~~~~ ආදර පාරමී ~~~~~~46 කොටස
‘ඇයි …ඇයි…. ඔයා මගේ හිම්සරවම ආදරේ කරන්න තෝරා ගත්තේ ….මින්දුලි … නංගි ඔයාට තිබ්බේ හිම්සර මට ආදරේ කරනවා කියලා දැනගත්ත දවසේ එයාගෙන් ඈත්වෙන්න ….. ‘’ඇසින් ගලා ආ කදුළු නතර උවා නොවේ .. දරාගෙන බොහෝ දරාගෙන මා කතාකලේ බොහෝ සංසුන්වය … ‘මම ජිවිතේ පළවෙනියට ආදරේ කලේ හිම්සර අයියාට ….. හිතක ඇතිවෙච්ච පලවෙනි ආදරේ අමතක කරන්න අමාරුයි අක්කි ..හිම්සර අයියා ඔයාට ආදරේ කරනවා කියලා දැනගත්ත දවසේ මම මැරිලා ගියා නම් ඉවරයි … ඒත් මට හිම්සර අයියාව නැතිව මැරෙන්නවත් බැහැ …. ’උන් තැනම වැටි වැළපෙන මින්දුලිගේ හිතට දැනෙන වේදනාවට දස දහස් ගුණයකින් වැඩි වේදනාවක් මා විදින බව ඕ නොදන්නවා විය හැක ‘මම නැති උනොත් හිම්සර විනාශ වෙලා යයි .. ඔයා ඈත්වෙන්න හිම්සරගෙන් … මම එයාව අරන් යනවා ’’හිම්සර වැටි උන්නේ කාත් කවුරුත් නැති එකෙකු ලෙසටය ….ඔහුගේ මව් පියන් සියල්ල දැනගත් පසු බොහෝ දුක්වෙනු ඇත … දක්ෂ රගර් ක්‍රීඩකයෙකු වූ ඔහු ප්‍රේමය නිසා විනාශවී ගියොත් මගේ සිතවත් මට සමාවක් නොදෙනු ඇත .. ඉතින් කල යුත්ත මා තීරණය කලෙමි …‘අක්කි මට ආයේ පිස්සු හැදෙයි … හිම්සර අයියා නම් ගෙනියන්න එපා …’ මගේ තීරණය ලග කුඩා යුවතිය සැලි යන්න ඇත … යා යුතු තැනක් හෝ නොදැන මා ගත් තීරණයේ හරි වැරැද්ද පවා මා නොදැන උන්නෙමි ….‘ඔයා මොනවා කිවත් මම මගේ තීරණය වෙනස් කරන්නේ නැහැ ..’ ඈ බලා සිටියදීම හිම්සර වැටි උන් යහන අසලට ගොස් මා ඔහු වෙත ලන්වුවෙමි ‘හිම්සර නැගිටින්න අපිට යන්න තියෙනවා …’ හිම්සරගේ උරහිසෙන් අල්ලා සොල්වද්දී ඔහු යාන්තමින් දෑස් විවර කළේය ..‘කොහෙද යන්නේ …’ මත්ගතිය පහව නොගිය ඒ හඩ සැලුනේය …. ‘මම දන්නේ නැහැ …ඒ උනාට අපි මෙහෙන් යන්න ඕන …’ හිම්සර ඔහු මා දෙස බලා උන්නේ කිසිවක් තේරුම් ගත නොහැකිවා මෙනි ‘පාරමී යන්න මට මෙහෙ හොදයි …. මම එළියට ගියොත් මාව පොලිසියෙන් අල්ලාගෙන යයි ..’ ‘ එහෙම මොකුත් වෙන්නේ නැහැ …. ඕනෑම දෙයකට පාරමී ඔයා ලග ඉන්නවා හිම්සර ….ඔයාට මෙහෙ ගැලපෙන්නේ නැහැ …. මට පොඩ්ඩක් හරි ආදරයක් තියෙනවා නම් අපි දැන්ම මෙහෙන් යමු …’’මද වෙලාවක් කල්පනාවෙන් මෙන් උන් ඔහු වැටි උන් යහනෙන් නැගිට එහි අසුන්ගත්තේ මා පිළිබද විශ්වාස කර විය යුතුය … හිම්සර ලගින් බොහෝ ලගින් අසුන්ගෙන අපිළිවෙලට ඇදගෙන උන් කමිසය පිළිවෙලට සකස් කර විවර වී තිබුණු බොත්තම් පියවූ මා අවුල්ව මුහුණ මත වැටි තිබු කෙස් වැටිය පිළිවෙලට සැකසුවෙමි ..‘ පාරමී .. මම වැරදි …මට ගොඩක් ආදරේ කරන ඔයාව අවිශ්වාස කරපු මම වැරදි ..’ හිම්සරගේ පාමුල අසුන්ගෙන ඔහුගේ පාදයන්ට පාවහන් පළදන මා දෙස බලා උන් හිම්සරගේ දෑසේ කදුළකි ‘ ආදරේ කරද්දී වැරදි වැටහීම් වෙනවා හිම්සර අපි ඒ වැටහීම් නැතිකරගෙන ඉස්සරටත් වැඩිය ආදරෙන් ඉමු …අපිට අපි විශ්වාස නම් කාටවත් බෑ අපේ බැදීම කඩන්න ….’ ‘මම පොරොන්දු වෙනවා පාරමී ඔයාට දුකක් දෙන්නේ නැහැ සතුටක් වෙනවා ඔයාට හැමදාම …’ මද වෙලාවක් මා දෙස බලා උන් හිම්සර මගේ හිස මත ඔහුගේ අතක් තැබුවේය …‘මම ඔයා විශ්වාස කරන්නම් හිම්සර ..’ ඇස් වලට කදුළු ඉනුවේ දුකට නම් නොවේ සතුටටය ..‘අයියා යන්න එපා ….’ හිම්සරගේ අතින් අල්ලාගෙන කාමරයෙන් එලියට බසිද්දී මින්දුලි මග රැක උන්නාය ..‘මම යනවා නංගි ….ඔයා බය වෙන්න එපා මම යන්නේ මගේ ආදරේ එක්ක ..’ හිම්සර බොහෝ සෙමින් පවසද්දී මින්දුලි ගේ දෑසින් සට සට ගා කදුළු ගලා බැස්සේය .. ‘එතකොට මම ..’ ඈ කතා කලේ හුස්මක් උව නොගෙනය ..‘ඔයාට මම ආදරේ කලේ නැහැ නංගි ..අනුකම්පා කළා විතරයි … ’ ‘ඇයි අයියා ඔයා මට ආදරේ කලේ නැත්තේ …. මම ආදරෙයි ඔයාට ..’ මින්දුලි අඩා වැටෙද්දී තවත් කිසිවක් නොපැවසූ හිම්සර මගේ අතකින් තදින් අල්ලාගෙන අඩියක් දෙකක් පමණ පෙරට ඇවිද ගියේය … ‘හිම්සර ඔයා ඉන්නවද …නැතිද ..’ මින්දුලි පෙරට විත් මග අවුරාගෙන උන්නාය … ඇගේ කටහඩේ උවේ පෙර මෙන් දුකක් නොව කෝපයකි …‘ මින්දුලි නටන්න එපා …. අයින් වෙනවා එහාට …’ තප්පරයක් දෙකක් ගෙවී යන්න ඇත … මින්දුලි පසුපසට කරගෙන උන් අත පෙරට ආවෙත් … මගේ ලය හරහා උල් තියුණු යම් දෙයක් සැගවී ගියෙත් එක්වරය ….සිදුවුවේ කුමක්ද …කියා හෝ සිතන්න නිමේෂයක් නොවුණු තරම්ය ..‘ආආආඅ ….. අම්මේ …’ මා වේදනාව දරාගත නොහැකිව කෑ ගැසුවෙමි …‘පාරමී …..මින්දුලි මොනවද මේ කලේ #%%$% ..’ හිම්සර ගේ දෙක වෙන්න කෑ ගසමින් වැටෙන්න නොදී මා දෝතට උස්සා ගද්දි මට දැනුනේ මේ මගේ ජිවිතයේ අවසාන මොහොත වෙන්න ඇත කියාය …‘පාරමී බයවෙන්න එපා රත්තරන් ඔයාට මොකුත්ම වෙන්න මම ඉඩ තියන්නේ නැහැ…. ‘’ හිම්සර තවත් මොහොතකදු පමා නොවී පිය ගැට පෙළ බසිද්දී මා ඔහුගේ ලයට තුරුළු වී දෑස් පියාගත්තේ සියල්ලේ අවසානය මේ යැයි සිතාය …මතු සම්බන්ධයි