අහම්බෙන් හිමි වූ ඔයා… 14

14 කොටස

” චූටි අයියාහ්…ආව්….මගෙ ඔලුව….”

” හරි හරි ඩාර්ලින්….ඔයාගෙ චූටි අයියා ළඟ ළඟම ඇති….”

මං ඔලුව අල්ලන් අමාරුවෙන් ඉද්දි ඒ මනුස්සයා මාව වත්තම් කරන් කොහෙටද අරන් යනවා වගේ මට දැනුනා….
මට ඒ මිනිහට අනුව යනවා ඇරෙන්න වෙන කරගන්න දෙයක් තිබ්බෙ නෑ….
කෙලින් හිටගන්න බැරි තරමටම මගෙ ඇඟට පණක් නෑ….

ඒ මනුස්සයා මාව කොහෙටදෝ එක්කන් ඇවිත් මාව ඇඳක් උඩින් තිබ්බෙ මගෙ ඇස් ඇරගන්න බැරුව කකුල් දෙකත් පණ නැති වීගෙන එද්දි…
එහෙම්මම මගේ ඇස් පිය වුනේ ඇස් ඇරන් ඉන්නවත් පුළුවන්කමක් නොතිබ්බ නිසා….

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

ඔලුව පුපුරන්න තරම් වේදනාවක් එද්දි මං හෙමින් ඇස් ඇරියෙ ඉවසගන්නම බැරි තැන…ඇඟට පණ නෑ පොඩ්ඩක්වත්…
ඒත් එක්කම මං ඇස් යවලා වටපිට බැලුවෙ මං මේ ඉන්නෙ කොහෙද කියලා….
මං හිටියෙ චූටි අයියගෙ කාමරේ….මගෙ ඉස්සරහින්ම මං දිහාම බලාගෙන මගෙ ඔලුව අතගගා හිටියෙ අශිකා අක්කා…චූටි දෝණිත් පැත්තකින් ඉදගෙන මූණත් බෙරි කරන් මං දිහා බලන් ඉන්නවා…

” නංගී..දැන් කොහොමද ඔයාට….” අක්කා මගෙ ඔලුව අතගාන ගමන්ම ඇහුවා…

මං අමාරුවෙන් කොන්ද කෙලින් කරන් ඇද විට්ටමට හේත්තු වෙන්න හදද්දි අක්කා කොට්ටයක් ඇද විට්ටමට තිබ්බා…. මං අත් දෙකෙන්ම ඔලුව අල්ලගත්තෙ ඔලුව කැකුම ඉවසන්නම බැරි තැන…

” ඔලුව රිදෙනවද ගොඩක්…” අක්කා මගෙන් ඇහුවෙ ඔලුව පිරිමදින ගමන්…

” මට මොකද්ද වුනේ….” මං අමාරුවෙන් ඇහුවෙ කිසිම දෙයක් හිතාගන්න බැරි තැන…

” ඔයාට ඊයෙ පාර්ටි එකේදි පොඩි කරදරයක්….”

අක්කා එහෙම කියාගෙන යද්දියී මට ඊයෙ රෑ පාර්ටි එකේදු සිද්ද වෙච්ච දේවල් එකින් එක මතක් වුනේ….
ශාරාන්‍යා ඇවිත් මාත් එක්ක කතා කරපු විදිහ…මට මොනවද සැර බීම ජාතියක් බලෙන්ම පොවපු විදිහ…පස්සෙ මාව අර මිනිහා එක්කන් ගියපු විදිහ…ඒ හැමදේම එකින් එක මතක් වෙද්දි මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තෙ එතනින් පස්සෙ වෙච්ච කිසිම දෙයක් මට මතක නැති නිසා…
ඒ මනුස්සයා මාව කොහෙටද එක්කන් ගියාට පස්සෙ මට මොකද්ද වුනේ….
මට ඒ මිනිහා අතින්……මට එක පාරට මතක් වුනේ ඒ දේ….

නෑ…එහෙම වෙන්න බෑ….නෑ…කවදාවත් නෑ…
ඇස් දෙකේ කඳුළු පිරෙන්න ගත්තෙ තප්පරයයි…..
” අක්කෙ…..මට ඊයෙ මුකුත් කරදරයක් වුනාද අක්කෙ….අනේ කියන්නකො…නෑ නේද…..නෑ කියන්නකො අක්කෙ…”

මං අක්කගෙන් ඇහුවෙ හිතාගන්න බැරිම තැන අඬ අඬම…..මගෙ ජීවිතේ විනාස වෙලාද…..මට එතනින් පස්සෙ ඊයෙ වෙච්ච කිසිම දෙයක් මතක නැති නිසා මගේ බය තව තවත් වැඩි වුනා…
ඒ මනුස්සයා මාව දැකපු වෙලේ ඉදන්ම කෑදරකමට බලන් හිටපු හැටි , මාව චූටි අයියා ළඟට එක්කන් යනවා කියලා මාව වත්තම් කරන් කොහෙටද අරන් ගියපු හැටි මට මැවි මැවි පෙනෙද්දි හදවත ගැහෙන වේගෙ එන්න එන්න වැඩි වුනා…

” කරදරයක්….කරදරයක් වෙන්න තිබුනා මං තව පොඩ්ඩක් පරක්කු වුනා නම්….” එහෙම කියාගෙන තරහෙන් මූණත් රතු කරන් කාමරේට ආවේ වෙන කවුරුත් නෙවෙයි චූටි අයියා….

මං ගල් ගැහිලා වගේ බලන් හිටියෙ ඒ තරහින් පිරිච්ච මූණ දිහා…..ඒත් එක්කම සිහියට ආවේ එයා දැන් ටිකකට කලින් කියපු වචන ටික…
ඒ කියන්නෙ…මං තාමත් පිරිසිදුයිද….මට ඊයෙ කිසිම දෙයක් සිද්ද වෙලා නැද්ද…. චූටි අයියා මාව ඒ අමුනුස්සයගෙන් බේරගෙනද…
හිතට සහනයක් එද්දි මං ඉකි ගගහා වුනත් සැනසුම් සුසුමක් හෙලුවා….

” උගෙ අතින් තමුසෙට මොනවහරි උනා නම්…..ශිට්….” චූටි අයියා තව තවත් මට තරහින් බනිද්දි මං දැක්කෙ ගෙදර හැමෝම කාමරේට එනවා..නැන්දා, මාමා , ලොකු අයියා හැමෝම ආවා….

” මල්ලි කෑගහන්න එපා…මේ ළමයව තවත් බය කරන්නද හදන්නෙ….” ලොකු අයියා චූටි අයියට එහෙම කිව්වත් ඒ තරහේ අඩුවක් වුනේ නෑ….

චූටි අයියගෙ වචන මේ හිතට සැර වැඩී…මගේ හැඬුම් අලුත් වුනේ එයාගෙ තරහින් රතු වෙච්ච මූණ දකිද්දි…
මීට කලින් කවදාවත් චූටි අයියා මෙච්චර කේන්තියෙන් ඉන්නවා මං දැකලා නෑ….. ඒත් එයා මේ තරහ අරන් ඉන්නෙ මං ගැනම හිතල නේද….මට දැනුනෙ අමුත්තක්…

” චූටි පුතා ඔයා කලබල වෙලා වැඩී….ඔයා අදිතිව එක්කන් ගෙදර එන්නැතුව මොකටද අර මිස්ටර් ඒකනායකගෙ පුතාට ගහන්න ගියේ….ඒ ළමයව හොස්පිටල් ඇඩ්මිට් කරලා…මිස්ටර් ඒකනායක මේක ලේසියෙන් අත් අරින එකක් නෑ….දැන් අපේ නම්බුවට මොකද වෙන්නෙ…” නැන්දා කියවන්න ගත්තෙ මූණත් පුළුටු කරන්…
ඒත් එක්කම මට දැනුනෙ කියාගන්න බැරි වේදනාවක්…මගේම නැන්දා වුනත් මට මේ තරම් දෙයක් වෙන්න ගිහිල්ලත් මං ගැන පොඩ්ඩක්වත් හිතන්නැතුව තවමත් නැන්දා හිතන්නෙ එයාලට වෙන ලැජ්ජාව ගැන විතරයි…

” අම්මා….! ” මුළු ගෙදරම දෙදරුවෙ චූටි අයියගෙ හඬට…

විශ්වාසයි….මං විතරක් නෙවෙයි….අනිත් හැමෝමත් පුදුම වුනා….

” අම්මා කියන්නෙ ඒ බල්ලා සුදූට මොනවහරි කරනකන් මට බලන් ඉන්න කියලද ….මං මොකෙද්ද එතකොට…..ආහ්…..ඌ මේ කෙල්ලව අසිහියෙන් ඉද්දි එක්ක ගිහින් ඌට ඕන දේ කරගන්නකන් මං කටවහන් ඉන්න ඕනද….” චූටි අයියා කෑගැහුවෙ හැමෝම ගැස්සෙද්දි….ඒ වචනයක් වචනයක් ගානෙ මගේ හිතට චූටි අයියා ගැන අමුතුම හැඟීමක් දැනෙද්දි මං බලාගෙනම හිටියෙ ඒ තරහෙන් නලියන මූණ දිහා…

” මේ කෙල්ල මාව මැරි කලේ මාව විශ්වාස කරලා අම්මා……අම්මගෙ මල්ලි එයාගෙ දුවව මට දුන්නෙ අම්මගෙ කීම අහක දාන්න බැරි තැන.. ඒත් අම්මා හැමදාම හිතුවෙ අපේ පැත්තෙන් විතරයි…..
ඇයි ඒ…එදා ශාරාන්‍යාගෙ ඩැඩී මෙහෙ ආපු දවසෙත් අම්මා කොහොමද මගෙන් ඇහුවෙ මං අදිතිව ඩිවෝස් කරලා ශාරාන්‍යාව මැරි කරන්න කැමතිද කියලවත්….අම්මා කොහොමද එහෙම ඇහුවෙ……අම්මත් ගෑණියෙක් නේද……අම්මා කොහොමද තමන්ගෙ පුතාගෙ පැත්තෙන් විතරක් හිතුවෙ…ඒකත් අම්මම අදිතිව මට කසාද බන්දවලා…..අම්මට නිකමටවත් හිතුනෙ නැද්ද අදිති නැත්තන් මුළු ලංකාමව ඉස්සරහා අම්මගෙ මේ පුතා ලැජ්ජ වෙන්න තිබුනා කියලා….
අම්මා අදත් අදිති ගැන පොඩ්ඩක්වත් නොහිත ඇයි අපේ නම්බුව ගැන විතරක් හිතන්නෙ……
මං එදත් කටවහගෙන හිටියෙ අම්මට පිටින් යන්න බැරි නිසා….ඒත් තවත් නෑ…..මේ කෙල්ලට මං අසාධාරණයක් වෙන්න දෙන්නෙ නෑ….කවදාවත්…..”

මට හිතාගන්නවත් බැරි විදිහට චූටි අයියා නැන්දට කෑගැහුවෙ මං වෙනුවෙන්….
ඒ වචනත් එක්කම මෙච්චර කාලයක් චූටි අයියා ගැන තිබ්බ වැරදි අදහස් සේරම මගේ හිතින් මැකිලා ඒ වෙනුවට මගේ හිතේ ඇතිවුනේ ලොකු ගරුත්වයක්…

” පුතා……ඔයා ගැන හිතලයි මං එදා එහෙම දෙයක් ඇහුවෙ….” නැන්දා පුදුම වෙලා වගේ චූටි අයියා දිහාම බලාගෙන කිව්වෙ චූටි අයියා මේ වගේ කවදාවත් නැන්දට කතා කරලා නැති නිසා වෙන්නැති….

” ඒත් ඒක වැරදී අම්මා….ශාරාන්‍යා නිසා මං කොහොමද අදිතිට අසාධාරණයක් කරන්නෙ…” චූටි අයියා කිව්වෙ නැන්දා දිහාට ඇස් හරවලා….

ඒත් එක්කම චූටි අයියා නැන්දට ඒ විදිහට කෑගැහුවෙ මං නිසා නේද කියලා මට මතක් වෙද්දි මට දැනුනෙ මහ වරදකාරී හැඟීමක්…
මගේ පැත්තෙන් බලද්දි සාධාරණයි…ඒත් නැන්දත් අම්මා කෙනෙක්…තමන්ගෙ පුතාගෙන් මේ වගේ ගැරහුමක් ඉවසන්නෙ කොහොමද අම්මා කෙනෙක්….නැන්දා හිතන්නැත්තෙ චූටි අයියගෙ ආදරේ ගැන….ඒකයි එදා නැන්දා චූටි අයියගෙන් මාව ඩිවෝස් කරන්න කැමතිද කියලා අහන්න ඇත්තෙ….

” අයිම් සොරි අම්මා..මෙහෙම කතා කරන්න වුනාට….ඒත් මං කිව්වෙ ඇත්ත…” එහෙම කියලා චූටි අයියා කාමරෙන් යන්න ගියේ අපි හැමෝම බලන් ඉද්දි…
නැන්දත් මං දිහා බලන් ඉදලා යන්න ගියේ මං අසරණව නිශ්ශබ්දව ඉද්දි…

හවස් වෙනකන්ම මං ඇදට වෙලා හිටියෙ තිබුණ තෙහෙට්ටු ගතිය නිසා..
කල්පනා වුනේම උදේ වෙච්ච සිදුවීම…චූටි අයියව නිතර මතක් වුනත් උදේ කාමරෙන් එලියට ගියාට පස්සෙ එයා කාමරේට ආවෙම නෑ…
ඒත් එක්කම එයා නැන්දට කෑගහපු විදිහ මතක් වෙද්දි මට දැනුනෙ ලොකු දුකක්…එයත් පස්සෙ ඒ ගැනම පසුතැවෙන්නැති…
කොහොමත් මං නිසා චූටි අයියා තමන්ගෙ අම්මා එක්ක බහින්බස් වෙනවට මං පොඩ්ඩක්වත් කැමති නෑ…

ඊටත් වඩා චූටි අයියා ගැන දැනුනෙ මට ලොකු දුකක්….එයා මට අසාධාරණයක් කරන්න බැරි කමටයි ශාරාන්‍යාව අමතක කරන්න හදන්නෙ කියලා සිහියට එද්දි මං කල්පනා කලේ මට චූටි අයියා වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක්…
ඊයෙ පාර්ටි එකේදි ශාරාන්‍යත් මට කිව්වෙ මං නිසා චූටි අයියා එයාව අමතක කලා කියලා…
ඉතින් මං කොහොමද මං නිසා දෙන්නෙක්ගෙ ආදරේ කැඩෙනකන් බලන් ඉන්නෙ…
මං තීරණයක් අරගත්තා…චූටි අයියා අතින් මට කිසිම වැරැද්දක් වෙලා නෑ මේ වෙනකන්…මිනිස්සු මොනා කිව්වත් මං එයාගෙන් අයින් වෙන්න ඕනෙ…එතකොට එයාට එයාගෙ ආදරේ එක්ක ජීවත් වෙන්න පුළුවන්….
මං චූටි අයියා ආවාම මේ ගැන එයත් එක්ක කතා කරන්න හිතාගත්තෙත් ඒකමයි…එයා එක්ක වචන දහයකට වඩා මීට කලින් කතා කරලා නොතිබුනත් මං කොහොමහරි එයා එක්ක මේ දේවල් ගැන කතා කරන්න ඕනෙ..

එන්න එන්න හවස් වෙද්දි මං ඇදෙන් නැගිටලා නානකාමරයට ගියේ ඇඟපත සෝදගන්න….අක්කා බත් කටවල් දෙකක් තුනක් දවාලෙ කවපු නිසා බඩගින්නක් දැනුනෙත් නෑ….
මං ලා කහ පාට ස්ටීව්ලස් ගවුමත් ඇදගෙන තෙත කොණ්ඩෙත් පිට මැදට වනා දාලා තුවායෙන් පිහිද පිහිද නානකාමරෙන් එලියට එද්දි චූටි අයියා අල්මාරිය ඇරන් ඇදුම් තෝරනවා…

මං එයා ළඟට ගිහින් එයාට උදව් කරන්න හැදුවත් එයා මූණත් රකුසු කරගෙන මගේ උදව් ප්‍රතික්ෂේප කලේ හිතක් පපුවක් නැති විදිහට..ඒත් එක දෙයක් පැහැදිලී…එයාගෙ තරහ තවම පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ….

” චූටි අයියෙ…මට ඔයා එක්ක පොඩ්ඩක්…”

මං බලාගෙන ඉදලා බැරිම තැන එහෙම කියන්න හදනවත් එක්කම චූටි අයියා එයාගෙ අතේ තිබ්බ ශර්ට් එක ඇදට විසික්කරලා මං ළඟට ඇවිත් මාව අත් වලින් තද කරලා අල්ලගත්තෙ මට රිදෙන තරමට…..

” කියනවා….ඇයි ඒවා බිව්වෙ ආහ්….ඇයි ඒවා බිව්වෙ……තමුසෙ අහිංසකී වගේ ඉදගෙන මොකටද ඒවා බොන්න ගියේ…..ආහ්…” මගේ උරහිස් වලින් තදට අල්ලලා මාව සොළවන ගමන් චූටි අයියා ඇහුවෙ මං කිසිම දෙයක් හිතාගන්න බැරුව බය වෙලා බලන් ඉද්දි…
මට වචන ආවෙත් නැති තරම්…මං එයා දිහා බලන් හිටියම විතරයි…

ඒ දරදඬු අත් වලට මැදි වෙච්ච මගේ උරහිසෙන් දැනුනෙ වේදනාවක්…

” ච්..ච්..චූටි අයියෙ රිදෙන්…”

” චූටි අයියා…ඔව් චූටි අයියා තමයි….උබේ චූටි අයියා හිටියෙ නැත්තන් ඊයෙ උඹට මොකද වෙන්නෙ ආහ්….තවම මං අතින්වත් ඉඳුල් වෙලා නැති උඹව අර නරුමයා විනාස කරන්න හැදුවෙ උබේ පණ්ඩිත කමට බැරි දේවල් බොන්න ගිය නිසා නේද….ඇයි බිව්වෙ….කියපන් ඉතින්…”

කොච්චර වේදනාවෙන් උණත් ඒ ග්‍රහණයෙන් මිදෙන්න පුළුවන් කමක් ලැබුනෙ නෑ මට..ඒත් එක්කම මට දැනුනෙ කියාගන්න බැරි තරමෙ දුකක්..
මං වුවමනාවෙන් ඒ දේවල් බිව්වද දෙයියනේ….මට ඕන වුනේ මං වැරදි නෑ කියන්න…..

” අනේ නෑ අයියෙ…..ශාරාන්‍යා තමයි මට බලෙන්…..” මට කියාගන්න ලැබුනෙ එච්චරයි….ඉතුරු වචන පෙළ වෙනුවට පිටවුනේ ඉකියක් විතරයි….

” කවුද…. ශාරාන්‍යා….ශාරාන්‍යාද බලෙන් පෙව්වෙ……” පෙරටත් වඩා තරහෙන් ඇස් රතු වෙද්දි එයා මගෙ උරහිස් ඒ අත් වලින් ලිහිල් කලා….

මං වචනයක්වත් නොකියා හිටියෙ බය වැඩි කමට…ඊටත් වඩා මං ශාරාන්‍යාගෙ නම කියපු එක වැරදී කියලයි මට හිතුනෙ…
තවත් චූටි අයියවයි ශාරාන්‍යවයි දුරස් කරන්නෙ කොහොමද මං මේ දේවල් කියලා….

” මාව යකා කරගන්නැතුව කියපන්…..ශාරාන්‍යා ද තමුසෙට බොන්න දුන්නෙ….” මාව බිත්තියට හිර කරගෙන චූටි අයියා ආපහු කෑගැහුවෙ පිස්සුවෙන් වගේ….
ඒ අවස්තාවෙ නම් කොච්චර නිශ්ශබ්දව ඉන්න හැදුවත් මට එයාට උත්තර දෙන්නම වුනා…
මං ඔලුව උඩට පහළට කලේ ඇස් වලින් හෝ ගාලා කඳුළු බේරෙද්දි ඔව් කියලා කියන්න….

” මං ඕකිට…….” එහෙම කියලා එයා මාව අත් ඇරලා යකෙක් වගේ ගිහින් ඇද උඩ දාලා තිබ්බ ෆෝන් එක අතට ගත්තෙ ශාරාන්‍යාට කතා කරන්න වෙන්නැති…

” චූටි අයියෙ මං කියන දේ අහන්න….අනේ මං නිසා ඔයා ශාරාන්‍යාගෙන් දුරස් වෙන්න එපා….”
මං කොච්චර කිව්වත් මාව පැත්තටකට කරලා එයා ෆෝන් එක කනේ තියාගත්තා….

“අපි කසාද බැන්දට අපි අතර කිසිම සම්බන්ධයක් නෑ නෙ….ප්ලීස්….මං ඔයාගෙන් අයින් වෙන්නම්…ඔයා ශාරාන්‍යා එක්ක සතුටින් ඉන්න….මං නිසා……”

” මට තමුසෙව නැති කරගන්න බෑ අදිති……” හිතුවෙවත් නැති විදිහට මගේ කතාවට බාධා කරලා චූටි අයියා වියරුවෙන් වගේ කෑගැහුවෙ අතේ තිබ්බ ෆෝන් එක කෑළි කෑළි වලට වෙන් වෙන්න පොලේ ගහලා…..

” මං ශාරාන්‍යාට කවදාවත් ආදරේ කලේ නෑ….” මං එයා කියපු දේ හිතා ගන්න බැරුව ගල් ගැහිලා බලන් ඉද්දි චූටි අයියා ආපහු මගෙ උරහිස් ඒ අත් වලට මැදි කරගන්න ගමන් මට කෑගැහුවා….

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

ඊයෙ මට මරණ තර්ජන එල්ල කරපු අය මේ කොනට වෙන්න 👉👉👉👉👉👉😂

තුහිනට කොන්ද පණ නෑ කියලා චෝදනා කරපු අය මේ කොනට වෙන්න 👈👈👈👈👈😂🔫

ඔන්න අද කොටස ගැන නම් මට මුකුත්ම කියාගෙන එන්න එපා…මොකද වුනේ හොඳක් නිසා….හරිද ළමායිස්…..

ඉතින් ඊයෙ කමෙන්ට්ස් වල වැඩි හරියක් තිබ්බෙ මට බැනලා…
ඒ ඔයාලගෙ කතාවට තියන ආදරේ කියලා මට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑ…..
අහම්බෙන් හිමි වූ ඔයා එක්ක දිගටම රැඳී ඉදී අනිවාර්යයෙන් ඔයාලා…මට ඔයාලව විශ්වාසයි….ගිහින් එන්නම් හෙට කොටසින්….
ආදරෙයි හැමෝටම…

මතුසම්බන්ධයි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *