අහම්බෙන් හිමි වූ ඔයා… 07
07 කොටස
චූටි අයියා බය වෙලා ඉන්න මං දිහත් ප්‍රශ්නාර්ථ බැල්මකින් බලාගෙනම ෆෝන් එක අතට ගත්තෙ මාව තව තව බයට පණ නැති වෙද්දි…
මොනා වුනත් වෙන්න යන්නෙ හොඳ දෙයක් නෙවෙයි කියන එක මට තදින්ම දැනුනා…
” හෙලෝව්…”
චූටි අයියා සාමාන්‍ය විදිහට ෆෝන් එකට උත්තර දුන්නත්…ඒ මූණ අඳුරු වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ….
මාත් ඒ විදිහටම ඉදගෙන බලාගෙන හිටියෙ කිසිම සිහියක් නැතුව…
” ශාරන්‍යා අහන්න……” චූටි අයියා එහෙම කියාගෙන මං දිහා තත්පරයකටවත් නොබලා කාමරෙන් බැල්කනි එකට ගියේ මගේ හිත දෙකට තුනට වෙන් වෙද්දි…
මේ හිතට ඊයෙ ඉදන් උරුම දුකම විතරක් වෙන්නැති…. ඊයෙ වෙනකන් සතුටින් ජීවත් වෙච්ච මට දැන් මේ වෙන්නෙ මොනවද…මගේ ජීවිතේ ගැන මටවත් කිසිම තේරුමක් නෑ…
චූටි අයියා විනාඩි තිහක් විතර එලියට වෙලා ඉන්නැති…මාත් හිටපු තැනම ඉදන් සිහියක් නැතුව බලාගත්තු අත බලන් හිටියෙ වෙන දේවල් හිතාගන්න බැරි තැන….
එයා එලියෙ ඉදන් එද්දිත් මං ගල් ගැහිලා හිටියා වගේම…
” අදිති…කෑම ඕඩර් කලා… කාලා නිදාගන්න…” චූටි අයියා එහෙම කියලා කාමරෙන් එලියට ගියේ හිතක් පපුවක් නැති විදිහට…
ඒ එයාට එයාගෙ ආදරේ ආපහු ලැබුණ නිසා ද…එතකොට මං…? මං අවලංගු කාසියක් වෙයිද….එයා මාව කසාඳ බැඳගත්තෙ කොහොමත් රටට ලෝකෙට ලැජ්ජ නොවී ඉන්න…ඒත් ඒක එහෙමයි කියලා…එයා දැන් ආපහු එයා බඳින්න හිටපු කෙනා ළඟට යන එක හරිද….
මං එක තැන ඉදගෙන හිතට එන හැමදේම කල්පනා කරන්න වුනා…කඳුළු බිංදු මගේ මූණ සීතලට තෙත් කරන් පහළට වැටුනෙ මටත් නොදැනි….
මං එක දවසකින් මෙච්චර අවාසනාවන්ත කෙල්ලෙක් වුනාද…. මටම හිතාගන්න බෑ…හිත කෑගහලා අඬනවා…ඒත් මගෙ කටින් ඉකිය පිටවෙන්නෙ නෑ..ඒ තරමට මං අඬන්නවත් දැන් බයයි ලෝකෙට පේන්න…
මතක් වුනේ අම්මවයි තාත්තවයි…..
ඒත් ඒ දෙන්නට කතා කරන්න පුළුවන්ද….මධුසමය ගත කරන්න ඕන වෙලාවෙ ඒ දෙන්නට කතා කලාම හරිද…මේ දේවල් කියලා ඒ හිත් දෙකට ගින්දරක් දෙන්නෙ කොහොමද මං….
මහා අසරණ හැඟීමක් හිතට දැනෙද්දි මං කළුවර වැටිච්ච අහස දිහාත්…හයියෙන් කෑගහන මුහුද දිහත් බලාගෙන බිම ඉදගෙනම ඇඳ මිට්ටමට ඔලුව තියන් කාටත් හොරෙන් ඇඬුවා… මුහුදටත් මං ගැන දුක හිතිලා වගේ හරිම සද්දයි…
ඔව්….එයා යන්නම යයි ඉක්මනට…එයාගෙ ශාරාන්‍යා කියන කෙනා ළඟට…නමට වුනත් ඒ මගෙ ස්වාමිපුරුෂයා…ඒ ගැන හිතද්දි ඇඬෙන එක පුදුමයක් නෙවෙයි….
මං ඇහැරුනේ හෝ හෝ හෝ ගාන සද්දෙට… මුහුද නිල් පාටට මගෙ ඇස් ඉස්සරහා පෙනෙද්දි මං බැලුවෙ මං ඉන්නෙ කොහෙද කියලා…
මං හිටියෙ රෝස මල් පෙති අතුරලා තිබ්බ අපේ රූම් එකේ ඇඳ උඩ…
මං හිටපු විදිහමයි…කහ පාට ගවුම ඇඳගෙන..ඊට උඩින් බ්ලැන්කට් එකකුත් තියනවා….කවුරු පෙරෙව්වද මන්දා….
” ගුඩ් මෝර්නින්….ඉක්මනට බ්‍රෙක්ෆස්ට් අරන් ලෑස්ති වෙලා එන්න….අපි ගෙදර යන්න ඕනෙ…”
මං ඒ හඬට ගැස්සුනා…චූටි අයියා හිටියෙ ශර්ට් එකේ බොත්තම් පියවන ගමන්… එහෙම කරලා එයා කොන්ඩෙත් අතින් හද හද ගියේ මගෙ දිහාවත් බලන්නැතුව….
ඒ එක්කම මගෙ මතකෙට ආවෙ ඊයෙ දවස…ඊයෙ චූටි අයියට එයා බඳින්න හිටපු කෙල්ලගෙන් ආපු කෝල් එක…එයා ඒකට අන්ස්වර් කලාට පස්සෙ හැසිරිච්ච විදිහ…
හරි නම් මං දැන් එයාගෙ වෙලා ඉන්න ඕනෙ…ඒත් ආදරයක් නැතුව රාගයක් පමණක් අඹුසැමියන් අතර තිබිලා වැඩක් නෑ කොහොමටවත්…
කොහොමත් ශාරාන්‍යාගෙන් ආපු කෝල් එකෙන් පස්සෙ එයා ඒ හැමදේම සිද්ද නොවෙන්න වග බලාගන්නැති… මාත් එක්ක බැඳීම තියෙන්නෙ එයාට කොලේකට විතරයි…එයාගෙ ආදරේ ශාරාන්‍යා…එයා පැනලා ගිහින් නෙවෙයි එයාව කිඩ්නැප් කරලා, ඒ වගේම එයා ආපහු තමන්ව හොයාගෙන ඇවිල්ලා කියල දැනගත්තම චූටි අයියගෙ ආදරේ ආපහු අලුත් වෙන්නැති…
ඒ කොහොම වුනත් ඊයෙ කිසිම දෙයක් නොවිච්ච එක ගැන මගෙ හිතට සහනයක් දැනුනා….
ආදරයක් නැති රාගයකට පමණක් මුළ පුරන්න මට කිසිම වුවමනාවක් තිබ්බෙ නෑ…
මං ඇඟපත සෝදගෙන ඇවිත් ඇඳගත්තෙ සුදු පාට ගවුමෙ නිල් පාටින් මල් ගියපු අත් හීනි පටි ගවුමක්…
ඒ කරලා දණටත් පහලින් තියන කොණ්ඩෙ කඩලා කටුවක් විතරක් ගැහුවෙ ඊයෙ නාලා කොණ්ඩෙ හරියට පිහිදාගන්න බැරි වෙච්ච නිසා….
මේ සිද්ද වෙන දේවල් වල හැටියට කන්න පිරියක් කොහෙන්ද….
මං එහෙම්ම ඇඳුම් බෑග් එකත් අරන් ආවෙ පහළට… තාම උදේ නවයට විතර ඇති…
මට ඉක්මනට පහළට එන්න කියන්න ඇත්තෙ එයාට එයාගෙ ශාරන්‍යාව බලන්න එච්චරටම හදිස්සි නිසා….
අපි කෙලින්ම ගියේ නැන්දලගෙ ගෙදර… ඒ යන අතරතුරවත් චූටි අයියා මං දිහා නිකමටවත් බැලුවෙ නෑ… ඒ මූණෙ තිබ්බෙ හරි කලබලයක්ම විතරයි…
ඇත්තටම මේ යන ගමනින් පස්සෙ මගෙ ජීවිතේ මොන වගේ තත්වයකට පත් වෙයිද…
ශාරන්‍යා කෝල් කරලා කිව්වෙ චූටි අයියට ආපහු එයා ළඟට එන්න කියලා…චූටි අයියා මේ යන්නෙ ආපහු ශාරාන්‍යා ළඟටද….
මාව නිකන්ම වෙන් කරල දායිද…. හඬන්න බැරි කමට මං ඇස් දෙක වහගෙන සීට් එකට ඔලුව ගහගත්‍තා….
තුහිනව ශාරන්‍යාටම දීලා දාන්නද….ඔයාලා මොකෝ කියන්නෙ
කතාව පරක්කු කරනවට සමාවෙන්න….
ගිහින් එන්නම්…
මතුසම්බන්ධයි…
දැන් එහෙම කරන්න එපා….තුසිතගේ හිතේ ආදරයක් ඇති කරවන්න…අදිති ගැන…