~~~~ආදර පාරමී ~~~ 21 කොටස

‘හිම්සර … හිම්සර ….. ..’ වටපිටාව ගැන නොසිතා හිම්සර පසු පස දිව ගියත් ඔහු නිකමට හෝ මදෙස හැරී නොබැලුවේය .. ‘අනේ හිම්සර … ඇවිත් මාත් එක්ක කතා කරලා යන්න … ’ සුපරි වෙළදසැලේ පියගැටපෙළේ අසුන්ගෙන මා හිමසරගේ නම මිමිණුවෙමි ‘මොකද හොල්මන් වෙලා වගේ ඉන්නේ ..ගෙදර යන්නේ නැද්ද මම බලාගෙන ඉන්නවා …මෙයා මෙතැන ඉදගෙන ගල් ගැහිලා වගේ බලාගෙන ඉන්නවා …ලැජ්ජා නැද්ද හලෝ ’ මා නැති තැන දම්සාරි මා සොයා පැමිණ අමතන තුරුම මා උන්නේ ඔහු නොපෙනී ගිය ඉම දෙස බලාගෙනය … දම්සාරිගේ මුහුණේ උවේ නොපැහැදීමකි …. ‘මොකද මේ අඩන්නේ …’ මගේ දෑසේ දිදුලන කදුළු දැක දම්සාරි බිය වෙන්න ඇත … ‘අපි මෙහෙන් යමු …..’ ‘බඩු ටික ගත්තේ නැද්ද …. මොනවාද මෙතැනට වෙලා කරන්නේ … ’ ප්‍රශ්නාර්ථයක් නගාගෙන බලා උන් නැගණිය දෙස නොබලා මා ඉවත බැලුවෙමි … ‘ මක් වෙලාද මෙයාට …… දෙනවා මෙන්න මෙහාට ඔය බඩු ලිස්ට් එක මමම අරන් එන්නම් …’ මගෙන් ප්‍රතිචාරයක් නැති තැන මා අත තිබු ලැයිස්තුව උදුරා ගත් නැගණිය සුපිරි වෙළදසැල තුලට පිය නැගුවාය …. ‘අපි ත්‍රි වීලර් එකක යමු ..මට නම් මේවා උස්සගෙන යන්න බෑ …’ පියගැටපෙළ අසල බලා උන් මා අතට ලොකු බෑගයක් දෙමින් එලෙස පැවසු දම්සාරි ත්‍රිවිල් රථ නැවතුම දෙසට යන්න විය … නිවසට යනතුරුම නැගනිය මා සමග තවත් වදනකදු නොදෙඩුවේය … ඈ මා සමග සිටින්නේ කෝපයෙන් විය යුතුය …. ‘අම්මා ආයේ නම් මට මෙයා එක්ක ගමන් යන්න කියන්න එපා ..’ නැගණිය නිවසට ගොඩවුවේ ආඩපාලි කියමිනි …. ‘මොකද ළමයෝ බෙරිහන් දෙන්නේ …අක්කාට දුක හිතෙයි …..’ ‘මට කමක් නැහැ … මේ ලෝකේ ජිවත් වෙන කෙනෙක් නෙවෙයි එයා …මටත් එක්ක ලැජ්ජා කරනවා .’ ‘දම්සාරි කට වහපන් …. තාත්තාට ඇහුනොත් දුක හිතෙයි …’ ‘අම්මාටයි තාත්තාටයි දෙන්නාටම එයාව නේ වටින්නේ …ඇයි අම්මා මම ඔයාගේ ළමයෙක් නෙවෙයිද ..’ අඩාගෙන කාමරයට දිව යන ඈ දෙස හුස්මක් වුව නොගෙන බලා උන්නා මිස මට අඩන්න හෝ අමතකව ගොස් තිබුණි … ‘ඔයා ගණන් ගන්න එපා දම්සාරි තාම පුංචි කෙල්ලක් නේ ..’ මංජු අම්මා මා වෙත විත් සිත සැනසීමට තැත් කලත් මගේ හිත බොහෝ පෑරි තිබුණි … මා නිසා ඔවුන්ගේ ඈ ලද සෙනෙහස අඩුවූ බවක් සිතමින් ඈ ඉදිරියටත් මට ද්වේශ කරනු ඇත … ***** දින දෙකක් එක දිගට පාසල් නිවාඩු නිසා නිවසටම වී උන්නා මිස මට යෑමට කියා තැනක් නොවුනි …. දම්සාරි මා දැක කෝප වේ යැයි සිතා මම ආලින්දයට හෝ නොගියෙමි … හිම්සර දැක ගැනීමේ මහා ලොකු උවමනාවක් තිබුනද ඒ කෙලෙසදැයි මා නොදැන උන්නෙමි … ‘දම්සිත් පුතා ඔයාට මොකද වුනේ ..’ මගේ දැහැන බිදුනේ මංජු අම්මා විලාප තියන හඩිනි ‘කලබල වෙන්න එපා ආන්ටි … ප්‍රැක්ටිස් කරද්දී පිට්ටනිය මැද ඇදගෙන වැටුනා …නළල පොඩ්ඩක් තුවාල වුනා ..අපි බෙහෙත් දාගෙන ආවේ ..බය වෙන්න දෙයක් නැහැ ..’ දම්සිත් මල්ලිට කිසියම් කරදරයක්ද …දෙවරක් නොසිතා මා පියගැටපෙළ බැස ගියෙමි … ‘ අම්මා මල්ලිට මොකද උනේ …. ’ වේගයෙන් පියගැටපෙළ බැසගෙන ගිය මා නැවතුනේ මල්ලි ඉදිරියේය . ‘බලන්න දුවේ තුවාල කරගෙන මගේ දරුවා …’ අම්මාගේ කටහඩ බිදිගොස් තිබුණි .. ‘මොකද මල්ලියෝ උනේ …’ මල්ලි වටකරගෙන උන් පිරිමි ළමුන් දෙස නොතකාම මා ඔහු අසල අසුන්ගතිමි … ‘බයවෙන්න දෙයක් නැහැ අක්කි …මේ පොඩි තුවාලයක් ..අර අම්මිට කියන්නකෝ අඩන්න එපා කියලා ..’ අපහසුවෙන් උවද මල්ලි සිනාසුනේ මංජු අම්මා සැනසීමට විය යුතුය … ‘ අඩන්න එපා අම්මා …මල්ලි හොදින් ඉන්නවා නේ ..’ ‘මම මේ ළමයාට කොච්චර කීවාද ඔය ඉලව් රගර් සෙල්ලම් කරන්න එපා කියලා … හැමදාම තුවාලයක් කරගෙන එන්නේ ….’ මංජු අම්මා දෙස් දෙවොල් තියමින් බැනවදිද්දී මල්ලි නිහඩව උන්නේය .. ‘ඔය පුතාලාට බොහොම ස්තුතියි මේ කරපු උදව්වට ..’ මංජු අම්මා ස්තුති කරද්දී මා ඔවුන් දෙස බැලුවේ ස්තුති කිරීමටය … හුස්ම නැවතුනා වගේ දැනෙද්දී මා ඔහු දෙසම නෙතු යොමා උන්නෙමි … පිරිමි ළමුන් කීපදෙනා අතර හිම්සර උන්නේය … ඔහු මගේ දෑස් මගහැර ඉවත බලද්දී මුළු ශරීරය පුරාම සිහින් වේදනාවක් පැතිර යන්න විය .. ‘අපි එහෙනම් යනවා ආන්ටි …’ හිම්සරට උවමනා වෙන්න ඇත්තේ මා වෙතින් පලා යෑමටය ‘පුතාලා මොනවා හරි බිලාම යන්න … දු ගිහින් කූල් ඩ්‍රින්ක් හදාගෙන එනවාද ’ කුස්සිය දෙසට යනඅතර මා ඔහු දෙස නෙතු කොනින් බැලුවෙමි ….ඒ මුහුණේ සිනාපොදක්වත් නැත … සුදුමැලි උන මුහුණේ හදුනාගත නොහැකි බියකි වුවේ … හිම්සර නෙල්ලි යුෂ පානයට බොහෝ ප්‍රිය කල බව මා දැන උන්නෙමි …. ශීතකරණය තුලින් නෙල්ලි යුෂ බෝතලය ගෙන පළමුව හිම්සර වෙනුවෙන් පානයක් පිළියෙළ කල මා දෙවනුව මිතුරන් වෙනුවෙන් දොඩම් යුෂ පිළියෙළ කලෙමි …. මා සාලය දෙසට ගියේ ගැහෙන දෙපා වලිනි ….. සෙටියේ අසුන්ගෙන උන් මල්ලිගේ මිතුරන් මා දැක කරමින් උන් කතාව නතර කොට මා දෙසම බලා උන්නේය … ‘ දම්සිත් උබ කියලා නැහැනේ අක්කා කෙනෙක් ඉන්නවා කියලා …ඔය වෙලාවට තමා හිතෙන්නේ අපිත් අයියලා උනා නම් හොදයි කියලා ..’ දඩබ්බර කොලු රැල විහිලු කරද්දී මා මද සිනාවක් මුවට නගා ගත්තෙමි … ‘මේ මගේ අක්කිට මොකුත් කියන්න එපා උබලා හරිද ….ඔය තමා අපේ තාත්තාගේ පණ…. ‘ සියල්ලන්ටම බිම පිළිගන්වා අවසානයේ මා නතර වුවේ හිම්සර අසලය … ‘ගන්න …’ හිම්සර ඔහු නෙල්ලි යුෂ වීදුරුව නොගෙන බලා ඉද්දි මා සෙමින් කෙදිරුවෙමි ‘එපා …මම නෙල්ලි යුෂ වලට කැමති නැහැ …’ මේ ඔහු ප්‍රිය කල නෙල්ලි යුෂයි …මා කොතරම් ආශාවෙන්ද ඔහු වෙනුවෙන් මේ බිම වීදුරුව පිළියෙළ කලේ ‘ඔයා කැමතිම බිම නේ …’ ‘ඉස්සර කැමති ….දැන් කැමති නැහැ ….. ඉස්සර කැමති දේවල් වලට හැමදාම කැමති වෙන්න ඕන කියලා නියමයක් නැහැ නේ ..’ ඔහු රිද්දන්නේ හිතේ ගැබුරුම තැනයි … ඔහු වෙනත් අයුරකින් කියන්නේ දැන් මට අකැමැති බවද .. ‘හිම්සර ඔයා මහා නපුරෙක් …’ මට සිතුනේ අත තිබු බිම වීදුරුව එතනම අත ඇරිමටය …එහෙත් මා ඉවසා උන්නෙමි …. ඉතින් තවත් මොහොතකදු මට එහි රැදී සිටීමට උවමනා නොවුනි .. ‘මොකක්ද දෙන්නා ඔච්චර වෙලා කුටු කුටු ගෑවේ …හිම්සර අයියා අපේ අක්කිට මොනවා හරි කීවාද ..’ ‘අපෝ වැඩේමයි උබේ අක්කිට මොකුත් කියන්න …ඒකි කෑල්ල කියලාද උබ හිතන්නේ ..’ හිම්සර නොබී ඉතිරිව තිබු බිම වීදුරුව රැගෙන යද්දී මට ඔවුන්ගේ කතා ඇසුනත් මා උන්නේ නෑසෙන ලෙසටය … හිම්සරට මා එපා වුනේ ඇයි … මා ඔහු අතහැර පැමිණිම ගැන ඔහු මේ තරම් මා සමගින් අම්නාපෙන්ද ..මට සිතීමට බොහෝ දේවල් විය …. ‘මල්ලි බෙහෙත් දැම්මාද ඔයා …’ සන්ධ්‍යාවේ මා මල්ලි දැකීමට ගියෙමි … ‘ඔව් අක්කි …’ ‘ මල්ලි මම දෙයක් අහන්නද …’ ‘අහන්න අක්කි …’ ‘හිම්සර අදුරන්නේ කොහොමද ‘ ‘අක්කි හිම්සර අදුරනවාද …’ කි මල්ලි මා දෙස බැලුවේ විමසිල්ලෙනි .. ‘ඔව් ගොඩක් හොදට …’ ‘අක්කි දන්නවා ඇති නේ එයා ඇන්තනිස් ටීම් එකේ ප්ලේ කරන්නේ .. අද එයාලගේ ටීම් එකත් අපිත් එක්ක ප්‍රැක්ටිස් කර කර හිටියේ …මම වැටුනාම හිම්සර තමා මාව උස්සගෙන ගියේ ඩොක්ටර් ලගට …ඌ හොද කොල්ලෙක් ..ටීම් එකේ හැමෝටම උදව් කරනවා . …. මටත් අද ගොඩක් හෙල්ප් කළා .’ මල්ලි හිම්සර ගැන පැවසුවේ පැහැදීමෙනි … ‘මම දන්නවා මල්ලි එයා ගොඩක් හොද කෙනෙක් .. ’සියල්ල සමග මිතුරු හිම්සර අමනාප මා සමගිනි …. ඇස් වලට කදුළු පිරෙද්දී තවත් කිසිවක් නොඅසා මම මල්ලිගේ කාමරයෙන් පිටතට ඇවිද ගියෙමි …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *