~~~~ආදර පාරමී ~~~~~ 06 කොටස

සෙමින් සෙමින් පියගැටපෙළ පසුකල මා පංති කාමරයට ඇතුල් වුනෙමි…. පංති කාමරයේ උන් ළමුන් මා දෙස බැලුවේ විකටයකු දෙස බලන්නාක් මෙනි … කිසිවෙකු දෙස හෝ නොබලා මම කලේ රහල්ගේ ඩෙස්ක් එක දෙස බැලීමය …. ඔහු පැමිණි බවට ලකුණකදු එහි නැත ….. පරාජිත බවක් හිතට දැනෙද්දී මා පොත් බෑගය පුටුවේ රැදවුවෙමි …. ‘ මම නම් හිතුවේ ආයේ ඉස්කෝලෙට එන එකක් නැහැ කියලා …’ පිටුපසින් උන් සිත්මි පවසනවා ඇහුනත් මම නෑසුනා සේ උන්නෙමි ‘කොහෙද ඉතින් ඉස්කෝලෙට එක්කන් එන්න අම්මා කෙනෙක්වත් නැතිව ඇති ..’ ඇයට උල්පන්දම් දුන්නේ රයිනිය ‘අම්මා කැමති නැතිව ඇති දුවත් එක්ක එකට පාරේ බැහැලා යන්න … ’ මහා හඩින් සිනාසුන මල්ෂි පවසන වදන් බෙහෙවින් දරුණුය …. තවදුරටත් ඔවුන්ට රිසිසේ නොහොබිනා වදන් දෙඩවීමට ඉඩදිය නොහැක .. මා පුටුවෙන් නැගී සිටියේ ශරීරය පුරා කෝපාග්නිය පැතිර යද්දීය … ‘මොකක්ද ඒ කිව්වේ ….ඇයි හැමවෙලාවෙම මගේ හිත රිද්දන්නේ ..’ මම ඇගේ මුහුණට ලංවී බොහෝ ලංවී විමසුවෙමි … ‘ඔයාට මොකටද රිදෙන්නේ ඔය කිව්ව දේවල් බොරු නම් ….ඇත්ත තිත්තයි කියන්නේ බොරු නෙවෙයි නේ … බොරුවට පෙනේ පුප්පන්නේ නැතිව හිටපන් …..’ මල්ෂි පංතිය දෙක වෙන්න කෑ ගැහුවේය … තවත් ඉවසිය නොහැක …මේ තරම් අපහසයක් විදගෙන තවත් නම් සිටිය නොහැක …. ඉහලට එසවුණු මගේ දකුණු අත විදුලියක වේගයෙන් මල්ශිගේ කම්මුල ස්පර්ශ කරද්දී පසෙකට විසිවී ගිය ඈ කම්මුල අතින් අල්ලාගෙන මහා හඩින් ඉකිබිදින්න වුවාය… ‘මොකක්ද පාරමී මේකේ තේරුම …ඔයා හැමදාම මල්ෂි එක්ක අල්ලනවා … ඉන්න මම දයානි මැඩම් එක්ක එන්නම් ..’ සජානි එළියට දිව යද්දී මට සිතුනේ තව දුරටත් මේ පංති කාමරය තුළ රැදී සිටිය නොහැකි බවය .. ‘හිටපන් මම අපේ තාත්තාට කියන්නම් … උබ මට ගැහුවා එහෙනම් …’ මල්ශිගේ කටහඩේ තිබුනේ මා කෙරේ උපන් කෝපයම පමණි ….. දෙවරක් සිතන්නට මට උවමනා වුවා නොවේ …පොත් බෑගය අතට ගත් මම පියගැටපෙල දක්වා ගියා නොව ඉගිල්ලුනෙමි …… මා රහල්ට පාසල් එන බවට දුන් පොරොන්දුව සියල්ල ඔහු බලාගන්නම් කියූ වදන් මට සිහිවුවේ පාසල් ගේට්ටුවෙන් නික්ම ආවාටද පසුවය … ‘ මුදලාලි රෝල්ස් දෙකක් දෙනවද …’ පාසලෙන් නික්ම බොහෝ වෙලා පා රිදෙන තුරුම ගමන් කර අවසානයේ මා කඩයකට ගොඩවුවෙමි …. රාත්‍රියේ සිට මේ දක්වා කිසිවක් ආහාරයට නොගෙන උන් නිසා කුසගින්න ඉතා දැඩිය … ‘රුපියල් පනහයි …’ ගවුම් සාක්කුවේ හොවාගෙන උන් මුදල් පසුමිබිය එහි නැත ….. බෑගය අතට ගත් මා එය පීරා මුදල් පසුම්බිය හොයන්න වුනෙමි … ‘පර්ස් එක නැති වෙලා ….. මට සමාවෙන්න ..’ අත තිබු රෝල්ස් බෑගය කැෂියර් මේසය මත තැබූ මා යන්නට හැරුනෙමි ‘ කෑම ඉල්ලගෙන එන්නේ අපේ කාලේ කන්නද කොහෙද ..’ මුදලාලි දොස් කියද්දී මා නැසූන ලෙසටම කඩයෙන් එලියට බැස්සෙමි .. අතේ මුදල් සතයක්වත් නොමැතිව බසයේ ගමන්කළ නොහැකි නිසා පාදයන්ට දිරිගෙන මා ඉදිරියට ඇවිද ගියෙමි .. ගිනියම් හිරු මුදුන් වී මුළු නගරයම ගිනිගද්දී දෙපයට දිරිගෙන පෙරට ඇවිදගිය මා නිවසට ගොඩවූවේ ඉහින් කනින් දහදිය පෙරාගෙනය … ‘රෝසි …මම ආයේ ස්කුල් යන්නේ නැහැ ..ගෙදරට වෙලා මෙහෙමම ඉන්නවා …. හැමෝම මාව විහිළුවට ගන්නවා … ‘’ සෙමින් සෙමින් කදුලක් දෑසට නැගෙද්දී බෝනික්කිය තුරුළු කොටගෙන මා කලේ හිතේ හැටියට ඇඩිමය .. බොහෝ වෙලා අඩා දොඩා අවසානයේ සැහැල්ලු ගවුමකින් සැරසුණු මා කලේ බෝනික්කිය පපුවට තුරුළු කොටගෙන මිදුලට බැසීමය … ගේට්ටුව වෙත ඇවිද aගිය මා රහල්ගේ නිවස දෙසට බැල්මක් හෙළුවෙමි …කිසිවෙකුත් පෙනෙන්න නැත්තේ ඔවුන් කිසියම් ගමනක් ගොස් ඇති නිසා විය යුතුය …පෙර දා පාසල් පැමිණෙන ලෙස මා පොරොන්දු කරගෙන ගිය රහල් පාසලේ දකින්න සිටියේ නැත .. උදෑසන මා පාසල් යද්දීද ඔවුන්ගේ නිවස වසා දමා තිබුණු බව මට සිහිවුවේ දැන්ය … සිතට මහා ලොකු පාළුවක් එබෙද්දි මා කලේ ආපසු හැරී නිවස දෙසට යෑමය ….. ඉස්තෝප්පුවේ බිම වාඩිවී මා කලේ දෑස් රිදෙන තුරු රහල්ගේ නිවස දෙස බලා සිටීමය …. පැයෙන් පැය ගෙවී ගොස් සන්ධ්‍යාව එලබියේ බොහෝ සෙමිනි … රාත්‍රී හතට පමණ කුලී රියක් විත් ගේට්ටුව ලග නවත්වද්දී මම උනන්දුවෙන් ඒ දෙස බැලුවෙමි .. ‘පාරමී අක්කි ..’ ෂෙහාරා දිනුකි අක්කාගේ අතක එල්ලී ගේට්ටුවෙන් එබී බලද්දී මා ගේට්ටුව වෙත දිව ගියෙමි ‘අම්මා ආවේ නැද්ද නංගි …’ මම දිනුකි අක්කා සමග කතා කරමින්ම දෑස් විහිදා හාත්පසම බැලුවෙමි … කුලී රියට මුදල් ගෙවමින් උන් මහිල් අයියා හැරෙන්න කිසිවෙකුම එහි උන්නේ නැත .. බලාපොරොත්තු සුන්වුවා මෙන් දැනුන හැගීමක් සමග මා දිනුකි අක්කා දෙස බැලුවෙමි …ඒ මුහුණේ වුවේ තෙහෙට්ටුවකි … ‘තාම ආවේ නැහැ අක්කා … ඔයාලා කොහේ ගිහින් එන ගමන්ද මේ ..’ මට උවමනා වුවේ රහල් කොයිදැයි දැනගැනිමටය .. ඔහු මට හිතවත් වුවේ දවසට දෙකටය … ‘රහල් මල්ලිට එක්සෑම් එකක් තිබුනා … ටිකක් පරක්කු වෙලා මැසේජ් එක ලැබුනේ … මැසේජ් එක ලැබුන ගමන් ඊයේ රෑ ට්‍රේන් එකෙන් කොලඹ ගියා …. මල්ලි යාළුවෙක්ගේ ගෙදර නැවතුනා ..මහිල් ට වැඩට යන්න ඕන හින්දා අපි කැන්ඩි ආවා …’ හිතට දුකක් දැනුනේ රහල් මට නොකියාම ගිය එක ගැනය ….. පෙර දා පොරොන්දු වුවේ ඔහු මා ලගින්ම සිටින බවය …. මා ඕනාවට වඩා ඔහු විශ්වාස කළා වෙන්න ඇත … ‘රහල් ආයේ එන එකක් නැද්ද අක්කා ..’ මගේ කටහඩ ඕනෑවට වඩා දුක්බර වෙන්න ඇත … ‘එයි ….ඇවිත් යයි …මල්ලි ගොඩක් කල් ඇප්ලයි කරලා තිබ්බේ මේකට ….. එයා බලාගෙන හිටියේ මේ ඇකඩමි එකට යන්න … එක්සෑම් එකෙන් බෙස්ට් රිසාල්ට් ගන්න දහදෙනා විතරයිලු ඇකඩමි එකට ගන්නේ … ‘’ ‘එයාට බැරිවෙන්නේ නැහැ අක්කා …. එයා අනිවාර්යෙන් පාස් වෙයි ‘’ ‘අපි යන්නම් නංගි …ෂෙහාරා නිදිමතේ ඉන්නේ ..’ ‘ ගුඩ් නයිට් අක්කා ‘’ ෂෙහාරාගේ අතින් අල්ලාගත් දිනුකි අක්කා කලුවරේම නිවස දෙසට යද්දී මා තදින් බෝනික්කිය පපුවට තුරුළු කරගත්තෙමි .. ‘රෝසි …. එයත් යන්න යයිද ……. මට හිතවත් වෙන අය මෙච්චර ඉක්මනට මාව දාලා යන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ …’ මම ලා තරු එලිය දෙස බොහෝ වෙලා බලා උන්නෙමි … ඉස්තෝප්පුවේ බිත්තියට හේත්තු වී උන් මා අම්මා එනතුරු උන්නේ එකම ඉරියව්වකිනි …. ‘ඔන්න බබී ඔයාගේ වැඩේ හරි මම කොන්වන්ට් එකේ ප්‍රින්සිපල් එක්ක කතා කරා …. එයා කිව්වා ඔයාව එක්කන් එන්න කියලා … හෙට ගිහින් අපි ඔයාගේ අස්වීම ගමු …. ඊට පස්සේ ලබන සතියේ ඉදලා අළුත් ස්කුල් එකකට යන්න පුළුවන් … ‘’ මම ඇයට බෑ කියන්න හෝ හා කියන්න මුව විවර නොකලෙමි … කොහොමත් දැන් මා පරණ පාසලට ආයුබෝවන් කියා අහවරය … එයින් අස්වූවා කියා හිතේ දුකක් නැත … පාසලේ අතාරින්න බැරි මිතුරියක් හෝ මතකයක්ද මට නොවේ …ඉතින් මා තීරණය කලෙමි …ඒ අම්මා පවසන්නකට එකග වීමටය … බොහෝ කාලයකට පසු රැකියාවෙන් නිවාඩු ගත් අම්මා මා අළුත් පාසලට ඇතුල් කිරීමට අවශ්‍ය කටයුතු කටයුතු පිළියෙළ කළාය ….. මා කිසිම හැගීමක් නොමැතිව ඈ පසුපස ඇවිද ගියා පමණි ….

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *