~~~~ ආදර පාරමී ~~~~~~25 කොටස
රගර් ක්‍රීඩා පුහුණුවීම් නිසා හිම්සර කාර්යබහුල වෙද්දී අප මුණ ගැසෙන වාර ගණනද අඩුවෙන්න විය … උදෑසන පුහුණුවීම් නිසා නොපැමිණෙන හිම්සර පාසල් නිමවා මා දැකීමට දිව එන්නේ හැකිවිගස පුහුණුවීම් වලට යා යුතු බව පවසමිණි ….සිත් රිදවීම් නිමක් නොමැතිව සිදුවෙද්දී මා දරාගෙන උන්නෙමි …ඒ මා ඔහුට බෙහෙවින් පෙම් කල බැවැනි ….‘පාරමී අපි මේ සැරේ ඕල් අයිලන්ඩ් ස්කුල් රග්බි කප් දිනාගන්න ඕන … මට කොහොමහරි ටීම් එකේ කැප්ටන් වෙන්න ඕන … මට තියෙන්නේ එකම හීනයයි …කවදා හරි නැෂනල් ටීම් එකට සිලෙක්ට් වෙන එක …දැන් ඉදන් ඒකට මම සුදුසුයි කියලා පෙන්නන්න ඕන …. ’ පාසල් නිමව මා දැකීමට පැමිණි හිම්සර කියවන්නේ මා උනන්දු නොවන විෂයක් ගැනය .. කිසිවක් නොකියා මා ඔහුට සවන් දෙන බව පෙන්වමි … ‘මොකද බුම්මගෙන ඉන්නේ ….ඔයා කැමති නැද්ද පාරමී මගේ දේවල් ගැන අහන්න …මම කොච්චර ආශාවෙන්ද ඔයාට මේ දේවල් කියන්නේ …. ඔයා වචනයක්වත් කියන්නේ නැතිව ඔය විදිහට ඉද්දි මට හිතෙන්නේ ඔයා මාත් එක්ක තරහෙන් ඉන්නේ කියලා ..’ මගේ පුංචිම වෙනසක් හෝ මට ඔහුගෙන් සගවා ගැනීමට නොහැකිය …. ‘එහෙම දෙයක් නැහැ හිම්සර …මම ඔයා කියන දේවල් අහගෙන ඉන්නේ …. ’ මා මුසා පැවසුවේ ඔහුගේ සිත රිදේවි යැයි බියෙනි .. එතැන් පටන් බස් නැවතුම දක්වා දුර අපි පියමැන්නේ කිසිවක් දොඩමළු නොවෙමිනි …. ‘පාරමී අපේ අම්මා ඇහුවා මට ගර්ල් කෙනෙක් ඉන්නවද කියලා …’ බොහෝ වෙලාවකට පසු නැවත කතාවට මුල පිරුවේ හිම්සරය … ‘ඉතින් ඔයා මොකද කිව්වේ …’ ‘මම මොනවා කියන්නද ….මම කිව්වා නැහැ කියලා ..’ මගේ සිතට දුකක් දැනුනේ ඔහු සැහැල්ලුවට එය කියූ අයුරු දැකය …. ‘ඔන්න ඔන්න ආයෙම මුහුණ එල්ලගත්තා ….මම එහෙම කිව්වේ ඇයි කියලා තේරුම් ගන්න … අම්මා ඕක දැනගත්තොත් තාත්තාගේ කනේ තියනවා මයි …… ඊට පස්සේ මට මේ තියෙන නිදහස නැතිවෙනවා …’ මගේ දෑසට කදුළු උනා තිබුණි ……‘ඒ තරම් නපුරුද ඔයාගේ තාත්තා …’ ‘තාත්තා නපුරු නැහැ පාරමී … එයා නපුරු උනේ අපේ අයියා කරපු වැඩක් නිසා ..’ ‘ඒ මොකක්ද …’ ‘මගේ අයියා දුප්පත් කෙල්ලක් එක්ක යාළුවෙලා ඉදලා තියෙන්නේ ….. තාත්තා කොච්චර එපා කිව්වත් අයියා ඒ සම්බන්ධෙ නවත්තලා නැහැ ….අන්තිමේට අයියා අර ගැහැණු ළමයාව ගෙදරට හොරෙන්ම බැන්දා …. ඊට පස්සේ අයියා ගෙදර ආවත් තාත්තා එයාලා දෙන්නාව භාරගත්තේ නැහැ … ගෙදරින් එලියට බහින්න කිව්වා …..අයියා යන්න ගියා …අද වෙනකන් එයාලා ගැන ආරංචියක් නැහැ … තාත්තා මටත් වඩා අයියා ගැනයි බලාපොරොත්තු තියාගෙන හිටියේ … ඒ සිද්දියෙන් පස්සේ තාත්තා මානසිකව හොදටම වැටුනා … අසනීප වෙලා මාස ගණන් හොසිපිටල් වල හිටියා … දැන් එයාගේ එකම බලාපොරොත්තුව මම … ඉතින් මම එකපාරම ඔයා ගැන කියන්න ගියොත් එයා අපහු අසනීප වෙයි ….. තව ටික කාලෙකින් එයාට අයියලා ගැන අමතක වෙලා යයි … එතකොට මට පුළුවන් අපි ගැන කියලා තාත්තාට තේරුම් කරලා දෙන්න …’ බස් නැවතුමේ පසෙක සිටගෙන ඈත බලා උන් හිම්සරගේ දෑසේ උවේ මහා අසරණ කමකි ..ඉතින් මා ඔහු ඇදහුවෙමි ….ඉදිරියට එන සෑම දිනකම …. ඕනෑම පැනයකදී … හිම්සරගේ සිත මදක් හෝ නොරිදවා ඔහු අසලින් රැදී සිටීමට මා සිතත් සමග ගිවිසුම් ගැසුවෙමි … ‘මට ඔයාව විශ්වාසයි හිම්සර … මොන දෙයක් උනත් මම ඔයාට ආදරෙයි …’ හිම්සර මගේ අත්ල මත ඔහුගේ අත්ල විහිදවා දෑගිලි පටලවා ගද්දි ඔහුගේ උණුසුම ශරීරය පුරා පැතිරෙන්නාක් මෙනි මට හැගුනේ ….. ඉතින් නම් මා කිසිදිනෙක හිම්සර ගැන අහිතක් නොසිතමි …‘පාරමී …’ බොහෝ වෙලාවක් නිහඩව දෑගිලි පටලවාගෙන උන් හිම්සර මා දෙස බලා පෙම්වත් සිනාවක් පෑවේය …. සත්තමයි ඕනෑම කෙල්ලෙකු වශිකරනාකාර සිනාවකි ඔහු සතුවුවේ .. ‘ම්ම්ම්ම්ම් …’ ‘ලබන සතියේ මට ඔයාව බලන්න එන්න වෙන්නේ නැහැ …’‘ඇයි ඒ …’ ‘ලබන සතියේම කැන්ඩි යනවා …. මුළු සතියෙම එහේ …රගර් මැචස් තියෙනවා දිගටම ..’ ‘අනේ මට පාළුයි …’ ‘මම ඉක්මනට එනවානේ මැණික ….’ ‘ඒ උනාට ඔයාව දකින්නේ නැතිව එක දිගට දවස් ගානක් ඉන්න හැටි මට තේරෙන්නේ නැහැ …’ මට උවමනා උවේ අඩා වැටිමටය … එහෙත් මා කදුළු නොපෙන්වා උන්නෙමි … ‘ඔය විදිහටඉද්දි මට යන්න හිතෙන්නේ නැහැ නේ …හිනාවෙලා කප් එක අරන් එන්න කියලා විශ් කරන්න ..’ අපහසුවෙන් දෙතොලට සිනාවක් නගාගත් මා සිනාසිමට වෙර දැරුවෙමි …… *****ඒ රාත්‍රියේ නිවස පුරාම පැතිර තිබුනේ දරාගත නොහැකි නිහැඩියාවකි ….. කුඩා කාලයේ පටන් මේ අදුරු නිහැඩියාවය මා පෙම් බැද ඇති බවින් මට එහි කිසිදු ගුප්ත බවක් නොදැනුනි ඉඩෝර කාලයක් වූ බැවින් විදුලිය වරින් වර විසංධි කිරීම නිසා ඒ රැයේද විදුලිය විසන්ධි කර තිබිණි …. අදුරට දෑස් යොමා උන් මට සිහිවුවේ හිම්සරවය …. ඔහු අද නුවර ගොස් ඇතිවා විය හැකිය ….. මට මෙන්ම හිම්සරට මේ රැයේ මා සිහිවෙනවා ඇතිද … ‘හොරෙක් ….හොරෙක් ….’’රාත්‍රී නිහැඩියාව බිදුනේ මංජු අම්මාගේ කටහඩිනි … ඒත් සමගම තාත්තාගේ මෙන්ම මල්ලිගේ කටහඩද උස්ව නැගී ආවේය … ‘ඔහොම නැවතීයන් යකෝ ….පුතා දම්සිත් පොලිසියට කතා කරන්න …’ තාත්තා ගේ කටහඩ ගේ පුරා රැව් පිළිරැව් දුන්නේය ‘ඩොන් …’ රාත්‍රියේ නිහැඩියාව බිදී ගියේ වෙඩි හඩකිනි …. අදුරේම කාමරයෙන් පිටතට මා දිව ගියෙත් විදුලි එළියෙන් නිවස ආලෝකමත් වුවෙත් එක විටය … සාලය මැද සියල්ලම උන්නේය … තාත්තා කොයි ඉන්නේ දැයි මා සෙව්වෙමි …‘තාත්තා …’ මා විලාප තබමින් සාලයේ ලේ ගොඩක් මැද වැටි උන් තාත්තා වෙත දිව ගියෙමි … ‘පාලිත …. මොකද මේ උනේ දෙවියනේ …. දම්සිත් පුතා සිකුරුටි එකට කතා කරන්න …’ මංජු අම්මා දුකින් නමුත් හොද සිහියෙන් උන්නාය .. උරහිස පාසාරු කරගෙන ගොස් තිබු වෙඩි උණ්ඩයක් සමග තාත්තා ලග වැටි මා ඇඩුවේ අසිහියෙන් මෙනි … ‘මගේ තාත්තාට කිසිම කරදරයක් නම් වෙන්න එපා දෙවියනේ ..’තාත්තා රැගෙන ඉගිල යන කාරය දෙස බලාගෙන මා අඩා වැටුනෙමි .. පසෙකට වී අඩාවැටෙන නැගණිය දෙස බැලීම පවා දුක්බරය .. මෙවැනි බියකරු සිද්දීයකට කිසිදා මුහුනා දී නැති ඇය උන්නේ මහා කම්පාවකින් විය යුතුය … ‘තාත්තාට මොකුත් වෙන්නේ නැහැ නංගි … එයා හොද වෙලා ගෙදර එයි බලන්නකෝ .. ‘’මා ගැන නොසිතු මුත් මට උවමනා වුවේ නැගණියගේ හිත හැදීමටය …. කදුළු වලින් පිරි තිබු ඒ මුහුණේ මා ගැන වූ අපහැදීම පිළිකුල එලෙසින්ම විය …‘තමුසේ මේ ගෙදරට ආවාට පස්සේ තමා හැම කරදරයක්ම උනේ … අපි කොච්චර සතුටින්ද හිටියේ ..’ මොනතරම් දුකකින් උන්නත් ඇයට මා ගැන කිසිදු දුකක් නැති හැඩය …. ‘අයි හෙට් යු …. ’හිතක් පපුවක් නැති එකියක ලෙස අනුකම්පා විරහිතව පවසා උන් තැනින් නැගිට දිව යන නැගණිය දෙස මා බලා උන්නේ විමතියෙනි … මගේ ශෝකය දෙගුණ තෙගුණ වී සිත බොහෝ පෑරි දෑසින් කදුළු නවතා ගැනීමට මට උවමනා නොවුනි …. විසල් ගේට්ටුව දෙස දෑස් නොපියා මා කොතෙක් වෙලා බලා සිටියාද නොදනිමි ..ඒ ගෙවුණු හැම විනාඩියකම මට සිහිවුවේ තාත්තාගේ ආදරණිය මුහුණයි ..මගේ ප්‍රේමය ගැන විමසු නමුත් ඔහු කිසිවිටෙක මගේ සිත රිදවුවේ නැත …. මා හිතුවක්කාරියක වුවා කියා ඔහුගේ ලයෙහි මා නමින් වූ සෙනෙහස බිදුනේද නැත … ඒ තරම් සෙනෙහෙවත් මගේ තාත්තා දෙස බලන මෙන් මා සියළු දෙවියන්ගෙන් ඇයැද උන්නෙමි …‘ඔයා තාම නිදි නැද්ද බබී ..’ මංජු අම්මා නිවසට පැමිණියේ අළුයමය … ‘මගේ තාත්තාට කොහොම ද අම්මා … එයා හොදින් නේද ….’ අම්මාගේ පැනයට පිළිතුරු නොදී මා ඇගෙන් විමසන්න වීමි ..‘ගියපු ගමන් අයි සි යු එකට දැම්මා …සර්චරි එකක් කරලා පතුරම අයින් කළා …දැන් එච්චර අමාරුවක් නැහැ .. වෝඩ් එකට දැම්මා …මල්ලි තාත්තා ලග තියලා මම ආවා සුප් එකක් හදාගෙන යන්න කියලා ..’ හිතට සහනයක් දැනුනේ තාත්තා අනතුරෙන් මිදුනේ යැයි දැනගත් පසුය …ඉතින් මා දෙවියන්ට ස්තුති කලෙමි ….‘කව්ද අම්මා තාත්තාට මෙහෙම දෙයක් කලේ ….’ ‘මටත් ඒක තමා හිතාගන්න බැරි එයා කුරා කුහුබුවෙක්ටවත් හිංසාවක් කරන මිනිහෙක්ද .. හ්ම්ම්ම් … හොස්පිටල් පොලිසියට ඇනට්රි එකක් දැම්මා ….. උදේ තාත්තාට සිහිය ආවාම කට උත්තරයක් ගයි ..’ මංජු අම්මාගේ මුහුණේ වුවේ තෙහෙට්ටුවකි .. ‘අම්මා ටිකක් රෙස්ට් කරන්න මම සුප් එක හදන්නම් ..’ සුප් එක සෑදීමට මා භාරගත්තේ සතුටිනි … තාත්තාගේ සුවය මගේ සිතට ගෙනවිත් තිබුනේ සහනයකි … මට උවමනා වුවේ හැකි විගස ගොස් තාත්තා දැක ඔහු සුවෙන් බව දැකීමටය … ‘තාත්තා දැන් කොහොමද ඔයාට .. ‘’ උදෑසන මා මංජු අම්මා සමග රෝහලට යනවිට යහනේ හාන්සි වී උන් තාත්තාගේ මුහුණේ වෙහසකාරි බවක් වුනිද ඔහු අපහසුවෙන් සිනාසෙන්න වෙර දැරුවේය …‘මට දැන් හොදයි දරුවෝ …මට මැරෙන්න බය නැහැ . … ඒත් මගේ දරුවෝ අසරණ උනොත් …. එහෙම වෙන්න දෙන්න බැහැ …. ඒක නිසා මට ජීවත්වෙන්න ඕන ..’ මෙතරම් අනතුරක් වීත් තාත්තා සිතන්නේ අප ගැනය …. තාත්තා ගැන අප්‍රමාන භක්තියෙන් සිත පිරෙද්දී මා ඔහුට තුරුළු වුනෙමි … මතු සම්බන්ධයි