~~~~~ආදර පාරමී~~~~ 13 කොටස

හිමසර නිරන්තරේ මට ඔහු සිහිවිය … ඔහු අන් යුවතියකට පෙම්කරන්නේ නම් මා පිළිබද සොයා බලන බව මට හිතෙන්නේ ඇයි ….. ඔහු දකින විට මගේ සිත නොඉවසිමත් වෙන්නේ ඇයි …. මට සිතන්න බොහෝ දේවල් විය …. ‘රෝසි …. මට හිමසර මතක් වෙන්නේ ඇයි … මම එයාට කැමතිද මන්දා . ….’ යහනේ වැතිරී උන් මා බෝනික්කිය තුරුළට ගෙන ඈ සමග දෙඩුවෙමි .. ‘නැහැ රෝසියෝ .. මම කවදාවත් ඒ මැට්ටාට ආදරේ කරන්නේ නැහැ … එයාව දැක්කම ආදරේ හිතෙනවා තමා … ඒ උනාට ආදරේ කරලා දුක් විදින්න උනොත් කියලා මට ගොඩක් බයයි .. ඔයා දන්නවාද රෝසි එයාට කෙල්ලක් ඉන්නවා . . ඉතින් නම් මම එයා ගැන හිතන්නෙම නැහැ ’ බෝනික්කිය නිසොල්මනේ බලාගෙන උන්නත් මට සිතුනේ ඈ මා කියන්නට සවන්දෙන බවයි … ‘ මොනවා උනත් එයා බලන විදිහට මගේ මුළු ඇගම රත්වෙනවා …. මගේ හුස්ම හිරවෙනවා වගේ දැනෙන්නේ …. මට පිස්සු හැදිලාද කොහෙද … … ’ බොහෝ වෙලා රෝසි සමගින් කියවමින් උන් මා නින්දට වැටුනේ කිනම් මොහොතකද කියා හෝ මා නොදැන උන්නෙමි …. වෙලාව මැදියම් රැයට ආසන්න වන්න ඇත ..මා අවදි වුවේ නොනවත්වා දොරට පහර දෙන හඩකිනි … ලය මත වැටි උන් බෝනික්කිය තුරුළු කරගෙනම යහනේ අසුන්ගත් මා පිටතින් එන හඩට කන්දුන්නෙමි .. ‘බබී …බබී ….දොර අරින්න ..’ දොර දෙසින් ඇසුනේ අම්මාගේ කටහඩයි …. ඇයට දින ගානකින් දියණියක් සිටින බව මතක් වෙන්න ඇත .. වෙනදා ඈ එනතුරා අවදිව සිටින මාට අම්මා දැකීමට හෝ උනන්දුවක් නොවිය …. ‘ ….. මිස් යු බබී …’ විවර කරගෙන උන් දොරටුවෙන් ඇතුළු වූ අම්මා ගමන් මල්ල පසෙක තබා මා තුරුළු කරගැනීමට මෙන් පාදයක් ඉදිරියට තබද්දී මම පිටුපසට වීමි … ‘ අල්ලන්න එපා මාව … ඔයා මාව තනිකරලා මෙච්චර දවස් පිට හිටියේ කොහොමද ’ මගේ වදන් සැර වැඩිවෙන්න ඇත .. බලාගෙන ඉද්දි වගේ ඇගේ මුහුණ අදුරුවී ගියේය …. ‘බබී මාත් එක්ක තරහද …. ’ අම්මාගේ වදන් වල තිබුනේ දුකකි ‘ නිකමටවත් හිතුනේ නැද්ද …. ඔයාගේ දුව මේ බිත්ති හතර ඇතුලේ තනිවෙලා ඉන්නේ කියලා .. මිනිහෙක් තියා සතෙක්වත් කැමැති නැහැ තනියම ඉන්න …ඒත් මම ගොඩක් තනිවෙලා .. ඇයි දෙවියනේ මම මේ තරම් කාලකන්නි කෙල්ලෙක් උනේ .. ’ බෝනික්කිය තදින් ලයට තුරුළු කරගත් මා නොහඩා ඉන්න උත්සහ කලද පලක් නොවිය දුක ඉකිබිදුමක් සරින් මුවෙන් පිටවෙන්න වැඩිවෙලාවක් ගතවී නොගියේය …. ‘ඔයා දන්නවාද අම්මා … මම මේ ගේ ඇතුලේ හුස්ම ගන්නෙත් බයෙන් … මේ තනිකම නිසා මගේ පපුව පැලිලා මැරෙයි කියලා ….. ඔයා මාව තාත්තා ලග දාලා එන්නයි තිබුනේ …. එහෙම උනා නම් එයා මාව ආදරෙන් බලාගයි ..’ දෑස් විසල් කොටගෙන බලා උන්නා විනා එකම එක වදනකදු අම්මාගේ මුවෙන් පිටවුවේ නැත …. කිසිදිනක ඇගේ සිත රිදවා නැති දියණියගේ හදිසි වෙනස ඇයට පුදුමයක් වෙන්න ඇත … ‘ මට සමාවෙන්න බබී …’ තවත් එතැන රැදෙන්න මට උවමනා නොවිය ….කාමරයට දිව යනවිට ඈ එසේ පවසනවා ඇසුනත් ඇය වෙනුවෙන් දීමට පුංචිම පුංචි සමාවක්වත් මගේ හිතේ ඉතිරිව නොතිබුණි ….ඇයට ආදරේ කල තරමටම මා ඇයට වෛර කිරීමට පටන්ගෙන උන්නෙමි … කිසිදු දියණියක් තම අම්මාට වෛර කල නොයුතුය … දස මසක් කුස හොවා ලේ කිරට හරවා දියණිය පෝෂණය කල අම්මා කෙනෙකු පිළිබද සිතෙහි තරහක් පිළිසිද ගැනීමද පවකි …එහෙත් මා ඒ පාපයට හසුවී හමාරය …ඒ මගේ අම්මාගේ ක්‍රියා කලාපය නිසාය …. ‘බබී මම ඔයාට ගෙනාවේ මොනවාද බලන්නකෝ ..’ පාසල් යෑමට සුදානම් වෙමින් කැඩපත ඉදිරියේ උන් මා කැඩපතින් පෙනෙන ඈ දෙස බැලුවෙමි .. කොණ්ඩය පාට කොට කෙට් කර කපා උන් ඇගේ පෙනුම ලාබාල විය .. ඈ දකින ඕනෑම අයෙකු සිතනු ඇත්තේ ඈ අවිවාහක තරුණියක් බවයි .. ‘මේ බලන්නකෝ මම ඔයාට මේකප් සෙට් එකක් ගෙනාවා හරිම එක්ස්පෙන්සිව් … බලන්නකෝ පොඩ්ඩක් … ‘ අම්මා මා දෙසර පෑවේ බොහෝ වටිනාකමක් ඇති රූ අලංකරණ කට්ටලයකි … බාහිර ආටෝපයන්ට අකැමති බව දැන දැනම ඈ මා වෙනුවෙන් ගෙනා තිළිණය පිළිබද මට ඇතිවුවේ පුදුමයකි … ‘ මට එපා ඕවා …. ’ සිනාවක් නැති මුවෙන් අම්මා දෙස බැල්මක් හෙළු මා පොත් බෑගය කරේ එල්ලා ගතිමි .. ‘ඇයි බබී මගේ හිත ඔය තරම් රිද්දන්නේ …’ ඇඩුම්බර ඇගේ කටහඩ මගේ හිතට අනුකම්පාවක් ගෙන ආවේ නැත . ‘ අඩු ගානේ ඔයා තමන්ගේ දුවගේ කැමැත්තවත් දන්නවාද …… ඔය විකාර වලට මම ආස නැහැ කියලා දැන දැනම ඔයා මේකප් සෙට් එකක් ගෙනත් … මට මේවා එපා ….. මම ආස නැහැ ..’ මගේ කටහඩ උවමනාවට වඩා උස් වෙන්න ඇත ….. ඇගේ දෑස් වලට කදුළු පිරෙද්දී තවත් ඈ දෙස නොබලා මා නිවසෙන් පිටතට අඩිය තිබ්බෙමි … පෙරදා මහා වැස්ස නිසා ලිස්සන සුළුවූ පොළව මත මා පය තිබ්බේ පරිස්සමටය ….. බිමට යොමාගත් නෙතින් ගමන් කල මං හිස නොඉස්සු තරම්ය ..කිසිවෙකු දෙස බලා සිනාසීමට හෝ මා බියවිමි … ‘බබී ස්කුල් එක ගාවින් දාන්නම් නගින්න …’ වේගයෙන් විත් පසෙකින් නැවතූ මෝටර් රථයේ ඉදිරි අසුනේ උන්නේ අම්මාය ….. අනිත් පස රියදුරු අසුනේ සිට නොහික්මුණු බැල්මෙන් මා දෙස බලා උන්නේ චමින්දයි …. ‘මම බස් එකේ යන්නම් …’ ඈ කෙරේ සිතෙහි වූ නොපැහැදීම වැඩිවෙමින් පැවතුනි .. ‘බබී මුරණ්ඩු නැතිව නගින්න …’ ‘යන අහක යන්නකෝ මට වදනොදී …’ දරාගත නොහි මා දත්මිටි කෑවෙමි … ‘අපි යමු චමින්ද ..’ තවත් නිමේෂයකින් මා පසුකර රිය වේගයෙන් ඉදිරියට ඇදී ගියේය … රිය නොපෙනී යනතුරුම මා නොසෙල්වී උන්නෙමි … බස් නැවතුමේ රැදි ඉදිරිය බලා උන් මල්ෂා සහ ඇගේ යෙහෙලියන් සිනාසෙන්නේ මට විය යුතුය ….. මගේ හිතට වේදනාවක් දැනුනේ මා ගැනමය … සිහින් සිරිපොද වැස්සක් හෙමි හෙමින් කඩාහැලෙන්න පටන් ගත්තේ නොසිතු මොහොතකය .. ‘මොකද තෙමෙන්නේ …..’ මා ලගින් ඇසුනේ හිමසරගේ කටහඩයි … පාසල් නිල ඇදුමෙන් සැරසී උන් ඔහු බෙහෙවින් කඩවසම්ය …. ‘ එනවා යන්න …. ’ සිතන්නත් පෙරම මගේ දකුණතින් අල්ලාගත් ඔහු බස් නැවතුම තුලට දිව ගියේය … ඉදිරියේ උන් මල්ෂා ඉර්ශ්‍යා දෑසින් බලා ඉද්දි හිම්සරගේ අතක රැදී තිබු අත මුදාගෙන මා පසෙකට වීමි ‘ පාරමී දුකින් වගේ ඉන්නේ ඇයි …..’ ඔහු කතා කරන්නේ හදවතටය …. ඉතින් මට උවමනා වුවේ ඔහු හමුවේ මගේ දුක කීමටය …. ‘දුක …. මොන දුකක්ද මට …’ දුක කීමට විවර කල මුවින් ආවේ ඔවැනි වදන් පෙළකි … කිසිවෙකු ගැනවත් සැලකිල්ලක් නොදක්වා මට බොහෝ ලංවූ ඔහු මගේ දෑස් වල වූ යමක් හොයන්න මෙන් දෑසට එබී බැලුවේය … මා ඉවත බැලුවේ ඒ දෑස් වල බැල්මට මා දැවී අළුවී යතැයි බියෙනි .. ‘ ඒ උනාට ඔයාගේ ඇස් දෙක දිහා බලන ඕනෑම කෙනෙක්ට පේනවා ඔයා දුකින් කියලා ..’ ඔහුට උවමනා වෙන්න ඇත්තේ මගේ දුක ඇසීමට වුවද මට ඔහුගෙන් අනුකම්පාව උවමනා නොවුනි ‘ඔය විදිහට දුකින් ඉන්න එපා පාරමී …. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න …’ හිමසරගේ කටහඩ බොහෝ අවංකය … මා ඔහු වෙත හැරී ඒ මුහුණ දෙස බැලුවෙමි … ඒ මුහුණේ කිසිම වංචාවක් මුසාවක් නැත … හිත කිව්වේ විශ්වාස කරපන් පාරමී කියායි … ‘අම්මා කිරිල්ලි වගේ ඉගිල්ලිලා ගියා කොල්ලෙක් එක්ක ..දැන් දුව පාරවල් දිගේ කොල්ලේ එක්ක නාඩගම් නටනවා …’ සිත බොහෝ රිදුනේ පසෙක හිද අප දෙස බලා උන් මල්ෂා පැවසු කතාවටය … මුළු ශරීරය පුරාම යවුල් වලින් අනින්නාක් මෙන් වේදනාවක් පැතිර යද්දී මා හිස ඔසවා ඈ දෙසට බැල්මක් හෙලුවේමි .. ‘බලන්නකෝ ඇස් දෙක ලොකු කරලා බලන විදිහ … එයා වගේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ .. මිනිස්සු උනාම ඇගිල්ලේ තරමට ඉගිල්ලෙන්න ඕන … ’ මල්ෂා බොහෝ දේ පවසද්දී මා අඩියක් පෙරට තැබුවෙමි … සිත යක්ෂාරුඪ වේගන එද්දී මා කලේ ඇයගේ දෙවුරෙන් අල්ලා මඩවලකට තල්ලු කිරීමය …. මල්ෂාගේ සුදු ගවුම මඩපාට වෙද්දී හිතට දැනුනේ කුරිරු සතුටකි … ‘ අපායටම පලයන් ’ මගේ මුහුණට එන්න එන්න ඇත්තේ නපුරු සිනාවකි …. හිම්සර ඔහු බලා උන්නේ බියගත් දෑසිනි … පාරමී මේ තරම් නපුරු දැරියක යැයි ඔහු නොසිතන්න ඇත .. ‘පිස්සු හැදිලද ….’ අදහන්න නොහැකිවා මෙන් බලා උන් ඔහුගේ මුහුණ අදුරුවී ගොසිනි … ‘ඔව් …..මට පිස්සු …. ඔයාට මොකද …’ මා මේ කතා අසන්නේ ඔහු නිසාවෙනි ….ඔහු මා දැකීමට නොආවා නම් කිසිවක් සිදුනොවෙනු ඇත ..ඉතින් මා සිතෙහි ඔහු කෙරෙහි වුවේ අමනාපයකි .. ‘පාරමි ඔයාට ඔය තරම් නපුරු වෙන්න බෑ …ඔයා ගොඩක් අහිංසක ළමයෙක් ..’ ‘ මං ගැන ඔයා හිතන්නේ ඇයි ….. වදින්නම් මම ගැන හොයන්න එපා … මට මගේ පාඩුවේ ඉන්න දෙන්න …මාව හොයාගෙන මෙහෙ එන්න එපා ..’ මල්ෂා ඉකිබිදිමින් මට බැන වදිද්දී …. හිම්සර පුදුමයෙන් බලාගෙන ඉද්දි බස් නැවතුමෙන් පිටවූ මම ආපසු හැරී නිවස දෙසට ඇවිද ගියෙමි ……. මට වඩා උවමනා වුවේ මගේ යහන මත වැටි රෝසි බෝනික්කිය තුරුළු කොටගෙන හිතේ දුක පහව යනතුරු හඩාවැටිමටය …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *