අහම්බෙන් හිමි වූ ඔයා… 08
08 කොටස
ටිකකින් වාහනේ නතර කලේ නැන්දලගෙ ගෙදර… වාහනේ ගාර්ඩ්න් එකට දාද්දිත් මගේ හිතට දැනුනෙ මහා ලොකු බයක්…
” අදිති…”
මං වාහනෙන් බහින්න යද්දි චූටි අයියා කතා කරපු පාරට මාව ටිකක් ගැස්සුනා…
” මේ කිසිම දෙයක් දැන්ම අම්මටයි තාත්තටයි කියන්න ඕන නෑ….තේරුණාද…”
මං නිශ්ශබ්දවම එයා දිහා බලන් ඉද්දි එයා කිව්වෙ එහෙමයි…
ඔව්..මටත් එහෙම හිතුනා…දැන්ම අම්මටයි තාත්තටයි මේවා කියලා ඒ අහිංසක හිත් දෙක අසරණ කරන්නෙ කොහොමද…
ඒත් කවදහරි මගෙ අම්මයි තාත්තයි මේ දේවල් දැනගන්න ඕන…
මොකද අදින් පස්සෙ මේ කසාදෙට මොනවා වෙයිද කියලා කියන්න දන්නෙ චූටි අයියම විතරයි…
මේ කසාදෙ කටුගාලා දාන්න වුනොත්…මටත් වඩා දුක් වෙන්නෙ ඒ දෙන්නා… ඒක විශ්වාසයි…
ඒත් කිව්වා වගේම කිසිම දෙයක් හරියටම තීරණය වෙනකන් ඒ හිත් දෙකට ගින්දරක් දෙන්න ඕන නෑ…මං එහෙම හිතාගෙන චූටි අයියත් එක්කම වාහනෙන් බැහැලා ගේ ඇතුළට යන්න හැදුවත් එක තැනම නතර වෙන්න වුනේ ගේ ඇතුලෙ හිටපු කට්ටියව දැකලා…
” අනේ තුහින…”
අපි ගේ ඇතුළට අඩිය තියද්දිම අපිව දැකලා ඒ හිටපු හැමෝම නැගිට්ටෙත් එතන හිටපු ගෑණු ළමයෙක් දුවගෙන ඇවිත් චූටි අයියව බදාගත්තෙත් මගෙ හිතට මහා ලොකු වේදනාවක් දැනෙද්දි… මේ ශාරාන්‍යා වෙන්නැති…
පෙනුමෙන් සංකර වුනත් ඒ ගෑණු ළමයා ගොඩක් ලස්සනයි…
චූටි අයියත් කිසිම හාවක් හූවක් නැතුව මගේ ඉස්සරහම ඒ ගෑණු ළමයට තුරුල් වෙලා හිටියා…මං කොහොමද දරාගන්නෙ…
එයා ගැන මගෙ හිතේ ආදරයක් නැති බව ඇත්ත… ඒත් නීතියට හරි…නමට හරි චූටි අයියා අයිති මට…
” චූටි පුතා….” නැන්දා කතා කරාම තමයි හැමෝම ආයෙත් පියවි ලෝකයට ආවෙ…
” අනේ තුහින….ඔයා වෙන කෙනෙක්ව මැරි කලාද….අනේ මට මොකද වෙන්නෙ තුහින…. ඇයි ඔයාට පොඩ්ඩක් ඉවසන්න බැරි වුනේ…”
ශාරාන්‍යා අඬ අඬම චූටි අයියව තව තව බදාගත්තා…
” ශාරාන්‍යා දූ…කලබල නොවී මෙහෙන් ඉදගන්නකො…චූටි පුතා…අදිති…ඔය දෙන්නත් ඇවිත් මෙහෙන් ඉදගන්න…”
නැන්දා කියපු නිසා හැමෝම ඉදගත්තම මට තේරුනේ මේ යන්නෙ ලොකු කතාවකට මුල පුරන්න කියලා…
” මොනවද දැන් මේකට කරන්නෙ නිලන්ති… මට මගෙ කෙල්ලට ඔයාගෙ පුතාටත් වඩා හොඳ කොල්ලෙක් හොයලා දෙන්න බැරි කමක් නෑ….ඒත් කෙල්ල ආදරේ කරන්නෙ ඔයාගෙ පුතාට…”
ශාරාන්‍යාගෙ තාත්තා එහෙම කියද්දි මගෙ ශරීරය පුරාම සියුම් රිදීමක් එහෙ මෙහෙ දිව්වා…
” අහන්න විමල්… අපි හිතුවෙ ශාරාන්‍යා පැනලා ගිහින් කියලා…ඒකයි අදිති එක්ක අපි මේ මැරේජ් එක කලේ… අපිට නිකන් ලැජ්ජ වෙන්න බැහැනෙ විමල්…” නැන්දා උත්තර බඳින්න වුනා…
” ඔයාලට පොඩ්ඩක් ඉවසන්න බැරි වුනාද මගෙ කෙල්ලව අර නරුමයගෙන් බේරගෙන එනකන්…මට මෙච්චරයි කියන්න තියෙන්නෙ නිලන්ති… මගෙ කෙල්ලට සාදාරණයක් වෙන්න ඕනෙ…මගෙ කෙල්ල තුහිනට පණ ඇරලා… තුහිනවම ඉල්ලනවා… කාටත් වඩා මට මගෙ කෙල්ලව වටිනවා…” ඒ අන්කල් එහෙම කිව්වෙ මං දිහත් වතාවක් බලලා…
“තුහින…ඔයා මොකද මේ ගැන කියන්නෙ පුතා….”
ශාරාන්‍යාගෙ තාත්තා කියන කෙනා චූටි අයියගෙන් ඇහුවම චූටි අයියා එකපාරම බැලුවෙ මං දිහා..
තත්පර ගානක් එහෙමම එයා මං දිහා බලන් ඉන්නැති….
” චූටි පුතා… මං මේ ගැන කතා කරන්න කලින් ඔයාගෙ අදහස කියන්න ඉස්සෙල්ලා… ඔයා කැමතිද අදිතිව ඩිවෝස් කරලා ශාරාන්‍යාව මැරි කරන්න… ” නැන්දා එහෙම ඇහුවෙ චූටි අයියගෙන්…
ඒ වචන වලට මගෙ හදවත නතර වුනා වගේ දැනුනා… නැන්දා මේ මොනවද කියවන්නෙ….
එයාලව විශ්වාස කරලා ආපු මට එයාලට මෙහෙම කරන්න පුළුවන්ද දෙයියනෙ…
ආත්ම ගරුත්වය තියෙන්නෙ ශාරාන්‍යට විතරද…මම කෙල්ලෙක් නෙවෙයිද… මට එහෙම ආත්ම ගරුත්වයක් නැද්ද…
කසාද බැඳපු දවසට පස්සෙ දවසෙම මහත්‍තයගෙන් වෙන් වෙන්න වුනාම මට හැදෙන්නෙ කතා නෙවෙයිද…
ඇයි දෙයියනේ මිනිස්සු තමන් ගැන විතරක් හිතන්නෙ…
චූටි අයියා එයාගෙ ආදරේ ළඟට ගියාම මට මොකක් වෙයිද…මගෙ අහිංසක අම්මයි තාත්තයි කොච්චර දුක් වෙයිද…මාව මේ වගේ පවුලකට දුන්න එක ගැන කොච්චර පසුතැවෙයිද…
කඳුළු බේරෙන්න නොදී මං ඉක්මනට ඇස් පිය ගැහුවෙ මෙහෙම අඬන්න බැරි නිසා…ඇත්තට මූණ දෙන්නම වෙන නිසා…
” තුහින…කියන්නකො මමීට… ඔයා ආදරේ මෙයාට නෙවෙයි මට කියලා… ඔයාට ඕනෙ මෙයාව නෙවෙයි මාව කියලා…කියන්නකො තුහින…එතකොට ඔයාගෙ මමී ඔයාව මට දෙයි කොහොමහරි…අනේ ඩැඩී තුහිනට කියන්න කියන්නකො ඩැඩී…” ශාරන්‍යා චූටි අයියගෙ ළඟට ඇවිත් චූටි අයියගෙ උරහිස් වලින් සොලවන ගමන් හැඬුවෙ එහෙම කිය කිය…
මේ හැමදේකින්ම මගෙ කඳුළු මටත් හොරෙන් එළියට ආවා…මං මේ තරම්ම අවාසනාවන්ත කෙල්ලෙක්ද…
දැන් චූටි අයියා එයාගෙ ආදරේ ඉල්ලලා මාව පැත්තට කරලා දානවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි…ඒත් එයා තාමත් උත්තරයක් දෙන්න පරක්කු මං ගැන වරදකාරී හැඟීමක් ඇති නිසා වෙන්නැති…
” චූටි පුතා…” මං දිහාම ගල් ගැහිලා බලන් හිටපු චූටි අයියා ආපහු ගැස්සුනේ නැන්දගෙ කට හඬට…
” අම්මා…මං…”
” හොඳටම ඇති…..”
චූටි අයියගෙ උත්තරේ අහන්න හැමෝම බලාගෙන හිටියත් එක පාරට දොර පැත්තෙන් ඇහුණු කටහඬට හැමෝම හැරිලා බැලුවම මාව සීතල වෙලා ගියා…
” තාත්තා…! ” ඔව්…වෙන කවුරුත් නෙවෙයි ඒ මගෙ තාත්තා…
වෙනද තියන උදාසීන පෙනුම වෙනුවට ඒ ඇස් ඒ මූණ ගිණියම් වෙලා…
අම්මා සාරි පොටෙන් කඳුළු පිහිදදා තාත්තගෙ අතේ එල්ලීගෙන ඉන්නවා…
ඒ දෙන්නගෙ හැසිරීමෙන්ම තේරුම් ගන්න පුළුවන්…මේ හැමදේම ඒ දෙන්න අහන් ඉදලා….
චූටි අයියා මට කියන්න එපා කිව්වත් ඒ දෙන්න දැන් දැනගෙන…
ඒ මූනු දෙක දැක්කම මගෙ හැඬුම මටත් කලින් පිටට පැන්නා…
අම්මා ඇවිත් මාව ඒ ගතට වාරු කරගද්දි තාත්ත කෙලින්ම ආවෙ චූටි අයියා ළඟට…
අපි කවුරුත් හිතන්නත් කලින් තාත්තා චූටි අයියට වැරෙන් කම්මුල් පාරක් දුන්නෙ හැමෝම පුදුම වෙද්දි…
” මල්ලි…” නැන්දා එහෙම කියාගෙන ඉදගෙන හිටපු තැනින් නැගිට්ටෙ ඒ කම්මුල් පාරෙන් පස්සෙ…
” මගේ කෙල්ලව මං උඹලට දුන්නෙ මෙහෙම පැත්තකට කරලා දන්න නෙවෙයි යකෝ…උඹලා කොහොමද එහෙම හිතන්නෙවත්….” තාත්ත කෑගහන්න ගත්තෙ කේන්තියෙන්…
මං මේ තාත්තා මෙච්චර කේන්තියෙන් ඉන්නවා දැක්ක පළවෙනි පාර….
චූටි අයියා කිසිම දෙයක් නොකියා තාත්තා දිහාම බලන් හිටියෙ මගෙ හැඬුම තව වැඩි වෙද්දි….
” තාත්තා…” මං අඬ අඬම තාත්තා ගාවට ගියේ දුක වැඩි කමට…
” අදිති….යන්න ලෑස්ති වෙන්න…උඹට මේ වගෙ පවුලක් කොහොමටවත් ගැලපෙන්නෙ නෑ…”
මට තාත්තා එහෙම කියනවා ඇහුනෙ හීනෙන් වගේ…. මං අඬ අඬම බැලුවෙ චූටි අයියා දිහා…
අදහන්න… ඒ ඇස් වල කලින් තිබ්බෙ නැති කලබලයක් තිබ්බෙ මාවත් පුදුම කරලා…
” මාමෙ මේ අහන්න…”
” මල්ලි අහන්න….”
චූටි අයියත් නැන්දත් කොච්චර කිව්වත් තාත්තා ඒ කිසිම දෙයක් අහන තත්වෙක හිටියෙ නෑ….
” මොනව අහන්නද තව…. මගෙ කෙල්ලව තව එක විනාඩියක් මං මේ ගෙදර තියන්නෙ නෑ…අක්කෙ…ඔයාටවත් මගෙ කෙල්ල ගැන හිතන්න බැරි වුනාද…. උඹලා සේරටම ලැජ්ජ නොවී ඉන්න මගෙ කෙල්ලව කසාද බැදගෙන දැන් මේ කොහෙද ඉදන් ආපු උන් නිසා අත් ඇරලා දන්න…. තිරිසන්නු….අදිති වරෙන් යන්න…..” තාත්තා එහෙම කියලා මගෙ අතින් අල්ලන් එක්කන් ගියේ දොර දිහාට…
” අදිති….! “
තාත්තා එහෙම කියාගෙන මාව අතින් ඇදගෙන එලියට එක්කන් යද්දි චූටි අයියා ඇවිත් මගෙ අතින් අල්ලලා අපිව නතර කලත්…තාත්තා චූටි අයියා දිහා බලලා ආපහු මාව ඇදගෙනම දොරකඩ ළඟට එක්කන් ගියේ චූටි අයියා මං දිහා බලන් ඉද්දි….
ඇත්තටම මට එයා ළඟට යන්න ඕන කියලා හිතුනෙ ඇයි කියලා මමවත් දන්නෙ නෑ….ඒත් මට තාත්තව නතර කරන්න පුළුවන් කමක් නෑ…මගෙ තාත්‍තා වැරදි නෑ… මං බැලුවෙ ටිකෙන් ටික ඈත් වෙන චූටි අයියගෙ රූපෙ දිහා…
ඔන්න දැම්මා…මොකෝ කියන්නෙ…අදිතිව මං ගෙදර යවන්නද…
කලින් කොටසෙ කමෙන්ට්ස් වල වැඩි හරියක්ම තිබ්බෙ ” පව් වැඩ කරන්න එපා කියලා ”
අද මොනවා කියයිද මන්දා…කමක්නෑ මොනවහරිම කියාගෙන යන්නකො…
මතුසම්බන්ධයි…