~~~~~~ ආදර පාරමී ~~~~~48 කොටස
ඒ මගේ හිම්සරය …. අමතක කර දමන ලෙස පවසා යන්න ගියේ මගේ හුස්ම සරි ප්‍රේමයයි ….හිත මහා හුගක් රිදී තිබුණි .. ඇස්වල පිරුණු කදුළු වලට වැට බදින්න නොහඩා ඉන්න මට උවමනා නොවුනි … හිතේවූ මහා බර අඩුවීමට නම් මා හඩා වැටිය යුතුය ….. දෑස් වල කදුළු අවසන්ව යනතුරු හඩා වැටුනත් මේ හිතේ දුක නම් පහව නොයන බව සහතිකය … අහිමිව ගියේ මා බෙහෙවින් පෙම් කල ඔහුය …‘අඩලා හරි ඔයාගේ හිත හැදෙනවා නම් ඔයා ඇති තරම් අඩන්න බබී ..’ තාත්තා මට අඩන්න එපා යැයි පැවසුවේ නැත … ප්‍රේමයේ වේදනාවක් බව ඔහු තරම් කිසිවෙකු දන්නේ නැත …මන්ද ඔහුද අම්මා නිසා මංජු අම්මා නිසා මේ වේදනාව විද ඇති බැවිනි … ඇඩුවා කියා මේ හිතේ වේදනාව මැකී යනවා නම් මේ වේදනාව නිමාවක් වෙනු ඇත …. එහෙත් හිත බරවුවා මිසක් හිතේවූ වේදනාව දුක මදකදු අඩුවී නොගියා සැබෑය …ප්‍රේමය නිසා මා බොහෝ දේ උගතිමි ….. කිසිවෙකුගෙන් ප්‍රේමයක් නොලද කාලයක මගේ ජිවිතයට පැමිණි හිම්සර මගේ ජිවිතයේ බොහෝ දෑ වෙනස් කළේය …. හිම්සර ඒ ඉස්සර දවස් බොහෝ සුන්දරය …මා එනතුරු මග බලා උන් ඔබ මගෙන් කිසිදු බැල්මක් නොලබාම හැරී ගිය දින කොතරම් නම් තිබුනාද .. ඔබ මා නිසා නුවර අතෑරියේය … අවසානයේ ඔබ මගේ හිත දිනාගත්තේය … කොතරම් නම් හිත් රිදීම් නොගැලපීම් තිබුනත් අපි අපිට බොහෝ පෙම් කළෙමු … අපිට වැරදුනේ කොතැනද … මින්දුලි අපේ ජිවිතවලට නොපැමිණියා නම් රහල් ආයෙම මට හමුනොවුනා නම් ඉරණම බොහෝ වෙනස් වෙන්න ඉඩ තිබුණි … එලෙස උවා නම් තවමත් අපි අපේමය …‘බබී හිම්සරගේ නඩුව අද ..ඔයා ලැහැස්ති වෙලා පහලට එන්න ..’ හිම්සර ඔහු නොදැක සති ගානක් බව මට සිහිවුවේ එවිටය …. ‘මම එන්නම් තාත්තා …’ තාත්තා සමග උසාවියට යෑමට මා එකග වුවේ තවත් වරක් හෝ හිම්සර දැක සත්‍ය පවසන ලෙස ඉල්ලා සිටීමටය .. සුදු පැහැති දිගු ගවුමකින් සැරසුණු පසු මගේ මුහුණේ වූ ශෝකිභාවය දෙගුණ තෙගුණ වී පෙනුනේය … ‘බබී දවසට දෙකට ඇදිලා ගිහින් …’ බොහෝ දිනකට පසු මංජු අම්මා කතාකෙරුවේ මා උන් අයුරු දැක සංවේගයෙනි … මද සිනාවක් පා තාත්තාට එකතු උනා මිස මා ඇයට පිළිතුරක් නොදුන්නෙමි …… උසාවි බිමට හිම්සර පැමිණියේ පොලිස් රැකවල් මැදය ….. මට සිතුනේ පෙරට දිව ගොස් හිම්සරගේ ගෙලේ එල්ලිමටය …. ‘තාත්තා අපි හිම්සරට කතාකරමු … ‘ ‘අර හිම්සරගේ අම්මා තාත්තා වෙන්න ඇති .. එයාලා කතාකරනවා නේ අපි ගිහින් පස්සේ කතා කරමු ..’ මැදිවියේ යුවලක් සමග කතාබහ කරමින් උන් හිම්සර මා නොදකින්න ඇත …කතා කරමු යැයි පැවසුවද අපට කතාකිරීමට ඉන්පසු අවසථාවක් නොවුනි … පළමුවෙන්ම කතා කලේ හිම්සරගේ නඩුවයි … දුක හිතුනේ එක වරක් එකම එක වරක් හිම්සර හමුවී මා ගැන සිතන ලෙස අපගේ ආදරය වෙනුවෙන් සත්‍ය පවසන ලෙස පැවසීමට නොහැකිවීම ගැනයි ..හිම්සර ඔහු චෝදනාව භාරගත් නිසා නඩුව දුරදිග නොයවා එදිනම අවසන් කෙරුණි ….ඔහුව වසර තුනකට පුනරුත්ථාපන කදවුරකට යැවීමට නියම කල විනිසුරුවා .. යලිත් මෙවැනි වැරදි නොකරන ලෙස තරයේ අවවාද කළේය … ‘ හිම්සර …’ මා හිම්සර පෙරමගට ගියේ තාත්තාගෙන් අවසරයක් හෝ නොගෙනය .. හිම්සර ඔහු බොහෝ වෙනස්ව ගොසිනි …. ඔහුගේ දෑස්වල උවේ දිනගානක් එක දිගට නිදි මැරූ පෙනුමකි …. සියල්ලට හේතුව මාය …. ඔහු බොහෝ දුක්විදිනවා විය යුතුය ….‘පාරමී …. මම ඔයාට කිව්වා නේ … අපි හම්බ නොවීම ඉමු කියලා …’ හිම්සරගේ වදන් පෙර මෙන්ම තියුණුය රළුය ….. මට බෑ හිම්සර … මම කොහොමද ඔයා නැතිව ඉන්නේ ..’ දෑස් කදුලින් තෙත්විමට ගත්වුවේ නිමේෂයකි ‘කාලෙත් එක්ක හැමදෙයක්ම අමතක කරන්න අමාරු වෙන එකක් නැහැ පාරමී …’ ‘ ඔයා මගෙන් ඈත්වෙලා කොච්චර කල් හිටියත් මගේ හිතේ හැමදාම ඔයා විතරමයි ඉන්නේ ..’ ‘ තේරුමක් නැහැ පාරමී …. මම වගේ නරක මිනිහෙක් ඔයාට ගැලපෙන්නේ නැහැ ..’ ‘හිම්සර මට ඔයාව ඕන …’ ‘ මම යනවා පාරමී .. ඔයා සතුටින් සැනසීමෙන් ඉන්න …. ’ හිම්සරගේ මුහුණේ දුකක් උවා නම් .. නැත ඒ මුහුණේ කිසිදු දුකක් නොවුනි ….. ඔහුට මා හැර යන්න කිසිම දුකක් නැතිද ..මේ අපේ අවසාන හමුවීමද … මගේ හිත අවුල් වියවුල්ව ගොසිනි ….හිම්සර යන්න ගියේ රිදී පෑරි තිබුණු මගේ හිත පයට පොඩි කර පාගමිනි ….. හිත බොහෝ රිදුම් දෙද්දී ලයේ නොවියලුණු තුවාල ඇදුම් දෙන්න විය …. එහෙත් මා දරාගෙන උන්නා මිස සියුම් කෙදිරියක් හෝ පිට නොකලෙමි …. ********කාමරයේ දොරගුළු ලාගෙන හිම්සර පිළිබද සිතුවිල්ලේ උන්නා විනා මා පාඩම් කිරීමට පොතක් හෝ ඇල්ලුවා නොවේ …. බොහෝ වෙලා බලාගත් අත බලාගෙන කල්පනාවේ උන් මා එයින් මිදුනේ කිසිවෙකු දොරට පහරදීම නිසාවෙනි ….‘බබී ….’ විවරවූ දොර අසල හිටගෙන මා දෙස බලා උන්නේ තාත්තාය …‘තාත්තා එන්න කාමරේට ..’ අපිළිවෙලට තිබු කාමරය දෙස බැල්මක් හෙළු තාත්තා සුසුමක් පිටකළේය ‘බබී ඔයා එක්සෑම් කරන්න ඕන …’ මා නිහඩව බොහෝ නිහඩව බලාගත් අතම බලා ඉන්නායුරු දැක තාත්තා දුක් වෙන්න ඇත …. ‘මට එක්සෑම් කරන්න බෑ තාත්තා ….. මගේ හිත හදාගෙන මම කොහොමද එක්සෑම් එකකට මුහුණ දෙන්නේ ….’ ‘ දුව මම කවදාවත් ඔයාට බලකරන්නේ නැහැ … ඒත් ඔයාගේ තාත්තාගේ සතුටත් පොඩ්ඩක් හිතන්න …ඔයා ඔය විදිහට කාමරේටම වෙලා ඉද්දි මම කොහොමද දෙවියනේ හිත හදාගෙන ඉන්නේ .. ‘’ තාත්තාගේ දෑසේ කදුළුය ..‘මම එක්සෑම් කරන්නම් තාත්තා ප්‍රොම්ස් …’ තාත්තා සිනාසුනේ මා විභාගයට මුහුණ දෙන බවට පොරොන්දු දුන් පසුවය … .තාත්තාගේ සිත රිදවනු නොහැකි නිසා විනා විභාගයට මුහුණදීමට ඉන් ජය ගැනීමට මගේ සිතේ කිසිදු ආශාවක් උවා නොවේ … පාඩම් නොකරම මා විභාගයට මුහුණ දුන්නෙමි …. හිම්සර නිදහස්ව උන්නා නම් ඔහුද විභාගයට මුහුණ දෙනවා නොවේද යන සිතුවිල්ල මා බොහෝ විදවුවෙමි … ‘ඉංදු උබ තමා මට හම්බවුන හොදම යාළුවා … අදින් පස්සේ උබත් මට නැහැ නේද …’ විභාගය අවසන්ව පාසල් මිදුලට බැස ඉඳුවරී වැලදගත් මා කදුළු සැලුවේමි .. මෙහිදී මට හමුවූ එකම මෙන්ම හොදම යෙහෙලියද ඉන්දුවරිය …ඕ මේ වසර දෙකේදී මට දුන් මිතුදම නිසාවෙන් නොවෙන්න මා පාසල් ඒම අවසන් කර බොහෝ කල්ය …‘පිස්සි ඉස්කෝලෙන් අවුට් උනා කියලා අපේ යාළුකම නැතිවෙන්නේ නැහැනේ …. කොහේ හිටියත් මම උබේ හොදම යාලුවා …’ ඉඳුවරී මගේ හිත හැදුවද ඇගේ දෑසේද උවේ කදුළකි … ‘පාරමී උබ දැන් හිත හදාගනින් …… හිම්සර ආයෙම උබේ ජීවිතේට එන්නේ නැහැ කියලා දන්නවානේ …පරණ කුණු අවුස්සගෙන දුක් විදින්නේ නැතිව ඒවා වළලලාම දාපන් ..’ සමුගන්න පෙරද ඉඳුවරී පැවසුවේ හිම්සර අමතක කර සතුටෙන් සිටින ලෙසය මට මා අමතක කල හැකිය එහෙත් හිම්සර අමතක කරනම් මට දිවි ගෙවිය නොහැකි බව පවසන්න සිතුනත් දුක් සිනාවක් පෑවා විනා මා ඇයට එරෙහිව කිසිවක් නොකියා උන්නෙමි …අවසන්වූ පාසල් දිවියේ දුක් වෙන්න කියා දෙයක් ඇතිනම් ඒ ඉඳුවරීගේ ඇසුර අහිමිවීම පමණි …. පාසල් ගේට්ටුවෙන් පිටව මා අවට බැලීමි ..හැම අතම ඇත්තේ හිම්සර පිළිබද මතකයන්ය … .. හිම්සර පිළිබද මතකයන් ඇති මේ පාරවල් වල ගමන් කිරීමද සිතට ගෙනාවේ රිදුමකි … හිත බොහෝ රිදෙද්දී මා සියල්ල දරාගෙන පෙරට ඇදුනෙමි …. මතු සම්බන්ධයි