ඇයත් පතිනියකි 06
06_කොටස
“ඔ…යා…..”
“ඔව්…කියන්න මිස්……… “
තරුනයා කතා කරත් කෙල්ල එහ් රූපේ දිහාම බලන් හිටියේ කටත් ඇරගෙන…. කෙල්ල දැනුයි මුල්ම වතාවට පාරෙදි දැක්ක එහ් රූපේ මේ තරම් ලගට දැක්කේ…..
අවු කන්නාඩි යුගල ගලවලා හිටපු නිසා කෙල්ල කලින් නොදැකපු එහ් ඇස් දෙක දිහා බැලුවේ ලෝබ කමින්… එහ් ඇස් මොකක්දෝ සතුටකින් දිලිසෙනවා…කෙල්ල කොල්ලගේ ඇස් දෙකෙන් ඇස් ඉවතට අරන් ආයෙත් එහ් මූන දිහා බැලුවා…
කොල්ලට තිබුනේ රතු පාටත් රෝස පාටත් මිශ්‍ර උන දෙතොල්….කොල්ලගේ මූනේ හිනාවක් හොයා ගන්නවත් බැරි උනත් හිනා නොවීම කොල්ලගේ මූනෙ තිබුනේඑ පුදුමාකාර අහිංසක කමක්…වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම කොල්ලා හැන්ඩියෙක්…ඕනිම කෙල්ලෙක් දෙපාරක් හැරිලා බලන ලස්සනක් තිබුන කොල්ලා දිහා කෙල්ල මේ කටත් ඇරන් බලන් ඉන්නේ විනාඩි දෙක තුනක ඉදන්….
පහන්දි තමන්ගේ අක්කා දිහත් සේයා දිහාම බලන් ඉන්න කොල්ලා දිහත් මාරුවෙන් මාරුවට බැලුවේ යටිතොල හපාගෙන හිනාව නවත්ත ගන්න උපරිම උත්සාහයක් දරමින්….
බලන් ඉන්න බැරිම තැන කෙල්ල සේයා ගේ අතින් අල්ලලා හෙමීට කීද්දුවේ මේ වෙද්දි අවට හිටපු දෙතුන් දෙනෙකුත් එහ් දිහා ඇස් ඇරන් බලන් හිටපු නිසා….
සේයා ගැස්සිලා මේ ලෝකෙට ආවේ තරුනායා දිහායෙන් තමන් ගේ ඇස් කලබලයෙන් ඉවත් කරමින්…
මෙච්චර වෙලා සේයා දිහාම බලන් හිටපු තරුනයත් තමන් ගේ ඇස් ඉවතට ගත්තේ වටපිට බලන ගමන්…
කෙල්ල මූනට වැටිලා තිබුන දාඩිය බිදු ටික ලේන්සුවෙන් පිහිදගෙන කොල්ලා දිහා බැලුවේ හිතේ තියෙන හැගීම උපරිමේටම පාලනය කරගෙන සාමන්‍ය තත්වයට ඇවිත්….
කෙල්ල වෙනසක් නොපෙනෙන්න කතා කරන්න තදින් හිතා ගත්තා….
” මේ සාරී එක… ඔයාට පුලුවන්නම් මේ සාරි එක මට දීලා ඔයාට වෙන එකක් ගන්න පුලුවන් ද…..”
කෙල්ල ඇහුවේ කොල්ල දිහා ආයාචනාත්මක විදිහට බලලා.. ඒත් කොල්ලා දුන්න උත්තරේට නම් කෙල්ලට හොදටම තරහා ගියා….
“එහ් මොකටද…මේක මන් select කරපු සාරි එක…ඔයාට ඕනිනම් වෙන එකක් ගන්න…මන් මේක දේන්නේ නෑ…”
කොල්ලා කිවුවේ සේයා දිහා තරහින් බලලා…
“මිස්ටර් මගෙ නංගිගේ වෙඩින් එක…මට මේ සාරි එක ඕනිමයි….”
සේයා කිවුවේ හිතට ආව තරහා පාලනය කරගෙන…
“කිවුවනේ එක පාරක්…දෙන්න විදිහක් නෑ…”
තරුනයා එහෙම කියලා එතනින් ගියේ සාරි එක පැක් කරන්න කියන ගමන්..
සේයා එහ් දිහා බලන් හිටියේ හොදටම තරහා ගිහින්…
මීට විනාඩි කීපයකට කලින් කොල්ලා දිහා සේයා පිස්සු වැටිලා බලන් හිටියත් දැන්නම් කෙල්ලගේ හිතේ එහ් කොල්ලා ගැන ඉතුරු වෙලා තිබුනේ පුදුම තරහක්..
තරුනයා ශොප් එකේන් සාරි එක අරන් එලියට ගිහින් කාර් එක ස්ටාට් කරලා යනකම්ම කෙල්ල එහ් දිහා බලන් හිටියේ පුදුම තරහකින්….එහ් තරහා නම් සාරි එක නොදුන්න එකට විතරක් ඇතුවුන තරහක් නෙමෙයි කියලා පහන්දි හිතුවේ තමන් ගේ අක්කා කවදාවත් ම මේ තරම් තරහා අරන් ඉන්නවා දැකලා නැති හින්දමයි..කෙල්ල මොකුත් නොකියම අක්ක දිහා බලන් හිටියේ දැන් මොනාහරි කියන්න ගියොත් තමන්ටත් හොදටම අහගන්න වෙනවා කියලා දන්න හින්දමයි…
තරුනයා ගියාට පස්සේ එහ් දෙසින් තරහින් ඇස් ඉවතට ගත්ත කෙල්ල ශොප් එකේ තිබුන වෙන සාරි එකක් අරන් ගෙදර ආවේ හොදටම හවස් වෙන්න ඇවිත් තිබුන හින්දා…
කෙල්ල ගෙදර එන ගමන් කරේ සාරි එක ගත්ත කෙනාට බැනපු එක….
කෙල්ල ගෙදර ඇවිදිනුත් කරේ අම්මත් එක්ක කියලා එහ් මනුස්සයට බැනපු එක….
පහුවදා යසිරුගේ දෙමාපියෝ ගෙදර ආවා…. වෙඩින් එකට දවස ස්තීර කරගෙන ඔවුන් ගියේ ලොකු සතුටක් හිතේ තියාගෙන…
යසිරු ගේ අම්මා පහන්දි ට ගොඩක් ආදරේ උනා….ඇයට ඕනි උනේ ඉක්මනට ම පහන්දි ව ගෙදර එක්ක එන්න…..
විවාහය යෙදිලා තිබුනේ ලබන බදාද ට…..
මුනසිංහ සර් ගේ උදවු වෙන් පහන්දිගේ වෙඩින් එක ජයටම ගන්න පුලුවන් උනා… සුරංගනාවියක් වගේ ලස්සනට පහන්දි යසිරු ගේ ගෙදරට ගියේ පහන්දි ගේ අම්මා ගේ වගේම තාත්තාගෙත් සතුටු කදුලු මැද…
විවාහය ට කලින් එකම එක පාරක් වත් තේජාන් ව එක පාරක් හරි දකින්න ඕනි කියලා සේයා හිතන් හිටියත් තේජාන් පහන්දිගේ වෙඩින් එකටවත් ඇවිත් තිබුනේ නෑ… කෙල්ලට තමන් ගැනම ලොකු කලකිරීමක් ඇති වෙන්න ගත්තා….
පහන්දි යසිරු ගේ ගෙදර ගියාම මිස්ටර් මුනසිංහ තාත්තාට කිවුව කතාව අහගෙන හිටපු සේයා ගේ ඇස් වලින් කදුලු ගලන් යන්න ගියේ මොකක්දෝ ලොකූ තනිකමකින් මුලු හිතම වෙලා ගද්දි…..
“දිසානායක සර්…අපි තවත් මොකටද සේයා දුවගෙයි තේජාන් පුතාගෙයි මැරේජ් එක පරක්කු කරන්නේ…ඒකත් ඉක්මනට ම කරලා දාමු….. “
මුනසිංහ කිවුවේ හිනා වෙලා තාත්තාගේ කරට අත දාන ගමන්…තාත්තාගේ ඇස් වලත් තිබුනේ පුදුම සතුටක්….
කෙල්ල අඩ අඩ ම රූම් එකට ගියේ කාගෙවත් ඇහැ නොගැටෙන්න… තමන් ගේ පවුල වෙනුවෙන් මොන තරම් කැපකිරීම් කරත් කවදාවත් නොදැකපු කෙනෙක් එක්ක වෙන්න යන මේ විවාහය මතක් වෙද්දි ත් කෙල්ලගේ මුලු ඇගම සීතල වෙන්න ගත්තා…
කෙල්ල මොන තරම් දුකින් හිටියත් එහ් කිසි ම දෙයක් ගෙදර කාටවත් ම දැනෙන් නැති වෙන්න කෙල්ල හිනා වෙලා හිටියා… ඒත් හිත ඇතුලෙන් හොදටම පිච්චිලා හිටපු කෙල්ල මුලු රෑම කරේ අඩපු එක….
පහන්දි නැතුව මුලු ගෙදරම පාලුවට ගිහින්… පහන්දි නැතුව ගෙදර අය දවස ගෙවා ගත්තේ පුදුම අමාරුවෙන් …. සේයා ක්ලාස් වල ලමයින් ගේ පොත් බලන්න ගත්තේ දැනුන පාලුව මකාගන්න හිතාගෙන….
පහන්දි නැතුව ගෙවුන මුල්ම දවස් දෙකත් හැමෝමට දැනුනේ මාසයක් වගේ දිගට…. කරන්න දෙයක් නැතිම තැන කෙල්ල බැරි ම තැන ලෑස්ති උනේ library එකට යන්න…කෙල්ල රෝස පාට දිග ගවුමක් ඇදලා කොන්ඩෙ ටිකක් අල්ලලා කටුවක් ගහලා hand bag එක කරේ දාගත්තේ අම්මටයි තාත්තටයි වදින ගමන්…
හවස 2 වෙද්දි කෙල්ල ටවුන් එකේ තිබුන library එකට ගියේ 4 වෙනකම්ම පොත් කියවනවා කියලා හිතාගෙන…..
හිතන් හිටියා වගේම කෙල්ල පැය එක හමාරක් ම පොත් කියෙවුවා….
ඒත් කෙල්ල ගේ හිත අහම්බෙන්නම ගැටුනේ පුටුවක වාඩි වෙලා ලොකු කල්පනාවක ඉන්න එදා පාරෙදි දැක්ක තරුනය ව…. එහ් ඇස් වල මොකක්දෝ ලොකු දුකක් තියෙනවා කියලා කෙල්ලට දැනුනේ කෙල්ලගේ හිතටත් හේතුවක් නැතුවම දුකක් දැනෙද්දි … කෙල්ල මොහොතක් එහ් රූපේ දිහා බලන් හිටියේ ඇස් ඉවතට ගන්න බැරි තරන් ලෝබ හිතුන හින්දා ඒත් ඊලග තත්පරේ කෙල්ල ඇස් ඉවතට ගත්තේ තරහින්… එදා ශොප් එකේදි එහ් තරුනයා කතා කරපු විදිහ මතක් වෙලා… කෙල්ල තරහින් ම කියව කියව හිටපු පොත දිහා බලා ගත්තේ ආයෙත් කොල්ලා දිහා බලන්නේ නෑ කියලා තදින් හිතා ගෙන…
4 ටත් කිට්ටු නිසා කෙල්ල නැගිට්ටේ ගෙදර යන්න… ඒත් යමක් මතක් වෙලා කෙල්ල ආයෙමත් හැරුනේ මීට සති දෙකකට කලින් හංගලා ගියපු පොත තියෙයි ද බලන්න…. කෙල්ල කාටවත් නොපෙනෙන්න පොත් රාක්කේ පොත් ඇතුලෙම සගවලා තිබුන පොත තියනවා දැකලා පොත ගන්න ගියේ මූනට ලාවට හිනාවක් අරන්…ඒත් පොත ගන්නවත් එක්කම එහා පැත්තෙනුත් කවුදෝ පොත අදිනවා වගේ දැනෙද්දි කෙල්ලගේ හිතට ආවේ පුදුඅ තරහක්…
තමන් තෝරපු දෙයකට තවට් කවුරි හරි තමන් එක්ක තරග කරනවනම් කෙල්ලට ඊට වඩා තරහක් වෙන කිසිම වෙලාවක දැනෙන්නේ නෑ… කෙල්ල අහිංසක පාටට හිටියට තරහා ගියාම නම් යකිශනියක් වගේ…
කෙල්ල වැරෙන් පොත ඇදලා ගත්තේ රාක්කෙට එහා පැත්තේ ඉන්නේ කවුද කියලා බලන්න ඕනි නිසාමයි….
ඊලග තත්පරේ එහා පැත්තේ හිටපු කෙනා දැකලා කෙල්ලගේ තරහා තවත් වැඩි උනේ එහා පැත්තේ හිටපු කෙනත් කෙල්ල දිහා තරහින් බලන් ඉද්දි…
කෙල්ල දෙපාරක් නොහිත එහා පැත්තට ගිහින් තරහින් තමන් දිහා බලන් හිටපු කෙනාගේ අතින් ඇදගෙන library එකෙන් පිටතට ආවේ කාටවත් වෙනසක් නොපෙනෙන්න….
ඊලගට library එක පිටිපස්සේ තිබුන bench එක ලගට ගිහින් අත ඇතෑරියේ තරහින් පුපුරමින්…
07 කොටසින් හමුවෙමු….
කතාව ගැන අදහස් කියන් යන්න…ආදරෙයි….
Very interesting subject, thank you for putting up.Blog monry