ආදර පාරමී ~30 කොටස

~~ආදර පාරමී ~~~
30 කොටස
බොහෝ දේවල් කියවමින් හිම්සරව මගෙන් අයදින යුවතිය දෙස දෑස් අයා බලා උන්නා මිස මා කිසිවක් කිවා නොවේ ….
‘හිමසර අයියාගේ එක බැල්මක් වෙනුවෙන් මම කොච්චර කැපවීම් කරාද කියලා දන්නවාද අක්කි … මම එයා යන එන හැම තැනම ගියා …එයාගේ එක මැච් එකක්වත් මිස් කලේ නැහැ …. මුලින්ම එයාට මං ගැන කිසිම ගානක් තිබ්බේ නැහැ….හරි ආඩම්බරේට එයා හිටියේ … අන්තිමේට දවසක් එයා මගේ දිහා බැලුවා …. එදා තමා අපි ඉස්සරලාම කතා කරේ … එදා ඉදලා හම්බවෙන හැම වෙලේම අපි එක වචනයක් හරි කතා කළා …. ඉස්සරලාම අපි යාළුවො උනා …. පස්සේ මම එයාට කිව්වා මම එයාට ආදරේ කරනවා කියලා .. එයා හා කිව්වේවත් බෑ කිව්වේවත් නැහැ යාන්තම් හිනාවුනා විතරයි …ඉතින් මම හිතුවේ එයා මට කැමති ආදරේ කරනවා කියලා … පහු ගිය කාලේ මම එයා නිසා පුදුම සතුටකින් හිටියේ … ඒත් ඊයේ ඔයා මගේ හීන ලෝකේ බිදලා දැම්මා ….’
ඉදිරියේ සිටගෙන කියවමින් උන් මින්දුලි වෙත පැන කම්මුලට පහර දීමට සිතුනත් මා බොහෝ අපහසුවෙන් සිත සංසුන් කර ගතිමි … වරද ඇගේ පමණක් නොව ඇයට අනුබල දුන් හිම්සරද වැරදි කරුවෙකි …. ඈ ආදරේ යැයි පවසද්දී ඔහුට තිබුනේ බෑ කියන්නය ….. තමාට පණ මෙන් ආදරය කරන අන් යුවතියක් ඔහුට සිටින බව කියන්නය …
‘වෙනදා මම මොනවාද කරන්නේ කොහෙද ඉන්නේ …කෑවාද බිවාද කියලා කෝල් කරලා හොයලා බලන හිම්සර අයියා ඊයේ ඉදලා එකම එක සැරයක්වත් මට කෝල් කරේ නැහැ …එයාගේ ෆෝන් එකත් ඔෆ් …ගෙදර ෆෝන් එකට කෝල් කරත් එයා ආන්සර් කරන්නේ නැහැ ’
හිම්සර කිසිදිනෙක මා පිලිබදවත් ඔය ලෙසට සොයා බලා නැත …..ඉතින් මගේ සිත ඇගේ කතාවන් නිසා බොහෝ රිදෙමින් තිබුණි … හිම්සර වෙනුවෙන් සමාව දීමට හිතාගෙන උන් සිතේම ඔහු නම්න් ඇතිවුවේ ද්වේශයකි …
‘ මින්දුලි තමුසේ මොකද මෙතන කරන්නේ ….’ හිම්සර පැමිණේවි යැයි මින්දුලි නොසිතන්න ඇත ..ඇගේ සුන්දර වත අවපැහැ ගැන්වී එක්වරම මුහුණ පුරා වේදනාවකි ඇදී ගියේ …
‘ඔයාට මම කොච්චර කෝල් කරාද අයියේ …ඇයි මට මෙහෙම කරන්නේ …..’
හිම්සර වෙත ගොස් ඔහුගේ අතක දැවටෙන්න ගිය මින්දුලිගේ අත ගසා දැමු හිම්සර ඇගෙන් ඈත් වුවේ කුණු මාළු කෑල්ලකින් ඈත් වෙන්නාක් මෙනි …
‘මට තමුසේගෙන් වැඩක් නැහැ … තමුසේ නිසා මගේ පාරම් නැති වුනොත් මම තමුසෙව ඉතුරු කරන්නේ නැහැ .. ආයෙත් අපි අතරට එන්න එපා …. යනවා … යන්න මෙතනින් ’
‘ඔයා මට ආදරේ කලේ නැද්ද අයියේ …ඇයි එදා මගේ දිහා බලලා මාත් එක්ක යාලු උනේ .. ඇයි මගේ හිතට බලාපොරොත්තු එන විදිහට හැසිරුනේ …මම ආදරෙයිද කියලා අහද්දී මොකුත් නොකියා හිටියේ කොහොමද …. .කියන්න ඔයා කොහොමද කියන්නේ දැන් මට යන්න කියලා …බෑ …මට ඔයාව කාටවත් දෙන්න බෑ …ඔයා මගේ මගේම විතරයි … ඔයා නැති උනොත් මම මැරෙනවා ..’
කියවමින්ම හිම්සරගේ අතක එල්ලුණු මින්දුලි කදුළු සලන්න වුවාය …
‘මැරියන් මට පව් නොදී … ‘ හිම්සර බොහෝ නපුරුව ඇයට බැන වැදුනේය … අදහන්න මට සිතුනේ ඒ මගේ හිම්සර නොවන වගයි …
මා ඉදිරියේ සිදුවන සංවාදය දෙස බලා සිටියදී මගේ ලය පැලි නොගියා පුදුමය …. කිසිදිනෙක මගේ පෙම්වතා වෙනත් යුවතියක හා බෙදාගන්න මට උවමනා නොවුනි .. එහෙත් අද මගේදෑස් ඉදිරිපිට මගේ පෙම්වතාගේ අයිතිය වෙනත් යුවතියක් අයදී …. හුස්ම හිරවිගෙන යද්දී මම ඔවුන් දෙදෙනා දෙස බලා උන්නේ සිහිනයක් දකින්නාක් මෙනි …
‘මැරෙනවා ….ඔව් මම මැරෙනවා ….ඔයා නැතිව මට ජීවත්වෙන්න ඕන නැහැ …’
තවත් කිසිවක් නොකියා මින්දුලි වාහන සිය ගණන් යනෙන මාවතට පැන්නාය …. වේගයෙන් පැමිණි රියක වැදී ඇය පසෙකට විසි වෙද්දී තවත් මොහොතකදු සිතීමට ප්‍රමාද නොවූ හිම්සර ඉදිරියට පැන යුවතිය දෝතට ගත්තේය … හුස්මක් උව නොගෙන බලා උන්නා මිස කල යුත්තේ කිමදැයි මට සිතාගැනීමට හෝ නොහැකිවිය … මින්දුලිගේ නළලින් ගලන රුධිරයෙන් හිම්සර නෑව් යද්දී පාරේ වූ වාහනයක් නවතා ඊට නැග ගත් හිම්සර යන්න ගියේ මා අමතක උන ලෙසටය …..
ප්‍රේමය වෙනුවෙන් වේදනා විදි හදවතේ අවසානයේ ඉතිරි උවේ සියල්ල අවසන්ය යන සිතුවිල්ල පමණි …. කියා ලියා අවසන් කල නොහැකි මහා දුකකින් හිත ඔත්පල වෙද්දී මා ඔහේ පාර දිගේ ඇවිද ගියෙමි …කොතරම් දුර ගියේද කොයි අතක ගියාද යැයි මා නොදැන උන්නෙමි ….
එක දිගට දින ගානක් පෑයූ අහස ගුගුරමින් ධාරාණිපාත වර්ෂාවක් වැටෙන්න ගත්තේ නොසිතු වෙලාවකය …. වර්ෂාවෙන් ආවරණය වීමට සෙවනකට දිව යෑමට උව මට උනන්දුවක් නොවුනි
‘අර බලන්න අර දෙන්නා ඉන්න ලස්සන තුඩින් තුඩ ලංකරගෙන …හරිම ලස්සනයි නේ … දන්නවද …හංසයන්ට ජිවිත කාලෙටම ඉන්නේ එකම එක සහකාරියයි …කවදා හරි සහකාරී නැතිවුනොත් හංසයා දුකටම මැරෙනවා .. ’
‘එහෙනම් ඔයත් හංසයෙක් වෙන්න … මම වෙනුවෙන් ජිවත් වෙන්න මම වෙනුවෙන් විතරක්ම ’
‘ සත්තයි ….පාරමී මම ජීවත්වෙන්න ඔයා වෙනුවෙන් විතරයි …ඔයා නැතිවුනොත් ඒ දුක දරාගන්න බැරිව මාව මැරිලා යයි …’
හිත රිදුනේ ඔවැනි මතකයක් සිහියට එද්දීය … මා පමණක්ම පතනා බව පැවසුවත් ඔහු වෙනස් උනේ හරි අපුරුවටය …. අදහන්න බැරි ඔහු වෙනස් වූ අයුරුයි … පෙර මතකයන් සිහිකරමින් මා ඉකිබිඳ බිද අඩා වැටුනෙමි …..
‘මොකද ඔය ලමයා මේ මහා වැස්සේ තෙමෙන්නේ …’ මා වැස්සේ කිසි වගක් නොමැතිව තෙමෙන මා දැක කිසිවෙක් විමසුවත් මම පිළිතුරු බදින්න නොගියෙමි ..
වැහි අදුරත් සමග පරිසරය පුරාම වුවේ ඝන අදුරකි … දෑසින් ගැලු කදුළු වැහි වතුරත් සමග මුසුවී

ගලාගෙන යද්දී වැස්සේ තෙමෙමින් උන්නා මිස මට ගෙදර යෑමට උව සිහි නොවුණුනි ….
‘අක්කා ඔයා මෙතැන මොනවාද මේ කරන්නේ …අන්න තාත්ති එහෙම හොදටම බයවෙලා ඔයාව හොයනවා …. ඇයි මොකක්ද උනේ මේ විදිහට හැසිරෙන්න …’
මහා වැස්සේම මා සොයා පැමිණි දම්සිත් මා දැක බලා උන්නේ බියව් වගේය ….. තෙත බත්ව වතුර වැගිරෙමින් වෙව්ලිම්න් උන් මගේ අතකින් අල්ලා ගත් මල්ලි ජන්ගම දුරකථනය අතට ගත්තේය
‘තාත්තේ අක්කා මෙතන ඉන්නවා … ඔයා මෙහෙට එන්න ..’මල්ලි මගේ අතින් අල්ලාගෙන උන්නේ මා පැන දිවයයි කියා වාගෙය …
‘බබී ….මැණික මම කොච්චර බය වුනාද …. ඔයා එක්ක පොඩ්ඩක් එළියට යන්න ගෙදර ආවාම ….මගේ කෙල්ල ගෙදර ඇවිල්ලා නැහැ …මගේ හුස්ම ටික නතර වෙනවා ඔයා හම්බවුනේ නැතිනම් … ‘’
වතුර බේරෙමින් උන් මා තුරුළට ගෙන තාත්තා මගේ හිස සිප ගත්තේය …
‘කොහෙද මැණික ඔයා ගියේ ….. ඔයාට මොකද උනේ …’
තාත්තා අසන පැනයන්ට දිය යුතු පිළිතුරක් මා සතු නොවුනි …. කොල්ලෙකු නිසා මා බොහෝ දුකින් බව තාත්තාට පැවසුවහොත් ඔහු බොහෝ දුක්වෙනු ඇත ….. ඔහුගේ අනන්ත සෙනෙහසට තුරුළු වෙමින් නිහඩව උන්නා මිස මා කිසිවක් නොකියා උන්නෙමි ….
‘අපි ගෙදර යමු තාත්තා …’ බොහෝ වෙලාවකට පසු මා හෙමින් මිමිණුවෙමි … තවත් කිසිවක් නොඅසාම තාත්තා මගේ අතකින් අල්ලාගෙන කාරය දෙසට ඇවිද යද්දී දම්සිත් අප පසු පසම ආවේය ..
‘මේයා ආව දවසේ ඉදලා අපේ ගෙදරම මුස්පේන්තු වෙලා …’ තාත්තාගේ අතක එල්ලී ගෙට ගොඩවෙන මා දැක දම්සාරි තාත්තා සිටිනවා කියා නොබලා නෝක්කාඩු කියන්න වුවාය …
‘දම්සාරි ..දුව කට වහගන්න … බොරුවට ඕන එකටයි එපා එකටයි ඔළුව දාන්නේ නැතිව ..’ ‘මංජු අම්මා දම්සාරි ට තරවටු කළාය …
‘ හැමදාම අම්මාට පේන්නේ මගේ වැරදි …ඔයාට ඔයාගේ දුවට වඩා ලොකු පිට එකී ..’
දම්සාරි මංජු අම්මා කියූ දේ නොසලකා එකටෙක කියන්න වන්නිය ..
‘ දම්සාරි අම්මත් එක්ක එකට එක කියන්න පටන්ගත්තේ කවදා ඉදලද .. ‘’
බලාගෙන ඉද බැරිම තැන තාත්තා දම්සාරිට සැර කළේය …
‘ඔය දෙන්නට මගේ වැරදි විතරයි පේන්නේ ….මෙයා රස්තියාදු ගහලා ගහලා ගෙදර ආවත් කාටවත් ගානක් නැහැ …’
‘බබී ඔයා කාමරේට යන්න …’
ප්‍රශ්නය දුර දිග යනු ඇතයි සිතා තාත්තා මා කාමරටය පිට කළේය ….. සාමයෙන් පිරි තිබුණු නිවසට මේ කරදර එන්නේ මා මෙහි පැමිණිය නිසාද … මා එතරම් අවාසනාවන්ත යුවතියක්ද …. මගේ හිතින් මා විමසුවෙමි …
තෙත සුදු ගවුම මාරු කර රෑ ගවුමෙන් සැරසුණු මා කිසිවක් නොසිතා දෑස් පියාගතිමි …හිම්සර …තාත්තා …අම්මා වරින් වර සිහියට එද්දී උනන කදුළු නවතා ගැනීමට මට උවමනා නොවුනි …

*****

‘බබී නිදිද …’ සුසුම් හෙලමින් උන් මා තාත්තාගේ කටහඩින් දෑස් විවර කලෙමි …
‘නැහැ තාත්තා ….ඔයා එන්න ..’
කාමරයට පැමිණි තාත්තා යහන ඉදිරියේ වූ අසුනක වාඩිවී මා දෙස බලා උන්නේ බොහෝ දුකිනි ..
‘බබී තාම දුකින්ද …. ඔයා දම්සාරි නිසාද මේ විදිහට දුකින් ඉන්නේ …’
මා දුකින් ඉන්නේ දම්සාරි නිසායැයි තාත්තා වරදවා සිතාගෙන ඇත .. එහෙත් මා උන්නේ වරද නිවැරදි කිරීමේ මානසික තත්වයක නම් නොවේ ….
‘ඔයා මේ විදවන එකට මාත් වැරදි …මට තිබුනේ මොන දුකක් දැනුනත් මට තිබුනේ රුචිරාට ආදරෙන් ඉන්න ….ආයෙත් මංජුට ලං නොවී ඉන්න …’
මගේ මුහුණ මග හැර බිත්තිය දෙස බලාගෙන කියවන තාත්තා දෙස මා බලා උන්නෙමි …
‘තාත්තා ඇයි ඔයා … අපේ අම්මාව අත ඇරියේ …. ‘’ බොහෝ කලක් හිතට වදදුන් පැනය මා තාත්තාගෙන් විමසුවෙමි ….
‘ …ඔයත් මේ දේවල් දැනගන්න ඕන බබී …. හ්ම්ම්ම් ….. අතීතය මතක් කරන එක දුකක් උනත් මම ඒ දේවල් ඔයාට කියන්නම් ….. මන්ජුගෙයි මගෙයි එෆෙයාර් එක පටන්ගත්තේ මම නුවර හොස්ටල් එකේ නැවතිලා ස්කුල් යන කාලේ …. මංජුට හිටියෙ නැන්දා ව්තරයි ..එයා එහෙ නැවතිලා තමා ඉගෙන ගත්තේ ….ඒ දවස් වල අපි දෙන්නා ගොඩක් ආදරෙන් හිටියේ … කවදාවත් වෙන්වෙලා යන්න අපිට ඕන උනේ නැහැ … මම ස්ටඩ්ස් ඉවරවෙලා කොළඹ එද්දී මංජුව නුවර දාලා එන්න උනා ..හැබැයි මම එයාට පොරොන්දු උනා … තාත්තාට අපේ සම්බන්ධෙ කියලා ආපහු ඇවිත් එයාව කොළඹ අරන් යන්න …. මම කොළඹ එද්දී තාත්තාට අමාරු ලෙඩක් හැදිලා හොස්පිටල් එකේ … බිස්නස් බලාගන්න කියලා කවුරුත් හිටියේ නැහැ … ඉතින් මම ගෙදර ආවාට පස්සේ ඒවාට හිරවුනා …. මංජුට මේ ගැන කියන්න විදිහක් තිබ්බේ නැහැ … මේ දවස් වල තමා තාත්තාට ගොඩක් මාරු උනේ …එයාගේ අන්තිම කැමැත්ත උනේ මගේ මැරේජ් එක දකින එක … එයා හොරෙන්ම ගර්ල් කෙනෙක් හොයලා … මට බදින්න කිව්වා … ඒ ඔයාගේ අම්මා රුචිරා … මම දැනගත්ත ගමන් තාත්තාට කිව්වා මම කෙල්ලක්ට ආදරේ කරනවා මට මෙයාව බදින්න බැහැ කියලා …. කරන්න දෙයක් නැති කමට තාත්තා කියුවා එහෙනම් කෙල්ලව එක්කන් වරෙන් කියලා …මම මංජු එක්කන් එන්න නුවරට එද්දී මංජුලා නුවර නැහැ … එයා හිටිය ගෙදර නැන්දා නැතිවෙලා එයාට යන්න එන්න තැනක් තිබුනේ නැහැ …කොහේ ගියාද කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ ..දවස් ගානක් හොයලා මම කොළඹ ආවා …. තාත්තගේ අවසාන කැමැත්ත ඉෂ්ට කරන්න ඔයාගේ අම්මා බදින්න උනා ..’
තාත්තා කතාව කියාගෙන යද්දී ඔහුගේ මුහුණේ වේදනාව වරින් වර ඉස්මතු උවේ … ඔහු තාමත් විදවන බව කියා පාමිනි …..
‘රුචිරා කොළඹ හොද පවුලක ගැහැණු ළමයෙක් …මාව බදින්න යද්දී එයා ඉස්කෝලෙන් අවුට් උනා විතරයි …. ජිවිතේ ගැන කිසිම බරක් පතලක් තිබුනේ නැති බොලද කෙල්ලක් එයා … කසාදෙන් පස්සේ මම එයාගෙන් ඈත්වෙලා ඉන්න ට්‍රයි කලේ ඒත් එයාගේ දගකාර කමට මගේ පිරිමි හිත හොල්ලන්න පුළුවන් උනා ..අපි ලංවුනා …රුචිරාගේ බඩට ඔයා ආවා …එතන ඉදලා මම එයාට ආදරේ කරන්න ට්‍රයි කරා … මගේ අතීතේ ගැන නොදැන රුචිරා මට ගොඩක් ආදරේ කළා .. ඔයා ඉපදුනා …. අපේ ලෝකෙට සතුටත් අරන් එදා ඉදලා මම උත්සහා කරේ හොද සැමියෙක් තාත්තෙක් වෙන්න …. මට පුළුවන් උනා එහෙම කරන්න අවුරුදු තුනක් අපි සතුටින් හිටියා …. හදිස්සියේම දවසක් කොළඹදී මංජුව මට හම්බවුනා … එයා ඒ වෙද්දී ගොඩක් දුක් විදිනවා ….. යන එන මන් නැතිව කොළඹ ඇවිත් ගාමර්ට් එකක වැඩ කරනවා … හරියට කන්න බොන්නවත් ඉන්න හිටින්නවත් තැනක් නැහැ … මම එයාට උදව් කරා එයා එපා කියාද්දී මම එයාට ගෙයක් අරන් දුන්නා .. මගේ කම්පැනි එකේ ජොබ් එකක් දුන්නා .. අපි දන්නෙම නැතිව ආදරේ මතු උනා .. රුචිරාට ඔෆිස් එකේ කෙනෙක් කෝල් කරලා දවසක් කියලා මංජු ගැන එයා කෙලින්ම මගෙන් ඇහුවා මේක ඇත්තද කියලා … මම කියුවා මම මංජුට ආදරේ කියලා …එදා ඉදලා එයා වෙනස් උනා …ක්ලබ් යන්න පටන් ගත්තා …මම මොනවා කියුවත් ඒ පුරුදු වෙනස් කලේ නැහැ ..එයාගේ අම්මාට තාත්තාටවත් එයාව නවත්තන්න පුළුවන් උනේ උනේ … දවසක් එයා අපේ ගෙදරින් ගිහින් තිබුනා ..ඒ ඔයාවත් අරගෙන … මම ඔයාලා හෙව්වේ නැති තැනක් නැහැ …. අන්තිමේට මම මංජුව බැන්දා …. අවුරුදු පහළොවකට පස්සේ මම රුචිරාව දැක්කේ එදා ඔයාව අරන් මේ ගෙදරට ආපු දවසේ ….. ‘

දිගු සුසුමක් හෙලු තාත්තාගේ දෑසේ වුවේ කදුලකි උවේ …. තාත්තා ගැන මෙන්ම අම්මා ගැනද මගේ හිතේ ඇතිවුවේ කනගාටුවකි ..අම්මා ජීවිතය නාස්ති කරගන්න ඇත්තේ ප්‍රේමය අහිමිවූ දුකටය … තම පෙම්වතා නැතිනම් සැමියා අන් ලදක් හා පෙමින් සිටීමට මෙලොව කිසිදු ගැහැනියක් නොඉවසන බව මගේ අත්දැකීම් තුලින්ම මා වටහාගෙන උන්නෙමි … අම්මාටද සිදුවන්න ඇත්තේ එයයි ….
‘ඔයාගේ අම්මා පවු එයත් විදවනවා …පැත්තක ඉදලා ඔයත් විදවනවා… මේ හැමදෙයකටම වැරදි මම තමා ..’
කදුළු පිරුණු දෑස් පියා උන්නා මිස පිළිතුරු වසයෙන් මා තාත්තාට කිසිවක්ම නොකියා උන්නෙමි ..
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *