~~~~~ ආදර පාරමී ~~~~~~ 19 කොටස

කාර්යබහුල වූ ජීවිතය නිසා මියගිය අතීතය සිහිකරමින් සිටීමට මට කාලයක් නොවිනි … ජීවිතය පාසලෙන් පංතියටත් …පන්තියෙන් ගෙදරටත් සිමාවූ උවත් මා උන්නේ බොහෝ තුටිනි …. නිවසේදී මා හැකිපමණ දම්සාරි මග ඇරියෙමි ඒ ඇගේ ඇනුම් පදවලට බියෙනි …… එවිට ඇතිවිය හැකි සිත් රිදවීම් මද බව මා දැන උන්නෙමි … ‘කොහොමද බබී ඔයාගේ ස්කුල් එකේ වැඩ …’ මංජු අම්මා රැගෙන ආ තේ කෝප්පය මගේ අතේ තබමින් පසෙකවූ පුටුවක් අසුන් ගත්තාය … ‘ ප්‍රශ්නයක් නැහැ අම්මා ….. කරගෙන යනවා …’ ‘බබිට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න … ඕනෑම දෙයකට මමයි තාත්තයි ඉන්නවා.’ සැබවින්මට මගේ අම්මාට වඩා මංජු අම්මා මා ගැන සැලකිලිමත් වුවාය … මෙහි පැමිණි දින පටන් එකදු වචනයකින් හෝ මගේ සිත නොරිදවිමට ඈ පරිස්සම් වුවාය ….. ‘අම්මා හෙට අපේ රගර් මැච් එකක් තියෙනවා බලන්න එනවාද ..’ දම්සිත් මල්ලි මගේ කාමරයට එබුනේ අප කතා කරමින් සිටියදීය …. ‘අයියෝ පුතා මට බෑ …ඔයා තාත්තාව එක්කන් යන්න … ’ මල්ලි මුහුණ ඇබුල් කරගත්තේ අම්මාගේ පිළිතුරෙනි … ‘තාත්තාටත් හෙට වැඩක්ලු අම්මා …..ඔයා නම් කවදාවත් එන්නේ නැහැ නේ අපේ මැච් එකක් බලන්න …’ මල්ලි කතා කලේ කලකිරුණු හඩිනි … ‘ හරි හරි පුතා මෙහෙම කරන්න ඔයාට පුළුවන්නේ අක්කාව එක්කන් යන්න … එයත් ඉස්කෝලෙටයි ක්ලාස් වලටයි කොටු වෙලා ඉන්නවා මිසක් කොහෙවත් යන්න එනවා කියලද ’ මංජු අම්මා එලෙස පවසද්දී මල්ලි මා දෙස බැලුවේ බලාපොරොත්තු සහගතවය .. ‘මම ..මම කොහොමද තනියම එන්නේ …’ ‘හරි හරි අක්කි එනවා හොදේ ..අර ඔයාගේ යාලුවා බබී ආච්චි වගේ ඉන්න හොල්මනත් එක්ක එන්වාකෝ …එතකොට ඔන්න …ආයේ බැහැ කියන්න බෑ .. ‘ ‘හරි හරි මම එන්නම්කෝ …’ හිම්සර මට ඔහු සිහිවිය …ඔහුද දක්ෂ රගර් ක්‍රීඩකයෙකි ….. ක්‍රීඩා තරගයක් නිසා මට දින ගානකින් හිම්සර සිහිවෙන්න විය . … පාඩම් කරමින් උන් පොත පසෙක තැබූ මා යහනට ගොස් වැටුනෙමි … ‘රෝසි මගේ බෝනික්කියෝ .. මගේ හිත මැරිලද කොහේදෝ …මට හිම්සරව මතක් වුනේ නැත්තේ කොහොමද මෙච්චර දවස් …… දෙවියනේ ….. මට එයාව මතක් වුනොත් මට එයාව නැතිව ඉන්න බැරි වෙයි ..එයා ලගට දුවන්න හිතෙයි ..ඒ නිසා ඒ අතීතේ මම මරලා දැම්මා .. ’ හදවතේ බොහෝ දුකවිය ….. මේ දුක නිවෙන්න නම් එකම වරක් හෝ හිම්සර දැකිය යුතුය …එහෙත් ඒ කවදා කෙලෙසකද කියා මට නොතේරුනි …මට උවමනා වුවේ ඒ මුහුණ දැක සිත නිවා ගැනීමටය …. ********************** ‘ පාරමී මම ඔය රගර් මැච් බලන්න කැමති නැහැ කියලා උබ දන්නවා නේ …. උබ මට මාර චාටර් එකක් තමා මට දෙන්න යන්නේ …’ රගර් තරගය නැරබීමට සුදානම් ව ඒ ඉරිදා උදෑසනින් අප නිවසට පැමිණි ඉඳුවරි උන්නේ නහයෙන් අඩමිනි… ‘අනේ බන් මල්ලිගෙන් බේරෙන්න බැහැ ….. අනික අම්මා යන්න කිවාම මම කොහොමද නොගිහින් ඉන්නේ …තනියම යන්න බැරි නිසානේ වස්තුවේ ඔයාට කිව්වේ එන්න කියලා .. ’ කහ පැහැති ගවුමකින් සැරසෙමින් මා කැඩපතින් පෙනෙන ඉඳුවරි දෙසට බැල්මක් හෙළුවෙමි … පෙරදින බොහෝ ඇවටිලි කර මම ඇයව නිවසට කැදවාගත්තේ රගර් තරගය නැරබිමට යෑමටය … අපව ක්‍රීඩා පිටිය ලගින් ඇරලීමට තාත්තා පොරොන්දුදී උන්නේය … ‘මේ ගවුම කොට වැඩිද ඉංදු …’ ඇද උන් කහ පැහැ ගවුම බොහෝ කෙටි බවකි මට හැගුනේ … ‘නැහැ …..ඔහොම හොදයි …කොල්ලෝ පිස්සු වැටෙන ලස්සනක් උබට තියෙන්නේ …..කලර් ඇදුමට අමුතුම ලස්සනක් …. ‘ දෑස් සිහින් කල ඉඳුවරි හඩ නගා සිනාසෙන්න වුවාය … ‘එහෙම නම් මම මේ ගවුම ගලවලා දානවා … මම ආස නැහැ කොල්ලෝ මගේ දිහා බලනවට …’ මා සැරසුනේ ගත දවටා උන් ගවුම ගලවා පසෙකට දැමීමටය .. ‘පිස්සි ….මොකද ඔය කරන්න යන්නේ …. ඕනෑම කෙල්ලෙක් කැමති නේ කොල්ලෝ තමන් දිහා බලනවාට… ඒක තමා කෙල්ලොන්ගේ ස්වාභාවය …උබ ඉතින් වෙනස් එකියක් නෙවේ නේ .. අනිත් කෙල්ලොන්ට දැනෙන හැගීම් දැනීම් උබටත් දැනෙනවා ඇති නේ ..’ ඉඳුවරි කියවාගෙන යද්දී මා කලේ කිසිවක් නොදොඩා ඇද උන් ගවුම ගලවා දැමීමය …. ‘උබ නම් වෙනස්ම කෙල්ලක් …’ අහස් නිලට හුරු ඩෙනිම් කලිසමකින් හා සුදු පැහැ ටි ෂර්ට් එකකින් සැරසෙන මා දෙස ඉඳුවරි බලා උන්නේ දැස් විසල් කොටය … ‘හැමෝටම මගේ ලස්සන පෙන්නන්න ඕන නැහැ ඉංදු …..මම ආදරේ කරන කෙනා විතරමයි මගේ ලස්සන දකින්න ඕන …’ මා බොහෝ හැගිම්බරව පවසද්දී ඉඳුවරි බලා උන්නේ පුදුමයෙනි …. ‘හරි හරි මැඩම් මම මොකුත්ම කියන්නේ නැහැ …. උබ වෙනස් කරන්න බැරි කෙල්ලක් … මම කැමති උබේ ඔය ගතිගුණ වලට තමා ..’ ‘හරි හරි බබී ආච්චි දැන් කියෙව්වා මදෑ … අර යකා දැන් මග බලාගෙන ඇති … අපි එනකන් වරෙන් යන්න …’ ‘මොකක්ද ඒ කැත නම බබී ආච්චි …ඈයියා ….’ ‘මම නෙවේ අපේ මල්ලි තමා ඔය නම හැදුවේ …’ ‘හිටපන්කෝ මම උබේ මලයා අල්ලගන්නම් …’ සිනාසෙමින් අප විසිත්ත කාමරයට පැමිණෙද්දී තාත්තා සුදානම්ව අප එනතුරු බලා උන්නේය … ‘දම්සාරිට අද ක්ලාස් නැති එකේ මැච් එක බලන්න ගියා නම් හරි නේ …’ මංජු අම්මාට මුවාවී උන් දමසාරිව මා දුටුවේ එවිටය … ‘ඊයා මම ආස නැහැ ඔය මැච් බලන්න යන්න ..අවුවේ හිටියාම ස්කින් එකේ කලර් එක අවුට් යනවා අනික …’ ඈ ඔය පළකලේ මා සමග ගමනක් යෑමට තිබු අකැමැත්ත විය යුතුය … ‘එහෙනම් අපි යනවා …මංජු මම අද එන්න ලේට් වෙනවා ….’ ක්‍රීඩා පිටිය අසලින් අපව ඇරලවා තාත්තා පිටව යද්දී මම ඉඳුවරි ගේ අතකින් අල්ලාගෙන පිටිය දෙසට පිය නැගුවෙමි ….. කොයි අතකවත් මල්ලි පෙනෙන්න නැත …. විවිධ වර්ණ වලින් සැරසුණු ක්‍රීඩකයන්ට සහය දීමට පැමිණියවුන්ගෙන් පිටිය පිරි ගොසිනි …. අප උන්නේ ක්‍රීඩාගාරයට බොහෝ ආසන්නයෙනි …. මා ක්‍රීඩාගාරය දෙස බලා උන්නේ මල්ලි දැක ගැනීමටය … ‘අක්කි දැන්ද ආවේ ….’ මල්ලි මා දැක ප්‍රේක්ෂකාගාරය වෙත විත් උන්නේය …. ‘මම ඔයාව හෙව්වා මෝඩයෝ කොහෙද හිටියේ ….’ ‘මම යාලුවොත් එක්ක කතාකර කර හිටියේ …. ඒ වෙලාවේ මම දැක්කා ගේට් එකෙන් මගේ කළු අක්කි ඇතුලට එනවා ……එතකොටම මම දුවලා දුවලා ඔයා හොයාගෙන ආවා .. .’ ‘ඒක නෙවෙයි …ඔයාලාට ප්ලේ කරන්න තියෙන්නේ කාත් එක්කද ..’ ‘නුවර ඇන්තනිස් කොලේජ් එක්ක ….. ‘ දෙවියනේ මම මේ අසන්නේ කුමක්ද …. මා පෙම් කල ඔහු ක්‍රීඩා කරන්නේ ඒ කණ්ඩාමේ නොවේද …එසේ නම් ඔහු මෙහි පැමිණ ඇතිද … මම එකම එක බැල්මක් පිටිය සිසාරා හෙළුවෙමි … ‘කාවද හොයන්නේ කලබලෙන් වගේ …’ මගේ හදිසි කලබලය මල්ලි මෙන්ම ඉඳුවරිද දැක තිබුනේය ‘කෝ මල්ලි ඒ ටීම් එක …’ මගේ වචන වෙව්ලුවේය … ‘අර අතන ඉන්නේ …’ ක්‍රීඩාගාරය දෙසට දිගුකරගෙන උන් මල්ලිගේ ඇගිල්ල ඔස්සේ මම එදෙස බැලුවෙමි ….. අදහන්න ඔහු උන්නේය . ….මා බොහෝ ආසා කල සිනාවෙන් ඒ මුව අලංකාර වී තිබුනේය … එකම ඇසිපිල්ලමක් හෝ නොගහා මම ඒ දෙස බලා උන්නේ ගලක් මෙනි … ‘මම යනවා අක්කි …’ මා තිගැස්සී බැලුවේ මල්ලිගේ කටහඩිනි . …. හිස සෙලවුවා මිස මා කිසිවක් නොකියා උන්නෙමි …දැනුනේ හිත නැවතුනා මෙනි … ක්‍රීඩා තරගය පවතින පුරාවට මා කලේ ක්‍රීඩා පිටිය දෙසට නෙතු දල්වා සිටීමය …හිම්සර ඔහු වෙතින් තප්පරයක් හෝ නෙතු අහකට ගැනීමට ලෝභකමකි මට දැනුනේ .. විදුලියක් මෙන් පිටිය පුරා එහෙ මෙහෙ දුවන ඔහු අනුව මගේ නෙතුද එහෙ මෙහෙ ගියේය … ඉඳුවරි නොනැවතිල්ලේ කරන කියවිල්ලද මට නෑසුන තරම්ය ….. ‘යකෝ මොකද මේ වෙලා තියෙන්නේ …අන්න උබලාගේ මල්ලිලා පැරදුනා …’ මල්ලිලා පැරදුන එක ගැන නොව මට සතුටු සිතුනේ හිමසරලා ජය ගැනීම පිළිබදවය …. ‘උබ ඔය කොහෙද යන්නේ …’’ ඉඳුවරිගේ අතින් ඇදගෙන සෙනග පීරාගෙන ගිය මා නැවතුනේ හිම්සරගේ කණ්ඩායම ඉදිරියේය …. මිතුරන් සමග එක්ව ජයග්‍රහණය සමරමින් උන් ඔහු මා නොදුටුවේය …. ‘ හිමසර ….’ මගේ කටහඩ මටම හදුනා ගැනීමට නොහැකි ලෙස වෙනස්ව ගොසිනි …. ප්‍රේක්ෂකාගාරයේ කෑ ගැසීම නිසා මගේ හඩ යටපත්වන්න ඇත … ‘හිම්සර ….’ දෙවන වර මම කතා කලේ මදක් උස් හඩිනි …. ‘පාරමී .. ඔයා ….’ එක්වරම හැරී බැලු හිම්සර මා දැක පුදුම වෙන්න ඇත … ඒ මුහුණ පුරා ඇදී තිබුණු සිනාව අතුරුදහන්ව යන්න වැඩිවෙලාවක් ගියේ නැත … අහම්බෙන් හෝ මා මුණගැසෙතැයි ඔහු නොසිතන්න ඇත …. ‘මගේ සුභපැතුම් …..’ අතක් දිගු කරගෙන උන් මා දෙස බැලු ඔහු මුහුණ නපුරු කරගෙන ඉවත බලද්දී මුව මත පැතිර තිබු මගේ සිනාව මැකී යන්න විය … ‘මාත් එක්ක තාමත් තරහෙන්ද ඉන්නේ …’ රළු ලෙස හැසිරෙන ඔහු අභියස මගේ හිත බොහෝ රිදෙමින් තිබුනේය …. ‘ඔව් තරහයි ….ආයේ කවදාවත් මට ඔයා එක්ක යාලු වෙන්න ඕන නැහැ ..මේ ඇත්තමයි …’ මට උවමනා වුවේ ඔහු සමග කතා කර සිත සනසා ගැනීම උවද ඔහුට පෙර මෙන් මා ගැන කිසිම හැගීමක් නැති හැඩය ….බොහෝ දිනකට පසු ඇසට ඉනු කදුලක් එළියට පනිද්දී …. මා කලේ ආපසු හැරීමය …. ඉතින් කෙදිනකවත් යලි ඔහු මා වෙත නොඑනු ඇත ….මා නමින් ඒ සිතෙහි ආදරයක් ඇති නොවෙනු ඇත …ආදරයක් එපා යැයි සිතු සිතම බොහෝ රිදුම් දුන්නේ යටි සිතෙන් මා ඔහුවම පැතු නිසාදැයි මට වටහා ගැනීමට අපහසු විය …. මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *