අහම්බෙන් හිමි වූ ඔයා… 34

34 කොටස

” චූටි පුතා…ගිහිල්ලා පොඩ්ඩක් සුදු නැන්දිවයි අක්කිවයි ගෙදරට දාලා එන්න…” නැන්දාගෙ ඇස් තිබ්බෙ මං දිහාවට වුණත් මං දිහාම බලන් හිටපු නැන්දා ටිකකින් චූටි අයියට කිව්වෙ හරියට නිකන් චූටි අයියව යවාගන්න වගේ…

” ඒත් අම්මා සුදූ තනියෙන් නෙ…මං කොහොමද…”

” ඔයා එනකන් මං සුදූ ළඟ ඉන්නම්…අද සුදු මාමි ආපු නැති නිසා සුදු නැන්දිලා ආවෙ ට්‍රයිශෝ එකක…..එයාලව මේ රෑ තනියම යවන්න බෑ නෙ චූටි පුතා….ඔයාගෙ වාහනෙන් ගිහින් බස්සලා එන්න ගෙදරට…” නැන්දා කිව්වෙ තදට….
චූටි අයියව යවා ගන්නම ඕන වෙලා වගේ…

මං චූටි අයියා දිහා බලලා නැන්දගෙ කතාව අනුමත කරන්න වගේ කිව්වෙ චූටි අයියා මං නිසා නොයා ඉන්න හදන නිසා….

” මං එනකන් ඉන්න එහෙනම් පරිස්සමින්…”
මං දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු චූටි අයියා නැන්දා ඉන්නවා කියලවත් කිසි ගානක් නැතුව මගේ හිස එක අතකින් අල්ලගෙන මගේ නළලට හාදුවක් දීලා නැගිටලා යතුරත් අරන් යන්න ගියා….

නැන්දා බලාගෙනම හිටියෙ මං දිහා….ඒත් එක්කම මට මතක් වුනේ ටික වෙලාවකට කලින් බාප්පයි නැන්දයි කතා වුණ දේවල්…
ඒ වචන මතක් වෙද්දිත් මගේ පපුව ගැහිලා මහා ලොකු වේදනාවක් හිතට දැනෙද්දි මං කරගන්න දෙයක් නැතුව බැලුවෙ මං දිහාම බලාගෙන ඉන්න නැන්දා දිහා…..
නැන්දා බාප්පගෙ අදහස් වලට එකඟ වෙලාමයි කියලයි මට ඒ මූණෙන් පෙනුනෙ…
කලින් වතාවෙ ශාරාන්‍යගෙ ප්‍රශ්නෙදිත් නැන්දා හැසිරුනේ මේ වගේ…..
මට දුක හිතුනෙ නැන්දට මං එයාගෙ දුවෙක් කියලා හිතෙන්නෙ නැති නිසා….

” අදිති…..” නැන්දා මං ඉඳන් හිටපු සෝෆා එකේම මගේ එහා පැත්තෙන් ඉඳගත්තෙ මං දිහා බලාගෙන…

ඒත් එක්කම මගේ හිතට දැනුනෙ බයක්….මං නැන්දයි බාප්පයි කතා වුණ දේවල් අහන් හිටියා කියලා නැන්දා දන්නවා ඇති…

” දැන් කොහොමද කකුළ……තාම රිදෙනවද ගොඩක්….” නැන්දා ඇහුවෙ මගේ වෙලුම් පටි වලින් බැඳලා තියන කකුළ දිහා බලලා…
මට දැනුනෙ පුදුමයක්….

” දැන් ටිකක් අඩුයි නැන්දෙ….” මං කිව්වෙ නැන්දගෙ මූණ දිහා බලලා ආයෙත් බිම බලාගෙන….
මගේ හිතේ තියන එකම ප්‍රශ්නය වුනේ නැන්දා මේ වෙලාවෙ එහෙම අහපු එක…
එදා මට පාර්ටි එකට ගිහින් අච්චර කරදරයක් වෙන්න ගිහිල්ලත් නැන්දා එදා මං ගැන පොඩ්ඩක්වත් හොයලා බලන්නෙ නැතුව දුක් වුනේ එයාලගෙ නම්බුව ගැන…
එහෙව් එකේ නැන්දා මෙහෙම හැසිරෙන්නෙ ඇයි…..

” මං දන්නවා බාප්පා මාත් එක්ක කතා කරපු දේවල් ඔයා අහගෙන හිටියා කියලා…” මං කල්පනා කර කර ඉද්දි නැන්දා කිව්වෙ මගේ මූණ දිහා කෙලින් බලාගෙන…

ඒත් එක්කම මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තෙ නැන්දා ඒ කියපු වචන වල තේරුම මොලේට යද්දි…
නැන්දා මේ කියන්න හදන්නෙ ඒ දේවල් එහෙමම සිද්ද වෙන්න ඕනෙ කියලද…..
මගෙ චූටි අයියගෙන් මට ඈත් වෙන්න කියලද….

” ඒ දේවල් කීයටවත් එහෙම සිද්ද වෙන්න මං ඉඩ තියන්නෙ නෑ…..ඒ ගැන බය වෙන්න එපා….” මගේ ඇස් පුළුවන් තරම් ලොකු වුනේ නැන්දා කියපු දේට…

මං හිතුව දේවල් වල අනිත් පැත්ත සිද්ද වෙද්දි මං පුදුමෙන්ම මුකුත් නොකියා බලාගෙන හිටියෙ නැන්දා දිහා….

” චූටි පුතා අදිතිට ගොඩක් ආදරෙයි……මට සාප කරයි මගේ පුතා ඔයාව එයාගෙන් ඈත් කළොත්….” නැන්දා කිව්වෙ එහෙමයි…

වෙනදා වගේම ඒ මූණෙ කිසිම හිනාවක් නැති වුණත් නැන්දා ඒක කිව්වෙ මගෙ හිතේ ඒ වචන ගැන විශ්වාසයක් ඇති වෙන්න.

එත් එක්කම ටික ටික මගේ හිතට සහනයක් දැනුනෙ නැන්දගෙ ඒ වචන වලට…
නැන්දගෙ මැදිහත් වීමකින් තොරව බාප්පට කවදාවත් මාවයි චූටි අයියවයි වෙන් කරන්න බැහැ….
මගෙ හිතට යාන්තමට සතුටක් දැනුනෙ ඒකයි….

” මං දන්නවා….ඔයත් මගේ කොල්ලට පණ ඇරලා කියලා….හැමදාම මගේ කොල්ලව බලාගන්න ආදරෙන්….” නැන්දා කිව්වෙ මගේ ඔලුව යාන්තමට අතගාලා….

මගේ දෑසට කඳුළු ආවෙ මගේ හිතට දැනුණ සතුටට…..මට දැනුනෙ අපිට තිබ්බ හැම ප්‍රශ්නෙම නැන්දගෙ වචන වලින් විසඳුනා කියලා…
මං හිතුවෙ නැන්දා කරගන්න දෙයක් නැතිකමට එදා මාව අයියට බැන්ඳුවට මට ඒ තරම් කැමැත්තක් නැහැයි කියලා…ඔව්…ඒක එහෙම වෙන්නැති…ඒත් දැන් නැන්දා චූටි අයියා ගැන හිතලා හරි මට කැමතී…
මගේ හිතට දැනුනෙ මහලොකු සහනයක්….මං ඔලුව වනලා හා කිව්වෙ මගේ සතුටු කඳුළු කම්මුල් දිගේ ගලාගෙන යද්දි…

” ඒත් එක දෙයක් අදිති…තුහිනට මේ දේවල් දැනගන්න තියන්න එපා…..තුහින මේ දේවල් දැනගත්තොත් එයා ටියානගෙ තාත්තා එක්ක හිත හොඳ නැති වෙයි….තේරෙනවද…..ටියානා ගැන හිතලයි එයා මේ වගේ දෙයක් කරන්න හැදුවෙ….ඒත් ඒකට මං ඉඩ දෙන්නෙ නෑ….මොනවා වුණත් අපිට ලෝකෙ ඉස්සරහා ලැජ්ජ නොවී ඉන්න පුළුවන් වුනේ ඔයා නිසා….ටියානගෙ තාත්තා වගේම ඔයාගෙ තාත්තත් මගේ මල්ලි…..ඒ නිසා…මේ දේවල් අපි දෙන්නා විතරක් දැනගත්තම ඇති… ” නැන්දා මට කිව්වෙ ඉල්ලීමකට වඩා අණක් විදිහට…
ඒ චරිතෙ කොහොමත් එහෙමයි…..නැන්දා කොහොමත් එයාගෙ තනි අදහස් වලට වැඩ කරන කෙනෙක්….

ඒත් ඒ දේ ඇත්ත…බාප්පා හිතන්න ඇත්තෙත් එයාගෙ දුවගෙ පැත්තෙන්…ඒකයි මේ වගේ යෝජනාවක් නැන්දට ගේන්න ඇත්තෙ…මං චූටි අයියට මේ කිසිම දෙයක් නොකියන්න පොරොන්දු වුනා නැන්දට…..
කොහොමත් පව්ල් ප්‍රශ්න ඇදගන්න වුවමනාවක් මගේ තුන් හිතකවත් නෑ….
මටයි මගේ චූටි අයියටයි දැන් ඉඳන් පාඩුවේ ඉන්න ලැබෙනවා නම් වෙන මුකුත් ඕන නෑ…ඊටත් වඩා බාප්පලා මං ගැන කොහොම හිතුවත් මං හිතන්න ඕනෙ ඒ මගේ බාප්පා කියන එක….ටියානා මගේ නංගි කියන එක…..
නැන්දා මාත් එක්ක ටිකක් වෙලා කතා කර කර ඉඳලා යන්න ගියේ චූටි අයියගෙ වාහනේ වත්තට දාන සද්දෙ ඇහුණ නිසා….

විනාඩියක් යන්නත් කලින් චූටි අයියා ආපහු ආවෙ උඩ තට්ටුවට…මං බලාගෙන හිටියෙ මං ගැන මහ ගොඩක් හිත කරදරෙන් ඉන්න ඒ රූපෙ මං ළඟට එන දිහා….

” බැස්සුවද සුදු නැන්දලව….” මං ඇහුවෙ චූටි අයියා මං ළඟට ආවට පස්සෙ….

” හ්ම්ම්…” එයා මං ළඟින් ඉඳගන්න ගමන් හ්ම්ම් කිව්වා ඇරෙන්න වෙන කිසිම දෙයක් කිව්වෙ නෑ….ඒ මූණ හරි වෙනස්…..වෙනදා වගේ නෙවෙයි කියන්න ඕන නෑ එයාගෙ හැසිරීම්…තප්පරෙන් තේරුම් ගන්න පුළුවන්…

” ඇයි…මේ…” මං ඇහුවෙ ඒ අතක් තදට අල්ලගන්න ගමන්….

” ගොඩක් රිදෙනවද මැනික….” චූටි අයියාගේ ඇස් වලින් කඳුළු පේළි දෙකක් ඒ කම්මුල් මතට ගලද්දි චූටි අයියා බිඳුනු හඬකින් මගෙන් ඇහුවෙ මගේ හිතට චූටි අයියා ගැන මහා ලොකු ආදරයක් දැනෙද්දි…..පළවෙනි වතාවට මං ඒ ඇස් වල කඳුළු දැක්කා….ඒකත් ඒ ඇස් වල කඳුළු තියෙන්නෙ මට මේ වෙච්ච සුළු තුවාලෙකට කියලා මතක් වෙද්දි මං චූටි අයියව මගේ පපුවට තුරුල් කරගත්තෙ දරා ගන්න බැරි වෙච්ච ආදරේකින්…..මං ඒ හිස මගේ පපුවට තුරුල් කරන් ආදරෙන් අතගෑවේ චූටි අයියත් පුළුවන් තරම් මගේ පපුවට තුරුල් වෙද්දි…මගේ ඇස් වලටත් කඳුළු ආවෙ මේ ආදරේ දරා ගන්න බැරුව….

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

මතුසම්බන්ධයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *