ඇයත් පතිනියකි 12

12_කොටස

“ගුඩ් මෝනින් සේයා….”

කෙල්ල ඔලුව උස්සනවත් එක්කම කෙල්ලගේ ඇස් ලොකු වෙද්දි කෙල්ල දිහාම බලන් හිටපු තේජාන් කිවුවේ එක ඇහි බැම්මක් උස්සලා දත් තිස් දෙකම පේන්න හිනා වෙලා….

කෙල්ල උන් තැනම ගල් ගැහිලා කටත් ඇරගෙන ඇස් දෙකත් ලොකු කරන් තේජාන් දිහා බලන් හිටියේ කිසි දෙයක් අදහගන්න බැරුව……කෙල්ලගේ මේකප් එක උඩින් දාඩිය දාලා ලාවට දාලා තිබුන මේකප් එකත් මේ වෙද්දි සම්පූර්ණයෙන්ම වගේ ගිහින් තිබ්බේ… කෙල්ලගේ මුලු ඇගම සීතල වෙලා ගිහින්..කෙල්ල තේජාන් දිහාම බලාගෙන තමන් ගේ සීතල වෙලා තිබුන අතක් අරන් මුවට තියාගත්තේ ඇස් ඇස් දෙක තදින් පියාගන්න ගමන්….

මේ ඉන්නේ තමන් මීට දවස් ගානකට කලින් දැක්ක අර තරුනයා නේද කියලා දකිද්දි කෙල්ලට එදා ඉදන් ම උන හැම සිදුවීමක් ම එක දිගට මතක් වෙන්න ගත්තේ මූන රතු වෙද්දි…

“දෙයියනේ එතකොට මන් ඊයේ තේජාන් ට කියනවා කිය කිය පාට් එක දාලා තියෙන්නේ තේජාන් ට මද…..”

කෙල්ල හිතුවේ පියාගත්ත ඇස් දෙක හෙමින් අරින්න උත්සාහ කරමින්…ඒත් කෙල්ලට එක පාරම ඇස් දෙක ඇරලා තේජාන් දිහා බලන්න තරම් හයියක් නැති නිසාම කෙල්ල මුලින්ම එක ඇහැක් විතරක් ඇරලා අනිත් ඇහැ තාමත් පියාගෙන තේජාන් දිහා බැලුවේ කොල්ලා දැන් තමන් දිහා බලන් නැතුව ඇති කියලා හිතලමයි..ඒත් තේජාන් පෙර ඉරියවුවෙන් ම තමන් දිහා හිනා වීගෙනම බලන් ඉන්නවා දකිද්දි කෙල්ල ඇස් දෙකම එක පාරම ඇරියේ තමන් මේ ඉන්න ඇක්ශන් එක කොච්චර මොන්ගල් පාට් එකක් ද කියලා කෙල්ලටම හිතිලා…

හය හතර නොතේරෙන පොඩි දරුවෙක්ගෙන් වත් ලේසියෙන් බලාගන්න බැරි කෙල්ලගේ ඇක්ශන් ටික දකිද්දි කොල්ලට හයියෙන් හිනා යන්න ආවත් කොල්ලා ආයාසයෙන් ම බොහොම අමාරුවෙන් හිනාව නවත්තගෙන ලිප්ස් දෙකත් හපාගත්තේ කරගන්නම දෙයක් නැති තැන…

කොල්ලගේ හැසිරීම් දිහා මූනත් රතු කරන් බලන් හිටපු කෙල්ලට හිතුනේ එකම එක දෙයයි…

“අනේ දෙයියනේ මට වලක් කපන් වැලලෙන්න තියේනම්…”

කෙල්ල තේජාන් ගේ මූනේ වෙනස් වෙන හැම ඉරියවුවක් දිහාම එකම විදිහට ගල් ගැහිලා බලන් ඉන්න ගමන් හිතුවේ කෙල්ලට මේ ඉන්නේ කොහෙද මොකට ද ආවේ කියලත් අමතක වෙලා යද්දි…

විනාඩි දෙකකට ආසන්න කාලයක් කෙල්ලගේ ඇක්ශන් දිහා බලන් හිටපු කොල්ලා එක පාරටම තමන් ගේ තාත්තා දිහා බැලුවේ තාත්තට මොනා හරි තේරිලා ද කියලා හිතමින්…ඒත් මිස්ටර් මුනසිංහ වෙනසක් නැතුවම ඉද්දි කොල්ලගේ හිතට දැනුනේ සැනසීමක්…

කෙල්ල හිටියේ මිස්ටර් මුනසිංහ වගේම අම්මා තාත්තාත් වාඩි වෙලා හිටපු ආසන වලට පිටුපසින් හිටගෙන නිසාම ඉදිරියේ තිබුන ආසනයක වාඩි වෙලා ඉන්න තේජාන් දිහා කෙල්ල බලන් ඉන්න ඇක්ශන් එක තේජාන් ඇරෙන්න වෙන කවුරුත් ම දැක්කේ නෑ….

මිස්ටර් මුනසිංහ ට වගේම අම්මා තාත්තාටත් පෙන්නේ තමන් ට ඉදිරියෙන් වාඩි වෙලා ඉන්න තේජාන් ගේ මූන විතරක් ම නිසා කොල්ලා ලාවට හිනා වෙලා මුනසිංහ දිහා බැලුවේ කොල්ලට හිනා යයි කියලා බය හිතුන නිසාමයි…

“පුතා…සේයා දුව ඊයෙත් ඔයාව හෙවුවා…කොහොම ද දූ හොදයි නේද…”

මිස්ටර් මුනසිංහ තමන් ගේ පුතා දිහා බලලා ඇහුවේ සේයා ගේ තාත්තා දිහත් බලන ගමන්…

තේජාන් දිහා මූන රතු කරන් කරගන්න දෙයක් නැතුව අන්තයටම ලැජ්ජාවෙන් අසරන වෙලා හිටපු කෙල්ල මේ වෙද්දි සාමන්‍ය තත්වෙට හැරෙමින් තිබුනේ..

මුනසිංහ එහෙම කියද්දි කොල්ලා ආයෙත් හිනා වෙලාම සේයා දිහා බලද්දි කෙල්ල ඉක්මනටම මූන මිස්ටර් මුනසිංහ දිහාට හරව ගත්තේ ආයෙත් තේජාන් දිහා බලන්නේ නෑ කියලා හිතාගෙනමයි….

“සේයා දූ ගෙදර ම හැදුන හින්දා ගොඩක් අහිංසකයි පුතා…දැක්කේ නැද්ද පුතා දිහාවත් හරියට ඔලුව උස්සලා බැලුවේ නෑනේ… දුව කතා කරද්දි කියන දෙයක් ඇහෙන්නෙත් නැති තරම්..එහ් තරමටම කෙල්ල කතා කරන්නේ හෙමින්…”

මිස්ටර් මුනසිංහ සේයා ගේ ගතිගුන ගැන තේජාන් ට කියන්න ගත්තේ වරින් වර කෙල්ල දිහා ආදරෙන් බලලා…

මුනසිංහ කියන වචනයක් වචනයක් ගානේ කොල්ලා කටත් ඇරන් එහ් හැම වචනෙකට ම ඔලුව හොල්ලන්න ගත්තේ ඇත්තද අහන්න වගේ…මුනසිංහ ගේ හැම වචනයක් අවසානෙම කොල්ලා කටත් ඇරන් කෙල්ල දිහත් මුනසිංහ දිහත් බලනවා හොරහින් බලන් හිටපු කෙල්ලට පොලව් පලන් යන්න හිතුනා….ඒත් කෙල්ල එහ් මොන වෙලාවකවත් තේජාන් දිහා ආයෙමත් කෙලින් නම් බලන්න ගියේ නෑ…. මුනසිංහ කෙල්ලගේ හොද ගති ගුන ටික ඔක්කොම කටපාඩමින් වගේ කියලා ඉවර වෙද්දි කොල්ලගේ මූනට හිනාවක් ආවේ එහ් ගතිගුන ටිකනම් කොල්ලා අත්දැකීමෙන් ම ඇස් දෙකට ම දැක්ක නිසා…

එහ් හැමදේම හයියෙන් හිනා නොවී කොල්ලා අහන් හිටියේ බොහොම අමාරුවෙන්…ඒත් මුනසිංහ ඊලගට කියපු දේටනම් කොල්ලට හිනා වෙන්නත් අමතක වෙලා ගියේ තාත්තට තියන අනිත් අයගේ ගතිගුන ගැන කියන්න පුලුවන් හැකියාව දැකලා…

“ඔය හැමදේටම වඩා කෙල්ලෙක් ට තියෙන්න ඕනි හොදම දේ දූ ලග තියෙනවා පුතා .. දූ ට ලේසියෙන් තරහා යන්නේ නෑ… ලේසියෙන් නෙමෙයි..තරහා යන්නෙම නැති තරම්…. පුතාට ඉතිම් හරියන්නේ මෙහෙම තැන්පත් කෙල්ලෙක් ම තමයි…”

කොල්ලා කටත් ඇරන් මුනසිංහ දිහා ටික වෙලාවක් බලන් හිටියේ කොල්ලට හුස්ම ගන්නවා කියල පවා නොදැනෙන්න ගද්දි…. ඊලග තත්පරේ කොල්ලා තාත්තා දිහා බලලා හිනා උනේ තාත්තා කිවුව හැමදේම අනුමත කරා වගේ…

“තේජාන්..බලපන්න්කෝ එදා උබට ශොප් එකේදි කෑ ගහපු කෙල්ලට හයියෙන් කතා කරන්න බෑලු… හරි ඒකත් කමක් නෑ කියමු…තරහා යන් නෑ කියද්දි…. කොහොමද බූරුවෝ උබ කටත් ඇරන් ඕවා අහන් ඉන්නේ…..”

කොල්ලා තමන් ට ම හිතින් කියා ගත්තේ ආයේ පාරක් සේයා දිහා බලලා…ඒත් කෙල්ල තාමත් බිම බලාගෙනමයි….කෙල්ල එකම පාරක් වත් කොල්ල දිහා කෙලින් බැලුවේ නෑ නේද කියලා කොල්ලට හිතෙද්දි කොල්ලගේ හිත කිවුවෙම කෙල්ල ට මොනා හරි කියපන් එතකොට ඒකිට උබගේ මූන බලන්න වෙනවමයි කියලා…

“සේයා වාඩි වෙන්න”

මෙච්චර වෙලා කෙල්ල හිටගෙන හිටපු නිසා වගේම කෙල්ලගේ මූන තමන් දිහාට හරවගන්න ඕනි නිසාම කොල්ලා කිවුවේ සාමන්‍ය විදිහට කෙල්ල දිහා බලලා හිනා වෙලා… ඒත් කෙල්ල කොල්ලා දිහා නොබලම ලග තියෙන පුටුවෙන් වාඩි වෙද්දි කොල්ල ගේ මූන අදුරු වෙලා ගියා…

“හැබැයි දූ මැරි කරාට පස්සේ නම් ඔහොම ඉදලා බෑ..ටිකක් සැර වෙන්න ඕනි…”

මුනසිංහ කිවුවේ සේයා දිහා බලල හිනා වෙලා…කෙල්ල අහිංසකව හිනා වෙද්දි කොල්ලත් හිනා වෙවීම ඔලුව හෙල්ලුවේ ඔව් කියන්න වගේ..එහ් හැම වෙලාවකදිම කෙල්ල මූන දෙක කරන් කොල්ලා දිහා බැලුවේ කරගන්න දෙයක් නැති නිසාමයි..කොල්ලා මුනසිංහ කියන හැමදේම අවසානෙට ඒක අනුමත කරා වගේ හිනා වෙලා සේයා දිහා බලද්දි සේයාට දැනුනේ කවදාවත් නොදැනුන තරම් ලැජ්ජාවක් වගේම තරහක්…එහ් තේජාන් තමන් ට හිනා වෙනවා නේද කියලා දැනෙද්දි….ඒත් කරගත්ත ගොන්කම් වලට දැන් කරන්න දෙයක් නැති හින්දම කෙල්ල හිටපු විදිහටම ආයෙත් බිම බලාගත්තේ මුනසිංහ සර් දිහා ආයෙත් පාරක් බලන ගමන්…

තේජාන් කියන්නේ තමන් ගේ හිතට හැමතිස්සෙම වද දුන්න පිස්සුවෙන් වගේ දවස ගානේ මතක් උන අර තරුනයා නේද කියලා දැනගද්දි කෙල්ලගේ හිතට සතුටක් දැනුනත් ඊටත් වඩා හිතට වද දෙන්න ගත්තේ තේජාන් ගෙන් මොන මොනවා අහගන්න වෙයි ද කියලා හිතෙද්දි…

කෙල්ලගේ හිතට පොඩි හරි සැනසීමක් දැනුනේ තාම අම්මාවත් තාත්තාවත් මිස්ටර් මුනසිංහ වත් තේජාන් ටයි තමන් ටයි එලියට ගිහින් තනියම කතා කරන්න කියලා කිවුවේ නැති නිසාමයි .. ඒත් එහ් වචන ටික කොයි වෙලේ කියයි ද කියලා කෙල්ලගේ පපුව ගැහෙන්න ගත්තේ කකුල් දෙක පවා පන නැති වෙලා යද්දි .. ඔක්කොමටම වඩා කෙල්ලගේ හිතට වද දෙන්න ගත්තේ කෙල්ල තේජාන් දිහා බලන හැම වෙලාවෙම කොල්ල කෙල්ල දිහා හිනා වෙවීම බලන් ඉන්න එක… සමහර වෙලාවට නම් ඕනි දෙයක් උන දෙන් කියලා කොල්ලගේ හොම්බ තැලිලා යන්නම එකක් දෙන්න හිතුන අවස්ථාත් නැතිවම නෙමෙයි…. ඒත් කෙල්ල බොහොම ඉවසීමෙන් එහ් හැමදේම හිතේම තියාගෙන හිටියේ කරන්න දෙයක් නැති හින්දමයි… තේජාන් කෙල්ල එක්ක තරහින් හිටියනම් මේ තරම් හිතට වදයක් නෑ කියලා කෙල්ලට හිතෙන්න ගත්තේ තේජාන් කෙල්ල දිහා බලන් ඉන්න අර නෝමල් හිනාවට එහා ගියා අමුතු හිනාව දකිද්දි… එහ් හිනාව දකින වාරයක් වාරයක් ගානේ කෙල්ලට හිතුනේ මීට දවස් ගානකට කලින් උන හැම සිදුවීමක් ම මතක් කරගෙන තේජාන් තමන් ට හිත යටින් හිනා වෙනවා කියලමයි….

13 කොටසින් හමුවෙමු…

ඊලග කොටස හෙට රෑ 7 ට…

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

කතාවේ නොපෙනෙන ගොඩක් දේවල් තියනවා… තාම ආරම්භ ය විතරයි…ඒත් මන් ප්‍රොමිස් වෙනවා දීර්ග කරන්නේ නෑ කියලා….

කතාව ගැන අදහස් කියන් යන්න යාලුවනේ… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *