අහම්බෙන් හිමි වූ ඔයා… 21

21 කොටස

දොර ලඟ හිටියෙ ලොකු අයියාහ්…දැනෙන ලැජ්ජාව කොච්චරද කියනවා නම් මට පොළව පලාගෙන යන්න හිතුනා….
චූටි අයියත් ඉක්මනට පුටුවෙන් නැගිට්ටෙ ලොකු අයියව දැකලා…
එයාගෙ මූණෙනුත් පේනුනෙ ලැජ්ජාවක්….

” අයියාහ්…මේ…මේහ්…” චූටි අයියා ලොකු අයියට මොනවද කියන්න වචන එකතු කරද්දි මං ඉක්මනට එතනින් ආවේ කුස්සියට ට්‍රේ එක තියන්න එන මාර්ගෙන්…..

කුස්සියට ඇවිල්ලත් මං පපුව අල්ලගෙනම ගොඩක් වෙලා කල්පනා කලේ වෙච්ච දේවල්….
ලොකු අයියා එන්න කලින් චූටි අයියා හැසිරිච්ච විදිහ…
මං ඒ දේවල් මතක් කලේ මගෙ පපුව තව තවත් ගැහෙන්න ගද්දි…
ඒ සිදුවීම මං ආයෙ ආයෙම මතක් කරගත්තෙ මට තාමත් ඒ ඇත්තක්ද කියලා හිතාගන්න බැරි වෙද්දි…

චූටි අයියාව මුණගැහුණ පලවෙනි දවසෙ ඉදන් වෙච්ච හැමදේම මං මතක් කලා….
මුලින්ම එයා මේ විදිහට හැසිරෙන්නෙ ලෝකෙට පේන්න කියලා මං හිතාගෙන හිටියත් ඒත් දැන්…එහෙම හිතන්න මට හිත දෙන්නෙ නෑ…..

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

හවස හය විතර වෙද්දි අපි අපේ බඩු ඔක්කොම ලෑස්ති කරන් කුරුඳුවත්තෙ ගෙදරට යන්න පිටත් වුනේ හැමෝගෙම දුක්බර කතා මැද්දෙ….
චූටි දූ නම් හොඳටම ඇඬුවා….අක්කත් කිව්වෙ එහෙ ගියාට කමක් නෑ දවස් දෙකකට තුනකට පාරක් හරි ඇවිත් යන්න කියලා….
අපි නැන්දටයි මාමටයි වැඳලා අක්කටයි ලොකු අයියටයිත් කතා කරලා ආවා….

ටික දුරක් යනකන්ම චූටි අයියගෙයි මගෙයි අතර කිසිම කතාවක් වුනේ නෑ….
මට නම් එයා දිහා බලන්නත් ලැජ්ජ හිතුනෙ කලින් වෙච්ච සිදුවීම නිසා…..
කොච්චර ඒ සිදුවීම මතක් කර කර මං සතුටු වුනත් මගෙ හිතේ තිබ්බෙ ලැජ්ජාවක්…
ඒත් මං ඇස් කොණින් දැක්කෙ චූටි අයියා මාත් එක්ක කතා කරන්න අර අදින්න වගේ ඩ්‍රයිව් කරන ගමන් මගෙ දිහා සැරින් සැරේ බලනවා…

” සුදූ…” මං හිතුවා හරි…තත්පර ගානක් යන්න වුනේ නෑ චූටි අයියා මට කතා කලේ මං බලාපොරොත්තු වෙච්ච විදිහට…

මං මුකුත්ම නොකියා එයා දිහා බැලුවෙ ඇයි කියලා අහන්න වගේ…..

” එහේ වැඩටවත් කවුරුත් නෑ තාම….ටික දවසක් යයි කෙනෙක් හොයාගන්න….” චූටි අයියා කිව්වෙ ඉස්සරහා බලාගෙන….

ඒත් ඇයි….ගෙදරකට වැඩට කෙනෙක් ඉන්නම ඕනෙ නෑ……
වැඩපළ නොදන්න ගෘහනියක් ඉන්න ගෙදරකට තමා වැඩකරන්න කෙනෙක් ඕන වෙන්න…ඒත් මගෙ අම්මා පොඩි කාලෙ ඉදන් මට හැමදේම උගන්නලා තියනවා ඉතින් වැඩ කරන්න කෙනෙක් මොකටද….

” එහෙම කවුරුත් ගන්න ඕන නෑ….මං ගෙදර වැඩ ටික කරන්නම් අයියෙ…” මං කිව්වෙ බිම බලාගෙන අත්දෙක මිටි මොළවගෙන් එකට කරගන්න ගමන්….

මං එහෙම කියපු ගමන් චූටි අයියා ඉස්සරහා බලාගෙනම හිනා වුනා….

” ඒත් ඒ ගෙදර මෙහෙට වඩා ලොකුයි…ඔයාට තනියෙන් වැඩටික කරගන්න බැරි වෙයි….” චූටි අයියා එහෙම කිව්වෙ මගෙ දිහා වතාවක් බලලා…
ඒ කතාව අහපු ගමන් මට පුදුම හිතුනෙ මෙහෙටත් වඩා ඒ ගෙදර ලොකුයි කිව්වම….
නැන්දලා ඉන්න ගෙදරත් විශාල මාළිගාවක් වගේ…..
ඉතින් ඊටත් වඩා ලොකුයි කියන්නෙ ඒක ගෙදරක් නෙවෙයි හෝටලයක් වෙන්න ඕනෙ….

” අනිත් එක…..” ඒ ගැන කල්පනා කර කර හිටපු මං ආපහු චූටි අයියා දිහා බැලුවෙ චූටි අයියා තව මොනවද කියන්න හදන නිසා…

” මං නැති වෙලාවට ඔයා තනියෙන් ගෙදර….” චූටි අයියා කිව්වෙ හීන් හිනාවක් මූණට අරන් හරියට නිකන් ලැජ්ජාවෙන් වගේ….

මගේ මූණටත් හිනාවක් ආවෙ නෑ කිව්වොත් බොරුවක්….
මං ඉක්මනට ජනේලෙන් අහක බලාගත්‍තා…ඒ මගේ හිනාව චූටි අයියා දකී කියලා බයට…

තවත් පැය බාගයක් වගේ ගියාට පස්සෙ වාහනේ දැම්මෙ ලොකූ කළු ගේට්ටුවකින් ඇතුළට….
කිව්වත් වගේ මේ ගෙදර ඊටත් වඩා ලොකුයි….හෝටලයක් වගේම තමා එළියෙන් බලද්දි……මං ඇස් දෙකත් ලොකු කරන් වාහනෙන් බහින්නෙත් නැතුවම බලන් හිටියෙ ඒ දිහා…
චූටි අයියා බැහැලා වාහනේ දොර වහන සද්දෙටයි මං මේ ලෝකෙට ආවෙ…ඉක්මන් කරලා වාහනෙන් බැහැගත්ත මං චූටි අයියගෙ පස්සෙන්ම ගේ ඇතුළට ගියා….

ඇතුළත් එලියට දෙවනි නෑ……මගේ ජීවිතේ පළවෙනි වතාවටයි මෙච්චර ලොකු ගෙදරක ඉන්නෙ…..
චූටි අයියා අපේ කාමරේ කියලා පෙන්නපු කාමරේට ගිහින් මං ගෙනාපු ඇඳුම් කබඩ් වලට අහුරන්න ගත්තෙ අනිත් හැමදේම වගේ මේ ගෙදර තිබ්බ නිසා….
සෝෆා සෙට්…ඇඳවල්…,ෆර්නිචර්ස්…..ඔක්කොම තියනවා…..
ඇත්තටම ගොඩක් ලස්සන ගෙදරක්…..
ජීවිතේ කවදාවත් නොහිතපු විදිහට තමා මං මේ දැන් ජීවත් වෙන්නෙ…..

චූටි අයියා කාමරේට ආවෙ මං එයාගෙ ඇඳුම් කබඩ් එකේ පැත්තකින් අහුරද්දි….
සද්දයක්වත් නැති නිසයි මං පිටිපස්ස හැරිලා බැලුවෙ…
මං බලද්දිත් එයා බිත්තියට හේත්තු වෙලා අත් දෙකත් බැඳගෙන මං දිහාම බලන් ඉන්නවා…..
එයා දිහා කෙලින් බලාගෙනම ඉන්න බැරි වෙද්දි මං ආපහු හැරිලා ඇඳුම් ටික අහුරන්න ගත්තා…

කිසිම සද්දයක් නෑ ආපහු…..මටත් ඉතින් පාඩුවේ ඉන්නම බෑ නෙ….මාත් බැලුවෙ ආයෙ සද්ද නැතුව මොකද කරන්නෙ කියලා…
බලද්දි එයා ඇඳන් හිටපු ශර්ට් එකේ බට්න්ස් ගලවනවා….
මං කරන්ට් එක වැදුනා වගේ අනිත් පැත්ත හැරුනෙ දැනුන අපහසුතාවයට….
නීතියෙන් එයා මගේ මහත්තයා තමයි…ඒත් එහෙමයි කියලා අපි අතර කිසිම දෙයක් වෙලත් නෑ…..
මං ඉන්නම බැරි තැන ඇඳුම් ටිකත් එහෙමම තියලා පහළට ආවෙ ආපහු එයා දිහා එක පාරක්වත් නොබලා…

පඩිපෙළ බහිනවත් එක්කම ඇහුනෙ කවුරුහරි ගෙදර බෙල් එක ගහනවා…..

ඒ කවුද….?මේ වෙලාවෙ…..?අනිත් එක අපි මේ ගෙදරට ආවා විතරයි….චූටි අයියා කාටහරි ඉන්වයිට් කරලද…..
මං එහෙම හිත හිතම ගිහින් දොර ඇරියා…..

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

කවුරු කියලද හිතන්නෙ………

කලින් කොටසෙදි හැමෝටම රිප්ලයි කරන්න බැරි වුනා කමෙන්ට්ස් වලට….සමාවෙන්න…..

ගිහින් එන්නම්…….

මතුසම්බන්ධයි…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *