ඇයත් පතිනියකි 24

24_කොටස

“සේයා…..අනේ ප්ලීස් ඔයා මාත් එක්ක තාමත්….”

කොල්ලා රූම් එකට එනකොටත් කෙල්ල හිටියේ ඇදේ ඇලවිලා.ඇස් දෙක පියාගෙන…එහ් හින්දම කොල්ලා කියන්න ගියපු වචන ටික නොකියම නිහඩ උනා…ඒත් කෙල්ලගේ ඇග තාමත් වෙවුලනවා නේද කියලා දකිද්දි කොල්ලට දැනුනේ කියාගන්න බැරි තරම් වේදනාවක් … කොල්ලා හෙමින් ම කෙල්ල නිදාගෙන හිටපු ඇද ලගින් වාඩි උනේ කෙල්ලගේ අතක් අරන් තමන් ගේ පපුවෙන් තියාගන්න ගමන්… කොල්ල කෙල්ලගෙ අත සීරුවට පිරිමදින ගමන් කෙල්ලගේ රතු වෙලා තිබුන මූන දිහා මොහොතක් බලන් හිටියෙ වේදනාවෙන්… ඊලගට කෙල්ලගේ නලලට අත තියලා බැලුවේ කෙල්ලට තාමත් උනද කියලා…බෙහෙත් වලට උන යන්තමට අඩු වෙලා තිබුනත් කෙල්ල තාම හොදටම වෙවුලනවා… කොල්ලා නලල තිබුන තමන් ගේ අත හෙමින්ම කෙල්ලගේ කම්මුල ගාවට ගෙනාවේ දවල් උන හැම සිදුවීමක් ම මතකයට එද්දි ඇස් වල කදුලු පිරෙද්දි මයි…. ඒත් කෙල්ල ඇස් දෙක පියාගෙනම ඇදේ අනිත් පැත්තට හැරුනේ කොල්ලට පුදුම තරම් වේදනාවක් දැනෙද්දි..

“සේ..යා…අනේ එකම එක පාරක් මාත් එක්ක කතා කරන්න..ප්ලීස්..”

කොල්ලා කිවුවේ ඇස් වලින් කදුලු ගලන් යද්දි වේදනාවෙන්…එහ් වචන පවා හරියට පිට නොවුනේ කොල්ලට කතා කරගන්නත් බැරි තරමට ම වචන පැටලෙද්දි……….. ඒත් කෙල්ලගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති උනාම කොල්ලා කෙල්ලගේ උරහිසෙන් අල්ලලා තමන් ගේ පැත්තට හරව ගත්තේ දුක වගේම හිත ඇතුලේ තරහක් ඇති වෙද්දි… එහ් මේ වෙද්දි සේය තමන් ට ඕනවටත් වඩා රිද්දලා තිබුන නිසාමයි…

“මන් මොකක් ද තමුසෙට කරපු වැරැද්ද අහ්…තමුසෙ ඔය තරමටම මට රිද්දන්න….මගෙ purse එකේ නිසලි ගේ ෆොටෝ එකක් තිබුන එකද…ඒක මන් එහ් කාලෙම දාගත්ත එකක්.. ඒක තමුසේ අද දැක්කට මන් මොකද කරන්නේ අහ් …තමුසේ එහ් ෆොටෝ එක දැක්කා කියල ද අර මහා වැස්සේ තෙමි තෙමී හිටියේ .. මන් තමුසෙට කලින් ම කිවුවා සේයා මන් ගැන…තමුසේ මේ හැමදේම දැනගෙන නේද මාව මැරි කරේ….හරි..මන් වැරැද්දක් කරේ…ඒක මන් පිලි ගන්නවා ..දැන්වත් කතා කරාවා ඕයි…මට පිස්සු හැදෙයි තමුසේ තවත් ඔහොම හිටියොත්….”

තේජාන් මෙච්චර වෙලා හිතේ හිර කරන් හිටපු දුක කෙල්ල ඉස්සරහා පිට කරලා දැන්මේ තරහින් උනත් කොල්ලගේ ඇස් වලින් කදුලු නවතින් නැතුවම ගලන් යන්න පටන් ගත්තේ සේයා තමන් ට රිද්දුවටත් වඩා තමන් සේයා ට දෙන දුක ගැන මතක් වෙද්දි තමන් ගැනම කලකිරිලා….

මෙච්චර වෙලා කොල්ලා දිහා එකදු බැල්මකින්වත් නොබලපු කෙල්ල ඇස් ඇරලා කොල්ලා දිහා බලද්දි කොල්ලට දැනුනේ කියා ගන්න බැරි තරම් සතුටක්…ඒත් ඊලගට කෙල්ල කියපු වචන ටිකට කොල්ලගේ මුලු ඇගම පන නැති වෙලා ගියා…

“එයාගේ නම නිසලි ද…හරි ලස්සන නමක් තේජාන්… එයත් හරිම ලස්සනයි…….”

කෙල්ල කිවුවේ කොල්ලා දිහා බලලා අහිංසක විදිහට හිනා වෙලා…ඒත් කෙල්ලගේ එහ් බැල්ම දරා ගන්න තරම් කොල්ලගේ හිතට හයියක් තිබුනේ නෑ… කොල්ලා මොහොතක් කෙල්ල දිහා ගල් ගැහිලා බලන් ඉදල ඊලට තත්පරේ අඩන්න ගත්තේ කෙල්ල පවා ගැස්සිලා යද්දි……

“මට…සමාවෙන්න සේයා….”

කොල්ලා කිවුවේ හයියෙන් කෑ ගහලා .. ඒත් කෙල්ල හිනා වෙලාම කොල්ලගේ මූන තමන් ගේ දෝතට ම ගත්තේ කොල්ලගේ ඇස් වල කදුලු අලුත් වෙද්දි…

“මන් තරහා නෑ තේජාන්… ඔයා කියන දේ ඇත්ත…මන් මේ හැමදේම දැනගෙනයි ඔයා එක්ක ආවේ…ඔයා මට කිවුවා මගෙ ජිවිතේ විනාස කරගන් නැතුව වෙන කෙනෙක් ව මැරි කරලා සතුටින් ඉන්න කියලා… මම එහ් හැමදේම දැනගෙනයි ඔයා එක්ක ආවේ ..මන් මේ දේවල් වලට පුරුදු වෙන්න ඕනි තේජාන්…මන් ඉක්මන්ට ම මේ දේවල් වලට හුරු වෙන්නම්…කෝ දැන් අඩන්න එපා. මට සමාවෙන්න…ආයේ ඔයාව රිද්දන් නෑ…..”

කෙල්ල සීරුවට කොල්ලගේ ඔලුවේ කෙස් පිරිමදිමින් කොල්ලව සනසන්න හැදුවත් එහ් වචන වලට මොහොතකට කොල්ලගේ කදුලු පවා නතර වෙලා මොහොතක් ගල් ගැහිලා කෙල්ල දිහා බලන් හිටියා…

ඊලගට අමාරුවෙන් වචන ගැලපුවේ කෙල්ල දිහා බලාගෙනමයි…

“අනේ සේයා…ඔයා…”

” ෂ්….අද මන් කතා කරන්නම්…”

කෙල්ල කොල්ලගේ කතාව නවත්තලා කොල්ලගේ මුවට තමන් ගේ ඇගිල්ලක් තියලා කිවුවේ කොල්ලා නිහඩවම ඇස් වල කදුලු පුරවන් කෙල්ල දිහා බලද්දි..

කෙල්ල ඇදේ ඉදගෙන කොල්ලව තමන් ගේ පපුවට තුරුල් කරගත්තේ කොල්ලා ගේ හිතේ තිබ්බ වේදනාව දෙගුන තෙගුන වෙද්දි …

ඊලගට ආයෙත් කොල්ලගේ ඔලුව අත ගාන්න පටන් ගත්තේ තේජාන් නිහඩවම එහ් උනුහුමට නතු වෙද්දි..

“දන්නවද මහත්තයෝ…සමහර ආදර කතා තියනවා එයාලව එකතු කරන්න අතර මැදියෙ ඕනිමයි…. ඔයයි නිසලියි වෙන් උනේ ඇයි කියලා මන් දන්නේ නෑ….ඒත් ඔයාලා දුක් විදිනවා උඩ ඉන්න දෙවියොන්ටත් බලන් ඉන්න බැරි වෙන්න ඇති…ඔයාලගේ දුක නැති කරන්න මාව එවන්න ඇති…. “

කෙල්ල තමන් ගේ හිතේ තියන දුක හිර කරගෙන තේජාන් ට ආදරෙන් පැහැදිලි කරත් කොල්ලට එහ් කිසි දෙයක් තේරුන් නැති නිසාම කොල්ලා ඔලුව උස්සලා කෙල්ල දිහා බැලුවේ පුදුමයෙන්…කෙල්ල හිනා වෙලාම කොල්ලා දිහා බලලා ආයෙත් කොල්ලව තමන් ගේ පපුවටම තුරුල් කරගත්තා …

“තේරුන් නැහැ ද මෝඩයෝ…මන් කිවුවේ මන් ඔයාලා දෙන්නා අතරට ආව තුන් වෙනියෙක් විතරයි… ඒත් මේ තුන් වෙනියා අනිත් ආදර කතා වල වගේ ඔයාලා දෙන්නව තවත් ඈත් කරන්න ආව කෙනෙක් නෙමෙයි… මන් ආවේ ඔය දෙන්නව එකතු කරන්න… අපි නිසලි ව හොයා ගමු…මන් වොශ් රූම් එකේ ඉද්දි සහස් අයියා කිවුව සමහර දේවල් ඇහුනා ..ඒත් මන් ඒවට කන් දෙන්න ගියේ නෑ…මන් ශවර් එක වැඩි කරලා වොශ් කරන්න ගත්තේ ඒවා ඇහෙන හින්දමයි…ඒත් අයියා කලින් කිවුව දේ නට ඇහුනා තේජාන්..අයියා කිවුවා නේද නිසලි ව හොයලා දෙන්නම් කියලා…මාත් උදවු කරන්නම් මහත්තයෝ…හැබැයි මන් ඔය නිසලි ව හම්බුනාම එයාට හොද දෙකක් කියලා දෙනවා…ඔයා විදපු දුක ගැන කියලා….ඊට පස්සේ ඔය දෙන්නව එකතු කරනවා…හැබැයි ආයේ එයා ඔයාට දුකක් දීලා තිබුනොත් නම් එයාට මගෙන් සමාවක් නෑ…”

කෙල්ල හුරතල් විදිහට හිනා වෙලා කිවුවත් කෙල්ලගේ යටි හිත තමන් ගේ වචන වලින් ම තමන් ව පුච්චන්න ගත්තේ මේ තරම් වේදනාවක් කෙල්ලට කවදාවත් ම දැනිලා නැති හින්දා…

ඒත් මේ වෙනකම් කෙල්ලගේ පපුවට තුරුල් වෙලා කෙල්ල කියපු දේවල් අහන් හිටපු අහන් හිටපු තේජාන් කෙල්ලගේ මේ වචන එක්ක ගැස්සිලා ඇස් දෙක ඇරලා කෙල්ල දිහා බැලුවේ එහ් ඇස් වල කදුලු අලුත් වෙද්දි වගේම මොකක්දෝ තරහක් කොල්ලගේ මුලු හිතම වෙලා ගද්දි…

“තමුසේ….තමුසේට මාව වෙන කෙනෙක් ට දෙන්න පුලුවන් ද සේයා..” .

“ෂ්….හිතට බොරු කරන්න එපා මහත්තයෝ…ඔයාට එයාව ඕනි…හැබැයි මන් ඔයාව දෙන්නේ පොරොන්දුව ගොඩක් අරන්…පලවෙනිම එක මන් එයාට ඔයාව දෙනකම් මන් ලග මේ ඉන්න දවස් ටික හිනාවෙලා සතුටින් ඉන්න ඕනි…එතකොට මට එහ් මතක ටික ඇති ජීවිත කාලෙම මතක් කර කර ඉන්න…දෙවනි එක මන් ඔයාව එයාට දුන්නම ඔයාලට හම්බෙන පලවෙනි පැටියට මගෙ නම දාන්න ඕනි…හරිද මහත්තයෝ….”

කෙල්ල හිනා වෙවීම කිවුවත් අන්තිම වචන ටික කියද්දි කෙල්ලගේ ඇස් වලට කදුලු ආවේ තවත් මේ දුක දරා ගන්න බැරි තැනමයි….

“අනේ සේයා…මට බෑ මැනික ඔයාට මෙහෙම දුක් දෙන්න…මන් ඔයාව දාලා කොහෙවත් යන් නෑ…”

කොල්ලා කෙල්ලගේ පපුවට තවත් තුරුල් වෙමින් අඩ අඩ ම කියද්දි කෙල්ලත් අඩන්න ගත්තේ කෙල්ලගේ ඇගේ අමාරු පවා අමතක වෙලා යද්දි…

විනාඩි 5ක් විතරම දෙන්නම හිතේ හැටියට ඇඩුවේ තේජාන් ට වගේම සේයා ටත් කියාගන්න බැරිතරම් දුකක් හිතට දැනෙද්දි….

“මැනික…. මන් ආයේ කවදාවත් අඩවන් නෑ ..මට සමාවෙන්න…”

අන්තිමට කොල්ලා කෙල්ලගේ පපුවෙන් ඈත් වෙලා කෙල්ලගේ මූනම දෝතට අරන් කිවුවේ ආදරෙන්….

“හ්ම්…එයාට ඔයාව දෙන දවස වෙනකම් එකම එක දවසක් වත් මාව අඩවන්න බෑ…එහෙම උනොත් මන් ඔයාව එයාට දෙන්නේ නෑ ..”

කෙල්ල අඩ අඩ ම උනත් හිනා උනේ කොල්ලගේ කම්මුලක් රිදෙන තරමට ම මිරිකලා…

“මන් එයා ලගට යන්නේ නෑ සේයා..”

“ෂ්…ෂ්….කිවුවනේ සද්ද එපා….ඒක මන් බලා ගන්නම්….කෝ දැන් ඉන්න මහත්තයෝ…මට අමාරුයි….”

කෙල්ල රිදුම් දෙන තමන් ගේ හිස එක අතකින් අල්ලගෙන තේජාන් දිහා බලලා කිවුවේ අසරනව…ඊලගට කෙල්ල තේජාන් ට ඇදේ එක පැත්තක් තියලා අනිත් පැත්තට කොට්ටේ තියලා හාන්සි වෙන්න හැදුවේ ඇගට ලොකු අමාරුවක් දැනෙන්න ගත්ත හින්දමයි…. ඒත් කෙල්ලට හිතන්නවත් වෙලාවක් නොදී තේජාන් කෙල්ලගේ අතින් ඇදලා තමන් ගේ පපුවට තුරුල් කර ගත්තේ අඩ අඩ මයි… ඊලගට කෙල්ලගේ මුලු මූනෙමත් ගෙලෙත් දෙතොල් තවරන්න ගත්තේ කොල්ලගේ කදුලු වලින් කෙල්ලගේ මුලු මූනම නෑවෙද්දි….කෙල්ල නිහඩවම හිටියේ තේජාන් ගේ මේ උනුහුම විදින්න කෙල්ල හැමදාම හීන දැක්ක හින්දමයි… විනාඩි 3ක් විතර කෙල්ලව සිප ගත්තට පස්සේ කෙල්ල කොල්ලගේ ස්පර්ශයෙන් මිදිලා කොල්ලට කතා කරේ ආදරෙන්… ….

“තේජාන්…මොකද මේ ….”

කෙල්ලගේ කටහඩේ බයක් වගේම සතුටකුත් තිබුනා…ඒත්‍ තේජාන් ගේ මූනේ තිබුනේ දරාගන්න බැරි දුකක් විතරමයි…. …

“ෂ්…ෂ්…මෙච්චර වෙලා උබ කතා කරානේ….දැන් මන් කතා කරන්නම්….මාව නිසලි ට දීපන්..හැබැයි මන් උබව වෙන එකෙක්ට දෙන් නෑ… උබ මගේ…මගෙම විතරයි….”

එහෙම කියලා කොල්ලා කෙල්ලගේ දෙතොල් මත දෙතොල් තවරන්න ගත්තේ කෙල්ලට ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉද්දි…. ඒත් කෙල්ල කොල්ලට බාදා නොකරම කොල්ලගේ හැගීම වලට ඉඩ දුන්නේ මේ හැමදේම තව ටික කාලයයි නෙහ් කියලා හිතට දරා ගන්න බැරි ලොකු වේදනාවක් දැනෙද්දි මයි….

විනාඩි කීපයක් එහෙම්මම හිටපු කොල්ලා ඊලගට කෙල්ලගේ පපුවට තුරුල් උනේ කෙල්ල ඇස් දෙකේ කදුලු පුරවන් බලන් ඉද්දි…..

“සේයා..උබ කියන්න බැරි තරමට අහිංසකයි කෙල්ලේ..මට අද මෙහෙම ඉන්න දීපන් …අදට විතරයි මැනික…..”

කොල්ලා කෙල්ලගේ පපුවට තුරුල් වෙලා ඇස් දෙක පියා ගද්දි කෙල්ල ඇස්වල කදුලු පුරවගෙන ම කොල්ලට නින්ද ගනකම් ඔලුව අත ගාන්න ගත්තේ තේජාන් ගෙන් ඈත් උන දවසට තේජාන් නැතුව ඉන්නේ කොහොමද කියලා වේදානාවෙන් හිතමින්….

25 කොටසින් හමුවෙමු…

ඊලග කොටස අද රෑ 7 ට……

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

කතාව ගැන අදහස් කියන් යන්න යාලුවනේ…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *