~~~~ආදර පාරමී ~~~~10 කොටස
ඒ උදෑසන මා අවදිවුවේ විදුලි සිනුව නාද කරන හඩටය … පෙරදා රැයේ නිවසට නොපැමිණි අම්මා උදෑසනින් නිවසට පැමිණෙන්න ඇත …. ‘ පාරමී ….’ මා සිතුවා වැරදිය දොර අසල උන්නේ …පාරමී හා මලිතිය … කිසිදිනෙක ඉන්නා ඉසව්ව උව පවසා නැතත් ඔවුන් මා සොයා පැමිණ ඇත …‘ඔයාලා ගෙදර හොයාගත්තේ කොහොමද … ’ ‘ඉස්සරලා ගෙට ගොඩවෙන්න දීපන් ඊට පස්සේ අපි විස්තර කියන්නම් …’ නෙතුලි ගෙට ඇතුළු වුවේ එලෙස පවසමිනි ‘ උබ දවස් හතරක් එක දිගට ස්කුල් ආවේ නැත්තේ ඇයි ’ මලිතිගේ දෑසේ වුවේ ප්‍රශ්නාර්තයකි …. මගේ අම්මා දවස් හතරකින් නිවසට නොපැමිණි බව මා ඔවුන්ට පවසන්නේ කෙලෙසද .. පිළිතුරු වශයෙන් මගේ දෑසට ඉනුවේ කදුළු ගොඩකි … ‘කියපන් යකෝ වැළහින්න වගේ අඩන්නේ නැතිව …’ ‘මම කියන්නේ කොහොමද නෙතු …. ඔයාලා මං ගැන වැරදියට හිතයි ..මාවආශ්රය කරන එක නතර කරලා දායි ..’ දෙතොල් සපාගෙන මා කලේ ඉකිබිදුම පාලනය කරගැනීමය‘උබට හිතන්නේ …. අපිට පිස්සු කියලද ….. දැන් කියපන් මොකද උනේ කියලා ‘’ මලිති බොහෝ හැගීම්බරව මා දෙස එක එල්ලේ බලා උන්නාය …‘ ඔයාලා දන්නවාද … මම රාහුලෙන් අයින් වුනේ ඇයි කියලා … ඒ අපේ අම්මා ගැන කියලා ළමයි හැමදාම මට අපහස කරපු නිසා … කවුරුත් මාත් එක්ක යාලුවෙන්න ආවේ නැහැ .. යාළුවො කියලා කවුරුත්ම මට හිටියෙත් නැහැ ….මුළු ඉස්කෝලේම ළමයි මට හිනාවුනා ….ඒ අපේ අම්මා නිසා එයාගේ නරක හැසිරීම නිසා …… ඉවසන්න බැරිම දවසක මම එක ළමයෙක් තල්ලු කරලා ඉස්කෝලෙන් පැනලා ආවා …ආයෙම ඒ ඉස්කෝලෙට මම ගියේ නැහැ …. අම්මගේ යාලුවෙක් තමා මාව කොන්වන්ට් එකට දැම්මේ …. කොහොම හරි අළුත් ඉස්කෝලේ ඔයාලා එක්ක මම ගොඩක් සතුටින් හිටියේ …. ඒත් මට සතුට කියන හැගීම විදින්න අයිතියක් නැහැ ….. ’ … බරැති ඊයම් බරුවක් හදවත මත තැබුවාක් මෙන් දැනුනු හැගීමත් සමග මා මදක් නිහඩ වූවෙමි …දෙපසින් අසුන්ගෙන උන් යෙහෙළියන් බලා උන්නේ බොහෝ කම්පාවෙනි …‘වෙනදා හැමදාම වගේ අම්මා ගෙදර ආවා …මහා රෑ මැද උනත් … ඒ උනත් ….දැන් දවස් හතරක් එක දිගට එයා ගෙදර ආවේ නැහැ … මොනවා කලත් එයා මගේ අම්මා … මට ගොඩක් බයයි …මට මේ ලෝකේ ඉන්නේ මගේ අම්මා විතරයි …’ ‘ උබ අම්මා වැඩ කරන තැනට කෝල් කරේ නැද්ද ..’ ‘කෝල් කළා …. අම්මා සතියක් නිවාඩු දාලා … ඒත් එයා මට කියන්නේ නැතිව කොහේ ගිහින්ද කියලා දන්නේ නැහැ ..’ ‘ අම්මාගේ යාලුවෙක්ගෙන්වත් එයා ගැන අහලා බැලුවේ නැද්ද ..’ ‘අම්මාට ගොඩක් යාළුවො හිටියට …මට එයාලා අදුරගන්න ආශාවක් තිබ්බේ නැහැ .. කතා කරන්න කියලා එයාගේ යාළුවෙක්ගේ නම්බර් එකක් නැහැ මගේ ලග …’ ‘නාඩා හිටපන් ….ඉක්මනට හැමදෙයක්ම හරි යයි …’ මගේ දෑසින් වැටුණු කදුළු බින්දු සිය ලේන්සුවෙන් පිසදැමු මලිති මා සනසන්න වුවාය ..‘උබ අපේ ගෙදර යමු … මේ ගෙදර තනියම ඉන්නේ කොහොමද …’ ‘ජිවිතේ ගොඩක් දවස් මම තනියම ඉදලා තියෙන්නේ …මම මේ තනිකමට බය නැහැ …. හදිසියේවත් අම්මා ආවොත් ගෙදර මම නැහැ කියලා හොදටම බයවෙයි ..’ ‘හරි … උබට තනියම ඉන්න බෑ කියලා හිතුනොත් එදාට අපේ ගෙවල් වල දොරවල් උබ වෙනුවෙන් ඇරලා තියෙයි …’‘ ඔයාලා වගේ යාළුවො මට හම්බවුනේ මගේ පිනකට … මං ගැන හොයලා බලනවාට පින් ..’ සැබවින්ම ඔවුන් හා කතාකිරීමෙන් පසු රිදුනු සිතට මහා සැහැල්ලුවකි දැනුනේ …. බොහෝ දිනකට පසු මා කදුළු පිසදා සිනාසැලුවේමි … ‘හරි මෑම් …දැන් ඇදුමක් දාගෙන වරෙන් පොඩි ගමනක් යන්න තියෙනවා …’ නෙතුලි මගේ හිස පිරිමැද්දේ වැඩිමහල් සොයුරියක තරමට ලැබදිවය .. ‘මට කොහෙවත් යන්න තරම් හොද මුඩ් එකක් නැහැ … මං ගියොත් ඔයාලාගේ සතුටත් නැතිවෙලා යයි ..’ ‘ගේ ගෙම්බි වගේ ගෙටම වෙලා ඉදලා එපා වෙන්නේ නැද්ද ..’‘ගොඩක් මිනිස්සු මැද්දේ ඉන්නවට වැඩිය තනියම ඉන්න එක හොදයි … තමන්ට කැමති විදිහට ඉන්න පුළුවන් … ‘’‘පිස්සු කියවන්නේ නැතිව යමන් ලැහැස්ති වෙන්න …කෝ … උබේ කාමරේ …’ මලිති මාවත් ඇදගෙන මගේ කාමරයට ගියේ බැනවදිමිනි … ‘මෙන්න මේ ගවුම ඇදපන් ..’ අල්මාරිය ඇර කහපැහැති දිගු ගවුම අතට ගත් නෙතුලි එය මා අත තැබුවාය … ‘බහිරවයා වගේ බලාගෙන ඉන්නේ නැතිව වොෂ් එකක් දාගෙන ඇදගනින් යකෝ ’නෙතුලි සහ මලිතිගෙන් ගැලවීමට නොහැකිම තැන මා කලේ ගත දොවාගෙන කහපැහැති දිගු ගවුම ඇදගැනීමය ….. ‘කොන්ඩේ පෝනිටෙල් එකක් දාපන් ..’ වරලස ගොතා ගැනීමට සැරසෙන මා නතර කල මලිතිය … ‘දැන් බලපන්කො කෙල්ලේ හැඩ ..’ කැඩපතින් පෙනුණු මගේ රුව බෙහෙවින් සුන්දරය … කෙනෙකුට දෙවරක් බැලීමට තරම් රුවැති මා ගැන සිතට දැනුනු සතුටට මුවට සිනාවක් ආවේ ඉබේටමය ..‘ඔන්න බලපන් කහ රෝස මලක් වගේ ඉන්න අපුරුව …. ‘’ යෙහෙලියන් මා දෙස බලා උන්නේ බොහෝ සතුටෙනි … ****‘ කොහෙද අපි මේ යන්නේ …’ යන තැනක් නිසියාකාරව නොදැන උන් බැවින් මා නෙතුලි දෙස බැලුවේ කුහුලෙනි …‘නිත්තවෙල රගර් ග්‍රවුන්ඩ් එකට …’‘ඒ මොකද ..’‘අනේ මෝඩි අද රග්බි මැච් එකක් .. නිකිල් එහෙම ප්ලේ කරනවා අද මැච් එකට …’ හිමසරද නිකිල්ගේ කාණ්ඩයමේ සාමාජිකයෙකි …. බොහෝ දිනකට පසු අද ඔහු දැකගත හැකිය ..සිතට දැනුනේ නුහුරු සතුටකි … ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂකාගාරය ක්‍රීඩා ලෝලීන්ගෙන් පිරි ගොසිනි ….. ‘හිරවෙන්න වෙන්නේ අප්පා …කැන්ඩි වල කොල්ලෝ කෙල්ලෝ මෙච්චර රගර් පිස්සොද …’ තෙරපෙමින් ඉදිරියට ගොස් ඉඩක් හොයාගත් විගස මලිති කියවන්න වුවාය … ‘අන්න ….නිකිල් ඉන්නවා … ’ ක්‍රීඩා පිටිය මැදට ඇගිල්ල දිගුකොට නෙතුලි පවසද්දී මාද පා ඇගිලි වලින් එසවී පිටිය මැදට නෙතු යොමු කලෙමි … මා සෙවුවේ හිමසරවය …. නොඉවසිලි නෙතු වලට ඒ රුව හමුවීමට වැඩිවෙලාවක් ගෙවුනේ නැත … ක්‍රීඩා පිටිය මැද බොහෝ ප්‍රවේගකාරී ලෙස ඔහු ක්‍රීඩා කරමින් උන්නේය … ඔහුගේ විදුලි වේගයෙන් එහා මෙහා යද්දී ඔවුන්ගේ කණ්ඩායමට ලකුණු එකින එක ලකුණු පුවරුවේ සටහන් විය ….‘කමෝන් … හිම්සර ….’ ක්‍රීඩා පිටිය පුරාම රැවූ දුන්නේ හිමසරගේ නමය .. මුළු නගරයම දෙවනත් වෙන තරමට ප්‍රේක්ෂකාගාරය මහා හඩින් ගිගුම් දෙද්දී හිම්සරලාගේ ජයග්‍රහණය මහා ඉහලින් ලකුණු පුවරුවේ සටහන් විය …‘යේස් ….. නිකිල්ලා දින්නා … ඔහ් ගෝඩ් මගේ පපුව ගැහෙනවා හයියෙන් … මට ගොඩක් හැපී ..’ නෙතුලිගේ දෑස් වලට කදුළු ඉනුවේ සතුටට වෙන්න ඇත … ‘වරෙන් අපි ගිහින් විශ් කරමු …’ තෑගී ප්‍රධානය අවසන්ව පිටියට පැනගත් සුභ පතන්නන් දෙස බලමින් නෙතුලි නොඉවසිලිමත් වී උන්නාය ‘ Congratulations නිකිල් ….’ පිටිය මැද නිකිල්ගේ අත තදින් අල්ලාගත් නෙතුලි සුභ පතද්දී මා සෙවුවේ හිම්සරය … ඔහු උන්නේය …. ඔහු ලගින්ම උන් සුදු කෙට්ටු යුවතියක් ඔහුගේ අතේ එල්ලී සුන්දරව සිනාසෙමින් උන්නේය … අදහන්න සිතේ තිබු කුමක්දෝ හැගීමක් ශුන්‍ය වී නුහුරු වේදනාවකින් හිත හිරිවැටි ගියේය …. ‘Congratulations හිම්සර ….ඔයා ලස්සනට ප්ලේ කළා …. හිතාගන්නවත් බැහැ ….. ඇහිපිල්ලමක් ගහන පමාවට ලකුණක් අරන් ..’ නිකිල්ගේ අතේ එල්ලි උන් නෙතුලි හිම්සරව අගය කරද්දී මා ඔහු දෙස නොබලා ඉන්න පරිස්සම් වුනෙමි … හිමසර පසෙක යුවතියක් හිදිම මේ තරම් වේදනාවක් වේ යැයි දැන උන්නා නම් සත්තකින්ම මම මෙහි නොඑමි .. ‘මේ හලෝ …මොකක්ද ඔයාගේ නම කිවුවේ …’ මලිතිට මුවාවී උන් මා හිම්සර දැක තිබුණි …. මෙතැනින් පැනදුවන්න ඕන උනද මා කලේ හිස ඔසවා ඔහුට ඔරවාගෙන සිටීමය ‘මේ පාරමී …මතක නැද්ද උබට ..’ නිකිල් හිම්සරගේ මතකය අළුත් කළේය … ‘හරි …. හරි …දැන් මතකයි …ඒ උනාට ඊට කලින් මම ඔයාව කොහේ හරි දැකලා තියෙනවා ..’ ඔහු මතක් කරන්න වෙර දරන්න විය … ඔහුගේ අතක එල්ලී උන් යුවතිය බොහෝ ලංව කුමක්දෝ කොදුරන්න විය …‘මචං නිකිල් මං දැන් යන්න ඕන …රෑට පාර්ටි එකේදී හම්බවෙමු …’ තවත් වරක් මා දෙස බලා පිටුපා යන ඔහු දෙස මා බලා උන්නේ කම්පාවෙනි
මතු සම්බන්ධයි