අහම්බෙන් හිමි වූ ඔයා… 35

35 කොටස

චූටි අයියා මාවත් හරහටම අරන් වාහනේට ගෙනිහින් මාව ඉන්ඳුවෙ මට කකුළ බිම තියන්නවත් බැරි නිසා…
කලින් වෙන දේවල් වලට සිත යොමු වෙලා වේදනාවක් ගානක් නොවුණත් දැන් නම් හොඳටම කකුළ ඇදුම් කනවා….

අපි හැමෝටම කියලා එන්න ආවෙ ආපහු ගෙදරට….ටියානා නම් මං යනවා කිව්වත් හිටියෙ ඔරවං….එයාගෙ පාර්ටි එක මං නිසා විනාශ වුන නිසා වෙන්නැති….
ඒත්…තව ටිකෙන්…එයා නිසා මගේ ජීවිතේම විනාශ වෙනවා….
මට හිතුනෙ එහෙමයි…

අපි දන්නෙම නැතුව ගෙදරට ආවා….චූටි අයියා මාව ඔසවන් ඇවිත් කාමරේ ඇඳ උඩින් තිබ්බෙ මගෙ කකුලෙන් තාමත් වේදනාවක් ගෙන එද්දි….

මං කොහොමහරි එහා පැත්තෙ තිබ්බ පුංචි කබඩ් එකත් අල්ලන් නැගිටලා තනි කකුලෙන් යන්න හැදුවෙ නානකාමරේට….

” කොහෙද යන්නෙ….” මං ගැස්සුනේ චූටි අයියා කෑගහපු පාරට….

ඇයි දෙයියනේ මං නානකාමරේට යන්නනෙ හැදුවෙ…..ඇයි මේ කේන්ති ගිහින් එයාට….ඒ නපුරු කරන් ඉන්න මූණ දැක්කම ඉබේම මාව බය වුනා…මං ඇඟිල්ලෙන් නානකාමරේ දිහා පෙන්නුවෙ බය වෙච්ච පාර වචන එන්නැති වෙද්දි….

” ඉතින් ඒක කියන්න බැරිද එක්කන් යන්න කියලා….” එහෙම කියාගෙන මගෙ ළඟට ඇවිත් චූටි අයියා මාව හරහට ගත්තෙ මං හිතන්නත් කලින්….ඒත් එක්කම එයා මාවත් උස්සන් ගියේ නානකාමරේ දිහාවට…

” අනේහ් එපාහ්….මං යන්න්ම්…” මං බයෙන් වුණත් එහෙම කිව්වෙ ඇති වෙච්ච ලැජ්ජාවට….

” ඇයි මං පිට එකෙක්ද….” නැවතිලා මගේ මූණ දිහා බලන් ඉඳලා ටික වෙලාවක් එක පාරට චූටි අයියා ඇහුවෙ තව ටිකක් සැරෙන්…

” යං…” ඒ බය වෙච්ච පාරට නිකන්ම මං ඔලුව දෙපැත්තට වනලා යං කියලා කියවෙද්දි චූටි අයියා මෙච්චර වෙලා හිටි තරහා මූණෙන් මිදිලා හිනා වුනේ විහිලුවට වගේ….
හරි නරකයි එක වෙලාවකට…..මාව බය කරලා දැන් හිනා වෙනවා….

චූටි අයියා මාව එක්ක ගිහින් මගේ මූණකට සෝදවලා ආපහු එක්කන් ආවෙ ඇඳට….මං සැහැල්ලු ඇඳුමකට මාරු වෙලා ඇඳේ දිගා වුනේ කකුළ ඇදුම් කන්න ගත්තු නිසා….

ඒත් එක්කම චූටි අයියා වොශ් දාගෙන ඇවිත් මාව තුරුල් කරගත්තෙ මං එයාට පිටුපාලා ඉද්දි….
මං එයාගෙ පැත්තට හැරුනා නෙවෙයි හැරවුනා මාව….ක්ෂණික සිතුවිල්ලකට මට ඒ පිං පාට මූණ බලන්නම ඕන වුනා…

ඒ ඇස් වල මගේ ඇස් පැටළුනේ තප්පරේට….මං තව ටිකක් ඒ තුරුළට ගිහිල්ලා ඒ අත උඩ මගේ හිස තියාගත්තෙ චූටි අයියා මං දිහාම බලාගෙන ඉද්දි….දැන් නම් ලැජ්ජාව කොහේ ගිහින්ද මන්දා…මේ ආදරේට මහ ගොඩක් ලෝබ වෙද්දි මගේ හිතට වුවමනා වුනේ ඒ උණුහුමම විතරයි….

” රිදෙනවා අඩුද දැන්….ම්ම්ම්…” චූටි අයියා ඇහුවෙ මගේ නළල ඉඹලා…ඒ දෙතොල් පෙති මගේ නළල මතට තද වෙද්දි නිකන්ම මගේ ඇස් පියවෙනවා….ඒ චූටි අයියගෙ හිතේ තියන ආදරේ රිසි සේ විඳගන්න වගේ….

” ම්ම්ම්හ්…” මං හරියට උත්තරයක් දුන්නෙ නෑ…..මට ඕන වුනේ ඒ තුරුළටම යන්න විතරයි….

” ආපහු පරිස්ස්මින් වැඩක් කරන්න මැණික….ආයෙත් කපාගත්තොත් හැබැයි…වෙන සිහියකින් ඉඳලා….බලාගන්නම්කො මං…”

චූටි අයියා කිව්වෙ තරවටු ස්වභාවයෙන්…ඒත් එයා දන්නවා නම්….මං ඒ හිටියෙ මොන විදිහෙ තත්වයකද කියලා….
ඒත් එයාට කවදාවත් මේ දේවල් කියන්න ඕන නෑ…..පව්ල් ප්‍රශ්න ඇදගන්නෙ මොකටද….
අපි දෙන්න අපි දෙන්නගෙන් දුරස් වෙන්නෙ නැත්තන් මට ඒ ඇති….

මං මුකුත්ම නොකියා ඒ ගතට තුරුල් වුනේ හැමදාම මේ උණුහුමට ගුළි වෙලා ඉන්න තියන බලාපොරොත්තුවත් සමඟ…..ඒ වගේම මහා ගොඩක් ආදරෙන්…..

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

මගේ කකුළට හොඳටම හොඳ වෙන්න සතියක් විතර ගත වුනා….
ඒ හැම දවසකම චූටි අයියා මගේ ඕනෑ එපාකම් හැමදේම බලලා ඉටු කලේ මට තනියෙන් බැරි නිසා….
ඒ හැමදේකින්ම මට තදින්ම දැනුනෙ ඒ හිතේ මං වෙනුවෙන් තියන මහ ගොඩක් ආදරේ…..

කකුළ හොඳ වුනාට පස්සෙ මං ආපහු කැම්පස් යන්න ගත්තෙ චූටි අයියත් එක්ක….උදේට එයා මාව කැම්පස් එකට දාන් යනවා…ආයෙ හවසට එනවා ගන්න….පව්…..මං නිසා හරියට රස්තියාදු වෙනවා කියලයි මට හිතුනෙ…
ඒ වගේම සමහර දවසට මැචස් නිසා එයාට මාව ගන්න එන්න බැරි වෙන අවස්තාත් තියනවා..
ඒ දවසට මං ත්‍රී රෝද රථේකින් ගෙදර එන්නෙ චූටි අයියා මං බස් එකේ එනවට කැමති නැති නිසා….
වෙනදට ගෙදර ඉද්දි මං යන හැම ගමන් බිමනක්ම ගියේ බස් එකේ….ඒත් මේ හිතුවක්කාරයා ඒකට දැන් ඉඩ දෙන්නෙ නෑ….ඒ හිතේ බයට කියන්න මං දන්නවා…

අදත් චූටි අයියට මැච් එකක් නිසා මං ත්‍රී රෝද රථයක් නවත්වාගෙන ගෙදරට එන පාර කිව්වා….
අපේ තාත්තගෙ වයසෙ විතර රියදුරෙක්…..
මං ඒ අන්කල්ටත් කියලා සුපර් මාර්කට් එකක් ළඟින් වාහනේ නතර කරගත්තෙ රෑට උයන්න බඩු ගන්න….
වැස්ස දවසක් නිසාදෝ මන්දා වැඩි සෙනඟක් නෑ පාරෙ…..
මැච් එකට මොනවා වෙලාද දන්නෙ නෑ….ගෙදර ගිහින් බලන්න ඕනෙ…..අද මං එයත් එක්ක නොගිහින් ගෙදර නැවතුනේ කැම්පස් යන එක අද අත්‍යාවශ්‍ය වෙච්ච නිසා….
මං නොයෙන නිසා පොඩි ළමයෙක් වගේ මූණත් බෙරි කරන් තමයි ඒ නිසා චූටි අයියා ගෙදරින් ගියේ….
ඒ විකාර වැඩ මතක් වෙද්දිත් හිනා…..

මං එහෙම හිත හිත තනියෙන් හිනා වෙවී කුඩෙයි චූටි අයියා උයන්න බඩු ගන්න කියලා අතට දුන්නු රුපියල් පන්දාහයි විතරක් අතට අරන් ආපහු පර්ස් එක බෑග් එකට දාලා බෑග් එක වාහනේ තියලා බැස්සෙ බෑග් උස්සන් ගිහින් බඩු තෝරන එක කරදර නිසා….
ඊටත් වඩා ත්‍රී රෝද රථයේ රියදුරා ගොඩක් හොඳ මනුස්සයෙක් කියලා තේරුණ නිසා මට බෑග් එක තියලා යන්න කිසි බයක් ඇති වුනේ නෑ…

මං සුපර් මාර්කට් එකෙන් එළවලු…ඒ වගේම චූටි අයියා කන්න කැමති තව ගොඩක් දේවලුත් අරන් ආපහු කුඩෙත් ඉහළන් එළියට බැස්සෙ ත්‍රී රෝද රථයට එන්න…

ඒත් එක පාරට මාව පිටිපස්සට ඇඳිලා යනවා වගේ දැනෙද්දි මගේ අතේ තිබ්බ පාර්සල් ටිකයි කුඩෙයි අතින් ගිලිහෙද්දි මට දැනුනෙ කවුරු හරි මගේ නහය රෙදි කෑල්ලකින් තද කරනවා කියලා විතරයි…
හුස්ම ගන්න අපහසු වෙද්දි මගේ ඇස් පියවුනේ ඉබේම….

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

මට ජීවිත දානය දෙන්න…පීස් ඔන්න දැම්ම කිව්වා…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *