~~~~~~~ ආදර පාරමි ~~~~~~ 34

කොටස මින්දුලිගේ අතකින් අල්ලාගත් හිම්සර නොපෙනී යනතුරු දෑස් දල්වා බලා උන්නා මිස මා හුස්මක් උව ගත්තා නොවේ … ඉතින් මට දැනුනේ සියල්ල නිමවුවාක් මෙන් හැගීමකි …. සට සට ගා දෑසින් ගිලිහෙන කදුලැලි වලට ඉඩ දී මා ඔහේ බලා උන්නෙමි .. ‘පාරමී ..ඇයි මේ …’ රහල් මට ඔහු සිහිවුවේ එවිටය ….ඔහුගේ අතක දැවටී තිබු අත හනික ඇදගත් මා කලේ මදක් පසෙකට වීමය …. ‘මට බෑ රහල් දරාගන්න බැරි තරම් දුකයි … ඒ මගේ ආදරේ …. මට අයිති වෙලා තිබුන මගේ ආදරේ වෙන කෙල්ලක් අයිති කරගෙන …. ’ මා ඉකිගසා ඇඩුවේ දරාගත නොහැකි දුකිනි .. ‘අඩන්න එපා බබී …ඔයා අඩනවා බලාගෙන ඉන්න බැහැ මට ..’ රහල් මට උවමනාවට වඩා බොහෝ ලංවී උන්නේය ..ඔහුගේ කටහඩ බොහෝ හැගීම්බර ය .. ‘ ඔයත් යන්න රහල් …. මගේ ජීවිතේට ආදරේ ඕන නැහැ …කිසිම පිරිමියෙක්ගේ උදව් මට ඕන නැහැ .’ ‘බබී ඔයා හරි හිතුවක්කාරයි … තාමත් ඉස්සර තරම්ම නපුරුයි …. ඒත් මම ඔයාට ගොඩක් කැමති … මතකද රාහුලේ ඉද්දි ඔයා හරිම මුරණ්ඩුයි …කාටවත් හිනාවෙන්නේ කතා කරන්නේවත් නැහැ …මම ඉස්සරලාම කැමති උනේ ඔයාගේ ඒ තිබුන මුරණ්ඩුකමට ….පස්සේ මට ඔයා ගැන අනුකම්පා හිතුනා … දැන් හිතෙනවා මම ඔයාට ආදරේ කරනවා කියලා … ඔයා කැමති නම් මට පුළුවන් ඔයාව ආදරෙන් බලාගන්න …’ එක දිගටම කියවනරහල් දෙස මා බලා උන්නේ පුදුමයෙනි … ප්‍රේමය ….නැත මට ඔහුට පෙම් කල නොහැක …මට පෙම් කල හැක්කේ හිම්සරම පමණි … ඔහු මට කොතරම් වෙනස් කම් කලත් අන් යුවතියන් වෙත ගියත් මට වෙනකෙකුට පෙම් කල නොහැක …මන්ද මට පෙම් කල හැක්කේ ඔහුටම පමණක් බැවිනි ….. ‘ රහල් ඔයා මට ආදරේ කරන්න එපා ….. මට වෙන කාටවත් ආදරේ කරන්න බැහැ ..අර වෙන කෙල්ලක් අතින් අල්ලාගෙන ගියේ ඒ මගේ ආදරේ … එයාට විතරමයි මම ආදරේ කරන්නේ…. ‘’ හදවත ගැහුනේ බොහෝ වේගයෙනි … ඒ මගේ හිතේ වූ කැලබිම නිසාවෙනි .. ‘ඔයා ඌට ආදරේ නම් ඇයි ඒ කොල්ලට පේන්න මට ගොඩක් ලංවෙලා හිටියේ .. ‘ රහල් පුදුම වෙන්න ඇත…. ඒ මා ආදරේ කල පිරිමියා ඉදිරියේ ඔහුට බොහෝ ලංවූ මා .. ඔහු නික්ම ගිය පසු ඔහුගේ නමින් දුක් විම ගැනය … ‘මට ඕන උනේ හිම්සර ව රිද්දන්න විතරයි …. වෙන කෙල්ලක්ට එයා ලංවෙලා ඉද්දි මට දැනුන වේදනාව …එයාටත් දෙන්නයි මට ඕන උනේ … ඔයා දැක්කද එයාගේ මුහුණ ….මම වින්ඳ වේදනාව එයාටත් දැනුනා කියලා මට විශ්වාසයි ..’ ඇදහිය නොහැකිව වාගේ බලා උන් රහල් ගේ දෑස් වල උවේ වේදනාවකි .. ‘මට ඔයාව තේරුම් ගන්න අමාරුයි බබී …ගොඩක් අමාරුයි ..’ ‘හිම්සරට මම ආදරෙයි රහල් … ඒ ආදරේ හිතේ විතරක් තියාගෙන මම හැමදාම තනියම ඉන්නවා … මගේ ජීවිතේට ලංවෙන්න හිතන්නවත් එපා ..’ තවත් ඔහු සමගින් දොඩන්න ගියොත් සිදුවන්නේ මේ බැදීම් වැඩිවීම පමණි .. ඉතින් මා යන්න ගියෙමි …. රහල් පසුකරගෙන යද්දී ඔහුගේ දෑසේ වූ දුක හොදාකාරව දුටුවත් ඔහුගේ සිත සැනසිය නොහැකිය … ****** ගෙවුණු දුක්බර සිදුවීම් වලින් පසුව මා පාසල් ගියේ නොගිහින් බැරි නිසාමය … ඉද හිට මග තොට හමුවෙන රහල්ව පවා මා මග හැරියෙමි … ඒ මා නමින් ඔහු බලාපොරොත්තු තබා ගනු ඇතැයි යන සිතුවිල්ලෙනි … උදෑසන ඇදහැළුණු මහා වර්ෂාව නිසා මා එදින පාසල් නොයා නිවසේ රැදී උන්නෙමි ….. පෙර දිනවල මෙන් පාසල් යෑමට විශේෂ උනන්දුවක් මගේ සිතට ආවේ නැත . ‘අක්කා මැච් එකක් තියෙනවා නිකන් ඉන්න එකේ ගිහින් එමුද … ’ ගමනක් යෑමට සුදානම් වූ මල්ලි මා දැක නතරවිය … සාමන්‍ය පෙළ විභාගයට මුහුණ දී උන් මල්ලි මේ දිනවල උන්නේ නිවසේමය … ‘ මට බෑ . පාඩම් කරන්න තියෙනවා ….ඔයා යන්න …’ ‘අයියෝ ..ඔයා නම් අක්කේ ..හැමදාම ගමනක් යන්න කතාකරාම ඔය බණේ තමා ..’ මල්ලි මුහුණ පුරා තරහාවකි ඇදගත්තේ … ‘ හරි හරි මම එන්නම් ටක් ගාලා …’ කාමරයට ගොස් කෙටි ගවුමක් ඇදගත් මා මිදුලට දිව ගියේ මංජු අම්මාට මල්ලි සමගින් පිටතට යන බව පවසමිනි .. මල්ලි මෝටර් බයිසිකලය පැද්දට වඩා ඉගිලුන කිවොත් නිවැරදිය .. ඔහු ගියේ ඒ තරම් වේගයෙනි .. ‘මම බයේ හිටියේ … බයිසිකලේ නවත්තනකම් .. ‘’ පිටිය ලග බයිසිකලය නවතා හෙල්මටය අතට ගත් මල්ලි මා දෙස බැලුවේ පුදුමයෙනි … ‘ඒ මොකද ..’ ‘නැහැ මගේ කොන්ද අත පය නැතිව ගෙදර යන්න වෙයි කියලා හිතුනා මට ..’ ‘එහෙම කරන්නේ නැහැ මම …මම මැරිලා හරි මගේ අක්කව පරිස්සමට අරන් එනවා .. ‘’ මල්ලිට ඇත්තේද තාත්තාගේ ගතිගුණය .. මාය නංගිය කියා වෙනසක් නැත …ඔහු අප දෙදෙනාටම එක ලෙසටම ආදරය කළේය … ‘කවුද මල්ලි මැච් එකේ ප්ලේ කරන්නේ අද ..’ ‘කැන්ඩි ටීම් එක නේවි ටීම් එකත් එක්ක …’ ‘එහෙනම් හොද මැච් එකක් තියෙයි ..’ ‘ ඒකනේ මම ඔයාව එක්කන් ආවේ … ‘’ ප්‍රේක්ෂකයන් පිරුණු ප්‍රේක්ෂකාගාරය තුලින් ඉදිරියට ගිය මල්ලි අසුන්ගත්තේ මිතුරන් කීපදෙනෙක් අසලිනි … ‘මු අක්කාව හංගගෙන ඉන්නේ ..මොකද අපි අක්කා එක්ක කතා කරයි කියලද …’ ‘අපෝ මුන් නම් …. අක්කා කෙනෙක්ට ඉන්න දෙන්නේ නැහැ නේ … උබලා ඔය වගේ පැණියෝ කියලා දන්නවා නම් අක්කාව ගෙදර නතර කරලා එන්නේ …’ ‘අක්කා මු කියන දේවල් ගණන් ගන්න එපා ..මු තරම් අපි පැනියෝ නෙවෙයි ..අක්කාට කියන්න අක්කේ මුට අනුලා සුජාතා මියුසියස්ඔය හැම ඉස්කෝලෙම කෙල්ලෝ ඉන්නවා ..’ ‘මුන් ඔය ජෙලස් එකට කියන්නේ අක්කේ … අනික මන් වගේ හැන්ඩි කොල්ලෙක් දැක්කම ඔය හැම ඉස්කෝලෙම කෙල්ලෝ මගේ පස්සේ එන්නේ …මම යන්න ඕන නැහැ .. දම්සිත් ඔයාට මාර ෆිගර් එකක් තියෙන්නේ …ඔන්න ඔහොම කියා කියයි කෙල්ලෝ මගේ පස්සෙන් එන්නේ ..’ ‘අනේ පල භූතයා උබ පස්සේ එන කෙල්ලෝ … උබ අර මියුසියස් එකේ කෑල්ල පස්සේ ගිහින් මතකද ඒකිගේ කොල්ලගෙන් ගුටි කෑවේ දවසක් ..’ ‘කට කට කට බන් …. ඕවා කියන්න හොදද ඈ ඕවා ඉතින් පුද්ගලිකයි රහසිගතයි ඒවා නේ ‘ මැච් එකේ විවේකය වෙනතුරුම ඔවුන්ගේ විහිලු තහළු වලට කන්දෙමින් උන්නා හැර මා මැච් එක නොබැලු තරම්ය … ‘ මචං දම්සිත් අර බලපන් …අර අතන ඉන්නේ අරු නේද …’ මල්ලිගේ මිතුරෙකු පෙන්වූ දෙස සියල්ලෝම බැලුවේ එක වරය .. ‘කවුද බන් කළුවා …කෝ පේන්න නැහැනේ කවුරුත් ..’ ‘අර බන් දෙවෙනි පේලියේ මැද ෂිට් එකේ ඉන්න කපල් එක මම පෙන්නුවේ ..’ ‘කිරි අප්පට මූ මේ හිම්සරයා නේ … අර කෙල්ලව මට හොදටම දැකලා පුරුදුයි නේ …’ මා හිම්සර දුටුවේ එවිටය ….හිම්සර මින්දුලිට ලංව යමක් මුමුනමින් උන්නේය ….මින්දුලිගේ මුව පුරා විසිරුණු සිනාවකි … මට සිතුනේ පිටියෙන් ඉවතට දිව ගොස් ඔවුන් නොපෙනන මානයක සැගවිමටය .. ‘අක්කා අපි එළියට ගිහින් මොනවා හරි කාලා එමුද … මට බඩගිනි …’ මල්ලි පසුපස යමින්ම මා හොරැහින් හිම්සර අසුන්ගෙන උන් ස්ථානය දෙස බැලීමි …. ඔහු උන් ස්ථානයේ අසුන හිස්ය…… හිම්සර යන්න ඇත … මට සිතුනේ එලෙසය … ‘අක්කා මොනවාද කන්නේ .. ‘’ සිව් දෙසටම නෙත් යොමමින් උන්නා මිස මට ආහාර ගැනීමට උනන්දුවක් උවේ නැත ‘මට මොකුත් කන්න බැහැ මල්ලි …. ඔයාලා කන්න මම එළියෙන් ඉන්නම් ..’ මල්ලිලා ආහාර ගනිද්දී මා කලේ අවන්හලෙන් පිටතට බැසීමය . … අවන්හලේ පියගැට පාමුල උන් හිම්සරව මා දුටුවේ අහම්බෙනි …. අවන්හලට තුලට පිවිසීමට පැමිණි හිම්සර ගල් ගැසී වගේ එතනම නතර වෙද්දී … මා පියෙන් පිය තබා පහලට බැස්සේ ප්‍රාණය නිරුද්ධ එකියක ලෙසටය … ‘පාරමී බලාගෙන ..’ මහා හඩින් කෑ ගැහුවේ හිම්සරය … පෙර දින වැස්ස නිසා ලිස්සන සුළුවූ පියගැටපෙලේ මා තැබූ අඩියක් තැබුණේ නුහුරටය … පඩි තිහක් පමණ වූ පියගැටපෙලේ පහලට පෙරලි ගිය මා නතර වුනේ හිම්සරගේ දොතේය ….. තැලී පොඩිවී ශරීරය වේදනාකාරී ලෙස රිදුම් දෙද්දී සිහිසුන්වුවා කියා පමණක් මට මතකය ..

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *