ඇයත් පතිනියකි 03

03_කොටස

” සේයා…. පුතේ මන් මුනසිංහ මහත්තයට කතා කරා….. “

කෙල්ල උන්නේ පහන්දි එක්ක කතාවක…තාත්තා ගේ කටහඩින් කෙල්ල සාලෙට ආවේ මුනසිංහ සර් කිවුව හැමදේම අහගන්න නොයිවසිල්ලෙන්…

“තාත්තේ…….”

කෙල්ල යනකොටත් තාත්තා හිටියේ හාන්සි පුටුවක වාඩි වෙලා පුදුම තරම් සතුටකින්….. කෙල්ලගේ කටහඩින් තාත්තා කෙල්ල දිහා බැලුවේ මූනේ තිබුන හිනාව එහ් විදිහටම තියාගෙන…….

“පුතේ… මහත්තයා කිවුවා නංගිගේ වෙඩින් එක ඉක්මනටම කරමු කියලා..වෙඩින් එකේ හැම වියදමක් ම මහත්තයා කරලා දෙන්නම් කිවුවා..පොඩි දුවට දෑවැද්දත් ලෑස්ති කරලා දෙන්නම් කිවුවා පුතේ……. “

පිය සෙනෙහස එහ් ඇස් වලින් දෝරේ ගලනවා… තාත්තා මොන තරන්නම් කෙල්ලෝ දෙන්නට ආදරෙයි ද කියලා කෙල්ලට දැනෙන්න ගත්තේ පපුව මැදින් දැනුන සියුම් වේදනාවකුත් එක්ක..එහ් මෙච්චර කල් තාත්තා තේජාන් ව මැරි කරන්න කියලා කරපු ඉල්ලීම ප්‍රතික්ශේප කරලා කෙල්ල කරේ ලොකු වැරැද්දක් කියලා වරදකාරී හැගීමක් හිතට දැනුන නිසා……

කෙල්ල අසරනව තාත්තා දිහා බලන් හිටියේ එහ් හැගීම් හිත ඇතුලේ වද දෙද්දි….

“ඇයි මගෙ මැනික…….”

කෙල්ලගේ වෙනසක් තේරුන නිසා තාත්තා ඇහුවේ කෙල්ලගේ නිකටෙන් අල්ලලා කෙල්ලගේ ඇස් දිහා බලාගෙන……

“නෑ තාත්තා…මන් ආදරෙයි…”

කෙල්ල මොකුත් ම නොකියා තාත්තාගේ පපුවට තුරුල් උනා….. කෙල්ලගේ ඔලුව සීරුවට අත ගාපු තාත්තා කෙල්ලව පපුවට තුරුල් කරගෙනම කතාව පටන් ගත්තා…

“මට හිතා ගන්නත් බෑ මැනික…මේ තරම් දවසක් සල්ලි කාරයොන්ට කැමති නෑ කිය කිය කිය හිටපු මගෙ කෙල්ල නංගි ගැන හිතලා මේ මැරේජ් එකට කැමති උනා… උබට කවදාවත් වරදින් නෑ මැනික…මේ තාත්තා ඉන්නකම් උබට වරදින්න දෙන්නෙත් නෑ… උබ විතරයි අපේ හිත් රිද්දන් නැතුව හැදුනේ…”

තාත්තා කිවුවේ හිත් වේදනාවෙන්…

තාත්තා කෙනෙක් ට හැම දරුවම එක සමානයි..ඒත් දරා ගන්න බැරි තරම් වේදනාවක් දරුවෝ දෙද්දි එහ් හදවත මොන කරන්නම් රිදුම් දෙනවා ඇති ද… මවු පදවිය ලෝකේ උතුම්ම පදවිය…ඒත් විවාහා නොවී අම්මා කෙනෙක් වෙන ස්ත්‍රීයට හිමි නින්දා අපහාස විතරමයි.. නංගි කසාද නොබැදම අම්මා කෙනෙක් වෙන්න යද්දි එහ් දුක තාත්තට මොන තරන්නම් දැනෙනවා ඇති ද…තේජාන් ට අකමැති වෙලත් මන් තාත්තට කොච්චර ලොකු දුකක් දෙන්න ඇතිද..ආයෙත්නම් මගෙ තාත්තට පුංචි දුකක් වත් දැනෙන්න දෙන්නේ නෑ…

කෙල්ල තවත් එහ් උනුහුමය ගුලි වෙලා හිතුවේ ඇස් වල කදුලු පුරවගෙන….

“කොයි වෙලේ බැලුවත් තාත්තා ලගමයි…. “

තාත්තාට තුරුල් වෙලා ඉන්න සේයා දිහා බලලා අම්මා කිවුවේ මූන පලුටු කරගෙන…..

මිසිස් නොයෝමි දිසානායක.. තමන් ගේ ලොකු දුවටයි පොඩි දුවටයි එක වගේම ආදරේ කරත් දුවලා දෙන්නගෙන් කවුරු හරි කෙනෙක් අම්මට වඩා තාත්තට ආදරෙයි කියලා දැනුනොත් නයෝමි ට දැනෙන්නේ ලොකු ඉරිසියාවක්…. තාමත් අලුත් බැදපු ජෝඩුවක් වගේ තමන් ගේ අම්මයි තාත්තයි සතුටින් ඉන්නවා දකිද්දි සේයාට දැනුනේ ලොකු ආඩම්බරයක් ..කෙල්ල හිනා වෙවීම තාත්තාගේ පපුවෙන් මෑත් වෙලා අම්මගේ ගෙල වටා අතක් දාගෙන අම්මාව තුරුල් කර ගත්තා…

“හැබැයි මන් අම්මට තමයි ගොඩක් ම ආදරේ…නේද තාත්තා..”

කෙල්ල කිවුවේ තාත්තා දිහා බලලා ඇහැක් ඉගි කරමින්… තාත්තා හිනා වෙවීම ඔලුව වැනුවේ ඔව් කියන්න… නයෝමි ගේ මූනට හිනාවක් ආවේ එතකොට….අම්මා හිනා වෙවීම කෙල්ලගේ කම්මුලක් මිරිකලා කුස්සියට ගියා…..

මෙච්චර දෙයක් වෙලත් අම්මා වෙනදා වගේම සතුටින් ඉන්නවා දකිද්දි සේයා ගේ හිතට දැනුනේ ලොකු සැනසීමක්…

සතුටින් පිරුනු පුංචි පවුලක්..මේ තරම් අම්මා තාත්තාගේ ආදරේ ලැබුන කෙල්ලෙක් කවදාවත් නොමග යයි ද… ඒත් මං දැන් ජීවිතේ වරද්දගෙන ඉවරයි…. අම්මා යි තාත්තයි අක්කාට වගේම මටත් ආදරෙයි….. ඒත් මන් එයාලට දුක් දීලා ඉවරයි…

කාමරේ දොර රෙද්ද මෑත් කරලා උන හැම සිදුවීමක් ම බලන් හිටපු පහන්දි එහෙම හිතලා දිග හුස්මක් ගත්තේ තමන් ගැනම පිලිකුලෙන්… ඒත් ඊලගට තාත්තා අක්කට කිවුව දේට කෙල්ලගේ හිතේ තිබුන හැම දුකක් ම මොහොතකට අමතක වෙලා මුලු හිතම සතුටින් පිරිලා ගියා……

“පුතේ නංගිගේ වෙඩින් එක ලබන සතියෙම ගමු…වැඩිය කල් අරින්න හොද නෑ… නංගිට කියන්න අර ලමයට කෝල් කරන්න කියලා…ඉක්මන්ට මේ දේවල් පිලිවලක් කරගන්න ඕනි…”

තාත්තා කිවුවේ පහන්දි ගේ කාමරයට එන්න හැරුන සේයා දිහා බලලා…

“හා තාත්තේ…”

කෙල්ල එහෙම කියලා පහන්දි ගේ කාමරේට ආවේ හිනාවෙවීමයි…

“ඇහුනනේ කිවුව දේ…කෝ කෝල් එකක් ගන්න…අහ් මට තාම කිවුවේ නෑ මෙයාගේ සිහින කුමාරයාගේ නම…”

කෙල්ල කිවුවේ පහන්දි ට රවමින්….

“අක්කි එයා…එයා යසිරු…. එයාගේ අම්මලට ගොඩක් සල්ලි තියනවනේ……ඉතිම් ඒකයි එයාලා දෑවැදි….”

“මැට්ටි…දැන් එහ් ප්‍රශ්නේ විසදුනානෙහ්…දැන් ආයෙත් එහ් ගැන කතා බෑ…ඔන්න මන් තේ එකක් හදන් එන්න කුස්සියට යනවා…විනාඩි 5න් ආයෙත් එනවා..මන් එද්දි කතා කරලා තියෙන්න ඕනි….”

මීට විනාඩි කීපයකට කලින් උන සිදුවීම ආයෙත් මතක් වෙලා පහන්දි ගේ හිතේ දැන් තියන මේ සතුට නැති වෙලා යයි කියලා බය හිතුන නිසාම සේයා කතාව වෙනතකට හැරෙවුවේ මොහොතකටවත් පහන්දි දුකින් ඉන්නවා දකින්න අකමැති නිසාමයි….

කෙල්ල එහෙම කියලා රූම් එකෙන් එලියට ගියේ පහන්දිට යසිරු එක්ක නිදහසේ කතා කරන්න ඉඩ දීලා…

ඊට විනාඩි 15 කට පස්සේ කෙල්ල ආයෙත් රූම් එකට ආවේ පහන්දි ටත් එක්ක තේ එකක් හදාගෙන අත් දෙකෙන් ම තේ දෙකක් අරන් යසිරු කිවුව දේවල් අහගන්න නොයිවසිල්ලෙන්….

ඒත් සේයා රූම් එකට එනවත් එක්කම පහන්දි අඩ අඩ ම තමන් ගේ අතේ තිබුන ෆෝන් එක සේයා දිහාට දිග් කරේ සේයා පුදුමයෙන් ගල් ගැහිලා බලන් ඉද්දි…

අතේ තිබ්බ තේ කෝප්ප දෙක ලග තිබ්බ මේසේ උඩින් තිබ්බ කෙල්ල ෆෝන් එක අතට නොගෙනම පහන්දි දිහා බැලුවේ පුදුමයෙන්…

“යසිරු ට…අක්කි එක්ක කතා කරන්න ඕනිලු අක්කි….”

පහන්දි එහෙම කියලා ෆෝන් එක බලෙන් ම සේයා අතට දුනේ ඇස් වලින් වැටුනු කදුලු තවත් වේගෙන් ගලන් යද්දි..

කෙල්ල ෆෝන් එක අතට ගත්තේ පහන්දි ගේ මූනේ තියන හැගීම් තේරුම් ගන්න උත්සාහා කරමින්…ඒත් එහ් එක හැගීමක් වත් තේරුම් ගන්න් බැරි වෙද්දි කෙල්ලට දැනුනේ ලොකු බයක්…. කෙල්ල ෆෝන් එක කනේ තියාගත්තේ අමාරුවෙන් වචන පලවමින්….

“හෙල්ලෝ….”

💗 ඇයත් පතිනියකි 💗

04 කොටසින් හමුවෙමු….

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *