ඇයත් පතිනියකි 09

09_කොටස

“තමුන් මොකද මන් යන යන තැන් වලට ම එන්නේ අහ්..”

කොල්ලා ඇහුවේ මූනෙන් හිනාව බොහොම අමාරුවෙන් නවත්තගෙන…

“මේ මන් හැමදාම ස්කූල් එකට යන පාර…”

කෙල්ල කිවුවේ පහත් ස්වරයෙන්…

“හරි…එතකොට තමුසේ මොකද මන් හැමදාම අයිස් ක්‍රීම් අරන් දෙන ලමයි දෙන්නට අයිස් ක්‍රීම් අරන් දුන්නේ අහ්…තමුසේ මොකද මන් කරන කරන දේ ම කරන්නේ අහ්…”

කෙල්ල තාමත් සන්සුන්ව ඉන්න නිසාම කොල්ලා මේ වචන ටික ඇහුවේ කලින් ටත් වඩා මූනට තරහක් මවාගෙන……

“මන් දන්නව ද ඔයා එහ් ලමයින් ට අයිස් ක්‍රීම් අරන් දෙනවා කියලා…එහ් ලමයි දෙන්නා ආසාවෙන් අයිස් ක්‍රීම් දිහා බලන් හිටපු හින්දා මන් අරන් දුන්නේ…..”

කෙල්ල කලින් ට වඩා දැඩි ස්වරයෙන් කතා කරද්දි කොල්ලගේ මූනට හිනාවක් ආවේ තව තත්පර ගානකින් කොල්ලා බලාපොරොත්තු වුන හැමදේම බලාගන්න පුලුවන් නේද කියලා හිතෙද්දි…

” ඒත් මේ මන් අයිස් අරන් දෙන ලමයි දෙන්නා…තමුසේ වෙන කවුරු හරි ලමයි දෙන්නෙක් හොයා ගන්නවා අයිස් ක්‍රීම් අරන් දෙන්න….”

කොල්ලා කිවුවේ අඩියට දෙකට කෙල්ල ලගට ඇවිත් කෙල්ලගේ මූනට දබර ඇගිල්ල දිග් කරන ගමන්… මෙච්චර වෙලා බොහොම ඉවසීමෙන් කොල්ලා කිවුව දේවල් අහන් හිටපු කෙල්ලගේ ඉවසීමේ සීමාව නැති වෙලාම ගියේ අමාරුවෙන් පාලනය කරගෙන හිටපු හිත ඇතුලෙ ඉන්න යක්ශයා ආවේශ වෙද්දිමයි…

“මේ හලෝ…අයිස් ක්‍රීම් අරන් දෙනවා නම් වෙලාවට එන්න දන්නේ නැද්ද අහ්…අනික මන් දන්නව ද තමුසේ අයිස් ක්‍රීම් අරන් දෙනවා කියලා අහ්…තමුසේ අයිස් ක්‍රීම් අරන් දෙනවා නම් ඊලග පාර මෙතන බෝඩ් එකක් ගහලා තියනවා..නැත්නම් අපි දන්නේ නෑනේ….”

කෙල්ල කිවුවේ ඇස් දෙකත් ලොකු කරන් කොල්ලා දිහා රවලා බලලා…කෙල්ල දිහාට දිග් කරන් හිටපු ඇගිල්ල කොල්ලට රිදෙන තරමට ම අල්ලලා පහලට දාන ගමන්…

“අහ් එහෙමද මැඩම්…එහෙනම් මීට පස්සේ library එකේ පොත් හංගද්දි ත් බෝඩ් එකක් ගහලා තියනවා…නැත්නම් අපි දන්නේ නෑනේ….”

කොල්ලා කිවුවේ පැලදසිටි අවු කන්නාඩි දෙක ගලවමින් කෙල්ල්ගේ ඇස් දෙකට බර වෙලා…

මොහොතකට කොල්ලගේ වගෙම කෙල්ලගේ ඇස් දෙකත් එකට ගැටුනේ කොල්ලට වගේම කෙල්ලටත් තමන් ඉන්නේ කොහෙද කියලා අමතක වෙලා යන ගමන්……කෙල්ලගේ මූනේ තිබුන තරහා තත්පරෙන් නැති වෙලා ගිහින් එහ් ඇස් දිහාම බලන් හිටියේ හිත ඇතුලෙන් මොකක්දෝ නුහුරු සතුටක් දැනෙද්දිමයි… මොහොතක් එහ් ඇස් අස්සෙම අතරමන් වෙලා හිටපු කොල්ලා ඉක්මනට ඇස් ඉවතට ගත්තේ වට පිට බලන ගමන්… කෙල්ලගේ මූන ලැජ්ජාවෙන් රතුවෙන්න ගත්තේ කර කියා ගන්න දෙයක් නැතුව…

කෙල්ල මොකුත් නොකියම බිම බලා ගත්තා… තමන් ට මේ මොකක් ද වෙන්න යන්නේ කියලා තමන් ට ම හිතා ගන්න බැරුව මොහොතක් ගල් ගැහිලා බලන් හිටපු කොල්ලා ඊලග තත්පරේ කතා කරේ මොකුත් ම නොවුන ගානට ….

“දැන් තමුසේ යනවා…ආයෙත් මන් කරන දේවල් කරලා තිබ්බොත් හොද පාඩමක් උයන්නනවා…”

කෙල්ල library එකේදි කිවුව අන්තිම වචන ටික එහ් විදිහටම කියලා කොල්ලා අනිත් පැත්තට හැරිලා කාර් එකට නගින්න හැදුවත් කෙල්ලගේ කටහඩ නිසාම කොල්ලා නැවතුනා…

“ඔහොම ඉන්නවා….තමුසේ…තමුසේ මට ඔහොම කතා කරන්න…තමුසේ දන්නව ද මන් කවුද කියලා අහ්….”

කෙල්ල ඇහුවේ කෙල්ලට පිටුපාලා ඉන්න කොල්ලගේ උරහිස්සෙන් අල්ලලා තමන් ගේ පැත්තට හරවන ගමන්…

“කවුරු උනත් මට වැඩක් නෑ කියලා මන් එදාම කිවුවනේ… “

කොල්ලා කිවුවේ මවාගත්ත තරහකින්…මීට තත්පර ගානකට කලින් දැක්ක එහ් ඇස් දෙක නිසා කොල්ලගේ හිත නොසන්සුන් වෙලා තිබ්බේ…කොල්ලා අතේ බැදන් හිටපු වොච් එක අනිත් අතින් හදන්න ගත්තේ එහ් නොසන්සුන්කම අඩු කරගන්න හිතාගෙන….

” නෑ තමුසේ මේකත් අහගෙනම යනවා…මන් මිස්ටර් මුනසිංහ ගේ අනාගත ලේලි… මිස්ටර් තේජාන් මුනසිංහ මගෙ හස්බන්ඩ්…..තමුසේ ආයෙත් කියවන්න ආවොත් මන් හස්බන්ඩ් ට කියලා තමුසෙට හොද පාඩම් දෙක තුනක් ම උගන්නනවා තේරූනා ද….”

කෙල්ල කිවුවේ කොල්ලා දිහා රවලා බලලා..,මේ වෙද්දි කෙල්ලට මේ තරුනයා ගැන මොකක්දෝ නුහුරු හැගීමක් දැනෙමින් තිබුනත් කෙල්ල මේ වචන ටික කියලා දැන්මේ කොල්ලගේ ලොකු ලයින් බලන් ඉන්න බැරි තැන වගේම මිස්ටර් මුනසුංහ ට තවත් හිතින් වැරැද්දක් කරන්න බැරි නිසාමයි..

ඒත් කෙල්ලගේ එහ් වචන ටිකට කොල්ල අතින් හද හද හිටපු වොච් එකත් බිමට ඇදන් වැටුනේ කොල්ල ගල් බිල්ලෙක් වගේ ගල් ගැහිලා බලන් ඉද්දි…

” මිස්ටර් මු..න…සි…ං..හ…..”

කොල්ලට කියවුනේ කොල්ලගේ මුලු ඇගම සීතල වෙලා පන රහිත පුද්දලයෙකු වගේ කාර් එකට හේත්තු වෙද්දි….

“ඔව්…දන්නවානෙහ් මිස්ටර් මුනසිංහ කියන්නේ කොච්චර ලොකු මනුස්සයෙක් ද කියලා… බය වෙන්න එපා…මන් එයාට ආයෙත් මොකුත් කියන් නෑ..හැබැයි පාඩුවේ ඉන්නවා…”

කොල්ලගේ මේ හැසිරීම මිස්ටර් මුනසිංහ ට බය නිසා ඇති වුන දෙයක් කියලා තේරුම් ගත්ත කෙල්ල කිවුවේ කොල්ලා පව් කියලා හිතලා….

“එතකොට මිස්..මිස්ටර් තේජාන් ව..දැකලා තියනව ද…”

කොල්ලා ඇහුවේ වෙවුලන කටහඩින්….

“මොනවද මේ කතා..මන් මේ දැන් එන්නෙත් තේජාන් ව මීට් වෙලා ….. “

කෙල්ල කිවුවේ මූනට හිනාවක් අරන් හිනා වෙවීමයි..

“ඇත්තටම ද”

කොල්ලා කිවුවා නෙමෙයි..කොල්ලගේ කටින් ඉබේම කිය වුනා…

“නැත්නම් ඉතිම්… වැඩිය කියවන්න ආවොත් මන් තේජාන් ට කියලා තමුසෙට….දන්නවනෙහ් ඉතිම්…එහ් හින්දා පාඩුවේ ඉන්නවා….”

කෙල්ල කිවුවෙ ඇස් දෙක ලොකු කරන් කට උල් කරගෙන…. කොල්ල මොහොතක් කෙල්ලගේ මේ ඇක්ශන් දිහා ගල් ගැහිලා බලන් ඉදලා ඊලග තත්පරේ මූනට හිනාවක් එනවට්ග් එක්කම තමන් ගේ අතින් ම තමන් ගේ ඔලුවට රිදෙන් නැති වෙන්න පුංචි පහරක් ගහ ගත්තේ කෙල්ල ඇස් දෙකත් ඇරන් බලන් ඉද්දි….

“ඇයි …. “

කෙල්ල ඇහුවේ කොල්ලගේ මේ රිඇක්ශන් තේරුම් ගන්න බැරි නිසා..

” නෑ මොකුත් නෑ…”

හිනාවකින්ම එහෙම උත්තර දුන්න කොල්ලා කාර් එකේ යතුර සාක්කුවෙන් ගත්තේ කෙල්ල දිහා ආයෙත් එක පාරක් බලලා….

ඒත් ඊලග තත්පරේ කොල්ලා අහපු දේට කෙල්ල ගැස්සිලා ගියා…

“මන් තමුසෙ ව ඩ්‍රොප් කරන්න ද… “

“එහ්..එහ්…මොකටද……”

කෙල්ල ඇහුවේ වචන පටලවමින්…කෙල්ල කොච්චර පන්ඩිතකම් කියෙවුවත් මේ වෙනකම් කොල්ලෙක් ගේ ආදරයක් වත් විදලා තිබුනේ නෑ..එහෙම එකේ එක පාරට කොල්ලා ඩ්‍රොප් කරන්නම් කියද්දි කෙල්ල ගැස්සිලා ගියේ මේ දේවල් ජීවිතේට ගොඩක් නුහුරු දේවල් නිසාමයි..

“නෑ ඉතිම්…තමුසේ පයින් නෙහ් යන්නේ ඒකයි…”

කොල්ලා කිවුවේ ගානකට නොගෙන…

“මට…මට තේජාන් කියලා තියෙන්නේ වෙන අයගේ කාර් වල යන්න එපා කියලා…”

කෙල්ල කිවුවේ බිම බලාගෙන චූටි හාපැටියෙක් වගේ අහිංසකව…

කෙල්ලගේ එහ් වචන ඇහෙද්දි කොල්ලගේ මූනේ හිනාව ආයෙත් අලුත් වෙලා කොල්ලා කෙල්ල දිහා බැලුවේ එහෙමද අහන්න වගේ….

ඒත් කෙල්ලගේ එහ් ඉරියවුව දැක්කම කොල්ලට ලෝබකමක් දැනුනේ මේ විනාඩි කීපයකට කලින් තමන් ට බැන්න කෙල්ලම ද කියලා හිතෙද්දි…

“මෙන්න මෙහෙ නගිනවා හලෝ..ඕනමනම් තේජාන් කාරයා ට කියලා මට ගිෆ්ට් එකක් අරන් දෙනවකෝ මන් තමුසෙ ට ලිෆ්ට් එකක් දුන්නට..”

කොල්ලා කිවුවේ බලෙන්ම කෙල්ලගේ අතින් අල්ලලා කාර් එකට නංගවන ගමන්…

“තේජාන් කාරයා? තේජාන් සර් කියලා කතා කරනවා… “

කොල්ලගේ එහ් වචන ටික ඇහෙද්දි කෙල්ල කිවුවේ මූන පලුටු කරගෙන….

කොල්ලට තමන් ගේ මූනට එන මේ හිනාව පුදුම අමාරුවෙන් නවත්ත ගත්තේ කරන්න දෙයක් වගේම කියන්න දේකුත් හිතා ගන්න බැරුව…

“හරි මැඩම්…තේජාන් සර්…”

අන්තිමට කොල්ලා තමන් වම පාලනය කරගෙන හිනාව මුවින් බොහොම අමාරුවෙන් අයින් කරගෙන සාමන්‍ය විදිහට කිවුවේ කාර් එක ස්ටාට් කරන ගමන්…

10 කොටසින් හමුවෙමු…

ඊලග කොටස අද රෑ 7 ට…

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

කතාව ගැන අදහස් කියන් යන්න යාලුවනේ…… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *