ඇයත් පතිනියකි 23

23_කොටස

“උබ කරන වැඩ වලින් විදවන්නේ අර අහිංසකී…ආයෙත් උබ මගෙ නංගිට දුකක් දීලා තිබුනොත්…..”

සහස් ඉතුරු වචන ටික නොකියම තේජාන් ගේ බෙල්ලෙන් ඇල්ලුවේ කොල්ලගේ හුස්ම පවා හිර වෙද්දි….

“සහස්…මචන්…මො..ක..ද…මේ….”

අමාරුවෙන් සහස් ගේ ග්‍රහනයෙන් මිදුන තේජාන් කිවුවේ වේගෙන් හුස්ම ගන්න ගමන්…කොල්ලගේ නලලෙන් දාඩිය ගලන්න පටන් ගත්තේ කොල්ලා සහස් ට තරහා යනවා දැකලා තිබුනත් තමන් එක්ක මේ තරම් තරහෙන් ඉන්නවා දැකලා නැති හින්ද මයි….

තේජාන් ගේ එහ් වචන වලින් සහස් ගේ තරහා තවත් වැඩි උනේ කොල්ලා තේජාන් කලින්ටත් වඩා බය වෙද්දි….

“උබ..උබ හිතන්නේ උබ මේ වීරකමක් කරනවා කියල ද… උබ අර අහිංසකී ව කසාද ගෑනි කරගෙන කලින් එකීට හිතින් ලවු කරන්නේ…මන් හිතුවේ නෑ සේයා කියන්නේ මේ තරම් අහිංසක කෙල්ලෙක් කියලා..දන්නවනම් මන් කීයටවත් කෝල් කරලා අරකි ගැන විස්තර කියන් නෑ..මන් දන්නවා තේජාන්…උබ නිසලි ට ආදරෙයි…එහ් උබේ 1st love එක…ඒකිව අමතක කරන්නත් උබට බෑ…ඒකත් මන් දන්නවා…හැබැයි මේකත් මතක තියාගනින්..ඒකි මොන හේතුව හින්දා හරි උබව දාලා ගියා..දාලා ගියපු දවසේ ඉදන් උබ ඉන්නවද කියලවත් ඒකි හොයලා බැලුවද… උබ මගෙ යාලුවා හින්දා මෙච්චර දවසක් උබ කියපු හැමදේම අහගෙන උබේ හිත හැදුවා..ඒත් උබ අර අහිංසකී ට දුක් දෙද්දි තවත් නම් ඉවසන්න බෑ..එදා මගෙ නංගි අර @@@@# කවීශ යා එක්ක යාලුයි කියලා දැනගත්ත දවසේ වත් මට මෙච්චර තරහා ගියේ නෑ…අම්මපා උබ මගෙ යාලුවා නොවුනනම් මන් අද උබව මරනවා…සේයා ගැන ආදරයක් නැත්නම් මොකටද ###@@ ඒකිව බැන්දේ…ඒකිගේ ජිවිතේ විනාස කරන්නද…උබ මේ කරගන්නේ ලොකු පවක් තේජාන්…උබ දැක්කද අර අහිංසකී ගේ ඇස් දෙක… එහ් ඇස් දෙකේ කොච්චර දුකක් තිබ්බද කියලා උබ දැක්ක ද. .. හැබැයි උබ ආයෙත් ඒකිව අඩවලා තිබ්බොත් මන් උබට….”

සහස් තමන් ගේ තරහා බොහොම අමාරුවෙන් පාලනය කරගෙන කතා කරත් අන්තිම වචන ටික කිවුවේ තේජාන් ට තමන් ගේ දබර ඇගිල්ල දිග් කරලා… කොල්ල මොකුත් නොකියම බිම බලා ගත්තේ තමන් ගැනම කලකිරිලා….

විනාඩි දෙක තුනක් එහ් විදිහට ම නිශ්ශබ්දව ගෙවිලා ගියේ සහස් ගේ තරහා නිමීගෙන යමින්…කොල්ලගේ තරහා සම්පූර්ණයෙන්ම නැති උනාට පස්සේ කොල්ලා තේජාන් දිහා බැලුවේ කලකිරීමෙන්….

“මචන්…මන් උබෙන් දෙයක් අහන්නද….”

තාමත් කල්පනා කරමින් ඉන්න තේජාන් දිහා බලලාසහස් ඇහුවේ තේජාන් ඔලුව උස්සලා සහස් දිහා බලද්දි..කොල්ලා මොකුත් නොකියම ඔලුව හෙල්ලුවේ හා කියන්න….ඒත් සහස් ඊලගට අහපු දේටනම් කොල්ලගේ හිතත් ගැස්සිලා ගියා….

” උබ ඇයි සේයා ව බදින්න කැමති උනේ….”

