ඇයත් පතිනියකි 14
14_කොටස
” මන් කෙනෙක් ට ආදරේ කරා සේයා…. එයා….එයා මාව දාලා ගියා…”
ඈත නොපෙනෙන ඉලක්කයක් දිහා බලන් හිටපු කොල්ලා එක පාරම කිවුවේ ඇස් වල කදුලු පුරවන්..
හීනෙකින් වත් මෙහෙම දෙයක් නොහිතපු සේයා ගේ මුලු ඇගම එහ් වචන ඉස්සරහා පන නැති වෙලා ගියේ කෙල්ල නොහිතපු තරම් වේදනාවකින් මුලු හදවතම රිදුම් දෙද්දි….කෙල්ලගේ කදූලු පවා මොහොතකට නතර වෙලා ගියේ කෙල්ලට හුස්ම පවා පිට කරගන්න අමාරු වෙද්දි…කෙල්ල ගල් පිලිමයක් වගේ උන් තැනම ඉදන් කොල්ලගේ මූන දිහා බැලුවේ හිතට කවදාවත් නොදැනුන මහ දුකක් වගේම තනිකමක් දැනෙද්දි…..
කොල්ලා වෙන කෙනෙක් ට ආදරේ කරා කියද්දි කෙල්ලගේ හිතට මොකක්දෝ දුකක් දැනෙන්න ගත්තේ හරියට කාලෙක ඉදන් අයිති වෙලා තිබුන දෙයක් නැති උනා වගේ……මොහොතක් කොල්ලා දිහාම බලන් හිටපු කෙල්ල නිහඩවම ඇස් වලට ඉනුව කදුලු අමාරුවෙන් නවත්ත ගත්තේ කවදත් තමන් ගේ දුක හිත ඇතුලෙම හිර කරන් ඉන්න එක කෙල්ලගේ පුරුද්ද උන නිසාම වෙන්න ඇති…
කොල්ලා එහ් වචන ටික කියලා ඇස් වලින් කදුලු නිදහසේ ගලන් යන්න දීලා නිහඩවම ඈත ඉලක්කයක් දිහා බලන් ඉන්නවා දකිද්දි කෙල්ලට තමන් ගැන වඩා කොල්ලා ගැන දුක හිතුනේ කෙල්ල කවදාවත් ආදරේ හින්දා විදවලා නැතත් එහ් දුක දරා ගන්න ගොඩක් අමාරු ඇති කියලා හිතමින්……
කෙල්ල තමන් ගේ දුක හංගගෙන කොල්ලව සනසන්න හැදුවේ එහ් නිසාමයි…..
“තේජාන්…කියන්නකෝ..මොකද උනේ…ඇයි එයා ගියේ….”
කෙල්ල ඇහුවේ කොල්ලගේ කතාව සම්පූර්ණයෙන්ම දැනගෙන්න ඕනි නිසා…
“ඒක අදටත් මන් දන්නේ නෑ සේයා…එයා ගියේ ඇයි කියලා. ඒත් මන් පිස්සෙක් උනා…. අවුරුදු දෙකක් තිස්සේ මන් පිස්සෙක් වගේ ඉදලා මගෙ තාත්තාටත් ගොඩක් දුක් දුන්න සේයා….තාත්තාට මන් විදින දුක බලාගෙන ඉන්නම බැරි තැනයි මාව බන්දලා දෙන්න හිතුවේ…ඒත් තාත්තා හොයපු විදිහේ කෙනෙක් තාත්තාට හම්බුනේ නෑ…. ඔයාව අහම්බෙන් දැකලයි ඔයා තමයි මට හරියනම කෙනා කියලා තාත්තා මාව ඔයාට යෝජනා කරේ… ඒත් මට මැරේජ් එකක් ඕනි උනේ නෑ සේයා…ඒත් තාත්තාගේ හිත තවත් රිද්දන්න බැරි හින්දා මන් කිවුවා තාත්තා කැමති දේකට මාත් කැමති කියලා…ඒත් ඔයා අවුරුදු දෙකක් තිස්සේ මට කැමති නොවුනම මන් ගොඩක් සතුටු උනා.. ඒත් එක පාරම ඔයා මට කැමති කිව්වා කියලා තාත්තා කිවුවම ඇත්තටම මන් ගොඩක් දුක් උනා සේයා… ඒත් එදා මුලින්ම ඔයාව ශොප් එකේදි දැක්කම මට කියන්න තේරෙන් නැති මොකක්දෝ දෙයක් දැනුනා…ඊට පස්සේ ඊයේ ඔයා තමයි සේයා කියලා දැනගත්ත වෙලාවෙත් මැරේජ් එක ගැන තිබුන කලකිරීම නැති වෙලා ගියා…අවුරුදු දෙකක් එක පාරක්වත් හිනා නොවුන මන් මේ දවස් ටිකට කොයි තරම් නම් සතුටින් ද හිටියේ…වෙලාවකට පුදුම හිතෙනවා මන් ම ද එහ් කියලා…..”
කොල්ලා මුල්ම වචන ටික ඇස් වල කදුලු පුරවන් කලකිරීමෙන් කියන් ගියත් අන්තිම වචන ටික කිවුවේ කෙල්ල එක්ක මේ දවස් ටිකට උන හැමදේම මතක් කර කර හිනා වෙවී…..
එහ් හිනාව දකිද්දි කෙල්ලගේ හිතේ තිබුන ලොකූ බරක් නිදහස් උනා වගේ කෙල්ලට දැනුනේ කලින් තිබුන දුක ටික ටික අඩු වෙලායද්දිමයි….
ඒත් තේජාන් ඊලගට කිවුව දේටනම් කෙල්ලගේ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තේ තවත් නිහඩවම මේ දේවල් දරා ගන්න හයියක් කෙල්ලට තිබුනෙ නැති හින්දමයි….
” මේ වෙඩින් එක මන් තාත්තාට කියලා නවත්තන්නම් සේයා….මට ඔයාට අසාධාරණක් කරන්න බෑ…”
“අනේ…අනේ තේජාන් ප්ලීස් ඒක කරන්න එපා….”
කෙල්ල තේජාන් ගේ අතින් අල්ලා ගත්තේ අඩ අඩ මයි…….තේජාන් සීරුවට කෙල්ලගේ අතින් අල්ලාගෙන කෙල්ලගේ කදුලු පිරිලා තිබුන ඇස් දෙක දිහා අසරන ව බැලුවෙ කෙල්ලට වඩා තමන් අසරනයි කියන්න වගේ බැල්ලමකින්…
“සේයා…. හස්බන්ඩ් කෙනෙක් ගෙන් ඔයා බලාපොරොත්තු වෙන දේවල් මට කවදාවත් දෙන්න බැරි වෙයි…මගෙ හිතේ වෙන කෙනෙක් ට ඉඩක් නෑ…. ඔයාට හොද යාලුවෙක් වෙනවා ඇරෙන්න මට ඔයා බලාපොරොත්තු වෙන කිසි දෙයක් දෙන්න බැරි වෙයි..එහ් හින්දා ඔයා වෙන කෙනෙක් ව මැරි කරලා සතුටින්…”
“මොනවද හස්බන්ඩ් කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන දේවල්”
කොල්ලා කතාව නවත්තන්නත් කලින් කෙල්ල මැදින් පැනලා ඇහුවේ කොල්ලා නොරුත්තර වෙද්දි…
මේ වෙද්දි සේයා මොකක් දෝ නුහුරු හැගීමක් නිසාම තේජාන් ව කවදාවත් මැකිලා යන් නැති විදිහටම හිතේ ගැබුරෙම තේජාන් ගේ නම ලියාගෙන ඉවරයි… දැන් කෙල්ලට තේජාන් ගෙන් ඈත් වෙනවා කියන්නෙත් හිතන්නවත් බැරි තරමටම දුකක්… යාලුවෙක් වගේවත් තේජාන් තමන් ගේ ලග ඉන්නවට කෙල්ල ගොඩක් ආසා කරේ මැරේජ් ලයිෆ් එක කියලා කෙල්ලටත් මහ ගොඩක් හීන නොතිබුන නිසාමයි… හිතුවෙවත් නැති විදිහට කෙල්ලගේ හිත තේජාන් ලග නතර නොවුනනම් කෙල්ලත් තේජාන් වගේම මැරේජ් ලයිෆ් එකකට අකමැතියි..විශේස්ජයෙන්ම සල්ලි කාරයෝ එක්ක ගෙවන ජීවිතේට..කෙල්ලට ඉස්සර ඉදන් ඕනි උනේ තමන් කැමති කෙනා තමන් ම හොයා ගන්න…ඉතින් කෙල්ලගේ බලාපොරොත්තු හිතුවටත් වඩා ලස්සනට ඉෂ්ට වෙද්දි කෙල්ලටත් ලොකු හීන කියලා දේවල් තිබුනෙම නැති තරම්….
කෙල්ල ඇහුව දේට කොල්ලා කල්පනා කරන්න ගත්තා මිසක් වචනයක් වත් කිවුවේ නෑ….
” අහ් ඔයාට කියන්න බෑනේ… ඉන්න මන් ම කියන්නම්…හස්බන්ඩ් කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නේ වයිෆ් ආසා දේවල් අරන් දෙන එකනෙහ්…ඇයි ඔයාට සල්ලි නැහැ ද මට අරන් දෙන්න අහ්…”
කෙල්ල ඇහුවේ මූනට තරහක් මවාගෙන..ඒත් ඇත්තටම කෙල්ලට තේජාන් ගේ සල්ලි ගැනවත් වෙන කිසි දෙයක් ගැනවත් ආසාවක් තිබුනේ නෑ…කෙල්ලට ඕනි උනේ තේජාන් ලගට වෙලා ඉන්න විතරමයි…
” සේයා එහ් දේ විතරක් නෙමෙයි…මන් කියන්නේ…මන්….”
කොල්ලා කියන්න ගියේ කෙල්ලට දෙයක් තේරුම් කරන්න…ඒත් කෙල්ල එහ් රෝස පාට වෙලා තිබුන මූන රතු කරගෙන තමන් දිහා බලන් ඉද්දි කොල්ලට කියන්න ගිය දේත් පැටලුන නිසාම කොල්ල නිහඩ උනා…
කොල්ලා මොන දේ කිවුවත් කොල්ලට කෙල්ල දකින හැම තත්පරයක් ගානෙම හිත ගැස්සිලා යන්නේ එහ් හැගීම කොල්ලටවත් තේරුම් ගන්න බැරි වෙද්දි…
“එහෙන්ම් මන් අන්කල්ට කියනවා ඉක්මමට ම වෙඩින් එකට දවසක් දාගන්න කියලා හොදද…”
කොල්ලා ඔලුව හෙල්ලුවේ හා කියන්න..කෙල්ල ඇස් දෙක බෝල කරලා කොල්ලා දිහා බැලුවේ හිනා වෙවීමයි….
“තාත්තා කිවුවා next week නොද නැකතක් තියනවා කියලා සේයා…”
“වාව්…එහෙනම් මරු….මට දැන් ඇති වෙනකම් වියදම් කරන්න සල්ලි තියනවා….”
කෙල්ල කිවුවේ හිතකින් නෙමෙයි….ඒත් කෙල්ලගේ හිතේ තියන දේ නොකියන්න කෙල්ල වග බලා ගත්තේ තේජාන් ලග ඉන්න තියන එකම අවස්ථාව නැති වෙලා යයි කියලා බය හිතුන නිසාමයි…
“තමුසේ එතකොට මාව මැරි කරන්නේ සල්ලි වලට ද අහ්…”
කෙල්ලගේ කතාව ඇහුනම කොල්ලා ඇහුවේ තරහින්…
“නැත්නම් ඉතිම්… “
කෙල්ල කිවිවේ දත් තිස් දෙකම පේන්න හිනා වෙලා…
“තමුසේ නම්…අපේ තාත්තා ට වශියක් වත් කරා ද…”
කොල්ලා ඇහුවේ තරහින් නොවුනත් කෙල්ල දිහා බොරු තරහක් මවාගෙන..කෙල්ල මොකුත් ම නොකියා හිනා උනා විතරයි..
මිස්ටර් මුනසිංහ තේජාන් එක්ක සේයාගේ ගෙදරින් ගියේ හවස 4 ට වගේ… තේජාන් ගේ තාත්තා මුනසිංහ වගේම සේයා ගේ අම්මා තාත්තා ත් ගොඩක් සතුටු උනේ අවුරුදු දෙකක් තිස්සේ බලාගෙන හිටපු තමන් ගේ ලොකුම බලාපොරොත්තව ඇස් ඉස්සරහම ඉෂ්ට උන නිසාමයි…
ඒත් සේයා ගේ හිතේ නම් ලොකු බරක් ඉතුරු වෙලා තිබුනේ තේජාන් තමන් ට අයිති නෑ කියලා දැනෙද්දි…ඒත් තේජාන් එක්ක එකට ඉන්න ලැබෙනවා නේද කියලා හිතද්දිත් කෙල්ලට දැනුනේ කියාගන්න බැරි සතුටක්…
කාලය ගෙවිලා ගියේ පුදුම ඉක්මනට…දවසින් දවස සේයා ගේ හිතේ බලාපොරොත්තු කෝටියක් එක්ක තේජාන් එක්ක විවාහයට දින ලන් උනේ හැමෝගෙම සතුටු කදුලු මැද…
ඒත් තේජාන් ගේ හිතේ දුකක් නොවුනත් විවාහය ගැන කියන්න තරම් සතුටකුත් තිබුනේ නෑ…
මිස්ටර් මුනසිංහ කිවුව විදිහට ම මුනසිංහ බලපු සුභ නැකතට අනුව තේජාන් ගෙයි සේයා ගෙයි විවාහය ට සියලු කටයුතු සූදනම් උනේ මිස්ටර් මුනසිංහ ගේ කෝටිගානක සල්ලි තමන් ගේ එකම පුතාගේ විවාහය ට යට කරමින්…
සතියක කාලය තත්පරයකටත් වඩා වේගෙන් ගෙවිලා යනවා වගේ තේජාන් ට ඇරෙන්න අනිත් හැමෝටම දැනුනේ හිතේ උතුරන ලොකු සතුටක් එක්කමයි..
මේ සතිය ඇතුලත සේයා වත් තේජාන් වත් ආයෙම එක පාරක් වත් මුන ගැහුනේ නැත්තේ දෙපාර්ශවේම කැමැත්ත අනුවමයි… මුනසිංහ බලපු නැකතට අනුව විවාහය යෙදිලා තියෙන්නේ හෙට උදේ 8.43 ට යෙදෙන සුබ නැකතට….
හැමදේම හිතුවටත් වඩා ලස්සනට වෙද්දි සේයා එහ් හැමදේම දිහා සතුටින් බලන් හිටියේ තේජාන් තමන් ට අයිති නෑ කියන දුක මොහොතකට අමතක කරලා…
15 කොටසින් හමුවෙමු….
ඊලග කොටස හෙට රෑ 7 ට…
මට හිතෙනවා අදින් කතාව කියවන පිරිස අඩුවෙයි කියලා… මොකද කතාව දීර්ග වෙන නිසා…
ඒත් ඇත්තටම මගෙ හිතේ තියෙන කතාව පටන් ගන්නේ අද ඉදන් යාලුවනේ…
“ඇයත් පතිනියකි” මගෙ කතාවේ තේමාවත් පතිනියක් ගැන….හෙට ඉදනුයි පතිනි සේයා ගේ කතාව පටන් ගන්නේ…වෙලාවකට හිතෙනවා මන් එහ් තැනට එන්න පරක්කු උනාද කියලත් ..ඒත් මන් කතාවේ හැම සිදුවීමක් ම විස්තර කරපු නිසා හිතුවට වඩා මගෙ මාර්තෘකාවට එන්න කල් ගියා….
මන් ගෲප් දෙකක විතරයි කතාව පල කරේ…
මෙච්චර කල් කතාව එක්ක හිටපු 4.5k-5k යාලුවෝ පිරිසට ගොඩක් ආදරෙයි….
හෙට ඉදන් කියවන පිරිස කොච්චර අඩු උනත් මන් කියවන චූටි පිරිස වෙනුවෙන් කතාව දානවා යාලුවනේ…
මන් මේ ටික කිවුවේ කතාව ඉක්මනට ඉවර වෙයි කියලා හිතන් ඉන්න යාලුවන්ට… මට කතාව ඉක්මනට ඉවර වෙනවා කියලා බොරු කියන්න බැරි නිසයි….
ඊයේ කතාව දාන්න බැරි උනාට සමාවෙන්න යාලුවනේ…