ඇයත් පතිනියකි 05

05_කොටස

” ඉක්මනට එනවා…දැන් 10 ටත් කිට්ටුයි…. “

සේයා කිවුවේ තාමත් හෙමින් එන පහන්දි දිහා බලලා තරහින්…ඒත් කෙල්ල ඒක ගානකටවත් ගත්තේ නෑ….ඒත් ඊලගට කෙල්ල කිවුව දේටනම් පහන්දිගේ මූන අදුරු වෙලා ගියා..

“ඔහොම ආවොත් ශොප් එකේ තියන හොද සාරි ටික ඔක්කොම ඉවර වෙලා තියෙයි…..”

සේයා එහෙම කිවුවේ තාමත් හෙමින් ගාටන තමන් ගේ නංගිව ඉක්මන් කරගන්න ඕනි හින්දා…සාරි ඉවර වෙයි කිවුව ගමන් පහන්දි අඩිය ඉක්මන් කරනවා දැක්කම කෙල්ල ට හිනා ගියේ ඉබේමයි…

“දැනටම සාරි ඉවර වෙලා ද දන් නෑ….”

කෙල්ල කිවුවේ පහන්දි ගේ අදුරු වෙන මූන දිහා ආසාවෙන් බලාගෙන….. පහන්දි එහ් වචන ටික ඇහෙද්දි තවත් ගමන් ඉක්මන් කරලා සේයාගේ අතින් අල්ලගෙන පාර මාරු උනේ ඉක්මනටම ශොප් එකට යන්න හිතාගෙන….

“මේ ගොන් මොලේ කවදා හැදෙයි ද මන් දා… “

සේයා කිවුවේ හිනා වෙවීමයි…

දෙන්නා උන්නේ ගෙදරින් 20km ක විතර දුරක් ඇවිත් ටවුන් එකට කිට්ටුව… මෙතන ඉදන් තව බස් එකක යන්න ඕනි නිසා දෙන්නා පාර පැනලා ආවේ ලග තිබුන බස් හෝල්ට් එකට…

සදුදා දවසක් නිසා පාරේ හොදටම ට්‍රැෆික්…

ට්‍රැෆික් නිසා පාරේ වාහන විනාඩි 5ක් විතර තාම එකම තැන….

හොදටම අවුස සැර තිබුන නිසා දෙන්නම හෝල්ට් එක ඇතුලට ගිහින් වාඩි උනා… ඒත් විනාඩි කීපයක් යද්දි සේයා දැක්ක රූපේ නිසා කෙල්ලගේ හදවත මොහොතකට නරත උනා වගේ කෙල්ලට දැනුනේ ..

ට්‍රැෆික් නිසා නතර කරන් හිටපු කාර් එකක් ඇතුලේ හිටපු තරුනයෙක් තමන් දිහා ම බලන් ඉන්නවා දකිද්දි කෙල්ලට කවදාවත් නොදැනුන අමුතු හැගීමක් දැනෙන්න ගත්තේ හිත මොකක්දෝ නුහුරු සතුටකින් වෙලා ගද්දි….

කාර් එකේ ග්ලාස් එක ඇරලා තිබුන නිසා කෙල්ලට එහ් රූපේ නොදටම පෙනුනා….

කවදාවත් දැකලා නැති මොකක්දෝ අහිංසක ලස්සන කෙල්ල එහ් කොල්ලගෙන් දැක්ක නිසාම කවදාවත් කොල්ලෙක් දිහා නිබලපු කෙල්ල ඇස් එහ් රූපෙන් ඉවතට ගන්න බැරි තරමට ම ලෝබ කමින් එහ් රූපේ දිහා ම බලන් හිටියා…

බ්ලූ කලර් ෂර්ට් එකක් ඇදන් කොන්ඩේ නවීන විලාසිතාවකට අනුව උඩට කරලා පීරලා හිටපු කොල්ලා අවු කන්නාඩි දාලා හිටපු නිසා කෙල්ලට ඇස් දෙක නම් හරියට පෙනුනේ නෑ… එහ් වෙලාවෙයි කෙල්ලගේ හිතට මොකක්දෝ දුකක් දැනෙන්න ගත්තේ….

“එයා මන් දිහා නෙමෙයි ද දන් නෑ මේ බලන් ඉන්නේ…”

කෙල්ල කියා ගත්තේ තමන් ට ම පහත් හඩින්….

ඒත් කෙල්ලගේ එහ් වචන ටික පහන්දිට නම් අගේට ඇහුනා…

පහන්දි ඇස් දෙකත් ලොකු කරන් සේයා දිහා බැලුවේ එහ් වචන අදහගන්න බැරුව…

එතකොටම සිග්නල් වැටුන නිසා කාර් එක යන්න ගියාම කෙල්ල මූනත් පලුටු කරගෙනම එහ් දිහා බලන් හිටියේ පහන්දි ලග කියන දේත් කෙල්ලට අමතක වෙලා යද්දි…

වෙනමම ලෝකෙක අතරමන් වෙලා හිටපු කෙල්ල ගැස්සිලා මේ ලෝකෙට ආවේ පහන්දි ගේ වචන ත් එක්ක…

“ආව් අව්ව්….කවුද එහ්….”

පහන්දි ඇහුවේ එක ඇහිබැම්මක් උස්සලා තමන් ගේ අක්කා දිහා බලමින්…

“කවුද….”

පහන්දි ඇහුවේ පතක් ස්වරයෙන් ලැජ්ජාවෙන් මූන රතු කරන්…

කවදාවත් නොදැකපු අක්කගේ මේ හැසිරීම් දැකපු පහන්දි පුදුමයෙන් මොහිතක් අක්කා දිහා බලන් ඉදලා මොකුත් නොකියව හයියෙන් හිනා උනේ ලැජ්ජාවෙන් රතු වෙලා තියන සේයා ගේ මූන දිහා නැවත් නැවත ආසාවෙන් බලමින්….

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

ශොප් එකට එනකම්ම කෙල්ල උන්නේ එහ් දැකපු රූපේ හිතින් මවාගෙන මතක් කරමින්… එහ් හින්දම කෙල්ල පහන්දි එක්ක වැඩි කතා බහක් තිබුනේ නෑ… පලමු වතාවට ආදරේ කියන හැගීම දැනෙද්දි මොන වගේ ද කියලා පහන්දි අත්දැකීමෙන් ම දන්න නිසා කෙල්ල අක්කට ඩිස්ටබ් නොකරම අක්කා දිහා බල බල සැරින් සැරේ හිනා උනේ සේයා ට නොපෙන්නෙන්න…

“අක්කී…අපි දැන් බහිමු නේද…”

ශොප් එක ලගම හෝල්ට් එකට ඇවිදිනුත් සේයා තාම වෙන ලෝකේක අතරමන් වෙලා ඉන්නවා දකිද්දි පහන්දි හිනා වෙලා කිවුවේ තවත් හිනාව නවත්ත ගන්න බැරි තැනමයි…

සේයා මොකුත් නොකියම ඔලුව වැනුවේ හා කියන්න…

පහන්දි හිනා වෙවීම කෙල්ලගේ අතින් අල්ලගෙන බස් එකෙන් බැහැලා ශොප් එක ඇතුලට ගියා..

සාරිම විතරක් තිබුන ශොප් එකේ කොච්චර සාරි තිබුනත් කෙල්ලගේ හිතට හරියන සාරියක් තිබුනෙම නෑ…

පහන්දි උන්නේ අක්කා තෝරලා දෙන ඕනි එකක් අදින්න බලාගෙන…මොකද කෙල්ල හොදටම දන්නවා අක්කට තරම් තමන් ට මැච් වෙන ඇදුමක් තෝරන්න මේ ලෝකේ කාටවත් ම බෑ කියලා…

පැය එක හමාරක් තිස්සේ සාරි තේරුවත් හරියන සාරියක් හම්බුනේ නැතිම තැන කෙල්ල ඔලුවෙන් අත තියා ගත්තේ මේ වෙද්දි කෙල්ලගේ ඔලුවත් හොදටම කැරකෙන්න අරන් තිබුන නිසා…

ඒත් එක පාරම කෙල්ලගේ ඇස් දෙක ගැටුනේ ශොප් එකේ ඩමී එකකට අන්දලා තිබුන ලස්සන ලා රෝස පාට සාරියට…

ලස්සනට හැඩ දාලා තිබුන සාරියේ තිබුනේ අමුතුම චාම් ලස්සනක්…කෙල්ල ඔඅහන්දි ගේ අතින් අල්ලගෙන එතනට දිවුවේ හිනා වෙවීමයි…

ඊලගට එතන හිටපු සේවකයෙක් ට සාරි එක පැක් කරලා දෙන්න කිවුවම සේවකයා කිවුව දේට සේයාගේ මූනේ තිබුන හිනාව අතුරු දහන් වෙලා ගියා…

“සොරි මැඩම්…දැන් විනාඩි 5 කට කලින් මේ සාරි එක සර් කෙනෙක් ඕඩර් කරා… සර් ටිකක් පහලට ගිහින් එන්නම් කිවුවා…සොරි මැඩම්…මේ සාරි එකනම් දෙන්න විදිහක් නෑ….”

සේවකයා කිවුවේ කනගාටුවෙන්…

“හරි එහෙනම් මට මේ ඩිසයින් එකම තියන වෙන සාරි එකක් දෙන්නකෝ….”

කෙල්ල කිවුවේ තමන් ටත් වඩා බාල පෙනුමක් තිබුන ඔහු දිහා හිනා වෙලා බලලා….

ඒත් ඒකට ලැබුන පිලිතුරෙන් කෙල්ලගේ ඇස් ඉස්සරහම බලාපොරොත්තු සුන් වෙලා ගියා…

“සොරි මැඩම් මේ සාරි එක විතරයි මේ ඩිසයින් එකෙන් ඉතුරු වෙලා තියෙන්නේ…”

“හරි…මට මේ සාරි එක ගත්ත සර් ව පෙන්නන්නකෝ… මන් එයා එක්ක කතා කරන්නම්…”

කෙල්ල කිවුවේ සාරි එක ගන්න අවසන් උත්සාහයත් දරමින්…

සේවකයා වට පිට බැලුවේ සාරි එක ඕඩර් කරපු සර් ඉන්නවද බලන්න…

ඔහුගේ මූනේ එක පාරම හිනාවක් මැවුන නිසාම සේයා එහ් දිහා බැලුවා…..

“මෙයා ද…”

සේවකයා කියන්න යන දේ තේරුම් ගත්ත කෙල්ල ඇහුවේ පහන්දි දිහත් බලන ගමන්…

“ඔව් මැඩම්…”

ඔහු මද සිනාවක් පාලා සේයා පහන්දිට සමු දීලා එතනින් ගියේ තවත් කස්ටමර් කෙනෙක් උදවු අපේක්ශාවෙන් බලන් ඉන්න නිසා….

සාරිය ඕඩර් කරපු කෙනා හිටියේ සේයා ට ඉදිරියෙන් තවත් කෙනෙක් සමග කතා කරමින්…

පහන්දි සේයා ව නවත්තන්න හැදුවත් කෙල්ල එහ් කිසි දෙයක් අහන් නැතුවම තමන් ට පිටුපාලා කතාවක හිටපු තරුනයා ට කතා කරා….

ඒත් එහ් රුව දැක්ක ගමන් සේයා ගල් ගැහිලා බලන් හිටියේ පහන්දි හිනාව නවත්ත ගන්න බැරුව යටි තොල හපා ගද්දි…..

“ඔයා….”

කෙල්ලට ඉබේම කියවුනේ තරුනයා සේයා දිහාම බලන් ඉද්දි…..

06 වෙනි කොටසින් හමුවෙමු..

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *