අහම්බෙන් හිමි වූ ඔයා… 15
15 කොටස
කිසිම දෙයක් හිතාගන්න බැරි තැන මට පුළුවන් වුනේ ඒ මූණ දිහා බලන් ඉන්න විතරයි…තාමත් ඒ දරදඬු අත් වලට මගේ උරහිස් මැදි වෙලා…
ඒ ඇස් කේන්තියෙන් දිළිසුණත් මං දිහාටම යොමු වෙලා තිබ්බෙ මගේ මුළු ඇඟම හිරිවට්ටන ගමන්…
” හිතුවෙ එදා මං කැමැත්තෙන් තමුසෙව මාමා එක්ක යැව්වා කියලද…නෑ….මට තමුසෙගෙන් ඩිවෝස් වෙන්න ඕන වුනේ නෑ…මං එදා තමුසෙට නිකන්ම යන්න දුන්නෙ මගේ අතේ වැරැද්දක් තියන නිසා….ශාරාන්‍යාගෙ ප්‍රශ්නෙ විසඳගත්ත ගමන් තමයි මං තමුසෙව එක්ක යන්න ආවෙ…. තමුසෙ හිතන් ඉන්නවා වගේ තමුසෙව මෙහෙට එක්කන් ආවෙ මිස්ටර් ඒකනායකගෙ පාර්ටි එකට යන්න ඕන නිසා නෙවෙයි…තමුසෙ මගේ කසාඳ ගෑණි නිසා….”
චූටි අයියා තවත් මගෙ උරහිස් ඒ අත් වලින් තද කරගන්න ගමන් කිව්වෙ මගේ මූණ දිහාම බලාගෙන….
ඒ කියන්නෙ මං හිතාගෙන හිටපු විදිහ වැරදී ද….චූටි අයියට එදා වුවමනා වුනේ මගෙන් අයින් වෙන්න නෙවෙයිද….
ඒ වචනයක් වචනයක් ගානෙ මගේ හිතට අමුතුම හැඟීමක් දැනෙන්න ගද්දි මට චූටි අයියට කතා කරගන්න වුවමනාව තිබ්බත් මගේ මුව ගොළු වුනා….
” ච්..ච්..චූටි අයියෙ…”
මං කතා කලත් චූටි අයියා මාව අත් ඇරලා මට පිටිපස්ස හැරිලා අත් දෙකෙන් හිසකෙස් ඇදගත්තෙ තරහ පාලනය කර ගන්න වගේ….
මගේ ඇස් වලින් පුරුද්දට වගේ මේ වෙලාවෙත් කඳුළු බේරුණා….ඒත් දුකකට නම් නෙවෙයි…කියාගන්න බැරි මොකද්දෝ සතුටක් හිත ඇතුළෙ නළියද්දි මං තරහෙන් මූණ රතු කරන් ඉන්න චූටි අයියා දිහා බලාගෙනම හිටියෙ කියන්න කිසි දෙයක් මතක් වෙන්නෙ නැති නිසා…
” පුංතී……..මං එන්නද…….” ඒත් එක්කම අඬ අඬ හිටපු මායි තරහෙන් පුපුරු ගගහා හිටපු චූටි අයියයි දෙන්නම කාමරේ දොර දිහා බැලුවෙ ඇහිච්ච හඬට…
චූටි රුහිනි ටෙඩියෙකුත් අතේ තියාගෙන දොරකඩ ඉදන් අපි දෙන්නා දිහා බලාගෙන ඉන්නවා දැක්කම මං ඉක්මනට කඳුළු පිහිදගත්තෙ චූටි දූ දකින්න කලින්…
චූටි අයියත් තරහා පැත්තකින් තියලා ගිහින් චූටි දූව වඩාගෙන කාමරේ ඇතුළට අරන් ආවා…
හිතාගන්නත් බෑ…ටිකකට කලින් මාව මරන්න පුළුවන් තරමෙ කේන්තියකින් හිටපු චූටි අයියා දැන් රුහිනි බබා එක්ක හිනා වෙවී හුරතල් වෙනවා…
” බාප්පි නෝටී….පුංතිට බනිනෝ…..පුංති අඬනවත් එක්ක…..”
රුහිනි චූටි අයියට ඒ චූටි අත් වලින් ගහන ගමන් කිව්වෙ මූණත් බෙරි කරන්…
ඒත් එක්කම චූටි අයිය මගේ මූණ දිහා බැලුවෙත් මං චූටි අයියා දිහා බැලුවෙත් එකටමයි…
රුහිනි දූ චූටි අයියා මට බනිනවත් බලාගෙන ඉදලා….
” ඔයාගෙ පුංචි හැමදේටම අඬනවනෙ රුහි බබා….” චූටි අයියා මං දිහා බලලා කට කොණින් හිනා වෙන ගමන් කිව්වම මං බිම බලාගත්තෙ ඒ කියපු දේ ඇත්ත නිසා ලැජ්ජාවට…
” හරි හරි…කියන්න බලන්න අපේ රූහි බබා දැන් මේ බාප්පිවයි පුංචිවයි බලන්න හදිස්සියේ ආවේ මොකටද කියලා….” චූටි අයියා රූහිගෙ කම්මුලක් ඉබින ගමන් ඇහුවා…
” අම්මි කිව්වා ලූහි බබාට කියන්න කියලා බාප්පිටයි පුංතිටයි ඩිනර් ගන්න එන්න කියලා…”
” හරි…අපි එන්නම්කෝ….දැන් අපේ රුහී ගිහින් හබුන් කන්නකෝ….”
දූ කට උල් කර කර කියද්දි චූටි අයියා දූව බිමින් තියලා එහෙම කිව්වම චූටි දූ ඔලුව වනලා ටෙඩියවත් අරන් දිව්වෙ මං චූටි දූ දිහා ආසාවෙන් බලන් ඉද්දි…
කොහොමත් ගෙදර ඉද්දිත් හවසට වටේ පිටේ පොඩි ළමයි ඔක්කොම අපේ ගෙදර….
එච්චරට මං පුංචි බබාලට ආසයි…
මං හිනා වීගෙන රුහිනි දුවන විදිහ බලන් ඉද්දි චූටි අයියා මං දිහා බලන් ඉන්නවා කියලා දැක්කෙ ඇස් කොනින්….
මං ඒ මූණ දිහා බලද්දිත් එයා මං දිහාම බලාගෙන….
ඒ ඇස් වලට මූණ දෙන්න බැරුව මං බිම බලාගද්දි චූටි අයියා ඔලුවෙන් පහළට යං කියල සන් කරලා කාමරෙන් එළියට ගියා….
ඒ හිතේ තිබ්බ තරහා නිවිලා කියලා නම් ඒ මූණෙන් හොඳටම පැහැදිලී….
මාත් තෙත කොණ්ඩෙ තව ටිකක් පිහිදගෙන ඉක්මණට පහළට බැස්සෙ හැමෝම පහළ ඉන්න නිසා…
ඒ නිසාම හිතේ පොඩි තැතිගැන්මක් තිබ්බත් මං ඉක්මන් අඩි තියලා කෑම මේසෙ ළඟට ආවා..
” එන්න සුදු දූ…..ඉදගන්න…” මාමා කෑම මේසේ පුටුවක් පෙන්නලා මට සුහදව කිව්වම මං මාමටත් හිනා වෙලා ඒ පුටුවෙන් ඉදගත්තා…
මගෙ එහා පැත්තෙන් හිටියෙ චූටි අයියා…ඉස්සරහ පුටු දෙකේ ලොකු අයියයි අක්කයි…මාමගෙ එහා පැත්තෙන් නැන්දා…ඉයානා මාමාට කෙලින් තියන පුටුවෙ ඉදන් හිටියත් බටු ඇටේ වගේ නිසා ඔලුවත් මේසෙට වැහිලා…
හැමෝම කෑම බෙදාගෙන කන්න ගත්තම මාත් බත් බෙදාගෙන කන්න ගත්තෙ සෝමා නැන්දා කෑම මේසෙ ඕනෑ එපා කම් බලන නිසා…
ගෙදරදි නම් තාත්තටත් බත් බෙදලා දීලා තමයි මං කෑම කන්නෙ…දැන් හැමදේම වෙනස්නෙ….මං මේ විදිහට පුරුදු වෙන්නම ඕනෙ….
” දැන් අපේ ෆැමිලි එක සම්පූර්ණයි නේද තාත්තා…” ලොකු අයියා මං දිහා බලලා කිව්වෙ මාමට…
” ඒකනෙ…” මාමත් මං දිහා බලලා හිනා වෙලා කිව්වෙ මාත් හැමෝටම සුහදව හිනා වෙද්දි…
” නෑ නෑ…තාම නෑ….ඇයි අනේ චූටි පුතාගෙ පැටියෙක් නැතුව මොන සම්පූර්ණ ද…”
නැන්දා එක පාරටම හැමෝම බලන් ඉද්දි කියපු
දේට මං ඉද්ද ගැහුවා වගේ කෙලින් වෙලා නැන්දා දිහා බලද්දි චූටි අයියා කහින්න ගත්තෙ මං වගේම එයත් කලබල වෙච්ච නිසා වෙන්න ඕනෙ…
මං ඉක්මනට වතුර එක අරන් චූටි අයියට දීලා පිට අත ගෑවෙ චූටි අයියා කහින එක නවත්තන්නෙම නැති තැන….
ඒ වෙනකොටත් කෑම මේසේ හිටපු හැමෝම හිනා වීගෙන අපි දිහා බලන් ඉන්නවා දැක්කම මාව ලැජ්ජාවෙන් පිපිරෙන්න වගේ ආවා…
” ඒවා කියද්දි කැස්සත් එනවා…” ලොකු අයියා නෝන්ඩියට චූටි අයියට කිව්වෙ මං දිහත් අමුතුවට බලලා…
” අනේ යනවා අයියා යන්න…”
මං නම් කියපු ගමන් බිම බලාගත්තත් චූටි අයියා අත පිහිදන සර්වියට් එකෙන් ලොකු අයියට දමලා ගහන ගමන් කිව්වෙ හැමෝම හිනා වෙද්දි…
” ඒක නෙවෙයි චූටි පුතා…ඔයා මැරේජ් එකෙන් පස්සෙ කුරුඳුවත්තෙ ගෙදරට යන්න නේද හිටියෙ…” මාමා චූටි අයියගෙන් ඇහුවෙ වතුර වීදුරුව අතට ගන්න ගමන්…
” ඔව් තාත්තා…මාත් කියන්න හිටියෙ…අදිතිත් එක්ක එහේ ඉන්නවා…මගෙ ප්‍රැක්ටිසස් වලට ලේසි නේ…..නෙක්ස්ට් වීක් වගේ යන්න තමයි බැලුවෙ…” චූටි අයියා කිව්වෙ මාමට වුනාට ඇස් තිබ්බෙ මං දිහාට…
හරියට නිකන් මට කිව්වා වගේ….
කොහොමත් මං ඒ ගැන දැනගෙන හිටියෙ නැති නිසා හොඳයි…
ඒත් එක්කම මට පුදුම හිතුනෙ චූටි අයියලට ගෙවල් කීයක් තියනවද කියලා හිතාගන්න බැරුව…
ඒ කියන්නෙ අපි මේ ගෙදර ඉන්නෙ තව දවස් කීපයයි….
” ජීවක ඔයා තමයි මේ ළමයව එළවගන්න හදන්නෙ…..ඔයා මතක් කලේ නැත්තන් මේ ළමයට ඕක මතක් වෙන්නෙ නෑ නෙ…” නැන්දා මාමට නෝක්කාඩු කියද්දි හැමෝම හිනා වුනේ නැන්දා කියපු විදිහට….
කොහොමත් කසාද බැඳලා පුතා නෝනා එක්ක වෙන ගෙදරකට යනවට දෙමව්පියො කැමති නැහැනෙ…විශේෂයෙන් අම්මලා….
කට්ටිය කතා බහ කර කර හිටියෙ බිස්නස් දේවල් ගැන…චූටි අයියා ක්‍රිකටර් කෙනෙක් වුනාට එයාලගෙ කම්පැනි එකේ බිස්නස් වලටත් මාමටයි ලොකු අයියටයි උදව් වෙනවා කියලා මට තේරුම් ගියේ ඒ කතා බහෙන්…
මං ඒ දේවල් වලට අදාළ නැති නිසාම අක්කා එක්ක සෝමා නැන්දට කුස්සිය අස්පස් කරන්න උදව් කරලා කාමරේට ආවෙ ගෙදරට කෝල් එකක් ගන්න කියලා හිතාගෙන….
මං ෆෝන් එක අරගෙන ගෙදර ලෑන් නම්බර් එකට ඩයල් කරලා කනේ තියාගත්තෙ අම්මගෙ කටහඬට අහන්න ආසාවෙන්…
කොහොමත් මං ඊයෙ ආවට පස්සෙ කෝල් එකක් ගන්න වුනේ නෑ වෙච්ච දේවල් නිසා…
” හෙලෝ…”
” හෙලෝව් අම්මා…..” මං කතා කරේ අම්මගෙ කටහඬ අහන්න ලැබුනට ගොඩක් සතුටින්…
” අනේ මගෙ සුදු දූ…..කොහොමද මයෙ අම්මා….මං බැලුවා ඒත් කෝල් කරේවත් නැත්තෙ මොකද කියලා…” අම්මා කතා කලෙත් මං තරම්ම සතුටකින්…
” ඊයෙ පාර්ටි එකකට යන්න වුනා අම්මා…මාමගෙ යාළුවෙක්ගෙ….ඒකයි…..අදත් මහන්සියට ගොඩක් වෙලා නින්ද ගියා..” මං වෙච්ච කරදර ගැන කියලා අම්මගෙ හිත බය කරන්න ඕන නැති නිසා කෙටියෙන්ම එහෙම කිව්වෙ කාටත් හොඳ නිසා…
” නිදාගෙන ඉඳලා හරියනවද ළමයො….ගෙදර වැඩ කරන්න මිනිස්සු හිටියට ඔයා දැන් ඔය ගෙදර පොඩි ලේලි….තියන වැඩක් පළක් කරන්න…මොකෝ පුරුදු නැති එකක් නෙවෙයි නේ …චූටි පුතාට ඔයාගෙ අතින් උයපු කෑම ටිකක් එහෙම කන්න දෙන්න….කොල්ල ආස වෙයි…”
අම්මා ගොඩක් දේවල් කතා කලේම පවුල් ජීවිතේ ගෙනියන්න ඕන විදිහ ගැන….
ඉස්සර තාත්තා එක්ක බැඳපු අලුත ජීවත් වෙච්ච විදිහ එහෙම අම්මා කියද්දි මං ආසාවෙන් අහන් හිටියා….
ඔව්…අම්මා කියන්නෙ ඇත්ත….අපි සැළසුම් කරලා කසාද නොබැන්දා වෙන්න පුළුවන්…ඒත් මං අතේ චූටි අයියගෙ බිරිඳ විදිහට චූටි අයියට කරන්න ඕන වගකීම් තියනවා….
මං අම්මගෙ හැම වචනෙකින්ම පවුල් ජීවිතේ ගෙනියන්න ඕන කොහොමද කියලා තේරුම් ගත්තා….
අම්මා පැයක් විතර කතා කරලා ෆෝන් එක තිබ්බත් මං කාමරේ තියන සෝෆා එකට ඔලුව බර කරගෙනම කල්පනා කලේ මේ දවස් ටිකට මගේ ජීවිතේ සිද්ද වෙච්ච වෙනස්කම් ගැන…
හිතන්නෙවත් නැතුව කසාඳ බඳින්න වුනා…ආපහු නොහිතපු විදිහට වෙන් වෙන්න ගියා….ආපහු දැන් මට මගේ අයිතිය ලැබිලා….
දැන් මං චූටි අයියගෙ බිරිඳ….එයා කියන විදිහටම එයා ශාරාන්‍යාට ආදරේ කරලා නැද්ද….එහෙනම් ඇයි එයාව කසාද බදින්න හැදුවෙ….මගෙ හිතේ එක එක ප්‍රශ්න පැන නැගෙද්දි මං මතක් කලේ චූටි අයියගෙ වචන…
” මට තමුසෙව නැති කරගන්න ඕන නෑ අදිති….” ඒ වචන ටික චූටි අයියා කියපු විදිහ සැරින් සැරේ සිහියට එද්දි මටත් හොරෙන් මං හිනා වුනා….
ඒ ඇයි කියන්න මංවත් දන්නෙ නෑ….
පළවෙනි වතාවට මං මේ කසාදෙට කැමති වීම ගැන මට දැනුනෙ සියුම් සතුටක්…
කල්පනා කර කරම මං සෝෆා එකේම ඉද්දි මගේ ඇස් පියවුනේ නිදිමත වැඩි කමට…
කවුරුහරි මාව ඔසවන් යනවා වගේ දැනුනත් මං ඇස් අරින්නෙ නැතුවම තවත් නින්දට වැටුනෙ නිදිමතේ කිසිම දෙයක් හිතාගන්න බැරුව….
මං හෙමින් ඇස් ඇරලා බැලුවෙ මට දැනුන උණුහුමට තව ළං වෙන ගමන්…
මං තප්පර ගානක් එහෙම්ම ඉන්න ඇති…ඒත් එක්කම ඉද්ද ගැහුවා වගේ මං කෙලින් වුනේ මං මෙච්චර වෙලා උණුහුමට තුරුල් වෙලා හිටපු කෙනාව දැකලා…
අනේ සෝ රොමෑන්ටික් නේ……
ඉස්සෙල්ලා මං හිනා වෙලා ඉන්නම්කො
කස්ටියක් මං කතාව නොදා ඉඳී කියලා මට මරණ තර්ජන එල්ල කලානෙ….
තව පොඩ්ඩෙන් මට මේ පාර අවුරුද්දට දත් නැතුව කිරිබත් කන්න වෙනවා…..
එහෙම තමා පොඩි විහිලුවක් කරලා ඉන්න එපැයි නේ….
ඉතින් කතාව ගැන මොකද හිතෙන්නෙ….කවර් එක මාරු කරපු නිසා ඔයාලට හොයාගන්න අමාරු වුනාද…..
දිගටම අදිතියි තුහිනයි එක්කම රැඳෙන්න…
ආදරෙයි ඔයාලට…….
( අවුරුදු නිසා නිවාඩුවක් ගන්න බැලුවෙ ප්‍රෙන්ඩ්ස් )
මතුසම්බන්ධයි….