~~ආදර පාරමී ~~~~22 කොටස

~~~~ආදර පාරමී ~~~~~~
22 කොටස
එක දිගට දින ගානක් යනතුරු මා උන්නේ හෝන්දුමාන්දු ගතියෙනි …. සිත බොහෝ දුක්ගෙන තිබුනේ හිම්සර නමිනි .. මට වැටහී තිබුණි ඒ ඔහු හැර අන් පිරිමියෙක් ගැන සිතීමට මට නොහැකි බවයි …
ඒ ඉරු දින රාත්‍රියේ යහනේ දිගාවී දෑස් පියාගත් මා හිම්සරගේ මුහුණ සිහිකිරීමට වෑයම් කළෙමි… ඒ මුහුණේ හැම අංශු මාත්‍රයක්ම මගේ මතකයේ විය … ඒ සිනාව …… ඒ දෑස් සියල්ල මා නමින් මැවුනා මෙනි මට හැගුනේ …මෙයාකාරව ඔහුට මා ලබැදී බව දැන උන්නා නම් කිසිදිනක මා ඔහු මගහැර මෙහි නොඑමි …අම්මා කුමක් කලත් සියල්ල ඉවසා දරාගෙන නුවර නිවසේම ජිවත් වෙමි .. එහෙත් දැන් පමා වැඩිය …. හිම්සර මා සමග සිත් බිදගෙන ඇත්තේ යළි කිසිදිනක මා සමග මිතුරු නොවෙන ලෙසිනි ….
හිම්සර සිහිවී නෙතට උනන කදුළු දෑස් වලින් එළියට පැන කම්මුල් දිගේ ගලාගෙන යද්දී මා බෝනික්කිය අතට ගත්තෙමි … මෙහි පැමිණියාට පසු මට ඇයව එතරම් උවමනා නොවුනි …. ඇය තැබු එලෙසටම දින ගණන් සිටියත් ඇය තුරුළු කරගැනීමට මට උනන්දුවක් නොවුනි … මා ගැනම තරහක් සිතට එබෙද්දි මම බෝනික්කිය ලයට තුරුළු කර ගතිමි ..
‘රෝසි දන්නවාද …..මට මෙහෙට ආවාට පස්සේ කිසි තනිකමක් දැනුනේ නැහැ ..ඒත් දැන් මට මහා ලොකු පාළුවක් දැනෙනවා …හරියට කාන්තාරයක් මැද්දේ තනිවුනා වගේ මට දැනේනේ …. ’
පෙර දිනවල මෙන් ඇය මගේ කතාව අසාගෙන සිටි …..
‘හිම්සර …. ඔව් රෝසි හිම්සර එයා තමයි හේතුව …. මට එයාව ඕනි කියලා මගේ හිත කියනවා ….එයාව දකිද්දී එයාගේ පස්සේ ගිහින් එයාගේ අතක එල්ලිලා කතා කරන්න හිතෙනවා … එයාව දැක්කේ නැති උනාම හිත කියනවා එයාව හොයාගෙන පලයන් කියලා …. මට මොනවද මේ වෙලා තියෙන්නේ … සමහර විට මේ තමයි ආදරේ කියන්නේ …. ඔව් රෝසි මට දැනෙනවා මම එයාට ආදරේ කරනවා කියලා ..’
හිතට එන සියල්ල කියවා අවසන්වූ පසු දැනුනේ සැහැල්ලුවකි … මා හුස්මක් හෙලා ලය සැහැල්ලු කොට ගතිමි …
‘බබී ඔය නිදිද ..’ කාමරයෙන් එපිට හිද තාත්තා අමතන තුරුම මා හිම්සර සිහිකරමින් උන්නෙමි
‘නැහැ තාත්තා එන්න … ‘ ගත දවටාගෙන උන් ගවුම පිළිවෙලට සකසාගෙන යහනේ අසුන්ගත් මා තාත්තා දෙස බැලීමි …
‘බබී කන්න ආවේ නැත්තේ ඇයි ..’ රාත්‍රී ආහාර ගැනීමට මා එනතුරු තාත්තා මග බලා ඉන්න ඇතිබව මට සිහිවුවේ එවිටය ..
‘මට බඩගිනි නැහැ තාත්තා ..’
‘බබිගේ හිත රිදෙන්න දම්සාරි මොනවා හරි කිවාවත්ද …’
‘නැහැ තාත්තා නංගි මට මොකුත් කිවේ නැහැ …’
‘එහෙනම් මේ ඇස් රතුවෙලා ඉදිමිලා ඇයි බබී ඇඩුවා නේද … ‘’ තාත්තාගේ දෑස් වලින් අඩා ඉදිමුණු මගේ දෑස් සගවා ගැනීමට මා වෙර කලෙමි …
‘ මොකෙක්ද සතෙක් ඇහැට ගියා ඉස්සරවෙලා ..’ මම ඉවත බලාගෙන මුසා පැවසුවේ තාත්තාගේ පැනයන්ට බියෙනි
‘ සතෙක් ඇහැට ගියාම ඇස් දෙකම රතුවෙනවද දරුවෝ ..’ තාත්තා මේ ටික දිනට මා පිළිබද සියල්ල තේරුම් ගෙන ඇත …ඔහුගේ දෑස් දෙස බලාගෙන දියණියට බොරු කීමට බැරි බව ඔහු දැන ඉන්න ඇත
‘අම්මා මතක් වුනාද මගේ දුට …’ තාත්තාගේ වදන් දරාගත නොහැකිව මා ඔහුගේ උරහිසේ මුහුණ සගවාගෙන ඉකිබිදින්න උනෙමි …. තාත්තා සිතන්න ඇත්තේ මා අම්මා ගැන සිතමින් දුක් වෙනවා කියාය …මට දුක හිතුනේ ඔහුට මුසා පැවසීමට සිදුවීම නිසාය ….
‘’ඔයා අම්මාට කෝල් එකක් දීලා බලන්න ….. ඔය ව්දිහට තනියම දුක් විදින්න එපා ….මට වාවාන්නේ දරුවෝ ..’
මේ අම්මාගෙන් මා නොලද සෙනෙහසයි …. අම්මා මට ආදරය කර රැකවරණය දුන්නා නම් මා කිසිදිනක ඇය අතහැර මෙහි නොඑමි .. සියල්ල සිදුවුවේ ඇගේ වරදිනි … මා අද ඇයට ද්වේශ කරන්නේද ඈ නිසා මා විදි වද වේදනා නිසාවෙනි … ශාරීරිකව සිදුවෙන වද වේදනා සියල්ල අමතක කර දැමිය හැකි වුවද මානසික වශයෙන් සිදුවූ වද වේදනා සිත් රිදවීම් අමතක කර දැමීම බොහෝ අපහසුය ….
*******
‘මොකද පාරමී බිමට රවාගෙන ඉන්නේ …’’ යාන්තම්වත් දෑස් නො උස්සා බිම බලාගෙන පාසල දෙසට පිය මනින මා දෙස බැලු ඉඳුවරි දෑස් විසල් කළාය …
‘ පොළව එක්ක තරහා වෙලාද ඔහොම බලාගෙන ඉන්නේ ..’ මගෙන් පිළිතුරක් නොලද විට ඇය නැවත නැවත විමසන්න වුවාය ..
‘ ඉංදු විකාර කියෝනවා …’ මා ඇගේ කතාව මග ඇරීමට එලෙස පැවසුවේමි .. ගෙවෙන හැම තප්පරයකම මට සිහිවෙන කෙනෙකු ඇති බව කීමට සිතුනත් මා කිසිවක් කීමට නොගියෙමි ..
‘ පාරමී …අර ..අර බලපන්කො …. අතන ඉන්න බෝයි අදුරනවා නේද ..’ එක්වරම ඉඳුවරි පෙන්වූ ඉම දෙස බැලු මා දුටුවේ ඔහුය …. මොහොතක හදවත අක්‍රිය වෙන්න ඇත … පාසල ඉදිරියේ කහ ඉරට මෙහායින් හිටගෙන උන් ඔහුගේ දෑස් තිබුනේ මා ලගය … පාසල් නිල ඇදුමෙන් සැරසී උන් ඔහු මගේ හිම්සරද මා මදක් ඇසිපිය සැලුවේමි … නැත ඔහු සිටියේ නැත … . සැනෙකින් ඔහු උන් තැනින් අතුරුදහන්ය ….මෙය සැබෑවක්ද නැතිනම් සිහිනයක්දැයි මා සිතන්න වෑයම් කලෙමි
‘ඒ හිම්සර නේද ඉංදු ….’ කතා කරන්න සිහිවූ සැටියේ මා බැලුවේ ඉඳුවරි දෙසය
‘ඔව් මෝඩියේ ඒකා තමා එතැන හිටියේ …’
‘එයා කොහෙද ගියේ ඉංදු …. එයා එන්න ඇත්තේ මාව බලන්න ….’ පිස්සියක මෙන් පාර හරහා දිවගොස් ඔහු උන් තැන නතරවී මම ඔහු සොයන්න වීමි ..
‘පිස්සියක් වගේ වැඩ කරන්න එපා පාරමී ….උබ කරන ඔය විකාර වලට අනිත් කෙල්ලෝ හිනාවෙයි ..’ මා පසු පස ආ ඉඳුවරි පැවසුවේ තරවටු ස්වරයෙනි ..
‘ඇයි ඉංදු එයා මෙතෙන්ටම ඇවිත් මාත් එක්ක කතා නොකර ගියේ … ‘
දෑසට අනවසරයෙන් ඉනු කදුළු ගලාගෙන යද්දී මා ඉඳුවරිගෙන් විමසුවෙමි ‘
‘උබ ඒකාට ආදරේද …. ‘ ඉඳුවරිගේ ස්වරයේ වුවේ බැරෑරුම් කමකි ….
‘මට දැනෙනවා ඉන්දු මම ආදරේ කරනවා කියලා …’
‘දැන් ඉස්කෝලේ පටන් ගයි … අපි පස්සේ මේ ගැන කතා කරමු ..’ මා දෙස මද වෙලාවක් බලා සිටි ඉඳුවරි පොරොදු දුන්නාය …
පාසල් වෙලාවේදී හිම්සර පිළිබද කිසිදු වදනක් අපි අතර හුවමාරු වුවේ නැත … පාසලේ ඉගැන්වූ කිසිවක්ම මනසට දමා ගැනීමට මට හැකිවූවා නොවේ …. පාසල් නිල ඇදුමෙන් සැරසුණු හිම්සර මෙහි කරන්නේ කුමක්ද .. …. මා දුටුවේ සිතුවිලි මායාවක්ද … නැත එසේ විය නොහැක …මන්ද මා දුටු දෙයම ඉඳුවරිද දුටු න හෙයිනි ….
පාසල් අවසන් වෙනතුරුම මට සිතන්න බොහෝ දේවල් විය ..
******
බාලිකාවේ විසල් ගේට්ටුවෙන් පිටතට ඇදෙන දහස් ගණන් සිසුවියන් අතරට වැදී මාද බාලිකාවෙන් පිටතට ඇවිද ආවෙමි ….. හිම්සර යලිත් දැකගන්න ලැබේවා යන පැතුම සිතේ වුවත් උදෑසන දුටු ස්ථානයේ ඔහු උන්නේ නැත … හිත බිදී පොඩිවී යද්දී ඉඳුවරිගෙන් සමුගෙන මා බස් නැවතුම වෙත පියවර මැන්නෙමි …
‘පාරමී ….’ සවනට බොහෝ ලගින් ඇසුණු ඒ හඩ ඔහුගේය ….. බොහෝ බරට අඩි තබමින් ඔහු මා අසලට ලංවෙද්දි මට දැනුනේ හර්ද ස්පන්දනය වැඩිවෙන්නාක් මෙනි …. මේ මා පැතු සෙනෙහසේ අයිතිකරුයි …’
‘හිම්සර මේ ඔයාමද ..’ මම අතක් කොනිත්තා ගත්තේ මෙය සිහිනයක් නොවන බව වටහා ගැනීමටය ..
‘ඔව් පාරමී …මම ආවා … ඒ මට ඔයා ඕන නිසා …’ හිම්සර මා ලගින් බොහෝ ලගට වී උන්නේය … හිත හිරි වැටුනේ ඔහුගේ ඒ වදන් වලටය …
‘මාත් එක්ක තරහා නැහැ නේද ….’ මා ඒ දෑස් වලට එබී ඇසුවෙමි
‘කවදාවත් නැහැ … ඔයාව රිද්දලා ගිය හැම දවසකම ඔයාටත් වැඩිය රිදුනේ මගේ හිත… විශ්වාස කරන්න කොල්ලෙක් වෙලත් මම ඇඩුවා …’ ඒ කටහඩේ වුවේ අවංක කනගාටුවකි ..
‘ඔයා මේ තරම් මට ආදරේ කියලා දැනගෙන හිටියා නම් මම කවදාවත් නුවර දාලා මෙහෙ එන්නේ

නැහැ ..මොන දුකක් විදගෙන හරි අර ගෙදර වැටීගෙන ඉන්නවා … ‘
‘මම දන්නවා ….. මම දන්නවා පාරමී ඔයා කොච්චර දුක් වින්දද කියලා …. ඉස්සරවෙලා මට ඔයා ගැන තරහක් තිබ්බේ පස්සේ මම ඔයා ගැන හොයලා බැලුවා . … රාහුලේ දිසල් මට ඔයා ගැන හැමදෙයක්ම කිව්වා … ඇත්තටම මට දුකයි පාරමී …ඔයා අම්මා නිසා ගොඩක් දුක් විදපු කෙල්ලක් ….මිනිස්සුන්ගෙන් අහන්න පුළුවන් හැම කතාවක්ම ඇහුවා ..අන්තිමේදී මේ මෝඩයා ඔයාලාගේ ගෙදරට ඇවිත් ඔයාට ගමේ ඉන්න බැරි කළා …මිනිස්සු ඔයාලාගේ ගෙදරට ගල් ගැහුවා …. ගම පුරාම කැලෑ පත්තර ගැහුවා … ඔයා කොච්චර විදවන්න ඇතිද … විශ්වාස කරන්න පාරමී ඔය කතා ඇහුවාට පස්සේ මට ඔයා තනිකරන්න බැහැ කියලා හිතුනා …. ඒකයි මේ විදිහට ඔයා හොයාගෙන ආවේ …. ‘’
නළලට නැගුනු දාඩිය අත්ලෙන් පිසදැමු හිම්සර සිනාසීමට තැත් කලත් සිනාවක් ඒ මුවට නාවේය …
‘ මගේ ගෙදර අය කොළඹ ඉද්දි ….මම නුවර ගියේ රගර් ප්ලේ කරන්න ඕන නිසා … මම ඒ හැමදෙයක්ම එපා කියලා ආයෙම කොළඹ ආවා ..ඒ ඔයා නැති කරගන්න මට ලෝභ නිසා … මේ ගෙවෙන එක දවසක්වත් ඔයාගෙන් ඈත්වෙලා ඉන්න ඕන නැහැ මට … පාරමී මට ඔයාව ඕන … මට කිසිම දෙයක් එපා …. ඔයා විතරමයි ඕන ..’
ඔහු නොදන්නවා ඇත මටද ඔහු නොමැතිව බැරි බව ..එහෙත් ඔහු වඩාත් ප්‍රිය කල රගර් ක්‍රීඩාවට මා නිසා සමුදුන් බව මගේ සිතට එක් කලේ ශෝකයකි ….
‘ඔයාට මන් නිසා තව ගොඩක් දේවල් නැතිවෙයි …’
‘ඒ මොන දෙයක් නැති උනත් මට ඔයා ඉන්නවානේ පාරමී ..’ කි ඔහු මගේ අතකින් අල්ලාගත්තේ පාසල් නිල ඇදුමෙන් සිටින බව අමතක වූ විලසිනි …
‘හිම්සර අත අරින්න මගේ අත …’
‘අත අරින්න නෙවෙයි මේ අත අල්ලා ගත්තේ ..කවදා හරි මෙන්න මේ ඇගිල්ලට මුද්දක් දාලා මගේ ලගට ගන්න .,…’ මගේ අත දිගේ පල්ලෙහාට ගිය ඔහුගේ අත නතර වුවේ වෙදැගිල්ල ලගය …
‘මේක මහා පාර ….’
‘ඉතින් ඔයා මට ආදරේ කියනක් මේ අත අතාරින්නෙ නැහැ ..’ ඔහු වදන් බර කර මගේ මුහුණ දෙස බලා උන්නේ බලාපොරොත්තු පිරි බැල්මකිනි

‘ආදරෙයි …ඔව් ..මම ආදරෙයි හිම්සර දරාගන්න බැරි තරමට මම ඔයාට ආදරෙයි … ‘
හිතේ තිබු සියලු හැගුම් ඒ වචනවල තැවරී තිබුනේය …
‘ඒ වචන ටික ඇහුවාට පස්සේ මට මැරෙන්න උනත් පුළුවන් …’ ඔහුගේ වදන් ලිහිල්ව බොහෝ ආදරණියවී තිබුණි
‘ මැරෙන්න නෙවෙයි ආදරේ කරන්නේ …. ජීවත්වෙන්න … මොන දෙයක් උනත් අපි අපි වෙනුවෙන් ජිවත් වෙමු … ‘
‘මම ඔයාට ආදරෙයි … ගොඩක් ආදරෙයි ..’
මම ඒ වදන් ඇදහුවෙමි …. ඔහු වෙනුවෙන් මගේ හිත ශක්තිමත් වෙමින් තිබුණි ….මොන තරම් බාධක ආවත් අපි වෙනුවෙන් ජීවත්වෙන්න අපි පොරොන්දු දුන්නෙමු …. ඉතින් පසු ඇරබෙන අපගේ ආදර කතාව බෙහෙවින් සුන්දර වෙයි යන දහසක් බලාපොරොත්තු වලින් සිත් පුරෝගෙන අපි අපෙන් සමුගතිමු ….

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *