ඇයත් පතිනියකි 07

07_කොටස

“තමුසේ…..තමුසේ මන් ගන්න හැමදේම ගන්නේ මොකද අහ්….”

කෙල්ල ඇහුවේ තරහින් ඇස් රතු කරන් තමන් දිහා බලන් ඉන්න තරුනයා දිහා ඊටත් වඩා තරහින් බලමින්…

“තමුන්…තමුන් මොකටද මන් යන යන තැනටම එන්නේ අහ්හ්….”

කොල්ලා ඇහුවේ කෙල්ල වැරෙන් අල්ලන් ආව අත අනිත් අතින් අල්ලමින් එයින් දැනුන සියුම් වේදනාව නිසාම තරහා වැඩි වෙද්දි….

” අනේ මේ හලෝ… තමුන් දන්නවද මන් කවුද කියලා අහ්…”

කෙල්ල ඇහුවේ කොල්ලගේ තරහා ගානකටවත් නොගෙන….

“තමුන් කවුරු උනත් මට කමක් නෑ…පාඩුවේ ඉන්නවා….”

කොල්ලා කිවුවේ කෙල්ල දිහාට දබර ඇගිල්ල දිග් කරාලා තර්ජනාත්මකව… කෙල්ල තමන් ගේ අතින් ම එහ් ඇගිල්ල අල්ලලා පහලට දැන්මේ කොල්ල දිහා බලලා කට කොනකින් හිනා වෙලා….

” මන් පාඩුවේ තමයි හිටියේ…මේ පොත මන් සති දෙකකට කලින් හංගලා ගියපු පොත…අනික එහ් සාරි එක මන් තමුන් ට කලින් ශොප් එකට ගිහින් ගන්න තිබ්බා ට්‍රැෆික් තිබුන් නැත්නම්..මටත් කාර් එකක් තිබ්නානම්…මන් තමුන්ට කලින් ගෙදරින් ආවා..ට්‍රෆික් මගුල් හින්දා මට ලේට් උනේ…ඒකත් මතක තියා ගන්නවා… “

පුංචි දිගටි ඇස් දෙක ලොකු කරගෙන කොල්ලා දිහාට ඇගිල්ලක් දිග් කරන් මූනත් හොදටම රතු කරගෙන කෙල්ල කියපු
එහ් කතාව ඇහෙද්දි මෙච්චර වෙලා තරහින් හිටපු කොල්ලගේ මූනට හිනාවක් ආවේ හිතේ තිබුන තරහා සම්පූර්ණයෙන් ම නැති වෙලා යද්දි…කොල්ලා කෙල්ල කොල්ලා දිහාට දිග් කරපු ඇගිල්ලක් කෙල්ලගේ රතු වෙලා තිබුන මූන දිහත් මාරුවෙන් මාරුවට බැලුවේ මූනේ හිනාව එහ් විදිහටම තියාගෙන…කොල්ලා එහ් හිත පුරා හිනා උනේ හරියටම අවුරුදු දෙකකට පස්සේ…. කොල්ලා හිනා වෙනවා පලවෙනි වතාවට දැක්ක කෙල්ල එහ් රෝස පාට දෙතොල් දිහා බලන් හිටියේ පුදුම ලෝබ කමකින්…ඒත් එදා ශොප් එකේදි වගේ ආයෙත් එහ් රූපෙට පිස්සු වැටෙයි කියන බයටම කෙල්ල එක පාරක් විතරක් එහ් දිහා බලලා අහක බලා ගත්තේ කෙල්ලගේ හිතේ නැති වෙමින් තිබුන තරහා ආයාසයෙන් ම මූනට මවාගෙන….

“මොකද හිනා වෙන්නේ අහ්? “

කෙල්ල ඇහුවේ මවාගත්ත තරහක් මූනට අරන්….

“ඉතිම් ඔයත් කාර් එකක් ගන්න…මන් එපා කිවුවේ නෑනේ…අනිත් එක පාරේ ට්‍රෆික් තිබුනා එහ් හින්දා ඔයාට පරක්කු උනා ඒකයි සාරි එක ගන්න බැරි උනේ කිවුවට ඒක මට අදාල දෙයක් ද…..”

කොල්ලා ඇහුවේ හිනා වෙවීමයි…කොල්ලා හිනා වෙද්දි ඇස් දෙකත් දිලිසෙනවා දකිද්දි කෙල්ලට ආයෙත් ලෝබ හිතෙන්න ගත්තා…. කෙල්ල හිතලම බිම බලා ගත්තේ හිත හොදටම නොසන්සුන් වෙලා තිබුන හින්ද මයි…..

“අදාල උනත් නැතත් ආයෙත් මන් ගන්න දෙයක් ගන්න ගිහින් තිබ්බොත් මන් හොද පාඩමක් උගන්නනවා….”

කෙල්ල එහෙම කියලා එතනින් ගියේ කොල්ලටත් රවාගෙන….

“අහිංසක පාට විතරයි…කොච්චි කරලක් වගේනෙහ්…”

කෙල්ලට යන්න ඇරලා කොල්ලා තමන් ට ම කියා ගත්තේ හිනා වෙවීමයි…ඒත් එහ් හිනාවත් එක්කම කොල්ලගේ හිතට තමන් ගේ අතීතේ අදුරු මතකයන් මතක් වෙලා මූන සුදුමැලි වෙලා ගියේ දිග සුසුමකුත් එක්ක… කොල්ලා එහෙම්මම ගිහින් කාර් එකට නැංගේ හිත කියාගන්න තේරෙන් නැති හැගීම් ගොඩකින් අවුල් වෙලා තියෙද්දි……

♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

කෙල්ල ගෙදර ට ගියේ libry එකෙන් ගත්ත පොතත් මග දිගට කියව කියව.. කෙල්ල එහ් තරමට ම පොත් වලට ලෝබයි..ඒත් අදනම් කෙල්ලට පොත් අස්සේ පිටු වලිනුත් මැවිලා පෙනුනේ අර කොල්ලව…කෙල්ල තමන් ට ම හිනා උනේ අද libry එකේදි උන හැම සිදුවීමක් ම ආයේ අයේ ත් මතක් කරමින්… ඒත් මේ හීන තව ටික දවසයි නේද කියලා දැනෙද්දි කෙල්ලගේ පපුව රිදෙන්න ගත්තේ ලොකු වේදනාවකුත් එක්ක… තේජාන් එක්ක ගෙවන්න යන ජීවිතේ ගැන මතක් වෙන හැම තත්පරයක් ගානේම කෙල්ල දහස් වාරයක් හිතින් පිච්චෙනවා…..

තේජාන් ව බදින්න කෙල්ල හිත හදන් හිටියත් දවස් ගානකට කලින් කෙල්ල දැක්ක එහ් රූපේ කෙල්ලගේ හිතේ ගැබුරුම තැන සටහන් උනේ අමතක කරන්න බැරි වෙන්නමයි…එහ් කෙල්ලගේ හිතට දැනුන තේරුම් ගන්න බැරි පලවෙනි හැගීම…එහ් හැගීමට කියන නමවත් කෙල්ල නොදැන හිටියත් කෙල්ල එහ් රෝස පාට දෙතොල් වලට එහ් අහිංසක මූනට පුදුම තරම් ආසා කරා.. පහන්දි කිවුව විදිහට එහ් ආදරය ද කියලා කෙල්ල හැම රෑකදිම තමන්ගෙන්ම අහා ගත්තේ නුහුරු සතුටක් වගේම තේජාන් ගැන මතක් වෙලා ලොකු හිත් වේදනාවක් එක්ක..කොහොම උනත් එහ් රුපේ එහ් හැගීම ඉක්මනට ම හිතින් අයින් කරගන්න ඕනි කියලා කෙල්ල තදින් හිතා ගත්තේ තමන් ගේ පවුලට මේ තරම් උපකාරයක් කරපු මුනසිංහ සර් ට වගේම තමන් ගැන හීන කෝටියක් තියන් ඉන්න තාත්තාටත් දුකක් දෙන්න බැරි නිසාමයි…

පහුවදා කෙල්ල ලෑස්ති උනේ ස්කෝලේට යන්න..කෙල්ල තාම ට්‍රේනින් english teacher කෙනෙක්… කෙල්ල තාම ට්‍රේනින් නිසා ඉගැන්නුවේ pramary class වලට…කෙල්ල කොහොමත් තාමත් පොඩි ලමයෙක් වගේ නිසාම ලමයිනුත් පුංචි සේයා ටීචර් ට පුදුම විදිහට ආදරෙයි….

කෙල්ල වොශ් එකක් දාන් ඇවිත් ලා නිල් පාට සාරි එකක් ඇද ගත්තේ කොන්ඩේ ගොතලා අගට කටුවක් ගහලා… ඊලගට ලමයින් ගේ ගෙදර ගෙනාපු පොත් ටික බෑග් එකට දාගෙන රූම් එකෙන් එලියට ආවේ අම්මටයි තාත්තටයි වදින්න…ඒත් අම්මටයි තාත්තටයි වැදලා කෙල්ල ගෙදරින් යන්න හදද්දිම දැක්ක දේ නිසා කෙල්ලගේ පපුව පිච්චිලා ගියා…

වේගෙන් ආව මුනසිංහ සර් ගේ කාර් එක මිදුලේ නැවැත්තුවේ අම්මගෙයි තාත්තගෙයි මූනු වල සතුට පුරවලා…කෙල්ල උන් තැනම ගල් ගැහිලා බලන් හිටියේ පුදුම වේදනාවකින්…

මුනසිංහ සර් ආව ගමන් සේයා ට හිනා වෙලා සේයා ගේ ඔලුව සීරුවට අත ගෑවේ හිතේ උතුරන පිය සෙනෙහසකින්…

කෙල්ල මුනසිංහ සර් ට හිනා වෙලා වාඩි වෙන්න කිවුවේ කෙල්ලත් පුටුවක වාඩි වෙන ගමන්…

කෙල්ල වටපිට බැලුවේ අදවත් තේජාන් ඇවිත් ද බලන්න … ඒත් කෙල්ලගේ මූන අදුරු වෙලා ගියේ අදත් තේජාන් නෑ කියලා දැනෙද්දි…

“මන් ඊලග පාර එද්දි තේජාන් පුතාව එක්ක එන්නම් දූ….”

සේයා ගේ මූනේ හැගීම තේරුම් ගත්ත මුනසිංහ කිවුවේ සේයා දිහා හිනා වෙලා බලලා… කෙල්ලගේ මූන ලැජ්ජාවට ම රතු වෙලා ගියා…කෙල්ල ඔලුව වැනුවේ හා කියන්න….

“දූ ස්කෝලෙට යන්නද…”

ඊලගට මුනසිංහ ඇහුවේ සාරියකින් සැරසිලා ඉන්න සේයා දිහා නැවතත් හිනා වෙලා බලලා…

“ඔව් අන්කල්….”

“එහෙනම් දූ දැන් යන්න…මන් තාත්තත් එක්ක කතා කරන්නම්…”

මුනසිංහ කිවුවේ තාත්තා දිහා බලලා…තාත්තත් මුනසිංහ දිහා බලලා ඒක අනුමත කරද්දි කෙල්ල අම්මට තාත්තාට වගේම මුනසිංහ සර් ටත් වැදලා එලියට බැස්සේ මුනසිංහ සර් තමන් ගෙ ලේලි දිහා ආදරෙන් බලන් ඉද්දි… .

ආයෙත් පාරක් ගේ දිහා හැරිලා බලපු සේයා ට එහ් දසුන ගෙනාවේ ලොකු හිත් වේදනාවක්…කෙල්ලට එක පාරම සුසුමක් හෙලුනේ මේ වගේ රත්තරන් මනුස්සයෙක් ට හිතින් වත් වැරැද්දක් කරන්නේ කොහොමද කියලා හිතනකොට… කෙල්ල තමන් ගේ හිතට එන වැරදි හැගීම ආයෙත් උඩට මතු වෙන්න දෙන්නේ නෑ කියලා තදින්ම හිතා ගත්තේ මුනසිංහ සර් ගේ එහ් ආදරයට හිතින් වත් පිටු පාන්න කෙල්ලගේ හිත ඉඩ දුන්නේ නැති නිසාමයි….

08 කොටසින් හමුවෙමු…

ඊලග කොටස අද රෑ 7 ට…

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

හෙට ඉදන් කතාවේ දීර්ග කොටස් දාන්නම්…අදට විතරක් මේ චූටි කොටස කියවන්න හොදද…

කතාව ගැන අදහස් කියන් යන්න යාලුවනේ …

ආදරෙයි… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *