~~~ආදර පාරමි ~~~~37 කොටස
‘නෙතු මාව ගෙදරින් ගිහින් දාපන් …’ මට උවමනා උවේ තනිවී හඩා වැටීමය .. ‘මේ මහා රෑ පාරමී පිස්සු කියවනවාද .’ නෙතුලි මා දෙස බැලුවේ අමනාපයෙනි ‘පිං සිද්ද වෙයි නෙතු මාව ත්‍රි විල් එකක දාපන් …මම යන්නම් ..’ ‘හරි මම උබව ගිහින් ඇරලවන්නම් …..දැන් අඩන්නේ නැතිව හිටපන් …’ දන්නා හදුනන ත්‍රි රෝධ රියකින් මා නිවසට ඇරලවා නෙතුලි පිටව ගියේ යායුතුම නිසාවෙනි …. ‘පරිස්සමින් හිටපන් .. මොනවාම හරි ඕන උනොත් අපේ ගෙදරට කෝල් එකක් දීපන් …’ රථයට නැගී හැරී බැලු නෙතුලි ගේට්ටුවෙන් පිටව යනතුරු ඒ බැල්ම එලෙසින්ම රදවාගෙන උන්නාය …සදාදරණිය නිවහන මා මෙහිදී කොතරම් අඩා වැටි ඇතිද …අන් දිනවල තුරුළු කරගෙන දුක පැවසීමට බෝනික්කිය උන්නද මා මෙහි එන විට ඇය රැගෙන පැමිණීමට අමතකව ගොස් තිබුණි … මා සෙමින් බොහොම සෙමින් පා තබා නිවස දෙසට ඇවිද ගියෙමි …. මිදුල පුරා වල් පිරි තිබුණු අයුරු ඒ රාත්‍රීයේ උව මට හොදින්ම පෙනුණි… මා සිටියදී නම් මෙලෙස මිදුලේ වල් වැවීමට දුන්නේ නැත …. මිදුල පිරිසිදු කර වල් පැල උදුරා දැමීම මා නිරතුරුව සිදු කලෙමි .. අම්මාට නම් ඔවැනි දේවල් කිරිමට කාලයක් නැති වෙන්න ඇත …. අම්මා වෙනදා යතුර සගවා යන මල් පෝච්චිය යට යතුර එලෙසටම තබා තිබුණි …. සමහර විට අම්මා සිතන්න ඇත කිසියම් දිනක පැමිණෙන ඇගේ දියණිය නිවසට ඇතුළු වෙනු ඇති බව ….සුසුමක් හෙලා දොර අගුළු ඇරදැමූ පසු ගෙතුලින් හමා ආවේ පුස් ගද අම්මා නිවසේ දින ගානක් ඉන්නට නැති බවට සාක්ෂි කීය .. මේ ගුප්ත නිහඩ බව මට හොදින් හුරුය … මා කොහෙත්ම භූතයන්ට බිය නොවෙමි …. බියක් ඇතිනම් ඒ තිරිසන් මිනිසුන්ටය … එදා මා මේ නිවසේ ගත කල අවසන් දිනය මගේ ජිවිතයට එක්කළේ අමිහිරිතම අත්දැකීමකි ….. අම්මා මා මේ නිවසෙන් පිට කරන්න සිතන්න ඇත්තේ ඇයට අත්වූ ඉරනම මටද විදින්න සිදුවේ යැයි සිතා විය යුතුය …දොරගුළු දමා අහවරව නිවස පුරා මා ඇවිද ගියෙමි … සියල්ල මා යනවිට තැබූ අයුරින් එලෙසින්මය … මට හිල්ලුනේ දුකටය …. කෙදිනකවත් නැතිව අම්මාගේ කාමරයේ දොර ඇරදමා තිබුණි …. පෙරදිනවල අම්මා කිසිදිනක මේ කාමරය විවර නොතබයි ….. කුඩා කල මා සිතුවේ එහි ගුප්ත රහසක් ඇති බවකි .. අදද මට දැනෙන්නේ එලෙසයි .කුමක්දැයි නොදන්නා ඒ රහස සොයා මා කාමරයට පියවර තැබුවෙමි .. කාමරයේ බිත්ති පුරා අලවා තිබුනේ අම්මාගේ සහ තාත්තාගේ ජයාරූප එකතුවකි ….අම්මා තාත්තාට තුරුලුව සිනාසෙමින් උන්නිය … දෑසට කදුළු නැගුනේ අම්මා මේ මතකයේ තනිවී බොහෝ දුක් විදින්න ඇති බව සිහිවෙද්දිය .. මට මේ කාමරය තහනම් කලාපයක් කරන්න ඇත්තේද මගේ ප්‍රශ්නයන්ට බියෙන් විය …..කාමරයේ කෙළවරක තබා තිබුණු ලියන මේසයේ මල් පෝච්චිය යට තබා තිබුණු දිගු ලිපිය මට ඇස ගැටුනේ බොහෝ වෙලාවකට පසුවය … පපුවේ ගැස්ම වැඩි උනේ අම්මාගේ අකුරු දකිද්දීය …බොහෝ ලස්සනට අකුරු හැඩකර ලියන අම්මා මේ ලිපිය අකුරු කර තිබ්බේ හදිස්සියේ බව මට සිතුනේ අකුරු ඇදවී අවලස්සනට ලියා තිබු බැවිනි …ආදරණිය බබී වෙත මගේ ආදරණිය පුංචි දුවේ … ඔයාගේ අම්මාට දස දහස් වාරයක් සමාව දෙන්න …. ඔයා මට වෛර කරන්න ඇති ඔයා දැක්ක අන්තිම දවස් වල මම ඔයාගේ ඇස් වලින් දැක්කේ මන් ගැන පිළිකුලක් …කිසිම අම්මා කෙනෙක් කැමති නැහැ තමන්ගේ දරුවාගේ ඇස් වලින් ඒ වගේ හැගීමක් දකින්න …ඒත් මගේ අවාසනාව වෙන්න ඇති මම ඔයාගේ ඇස් වලින් ඒ හැගීම දැක්කා … ඔයාට මගේ අතින් වෙන්න ඕන කිසිම යුතුකමක් කරගන්න බැරි උන අම්මෙක් මම …ඒත් ඒකට හේතු තිබුනා …. මගේ අවසානයට කලින් ඔයා ඒ දේවල් දැනගන්න ඕන ….. ඔයාගේ කටින් මම ඔයාට සමාව දුන්නා අම්මේ කිවොත් මට සැනසීමේ ඇස් දෙක පියාගන්න පුළුවන් වෙයි …මම ඔයාගේ තාත්තාව මැරී කරද්දී පුංචි කෙල්ලක් ලෝකය ගැන …ආදරය ගැන මොකුත්ම දන්නේ නැති පුංචි කෙල්ලක් … මම ඔයාගේ තාත්තාට ආදරේ කළා පුදුම විදිහට එයාගේ ගතිගුණ රූපෙ මම බලාපොරොත්තු උන ඒවාමයි ….මුලදී එයා මාව ප්‍රතික්ෂේප කලත් … ටිකින් ටික අපි ලංවුනා …ඊට පස්සේ එයා මට ආදරේ කරා …. දරාගන්න බැරි තරමට . … අපි කොච්චර සතුටින්ද ඒ පුංචි කාලේ හිටියේ … ඔයා අපේ ලෝකෙට ඇවිත් ඒ සතුට දෙගුණ කරා … අපි ලස්සන පුංචි කැදැල්ලේ සතුට ඕනෑවටත් වඩා තිබුනා .. අපිට කාගේ හරි ඇස් වැදුනා දරුවෝ ….. තාත්තා මාව මැරී කරන්න කලින් වෙන ගැහැණු ළමයෙක්ට ආදරේ කරලා ….ඊට ප්‍රශ්නේ ප්‍රශ්න වාගයක් වෙලා තාත්තාගේ බලකිරීමට මාව බැදලා තියෙන්නේ .. මම ඕක දැනගද්දී පරක්කු වැඩි මම ඒ වෙද්දී එයාව නැතිව හුස්ම ගන්නවත් බැරි තරමට එයාට ආදරේ කළා … ඔයාට අවුරුදු තුනක් වෙද්දී තාත්තා ටික ටික වෙනස් වෙන්න ගත්තා ..වෙනදා වැඩ ඇරලා ගෙදර දුවගෙන එන එයා හැමදාම ගෙදර ආවේ දහයත් පහුවෙලා … මොකක්ද හේතුව කියලා හොයලා බලන්න මම එයාගේ ඩයරිය එක පෙරළුවා … අනුන්ගේ ඩයරි කියවන එක නරක දෙයක් කියලා දැනගෙනත් මම ඒක කියෙව්වා ….ඒකෙ මංජු ගැන හැමදෙයක්ම ලියලා තිබ්බා …මංජු ආපහු එයාගේ ලෝකෙට ඇවිත් තිබුනා ..තාත්තා මට ආදරේ කලත් මංජුට ඊටත් වැඩිය ආදරේ කළා …එයා ඒ දවස් ටිකේ පිස්සෙක් වගේ හිටියේ ….. එයා ගොඩක් දුක් වින්දා මට දරාගන්න බැරි උනා එයා වෙන ගැහැණියකගේ ආදරේ වෙනුවෙන් මගේ ආදරේ ප්‍රතික්ෂේප කරද්දී ..දවසක් මගේ යාලුවෙක්ට කෝල් කළා මට මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න එයා මට ක්ලබ් එකට එන්න කිව්වා … එදා මම ගියා ඒ මගේ ජිවිතේ ඉරණම් ගමනක් … යාළුවත් ආදරය නිසා ඒ වෙද්දී හොදටම වැටිලා හිටියේ …එයා ජිවිතේ සතුට හෙව්වේ සිහිය නැතිවෙනකන් බිලා … නරක යාලුවෙක් නිසා එදා මාත් බොන්න පටන් ගත්තා …. ප්‍රශ්න අමතක උනා …ඒත් ඒ පහුවදා එලිය වැටෙනකන් විතරයි …ආයෙම ප්‍රශ්න මතුඋනා
…. සිහියෙන් ඉද්දි පාලිතගේ වෙනස්වීම දැනෙනවා වැඩි නිසා පුළුවන් තරම් බීවා …මම දන්නවා මම නිසා ඔයාගේ තාත්තාට මිනිස්සු කිව්ව කතා ..අපේ පප්පා දවසක් මාව හම්බවෙන්න ඇවිත් මට හොදටම බැන්නා එයාට මුනිච්චි වෙන්න ආවොත් මරලා මුහුදට විසික් කරනවා කිව්වා … මම එදා තීරණයක් ගත්තා හැමෝගෙන්ම ඈත්වෙලා දුරකට යන්න …හැමෝටම හොරෙන් මම එදා ගෙදරින් පිටත් වෙන්න ලැහැස්ති උනා … ඔයා බෝනික්කි තුරුළු කරගෙන නිදි …දාලා එන්න ලෝභ හිතුනා ඔයාව …ඔයා ඇහැරිලා මාව ඉල්ලලා අඩයි කියලා කියලා හිතුනාම මම ඔයාව අතට ගත්තා …මොන දෙයක් උනත් ඔයාව මට එදා දාලා එන්න තිබුනේ …හ්ම්ම්ම් …. ඊට පස්සේ මම ඔයාව හදාගන්න ඕන නිසා ජොබ් එකකට ගියා ..මම ලස්සනයි … ඉන්ග්ලිෂ් හොදට පුළුවන් ඒ හින්දා මාව රිසෙප්ෂන් එකේ වැඩට ගත්තා … මාත් සතුටින් ගියා … ඔයා ටිකෙන් ටික ලොකු වෙද්දී ඔයා තාත්තා වගේමයි ..හැඩරුව පාලිතගේ කපාපු පළුව ….. ඔයාව දකිද්දී මට තාත්තාව මතක් වෙන්න පටන්ගත්තා …ඉතින් මම කලේ පුළුවන් තරම් ඔයාගෙන් ඈත්වෙන එක …. ඔයාට මගෙන් ලැබෙන්න ඕන ආදරේ ලැබෙන්නේ නැහැ කියලා දැනෙද්දී මම මැරී මැරී ඉපදුනා … මම සතුටින් හිටියා නම් ඒ සිහිය නැතිවෙනකන් බිපුවාම … සිහිය තියෙද්දී මම ගොඩක් විදෙව්වා …ඔයා ගැන මිනිස්සු කතා හදද්දී මට බය හිතුනා මම වගේම ඔයත් ජිවිතේ වරද්දා ගයි කියලා ..ඒ නිසා මම ආපහු පය ගහන්නේ නැහැ කියලා ආපු ගෙදරට ගියා ඒ ඔයාව තාත්තට භාර දෙන්න …. හිතින් මැරුනේ නැති ටික විතරයි …මගේ හදවතේ කොටසක් මිට අවුරුදු පහළොවකට කලින් ඒ ගෙදර දාලා ආවා ….අනිත් කොටසත් ආයෙම ඒ ගෙදර දාලා ආවා .. ඔයා හිතනවාද එදා ඉදලා එක තප්පරයක් වත් මම සතුටින් හිටියා කියලා නැහැ මගේ දුවේ මම සතුටක් ලැබුවේ නැහැ …. මම ජිවත් වුනේ අපායක ලෝදිය හැලියක් උඩ මාව හැම තප්පරයකම ඒ ලෝදියෙන් පිච්චුනා … මම කරේ හැම වේදනාවක්ම අමතක වෙනකන් බීපු එක බිලා බිලා අන්තිමෙට ගෙදර ආවේ කොහොමද කියලා මට මතක තිබ්බේ නැහැ …මම මෙහෙම බිලා බිලා ලගදීම දවසක මැරිලා යාවි එදාට ඔයා මට වෛර කරන්න එපා …. ඔයා නිසා නෙවේ නම් මම මැරිලා ගොඩක් කල් ….. හිතින් මැරුණ ගැහැණියකගේ ගතකින් ඇති වැඩේ මොකක්ද ….. මගේ දුව මේ කතාව කියවලා ඔයාගේ තාත්තාට වෛර කරන්න එපා ..එයා ගොඩක් අසරණයි …. මංජු මම වගේම ඔයාගේ තාත්තාත් අසරණ උනේ ආදරේ නිසා … අන්තිමේට ඉෂ්ට උනේ දෙවියන්ගේ කැමැත්ත … මංජු කියන්නේ හොද ගැහැනියක් මම දන්නවා ඔයාව එයා බලා ගයි එයාගේ දුව තරමටම ආදරෙන් … මට දැන් මැරිලා ගියත් බය නැහැ …. බබී මගේ දුවේ ඔයා පරිස්සමින් ඉන්න .. ඔයාගේ අම්මා මොන ලෝකේ හිටියත් ඔයා දිහා බලාගෙන ඉන්නවා .. අවසාන වසයෙන් තාත්තාට කියන්න මම එයා එක්ක තරහා නැහැ කියලා … නැතිනම් එයා හැමදාමත් විදවයි මට වරදක් කර කියලා … . මගේ බබිට තෙරුවන් සරණයි …මම ඔයාගේ ආදරණිය අවාසනාවන්ත අම්මා .ලිපිය කියවා අවසාන වෙද්දී මගේ ලය පැලි මියෙයි කියාය ….ඒ දුක වේදනාව ඒ තරමට අමිහිරිය … උනන කදුළු කම්මුල් තෙමද්දී මා අම්මාගේ යහනේ දිගෑදිමි ….. මේ කාමරෙන් හමන්නේ අම්මාගේ සුවදයි …ඒ සුවද බොහෝ මිහිරිය …. අම්මාගේ ජිවිතයේ දුක වසාගැනීමට ඇය පුහු ආටෝප මවාගෙන රුව ආලේපන ගලවාගෙන දිවි ගෙවන්න ඇත . … සිතා සිතා අවසානයේ මට සිතුනේ එයයි … පෙර මෙන් අම්මා ගැන පිළිකුලක් තරහක් දැන් සිතෙහි ඇති වන්නේ නැත …ඇත්තේ ඇය ගැන අනුකම්පාවකි …ප්‍රේමයෙන් පරාජය වීමේදී දැනෙන හැගීම් මා විද ඇත ..අම්මා ඊටත් වඩා දහස් ගුණයකින් ඒ හැගීම් විදවන්න ඇත ..****උදෑසනින් අවදිව ලක ලැහැස්තිව ගෙයින් එලියට බහින්න යද්දී වහලේ මුදුන් ලියේ උන් හුනෙක් චික් චික් ගෑවේය … ‘ ෂිට් මේ හුනෙක් කොහෙන්දෝ ඇවිත් කෑ ගහනවා නේ … ‘’ හූනන් කෑ ගසද්දී ගමන් යෑම අසුභ බව කිසිවෙකු අන් දිනෙක මට කිවොත් මා සිනාසෙමි ..එහෙත් මට අද දැනුනේ මෙය කිසියම් අසුභ පෙර නිමිත්තක් බවය ….. ‘අම්මාට නම් කිසිම නරකක් වෙන්න එපා ..’ රෝහල ලගට යනතුරුම හිතින් දහස් වතාවකට වඩා එය මිමිණුවෙමි … ‘රුචිරා ඉරුගල්බණ්ඩාර බලන්න පුලුවන්ද මට ..’ ‘රුචිරා කිව්වේ අර ඊයේ ඇක්සිඩන්ට් වෙලා ගෙනාපු පේශන්ට් නේද ….’ ‘ඔව් ..’ ‘ඔය ලමයා එයාගේ කව්ද …’ ‘ ඒ මගේ අම්මා ..’ ‘කියන්න කනගාටුයි දරුවෝ අද පාන්දර එයා නැතිවුනා …’ හෙදියගේ මුවින් පිටවූ වදන් සවනින් ඇතුළු වෙත්ම මට දැනුනේ මුළු ලොවම මා ඉදිරියේ ග්‍රමනය වෙන බවකි … ඉන් පසු මා සුළගින් ඉදිරුනු ගසක් මෙන් එතැනම ඇදගෙන වැටුනා මතකය … අම්මාගේ මරණය මෙතරම් වේදනාකාරී එකක් වේ යැයි මා කිසිදිනෙක සිතා නොතිබුණි …. තමාව ලංව උන් ඉතා ලංව උන් කවරෙකු හෝ තමන්ගෙන් දුරස්වෙන්නේ සදහටම නම් ඒ දැනෙන වේදනවා අති ප්‍රබලය …දරාගැනීමට නොහැකි තරම් ඒ ශීතල වේදනාව මා අත්දකිමින් උන්නෙමි .. ‘මරණේ අවසන් කටයුතු කරන්නේ කොහොමද … ‘’ අම්මාගේ මරණය තබා ගැනීමට නිවසක් තිබුනද අවමගුලේ සියලු වගකීම් කෙල්ලක් වන මා හට දැරිය නොහැකි බව මා අසලම උන් නෙතුලිගේ මවට තේරුම් යන්න ඇත ..තාත්තා හෝ ලංකාවේ උන්නා නම් ඒ කටයුතු සොයා බලනු ඇත ..නමුත් ඔහුද අද පිටරටකය ..‘අපි මේ කටයුතු ඔක්කොම මල් ශාලාවේ කරමු … මේ දරුවා විතරයි ඒ පවුලේ ඉන්නේ .. ‘’ මරණයේ සියලු වගකීම් මල්ශාලාවට භාරදුන් මා අසල රැදී උන්නේ නෙතුලි සහ ඇගේ මවයි …. අම්මාගේ මරණය කීමට කියා අම්මාගේ නෑයන් මා දැන උන්නේ නැත … ‘මම ඔයාට සමාව දුන්නා අම්මේ …ජාති ජාතිවත් ආයේ නම් ඔයාට මේවගේ දුකක් විදින්න වෙන්න එපා ‘ ශීතල නළලත මත හාදුවක් තබා මා කලේ අම්මාගේ සවනට කෙදිරිමය .. සුදු පැහැ සාරියකින් සැරසී පෙට්ටියේ නිදා උන් අම්මාගේ මුහුණේ කිසිදු දුකක් නැත ….මරණය ඇයට සැනසීමක් වෙන්න ඇත …. ඉතින් මා නෙතේ කදුලක් ඉතිරි කර අම්මා සදහාටම දෑස් පියා ගත්තාය ..‘කවුරු හරි ද්වේශ සහගත් විදිහට හප්පලා තියෙන්නේ … ඒ වෙලාවේ පාරේ වාහනත් නැහැනේ … හැප්පෙන්න විදිහක් නැති තැනක හප්පලා තියෙන්නේ ….. අපි මේ පිළිබද පරීක්ෂණයක් කරලා වැරදි කරුවන් නීතියට භාර දෙනවා ..’ අම්මාගේ අනතුරේ පරීක්ෂණය භාර නිලධාරියා පොරොන්දු දෙද්දී මා කිසිවක් නොකියා උන්නෙමි …. සියල්ල සිදුව අවසානයේ වැරදි කරුවන් සොයා පලක් තිබේද .. ඔවුන් සොයා ගත්තා කියා අම්මාගේ ජීවිතය යලි ලැබෙනු ඇතිද . … මට සිතුනේ එසේය ..
මතු සම්බන්ධයි