~~~~ආදර පාරමී ~~~39 කොටස
මේ ගොම්මන් යාමයේ පාළු සුසාන භුමියට මා සොයා පැමිණියේ කවුරුන්ද … මොහොතකට හුස්ම නැවතුනා සේ දැනෙද්දී මා හැරී බැලුවෙමි …මා අසලින්ම පතාක යෝධයෙක් සේ හිටගෙන .. දුක්බර බැල්මක් දෑස දරාගෙන උන්නේ හිම්සරය …‘පාරමී … ’ උරහිස මත තබාගෙන උන් අත ඉවත් නොකරම ඔහු මා දෙස බලා ඉද්දි සිරුරේ හැම රෝම කුපයක්ම කෙලින්වී ගත හිරි වැටි දුක දෝරේ ගලා යන්න එතරම් වෙලාවක් ගියා නොවේ . ‘ හිම්සර මගේ අම්මා …එයා යන්න ගියා …මාව දාලා සදහටම යන්න ගියා .. … මට හිතෙනවා මම ගොඩක් තනිවෙලා කියලා …..’ කදුළු ඇස් වලින් දොරේ ගලා යද්දී මා ඉකිබින්දෙමි … ‘පාරමී අඩන්න එපා ඔය විදිහට ….’ මගේ උරහිස මත නතරවී තිබු හිම්සරගේ දෑතට හසුවී උරහිස් මිරිකී ගියේය …‘නාඩා ඉන්නේ කොහොමද හිම්සර ….පුංචි කාලේ ඉදලා එයයි මාව බලාගත්තේ … . එයා නරක ගැහැනියක් උනේ ඉබේටම නෙවෙයි මේ සමාජයයි එයාව නරක ගැහැනියක් කලේ …එයා ආදරේ කලේ හැමදාමත් තාත්තාට විතරමයි ….’ මට උවමනා උවේ අම්මා නරක ගැහැනියක් නොවන බව කියන්නය ….. ඇයද සිතාවකි … කොතරම් තිරිසනුන් අතර උන්නද ඇය තාත්තා වෙනුවෙන් පතිදම් රැක්කාය … චන්ද්‍ර කින්නරාවියක් නොවූ අම්මාගේ ලය තාත්තාට බැදී ප්‍රේමය නමින් පැලි නොගියාට ….ඇය ඔහුට පෙම් කලේ අමතක කර දැමිය අයුරින් නම් නොවේ …. අම්මා මිය යනතුරුම පෙම් කලේ තාත්තාටම පමණකි … ‘ඔයා ඔහොම ඇඩුවා කියලා අම්මා ආපහු එන්නේ නැහැනේ ….කෝ නැගිටින්න ගෙදර යන්න . … දැන් ගොඩක් රෑ වෙලා තියෙන්නේ ….’ නිවී යෑමට ආසන්න ඉටිපන්දම් සීල දෙස බලා උන්නා මිස මට මෙතැනින් පිටවී යෑමට උවමනා නොවුනි … ‘පාරමී මේ ගොම්මන් වෙලාවේ පාළු සොහොනක් කියන්නේ ගැහැණු ළමයෙකුට ඉන්න සුදුසු තැනක් නෙවෙයි … ‘’ එසේ කි හිම්සර උරහිස් වලින් අල්ලා බලෙන්ම මා නැගිටුවද්දී මම ඉබේම ඔහු වෙත ඇදී ගියෙමි … ‘අම්මා ඉන්න තැන තමා පැහැසර ගැහැණු ළමයෙක්ට ආරක්ෂාව තියෙන්නේ .. මට මෙතන ඉන්න ඕන හිම්සර අම්මා ගොඩක් තනිවෙලා ඉන්නේ …’ පිස්සියක සේ දොඩවන මගේ හිස අල්ලාගෙන බලෙන්ම ඔහුගේ පපුවට තුරුළු කරගත් හිමසර රළුව මගේ හිස පිරිමැද්දේය … ‘පාරමී අම්මා මැරිලා ඉන්නේ … එයා ජීවත්වෙලා ඉද්දිවත් ඔයා ආරාක්ෂා කලේ නැහැ … ඉතින් මැරුණට පස්සේ ඔයාව ආරක්ෂා කරන්නේ කොහොමද …’ හිම්සර පැවසුවේ උස් හඩිනි ‘ එහෙම කියන්න එපා හිම්සර එයා වැරදි නැහැ …. මගේ අම්මා වැරදි නැහැ ..’ හිම්සර මගේ අම්මාට එරෙහිව කිසිවක් පවසනවා දකින්න මට උවමනා උවා නොවේ ….‘ හරි දැන් එනවා යන්න …. ‘ හිම්සර සුසාන භූමියෙන් පිටව ගියේ මගේ අතකින් ඇදගෙනමය … එසේ නොකලොත් මගේ මුරණ්ඩුකම පාලනය කිරීමට නොහැකි බව ඔහු දැන සිටින්න ඇත සුසාන භුම්යේ සිට නිවස දක්වා දුර අප ගමන් කලේ නිහඩවමය ….කියන්න බොහෝ දේ තිබුනත් අප දෙදෙනාම උන්නේ වදනකදු නොදොඩමිනි … ‘ඔයා කොහොමද මම මෙහෙ කියලා දැනගත්තේ …’ ගේට්ටුවෙන් ඇතුළට විත් පිටතින් උන් ඔහු දෙස මා දෑස් විදා බැලුවෙමි ..‘මට නිකිල් කෝල් කරලා කිවා …’ නිකිල් යනු නෙතුලිගේ පෙම්වතා බවත් ඔහු හිම්සරගේ මිතුරා බවත් මට සිහිවුවේ එවිටය …‘ආ …මට අමතක උනා නේ ඔයාගේ යාළුවො නුවර ඉන්නවා කියලා ..’ මා සිනාසීමට උත්සහ කලත් සිනාවක් නම් මුවට නාවේමය‘එහෙම තමා මට ලංකාව පුරාම යාළුවො ඉන්නවා ……අනික මාත් මේ නුවර අවුරුදු ගානක් හිටියා නේ. ’ ‘මට අමතක උනානේ…’ ‘හ්ම්ම්ම්ම් …. පාරමී හෙටම ගෙදර යන්න ඕන ….’ ඔහු කරන්නේ ඉල්ලීමක් නොවේ අණකිරීමකි ‘ මට බෑ …’ ‘පාරමී කාත් කවුරුත් නැතිව මේ ගෙදර ඔයා තනියම ඉන්නේ කොහොමද …’ ‘මම අනන්තවත් මේ ගෙදර තනියම ඉදලා තියෙනවා …. ඉතින් මට මොන තනියක්ද …’ මම කලේ ඔහුට එකට එක කීමය …‘පාරමී මම කියන කිසිම දෙයක් අහන්නේ නැහැ … අනේ මන්දා ‘’ අවසානයේ හිම්සර පරාජය භාරගත්තේ මාත් සමග තර්ක කර පලක් නැති නිසාවෙන් විය යුතුය .. හිම්සර ඔහු කියන දේ මට අසන්න තිබුණි … ඒ ඔහු මගේම විතරක් උනා නම් …. නැත ඔහු මට හිමි නැත .. ඔහු අන් යුවතියකගේය … ඉතින් මට කිසිවක් පැවසීමේ අයිතියක් ඔහුට දැන් නැත …. ඉතින් මට උවමනා උවේ තනිවීමටය ‘හිම්සර දැන් ඔයා යන්න …. ඔයා යන්න ඔයාගේ මින්දුලි ලගට …..ඔයා මොන අයිතියකටද මං ගැන හොයන්නේ ….. මට ටිකක් තනියම ඉන්න ඕන …’ හිම්සර ගේට්ටුව ලග සිටියදිම මා ඔහුට පිටුපා නිවස දෙසට ඇවිද ගියෙමි . … ‘පාරමී …පාරමී මේ අහන්නකො ..’ ගේට්ටුව අසල උන් හිම්සර මා අමතනවා ඇහුනත් මා නොඇසුනා සේ ගෙතුලට රිංගාගෙන දොරගුළු ලා ගතිමි ….********පසුදා මා අවදිවුවේ මෙතෙක් දිනක් බොහෝ නිහඩව තිබු නිවසේ දුරකථනය බොහෝ දිනකට පසු නාද වීම නිසාය .. මේ නිවසේ දුරකථන අංකය දැන උන්නේ අතලොස්සකි මේ කවුරුන් විය හැකිද …‘මේ කතා කරන්නේ පාරමී ඉරුගල්බණ්ඩාර ද ..’ ‘ඔව් …’ ‘ඔයා අදුරනවාද හිම්සර කියලා පිරිමි ළමයෙක් …’ හිම්සර ඔහු පෙරදා නික්ම ගියේ අමනාපයෙනි . …ඔහුට කරදරයක් වී ඇතිද …මොහොතකට මගේ හිත තුල ඇතිවුවේ මහා චණ්ඩ කුණාටුවකි ..පපුව රිදෙන්න ගත්තේ හදවත් රෝගයක් හැදෙන්න එන්නාක් මෙනි ‘ඔව් …ඔව් හිම්සරට මොකද ..’ ‘හිම්සරට පොඩි කරදරයක් මිස්ට පුළුවන්ද නුවර ජෙනරාල් හොස්පිට්ල් එක ලගට එන්න …’ දෙවියනේ හිම්සර කිසියම් වැරදි දෙයක් ජිවිතයට කරගත්තාද …‘මම ඉක්මනින් එන්නම් … ‘’ දඩාරියන් හඩින් රිසිවරය බිමට හෙලා ඇද උන් ගවුම පිටින්ම මා එලියට බැස්සේ අසිහියෙන් මෙනි …. හිම්සර ඔහුට කිසිවක් සිදුවුවහොත් එය සිදුවන්නේ මගේ වරදිනි …. පාර දිගේ ඉදිරියට ගිය මා ඉදිරියෙන් පැමිණි ත්‍රි රෝධ රියකට අත දමා නවතාගෙන එයට නැග ගතිමි … අර මිනිසා මට ඉන්න කියූ ස්ථානයේ කිසිවෙකු නැත … මම හතර අත දෑස් කරකවා බැලීමි . අනේ දෙවියනේ හිම්සරට යම් අනතුරක් සිදුවී ඇතිද … ‘පාරමී ….’ බියෙන් ගැහෙමින් තිබු හිත මදක් නිවුණේ මා ඉදිරියේ හිටගෙන සිනාසෙමින් උන් හිම්සර දුටු විටය ….‘හිම්සර ඔයාට කරදරයක් නැහැ නේද …’ ඔහු අසලට දිව ගොස් ඔහුගේ හිසේ සිට පාදාන්තය දක්වා හෙළු බැල්ම නැවත මුහුණ මත තබාගෙන මා විමසුවෙමි ‘ බය උනාද …’ ‘ඔව් මම ගොඩක් බය උනා …බලන්න මාව තාම ගැහෙනවා …’ හිම්සරගේ මුවේ සරදම් සිනාවකි ‘මට සමාවෙන්න පාරමී …මම බැලුවේ ඔයා තාම මට ආදරේ කරනවාද කියලා ..’ ‘හිම්සර ඔයා යන්න … ඔය විදිහට බොරු කියලා මාව බය කරන්න දුක නැද්ද …’ වේගයෙන් කියවාගෙන ගිය මා ආපසු යෑමට හැරුනෙමි ‘පාරමී මං ගැන තාම හිතනවා නේද …’ අඩියක් පෙරට තබාගෙන උන් මා පිටුපස හැරී බැලුවෙමි …බොහෝ හැගීම්බර බැල්මකි ඔහුගේ මුහුණේ රැදී තිබුනේ ….‘හිම්සර ඔය විදිහට බලන්න එපා …’ ඒ බැල්ම දරාගත නොහැකිව මා කලේ ඉවත බැලීමය …‘ආදරෙයි පාරමී මම ගොඩක් ..’ ඒ හැගීම්බර හඩට කතා කලේ මගේ හිතටය …‘මම යනවා හිම්සර ….’ හිම්සර මගේ මාර්ගය ඉදිරියට පැන අවහිර කළේය …‘යන්න එපා පාරමී …’ හිම්සරගේ හඩේ වුවේ වේදනාවකි … අදහන්න හිත සැලි ගියේය … එලෙසින්ම හිද ඔහුගේ දෑස් වල තිබුණු හැගීම් තේරුම් ගන්න උත්සහා කළා මිස මා ඉහලට ගත් හුස්ම උව මොහොතක් යනතුරු පහලට නොහෙලා උන්නෙමි … ‘හිම්සර මාව දාලා ආපහු යන්න යයි … මින්දුලි පව් ‘’ ජීවත්වෙන්න නම් හිම්සරගේ ආදරය නොමැතිව බැරි බව දැනෙද්දී මා එලෙස පැවසුවෙමි …… ‘මට ඔයාවයි ඕන පාරමී ….. ඔයා විතරයි …’ ‘මින්දුලි මැරෙයි …’ ‘මැරිලා ගියාදෙන් … මට මොකද … මට ඕන ඔයාව පාරම් තේරුම් ගන්න ……’ ‘මාත් ආදරෙයි හිම්සර … මාව තනි කරන්න එපා . ….මට මේ ලෝකේ ඉන්නේ … ඔයයි තාත්තයි විතරයි ….’ ‘මම කවදාවත් ඔයාව තනි කරන්නේ නැහැ …. මගේ ඇස් දෙක වගේ ඔයාව බලා ගන්නවා ..’ හිම්සර ආදරේ වෙනුවෙන් බොහෝ පොරොන්දු දෙද්දී මා ඔහුට එකග වුවේ වශිවුවාක් මෙනි …..මට හොදාකාරව යම් දෙයක් දැනුනි ..ඒ නම් …හිම්සර නොමැතිව මට ජීවත්වීමට නොහැකි බවයි .. මතු සම්බන්ධයි