අහම්බෙන් හිමි වූ ඔයා… 30

30 කොටස

මට යාන්තමට වගේ ඇහැරුණේ මගේ ළඟින්ම දැනුණ උණුහුම නිසා….මං ඒත් එක්කම ඇස් පිහිද පිහිද නින්දෙන් හරි සිහියට ආවා….
මං හිටියෙ චූටි අයියගෙ පපුවට තුරුලු වෙලා…චූටි අයියත් එයාගෙ හැඩි දැඩි අත්වලින් මාව වටකරගෙන මාව ඒ ගතටම තුරුළු කරගෙන ඉන්නවා…..
ඒත් එක්කම ක්ෂණිකව මට ඊයෙ රාත්‍රිය සිහියට එද්දි මට දැනුනෙ පොළව පලන් යන්න තරම් ලැජ්ජාවක්….මට දැනුනෙ මාව රතු වෙනවා වගේ….ඒ තරමට ලැජ්ජාවක් හිතට දැනෙද්දි මගේ ඇස් යොමු වුනේ චූටි අයියා දිහාවට….

ලැජ්ජාවක් දෙගුණ තෙගුණ වුනේ මං දිහා යටි තොලත් තදකරගෙන හිනාවීගෙන බලාගෙන ඉන්න චූටි අයියව දැක්කම….මං ඇහැරෙද්දිත් එයා ඇහැරිලා ඉඳලා තියෙන්නෙ….
මං ඇහැරිලා වටපිට බලලා ඊයෙ රාත්‍රිය මතක් වෙලා ලැජ්ජ හිතිලා රතු වෙනවා එයා බලාගෙනම ඉඳලා කියලා තේරුණේ මට ඒ හිනාවෙන්….

ඒත් එක්කම මට ඒ මූණ බලන්නත් බැරි තරම් ලැජ්ජාව වැඩි වෙද්දි මං ඉක්මනට ඒ අත් වලින් මිදෙන්න දැඟලුවා….
ඒත් මාව තව තවත් ඒ පපුවටම ගුළි වුනා මිසක මට චූටි අයියගෙන් ගැළවීමක් තිබුනෙ නෑ….

” හිහ්…මොකෝ මේ ආහ්……ලැජ්ජ හිතිලා….” චූටි අයියා ඇහුවෙ මගේ මූණ එක අතකට අරගෙන හිනා වෙවී…

ලැජ්ජ හිතිලා තියෙන්නෙ ඇයි කියලා අමුතුවෙන් තේරුම් කරන්න ඕනෙද….හැම ගෑණු ළමයෙක්ටම මේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා දවසක….ඒත් මට දැනෙන්නෙ මාව රතු වෙලා පිපිරිලා යන්න එනවා වගේ දැන්…කියන්න වචනත් නැති වෙලා ඒ ඇස් මගේ ඇස් පටලවගන්න උත්සහ කරද්දි චූටි අයියා මගේ මූණ අල්ලන් හිටලු අතින් මිදිලා මං ඒ මූණෙම පපුව හංඟගත්තෙ වෙන කරන්න දෙයක් නැති කමට….

” හිහ්හ්හ්…ආදරෙයි මැණික….” චූටි අයියා මං හැසිරුණ විදිහට හිනා වෙලා එහෙම කිව්වෙ මං ඒ පපුවෙම හංඟන් හිටපු මගේ මූණ ආපහු වතාවක් ඒ දෝතටම අරගෙන මගේ නළලට හාදුවක් දීලා….

දැණුන ලැජ්ජාව අමතක වෙලා මගෙ හිතේ ඉපදුනේ චූටි අයියා වෙනුවෙන් මහ ගොඩක් ආදරේ……ඒ ආදරේ මගේ හදවත පතුළටම කිඳා බහිද්දි මං දෙපාරක් හිතන්නත් කලින් මං තුරුළු වීගෙන හිටපු ඒ නිරුවත් පපුව මට සිප ගැනුනෙ මගෙ ආදරේ වැඩි කමට….
චූටි අයියට දැනෙන්නැති ඒක…..ලැජ්ජයි තමයි මට තාමත්….ඒත් මං ආදරෙයි….තවත් කොහොමද මං මේ ආදරේ පිටට නොපෙන්වා ඉන්නෙ…..

” හොර කෙල්ල මෙහේ එනවා…..” මගේ සිපගැනීම දැනිලා චූටි අයියා හිනා වීගෙනම එහෙම කියලා මගේ දොතොල් සිපගත්තෙ මගේ ඇස් තදින් පියවෙද්දි….

” මගේ චූටි බටු ඇටේ….මගේමයි දැන්……” තප්පර ගානකට ඒ දොතොල් අතරට මගේ දෙතොල් මැදිකරගෙන හිටපු චූටි අයියා මගෙන් ඒ දොතොල් මුදාගෙන එහෙම කිව්වෙ මගේ හිස්මුදුන සිපගන්න ගමන්…
මටත් ඒ ආදරේ මහගොඩක් දැනෙද්දි චූටි අයියා දැන් කිව්ව වචන වලින් මට සිහි වුනේ ඇත්තටම මං දැන් චූටි අයියගෙමයි නේද කියලා….
මේ හිතට චූටි අයියගෙ ආදරේ පමණටත් වඩා දැනෙන්න ගද්දි මං මගේ දෑස් තදට පියාගෙනම තුරුළු වෙලා හිටපු ඒ පපුවටම තව ටිකක් තුරුළු වෙලා මගේ අත් දෙක ඒ ඉන වටේට දාගෙන ඒ උණුහුමට ගුළි වුනා…

විනාඩි ගානක් යනකන් අපි එහෙමම ඉන්නැති….චූටි අයියත් එක අතකින් මාව තුරුළු කරගෙන අනිත් අතින් මගේ හිස අතගානවා…සැරින් සැරේ හිස පහත් කරලා මගේ හිස් මුදුන සිප ගන්නවා මට දැනෙනවා….
ඒත් එක්කම මට මතක් වුනේ චූටි අයියට තේ හදන්න ඕන බව….
තවත් මෙහෙම ඇඳට වෙලා ඉඳලා හරියන්නෙ නෑ…..අද සෙනසුරාදා දවසක් නිසා චූටි අයියා ගෙදර ඉඳී….කෑම ලෑස්ති කරන්නත් ඕනෙ….

” මං තේ හදන් එන්නම් මූණ සෝදලා…” එහෙම කියලා මං නැගිටින්න හැදුවත් මට ලොකු අපහසුතාවයක් දැනුනෙ මං ඉන්න විදිහ නිසා….
චූටි අයියා මගේ වැඩ වලට හිනා වෙවී බලන් ඉද්දි මං පෙරවන් හිටපු බෙඩ් ශීට් එක මගේ ගත දවටගෙනම ඇඳෙන් නැගිටලා කෙලින්ම ගියේ නානකාමරය දිහාවට…..
ඒත් එක්කම මාව ආපහු ආපස්සට ඇදිලා ගියේ මං ගැස්සෙද්දි….
චූටි අයියා මාව ආපස්සට ඇදලා අරන් මගේ පිටිපස්සෙන් මාව තුරුළු කරගෙනම හිනා වෙවී ඇස් වලින් ඇඳ දිහාව පෙන්නුවෙ මං ඒත් එක්කම ඒ දිහා බලද්දි….

මං අවුරුදු 22ක් පුරාවට මගේ ස්වාමිපුරුෂයට දෙන්න ආරාක්ෂා කරපු මගේ පිරිසුදුබව ඇඳ රෙද්ද මත සටහන් වෙලා තියනවා දැක්කෙ මං ඒ එක්කම….චූටි අයියත් පිටිපස්සෙන් මාව තදට වැළඳගෙනම බලන් හිටියෙ ඇඳ රෙද්ද දිහා….
මට දැනුනෙ සතුටක්….මට චූටි අයියා වෙනුවෙන් එයාට මේ සැනසීම දෙන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි මහ ගොඩක්….මං කල්පනාවෙන්ම උන්නෙ ඒක….

” මං ආදරෙයි සුදූ…….” ඒත් එක්කම මගේ බෙල්ලෙ මූණ හංඟගෙන චූටි අයියා එහෙම කෙඳිරුවෙ මං තවමත් ඒ සටහන දිහා බලන් ඉද්දි……
ඒ මූණෙ වැවිලා තියන රැව්ල මගේ බෙල්ලෙ වදිද්දි මං ගැස්සිලා හරි සිහියට එනවත් එක්කම චූටි අයියා මගේ බෙල්ල සිපගත්තෙ මාව ඒ විදිහටම පිටිපස්සෙන් වැළඳගෙන…..මං මගේ ඉන වටකරලා බැඳන් ඉන්න ඒ හැඩි දැඩි අත් දෙක තදට අල්ලගෙනම චූටි අයියගෙ පහසට ඉඩ දුන්නෙ මගේ හිතට මහා ලොකු සැනසීමක් දැනෙද්දි…..

ටික වෙලාවකින් මං නානකාමරේට වැදිලා නාගෙන තෙත කොණ්ඩෙත් පිට මැදට කඩලා දාගෙන ලා කහ පාට ස්ටීව්ලස් ගවුමත් ඇඳගෙන තේ හදන්න පහළට ගියේ චූටි අයියා නාද්දි….
අද වෙනදටත් වඩා හිතට සතුටක් දැනිලා නිසාමද මන්දා මගෙ හිත පිරිලා…..
මං චූටි අයියට කිරි තේ එකක් හදාගෙන උඩට යන්න හැරෙද්දිම මං දැක්කෙ කුස්සියේ දොර ළඟට වෙලා මං දිහා අත් දෙකත් බැඳගෙන බලන් ඉන්න චූටි අයියව…..
කකුල් දෙක එක තැනම නතර වෙද්දි….මං තේ එකත් අතේ තියන් බලාගෙන හිටියෙ ඒ රූපෙ දිහා….
ලේසියෙන් ඔලුව පිහිදාන්නෙ නැද්ද කොහෙද….තෙත කොණ්ඩෙ නළලට වැටිලා….අත් වල වතුර…..දුඹුරු පාට ශෝර්ට් එකකුයි රතු පාට ආම්ස් කට් එකකුයි ඇඳගෙන….හරි ලස්සනයි….අතේ තියන ලොකු ටැටූ එක හොඳට කැපිලා පේනවා….ඇත්තටම කවදාවත් හිතුවද මං වර්ල්ඩ් ෆේමස් ක්‍රිකටර් තුහින දුශේන් ආරියරත්න මගෙ මහත්තයා වෙයි කියලා….ඒත් දැන් ඒක එහෙමයි….මහත්තයෙක් විතරක්ම නෙවෙයි එයා මට දැන්…මගෙ හිත පිරිලා යන තරම් පුදුම තරමෙ ආදරයක් මට දෙන මහත්තයෙක්….ඇත්තටම මේ මගේ ධෛවය නේද…..මේ මගේ ඉරණම් කාරයා….
මගේ ඇවැස්ස මස්සිනා වුණත් අපි අතර වචනෙකින්වත් සම්බඳයක් තිබ්බෙ නෑ… ඒත්…අහම්බෙන් මට එයා දැන් අයිති වෙලා….කොච්චර පුදුමයක්ද….

” මොකද කරන්නෙ මගේ වයිෆ්……” හිනා වීගෙන එහෙම අහගෙන එයා මං ළඟට ඇවිත් මගේ අතේ තිබ්බ තේ එකත් අතට අරගෙන මගේ අතින් ඇදගෙන සාලෙට ගියා…

ඒ කරලා තේ එක ස්ටූල් එක උඩින් තියලා මාව සෝෆා එකේ ඉන්දවපු චූටි අයියා මගේ උකුළට ඔලුව තියාගෙන සෝෆා එකේ දිගා වුනේ මං ඒ ඇස් දිහාම බලන් ඉද්දි…..මං හෙමීට ඇඟිළිතුඩු වලින් ඒ හිස කෙස් අතරින් අතදාලා ඔලුව අතගෑවෙ හරි ආදරෙන්…එයත් මගේ උකුළෙම ඉඳන් මගෙ ඇස් දිහා බලාගෙන…..

” සුදූ…..” චූටි අයියා ටිකක් වෙලා කල්පනා කරලා මට එක පාරට කතා කරේ මං එයා දිහා බලද්දි….

” ම්ම්ම්…” මං ඒ ඔලුව අතගාන ගමන්ම ඇයි ඇහුවෙ ඇස් වලින්…

” මීට කලින් වෙන කෙනෙක්ට ආදරේ කරලම නැද්ද ඔයා….”

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

ඔන්න දැම්මා…කතාව පරක්කු වෙලා දාන්නෙ ක්ලාස් දවසට….

ක්ලාස් ඇරිලා ආපු ගමන් ඉතින් කතාව ලියන්න මානසිකත්වයක් නෑ….
ඒ වගේම ගොඩ දෙනෙක් කතාව අහනවා….සමහර දවසට උදේට…දවල්ට….හවසට….😅😅😅😅 ඉතින් දුකින් වුණත් කියන්න ඕනෙ මං කතාවෙ දාන්න රෑට…..😁😁😁😁😁😁😁
නිවාඩු වෙලාවක් ලැබුණම තමයි ඉතින් දවල්ට හවසට වගේ කතාව දැම්මෙ…..
ඔන්න ඉතින් මං කිව්වා වගේම කොහොමහරි දැම්මලු ඈහ්…පොඩ්ඩයි කියන්න එපා මොකද නොදා ඉන්න හදලත් දැම්මෙ ඔයාලා බලන් ඉන්න නිසා….යන්නම් එහෙනම්…ආදරෙයි…හැම කමෙන්ට් එකකට රිප්ලයි කරන්න විදිහක් නෑ…..සමාවෙන්න ඕනෙ….

මතුසම්බන්ධයි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *