධිෂ්ඨාන කරගන්න ගමන්…
මොකද දැන් ආපහු හැරෙන්න බෑ….කොහොමටවත් බෑ…. දැන් මං එයාගෙ නීත්‍යානුකූල බිරිඳ…එයා පිළිගන්න අකමැති වුනත්…
අපි දෙන්නට අපි දෙන්න ගැන කැමැත්තක් නැති වුනත් එයා මගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා…
ඒ දේ මතක් කරගෙන මං ඉතිරි පැය ටිකත් ඉවසගෙන හිටියා….
අද දවස මගේ ජීවිතේ ලස්සන දවසක් නොවුනත්….මං අනිත් හැමෝම වෙනුවෙන් හිනා වෙන්න හිත හදාගත්තා….ඔව්… මගේ දෙමව්පියන් වෙනුවෙන්…මං කොහොමහරි මේ දේට මූන දෙනවා…
ටිකෙන් ටික අපි පිටත් වෙන වෙලාව ළං වුනත් මගේ හිතේ නම් කිසිම සතුටක් තිබ්බෙ නෑ…
වෙඩින් එක එක දවසකට ගන්න ප්ලෑන් කරලා තිබිලා තියෙන නිසා මේ රඟපෑම කරන්න ඕන පිට මිනිස්සු ඉස්සරහා අද විතරයි…ඒත් ඉස්සරහට එන හැම දවසක් ගානෙම පව්ලෙ අය ඉස්සරහා මේ විදිහට මම ඉන්න ඕන…
මං අම්මව බදාගෙන අඬන්න ගත්තෙ අපි හෝල් එකෙන් පිටත් වෙන්න හදද්දි….
තාත්තාත් මං ළඟින් ඉදන් කඳුලු හංගගෙන හිනා වෙන්න හැදුවා…මං දෙන්නවම බදාගෙන ඇඬුවත් මං එකම වචනයක්වත් කටින් පිට කලේ නැත්තෙ…ඇත්තටම මගේ හිතේ මේ වෙලාවෙ තියන දුක…මට එයාලට කියවෙයි කියලා…
ඉස්සර පොඩ්ඩ ඇත්තන් අඬාගෙන ඇවිත් ඒ දෙන්නට දුක කියලා හිත නිදහස් කරගන්න මං…අද ඒ දෙන්නා නිසාම කටවහගත්‍තා…
කොහොමත් මට ආපහු හැරෙන්න බෑ කියන එක මගෙ මනසෙ තදින්ම ලියවිලා…ඒ නිසාම වෙන්නැති….මේ….
” අනේ චූටි පුතේ…මගෙ කෙල්ලව පරිස්සම් කරපන් පුතේ….” අම්මා චූටි අයියට කියලා අත් දෙක එකතු කරන්න යද්දිම චූටි අයියා අම්මවයි තාත්තවයි එකට බදාගත්තා…
තාමත් මේ මනුස්සයගෙ රඟපෑම එහෙම්මමයි…ශහ්…කියන්න වචන නෑ…
අම්මටයි තාත්තටයි වැදලා මං නැන්දටයි මාමටයි වඳින්න චූටි අයියත් එක්කම එයාල ළඟට ගියා….
” තෙරුවන් සරණයි…දැන් ඉතින් මගෙ කොල්ලා උඹට භාරයි..” නැන්ද කිව්වෙ එච්චරයි…
මාමා නම් කටපුරා හිනා වෙලා අපි දෙන්නව බදාගත්‍තා…මාමා කොහොමත් එදා ඉදන් ගුණ යහපත් මනුස්සයෙක්…නැන්දගෙ ලොකු කම වුනාට මාමා එහෙම නෑ…හැබැයි ඉතින් මට හිතුනෙම චූටි අයියා හැසිරෙන විදිහෙන් එයා ගිහින් තියෙන්නෙ අම්මගෙ විදිහටමයි කියලා…
අම්මගෙයි තාත්තගෙයි ආශිර්වාදෙත් එක්කම මං ආවෙ කාර් එක ළඟට… කොච්චර අම්මගෙයි තාත්තගෙයි අත අතෑරලා යන්න බෑ කියලා හිතුනත් මං මේ ගමන් දැන් යන්න ඕනෙ….
චූටි අයියගෙ යාළුවො ඔක්කොම ඇවිත් අපිව වටකරගත්තෙ අපිව සුදු පාට ස්ප්‍රේ එකකින් වැහෙන්නම ස්ප්‍රේ කරන ගමන්…
” අඩෝහ් තුහියා…එහෙනම් උඹත් මැරි කලා ආහ්…..” යාළුවන්ගෙන් චූටි අයියට එක එක විදිහෙ කතා….ඒ අස්සෙ මෙලෝ මඟුලක් පේන්නෑ ස්ප්‍රේ එකට…ඇස් වහගෙන වැටෙන්න ගිහින් මං චූටි අයියව අල්ලගත්තෙ නැත්‍තන් මගෙ කොන්ද කැඩෙනවා පඩියෙන් වැටිලා…එයා මොනවා හිතුවද දන්නෑ…
යාළුවන්ගෙ රැග් වලිනුත් පස්සෙ චූටි අයියා කාර් එකේ දොර ඇරලා දුන්නට පස්සෙ මං ආපහු වතාවක් කඳුළු පිරිච්ච ඇස් වලින් අම්මයි තාත්තයි දිහා බලලා ඔලුවෙන් යන්නම් කිව්වා…
ඇඳන් ඉන්න ෆ්‍රොක් එක නිසා හරියට ඇවිදගන්නවත් බෑ…. මං කොහොමහරි එක අතකින් ෆ්‍රොක් එකත් උස්සන් අනිත් අතින් කාර් එකේ දොර අල්ලන්න යද්දිම චූටි අයියා මගෙ අතින් අල්ලගෙන මාව කාර් එක ඇතුළට නැග්ගුවා….
ඒ එක්කම එයත් මගේ පැත්තෙ දොර වහගෙන වටේ පිටේ ඉන්න අයට මොනවද කියලා මගෙ අනිත් පැත්තෙන් ඇවිත් වාඩි වුනේ මගෙ හිත හයියෙන් ගැහෙන්න ගද්දි…
කලින් අම්මලව දාල යන්න බැරි කමට අඬ අඬ හිටපු නිසා මට සිහියක් වුනේ නැති වුනාට මං මේ යන්නෙ මගේ මධුසමයට නේද….
මාව සීතල වෙලා ගියා….. ඒ එක්කම මං චූටි අයියා දිහා බැලුවත් එයා ඉස්සරහ බලාගෙන ඩ්‍රයිවර් එක්ක මොකද්ද කතාවක…
ඇස් වලට කඳුළු පිරුණෙ වෙන්න යන දේ මතක් වෙලා….
මට ආදරේ කරන්නැති..පොඩ්ඩක්වත් මං ගැන හිතන්නැති මනුස්සයෙක්ට මගෙ ජීවිතේම මට පූජ කරන්න වෙලා….මං කොච්චර අසරණ වෙලාද….
ඕනම ගෑණු ළමයෙක් කැමති තමන් ආදරේ කරන…තමන්ට ආදරේ කරන කෙනෙක් එක්ක මේ හැමදේම බෙදාගන්න…ඒත් අද….
මං අඬනවා දැකලද නැත්‍තන් නිකමට බැලුවද දන්නෑ කොහොමහරි චූටි අයියා මං දිහා එකපාරට බැලුව නිසා මං එයාගෙන් මූණ හංගන් ජනේලෙන් එලිය බලාගෙන කඳුළු පිහිදාගත්තෙ තව තව මගෙ හිතට බය දැනෙද්දි…
අඩුම තරමෙ මං මේ යන්නෙ කොහෙද කියලවත් දැනන් හිටියෙ නෑ….
ටිකකින් කාර් එක ඇවිත් නැවැත්තුවෙ කොළඹ හාබර් එක ළඟ…
චූටි අයියා වාහනෙන් බැහැලා ඇවිත් මට එළියට යන්න දොර ඇරලා එයාගෙ අත දුන්නෙ මං කටත් ඇරන් එයා දිහා බලන් ඉද්දි….
මං මේ අත අල්ලගන්නවද නැද්ද…හිත මගෙන්ම ප්‍රශ්න කරන්න වුනා….
අදිති තුහිනගෙ අත අල්ලගනීද නැද්ද…..ඔයාලා මොකද හිතන්නෙ….
සමාවෙන්න ඕන යාළුවො හැමෝම…මොකද මට කතාව දාන්න බැරි වුනා….එක්සෑම් නිසා… ඔන්න අදින් එක්සෑම් ඉවරයි…ඒත් පොඩි කොටසක් දැම්මෙ ටිකක් මහන්සි නිසා…..
අද රෑට තව කොටසක් දාන්නම්…හොඳේ…ගොඩක් අය කතාව හොයලා තිබ්බා…එයාලට ස්තූතියි…ඒ වගේම ලයික් කමෙන්ට් කරන යාළුවන්ටත්…කමෙන්ට් වලට රිපලයි කරන්න බැරි වුනොත් තරහා වෙන්න එපා…රිප්ලයි කරේ නැතත් ඒ හැම එකක්ම මං ආසාවෙන් කියවනවා…. ගිහින් එන්නම්කො…
මතුසම්බන්ධයි…