සහස් කොල්ලගේ ඇස් දිහා කෙලින් බලන් ඇහුවේ කොල්ලගේ මූනේ ඉරියවු තේරුම් ගන්න උත්සාහා කරමින්…. එක පාරම තේජාන් ගැස්සිලා යනවා දකිද්දි සහස් ගේ මූනට හිනාවක් ආවේ ඉබේමයි…

“මචන්….මන්…”

තේජාන් අමාරුවෙන් වචන ගලපද්දි සහස් අතින් සංන්‍ර්‍යා කරලා කොල්ලා ව නැවැත්තුවේ මූනට ආව හිනාව එහ් විදිහටම තියාගෙන…

“අවුරුදු දෙකක් පිස්සෙක් වගේ හිටපු උබ මේ අවුරුදු දෙකටම එක පාරක්වත් හිනා උනාද..ඔෆිස් එක අස්සෙම හිරවෙලා උබ කරේ හිතේ දුක වැඩ වලට යට කරලා මැරෙන්න බැරි කමට ජීවත් උන එක….උබට මතකද උබ එහ් අවුරුදු දෙකට පස්සේ හිත පිරෙන්නම හිනා උනේ කවද්ද කියලා… කියපන් තේජාන්…ආයෙත් උබගේ මූනට හිනාවක් ගෙනාවේ කවුද..අවුරුදු දෙකකට කලින් හිටපු අර දගකාර විසේකාර කොල්ලව එක විනාඩියකට පස්සේ හරි ආයෙත් ගෙනාවේ කවුද…කතා කරපන් තේජාන්..කවුද…”

සහස් කිවුවේ කොල්ලගේ හිතට තදින්ම දැනෙන ස්වරයකින්…තේජාන් එහ් වෙවුලම දෙතොල් වලින් අමාරුවෙන් වචන ගලප ගත්තේ සහස් දිහා අසරනව බලමින්…

“සේ…යා…”

“එහෙම කෙල්ලට ද උබ ඔහොම දුක් දෙන්නේ මචන්…උබට පවු පිරෙයි….උබ කවදාවත් නැතුව ඇයි එහ් එදා මහා හයියෙන් හිනා වෙවී මට සේයා කරපු වැඩ ගැන කියද්දි උබගේ ඇස් දිලිසුනා මචන්..එදා මට දැනුන සතුට..උබගේ නැතුවුන ජීවිතේ ආයෙත් එහ් කෙල්ල ගෙනත් දෙයි කියලා මට හිතුනා…උබ මේ ඒත් උබ මට බල කරලම අරකි ගැන හොයන්න කිවුව හින්දා මන් හොයලා බැලුවේ…ඒත් මන් එක පාරක් හරි සේයා ව දැකලා තිබ්බනම් ඒකි මේ තරම් අහිංසකයි කියලා දැනම් හිටියනම් කීයටවත් උනට මන් මොකුත් කියන් නෑ…තේරුම් ගනින් මචන්…ගිය වුන් ආයේ එන්නේ නෑ…මේ ඉන්න මැනික රැක ගනින්…”

සහස් කිවුවේ හිතේ උතුරන සහෝදර බැදීමෙන්…

“උබ කියන දේ ඇත්ත…ඒත්…නිසලි….මට එහ් තරම් ආදරේ කරපු කෙල්ල…එක පාරම මාව දාලා ගියේ ඇයි කියලා මට දැනගන්න ඕනි මචන්…”

මේ තරම් වෙලා සහස් කියපු හැම වචනයක් ම නිහඩවම අහගෙන හිටපු කොල්ලා කිවුවේ කලකිරීමෙන්…

“හරි…මන් මොන ලෝකෙන් හරි ඒකිව හොයාගෙන උබට මුන ගස්සන්නම්…හැබැයි මට එක පොරොන්දුවක් වෙයන්…”

“මොකක්ද….මචන්….”

“උබ කවදාවත් මේ අහිංසකී ට දුකක් දෙන්නේ නෑ කියපන්…ඒකි මැරිලා යයි යකෝ….”

“නෑ මචන්…මන් මගේ සේයා ට දුකක් දෙන්නේ නෑ….”

කොල්ලා කිවුවේ කලකිරීමෙන් ජනේලයෙන් නොපෙනෙන ඉලක්කයක් දිහා බලාගෙන…ඒත් සහස් ට එහ් වචන වලට හිනා ගියේ තේජාන් සහස් දිහා ආයෙත් පාරක් හැරිලා බලද්දි…

“මගෙ සේයා…? සේයා කවද්ද උබේ උනේ අහ්…උබ නිසලි ගෙනෙහ්….”

සහස් කට කොනකින් හිනා වෙලා කියද්දි තේජාන් සහස් දිහා බැලුවේ ඔරවලා…

“එහ් මගෙ කසාද ගෑනි….”

තේජාන් තරහින් ම සහස් ට කියද්දි සහස් හිනා වෙවීම තෙජාන් දිහා බැලුවේ තේජාන් ව තවත් තරහා ගස්සමින්..

“කසාද ගෑනි විතර ද…. තේජාන්…උබ මට ද බොරු කරන්නේ….සේයා වෙවුලද්දි උබේ ඇස් වල තිබ්බ කදුලු මන් දැක්කා..උබ බයවෙලා හිටපු තරම්… හික්ස්…එහ් දේවල් කසාද ගෑනි හින්දම ඇතිවෙන දේවල් නෙමෙයි…උබම හිතලා බලපන්නකෝ…ඒකට කියන්නේ…..”

කොල්ලා ඊලග වචන ටික කියන්න හදනකොට ම වොශ් රූම් එකේ දොර ඇරුනේ කොල්ලා අමාරුවෙන් කියන්න ගියපු වචන ටික ගිල ගද්දි…

කෙල්ල වොශ් එකක් දාගෙන දිග ගවුමකුත් ඇදගෙන එලියට එද්දි සහස් තේජාන් එක්ක හිටපු කතා බහට තිත තියලා කෙල්ල ලගට ආවේ හිනා වෙවීමයි…

මේ වෙද්දි කෙල්ල බොහො දුරට සමාන්‍ය අතට ඇවිත් කියලා දැනෙද්දි තේජාන් ගේ හිතට දැනුනේ පුදුම සහනයක්..

“මන් කිවුවේ ඇග ටිකක් උනු වතුරෙන් වොශ් කරගන්න කියලා…ඒකත් යාන්තමට…මේ කෙල්ල විනාඩි 10ක් ම වොශ් කරලා.. උණ වැඩි කරගන්නවකෝ…”

සහස් තමන් ගෙන නංගිට තරම් ආදරෙන් කෙල්ලට කියද්දි කෙල්ල ලාවට හිනා උනේ තාමත් තේජන් දිහා එකදු බැල්මක්වත් නොබලමයි…

“නලලට බෙහෙත් දාමු…කෝ එන්න…වාඩි වෙන්නකෝ මගෙ නංගි..ඊට පස්සේ ටිකක් රෙස්ට් කරන්න…”

සහස් කෙල්ලට කිවුවේ ලග තිබුන පුටුව පෙන්නලා…කෙල්ල හිනා වෙලාම ගිහින් පුටුවෙන් වාඩි උනේ සහස් ගේ වචන වලට කීකරු වෙමින්…

විනාඩි 10 කින් විතර සහස් කෙල්ලගේ තුවාලෙට බෙහෙත් දාලා කෙල්ලට බෙහෙත් ගැන වගේම ඉක්මනට සනීප වෙන්නත් කරන්න ඕනි දේවල් කෝටියක් කියලා එලියට ආවේ තේජාන් ටත් එලියට එන්න කියමින්…

“නංගි…ටිකක් නිදා ගන්න…ඇහැරෙද්දි උන අඩු වෙලා තියෙයි…හොදද…”

කෙල්ල මොකුත් නොකියම ඔලුව හෙල්ලුවේ හා කියන්න…

කෙල්ල තේජාන් දිහා නොබලම ඇදේ ඇල උනේ තේජාන් මොහොතක් කෙල්ල දිහා බලන් ඉදලා ඊලග තත්පරේ සහස් එක්ක කාමරෙන් එලියට යද්දි මයි…

“දැන් තමයි ඒකිට උබව ඕනි වෙලාව…”

රූම් එකෙන් එලියට ආව ගමන් ම සහස් කිවුවේ කොල්ලා දිහා හිනා වෙලා බලලා…

“ඒත් මචන්..සේයා මන් දිහා…”

“උබ දිහා හැරිලාවත් බැලුවේ නෑ නේද..එහෙම තමයි මචන්..ඒකි උබට පන ඇරලා…ගිහින් කෙල්ලව යාලු කරගනින්…හැමදේම හොද විදිහට විසදෙයි…”

සහස් කොල්ලාගේ පිටට තට්ටු කරලා හිනා වෙලා කියලා පහලට ගිහින් කාර් එකට නැන්ගේ තේජාන් උඩ ඉදන් බලන් ඉද්දි මයි…ඊලගට කොල්ලා වහලා තිබුන රූම් එකේ දොර ඇරියේ ලොකු වේදනාවකින් මුලු ඇගම පිච්චිලා යනවා වගේ දැනෙද්දි…..

24 කොටසින් හමුවෙමු…

ඊලග කොටස හෙට රෑ 7 ට…

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

කතාව ගැන අදහස් කියන් යන්න යාලුවනේ…

කතාව එක්ක ඉන්න යාලුවෝ හැමෝටම ගොඩක් ආදරෙයි…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *