~~~ආදර පාරමී ~~~~35 කොටස
‘පාරමී ඇහැරෙන්න මැණික …. ’ මට පළමුවෙන් ඇසුනේ හිම්සරගේ කටහඩයි ….මද වෙලාවක් යනතුරු අවටින් ඇසෙන ශබ්ද වලට කන්දෙමින් කොහේ ඉන්නේදැයි තේරුම් ගන්න උත්සහා කළා මිස මා දෑස් ඇරියා නොවේ … ‘පාරමී ඇස් අරින්න …’ හිම්සර නැවත වරක් කතා කරද්දී මා සෙමින් නෙතු විවර කලෙමි . … මගේ හිස අසල සිටගෙන දුක්ගත් දෑසින් බලා උන්නේ හිම්සරය … ඔහුගේ එක අතක් රැදී තිබුනේ මගේ හිස මතය … ‘මම මේ කොහෙද ඉන්නේ ….’ ‘ ඔයා දැන් ඉන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකක … බයවෙන්න දෙයක් නැහැ .. තුවාල වලට බෙහෙත් දාලා තියෙන්නේ … ‘’ ‘කෝ අපේ මල්ලි ආවේ නැහැද …’ ‘මට කාටවත් කියන්න තරම් සිහියක් තිබ්බේ නැහැ පාරමී … ඔයා මගේ ඉස්සරහ ඇදගෙන වැටෙද්දී මට මොනවා උනාද මමම දන්නේ නැහැ .. කිසි කෙනෙක්ට කියා කියා හිටියේ නැහැ මම ඔයාව අරන් දුවගෙන ආවා ..’ හිම්සර කතා කලේ බොහෝ සංයමයෙන් උවද ….. නොනැවතිල්ලේ කියවන ඔහුගේ මුහුණ පුරා පැතිර තිබුනේ දුකකි ….ඒ නෙත් වල වූ රත් පැහැය ඔහු අඩන්න ඇති බවට සාක්ෂි කීය .. ‘ ඔයා ඇයි ඔය විදිහට දුක් වෙන්නේ ..එකවැරම මාව මැරිලා ගියා නම් ඉවරයි …’ කදුළු වියලි ගොස් තිබුණු හිම්සරගේ නෙත් වලට නැවත කදුළු උනන්න විය .. ‘ පාරමී ඔය තරම් නපුරු වෙන්න එපා … මගේ හිත රිදෙනවා ‘’‘මම විතරද හිම්සර හිත රිදවන්නේ ඇයි ඔයා මගේ හිත රිද්දුවේ …’‘ මම අසරණ උනා පාරමී …මින්දුලිව තනි කරන්න බැරි නිසා ඔයාගෙන් ඈත් උනේ …. ඔයාට ආදරේ නැතිව ඈත් උනා කියලා හිතන්න එපා ..’ ඇසට කදුළු ඉනු බව නිබොරුය … එහෙත් මා බුරුලක් පෙන්වුවහොත් ඔහු බලාපොරොත්තු තබාගනු ඇත … ඉතින් මා කලේ දෑස් වල වූ කදුළු දෑස් තුලම දියකර හැරීමය … ‘ඔයාට තිබුනේ මින්දුලිට බලාපොරොත්තු නොදී ඉන්න ..’ ‘පාරමී … ‘ ඒ කටහඩේ වූවේ වේදනාවකි ‘ඔව් හිම්සර ඔයාට තිබුනේ මින්දුලිට ලන්නොවී ඉන්න …. එහෙනම් අපි තාමත් ආදරෙන් නේද ….’ ‘මම ඔයාට ආදරෙයි …. පාරමී …මට මින්දුලි නෙවෙයි ඔයාවයි ඕන … මට ඔයාගේ ආදරේ ඕන පාරමී ..’ හිම්සර ඉකිබින්දේය ….. දඩබ්බර රගර් ක්‍රීඩක හිම්සර කෙල්ලෙක්ගෙ ආදරේ වෙනුවෙන් කදුළු සැලුවා කිවහොත් කිසිවෙකුත් අදහනු නැත …. එහෙත් සැබවින්ම සිදුවුවේ මගේ ආදරේ වෙනුවෙන් හිම්සර කදුළු සැලිමය …. තවත් හිම්සර මෙතැන සිටියොත් සිදුවන්නේ හදාගෙන සිටි හිත බිදී යෑමය ..‘මට පාඩුවේ ඉන්න දීලා ඔයා යන්න හිම්සර …ප්ලීස් මට පාඩුවේ ඉන්න දෙන්න …’ දරාගත නොහැකිව අවසානයේ මා කෑ ගැසුවෙමි …. ඔහුට උවමනා උවත් මින්දුලි ඔහුව නොඑවන බව මා හොදාකාරයෙන්ම දැන උන්නෙම් …‘මම ගිහින් එන්නම් ඔයා සන්සුන් වෙන්න පාරමී … මම ඔයාගේ ගෙදරට කෝල් කරන්නද ඔයා හොස්පිටල් එකේ කියලා ..’ ‘හ්ම්ම්ම්ම්ම් ..’ මද වෙලාවක් මා දෙසම බලා උන් හිම්සර යන්න ගියේ වේදනාවෙන් වෙන්න ඇත … මගේ මුළු ඇග පතම රිදුම් දුන්නේ ගල් පඩිපෙළේ ගල්වල තදින් ගැටීම නිසා වෙන්න ඇත … තද රිදුම් වේදනාව දරාගත නොහි සියුම් කෙදිරියක් නගමින්ම මා දොර දෙස බැලීමි …..‘බබී මොකද උනේ …’ තාත්තා පැමිණ තිබ්බේ කාර්යාල ඇදුම පිටිනි …. ‘පඩිපෙළෙන් ලිස්සලා වැටුනා තාත්තා ..’ ‘උඩ බලාගෙනද ඇවිදින්නේ ..’ ‘මන්දා මට මොනවා උනාද කියලා … පඩිපෙළෙන් රෝල් වෙලා ගිහින් නවතිනවා විතරයි මතක ‘’ ‘මංජු කෑම එකක් හදලා එවුවා … කෝ මේක කාලා ඉන්නකෝ ……’ ‘මට කන්න බෑ තාත්තා …මාව ගෙදර එක්කන් යන්නකෝ .. මට ඇතිවෙලා තියෙන්නේ ..’‘බෑ බෑ අද යන්න බෑ … නරක තැනක වැදුනාද කවුද දන්නේ …හෙට ස්කෑන් කරලා බලන්න ඕන ..’ ‘අනේ තාත්තා ..’ ‘දැන් අය මොකුත් කියන්න එපා අදටයි හෙටටයි විතරක් ඉන්න ..’මා කොතරම් කිවත් තාත්තා මා නිවසට කැටුව ගියේ නැත … ****.’ ‘මේ පේෂන්ට්ට ඩොක්ටර් කතා කරනවා ස්කෑන් එකට ’උදෑසන මා අවදිවුවේ හෙදියකගේ හඩිනි… විගසින් මුහුණ කට දොවාගෙන වෛද්‍යවරයා ගිය මා පරික්ෂණයට මුහුණ දුන්නෙමි .. ‘ඩොක්ටර් අද මට යන්න පුළුවන්ද ‘’ තරුණ වෛද්‍යවරයා මා දෙස බැලුවේ සිනා පිරි මුවිනි …. ‘ගෙදර යන්න හදිස්සිද …’ ඔහුගේ පැනයට මා කලේ ලැජ්ජාවෙන් සිනාසිමය .. ‘හරි …මම මේ රිපොර්ට් ටික බලලා කියන්නම්කෝ …දැන් ගිහින් රෙස්ට් කරන්න …’ අකමැත්තෙන් උවත් අද දවසද රෝහලේ ගතකිරීමට වෙයි යන සිතුවිල්ලම මගේ හිතට එක්කළේ කනස්සල්ලකි … ‘බබී මොනවාද මේ කරගත්තේ ..’ රහල් මා බැලීමට පැමිණ තිබුනේ මා නොසිතු වෙලාවකය …‘මාව පඩි පෙලෙන් වැටුනානේ ….ඔයා කොහොමද දැනගත්තේ මම හොස්පිටල් කියලා ..’ ‘අද උදේ මම ඔයාලාගේ ගෙදර ගියා …එතකොටයි දැනගත්තේ ..’‘පරිස්සම් වෙන්න ….බබී …. ඔයාට මොනවා හරි උනානම් ..’ තවත් කිසිවක් කීමට මෙන් මුව විවර කල ඔහු එය ගිලගත්තේය ..‘පාරමී කාලාද ඉන්නේ … ‘’ රෝහලෙන් ලබාදෙන ආහාර වලට මිරිස් තුනපහ කිසිවක් නැත ….. නිකන්ම තම්බා දෙන එම ආහාර දිවට නීරසය … ඉතින් මා රෝහලෙන් ලබාදෙන අහාර කෑවේ නැති තරම්ය ….‘මෙහෙ කෑම කන්න පිරියක් නැහැ රහල් … කිසිම රසක් නැහැ …’ ‘ මම එළියට ගිහින් මොනවා හරි අරං එන්නම් එහෙනම් ..’ ‘එපා දැන් කන්න බෑ … තාත්තා ආවාට පස්සෙම කන්නම් ..’ ‘ඔයා හිතුවක්කාරයි පාරමී …ටිකක් නෙවෙයි ගොඩක් හිතුවක්කාරයි …කවදාවත් කියන කිසිම දෙයක් අහන්නේ නැහැ ..’ මගේ ඇග පුරා තැනින් තැන දමා තිබු වෙළුම් පටි දෙස බලමින් රහල් හුල්ලද්දී පපුව හෝස් ගා පත්තු වුවේ ඉබේමය …රහල් මේ දුක් වෙන්නේ මා නමිනි …. ඉතින් මට ඔහුගේ සිත හැදීමටය උවමනා වුවේ … ‘හරි හරි රහල් මට මොනවා හරි ගෙනත් දෙන්න මම කන්නම් … ‘’ දුකින් මැලවී තිබු රහල්ගේ මුහුණ පුරා සිනාවක් ඇදී ගියේ මා එලෙස පැවසු පසුවය … පිටව යන රහල් දෙස බලා උන් මා දුටුවේ හිම්සර කාමරයට ඇතුල් වෙන යුරුයි .. හිම්සරගේ මුහුණ අදුරු වී තිබුනේ හිම්සර දැක විය යුතුය ..‘මොකාද ඌ…’ හිම්සරගේ කටහඩේ තිබුනේ නපුරු කමකි ..‘කවුද ..’ ‘දැන් මේක ඇතුලේ ඉදලා එලියට ගියේ ..’ ‘ඔයාට මොකද එයා ගැන ..’ ‘මම දැකලා තියෙනවා තමුසේ එක්ක ඒකා කීප දවසක්ම මුකුළු කර කර ඉන්නවා ..’ ‘හිම්සර ඔයා සීමාව පනිනවා … කට තිබ්බ පලියට කටට එන එන හැමදෙයක්ම කියවන්න එපා ..’ මා කෑ ගැසුවේ හිතේ වූ දුකටය ..හිම්සර හිතනවා ඇත්තේ මාද ඔහු මෙන් චපල සිතක් ඇත්තියක ලෙසද .. ඔහු වෙනුවෙන් මදක් නිවී තිබු සිතෙහි තරහවක් ඇතිවෙන්න ඒ හැටි වෙලාවක් ගියාද නොවේ ..‘පාරමී තමුසේ මගේ මගේ විතරයි ..මට තමුසෙව මොකාටවත් දෙන්න බැහැ … ’ හිම්සර මගේ දෑස් වලට එබෙද්දි ඒ දෑස් වල මා වෙනුවෙන් ඇති වියරුව මා හොදාකාරව දුටිමි ..‘ඔයාට මගේ ගැන අයිතියක් නැහැ හිමසර …ඔයා ඒ අයිතිය නැති කරගත්තා …මින්දුලිට ලංවුන දවසේ ඔයා හැම අයිතියක්ම නැති කරගත්තා ’ ‘අයිතිය තියෙනවා පාරමී … හැම්දාටම ඒ අයිතිය මට තියෙනවා …ඔය මොකාටවත් වැඩිය ඔයා ගැන අයිතියක් තියෙන්නේ මටයි …ඒක නිසා පිට එවුන් එක්ක මුකුළු කරන එක නවත්තනවා …’ මගේ දෑස් වලට ඉදිරියෙන් තිබු හිම්සරගේ දබරැගිල්ල දෙස බලා උන්නා මිස මා කිසිවක් කියන්න ගියේ නැත ….‘ පාරමී ඇහෙන්නේ නැහැ වගේ ඉන්නේ මොකද …මේ අහනවා …ඔයාගේ අම්මා වගේ එක එකා එක්ක නටන්න එපා තේරුනාද …’ මුළු ශරීරයේම ලේ උණුසුම් වී මොළය පුරා කම්පනයක් පැතිරෙද්දී මා හිමසර දෙස බලා උන්නෙමි …. අම්මා නරක ගැහැනියකි ..එය සැබෑවකි …. එහෙත් මා ඇයට සමාන කිරීම එය කොතරම් සාවද්‍යද …. මා කිසිදිනක හිස ඔසවා පිට පිරිමියෙකු දෙස බලා නැත ..ඇසුරු කෙරුවා නම් ඒ අතේ ඇගිලි ප්‍රමාණයට අඩු පිරිමින් ප්‍රමාණයකි .. ඔහු දනී …තාත්තා …මල්ලි හැරුණු විට මා බොහෝ ලන්වුවේ ඔහුට පමණක්ම බව … සිත රිදුනේ එය දැන දැනම ඔහු මා රිදවීම ගැනය ..‘පාරමී මට සමාවෙන්න ..’ මගේ හිත රිදුනු බව බොහෝ රිදුනු බව දැන මා සනසන්න හිම්සර සිතුවා සිය හැක .. එහෙත් මගේ හිත දැන් රිදී අහවරය …ඔහු ගැරහුවේ මගේ ආත්මයටය ..ඔහුට මුළු හදින් පෙම්කල මටය …‘යන්න ….ඔයා යන්න .. මට ඉන්න දීලා මෙතැනින් යන්න … ‘’ මා කෑ ගසද්දී ..බියවී මෙන් බලා උන් හිම්සර අඩියට දෙකට කාමරයෙන් යන්න ගියේය … මගේ ප්‍රේමය බිද දමා පලා ගිය ඔහුම මා පෙම් කරන්නේ ඔහුට පමණක්ම බව දැනගෙනත් එලෙස පැවසීම බොහෝ වැරදිය …. වැරදි කලේ ඔහුය …. එහෙත් අවසාන වැරදිකාරිය මාය … ‘පාරමී මොකද උනේ … ඇයි අඩන්නේ මේ …’ කාමරයට පිවිසි රහල් අඩා වැටෙන මා දැක ලගට ආවේ දිවගෙන වගෙය … ‘මාව අරන් යන්න රහල් …මෙතැනින් අරන් යන්න …’ ‘කලබල වෙන්න එපා පාරමී …. අපි යමු ..පොඩ්ඩක් ඉවසන්න … මම ඩොක්ටර් ලගට ගිහින් අහගෙන එන්නම් ..’ රහල් දිවගෙන යද්දී මා යහනේ හාන්සි සි දෑස් පියා ගතිමි …නොවේ හිම්සර මට කිසිදා ලන්වෙන්නේ නැත … එලෙසම ඔහු මට ඔහුගෙන් පලා යෑමට ඉඩ දෙන්නේද නැත … සිත එක තැනක නතරවුවා මෙන් හැගීමක් සමග මහා අසරණකමකි මට දැනුනේ …..
මතු සම්බන්ධයි