~~ආදර පාරමී ~~~ 32 කොටස

පසුදා සෙනසුරාදාවක් වූ බැවින් මා මදක් පමාවෙන තුරු යහනට වී උන්නෙමි …. වේලාසන අවදිවුවා කියා මේ විසල් නිවසේ කිරීමට කියා මට විශේෂ කටයුත්තක් වුවා නොවේ … නැගණිය හෝ මිතුරුව උන්නා නම් මට ඈ සමගින් බොහෝ දෑ දෙඩිය හැකිව තිබුණි . …. ‘බබී …බබී …’ මා කල්පනාවෙන් මිදුනේ මංජු අම්මා අමතද්දිය … ‘අම්මා …’ ‘බබී ඔයාට පුළුවන්ද අද තාත්තා එක්ක හෝස්පිට්ල් ගිහින් එන්න …’ ‘ඇයි අම්මා තාත්තාට මොකක්ද උනේ .’ බොහෝ කලබලයෙන් යහනෙන් නැගිටගත් මා දැක මංජු අම්මා සිනාසෙන්න වුවාය …. ‘මොකුත් උනේ නෑ දරුවෝ …අද තාත්තාට ක්ලිනික් …. මෙයා වෙනදා මාත් එක්ක නේ බෙහෙත් ගන්න යන්නේ … අද මට යන්න බැරිවෙයි … අපේ මහිලා සමිතියේ රැස්වීමක් තියෙනවා .. එයා එක්ක කවුරු හරි යැව්වේ නැත්තම් කෝල් එකක් ආව ගමන් බෙහෙත් ගන්න එක දාලා දුවයි ..’ ‘මම යන්නම් අම්මා …. ‘’ ‘එහෙනම් දු ලැහැස්ති වෙලා එන්නකෝ ‘ මංජු අම්මා පැවරූ වගකීම මම භාරගත්තේ බොහෝ සතුටිනි …. ‘මංජු මම යනවා …. ‘ තාත්තා කතා කලේ පහල මාලයේ සිටය … ‘පොඩ්ඩක් ඉන්න පාලිත …. මේ බබිත් එකක් යන්න ..’ මංජු අම්මා කාමරයෙන් පිටව යද්දී මම රෝහලට යෑමට සුදානම් වෙන්න ගියෙමි … ‘මොකටද බබිට කරදර කලේ …මම තනියම යනවා නේ .. ’ මා පහල මාලයට බසිනු දැක තාත්තා අම්මාට නෝක්කාඩු කියුවේ විහිලුවටය … ‘මට කරදරයක් නැහැ තාත්තා …මම කැමති ඔයත් එක්ක යන්න .. ’ තාත්තාගේ අතක එල්ලුණු මා ඔහු සමගින් පාරට බැස්සේ කුඩා දැරියක් තරමට සතුටිනි ..මේ සෙනෙහස නොමැතිව කුඩා කාලයේ මා විදි දුක දන්නේ නම් තාත්තා බොහෝ පසු තැවෙනු ඇත … ‘බබී පොඩ්ඩක් ඔෆිස් එකට ගිහින් යමුද මට ඩොකියුමන්ට් වාගයක් සයින් කරන්න තියෙනවා …’ තාත්තා හදිසියේ කිසිවක් සිහිවී මාර්ගය වෙනස් කිරීමට ගියේය … ‘බෑ …බෑ … තාත්තා කොහෙවත් යන්න බෑ ..දැන් කෙලින්ම හෝස්පිට්ල් එකට ගිහින් පස්සේ යන තැනක යමු ..’ ‘හොදමයි මගේ ආච්චි අම්මේ … ..’ ‘කෝ දෙන්න ඔයාගේ ෆෝන් එක … ‘’ එක දිගට නොනැවතී නාද වෙන තාත්තාගේ ජංගම දුරකථනය ඔහු අතට ගත් මම එය අක්‍රිය කර දැමුවෙමි … ‘මගේ අම්මේ බබී නම් අපේ අම්මා වගේමයි …. ඉස්සර අපේ අම්මත් ඔය වගේ ..දෙයක් කිවොත් ඒ දේ කරනවාමයි …හරිම මුරණ්ඩුයි …. ’ තාත්තාගේ නෙතට කදුළක් ඉනුවේ තම මව සිහිවී වෙන්න ඇත … ‘තාත්තාට දුකද …’ ‘හ්ම්ම්ම්ම්ම් අම්මා මතක් වෙද්දී මට තාමත් දුකයි … තාත්තයි අම්මයි හරිම ආදරෙන් හිටියේ … අම්මා නැතිවුනේ මගේ තිබුන අවාසනාවට වෙන්න ඇති … එක පාරටම ආපු හාර්ට් ඇටැක් එකකින් තමා එයා නැතිවුනේ …. අම්මා නැතිවෙද්දී හරිම තරුණයි …එයාට අවුරුදු තිහක්වත් නැහැ … ඔයාගේ රූපේමයි අම්මාට තිබුනේ …ඇත්තමයි බබී දශමයක්වත් වෙනස් නැතිව ඒ ඔයාගෙම රූපෙ .. අම්මාගේ මරණෙන් පස්සේ තාත්තාට හිත හදාගෙන ජිවත් වෙන්න අමාරු උනා … තාත්තා උදේ රෑ කියලා වෙනසක් නැතිව බිස්නස් කරන්න ගත්තා …මාව බලාගන්න විදිහක් නැති නිසා මාව හොස්ටල් එකට දැම්මා …. ඒ ඇතිතේ හරිම දුක්බරයි …’ රෝහල ලගින් බසින තුරුම තාත්තා තම දුක්බර අතීතය සිහි කළේය ….. ඒ අතීතය බොහෝ දුක්බර වෙන්න ඇත …. ‘මම ඩොක්ටර් හම්බවෙලා එනකන් බබී මෙතැන ඉන්න … ’ රෝහල් කොරිඩෝවේ මා නවතා තාත්තා වෛද්‍යවරයා හමුවීමට ගියේය … මා බොහෝ වෙලා තාත්තා එනතුරු බලා උන්නෙමි ….විනාඩියෙන් විනාඩිය ගතවී කාලය දිගු වෙද්දී මම කොරිඩොව දිගේ එහා මෙහා ගියෙමි … එක්වරම රෝහල් කොරිඩෝවේ ඈත කොනින් මතුවුවේ හිම්සරය … අපිළිවෙලට ඇදගෙන උන් ඔහුගේ කොණ්ඩය අවුල් වී මුහුණ පුරා වැටි තිබුනේ අකීකරු ලෙසය … ‘පාරමී හොස්පිටල් ආවාද ….’ මට උවමනා වුවේ ඔහුගෙන් වසන් වීමට වුවත් හිම්සර මා දැක තිබුණි … ‘හ්ම්ම්ම්ම්ම්ම්ම් …’ මා පිළිතුරු නොදී හුමිටි තැබුවෙමි … ඔහුගේ මුහුණට එක්වූ ශෝකය මට ගෙනාවේ සතුටකි … ඔහුට ඒ අතීතය සිහිවෙන්න ඇතිවා නිසැකය … ‘පාරමී ..’ ‘හ්ම්ම්ම් ….’ ‘එපා ..’ ‘මොනවාද .’ ‘හ්ම්ම්ම් කියන්න එපා ආයේ ..’ ‘ හ්ම්ම්ම් …’ ‘එපා කිව්වා නේද .. මෙහෙ එනවා මිරිකන්න ඔය කට ..’ එදවස හිම්සර මා ලංකර මුව පොඩි කරන්න තැත් කරද්දී මා ඔහු සමග පෙරලි කර ඉවතට පනින්නේ කුඩා එකියක මෙනි …. නමුත් ඔහුගෙන් මිදීමට අපහසුය …. මගේ මුව තදින් අල්ලාගන්නා ඔහු මා දෙස බලා ඉන්නේ දඩබ්බර බැල්මකිනි … ‘ආයේ කියන්නේ නැහැ නේද ..’ මා හිස සොලවා ඔහු කියුව පිළිගන්න තුරුම ඔහුගේ අතින් මට මිදිය නොහැකිය ….. ආපසු හැරී බලද්දී ඒ අතීතය මිහිරිය …. දෑසට කදුළක් ඉනිමට ආසන්න වු බැවින් මා තදින් ඇසිපිය ගැසුවෙමි .. ‘පාරමි මාත් එක්ක තරහින් නේද ඉන්නේ ..’ දුක් ගත් දෑසින් බලා උන් හිම්සරගේ කටහඩ බිදී ගොසිනි .. ‘ නැහැ ..’ ‘එහෙනම් ඔය විදිහට අමනාපෙන් බලන්නේ ඇයි …’ ‘ඔයාගේ ඇස් වල ලෙඩක් වෙන්න ඇති …මං එහෙම බැලුවේ නැහැ … ’ අඩන්න උවමනා උනිද මා දසන් පෙන්වා සිනාසුනෙමි … ‘පාරමී … මම ගොඩක් අසරණයි ….. ’ ‘ ඔයා කවද්ද හිම්සර අසරණ උනේ … හැමදේකින්ම අසරණ වුනේ මමයි …..මමම විතරයි …ඇයි හිම්සර මට එහෙම කලේ …’ නොහඩා ඉදිමියි සිතා උන්නද දෑසට ඉනුවේ කදුළු ගොඩකි .. ‘පාරමී ….’ බලෙන්ම මගේ අතකින් අල්ලා ගත් හිමසර යන්නේ කොයිදැයි මා නොදැන උන්නෙමි .. ‘හිම්සර කොහෙද මේ මාව ඇදගෙන යන්නේ … තාත්තා ඇවිත් මාව හොයයි ..’ කොතරම් ඉල්ලුවද හිම්සර ග්‍රහණය ලිහිල් කළා නොවේ … ‘දන්නවාද අර ඉන්නේ කවුද කියලා …’ රෝහලේ යහනක් මත අසුන්ගෙන දෑස් අයාගෙන බලා උන්නේ මින්දුලිය … ‘ හිම්සර ආවා … හිම්සර අයියා …ආවා ..’ හිම්සර දැක ඉදිරියට දිව ආ යුවතිය ඔහුගේ අතක දැවටී තිබුණු මගේ අත දැක මුහුණ ඇද කරගත්තාය .. ‘ අත ඇරපන් මගේ හිම්සර අයියාව … උබ මගේ හිම්සර අයියාව මගෙන් උදුරගන්නද ආවේ .’ උම්මන්තිකාවක් ලෙස රෝහල් වාට්ටුව දෙක වෙන්න කෑගැසූ යුවතියගේ අතට අසුවුනේ බෙහෙත් බෝතලයකි …… දුශ්ට බැල්මක් මා දෙසට හෙළු යුවතිය ඇසිල්ලෙන් එය මා දෙසට විසිකර එවුවේය … මගේ වෙලාව හොදය …. බෙහෙත් පිරුණු බෝතලය මා ඉදිරියේ බිම වැටි කටු සි සි කඩ විසිර යද්දී මගේ හදවත බොහෝ වේගයෙන් ගැසෙන්න විය … ‘ ඇවිත් මේ පේෂන්ට් ගැට ගහලා දාන්න …. ‘’ කිසිවෙකු කෑ ගසද්දී ශක්තිමත් මිනිසුන් දෙදෙනෙක් මින්දුලිව ඇදේ තබා ගැට ගැසුවේය ..අදහන්න හදවත පුරා මහා වේදනාවකි පැතිරුනේ … ඒ පිස්සියක ලෙස හැසිරෙන කුඩා යුවතිය වෙනුවෙනි ‘එයා මගේ … හිම්සර අයියාව හොරකන් කරගෙන යන්න හෙරක් ඇවිත් ….. හිම්සර අයියා …ඔයා යන්න එපා ..’ බැදුම් පටි ලිහා ගැනීමට වෙර දරන ඇගේ දෑත් සිරි වේදනා දෙන්න ඇත … එහෙත් ඇයට ඒ කිසිවක්ම ගානක් නැත … ‘පාරමී ..එදා ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මින්දුලි ඔය විදිහටයි හැසිරෙන්නේ .. හැමදෙයක්ම උනේ මම නිසා …. මින්දුලිට හොද වෙනකන් මම මටවත් සමාව දෙන්නේ නැහැ ’ හිම්සරගේ මුහුණේ හැම රේඛාවකම උවේ මින්දුලි වෙනුවෙන් වූ වේදනාවකි…. සටස් ගා බිමට වැටුණු කදුල මා වෙනුවෙන් උපන් ආත්මානුකම්පාවට වඩා මින්දුලි වෙනුවෙනි … අනතුරෙන් හිසට වැදුණු පාරෙන්වත් හිම්සර අමතක වී නොයන්න තරම් ඈ ඔහුට කොතරම් ප්‍රේම කරනවා ඇතිද … ‘පාරමී මට සමාවෙන්න …’ තවත් කිසිවක් කිවොත් මගේ හිත රිදෙනු ඇතයි සිතා හිම්සර වෙනත් කිසිවක් නොකියා උන්නේය … ‘පාරමී මට සමාවෙන්න …’ එය වචන තුනක් උවත් එහි බොහෝ දේ ගැබිව තිබුණි ……. ඔහු අමතක කර දමන ලෙසද මේ පවසන්නේ …. ‘ මට තේරෙනවා හිම්සර මින්දුලිව හොදට බලාගන්න …’ හිතට දිරි ගෙන මා රෝහල් වාට්ටුවෙන් පිටතට ඇවිද ගියේ තව දුරටත් හිම්සර ඉදිරියේ නොහඩා ඉදින්න තරම් සවියක් නොවුණු හෙයිනි .. ඊයේ වෙනතුරු පුංචිම පුංචි බලාපොරොත්තුවක් හෝ හිම්සර වෙනුවෙන් හදෙහි විය … නමුදු එම බලාපොරොත්තුව යටි හිතේම දියවී ගොසිනි … නැවත කිසි දිනෙක හිම්සර මා වෙත නොඑනු ඇත .. . හිම්සර නොමැති පාරමී හිස් යුවතියක් වෙනු ඇති බව මා හොදාකාරව දැන උන්නෙමි …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *