අහම්බෙන් හිමි වූ ඔයා… 40 අවසාන කොටස
අවුරුදු දෙකක් ගෙවිලා ගියේ අපේ ආදරේ එන්න එන්න වැඩි වෙනවත් එක්කම හරි ඉක්මනට…ඒ වගේම ඇක්සිඩන්ට් එක නිසා මට වෙච්ච තුවාළ හොඳටම හොඳ වුණත් අපිට දරු පැටියෙක් ලැබුනෙ නෑ….
අපි දෙන්නා මේ අවුරුදු දෙක තුළ කොච්චර ආදරෙන් සතුටින් හිටියත් ඒ දුක හැමදාම හිත යට තියාගෙන විඳෙව්වා….අදටත් ඒ දුකට මට තනියම ඇඬෙනවා…
හැමදාම වේදනාව උහුළගන්න බැරුව මං අඬද්දි චූටි අයියා මං ළඟ ඉඳගෙන මාව සැනසෙව්වට…ඒ හිත ඇතුළෙත් මට නොකියන කියාගන්න බැරි තරමෙ දුකක් තියනවා කියන්න මං දන්නවා…
මේ අවුරුදු දෙක ඇතුලෙදි චූටි අයියා බාප්පා කරපු වැරැද්ද වෙනුවෙන් ගන්න පුළුවන් උපරිම නීතිමය පියවර ගත්තෙ තවමත් මට සිද්ද වුණු දේවල් නිසා බාප්පා ගැන චූටි අයියගෙ හිතේ පුදුම තරමෙ තරහක් තියන නිසා….ඒ වගේම අපිට තාමත් දරු පැටියෙක්ගෙ හුරතල් බලන්න ලැබිලා නැත්තෙ බාප්පා නිසා….
බාප්පට අවුරුදු විස්සක සිර දඬුවම ලැබුනා….
ඒ හේතු නිසා ටියානත් ටියානගෙ අම්මා වගේම ඒ පව්ලෙ හැමෝම හිටියෙ චූටි අයියගෙ පව්ල වගේම මගේ පව්ලත් එක්ක තරහෙන්….
තියන සියළු නෑදෑ හිතවත්කම් දෙකඩ වුනේ බාප්පගෙ මේ වැඩ නිසා….
සිද්ද වෙච්ච දේවල් වලින් පස්සෙ චූටි අයියගෙ බල කිරීමටම මගේ අම්මවයි තාත්තවයි අපේ ගෙදර නවත්තගත්තෙ එයාලා බෑ කියද්දි….
ඒත් චූටි අයියට ඕන වුනේ අම්මවයි තාත්තවයි අපේ ගෙදරම තියාගන්න….
ඒ නිසා එයාගෙ බල කිරිල්ලටම අම්මයි තාත්තයි හිටියෙ අපේ ගෙදර…මගේ ළඟින්ම….
ඒ වගේම නැන්දා දැන් ඉස්සර වගේ අහංකාරකමින් මිදිලා හැමදේම තේරුම් අරන් මට වගේම මගේ පව්ලෙ අයටත් ආදරෙන් ඉන්නවා…..එහෙම වෙන්න එක හේතුවක් වෙන්න ඇත්තෙ බාප්පා කරපු දේවල්….
මේ අවුරුදු දෙකට චූටි අයියා එයාගෙ වෘත්තිය මට්ටමෙන් ඉතාමත් ඉහළට ගියා වගේම මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් මගේ උපාදිය ලබා ගත්තා…
දැන් මම කොළඹ ප්‍රසිද්ධ පාසලක සංගීත ගුරුවරියක්…
මේ හැම දේම අපි දෙන්නට ලැබුණත් අපිට එකම එක අඩුවක් තිබුනා….ඒ දේ නිසා අපි දෙන්නා වගේම අපි දෙන්නගෙ පව්ලෙ අයත් හිටියෙ හිත කරදරෙන්….
චූටි අයියගෙ අම්මයි මගේ අම්මයි හැමදාම එකතු වෙලා පිං දහම් රැස් කරලා ඉල්ලුවෙ අපිට දරු පැටියෙක් ලැබෙන්න කියලා…. තාමත් එහෙමයි…
මමත් හැමදාම උදේට බුදුන් වැඳපා ප්‍රාර්ථනා කලේ මගේ කුසට පුංචි දරු පැටියෙක් එන්න කියලා…
ඒත් මේ අවුරුදු දෙක පුරාවට ඒක එහෙම වුනේ නෑ…..
මං කල්පනාවෙන් මිදුනෙ චූටි අයියා මගේ නළල මත දෙතොල් තද කරාම….
මං එයාගෙ පපුවෙන් හිස ටිකක් මෑත් කරලා ඒ මූණ දිහා බලද්දිත් එයා මං දිහා බලන් ඉන්නවා…
” මැණික…..” චූටි අයියා මගේ හිස අතගාන ගමන් මට කතා කලේ මං ආපහු ඒ පපුවට ගුළි වෙද්දි….
” ම්ම්ම්ම්…” මට ඕන වුනේ කතා කරන්න නෙවෙයි….ඒ ආදරේ…ඒ උණුහුම තව ටිකක් විඳගන්න….
” ස්කූල් යන්නෙ නැද්ද….” චූටි අයියත් මාව තව ටිකක් තුරුලට ගන්න ගමන් ඇහුවෙ එහෙම…
” යන්න ඕනෙ….ඔයාට ප්‍රැක්ටිස් නෑ අද…? ” මං ඇහුවෙ හුරතලේට වගේ….
මං මේ ආදරේට ලෝබයි….
” තියනවා මැණික….යන්න ඕන දැන්…කෝ යං…ලෑස්ති වෙන්න….. මං ඩ්‍රොප් කරන් යන්නම් ස්කූල් එකට….” එහෙම කියලා චූටි අයියා මාවත් වත්තම් කරන් නැගිට්ටා….
මං ඇඟපත සෝදගෙන කුස්සියට ගියේ චූටි අයියට තේ හදලා දීලා උදේට උයන්න….ඒ වෙද්දිත් අම්මා නැගිටලා උයන්න අරන්…කොච්චර මේ ගෙදර තියන වැඩ මං කරන්නම් කිව්වත් අහන්නෙ නෑ අම්මා….
තාත්තා උදේම නැගිටලා හැමදාම වගේ පත්තරේ බලනවා….
අපි දෙන්නා උදේටත් කාලා අම්මටයි තාත්තටයි වැඳලා පිටත් වෙලා ආවා….
හැමදාම වගේ ඉතින් මං බහිනකන්ම එයාගෙ එක අතක් මගේ අතක පටලවගෙන ඉඹ ඉඹ අනිත් අතින් තමයි වාහනේ අරන් යන්නෙ….
වෙලාවකට මටම පුදුමයි මේ ආදරේ තරම ගැන…ඒ තරමට මගේ හිත පිරෙන්නම මේ ගෙවිච්ච කාලය පුරාවට චූටි අයියගෙ ආදරේ එයා මට දෙනවා….ඒ වගේම මට දරුවෙක් ලැබෙන්නෙ නෑ කියලා එයා දැන දැන වුණත් ඒ ආදරේ මේ කාලය පුරාවට මට අඩුවක් නැතුව දැණුනා…
චූටි අයියා මාව ආයෙ වතාවක් ළං කරන් නළලට හාදුවක් දුන්නට පස්සෙ තමයි මං වාහනෙන් බැස්සෙ….අද එයාට හවස් වෙනකන් එන්න විදිහක් නැති නිසා මං හිතාගත්තා ත්‍රී වීල් එකක එන්න….බස් එකේ එන්න පුළුවන් වුණත් මං බස් එකේ එනවට එයා කැමති නෑ….
ඉස්කෝලෙට ඇවිල්ලත් ඉක්මනටම වෙලාව ගියේ මාව වෙනදට වඩා විඩාවට පත් කරමින්…
මං ඉන්ටවල් නිසා මියුසික් රූම් එකට වෙලා ජනේලෙන් බලන් හිටියෙ පාසල් වත්ත පුරා දුව පැන පැන සෙල්ලම් කරන්න චූටි ළමයි දිහා…
ඇහැට කඳුළක් ආවෙ මටත් හොරෙන්ම…
මගේ හිත දිය වෙලා ගිහින් මගේ කම්මුල් වලට ඇස් වලින් කඳුළු කඩාවැටුනෙ ඒ පුංචි දරුවන්ගෙ හුරතල් දැකලා…
” අදී…ඔයා අඬනවද ඔය…” මගේ උරහිසට අත තියලා නදීකා මිස් ඇහුවාමයි මං මේ සිහියට ආවෙ…
මං ඉක්මනට මගේ කඳුළු පිහිදගත්තත් එයා ඒ වෙද්දිත් මං අඬනවා දැකලා කියන්න මං දන්නවා…
” කොච්චර කාලයක් ඔහොම දුක් වෙන්නද අදිති…..තාම අවුරුදු දෙකයිනෙ ගෙවුනේ…මහ ලොකු කාලයක්ද….බලාපොරොත්තු නැති කරගෙන ඔහොම වැලපෙන්න එපා….” හැමදාම වගේ මං දුකට අඬද්දි නදීකා මිස් ඇවිත් මගේ හිත හැදුවෙ එහෙම…
එවලේ ඉඳන් පාසල් ඇරෙනකන්ම මං හිටියෙ හිත කරදරෙන්…
කොච්චර බලාපොරොත්තු අත් ඇරගන්න එපා කිව්වත්…කොච්චර මං බලාපොරොත්තුවෙන් හිටියත් මගේ කුසේ පුංචි දරු පැටියෙක්ට ඉඩ නැතුව ඇති…
ඇඟට වෙනදට වඩා දැනුණ මහන්සිය නිසාම මට ඕන වුනේ ඉක්මනට ගෙදර යන්න…ඔලුවත් පුපුරන්න වගේ…ඒ වගේම කලන්තෙ වගේ නිසා මං පාරට ඇවිල්ලා ත්‍රී වීල් එකක් නවත්තගෙන ඒකට නැගගත්තෙ මගේ ඇස් නිලංකාර වෙනවා වගේ නිසා….
” මොකද සුදූ දූ මේ….අසනීපයක්වත්ද…” මං වෙනදට වඩා වෙනස් නිසා වෙන්නැති අම්මා ඇහුවෙ මගේ අතින් හෑන්ඩ් බෑග් එක ගන්න ගමන්….
” අනේ මන්දා අම්මා… උදේ ඉඳන් ඔලුව කැකුමක් තිබ්බා…දැන් නිකන් කැරකිල්ල වගේ….අද ගොඩක් වැඩ තිබ්බා අම්මා ඒක නිසා වෙන්නැති….” මං එහෙම කියාගෙන සෝෆා එකෙන් ඉඳගත්තෙ අත් දෙකෙන් මූණ වහගන්න ගමන්…
” උණ හැදෙන්නද දන්නෑ…මේ දවස් වල වෛරස් උණක් පැතිරෙනවා හරියට…දූ ගිහින් ඇඟපත සෝදගෙන එන්නකෝ…අපි හෙමීට බත් ටිකක් කාලා පැනඩෝල් දෙකක් බොමු….පුතා ආවාම බෙහෙත් ගන්න යන්න බැරි යැයි…” අම්මා කිව්වෙ මාව වත්තම් කරන් උඩට එක්කන් යන ගමන්…
” බෙහෙත් ගන්න තරම් දෙයක් නෑ අම්මා…එයා පව්…මහන්සි වෙලානෙ එන්නෙ…..ඕනෙ නෑ…” මං කිව්වෙ කාමරේට ඇවිල්ලා සාරියේ කටු ගලවන ගමන්…
සාරියත් ගලවලා දාලා මං නානකාමරේට ගිහින් ඇඟ සෝදගෙන ඇඳට වැටුනෙ ඉන්නම බැරි තැන…..අම්මා ඇවිල්ලා කවන්න කතා කලත් මං නැගිට්ටෙ නැත්තෙ ඇඟේ තිබ්බ වෙහෙස ගතිය නිසා….
” සුදූ……නැගිට්ටින්න මැණික…බෙහෙත් ගන්න යමු අපි…”
මං අමාරුවෙන් වුණත් ඇස් ඇරියෙ චූටි අයියගෙ කටහඬ ඇහෙද්දි…
නිදාගෙන ඉන්න මගේ පැත්තට බර වෙලා චූටි අයියා මං දිහාම බලන් ඉන්නවා මං ඇස් අරිද්දි…
” ම්ම්ම්..” මං හැදුවෙ ආයෙ අනිත් පැත්ත හැරිලා නිදාගන්න…
” ඒයි කපටි කෙල්ල…නැගිටින්නයි කිව්වෙ බෙහෙත් ගන්න යන්න…..” එහෙම කියලා චූටි අයියා මාව හරහට අරන් එයාගෙ උකුළ උඩින් තියාගත්තම මං ආයෙම වතාවක් ඇස් පියාගෙන එයාගෙ පපුවට තුරුල් වුනා…
” බෙහෙත් එපා…මෙහෙම ඉන්න දෙන්න මට…මෙහෙම හොඳයි….” මං කිව්වෙ ඒ පපුවට තුරුල් වෙලා තව ටිකක් මගේ අත් දෙක එයාගෙ ඉන හරහා දාලා තද කරගන්න ගමන්…
” ඉස්සර කොහොම ලැජ්ජාවෙන් හිටපු කෙල්ලෙක්ද මේ දැන් මෙහෙම දඟ වෙලා තියෙන්නෙ….අහ්හ්හ්…” චූටි අයියා මට විහිළු කරනවා…
මං හිනා වෙවීම ඇස් පියන් එයාගෙ තුරුළට වෙලා හිටියා…
” ඒ වුනාට යන් බෙහෙත් ගන්න මැණික….උණ හැදෙන්නද දන්නෙ නැහැනෙ….අමාරු වුනොත් ඔයාට….” චූටි අයියා හැදුවෙ කොහොම හරි මාව බෙහෙත් ගන්න එක්කන් යන්න…
ඒත් මට ඕන වුනේ මේ පපුවට ගුලි වෙලා ඉද්දි දැනෙන සැනසීම…..මං එයා කියන දේ අහන්නෙම නැතුව ඉද්දි එයත් මට නෝක්කාඩුවට වගේ බැන බැනම මාවත් තුරුල් කරගෙනම නින්දට වැටුනා….
මේ උණුහුම ඉස්සරහා මගේ තියන හැම දුකක්ම නැති වෙලා යන්නෙ ආශ්චර්යක් වගේ…
ඉස්කෝලෙදි නොතිබ්බ ඒ සැනසීම මට දැන් ලැබෙනවා කියලයි හිතුනෙ….
ඒ මොනවා නැතත් මට මේ ආදරේ තියනවා කියලා දැනෙන නිසා වෙන්නැති එයා මාව මෙහෙම තුරුලට අරන් ඉද්දි…
” සුදූ දැන් හයාමාරත් පහු….නැගිටින්න ඔයාට ස්කූල් එකට යන්නත් පරක්කු වෙයි හොඳේ….” චූටි අයියා ශෝට් එකක් විතරක් ඇඳගෙන කණ්ණාඩිය ඉස්සරහට වෙලා තෙත කොණ්ඩෙ පිහිදාන ගමන් කියනවා මං බලාගෙන හිටියෙ බාගෙට වගේ ඇස් ඇරන්…
ඇඟට ඊයෙ වගේම අමාරු ගතියක් දැණුනත් මාත් හැදුවෙ ආපහු වතාවක් එයා මට ඔය ටිකම කියන්න කලින් නැගිටලා ලේසිත් වෙන්න….ඒත් එකපාරටම මගේ බඩ කැලතිලා ඉහළට එනවා වගේ දැනිච්ච නිසා මං පෙරවන් හිටපු බෙඩ් ශීට් එකත් විසික් කරලා දාලා දිව්වෙ නානකාමරේට…..
චූටි අයියත් පුදුමෙන් වගේ මං දිහා බලන් ඉද්දි මං නානකාමරේට ඇවිත් වමනෙ දැම්මෙ පුදුම තරමෙ අමාරුවකින්….
චූටි අයියත් මං ළඟ ඉඳන් මං වමනෙ දානකන් පිට අත ගෑවෙ ඊයෙ බෙහෙත් ගන්න නොගියපු එකට මට බැන බැන….
වමනෙ යන එක නැවතුනත් මගෙ ඇඟට ඇවිදගන්නවත් පණක් තිබ්බෙ නෑ….ඒ බව තේරිලා වගේ චූටි අයියා මාව වත්තම් කරන් නානකාමරෙන් කාමරේට එක්කන් ඇවිත් ඇඳෙන් හාන්සි කලා….
” මං කිව්වා ඊයෙ බෙහෙත් ගන්න යමු කියලා….ඇහුවෙ නැහැනෙ…දැන් බලනවා අමාරුයිනෙ….” චූටි අයියා කේන්තියෙන් වගේ කෑගැහුවත් මට දුක හිතුනෙ නැත්තෙ ඒ කෑගහන්නෙ මං ගැන හිතන නිසා කියන්න මං දන්න නිසයි….
” කෝ නැගිටින්න…කියන දෙයක් අහන්නෙ නෑ…පණ්ඩිත ආච්චි…” මට අනං මනං කිය කියම චූටි අයියා ලෑස්ති වුනේ මට බෙහෙත් ගන්න යන්න….
ඒ කියවිල්ල බෙහෙත් ගන්න හොස්පිට්ල් එකට ගිහින් වාහනේ නවත්තනකනුත් නැවතුනේ නෑ….
මං ඉතින් සද්ද නැතුවම අහන් හිටියෙ වැරැද්ද මගේ අතේ නිසා….
ඊටත් වඩා ඉස්සර වගේ එයා ඉස්සරහා මං ලැජ්ජ නොවුණත් තාමත් ඉස්සර වගේ එයාට කේන්ති ගියාම මං බයයි….
අපි ඩොක්ටර්ගෙ රූම් එකට ගියාට පස්සෙ මෙයා ඩොක්ටර් එක්කත් බනින්න ගත්තෙ මං ඊයෙ බෙහෙත් ගන්න ආවෙ නෑ කියලා…
ඩොක්ටර් අපිව අඳුනන නිසාම හිනා වෙවීම මාව චෙක් කලා…
” මොකද ඩොක්ටර් අදිතිට….? ” චූටි අයියා ඇහුවෙ ඩොක්ටර්ගෙන්…
ඩොක්ටර් තප්පර ගානක් කල්පනා කලේ චූටි අයියා එහෙම ඇහුවට පස්සෙ…
” ම්ම්ම්හ්…මේක ෆීවර් එකට කියලා හිතුවට නොවෙන්නත් පුළුවන්…..අයි තින්ක් ශී ඊස් ප්‍රෙග්නන්ට්….” ඩොක්ටර් චූටි අයියට කිව්වෙ මාව ආපහු වතාවක් චෙක් කලාට පස්සෙ….
මට ඒ වචන ඇහුවෙ හීනෙන් වගේ…..චූටි අයියත් ඒ වචන බලාපොරොත්තු නොවෙන්න ඇති…
” ම්..මොකද්ද ඩොක්ටර් කිව්වෙ….අදිති ප්‍රෙග්නන්ට් ද….” චූටි අයියට කතා කරගන්න වචන එන්නෙ නැති තරම්…
මං හිටියෙත් කිසිම දෙයක් හිතාගන්න බැරුව…
” අපි යූරීන් ටෙස්ට් එකක් කරලා බලමු…අදිතිගෙ රිපෝට්ස් වල හැටියට දරුවෙක් හැදෙන ප්‍රසන්ටේජ් එක ගොඩක් අඩුයි….ඒත් ඒක එහෙම නොවෙන්නත් පුළුවන්…මේ ටේස්ට් එක කරලා බලමුකො…”
හිතේ මහා ලොකු බලාපොරොත්තු ගොඩක් ගොඩ ගැහෙද්දි මං හීනෙන් වගේ ඩොක්ටර් ළඟ හිටපු නර්ස්ගෙ පස්සෙන් ඇදුනා…
ටෙස්ට් එක ඉවර වෙලත් චූටි අයියා හරි කලබලෙන් හිටියෙ රිසාල්ට් එක කියනකන්…මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තෙ ඩොක්ටර් මං අම්මා කෙනෙක් වෙන්න යනවා වගේ කියලා කියපු වෙලාවෙමයි…චූටි අයියත් මගේ අත තදට අල්ලගෙන කිසිම වචනයක් කතා නොකරම කලබලේකින් වගේ හිටියෙ මාත් මේ දේ හිතාගන්න බැරුව ගොළු වෙලා ඉද්දි…
එයා කිසිම දෙයක් කතා නොකර ඉන්නෙ ටෙස්ට් එක නෙගටිව් වුණොත් දැනෙන දුක වැඩි නිසා…
ටිකකින් අපිට ආයෙමත් ඩොක්ටර්ගෙ රූම් එකට එන්න කියලා එතන හිටපු නර්ස් කතා කරාම මගේ පපුව පෙරටත් වඩා වේගෙන් ගැහෙන්න ගත්තා…චූටි අයියත් කලබලෙන් මාවත් අල්ලන් කාමරේට ගියේ එයාටත් ඉවසුමක් නැති නිසා වෙන්නැති…
” කන්ග්‍රැචුලේශන්ස් මිස්ටර් ඇන්ඩ් මිසිස් ආරියරත්න….අපි හිතුවා හරි….මිසිස් ආරියරත්න අම්මා කෙනෙක් වෙන්න යන්නෙ…ටෙස්ට් එක පොසිටිව්….” ඩොක්ටර් හීන් හිනා රැල්ලක් මූණට අරගෙන අපි දෙන්නට කිව්වෙ මට ඒ වචන ආයෙ ආයෙ කන් වල දෝංකාර දෙද්දි….
චූටි අයියා කලින් ඉඳන්ම අත් අරින්නෙ නැතුව හිටපු මගේ අත තද කලේ ඒ වචන ඇහෙද්දිමයි….
මගේ ඇස් වලින් හෝ ගාලා සතුටට කඳුළු බේරෙද්දි මං බැලුවෙ චූටි අයියා දිහා…මං බලද්දිත් එයා මං දිහා බලාගෙන…ඒ ඇස් වලත් මං මීට කලින් නොදුටු දීප්තියක්..සතුටක්…
අන්තිමට මං අම්මා කෙනෙක් වෙන්න යනවා…මගේ චූටි අයියගෙ ලේ වලින් මගේ කුසට දරු පැටියෙක් ඇවිල්ලා….
මගේ අත නිකන්ම මගේ කුසට යද්දි මං ඉකි ගගහා අඬන්න ගත්තෙ සතුට වැඩි කමට…
” දැන් ඉතින් අඬන්න හොඳ නෑ…දැන් තමයි හිනා වෙලාම ඉන්න ඕන කාලෙ…මිස්ට තුහින…..මිසිස් අදිති ගොඩක් වීක්…ඒ එයාට වෙච්ච ඇක්සිඩන්ට් එක නිසා…ඒ නිසා දරුවා ලැබෙනකන්ම හොඳට බලාගන්න එයාව…ඔයාලා දෙන්නම ගොඩක් ලකී…මේ වගේ තත්වෙක ඉද්දිත් ඔයාලට දරුවෙක් ලැබෙන්න…..” ඩොක්ටර් කියන දේවල් මං අහන් හිටියෙ සතුට දරා ගන්න බැරුව ඉද්දි….
” තැන්ක්යූ ඩොක්ටර්…තැන්ක්‍යූ සෝ මච්…” චූටි අයියා ඩොක්ටර්ටත් ස්තූති කරලා මාව එක්කන් ආවෙ වාහනේ ළඟට….
මාව පරිස්සමට වාහනේට නග්ගපු එයා අතොරක් නැතුව මගේ මුළු මූණම සිප ගත්තෙ මගේ ඇස් වලින් තව තවත් කඳුළු ගලාගෙන එද්දි…
” අනේ චූටි අයියේ…එයා ඇවිල්ලා…..අපේ පුංචි පැටියා ඇවිල්ලා…” මං එහෙම කියලා එයාට තුරුල් වුනේ චූටි අයියා ගැනත් මගේ කුසේ පන නළ ගහන පුංචි දරු පැටියා ගැනත් පුදුම තරමෙ ආදරයක් දැනිලා…
” මගේ මැණිකට පිං……මාව තාත්තා කෙනෙක් කරනවට…..මං කිව්වා නේද බලාපොරොත්තු නැති කරගන්න ඕන නෑ කියලා…ම්ම්ම්….අපි කිසිම කෙනෙක්ට වැරැද්දක් කරලා නැහැ සුදූ…අපිටයි මේ පැටියටයි වරදින්නෙ නෑ…තේරුනාද…ම්ම්ම්…” චූටි අයියා මගේ නළල සිපගෙන කිව්වම මං තව ටිකක් එයාට තුරුල් වුනේ හිත සතුටින් පිරිලා ඉතිරෙද්දි…
අපි ගෙදර යනගමන්ම චූටි අයියගෙ ගෙදර අයටත් කෝල් කරලා මේ ආරංචිය කිව්වෙ හැමෝම සතුටු වෙද්දි…චූටි අයියගෙ අම්මා තාත්තා අයියා වගේ අශිකා අක්කා…ඒ හැමෝම ගොඩක් සතුටු වුනා….
ගෙදර ඇවිත් මගේ අම්මටයි තාත්තටයි මේ සුභ ආරංචිය කිව්වම අම්මා මාව බදාගෙන ඇඬුවෙ සතුට ධරා ගන්න බැරුව…..
චූටි අයියා මාව පරිස්සම් නොකරපු තත්පරයක් නැති තරම්…..එන්න එන්න මගේ කුස මෝරලා ඉදිරියට එද්දි අපේ පුංචි පැටියා අපි ළඟට ඇවිත් නිකන්ම මාස නවයක් ගත වුනා….
ඒ අතරතුර තමයි ලොකු අයියටයි අශිකා අක්කටයි තව පුංචි කොලු පැටියෙක් ඉපදුනේ…මං ඒ දරුවගේ හුරතල් බැලුවෙත් හිතේ මහ ගොඩක් බලාපොරොත්තු පොදි බැඳගෙන….මගේ පුංචි පැටියත් ළඟදිම අපි අතරට එන නිසා හැමෝම හිටියෙ පුදුම තරමෙ සතුටකින්….
හැමෝගෙම බලාපොරොත්තුව වුනේ අපේ චූටි පැටියා…
දුවෙක් වුණත් පුතෙක් වුණත්…අපේ ආදරේ අඩුවක් වෙන්නැති නිසා අපිට ඕන වුනේ අපිට ලැබෙන්නෙ දූ පැටියෙක්ද පුතු පැටියෙක්ද කියලා ලැබුනාමම බලාගන්න….
ටික ටික දවස් ගත වෙලා අපේ පුංචි පැටියා අපි ළඟට ආවා….
එදා චූටි අයියා තරම් සතුටු වෙච්ච කෙනෙක් වෙන නැතුව ඇතී….
පැටියව දෝතට අරන් ඒ රෝස පාට කකුළ් සිඹ සිඹ චූටි අයියා ඇඬුවෙ පිය සෙනෙහසට…
මාත් බලන් හිටියෙ ඒ දිහා කඳුළු අතරින් හිනා වෙවී….
මගේ මැණිකව මට ලැබෙද්දි මට කොච්චර අමාරුවක් දැණුණත් ඒ පුංචි රෝස මල දැක්කාම ගතේ හැම වේදනාවක්ව නැති වෙලා ගිහින් මගේ හිත මව් සෙනෙහසින් පිරිලා ගියා….
මගේ පුංචි පැටියා වෙනුවෙන් මගේ පියවුරු වලින් මව්කිරි උතුරද්දි මං මගේ මැණිකව මට තුරුල් කරන් කිරි පෙව්වෙ චූටි අයියා ආදරෙන් මං දිහා බලන් ඉද්දි…
අපේ පුංචි හුරතලී…ඉපදුනු දවසෙ ඉඳන් ගෙදර සතුටින් පිරුනේ හිතාගන්න බැරි විදිහට…
එයාගෙ ඉකි ගහන හඬ…ටිකෙන් ටික ලොකු වුනාම එයා හිනා වෙන හඬ….ඒ හැමදේකින්ම ගේ පිරිළා ඉතිරුනා….
මගේ පව්ලෙ අයගෙ වගේම චූටි අයියගෙ පව්ලෙ අයගෙත් චූටි හුරතළී වුනේ අපේ මැණික….
එයත් ඒ වගේ….හැමෝටම ආදරෙයි…පුංචි කාලෙ ඉඳන් ලොකු අයියගෙ රුහිණි දෝණිගෙයි…රුහිෂ් පුතූගෙයි නංගි පොඩ්ඩ…
ඉපදුනු දවසෙ ඉඳන් හැමෝම කිව්වත් අපේ දෝණි මං වගේමයි කියලා එයා හැමෝටම වඩා ආදරේ කලේ චූටි අයියට…
ලොකු වෙද්දිත් ඒ හැමදේම වෙනස් වුනේ නෑ….
මගේ වගේම හැඩ රුව මගේ දෝණිට පිහිටලා….මගේ වගේම දිග කොණ්ඩෙ….මගේ මුහුණුවර….හරිම පුදුමයි….දකින හැම කෙනෙක්ම කතා වුනේ මමයි මගේ දෝණි පැටියයි ගැන….
අවුරුදු දහනමයක්ම ගත වුනේ හරි ඉක්මනට….ඒ වගේම හරිම සතුටකින්….
සාමන්‍ය පෙළ ඉවර වුනාට පස්සෙ දෝණිව වැඩි දුර අධ්‍යාපනයට පිටරට යැව්වෙ චූටි අයියගෙ කැමැත්තට….මං ඒකට අකැමැති වුනේ මගේ දෝණි නැතුව අවුරුදු දෙක තුනක් තනියම ඉන්න ඕන නිසා…
ඒත් අකමැත්තෙන් හරි මම ඒ දේට කැමති වුනේ මගෙ දෝණි ගැනම හිතලා…
මං ඇහැරුනේ එලාම් එකේ සද්දෙට….කොච්චර වයසට ගියත් තාමත් මං මගේ චූටි අයියගෙ තුරුලෙ තමයි නිදාගන්නෙ….මං ඔලුව උස්සලා බැලුවෙ ඒ මූණ දිහා….තවමත් අවුරුදු දහනමයකට කලින් හිටපු චූටි අයියමයි මට මේ….එයාටත් මං එහෙම්මමයි….මේ ආදරේ කවදාවත් පරණ වෙන්නෙ නෑ…..
මේ අවුරුදු දහනමයට මං වැඩි දුර ඉගෙනගෙන දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේම මහචාර්යවරියක්….දැන් මගේ දෝණි අවුරුදු දහනමයක් ලස්සන කෙලි පොඩ්ඩක්….එයා නැතුව පාළුයි…ඒත් එයා ඩිග්‍රි එක ඉවර කරලා මේ සතියෙ එන නිසා මට වගේම චූටි අයියට තිබ්බෙ සතුටක්….මගේ මැණික තව ලස්සන වෙලා ඇතී….
” අම්මා………………සප්‍රා……යිස්…..” මං ගැස්සිලා චූටි අයියගෙ උණුහුමෙන් ඈත් වුනේ කාමරේ දොර ඇරනවත් එක්කම ඇහුණ සද්දෙට….
ඔව්…ඒ හිටියෙ වෙන කවුරුත් නෙවෙයි…මගේ දෝණි…
” චූටික්කි…..!!! ” චූටි අයියත් ගැස්සිලා ඇහැරුනේ කෙල්ලගෙ සද්දෙට…
” මැණික….ඔයා එනවා කිව්වෙ ලබන සතියෙනෙ දෝණි……” මං ඇඳෙන් නැගිටලා දෝණි ළඟට ගිහින් ඒ මූණ අතගගා අහද්දි චුටි අයියත් නැගිටලා ආවෙ හිතා ගන්න බැරුව….
” මේ හොර කෙල්ල….බොරුද කිව්වෙ ලබන සතියෙ එන්නෙ කියලා ම්ම්…” චූටි අයියා ලාවට කෙල්ලගෙ කන මිරිකන ගමන් ඇහුවා…
” ආව්…….තාත්තා රිදෙනවා…..ඉතින් ඒකනෙ අනේ ස්ප්‍රායිස් කිව්වෙ….හහ්හ්හ්…” දෝණි එහෙම කියාගෙනම අපි දෙන්නව එක පාර බදාගත්තෙ හරිම ආදරෙන්……
” මගේ මැණික…එහෙම හරි අම්මා ළඟට ආවනෙ……” මම මගේ මැණිකගෙ මූණ අතොරක් නැතුව සිපගන්න ගමන් කිව්වෙ දරා ගන්න බැරි ආදරෙන්….ඒ රූපෙ වෙනදටත් වඩා ලස්සනයි….
දිග කොණ්ඩෙ…..සුදු මූණ…මගේ කෙල්ල දැන් හරිම ලස්සනයි දෙයියනේ…..
” ඒකනෙ මං ආවනෙ මගෙ සුදු අම්මව බලන්න…..”
” ආහ්..අම්මයි දුවයි එකතු වුනාම තාත්තා කැපෙනවා වෙනදා වගේම….” චූටි අයියා අපි දෙන්නා දිහා බලන් ඉඳලා නෝක්කාඩුවට වගේ කියද්දි අපි දෙන්නම එයා ළඟට ගිහින් ඒ පපුවට තුරුල් වුනේ මහා සැනසීමක් හිතට දැනෙද්දි….
ඉතින් වෙන මොනවද තවත් මට ඕනෙ….මගේ ජීවිතේ දැන් සම්පූර්ණයි…
අහම්බෙන් මට හිමි වෙලා අනිතිමට මගේ හුස්ම පොද වුණ චූටි අයියයි බලාපොරොත්තු නොවිච්ච විදිහට මගේ ළඟට ආපු මගේ මැණිකයි…මේ අදිතිගෙ ජීවිතේ සම්පූර්ණ කරලා ඉවරයි….
සමාප්තයි…
ඔන්න…කතා කරගන්න වචන එන්නෙත් නෑ…..ඉතින් අහම්බෙන් හිමි වූ ඔයා අවසානය මෙහෙම සනිටුහන් වුනා…කියන්නත් සතුටුයි……
…
මේ කවර් එකේ අදිතීයී තුහිනයි එක්ක ඉන්නෙ අපේ තුරුලි තමයි….ලස්සනයි නේ එයා
එහෙනම් ඉතින් ගිහින් එන්නම්…
🥰🥰🥰🥰🥰🥰🥰😚😚😚😚😚
Lasanai katawa