ඇයත් පතිනියකි 21

21_කොටස

“තේජාන්…. එහ්… ඔයාගේ….කලින්……”

කෙල්ල ඇහුවේ වෙවුලන කටහඩින්…තේජාන් ගේ purse එකේ දාගෙන හිටපු තේජාන් තුරුල් කරන් හිටපු girl ගේ පින්තූරේ දැකලා……

මේ වෙද්දි කෙල්ලගේ මුලු ඇගම පන නැති වෙලා සීතල වෙලා තිබුනේ හිතට දාරාගන්න බැරි තනිකමක් වේදානාවක් දැනෙද්දි… කෙල්ල ඇස් වලට ආව කදුලු අමාරුවෙන් නවත්ත ගත්තේ හිතට පුදුමාකාර විදිහට ශක්තිය අරන්…

“ඔව්….උඩට එන්න…මන් වොශ් එකක් දාගෙන එන්නම්….”

කොල්ලා එහෙම කියලා කලබලෙන් ම රූම් එකට දිවුවේ ආයෙත් කෙල්ල මොකුත් කියන්න කලින් මයි… කෙල්ල තාම කාර් එක නවත්තපු තැනටම වෙලා මීට විනාඩි කීපයකට කලින් දැක්ක එහ් පින්තූරේ ආයෙත් හිතින් මතක් කරේ වේදනාව දෙගුන තෙගුන වෙලා යද්දි…. කෙල්ලගේ ඇස් වලින් නිමක් නැතුවම කදුලු ගලන් යන්න පටන් ගත්තා… කෙල්ල ඉකි ගගහා අඩන්න පටන් ගත්තේ මේ වේදනාවට කොච්චර ඇඩුවත් මදි කියලා දැන දැන මයි… එහ් එක්කම හයියෙන් විදිල්ලක් කොටලා අකුණක් ගැහුවේ කෙල්ල ගැස්සිලා යද්දි… කෙල්ල අඩ අඩ ම අහස දිහා බැලුවේ ඇස් වල තිබුන කදුලු පිහිදාන ගමන්… මහා වැස්සක් ලග ලග ම එන බව කෙල්ල දැක්කේ එහ් වෙලාවේ…ඒත් කෙල්ල ගානක් නැතුවම අහස දිහා බලන් හිටියේ ඉකි බිදුම බවා මොහොතකට නතර කරලා.. දාරානිපාත වර්ෂාවක් පොලවට ඇද හැලෙන්න ගියේ තත්පර කීපයක් විතරයි.. කෙල්ල දෙපාරක් හිතන් නැතුවම වැස්සට තෙමෙන්න ගියේ අකුනු සැර ගැනවත් හිතන් නැතුව…. කෙල්ලගේ නලලේ තුවාලය තෙමිලා වේදනා දෙන්න ගත්තත් වෙනදා චූටි තුවාලෙටත් ඉකි ගගහා අඩන කෙල්ල අද නිහඩවම එහ් වේදනාව දරා ගත්තා… කෙල්ල ලස්සනට ගල් අතුරලා තිබුන මිදුලෙන් වාඩි උනේ ඇග හොදටම වෙවුලද්දි…

විනාඩි 15 ක් විතර ඔය විදිහටම ගෙවිලා ගියේ වැස්ස එන්න එන්නම වැඩි වෙමින්…

කොල්ලා වොශ් එකක් දාගෙන වොශ් රූම් එකේ දොර ඇරියේ කෙල්ලට ඉක්මනට වොශ් එකක් දාගන්න කියලා කියන ගමන්…ඒත් කොල්ලා රූම් එකට ඇවිත් වට පිට බැලුවට කෙල්ල පේන්න හිටියේ නෑ… කොල්ලා ඇදුමක් දාගෙන පහට ට ආවේ කෙල්ල තාමත් පහලට වෙලා ඇති කියලා හිතාගෙන…ඒත් කෙල්ල පහල සාලෙත් නැති උනාම කොල්ලා කෙල්ලව ගේ හැම තැනම හෙවුවේ කෙල්ලගේ නම කිය කිය කෑ ගහමින්..කෙල්ලගේන් ප්‍රතිචාරයක් නැතිම තැන කොල්ල ඊලගට දුවන් ගියේ කාර් එක ලගට…. කාර් එක ලගත් කෙල්ල නැති උනාම කොල්ලගේ හිතට මොකක්දෝ බයක් දැනෙන්න ගත්තේ තමන් ගේ purse එකේ තිබ්බ ෆොටෝ එක කෙල්ල දැක්කා කියලා මතක් වෙද්දි…. කොල්ලා ආයෙත් ගේ ඇතුලට දුවන් යන්න හදලා නිකමට වගේ මිදුල දිහා බලද්දි දැක්ක දේ නිසා කොල්ලගේ හුස්ම මොහොතකට නතර උනා වගේ දැනුනේ ඇස් දෙකෙන් කදුලු ගලන් යද්දි මයි…

කෙල්ල බිම ඉදගෙන ගානක් නැතිවම වැස්සට තෙමි තෙමී ඉන්නවා දකිද්දි කොල්ලා තරහින් කෑ ගහගෙන සේයා ලගට ගියේ කෙල්ලගෙන් ඉරියවු මොහොතකටවත් වෙනස් නොවෙද්දි…..

“සේයා…තමුසෙට පිස්සු ද ඕයි…”

කොල්ලා දුවගෙන ගිහින් ඉදගෙන හිටපු කෙල්ලගේ උරහිස් දෙක හොල්ලලා තරහින් ඇහුවේ තරහට ම කොල්ලගේ ඇස් වලින් කදුලු එද්දි…. ඒත් කෙල්ල ගානක් නොගෙනම හිටපු ඉරියවුවෙන් ම හිටියේ කොල්ලා කෙල්ල ලගට ආවා කියලවත් නොදැනෙනුනා වගේ…කොල්ලා කෙල්ලගේ අතින් අල්ලලා මොහොතක් කෙල්ල දිහා බලන් හිටියේ කෙල්ලගේ මූනේ ඉරියවු හදුන ගන්න බැරුවමයි…ඊලගට කෙල්ලව වඩාගෙන ගේ ඇතුලට අරන් ආවේ කෙල්ල වචනයක් වත් නොකියා බලාගත්තු අත බලන් ඉද්දි…..

කෙල්ලගේ මුලු ඇගම වෙවුලන්න ගත්තේ ඇගින් ගින්දර වගේ රස්නියක් දැනෙද්දි…කොල්ලා කෙල්ල වෙවුලන්නේ සීතල නිසාම නෙමෙයි කියලා සැක හිතුන නිසාම කෙල්ලගේ නලලට අත තිබ්බේ කෙල්ලගේ වෙවුලන මූන දෝතට ම අරන්…

“දෙයියනේ…හොදටම උන…”

කොල්ලට කියවුනේ ඉබේමයි…ඊලගට කොල්ලා රූම් එකට දුවලා ටවල් එකක් ගෙනත් කෙල්ල ගේ ඔලුව පිහින්න ගත්තේ හිතට දැනුන දරාගන්න බැරි දුකක් එක්ක…. ඊට පස්සේ කෙල්ලව වඩාගෙනම රූම් එකට එක්ක ඇවිත් පරිස්සමට ඇදෙන් තියලා first aid box එක ඇරලා පැනඩෝල් දෙකක් අතට අරන් රූම් එකේ තිබුන වතුර වීදුරුව සේයා දිහාට දිග් කරේ කෙල්ල තාමත් බලාගත්තු අත බලන් ඉද්දි මයි…

“සේයා…තමුසෙට මොකද වෙලා තියෙන්නේ….මේ පැනඩෝල් එක බොනවා…බීලා වොශ් එකක් දාගන්නවා…තමුසෙට හොදට ම උන….”

මේ පාර කෙල්ලගේ උරහිස හොලවලම කිවුවේ කෙල්ල කොල්ලා කියන කිසි දේකට ප්‍රතිචාරයක් නොදක්වන නිසාමයි….

ඒත් කෙල්ල එක මොහොතකටවත් කොල්ලා දිහා නොබලද්දි කොල්ලගේ හිතට බයක් දැනෙන්න ගත්තේ කරකියා ගන්න දෙයක් නැතිම වෙලා අන්තයට ම අසරන වෙලා ඉද්දි… කොල්ලා ආයෙත් සේයා දිහා බැලුවේ ඇස් වල කදුලු පුරවගෙන….

“සේයා….අනේ කතා කරන්නකෝ…”

තරහින් කතා කර කර හිටපු කොල්ලගේ වචන එන්න එන්නම අඩු උනේ හිතේ තිබ්බ බයට වගේම දුකට….

“මචන්…මන් ඇතුලට එන්න ද..”

ඒත් එක්කම ඇහුන කටහඩ නිසා කොල්ලා දොර දිහා බැලුවේ එහ් කටහඩ සහස් ගේ කියලා දන්න හින්දමයි… කොල්ලගේ හිතට යම් සහනයක් දැනුනේ සහස් කොල්ලා අන්තයටම අසරන වෙලා හිටපු හින්ද මයි….

22 කොටසින් හමුවෙමු…

ඊලග කොටස හෙට රෑ 7 ට…

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

අනේ අද කතාව චුට්ටයි තමයි…වැඩ ගොඩක් මැද්දේ කතාව ටයිප් කරේ යාලුවනේ…අනේ ප්‍රොමිස් මන් හෙට අනිවාර්යයෙන්ම කතාවේ දීර්ග කොටසක් දාන්නම්…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *