ඇයත් පතිනියකි 04

04_කොටස

“මට….මට සමාවෙන්න..එක පාරම මගෙ කෙල්ල ප්‍රෙග්නට් කිවුවම…මට…”

“නෑ මල්ලි…..දැන් එහ් දේවල් වෙලා ඉවරයි….අමතක කරන්න….”

කෙල්ල කිවුවේ සැහැල්ලුවෙන්…කෙල්ල බයෙන් ෆෝන් එක අතට ගත්තේ නරක දෙයක් අහන්න වෙයි කියලා ..ඒත් හිතුව දේවල් වැරදි කියලා දැනෙද්දි කෙල්ලට සුසුමක් හෙලුනේ හිතට ලොකු සහනයක් දැනෙද්දි..

“නෑ අක්කේ…මන් මගෙ කෙල්ලට ගොඩක් ආදරෙයි….එක පාරම මට කරන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරි උනා….අනේ මගෙ කෙල්ලට මොනවහරි උනානම් මට ජීවත් වෙලා වැඩක් නෑ….අනේ මගෙ කෙල්ලගේ ජීවිතේ බේර ගත්තට අක්කට ගොඩක් පින්….”

යසිරු කිවුවේ තමන් කරපු වැරැද්ද ගැන පසුතැවිලි වෙමින්…. ඒත් යසිරු ගේ මේ වචන වලින් සේයා ගේ මූනට හිනාවක් ආවේ සේයා යසිරු ගැන හිතන් හිටපු විදිහ සම්පූර්ණයෙන් ම වැරදි නිසා… තමන් ගේ නංගි යසිරු ළගට ගියාම දුක් විදියි කියලා හිතින් විදෙවුවත් යසිරු පහන්දිට ගොඩක් ආදරෙයි කියලා දැනෙද්දි කෙල්ලගේ හිතේ තිබුන ලොකු බරක් නිදහස් උනා… කෙල්ල පහන්දි දිහා හිනා වෙලා බලලා යසිරු ට කතා කරේ තමන්ගෙම සහෝදරයෙක් ට තරම් ආදරෙන්…

“දැන් එහ් දේවල් වෙලා ඉවරයි මල්ලි…මගෙ නංගි මල්ලිට ගොඩක් ආදරෙයි…. ආයෙත් එයාට දුකක් දෙන්න එපා…ඉක්මනට අම්මලත් එක්ක නංගි ගැන කතා කරන්න..ඉක්මනට මේ දේවල් පිලිවලක් කරන්න ඕනි… “

මුල්ම වචන ටික ආදරෙන් කිවුවත් අන්තිම වචන ටික කෙල්ල කිවුවේ ගැබුරු ස්වරයකින්… එහ් මේ විවාහය පරක්කු උනොත් පහන්දි ට වගේම අම්මා තාත්තාටත් කැලෙලක් වෙන නිසා…

“මන් අදම කතා කරන්නම් අක්කේ..මන් මගෙ පහන්දි ව ඉක්මනටම ගෙදර එක්කන් එනවා…..”

යසිරු කිවුවේ දැඩි විශ්වාසයකින් යුතුව… එහ් වචන වල විශ්වාසය දකිද්දි සේයා ගේ හිත සතුටින් පිරුනා… කෙල්ල යසිරු ට සමු දීලා ෆෝන් එක තිබ්බේ නැවතත් පහන්දි දිහා හිනා වෙලා බලලා…

“ඔන්න එහ් ප්‍රශ්නෙත් හරි… හෙට යමු ශොපින්…වෙඩින් එකට සාරි එකක් ගන්න ඕනිනේ…හැබැයි ඔන්න select කරන්නේ මන් හොදද….”

පහන්දි හිනා වෙවීම ඔලුව වැනුවේ හා කියන්න…..

හිතුවෙවත් නැති විදිහට හැමදේම හොදින් විසදෙද්දි හැමෝගෙම හිත් වල තිබුනේ වචන වලින් කියන්න බැරි තරම් ලොකු සතුටක්….

සේයා ත් තමන් ගේ හිතේ තිබුන දුක අමතක කරලා පහන්දි තරමට ම සතුටු උනේ කවදත් කෙල්ල ගේ සතුට ගෙදර අයගේ සතුට නිසාමයි..

හවස් වෙනකොට යසිරු ගේ අම්මා නයෝමි ට කෝල් කරේ විවාහය ට දිනත් දාගෙන මයි….

යසිරු ලා ගෙදර එනවා කිවුවේ අනිද්දා නිසා හෙටම සාරියක් ගන්න යමු කියලා සේයා පහන්දිට කිවුවේ පහන්දි ගේ ලැජ්ජාවෙන් රතු වෙලා තිබුන මූන තවත් රතු වෙන්න රිදෙන තරමට ම කම්මුලක් මිරිකලා…

❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣

“කෝ නංගා…ඉක්මනට ලෑස්ති වෙනවා..8 ටත් ලගයි… අම්මපා වෙඩින් එක ලන් වෙලාවත් ඉක්මනට ඇහැරින්න බෑනේ….”

පහුවදා සේයා තමන් ගේ රූම් එකේ ඉදන් ම තාමත් නිදන් ඉන්න පහන්දි ට කෑ ගැහුවේ තරහින්….

පහන්දි හිනා වෙවීම නැගිටලා ඉක්මනට වොශ් එකක් දාගෙන ලෑස්ති වෙලා සේයා ගේ රූම් එකට ගියේ පරක්කු උනාට සමාව ඉල්ලන ගමන්…. කෙල්ල දොර රෙද්ද මෑත් කරලා අක්කට කතා කරද්දි දැක්ක දෙ නිසා කෙල්ලගේ මූනට හිනාවක් ඇදුනේ හිත යටින් දැනුන ආඩම්බරේකුත් එක්ක…

තනි සුදු පාට ලස්සන දිග ගවුමක් ඇදලා ක්‍රේල් කොන්ඩේ කඩලා දාලා ලාවට මේකප් එකක් දාලා තිබුන සේයා දැක්කම පහන්දි ගේ ඇස් දිලිසුනේ තමන් ගේ අක්කගේ ලස්සන දැකලා….

එහ් ඇදුමට කෙල්ලගේ අහිංසක කම තවත් කැපිලා පෙනුනා…

කන්නාඩිය ඉස්සරහට වෙලා හිටපු සේයා ට එක පාරම හිනා ගියේ දොර රෙද්ද ලගට වෙලා තමන් දිහා ම ගල් ගැහිලා බලන් ඉන්න පහන්දි ව දැකලා… කෙල්ල හැරිලා ඇස් දෙකෙන් ඉගි කරේ මොකද අහන්න වගේ…

“මාර ලස්සනයි හලෝ…සුරංගනාවියක් වගේ..පට්ටම අහිංසක චාම් ලුක් එකක් තියෙන්නේ….”

පහන්දි කිවුවේ තමන් ගේ අක්කව අද දැක්කා වගේ ඇස් ඉවතට ගන්න බැරි තරම් ලෝබ කමකින්…

“පිස්සි….”

සේයා හිනා වෙවීම ඇද උඩ තිබුන අත් බෑගය අතට ගත්තේ පහන්දි ට යමු කියලා අතින් ඉගි කරමින්…

“තේජාන් කාරයා නම් මාර ලකී හලෝ… ඔච්චර ලස්සන කෙල්ලෙක් ගෙ පලවෙනි ආදරවන්තයා වෙන්න පොර මාර පිනක් කරලා තියෙන්නේ….”

පහන්දි ගේ එහ් වචන වලට කෙල්ලගේ හිනාව නැති වෙලා ගිහින් අදුරු වෙලා ගියේ තත්පරයක් වත් යන්න නොදී…

අවුරුදු 22ක් වෙලත් කෙල්ල අම්මාගෙන් තාත්තාගෙන් ඇරුනම වෙන ආදරයක් විදලා තිබුනේ නෑ… කෙල්ලගෙන් ආදරේ ඉල්ලන් ගොඩක් අය ආවත් කෙල්ල ට එහ් කිසි කෙනෙක් ට හිත ගියේ නෑ… ඒත් කෙල්ලගේ හිතේ පුංචිම පුංචි ආසාවක් තිබුනා කෙල්ලගේ ඉරනම් කාරයා කෙල්ලම තීරනය කරන්න ඕනි කියලා… ඒත් මිස්ටර් මුනසිංහ කෙල්ලට තමන් ගේ පුතා ගැන යෝජනාවක් ගෙනපු දවසේමයි කෙල්ලගේ එහ් හීනේ බොදවෙලා ගියේ…

කවදහරි අම්මයි තාත්තයි කැමති කෙනෙක් ව මැරි කරනවා කියලා කෙල්ල හිත හදා ගත්තේ එදාමයි… ඒත් තේජාන් සල්ලි කාරයෙක් කියලා දැනගත්ත ම කෙල්ල තේජාන් ට අකමැති උනේ කෙල්ල කවදත් කැමති අහිංසක දුප්පත් කොල්ලෙක් ට හින්දා..ඒත් නොසිතපු විදිහට කෙල්ලට තේජාන් ට කැමති වෙන්න උනත් කවදාවත් ඇස් දෙකට නොදැකපු තේජාන් එක්ක ගෙවන්න යන විවාහා ජීවිතේ ගැන හිතද්දිත් කෙල්ලගේ පපුව රිදුම් දෙන්න ගත්තා.. නංගිගේ වෙඩින් එක ඉවර වෙනකම් වත් තමන් ගේ වේදනාව හිතින් අයින් කරලා ඉන්නවා කියලා කෙල්ල හිත හදා ගත්තත් පහන්දි ගේ මේ වචන එක්ක කෙල්ලගේ හිත ආයෙත් වේදනාවෙන් රිදුම් දෙන්න ගත්තා….

ඒත් කවදත් තමන් ගේ දුක හංගගෙන හිනා වෙන්න පුරුදු වෙලා හිටපු කෙල්ල තමන් ගේ හිතේ තියන දුක පහන්දි ට නොපෙන්නම මවාගත්ත හිනාවකින් මුව සරසා ගත්තේ තමන් විදින දුක කවුරුත් දැනගන්න ඕනි නැති නිසාමයි….

05 කොටසින් හමුවෙමු….

ඊලග කොටස අද රෑ 7 ට….

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

විහා දිසානායක 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *