ඇයත් පතිනියකි 10
10_කොටස
“මට ගෙදර ට යන පාර කියනවා..”
කොල්ලා කිවුවේ කාර් එක ස්ටාට් කරලා ටික දුරක් ගිහින් තාමත් ගොලු වෙලා වගේ කතාවක් නැතුව ඉන්න කෙල්ල දිහා තරහින් බලලා…
කෙල්ල ලොකු කල්පනාවක හිටපු නිසාම කෙල්ලට කොල්ලා කිවුව කිසි දෙයක් ඇහුන් නෑ…කෙල්ල බලාගත්ත අතම බලන් ඉද්දි කොල්ලා බ්‍රේග් එකක් ගහලා කාර් එක නැවැත්තුවේ කෙල්ල ගැස්සිලා යද්දි…
“මේ හලෝ…මන් සියල්ල දත් කියලා හිතුවද…මට පාර කියනවා…නැත්නම් මන් කොහොමද ඩ්‍රොප් කරන්නේ….”
“ඔතනින්…ඔතනින් වමට..”
කෙල්ල කිවුවේ නින්ද ගිහින් ඇහැරුනා වගේ පාට් එකකින්…
“තමුසේ නම් මහා මොන්ගල් ඩයල් එකක්…තේජාන් සර් තමුසෙට කැමති උනේ කොහොමද සේයා…”
කොල්ලා ඇහුවේ ගානක් නැතුව උනත් ඊලග තත්පරෙදියි කොල්ලට මතක් උනේ තමන් කෙල්ලගේ නම කියලා කතා කරා නේද කියලා…කොල්ල එක පාරට ම කෙල්ල දිහා බැලුවේ වැරැද්දක් කරලා අහු උනා වගේ…
කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් කොල්ලා දිහා බය වෙලා අතින් මුව වහන් බලන් ඉද්දි කොල්ල එක පාරම බිම බලාගත්තේ කියන්න දෙයක් හිතා ගන්න බැරුව…
“ඔයා…ඔයා මට සේයා කියල ද කිවුවේ..ඔයා…ඔ..යා කොහොමද මගෙ නම දන්නේ අහ්….”
කෙල්ල ඇහුවේ ඇස් දෙක තවත් ලොකු කරමින් කොල්ලා දිහා බලලා…
“අහ් ඒකද….තේජාන් සර් මේ ලගදි ආටිකල් එකකට මැරි කරන්න ඉන්න කෙල්ල ගැන කියලා තිබ්බා… ඒකේ තිබ්බේ සේයා කියලා…තමුසේ කිවුවනේ තමුසේ මැරි කරන්න ඉන්නේ සර් ව කියලා.ඒකයි මන් එහෙම කිවුවේ…..” .
කොල්ලා කිවුවේ ගානකටවත් නොගෙන…කාර් එකේ වේගය තව පොඩ්ඩක් වැඩි කරමින්..
“අනීයී…එයා තව මොනාද මන් ගැන කියලා තිබ්බේ…”
මේ පාර කෙල්ල ඇහුවේ ඇස් වලිනුත් හිනා වෙවින් පුදුම සතුටකින්…
“මට මතක නෑ…මගෙන් අහන්නේ ..ඕක අහනවකෝ තේජාන් කාරයාගෙන් ම…නොන්සන්ස්….”
කොල්ලා කිවුවේ කෙල්ල දිහා රවලා බලලා…
“හ්ම්….”
කෙල්ල මොකුත් නොකියම එහ් වචන ටික විතරක් කිවුවේ දිගු සුසුමක් හෙලන ගමන් .. එහ් සුසුමේ බර වැඩිකමටම කොල්ලගේ හිත ගැස්සිලා ගියේ හිතට මොකක්දෝ ලොකු වේදනාවක් දැනෙද්දි මයි… කෙල්ලගේ මූන මැලවිලා හිනාව අතුරුදහන් වෙලා යනවා දකිද්දි කොල්ලගේ හිත කවදාවත් නොදැනුනු හැගීම් ගොඩකින් පිරිලා ගියේ තමන් ගැනම කලකිරීමක් දැනෙද්දි….
කෙල්ල කට වහගෙන දුකින් බලන් ඉන්න බැරිම තැන කොල්ල කෙල්ලට කතා කරේ කලින් ට වඩා ටිකක් සමීප ස්වරයකින්…
“පොඩ්ඩක් හිනා වෙලා ඉන්නවකෝ හලෝ..බලනවකෝ හැටි…”
“තේජාන් මට කියලා තියෙන්නේ එයා ලග විතරක් හිනා වෙන්න කියලා….”
කෙල්ල කිවුවේ හිතේ තේජාන් ගැන තිබුන තරහා මේ කොල්ලා මතින් පිට කරමින් කොල්ලට හොදටම රවලා… කොල්ල කෙල්ල ගැන දුක හිතුනත් සැරින් සැරේ කෙල්ලගේ මේ වචනත් ඇක්ශනුත් හින්දා කොල්ල කොච්චර සීරියස් වෙලා කතා කරන්න හැදුවත් කොල්ලගේ මූනට එන හිනාව නවත්ත ගන්න බැරි උනා… තවත් මොනවහරි කිවුවොත් කෙල්ලගෙන් ගුටි කන්න වෙයි කියලා හිතුන හින්දම කොල්ලා ආයෙත් මොකුත් නොකියම drive කරන්න ගත්තා…
“මන් මෙතනින් බහින්නම්…අර තියෙන්නේ අපේ ගෙදර….”
ඉස්සරහට යනවත් එක්ක ම ඇතින් පෙනුන ගේ පෙන්නලා කෙල්ල කිවුවේ යාන්තමට කොල්ලා දිහා හිනා වෙලා බලලා… ඊලගට කාර් එකෙන් බැස්සේ කොල්ලට ස්තූති කරන ගමන්….
“තැන්කූ….”
“හරි..පරිස්සමින් යනවා….”
කොල්ලා කිවුවේ හිනා වෙවීමයි….
කෙල්ල කොල්ලට හා කියලා ඔලුව වහලා ගෙදර ට යනකම්ම කොල්ලා හිනා වෙවීම විනාඩි 5ක් තිස්සේ කෙල්ල ඈතට යනකම්ම බලන් හිටියේ කාලෙකට පස්සේ එහ් මූනට හිනාවක් අරන්…
ඒත් එහ් එක්කම කොල්ලට දිගු සුසුමක් හෙලුනේ මුලු හිතම වෙලාගෙන යන ලොකු වේදනාවක් දැනෙද්දි…අවුරුදු දෙකක් තිස්සේ කොල්ලා මේ ගෙවන්නේ මැරි මැරි ජීවත් වෙන ජීවිතයක්…මේ අවුරුදු දෙක පුරාවටම කොල්ලගේ මූනේ හිනාවක් නම් යාන්තම්ට වත් තිබුනේ නෑ…. ඒත් දැන් දවස් ගානකට කලින් දැක්ක මේ කෙල්ල නිසා කොල්ලා හිත පුරා හිනා වෙලා සතුටින් හිටියේ හිතට නුහුරු සතුටක් දැනෙද්දි…තමන් කෙල්ලට ලන් වෙනවද කියලා තමන් ගේ හිතම තමන් ගෙන් ප්‍රශ්න කරේ මේ තරම් කාලයක් කාටවත් ම මේ මූනට හිනාවක් ගේන්න බැරි උනත් මේ දවස් ටිකට කෙල්ල ආයෙත් වෙනස් නොවෙයි කියලා හිතපු ගොඩක් දේවල් වෙනස් කරපු නිසාමයි… කෙල්ලව දකින වාරයක් ගානෙම කොල්ලගේ හිතේ තිබුන හැම වේදනාවක් ම අතුරු දහන් වෙලා ගියා…ආයේ අයේත් කෙල්ලව දකින්න කොල්ලගේ හිත කොල්ලට බල කරේ ආයේ පාරක් ජීවිතේට අලුත් බලාපොරොත්තු ගෙන දෙමින්… ඒත් එහ් හැගීම මොකක් ද කියලා කොල්ලවත් දැනන් හිටියේ නෑ….
කෙල්ල නොපෙනෙන්නම ගියාට පස්සේ කොල්ලා කාර් එක ස්ටාට් කර ගත්තේ මේ වෙද්දි රිදෙමින් තිබුන තමන් ගේ ඔලුව එක අතකින් අල්ලගෙන….
සේයා ගේ ඇතුලට ගොඩ වෙනවත් එක්කම අම්මා කෙල්ලට රූම් එකේ ඉදන් ම කතා කරේ කෙල්ලගේ මූනට ලොකු සතුටක් ගෙන එමින්… අම්මා කිවුව දේට කෙල්ල තත්පරයක් වත් ඉන් නැතුවම ෆෝන් එක ලගට දිවුවා…
“පහන්දි කතා කරා දූ…ඔයා ආව ගමන් කෝල් එකක් ගන්න කිවුවා…..”
“එයාට අපිව දැන් ද අම්මා මතක් වෙලා තියෙන්නේ….”
කෙල්ල එහෙම කියාගෙනම ෆෝන් එක ලගට දිවුවේ පහන්දි ගේ නම්බර් එක landphone එකේ ඩයල් කරන්න…
මෙච්චර දවසක් පහන්දි කතා කරනකම් ගෙදර කවුරුත් ම කෙල්ලට කතා නොකෙරුවේ කෙල්ලට අලුත් ජීවිතේ නිදහසේ ඉන්න දෙන්න ඕනි නිසාමයි…. ඒත් අම්මා තාත්තා වගේම සේය ත් මග බලාගෙන හිටියේ කෙල්ලගෙන් කෝල් එකක් එනකම්…
පහන්දි කෝල් කරා කිවුව ම සේයා ට දැනුනේ පුදුමම සතුටක්…කෙල්ල පහන්දි ගේ නම්බර් එක ඩයල් කරලා පහන්දි ෆෝන් එක ආන්සර් කරනකම් බලන් හිටියේ ඉවසිල්ලක් නැතුව….
“හෙල්ලෝ අක්කි….”
තත්පර ගානකට පස්සේ පහන්දි ගේ කටහඩ ඇහෙද්දි සතුට වැඩි කමටම කෙල්ලගේ ඇස් වලට කදුලු ආවා….
“අක්කි තමයි…දැන් ද අපි ව මතක් උනේ…”
කෙල්ල ඇහුවේ තරහින් උනත් එහ් වචන වල ආදරේ පිරිලා උතුරනවා….
“හෝවු හෝවු….බනින්න කලින් මන් මේ කියන දේ අහගන්නවකෝ….මන් මේක කියන්නමයි කෝල් කරෙත්… ඊට පස්සේ බනිනවා….”
“හා කියනවා ඉතිම්….”
“මේ හලෝ…අදයි යසිරුයි මායි තෑගි බැලුවේ…දන්නවද මුනසිංහ අන්කල් ගේ ගිෆ්ට් එක….අර අර එදා ඔයා අර කොල්ලත් එක්ක රන්ඩු උන සාරි එක මතක ද…එහ් සාරී එකමයි හලෝ…මාරම ලස්සනයි….”
“වාව්…නියමයි නෙහ්…මන් දන්නේ නෑනේ මුනසිංහ සර් ට ඔය තරම් ලස්සනට select කරන්න පුලුවන් කියලා”
කෙල්ල ඇහුවේ ඇස් දෙකත් ලොකු කරන්…
“ඒක තමයි හලෝ…මටත් හිතා ගන්න බෑ…හැබැයි එදා ඔයා අර බෝයි ට ගහලා සාරි එක ගත්තා නම් පව් හලෝ එහ් අහිංසකයා..එහෙනම් එකම විදිහේ සාරි දෙකක්…අපරාදෙනෙහ්….”
පහන්දි කිවුවේ හිනා වෙවී…කෙල්ලත් හිනා වෙවීම ඒක අනුමත කරේ කොල්ලගේ රූපේ තමන් ගේ හිතේ ආයේ පාරක් මැවෙද්දි….කොල්ලව මතක් වෙන හැම පාරකදිම වගේ මේ පාරත් කෙල්ලගේ හිතට මොකක්දෝ නුහුරු හැගීමක් දැනෙන්න ගත්තේ එහ් නුහුරු හැගීම හිත පුරාම විදිමින්…
“මේ අක්කී…මන් තියන්නම්….යසිරු කතා කරනවා…පස්සේ ගන්නම් හොදේ…ආදරෙයි….”
ෆෝන් එකත් කනේ තියාගෙනම කෙල්ල හීන ලෝකෙකට යද්දි පහන්දි ගේ කටහඩ නිසාම කෙල්ල හිනා වෙවීම මේ ලෝකෙට ආවේ පහන්දි ට සතුටින් සමු දෙන ගමන්…
“ඔයත් තේජාන් පුතා එක්ක ගියාම අපිටත් කෝල් එකක් එනකම් ඔහොම තමයි බලන් ඉන්න වෙන්නේ දූ….”
කෙල්ල ෆෝන් එක තියනවා බලන් හිටපු අම්මා කිවුවේ හිනා වෙවීම උනත් මෙච්චර වෙලා හිනාවෙවී හිටපු කෙල්ලගේ මූන අදුරු වෙලා යන්න තත්පරයක් වත් ගියේ නෑ…
කෙල්ලගේ හිත තමන් ට පාලනය කරගන්න බැරි තරමට ම මුරන්ඩු වෙලා නේද කියලා කෙල්ල ට දැනුනේ කරන්නේ මොකක්ද කියලාවත් හිතා ගන්න බැරි තරමට ම ලොකූ අසරනකමක් එක්ක…කෙල්ල එහෙම්මම ගිහින් අම්මගේ උරහිසට ඔලුව තියා ගත්තේ එහ් අසරනකම උපරිමේටම දැනුන නිසාමයි….
“තේජාන් තේජාන් තේජාන්”
මේ නම ඇහෙද්දි ත් කෙල්ලගේ මුලු ආත්මය ම පිච්චිලා යන තරම් වේදනාවක් කෙල්ලට දැනෙන්න ගත්තේ මේ කෙල්ල සතුටින් ඉන්න අන්තිම දවස් ටික නේද කියලා හිතෙද්දි…..
11 කොටසින් හමුවෙමු….
ඊලග කොටස හෙට රෑ 7 ට…