අහම්බෙන් හිමි වූ ඔයා… 25

25 කොටස

මං කරගන්න දෙයක් නැතුව චූටි අයියා දිහාම බලන් හිටියෙ මගෙ හිත ජීවිතේ කවදාවත් නොවුනු විදිහට බයෙන් ගැහෙද්දි…
එයා මාව වරදවා වටහාගෙන කියලා ඒ ඇස් වලින් පෙනුනෙ ඒ ඇස් ගිණියම් වෙලා වගේ නිසා….වැස්සෙම තෙමි තෙමි මං ළඟට ආපු චූටි අයියගෙ රතු පාට වෙච්ච ඇස් දිහා මට කෙලින් බලන්න බැරි වුණත්……මං බයේම සීතලට ගැහි ගැහි බලන් හිටියෙ ඒ ඇස් මොනවහරි මගෙන් අහන්න හදනවා වගේ දැනුණ් නිසා…

” ච්..ච්.චූටි අයියෙහ්…”

මං ආපහු එයාට කතා කලේ වචන පිට වෙන්නෙ නෑ වගේ වුණත් මම වැරදි නෑ කියලා එයාට කියන්න හිතේ වුවමනාව තියන නිසා….
ඒත් මං ඊට එහා කිසිම දෙයක් කියන්නත් කලින්ම මගේ වම් අත මට රිදෙන තරමට තද කරලා අල්ලගත්ත චූටි අයියා මාව මානා ළඟින් මෙහාට ඇඳලා අරන් එයාගෙ පැත්තට ගත්තෙ මානා දිහා ගිණි පිට වෙන දෑසින් බලාගෙනම….

මානාගෙ මුවත් ගොළු වෙලා කියලා තේරුනේ එයාගෙ මූණ දැක්කම….එයාටත් හිතාගන්න බැරුව ඇති වෙච්ච දේ……
ඒත්……..මානා මේ කරපු දේ වැරදී…ඇත්තටම මං චූටි අයියව බඳිද්දි මගේ හිතේ තිබ්බෙ අකමැත්තක් තමයි….ඒත්…කවමදාවත්…මානා ගැන මගේ හිතේ යාළුකමකට එහා දෙයක් තිබිලා නෑ…..
මානා දැන් ටිකකට කලින් හැසිරුණ විදිහ ගැන මට තිබුනෙ තරහක්…..
ඒත්…ඒ තරහ පිට කරගන්නවත්…මගේ නිර්දෝෂී භාවය පෙන්නන්නවත්…..මට ශක්තියක් තිබ්බෙ නෑ…..මං බය වෙලාම බලන් හිටියෙ චූටි අයියගෙ මූණ දිහා…..

ඒ මූණ තරහෙන් පිරිලා කියන්න වෙන හේතු සාධක ඕනෙ නෑ……ඇස් රතු කරන් මානා දිහා බලන් ඉන්න විදිහෙන් ඒක පේනවා…..
ඊටත් වඩා තරහා පාලනය කරගන්න වගේ එයා අල්ලන් ඉන්න මගේ අත එන්න එන්නම තද කරන්නෙ මානා දිහා බලාගෙනම….

මං හිතුවෙ චූටි අයියා මානාගෙන් තරහ පිරිමහගනී කියලා…… ඒත් නොසිතුව විදිහට මානාට මුකුත් නොකියම මාවවත් ඇඳගෙන වැස්සෙම චූටි අයියා ආපහු හැරිලා ආවෙ වාහනේ ළඟට….
මාව තල්ලු කරලා වගේ වාහනේ ඇතුළට දාලා චූටි අයියා අනිත් පැත්තෙන් ආපහු ඩ්‍රයිවින් සීට් එකට නැග්ගෙ චූටි අයියගෙ හයියට මං පරඬැලක් වගේ තල්ලු වෙද්දි……

කවදවත් නොදැකපු විදිහට චූටි අයියට තරහා ගිහින් තියන බව මට තේරුනේ එයා වාහනේ අරන් යන විදිහෙන්….
මට මේ වැරැද්ද හදන්න ඕන වුණත් මං මුකුත්ම නොකියා හිටියෙ එයාට තියන බයට….ඒ තරහෙන් පිරිච්ච මූණ දිහා බලන්න බැරුව මං බිම බලාගත්‍තම මගේ ඇස් වලින් වැටෙන කඳුළු බිංදු මගේ උකුළ උඩ තියන මගේම අත් දෙකට වැටුනේ මගේ හැඬුම එන්න එන්න වැඩි වෙද්දි….
මේ හිතට දැනුනෙ මහලොකු බයක්…..ඒ මාව එයා වරදවා වටහා ගත්ත නිසාම නෙවෙයි…..එයාව මට නැති වෙයි කියලා…..
මේ හිත එයාව නැති කරගන්න බයයි දැන්….

චූටි අයියා වාහනේ පුළුවන් තරන් වේගෙන් යන්නෙ වාහනෙන් තරහා පිරිමහන්න වගේ……
මේ හැමදේටම හරියන්න වැස්සත් එන්න එන්නම වැඩි වෙලා අකුණු ගැහිල්ලයි ගෙරවිල්ලයි දිගින් දිගටම පැවතුනේ මගේ දුක දැනිලා වගේ…..

අපි විනාඩි කීපයකින් ආවෙ ගෙදරට…..විශාල ගේට්ටුවෙන් වාහනේ ඇතුළට දාපු චූටි අයියා තරහෙන් පිරිච්ච මූණ ඒ විදිහටම තියාගෙන වාහනෙන් බැස්සෙ මං කරගන්න දෙයක් නැතුව එහෙමම ඉද්දි….
ඒ කරලා මං ඉඳන් හිටපු පැත්තෙ දොර ඇරලා ආපහු වතාවක් රිදෙන්නම මගෙ අතින් අල්ලලා මාව වාහනෙන් ඇදලා අරන් වැස්සෙම ගේ ඇතුළට එක්කන් ගියේ යකෙක් වගේ…..

මට දැනුනෙ පුදුම තරමෙ දුකක්…දැන් මොනවා වෙයිද….මේ වෙලාවෙ මගේ හිත අහපු එකම ප්‍රශ්නෙ ඒක…

එයා මාව ඇදගෙනම ගේ ඇතුළට ඇවිත් සාලෙදි මාව අත ඇරියෙ මාව විසික් කරන්න වගේ…..මාව විසිවෙලා ඈතට ගියේ එයාගෙ හයිය කොහොමත් මට නැති නිසා….

” තමුසෙ ඌට කැමැත්තෙන් හිටියද….” මගේ මූණ දිහා බලාගෙනම එහෙම අහපු චූටි අයියා මං ළඟට ආවෙ මගේ මුව ගොළු වෙද්දි….
මට නෑ කියන්න ඕන වුනත්…චූටි අයියගෙ මේ දරදඬු හැසිරීම් නිසා මට කිසිම දෙයක් කියාගන්න තියා මගෙ කටින් වචනයක් පිට වුනේවත් නෑ….

” කියනවා……තමුසෙ ඌට ආදරේ කලාද….” මගෙන් උත්තරයක් නැති තැන මගේ උරහිස් වලින් තදට අල්ලලා මගෙන් ඇහුවෙ මාව පරඬැල වගේ සොලවෙන ගමන්….

මගේ ඇස් වලින් කඳුළු බේරුනා ඇරෙන්න වෙන කිසිම දෙයක් මට කියාගන්න බැරි වුනේ කලින් මට ගොඩක් ආදරෙන් වගේ හිටපු චූටි අයියමද මේ කියලා හිතාගන්න බැරි වෙද්දි….

චූටි අයියගෙ මූණෙ තිබ්බ තරහ වෙනුවට ලොකු දුකක සේයාවක් මූණට එද්දි මං දිහා තප්පර ගානක් එහෙමම බලන් ඉඳලා චූටි අයියා මාව අත ඇරලා මට පිටුපස හැරිලා අඩි හතරක් පහක් විතර ඉස්සරහට ගියේ තමන්ගෙ කොණ්ඩෙ අතින් ඇඳගන්න ගමන්…

” මං දන්නවා අදිති……තමුසෙ මාව මැරි කලේ අකමැත්තෙන් කියන්න මං දන්නවා…..ඒත්….තමුසෙ වෙන කෙනෙක්ට ආදරෙන් හිටියා කියන්න මං දන්නෑ…..දන්නවා නම්…..තමුසෙට ඒ සතුට දෙනවා මිසක්….තමුසෙගෙ අකමැත්තෙන් මං කීයටවත් තමුසෙව මගේ කරගන්නෙ නෑ….අරූ අච්චර මගෙ ගෑණිට ළං වෙලා ඉන්නවා දැකලත් මං ඌට වචනයක්වත් නොකියා ගෑණියෙක් වගේ එතනින් එන්න ආවෙ….තමුසෙ ගැන හිතලා අදිති…………” මගේ දිහා තප්පරේකටවත් බලන්නෙ නැතුව මට පිටිපස්ස හැරිලා චූටි අයියා වේදනාවෙන් කියන ඒ වචන නතර වුනේ මගෙ හිත පතුලෙ…..මගෙ ඇස් වලින් කඳුළු කඩන් වැටෙන්න වුනේ චූටි අයියට තියන ආදරේට…..

” මං ඩිවෝස් එක දෙන්නම්….ඌ එක්ක සතුටින් ඉන්න…..”

වැස්ස තවත් වැඩි කරලා කන් දෙක පුපුරන්න තරම් අකුණක් ගැහුවෙ චූටි අයියා ඒ වචන කියලා අවසන් වෙද්දිමයි…..
ඒ අකුණු සද්දෙ වැදුනෙ මගෙ හිතට…
එයා කොහොමද මගෙන් ඈත් වෙන්න හිතන්නෙ….එහෙම වෙන්න දෙන්න බෑ…මගෙ හිත කෑගැහුවා….
මගෙ හිත දෙකඩ වෙන්න වගේ එද්දි මං දුවලා ගිහින් මට පිටිපස්ස හැරිලා ඉන්න චූටි අයියව බදාගත්තෙ මගේ දකුණු කම්මුල ඒ පිටට තද වෙද්දි…..
වෙනදට ඕනම දේකදි ලැජ්ජාවෙන් රතු වෙන මට අද ඒ කිසිම දෙයක් මතක් වුනේ නෑ….මට ඕන වුනේ මේ වැරැද්ද හරි ගස්සන්න විතරයි….

” මං….මං එයාට ආදරේ කලේ නෑ……..එයාට ආදරේ කලේ නෑ දෙයියනේ……..කවදාවත් ඔයාව වගේ මට එයාව දැනිලා නෑ මගෙ අයියෙ….” මට කියාගන්න පුළුවන් වුනේ එච්චරයි….
එතනින් පස්සෙ වැස්සෙ සද්දෙයි මගේ ඉකියයි මිසක් වෙන කිසිම දෙයක් ඇහුනෙ නැතිව ඇති එයාට…..

මං කොච්චර වෙලා එහෙමම එයාව බදාගෙන හිටියද දන්නෙ නෑ….මගෙ පපුවයි…කම්මුලයි ඕනවටත් වඩා චූටි අයියගෙ පිටේ තෙරපිලා කියලා දැනෙද්දියි මං විදුලියක් වැදුනා වගේ ඒ ගතෙන් ඈත් වුනේ…..

මොහොතකට කලින් මං ඒ කියපු වචන ආයෙ ආයෙ සිහියට එද්දි…මොහොතකට කලින් මං චූටි අයියව කිසිම ලැජ්ජාවකින් තොරව ඇවිල්ලා තදින් බදාගත්තා කියලා මතක් වෙද්දි මට දැනුනෙ ලැජ්ජාවක්…
මං එයාව අත ඇරලා එයාගෙන් අඩියක් විතර කලබලෙන් පස්සට යද්දිම එයා මං දිහා බැලුවම මං ඒ මූණෙන් දැක්කෙ සුළු මොහොතකට කලින් තිබුන තරහවත්, වේදනාවවත් නෙවෙයි….
ඊයෙ වගේ ඒ ඇස් වල මං ගැන කියාගන්න බැරි සෙනෙහසක්….

” ච්..ච්.චූටි අයියෙ මං….” මං මොනවහරි කියාගන්න වචන ගලපද්දිම මං දිහා ඒ දීප්තිමත් ඇස් වලින් බලාගෙන හිටපු චූටි අයියා මගේ අතින් ඇඳලා එයා ළඟට ගත්තෙ මං හිතන්නත් කලින්……
ඒ ශකිතිමත් අතට මං ඔහේ ඇදිලා ගිහින් නතර වුනේ ඒ පපුවෙ…..

තවමත් මට වුනේ මොනවද කියලා හිතාගන්න බැරුව මං පුදුමෙන් ඇස් ලොකු කරන් චූටි අයියගෙ මූණ දිහා ඔලුව උස්සන් බලන් ඉද්දි….
මගේ මූණ එක අතට අරගෙන එයා මගෙ මූණට පහත් වෙලා එයාගෙ දෙතොල් මගේ දෙතොල් උඩ නතර කරේ මගෙ පපුව වේගෙන් ගැහෙන්න පටන් ගද්දි….
ඒ ස්පර්ශයෙන් මිදෙන්න මට මතක් වුනේ නෑ….ඊටත් වඩා මගේ හිතට ඒ වුවමනාව තිබුනේ නෑ…..
ඒ වෙනුවට මගේ ඇස් ඒ පහසට ඉඩ දෙන්න වගේ තදින් පිය වෙද්දි ජීවිතේ පළමු හාදුව චූටි අයියා මගේ දෙතොල් මත සටහන් කලා….
එයා තව තවත් වැරෙන් මගේ දෙතොල් ඒ දෙතොල් අතරට සිර කරගද්දි චූටි අයියා මාව ඒ ගමන්ම තවත් එයාගෙ ගතට ළං කරගත්තෙ මගෙ ඉනෙන් අල්ලලා….
ඒ නුහුරු අත්දැකීම ජීවිතේ පළවෙනිම වතාවට මට විඳගන්න ලැබෙද්දි මං ඇස් වහගෙනම චූටි අයියගෙ උණුහුමට තව තවත් ගියේ මගේ හිතේ මගේ චූටි අයියා වෙනුවෙන් මහගොඩක් ආදරේ පෙරටත් වඩා උතුරද්දි…..

තප්පරගානක්….නෑ…මං දන්නෙ නෑ……අපි කෙතරම් වෙලා එහෙම හිටියද කියන්න මං දන්නෙ නෑ…..
ටික වෙලාවකට පස්සෙ චූටි අයියා ඒ දෙතොල් මගෙ දෙතොල් වලින් මුදාගනිද්දි මං ඇස් වහගෙනම හිටියෙ ඒ මූණ බලන්න බැරි තරමට මාව ලැජ්ජාවෙන් පිරිලා නිසා……
දෙතොල් මගෙන් මුදාගත්තත් ඒ මූණ මගේ මූණෙ ගෑවෙන තරමට තාමත් මට එයා ළං වෙලා….
මං ඇස් වහගෙන හිටියත් එයා මගේ නළලට ඒ නළල තියාගෙනම තප්පර ගානක් තිස්සෙ එහෙමම ඉන්නවා කියලා මට තේරුනේ ඒ වේගෙන් ඉහළ පහළ යන හුස්ම මගේ මූණට වැදෙන නිසා….
ඒත් එක්කම ආපහු වතාවක් මගේ දෙතොල් වලට බර වුණ චූටි අයියා මගේ දෙතොල් පෙරටත් වඩා ආදරෙන් තවත් තප්පර ගානක් සිපගත්තා….

” මං තමුසෙට ලෝබයි……මහ ගොඩක් ලෝබයි තමුසෙට මං……ආපහු කවදාවත් වැරදීමකින්වත් වෙන එකෙක්ට ළං වෙන්න එපා…..” චූටි අයියා ආපහු වතාවක් මගේ නළල මතට ඒ නළල තියාගෙනම කෙඳිරුවෙ මාව තව තවත් ඒ ගතට ඇදගන්න ගමන්….
ඒ කරලා වැස්සට තෙමිලා තෙත බරිත වෙලා තිබ්බ මගේ ගත ඒ ශක්තිමත් ඇඟට තව ටිකක් තද වුනේ චූටි අයියගෙ වැළඳගැනීමෙන්…..
ඒ අත් දෙකෙන්ම මාව වට කරලා මාව ඒ ගතටම තුරුළු කරන් ඉන්න චූටි අයියගෙ බඳ වට කරලා මගේ අත් දෙකත් එතුනෙ මමත් නොදැනුවත්වම…..

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

මගෙ ලේන්සු ටික විකිනෙන්නෙ නෑ අද….😆😆😆

ඒත් කමක් නෑ…….කලින් කොටසෙ කමෙන්ට් ගැන කතා නොකර ඉමු…..😂🔫

හැමදේම වෙන්නෙ හොඳටයි කියන්නෙ නිකන් නෙවෙයි….හැමදේකින්ම නරකක් වෙනවා වගේම පුංචිම පුංචි හරි හොඳකුත් වෙනවා…..

ඔන්න දැන් මාව නොදොස් කොට නිදහස් කරන්න ඈහ්…..

අනේ මගේ තුහින කොච්චල ලොමෑන්ටික් ද බලන්න අනී 🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈
ආදලේ හිතෙනෝ නේහ්……

ආහ්…ඒ වගේම කියන්න ඕනෙ…ඉදිරි දවස් තුනේ මට කතාව දෙන්න වෙන්නෙ පොඩි කොටස්…..වන්දනා ගමනකට සහභාගි වෙනෝ මං…..පොඩ්ඩයි කියලා මගේ සූටි හිත පාරවන්න එපා මයි ලව්ලි ප්‍රෙන්ඩ්ස්….මං පව් නේහ්….
ඒ වෙනුවට මං කතාව නොදා ඉන්නෙ නැතුව පොඩිහරි කොටසක් දාන එක ගැන සතුටු වෙන්න….

ගොහින් එන්නම්…..

මතුසම්බන්ධයි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *