~~~~ ආදර පාරමී ~~~~36 කොටස
ගෙවුණු හැම දිනයකම මතයකයන් ඇහැරි ජීවිතය බොහෝ වේදනාකාරිවුනා .. සැනසීම ජිවිතයෙන් බොහෝ දුර පලා ගොස් තිබුනා … ශරීරයේ බාහිර තුවාල කෙමින් වියලෙමින් තිබුනද හදවත අභ්‍යන්තරයේ ඇතිවූ තුවාල පෑරෙන්න වරින් වර ඇතිවූ සිදුවීම් බලපෑවා … ‘ ඔය තරම් විදවන්න එපා පාරමී ..හිනාවෙලා හිටපන් ’ ඉඳුවරී පවසන්නේ මා විදවන අයුරු දැකය …‘ඉස්සර මම ගොඩක් දුක්වින්දා ඉඳුවරී ….. මම හිතුවේ හිම්සර මගේ ලෝකෙට සතුට අරන් ආවා කියලා .. ඒත් එයා ඇවිල්ලා මගේ ලෝකේ තිබ්බ පුංචිම සතුටත් අරන් ගියේ …’ ‘ පාරමිට මම දෙයක් කියන්න හිටියේ ගොඩක් දවස් ඉදලා .. මේ දේවල් අහලා කලබල වෙලා උබ තවත් ජිවිතේ අවුල් කරගන්න නම් එපා …’ බර කල්පනාවක සිට එකවරම පැවසු ඉදුවරි දෙස මා බලා උන්නෙමි .. ‘කියපන් ඉන්දු මගේ ජීවිතය අවුල් වෙලා ඉවරයි … උබ දෙයක් කිවා කියලා අළුතින් වෙන්න දෙයක් නැහැ ..’ ‘මේ අහපන් ….හිම්සර ….’ ඉඳුවරී පැවසීමට ගියේ හිම්සර ගැන යමකි … තවත් ඔහු පිළිබද දැනගත්තා කියා සිදුවන වෙනසක් නැත ‘ එපා ඉන්දු මොකුත් කියන්න …. හිම්සර ගැන මොකුත්ම මට අහන්න ඕන නැහැ .. ‘ ඉඳුවරී කීමට ගිය දේ මුව තුලම රදවාගෙන උන්නා මිස ඉන් පසු කිසිවක්ම කිවා නොවේ … ‘පාරමි බබී ….’ ගෙවුණු දින කීපයේ රහල් දිනපතාම මා දැකීමට විත් වදනක් දෙකක් දොඩා යෑම පුරුද්දක් කරගෙන උන්නේය … ඒ හැමවිටම ඔහු උත්සහා කලේ මගේ හිත හැදීමටය …‘ඔයා අදත් ආවාද ‘’ ‘මම මේ ලගින් යන ගමන් ඔයාව බලන්න හිතිලා ආවා …’ ‘ රහල් දිනුකි අක්කලා ලගදි මෙහෙ ආවේ නැද්ද .’ මට බොහෝ දිනකට පසු දිනුකි අක්කා සිහිවිය … නුවර නිවසේදී සිටියදී ඈ සහ මහිල් අයියා කලේ අමතක කල හැකි උදව් නම් නොවේ ….‘මට කියන්න බැරි උනානේ …අයියා කොළඹට ට්‍රාන්සර් එකක් ඉල්ලුවා …දැන් ඒක හරි ගිහින් තියෙන්නේ …. ගොඩක් දුරට ලබන මාසේ එයාලා මෙහෙ පදිංචියට එයි ..’‘ඒක හොදයි ….. එතකොට ඔයාට පාළුවක් නැහැනේ ..’ ‘හ්ම්ම්ම් ඔව් …දන්නවාද මේ ලගදිත් ෂෙහාරා ඔයා ගැන ඇහුවා … ’ නිකමට හෝ දිනුකි අක්කාට ඇමතුමක් දී තතු විමසීමට නොහැකිවීම ගැන දුකකි ඇතිවුවේ …‘පව් පුංචි කෙල්ල ..ඉස්සර හැමදාම මාත් එක්ක කියෝනවා ගේට්ටුව ලගට වෙලා ඉදලා ..’ ‘ අයියලා මෙහෙ ආවාම ඔයත් එන්න අපේ ගෙදර ඇවිත් යන්න ..’ ‘මම එන්නම් රහල් …’ බස් නැවතුම වෙත මා ඇරලා රහල් පිටව යන්නේ නොයා බැරි කමටය…. ඔහු මා සොයා පැමිණෙන්නේ මා පිළිබද යම්කිසි සිතුවිල්ලකින් බව දැන උන්නත් ඔහුට බැල්මකින් හෝ බලාපොරොත්තු නොදී සිටීමට මා වග බලා ගත්තෙමි … ****තාත්තා ව්‍යාපාර කටයුත්තක් සදහා පිටරට යෑමට සිදුවුනේ මේ අතරය … මසක කාලයක් තාත්තා රටින් පිට ගතකරන නිසා මුළු නිවසම තිබුනේ පාළුවට ගොසිනි ..‘මංජු මගේ කෙල්ලව හොදට බලාගන්න ..’ නිවසින් පිටවීමට පෙර තාත්තා මංජු අම්මාට මා භාරදුන්නේ මාණික්‍යයක් තරමට පරිස්සමටය …‘ඔයා බයවෙන්න එපා පාලිත ..ඔයා ගමන ගිහින් එන්න … මම බබිව බලාගන්නම් ..’ තාත්තා නැති නිවස බොහෝ පාළුය …. දම්සාරි පවා හඩනගා කතා කලේ නැති තරම්ය ….. නිවසේ ගෙවන පැය කීපය බොහෝ දිගු බැවැන් මා කලේ හැකි තරම් පමාව නිවසට පැමිණීමය … ‘බබී ..’ පාසල් නිමව පමාවී නිවසට ගොඩවුන මා ඉදිරියට පැමිණි මංජු අම්මාගේ දෑසේ වුවේ දුකකි …. ඈ මට බනිනු ඇතැයි සිතුවත් ඇගේ දෑස මුල උවේ කදුලකි …. ‘අම්මා ඇයි මේ කදුළු .. ’ ඈ ලගට දිවගොස් මා ඒ මුහුණට එබී බැලුවෙමි ..‘ බබී … ඔයා කලබල වෙන්න එපා ..’ ‘ඇයි අම්මා ..’ ‘ඔයාගේ අම්මා ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් එකේලු …’ හුස්ම නැවතී ගියාමෙනි මට දැනුනේ …. කුමක් කලත් ඈ මගේ අම්මාය … ‘මට මගේ අම්මාව බලන්න ඕන …’ ඇසට කදුළු ගොඩක් පිරෙද්දී මා කියාගතිමි ……‘දැන් රෑ වෙලා අපි හෙට උදේම ගිහින් බලමු ..’ මා කොතරම් ඇවිටිලි කලත් මංජු අම්මා ඒ රාත්‍රියේ නුවර යෑමට එකග උවේ නැත .. මා නිහඩවම කාමරයට පැමිණියේ තීරණයක් ගෙනය … ඒ කිසිවෙකුට රහසේ නිවසින් පිටව නුවර යෑමටය ..ක්ලාස් පිස් දීමට තාත්තා ලබාදී තිබුණු මුදල අත තිබු බැවීන් බියවීමට කාරණයක් නැත … සුදු ගවුම ගලවා දමා අතට අහුවුන ගවුමක් ඇදගත් මා කිසිවෙකු නැති මොහොතක් බලා නිවසින් එළියට බැස්සේ කිසිවෙකුට නොකියාය …. තාත්තා බැන වදිනු ඇත … එහෙත් කාත් කවුරුවත් නැති ලෙසට රෝහලක යහනක් මත අම්මා වැතිරී සිටිනවා ඇත යන සිතුවිල්ල මගේ හිතට ශක්තියක් දුන්නේය …සවස පහට කොලබින් නුවර බලා ඇදෙන බසයකට ගොඩවැදුණු මා නුවරින් බසිද්දී අට පසුවී තිබුණි …. මට මතක් වුනේ බාලිකාවේ මගේ යෙහෙළිය වූ නෙතුලිවය ….. ඇගේ මව රෝහල් හෙදියක් හෙයින් ඔවුන් නව්ටහි සිටින්නේ රෝහල් නිල නිවාස වලය … කමියුනිකේෂන් එකක් තුලට වැදුණු මා දෙවරක් නොසිතා ඇයට ඇමතුමක් ගතිමි …‘හෙලෝ ..’ මගේ වෙලාව හොදය එහා පසින් දුරකථනය එසවුවේ නෙතුලිය ‘නෙතු මම …. පාරමී …’ ‘පාරමී කෙල්ලේ ඔයා කොහෙද ඉන්නේ ….’ ‘මම දැන් නුවර ඉන්නේ … අනේ නෙතු මට උදව් කරපන් .. මට ලොකු කරදරයක් උනා ..’ මගේ වචනවල උවේ කලබලයකි ..‘හරි උබ ඉන්න තැන කියපන් මම එන්නම් ..’ ‘මම ගුඩ් ෂෙඩ් එකේ ඉන්නේ ..’ ‘මම විනාඩි දහයෙන් ඔතනට එනවා … කොහෙවත් යන්න එපා ..’ හරියටම විනාඩි දහයකින් නෙතුලි මළණුවන් සමග බස් නැවතුමට පැමිණියාය …මා කලේ ඈ වෙත ලංවී වැළද ගැනීමය ..‘මොකද උනේ කෙල්ලේ … මලිතියි මායි හැමවෙලේම උබව මතක් කරනවා ..’ ‘ නෙතු අපේ අම්මා ඇක්සිඩන්ට් වෙලාලු … මම කාටවත් කියන්නේ නැතිව ගෙදරින් ආවා …මට ඉක්මනට එයාව බලන්න ඕන …උදව් කරපන් මට …’ ‘පාරමී ගෙදර මිනිස්සු කලබල වෙලා ඇති ඉස්සරලා ගෙදරට කෝල් කරලා හිටපන් ..’ නෙතුලි අත තිබු දුරකතනය මා වෙත පෑවේය ‘හෙලෝ අම්මා පාරමී ..’ ‘බබී කොහෙද ඔයා ගියේ …අපි ඔයාව හැම තැනම හොයනවා ….. ‘’ ‘මම නුවර ආවා අම්මා …’ ‘ඔයා හිතුවක්කාර ගමන් ගියාම අපි ඔයාගේ අම්මාට දෙන උත්තරේ මොකක්ද පාරමී ..’ ‘මට සමාවෙන්න අම්මා …. මට මගේ අම්මාව බලන්න ඕන උනා ..’ මංජු අම්මා සිටින්න ඇත්තේ මා පිලිබදව කලකිරීමෙනි …. කෙදිනකවත් නැති ලෙස බොහෝ දොස් කියා ඈ දුරකථනය තැබුවාය …. ‘දැන් කියපන් ඔබ දන්නවද අම්මා ඉන්න වෝඩ් එක ..’ ‘මම කිසි දෙයක් දන්නේ නැහැ …. අද දවල් ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ ‘’ ‘අපි හොස්පිටල් එකට ගිහින් බලමු …අද අපේ අම්මිත් නයිට් ශිෆ්ට් වැඩ ..’ නෙතුලි ඇගේ අම්මා මාර්ගයෙන් රෝහල් පොලිසියෙන් විස්තර දැනගත් හෙයින් හදිසි අනතුරු ඒකකයේ උන් අම්මා පිළිබද සොයා ගැනීමට එතරම් අපහසු වුවේ නැත ….‘ඩොක්ටර් ….. රුචිරා ඉරුගල්බණ්ඩාර කියලා පේෂන්ට් කෙනෙක් ගෙනාවද අද දවල් ඇක්සිඩන්ට් වෙලා ..’ වාට්ටුවේ උන් වෛද්‍යවරයා නෙතුලිගේ මවගේ හිතවතෙකි ….. ‘ආ …ඔය කියන්නේ අද දවල් පේරාදෙණිය පාරේදී උන ඇක්සිඩන්ට් එකනේ ..’ ‘ඔව් ඩොක්ටර් …’ ‘ ඒ පේෂන්ට් නම් තාම අයි සි යු එකේ … පොඩ්ඩක් අමාරු කේස් එකක් වගේ ..’ වෛද්‍යවරයාගේ මුහුණේ තිබුනේ බරපතල බවකි … ‘මොකක්ද ඩොක්ටර් වෙලා තියෙන්නේ ..’ ‘ ඇක්සිඩන්ට් එකේදී මෙයාගේ අස්ථි ගොඩක් බිදිලා තියෙන්නේ ..අනිත් එක මොලයේ ස්නායු වලට බරපතල විදිහට හානි වෙලා ….ජිවත් උනත් කෝමා තත්වයෙන් තමා …’ වෛද්‍යවරයා වාක්‍ය අවසන් කිරීමට උවේ නැත …. මා ක්ලාන්ත වී ඇදගෙන වැටුනෙමි .. ‘නෙතු මගේ අම්මා ..’ නැවත සිහිය එනවිට මා උන්නේ රෝහල් යහනක් මතය .. මට දැනුනේ සියල්ල නිමාවීමට ආසන්නය යන සිතුවිල්ලය …‘පොඩ්ඩක් හිටපන් කලබල වෙන්නේ නැතිව ..ම්ම් උබව එතනට එක්ක යන්නම් …’’ නෙතුලි මා සනසන්න උත්සහා කළායහදිසි අනතුරු ඒකකයේ අසාධ්‍ය තත්වයෙන් උන් අම්මා බැලීමට මට අවසර ලැබුනේ නෙතුලිගේ අම්මා නිසා යැයි කිවොත් නිවැරදිය … ‘අම්මා …’ මගේ දෙතොල් වෙව්ලා දෙනෙතින් කදුළු ගොඩක් ගැලුවේය මුළු ඇග පුරාම වෙළුම් පටි දමා තිබු අම්මාගේ මුවට කෘතීම ස්වසනය ලබාදී තිබුනේය … අම්මා අසනීපයක් සැදී කිසිදිනක මේ ලෙස වැතිර සිටිනු මා දැක නැත … මේ අසරණව වැටි සිටින්නේ මගේ අම්මාය …. කුමක් කලත් ඇය මට වැරද්දක් වෙන්න දුන්නේ නැත ….. අම්මා කොතරම් වැරදි කලත් ඈ මගේ අම්මාය ….දස මසක් කුස හොවා බිහිකළ මගේ අම්මාය ….ඉතින් මා සියලු දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ ඈ සුවකර දෙන ලෙසය …. මතු සම්බන්ධයි